Г‹¹ Н–¯Ð– Ð–­Ð–³Ð–§Ð–¤Ð–±Ð–²Ï¸ Г‹¹ ГƑ®Ï¸Taekook Ff ГƑ® 🦋 Young & Beautiful 🦋

A+ A-

Dear Lord, when I get to Heaven
Please let me bring my man
When he comes, tell me that you’ll let him in………….?

Father, tell me if you can
All that grace, all that body
All that face makes me wanna party
He’s my sun, he makes me shine like diamonds…………

Will you still love me when I’m no longer young and beautiful?
Will you still love me when I got nothing but my aching soul?
I know you will, I know you will, I know that you will
Will you still love me when I’m no longer beautiful….?

Will you still love me when I’m no longer beautiful…..?
Will you still love me when I’m not young and beautiful?

°˖°⋆⋆˚˖° ♡°˖°⋆⋆˚˖° ♡°˖°⋆⋆˚˖° ♡°˖°⋆⋆˚˖° ♡°˖°⋆⋆˚˖°

Tae à·€ ඕනෙවට වඩා මහන්සි කරවන්න ඕනෙ නැති නිසා ඒ තරම් වෙලා නොවුනත් පැය දෙක තුනක සෙල්ලමකට පස්සෙ කාලෙකින් හොඳටම නින්ද ගිය ජන්ග්කුක් වෙනද වගේම පාන්දර මුලින්ම ඇහැරුනා…

පස්සෙ මුලින්ම එයාගෙ තුරුලෙ හිටපු tae ගෙ නළලට හාදුවක් දීල හෙමිහිට නැගිටල ගිහින් පොඩි උන් දෙන්න ගැන බැලුවත් tae ගෙ අම්ම හරි ජෙනී හරි උදේම නැගිටල එයාලට කිරි හදල පොවල…තාමත් හිස් බෝතල් මේසෙ උඩ.. ඒත් පොඩි උන් මීක් නැතුව සනීපෙට නිදි.. ජිමින් ගෙනත් දීපු පොඩි උන්ගෙ කාමරේ එල්ලල තියන ඩ්‍රීම් කැචර්ස් දෙක ඉර එළිය වැටිල දිලිසෙන දිහා බලන් හිටපු ජන්ග්කුක් ඒක ලස්සන උනත් පොඩි අය ඇහැරේවි කියල කර්ට්න් හොඳටම වහල දැම්ම…

ජන්ග්කුක් එයාලට පුංචි හාදු දෙකක් දීල ආයෙම කාමරේට ඇවිත් tae ව ඇහැරෙන්නැති වෙන්න තුරුල් කරන් කල්පනා කළේ මේ එයාගෙ අත් අතරෙ නිදන් ඉන්න මනුස්සයට කොච්චර ඉක්මනට එයාගෙ ස්ට්‍රෙස් රිලීස් කරන්න පුළුවන් ද කියල..

මොකද කලින් දා රෑ මේ පිස්සු මරගාතෙගෙ කිරි පර්‍යේෂණාගාරෙ මීය වෙන්න සිද්ද උන නිසා ජන්ග්කුක් ගොඩක් අලුත් milk flavors වර්ග ගැන අලුතින්ම ඉගෙන ගත්ත.. ස්ට්‍රෝබෙරි එක්ක මව් කිරි මොන රසද… තව චෙරි.. ඇපල්.. මිදි එක්ක… ඒත් දොඩම් එක්ක තිත්ත රසයි කියල… මේව තනියම නෙවේ tae එක්ක වරු ගානක කිස් ගොඩකින් බෙදාහදාගෙන බීපුව.. 🥲💜️

ජන්ග්කුක් ඒවගේ අභූත සමයමක් මේ වෙනකන් ජීවිතේට නටල නැතත් හිනා වෙවී මේසෙ උඩ තිබුන කලින් දවසෙ රෑ tae ට කන්න ගෙනාව පලතුරු බාස්කට් එක‍යි දැන්නම් සනීපෙට ඉදිමුන තොල් උල් කරන් නිදි දෙව්දුව කෙලත් පෙරාගෙන බදාගෙන ඉන්න tae දිහා බලන් ඊයෙ මෙයා කරපු විකාර ආයෙ මතක් කළා… ඒත් ටිකකින් tae යන්තන් ඇහැරිලා සොම්බියෙක් වගේ ඇස් ඇරිය…

“…..යා…à·„à·Š..ය්ශ්.. !! ශි…## කිරි… කිරි දෙන්න පරක්කුවෙලා.. අයින්.. අයින්… අහකට යන්නකෝ…” 😹💔

නැගිට්ට ගමන් good morning කියන්නත් කලින්.. ජන්ග්කුක්ගෙ අහිංසක මූණ දකින්නත් කලින් පිටිපස්සෙ බිත්තියෙ තිබ්බ ඔරලෝවෙ වෙලාව උදේ හත හමාරයි කියල දැක්ක ගමන් tae ” කිරි මාතාව ” ආවේස වෙලා කුනුසරුපෙකුත් කියාගෙන දඩ බඩ ගාල ඇස් ඇර ගන්න බැරි අමු නිදිමතේ ඇස් ලොකු කරන් ජන්ග්කුක්ගෙ අතත් පාගගෙන එයාව තල්ලු කරල දාල නැගිටින්න හැදුවෙ බබාලට කිරි දෙන වෙලාව හොඳටම පහු වෙලා නිසා…

“…හෝව්… හෝව්ව්ව්… taetae… හේයි… එයාලට අම්ම කිරි හදල පොවල.. සනීපෙට නිදි දෙන්නම.. කෝ… මෙහෙ බලන්න… ඔයාට දැන් අමාරුවක් නෑ නේද… ? ඔයා ඊයෙ painkiller බොන්නත් බැහැ කිව්වනෙ බබාලට කිරි දෙන නිසා… ඒත්… ඊයෙ අපි දෙන්න නටපු නාඩගමේ හැටියට දැන් එයාලට දෙන්න කිරි තියනවද baby….? “
🤭🤭🤭

ජන්ග්කුක් හිනා වෙවී ඇහුවෙ tae ට නැගිටින්න නොදී තුරුල් කරන් යටට ලාවට ආදර සළකුණු පිරුණ එයාගෙ කොන්ද පරිස්සමින් අතගාන ගමන්..

“…ආ… අම්ම… කිරි පොවලද… එහෙනම් කමක් නෑ… අහ්… එව්ව අවුලක් නැහැ අනේ….. මම හෙන ශක්තිමත් අම්මෙක්නේ… ඔන්නම් ඔයාටයි ඒ දෙන්නටයි දැන් උදේටත් බොන්න තියේ… පෝශ්‍යදායී.. ලෝකෙ තියන ආදරණීයම පානය…. ඕනෙද ඩැඩා කුකී….. ”
😂💜️🫂

Tae කට උල් කරන් ජන්ග්කුක්ගෙ කම්මුල් මිරිකල පස්සෙ පපුව අස්සට ඔලුව ඔබාගෙන එයාට තුරුල් වෙන ගමන් කිව්වත් ජන්ග්කුක් බිංකුන්ඩෙක් වගේ එයාගෙ පපුව හාරගෙන ඇතුළට යන්න වගේ තුරුල් වෙලා හිටපු tae ගෙ නිකටෙන් අල්ලල මූණ උඩට හැරෙව්ව..

“….. à·„à·„à·Š.. දිවා රාත්‍රී දන්සල් දෙන්න ඔයා මිල්ක් ෆැක්ට්‍රි එකක් නෙවේනෙ බබෝ… හැබැයි මට…. රෑට.. රෑට නම් ඕනෙ වගේ… මං කිව්වෙ තිබුනොත් විතරක්… වැඩිපුර මටත් එක්ක… අනික.. කෝ…. මෙහෙ බලන්නකෝ… මූණ හංග ගන්න එපා tae… මට උදේට හැමදාම ඔයාගෙ මූණ බලන්න ඕනෙ.. මේ විදිහටම….

🥺💜️🦋

ජන්ග්කුක් එයාගෙ අතින් tae ගෙ මූණ උඩට හරවන් හෙමිහිට මිමිනුවෙ හිනා වෙවී.

“…..හා එහෙනම් හැමදාම රෑට.. එයාලවත් දොයි කරල ඔයාටත් දෙන්නම්….. හැමදාම…. මගෙ චූටි බබාලටයි.. my big baby kookie ටයි… මේ… ජන්ග්ගුගී.. ඔයා දැන් ඔහොම හිටියට.. මං වයසට ගිහින් ඇග රැලි වැටිල කොන්ඩෙ ඉදිල.. කැත වෙලා.. වේලපු බූවලු අන්න්ඩක් වගේ උනාමත්.. මං ළග ඔයාට දෙන්න කිරිත් නැති උනාම… මං ඇට සැකිල්ලක් වගේ වැගැරිලා ගියාමත් ඔහොම්මම ඔය ආදරෙන් දිලිසෙන ඇස් වලින්ම මගෙ දිහා බලනව නේද ? මේ… හැබැයි විකාර නොකිය ඔව් කියන්න ඈ…. මම මේ අහනව නෙවේ.. ඔව් කියල තහවුරු කර ගන්නව… ”

🥺🫂💜️🦋

Tae ඇස් බෝල කරන් දැන් piercing ගලවල උනත් ජන්ග්කුක්ගෙ කලින් eyebrow piercing එක තිබුන තැන හෙමින් ඇගිල්ලෙන් පිරිමදින ගමන් ඇහුවත් ජන්ග්කුක්ට එකපාරටම හිනා ගියා.. ඒ හින්ද tae බුම්මගෙන ජන්ග්කුකාගෙ කටට අතින් හෙමින් එකක් ගහල ඇස් රෝල් කරන් අනිත් පැත්ත බලා ගත්තම ජන්ග්කුක් ඉක්මනට උත්තර දුන්න..

“..ඕකනෙ.. උත්තර දෙන්න කලින් ගහලත් ඉවරයි.. මට මේ ගොඩක් වෙලාවට හිනා යන්නෙ ඔයා කියන දේවල් විහිලු නිසාම නෙවේ tae.. වෙලාවකට ඔයා හුරතල් වැඩියි.. ඒකයි.. දැන් අහන්නකෝ.. අර කතාවට කියන්නෙ… ඔයා වයසට ගියාම ඉතින් මාත් වයසට යනවනෙ.. මගෙත් ඇස් පේන්නැතුව ගියාම ඔයාගෙ කොන්ඩෙ ඉදුන එව්ව.. රැලි වැටිච්ච අරව මේව මට පේන එකක් නැහැයි කියල…. “

💜️🫂🌹

ජන්ග්කුක් කියාගෙන ගියත් tae ගෙ අත ආයෙත් ජන්ග්කුක්ගෙ කන ආදරෙන් හොයාගෙන එනව දැක්කගමන් ජන්ග්කුක් අසුරු සැනෙන් එයාගෙ අත අල්ලන් හිනා වෙවී ඇදට තියල තද කළා..

“….යාහ්.. ඔය කනට ගහන වැඩේ නවත්තන්න ඕනෙ baby.. මං අපේ පොඩි උන්ටත් එළියට එන්න කලින්ම කිව්ව මමා එක්ක එකට එක කියන්න එපා කන පලයි කියල… හ්ම්හ්.. අහන්නකෝ… විහිලුවක් නෙවේ මේ කියන්නෙ… මනුස්සයෙක් කාට හරි ආදරේ කරද්දි ඒ මනුස්සයව දකින විදියක් තියනව tae.. ඒ කියන්නෙ බාහිර පෙනුම.. නම… එයාගෙ මූණ.. ඇග… නෙවේ.. එයාව හදවතට දැනෙන විදිහ එක්ක.. එකිනෙකාව දකින විදිහක් තියනව.. ඒක කවදාවත් බාහිර පෙනුම කොච්චර වෙනස් උනත් වෙනස් වෙන්නෙ නැහැ.. එයාලගෙ ආත්ම එකිනෙකාව හමු උනාම ආයෙ ආයෙත් අදුර ගන්නව..ආයෙ ආයෙත් ආදරෙන් බැදෙනව.. ඔයාට දැනිල තියනවද අර මිනිස්සු පිරිච්ච රූම් එකක ඔයාගෙ අම්ම නැත්නම් ළගම යාලුවෙක් වගේ හිටියොත් අපි එයාලව දැක්කෙ නැතත් ඔයාට දැනෙනව එයාල ළගක ඉන්නව කියල.. අන්න ඒ වගේ… හැගීම් අල්ලන්න බැහැනෙ.. ඒ වගේ තමයි… මිනිස්සුන්ගෙ නම.. රූපය එක වගේ උනත් වෙනස් උනත් තමුන් ආදරේ කරන කෙනාව අපිට පේනව නෙවේ.. මුලින්ම එයාලව අපේ ආත්මය ඇතුළාන්තයටම දැනෙනව.. ඒ නිසා බය වෙන්න එපා… “

🦋🦋🦋🦋🦋🦋

Tae ගෙ මූණට එබිල එයාගෙ ඔලුව අතගාන ගමන් ජන්ග්කුක් මිමිනුවෙ ඇත්තටම කල්පනා කරන ගමන්.. මොකද ජන්ග්කුක් ඇත්තටම කාලෙකට කලින් ආදරේ කරපු ලියුම් එවපු කෙනා කියල කෙල්ලෙක් එයා ඉස්සරහට ආවමත් එයාට කොච්චර ඒ එයාමයි කිව්වත් ඒ කෙල්ලගෙ හැසිරීමේ වෙනස දැනුන.. දැන් වර්තමානයේ ඒ කෙල්ලට කලින් tae à·€ හම්බුනා.. ඒත් ජන්ග්කුක් එයාට ආදරේ කළා.. මුළු හදවතින්ම.. ඒ එයාට ලැබුන ශක්තිය නිසා නෙවේ ජන්ග්කුක්ගෙ ආත්මය නිවැරැදි කෙනාව අදුර ගත්තු නිසා.. නැතුව ජන්ග්කුක් කලින් ආත්මයේ tae à·€ දැකලවත් නැහැ… පස්සෙ අර ගෑනි ආපහු ඒ ස්වරූපයෙන්ම මමයි එයාගෙ පසු උපත කියල බොරුවක් කියාගෙන ජන්ග්කුක් ඉස්සරහට අහිංසක තාලෙට ආවමවත් ඒ කෙල්ල ගැන මුලින් අනුකම්පාවක් හිතුනත් අංශුමාත්‍රයක්වත් ආදරයක්… වෙන හැගීමක් දැනුනෙ නැහැ… ජන්ග්කුක් ඒ ගැන ගොඩක් පුදුම උනා.. ඉතින් එයා තේරුම් ගත්ත.. මනුස්සයෙක්ගෙ ඇග.. මූණ.. නම.. කටහඬ.. මේ මොකවත් වැදගත් නැහැ… වැදගත් එකම දේ පිරිසිදු හදවත.. අවංක හැගීම් විතරමයි කියල…. 🫂💜️

ඒත් ජන්ග්කුක් කල්පනා ලෝකෙක ඉද්දි එයා කලින් කිව්ව ටික අහන් හිටපු tae ටිකකින් ඇස් බෝල කරන් එයාගෙ එක අතක් ජන්ග්කුක්ගෙ කම්මුලෙන් තිබ්බ..

”…හා එහෙනං.. ඒක හා කියමුකෝ.. ඒත් කුකී.. ආයෙ හිනා වෙන්න එපා.. මං වැදගත් දෙයක් අහන්න යන්නෙ..භරිද.. මම.. මම කවද හරි…. මට යන්න වෙලාව ආවම.. මේ ලෝකෙන් යද්දි.. ඔයාටත් මාත් එන්න එන්න පුළුවන් ද ? මං.. මං මේ…තනියම යන්න බය නම් නෑ.. ඒත් ඔයාටත් මං නැතුව ඉන්නත් බෑනේ… නේද ? අනික මට ඔයාව මග හැරෙයි කියල බයයි කුකී… ”

💜️🦋

Tae හෙමිහිට ඇහුවම ජන්ග්කුක් එයාගෙ නළලට හාදුවක් දීල උත්තර දුන්නෙ හිනා වෙවී..

” ….විකාර කියවන්න එපා tae.. යන්තමින් හරි මගේ හුස්ම වැටෙනවනම් මම ඔයාගෙ හුස්මට නවතින්න දෙන්නෙ නැහැ.. එක දෙවියන්ටවත් නවත්තන්න බැහැ.. ඒ නිසා අපි මෙහෙම කරමු… මුලින්ම මම යන්නම්.. මම ඉන්න තැන හොඳ නම්…. ඔයාවත් ඇවිත් ඉක්මනට පරිස්සමින් එහෙට එක්ක යන්නම්… ඒත් ඔයාට මම නැතුවත් සතුටින් ඉන්න මතක දාස් ගානක් එකතු කරල දීල යන නිසා ඔයාට කොහොමත් පාළු දැනෙන එකක් නැහැනෙ…. අනික මම කලිනුත් කිව්වෙ කොහොම කොයි විදිහට වෙනස් උනත් එකිනෙකා වෙනුවෙන් ඉපදුන ආත්ම ආයෙ ආයෙත් එකතු වෙනව.. හරියට අපි වගේ.. ඒ නිසා ආයෙ ඕවගෙ කතා අහන්න එපා.. ඕව හිතල stress වෙන්නත් එපා.. ඔයාගෙ ජීවිතේට ගඟක් වගේ නිදහසේ ගලාගෙන යන්න දෙන්න.. මොකද හැම ගගක්ම කොහොම හරි මුහුද හොයා ගන්නවනෙ.. හරියට ඔයා මාව හොයා ගත්ත වගේ.. ඊළග ආත්මෙත් කොයි විදිහට අපේ බාහිර රූපෙ වෙනස් වෙලා තිබුනත් අපි අපිවම හොයා ගනීවි.. මීටත් ව්ඩා ආදරෙන් ඉදියි.. වැඩිය හිතන්න එපා tae…. “

• 🦋🦋🦋🦋 •

ජන්ග්කුක් කියාගෙන ගිය විදිහට tae ට තේරුනා ඒක ගැන වාද කරල වැඩක් නැහැ කියල..

“..හ්ම්හ්… හරි එහෙනම්… මම පැය විසි හතරක් දෙන්නම්කො හොඳේ.. හොඳ තැනක් බලල මාවත් එක්කන් යන්න හරිද ? ඔන්න ඊට වැඩිය මාව තනියෙන් තිබ්බොත් මම වෙන අතක් බලා ගන්නව ඈ…. ”

🥺🥺🥺🥺🥺

Tae එහෙම කියල සීරියස් මූණක් හදාගත්තම ජන්ග්කුක් හිනා වෙලා එයාව තුරුල් කර ගත්‍ත…

“…අනිවාරෙන්ම…. tae.. හැමෝටම කලින්… මම ඔයාව හොයා ගන්නව… මම ඒක පොරොන්දු වෙනව…”

🦋 •••••••••••••••••••••••••••••••••••• 🦋

කාලෙ වේගෙන් ගෙවිල ගියා… කෝමින් කෝම හරි ඉස්සර සනීපෙට ජන්ග්කුක්ට තුරුල් වෙලා නිදා ගත්තු tae ට ජන්ග්කුක්ව තුරුල් කරන් නිදා ගන්න උනා පැටවුන්ට අවුරුදු දෙකක් විතර වෙනකන්ම.. මොකද tae ම පුරුදු කරපුව නිසා… සමහරදට උදේ නැගිටිද්දිත් ජන්ග්කුක් tae ගෙ පපුවෙ ඔලුව ඇනගෙන nipple එක කටේ ඔබාගෙනම නින්ද ගිහින්.. tae හරි ආදරෙන් මේ තාත්තලගෙ කෝලං… ටිකෙන් ටික ලොකු වෙන පොඩි උන්ගෙ කෝලං දිහා බලන් හිටිය.. ඒ අතරෙ ජන්ග්කුක්ට ආයෙ කලින් වගේම piercing කරන්න සිද්ද උනේ අන්තිමට චූටි කෙල්ලම පපාට මුලින්ම හම්බුන ඩැඩාව ඒ විදිහට එයාලටත් ඕනෙ කියල බෙරිහන් දෙන්න ගත්තු නිසා…

මේ චූටි බබාල දෙන්නටම තිබුනෙ එක කාමරයක්… වෙනම රූම් එකක් ඕනෙද කියල එයාගෙ ප්‍රින්සස්ගෙන් ජන්ග්කුක් ඇහුවත් සූටි කෙල්ල මලයව බදාගෙන “…එපා ඩැඩා වොනීව මට හැමවෙලේම පේන්න ඉන්න ඕනෙ… “ කිව්වම ජන්ග්කුක්ට වගේම tae ට දැනුනෙ ලොකු සතුටක්..ඇත්තටම පොඩි උන් රූපෙන් එක වගේ නොවුනත් ඒ දෙන්නගෙම තිබුනෙ අමුතු තාලෙ ගොඩක් ශක්තිමත් බැදීමක්… 💜️🥺🫂

අනික එයාල හැම මාසෙකට පාරක් විතරම කොරියාවෙ කොහේ හරි නිදහසේ ඉන්න පුළුවන් ලස්සන තැනකට ගිහින් ජීදිතේ ආදරණීයව විදින්න පුළුවන් පොඩි බ්‍රේක් එකක් ගන්නත් අමතක කළේ නෑ… පොඩි උන් පොඩි කාලෙ ඉදන්ම දැක්කෙ එයාගෙ පපා ඩැඩා දෙන්නම ගොඩාක් ආදරෙන් ඉන්න විදිහ විතරයි… එයාගෙ පාපා ඩැඩා එකපාරටම සාලෙ මැද.. කිචන් එකේ සප්‍රයිස් කිසස් දෙන එක… සමහරදාට පපාව අලගෝනියක් වගේ ඩැඩා ගෙදර හැමතැනම කරේ තියන් යන විදිහ.. දෙන්නම එකතු වෙලා අලුත් කෑම වර්ග හදන්න ගිහින් අන්තිමට කර ගද ගහහ නව නිර්මාණ ආහාර මූණ බෙරි කරන් උනත් කන්න වෙන එක.. කොච්චර පුරුදු කරත් හරි කැතට නටන ඩැඩාට කොහොම හරි ඩාන්සින් උගන්නන්න වෙහෙසෙන පාපාව… ඩැඩයි පපයි දෙන්නම හැමදාමත් වගේ හවසට ගාඩ්න් එකේ බෙන්ච් එකේ තුරුල් වෙලා ඈත මිටියාවත දිහා ඉර බහින දිහා බලන්.. කතා බහ කරන එක.. මාසෙකට දෙතුන් පාරක් මැන්ශන් එකේ ගාඩ්න් එක කෙළවරේ වැව මැද outdoor බෙඩ් එකේ පොඩි දෙන්නත් එක්කම නයිට් කෑම්පින්ග් වගේ කාලෙ ගත කරන එක.. නැත්නම් tae ජන්ග්කුක් විතරක් සමහර වෙලාවට කාටවත් නොකිය එතන මහ රෑ වෙන වර්ගෙ පාටීස් වල යෙදුන වෙලාවලුත් තිබුන… ඒත් පොඩි උන් දැනුමක් තේරුමක් තියන දා ඉදන් ආදරේ කියල දැක්කෙ ඒ දෙන්නගෙ ඒ ලස්සන බැදීම විතරයි….

ඩැඩා.. ඇයි අපි දෙන්නට අනිත් බබාලට වගේ මමා කෙනෙක් නැත්තෙ…? අනිත් බබාලගෙ අම්මල ගැහැණු අය.. ඒත් ඔයාල දෙන්නම මගේ වොනී වගේ හැන්ඩ්සම් boys ල.. ඒම උනේ කොහොමද ? එතකොට…. මට… අම්මෙක් නැද්ද ඩැඩා…? ”

🥺🥺🥺

Tae ගෙ ඕනෙ දෙයක් කෙලින්ම අහන්න පුළුවන් කට ලෙසටම පිහිටල තිබ්බ ඒත් ජන්ග්කුක්ගෙ පෙනුමම තිබ්බ අර චූටි කෙල්ලට අවුරුදු හයක් වගේ උනාම දවසක් ජන්ග්කුකක්ගෙන් අහුවෙ පණ්ඩිත ඇස් ලොකු කරන්.. ඒත් ජන්ග්කුක් හිනා වෙලා එයාව ඔඩොක්කුවට අරන් බොරු සුරංගනා කතා නොකිය එයාට තේරෙන විදිහට ඇත්ත කිව්ව..

පැටියෝ.. අහන්නකෝ.. මේ ලෝකෙ සමහර boys ල ආදරේ කරන්නෙ girls ලට.. ඒත් සමහරවිට බෝයි කෙනෙක්ට උනත් තව බෝයි කෙනෙක් වෙනුවෙන් ආදරයක් ඇති වෙන්න පුළුවන්…girl කෙනෙක්ට උනත් එහෙමයි… අන්න ඒ වගේ ඔයාගෙ පපා තමයි මම මගේ ජිවිතේ බෙදා ගන්න තෝර ගත්තු කෙනා.. මොකද එයා ඔයාලටත් කලින් මාව මමා කෙනෙක් වගේ ආදරෙන් බලාගත්ත නිසා… ඔයාලට මම හැමදාම නිදා ගන්න කලින් කියන කතාව මතකද? අන්න ඒක ඇත්තටම ඇත්ත.. ඒක කතාවක් විතරක්ම නෙවේ.. හරි.. දැන් ඔයාගෙ පපා බෝයි කෙනෙක්.. එහෙමයි කියල ඔයාලට ආදරේ අඩුවක් දැනිල තියනවද ? අනිත් බබාලට වැඩියෙන් ආදරේ හම්බෙනව ඇති කියල ඔයාට හිතෙනවද පැටියෝ…? ”

🥺🥺🥺🥺🥺

ජන්ග්කුක් ඇහුවම කෙල්ල ඇස් බෝල කරන් කොන්ඩ කරල් දෙක සීසීකඩ යන්න ඔලුව වැනුවෙ එහෙම නෑ කියන්න…

“…..ඔයාගෙ පපා බෝයි කෙනෙක් උනත් මට ගොඩාක් ආදරේ නිසා එයා කිව්ව එයාට මමී කෙනෙක් වෙන්න ඕනෙ කියල.. ඒ නිසා එයා ගොඩක් රිදෙන සර්ජරි එකකුත් කලා.. ඔන්න ඊට පස්සෙ තමයි ඔයාලව ලැබුනෙ.. ඔයාලට ස්කූල් එකේදි සයන්ස් වලට තව ලොකු උනාම ඔය සේරම උගන්නාවි.. එකතකන් ඔයා මතක තියා ගන්නකෝ මේ ටික… මුලින්ම… ඔයාලත් ගොඩක් ගොඩක් lucky ඒ වගේ කෙනෙක් ඔයාලගෙ පපා උන එකට… අනික.. ආදරේ කියන දේ boys girls කියල සීමා කරල වෙන් කරන්න බැහැ.. හොඳද ? ඔයාටත් අවුරුදු 17 පහු උනාම ඩැඩා ඔයාගෙන් අහන්නම්කො ඔයා කාටද ආදරේ කියල.. එතකන් ඔයා ඔයාගෙ studies ගැන බලන්න ඕනෙ.. ඒ වගේම ඔයාලගෙ පපා ගොඩක් ශක්තිමත් වගේ හිටියට… ඔය සමහර වෙලාවට ඔයාලට සැර කළාට.. එයත් හරි ඉක්මනට අඩනව… අහිංසක බබෙක් වගේ.. ඔයා ලේසියෙන් අඩන්නැතුවට.. ඔයාගෙ මල්ලි බබා වොනී වගේ වගේම පපාත් හරි ලේසියෙන් අඩනව.. ඒ නිසා පොඩ්ඩක්වත් එයාගෙ හිත රිදවන්නැතුව පරිස්සමින් බලා ගන්නෝනේ හොඳද … අනික ඔන්න කවදාවත්… කිසිම දවසක මේ මගෙන් ඇහුව දේවල් කියටවත් එයාගෙන් නම් අහන්න එපා පැටියො.. එහෙම උනොත් එයා දුක හිතිල අඩයි.. මොකද එයා බෝයි කෙනෙක් උනාට වෙන ඕනෙම මමා කෙනෙක්ටත් වඩා පරිස්සමින් ආදරෙන්.. පුදුම තරම් වගකීමෙන් ඔයාලව බලා ගන්නව… තේරුනාද..? “

🥺💜️🫂

ජන්ග්කුක් ආදරෙන් මේ පැහිච්ච කෙල්ලට පැහැදිලි කළත් එකපාරටම ලේසියෙන් අඩන්නෙ නැති මේ චූටි කෙල්ල හයියෙන් අඩාගෙන ජන්ග්කුකාගෙ බෙල්ලෙ එල්ලුනා.. 🥺🥺

“….ඩැඩා… අනේ මං.. මං දැන් ටිකකට කලින් ඔයා ගෙදර හිටියෙ නැති නිසා.. අනේ මං.. මං පපාගෙන් ඕක ඇහුව.. එයා.. එයාහ්.. ඉන්නකො පැටියො මම වොශ් රූම් එකට ගිහින් එන්නම් කියල ගියා.. ඒත්… තාමත් ආවෙ නැති හින්දයි මං ඩැඩාගෙන් ඇහුවෙ.. අනේ පපා අඩනවද දන්නෑ ඩැඩා…. මම හිතල එහෙම කළේ නෑ… අනේ… ඇත්තමයි.. ”

කෙල්ල හුස්ම ගන්න බැරි වෙන්න ඉකි ගගහ ඕක කියද්දි ජන්ග්කුක් එකපාරටම ඇස් උඩ ඉන්දන් නැගිටල එයාවත් එක්කන් ගිහින් පපාව හෙව්වම.. අනේ.. බාත් රූම් එකේ මුල්ලකට වෙලා කරුවලේ අඩ අඩ.. මූණාත් රතුම රතු වෙලා හිටපු tae à·€ එයාල හොයා ගත්ත… 🥺🥺

ඔය වගේ චූටි චූටි දුක හිතෙන දේවල් උනත් පවුලක් විදිහට එයාල හිටියෙ ගොඩාක් සතුටින්.. tae ගෙ අම්මත් අවන්හල වෙන කෙනෙක්ට කුළියට දීල චන්‍යොං ආව වගේම ජන්ග්කුක්ගෙ අම්ම වගේම හිටිය මිස් ජෙනී එක්ක හරිම සෝක් නැන්දම්මා සංසදයක් එහෙමත් හදාගෙන එයාලත් විනෝද චාරිකා එහෙමත් ගිහින් හරි සතුටින් පුංචි පවුල එක්ක ජීවත් උනා..

ඒත් tae නම් ආයෙත් ගොඩක් බලාපොරොත්තුවෙන් හිටියත් තව බබෙක්ව ගේන්න… ඒක කරන්න පුළුවන් උනේ නැහැ… doctors ල test වගයක් කරලම කිව්වෙ surgery එකෙන් පස්සෙ පළවෙනි පාරම දෙන්නෙක් ලැබුන නිසා ටිකක් සමහර කොටස් වලට හානිවෙලා කියල… tae ට නම් ඒකට ගොඩක් දුක් උනත් ජන්ග්කුක් එයාව සැනසුව……

🦋 🦋 🦋 අවුරුදු හතකට පසු > > > > > > >

“…කුකී… අපි ගිහින් බැලුව නම් හොඳ නැද්ද… ස්කූල් එක ළගටවත්… මගෙ ඇනබෙල් තව කාගෙ හරි පස්ස නිල් වෙන්න ගහලද දන්නෑ…. මතකනෙ එදා අර හොකී කෙල්ලගෙ රට්ටමේ පාර හිටින්න ගගල තිබ්බ.. මට බය අපේ දෙන්න ගැන නෙවේ අපේ දෙන්නගෙන් වෙන බබෙක්ට අවුලක් වෙලාද කියල.. “

🥲😂

Tae kitchen එකේ ඉදන් ඇහුවෙ කැරට් කපන ගමන් එයාගෙ උරිසට ටිකක් උඩට වගේ වවල තිබ්බ සිනිදු කොන්ඩෙ මූණට වැටෙන එක නවත්තන්න පැත්තට හැරි හැරි දොර ළග ඉදන් නළල රැලි කරන් ස්කූල් බස් එක එනකම් කදුකර පාර දිහා ඇසිපිය නොහෙලා බලන් ඉන්න ජන්ග්කුක්ගෙන්.. ජන්ග්කුක් එහෙම්මම බබාලගෙ ගෙ teacher ට කෝල් කළත් ආන්ස්වර් නොකරපු නිසා බස් ඩ්‍රයිවර්ට කෝල්කළාම දැන් මග එනව.. බබාල හොදින් ඉන්නව කිව්ව නිසා ජන්ග්කුක් සන්සුන් උනා..

“…..එයාල හොඳින් ඉන්නවා tae … අනික මගෙ ඩෝල්ට ඇනබෙල් කියන්න එපා baby…. එයා ඒ කරපු දේ හරි.. හොකී වලදි කොන්ඩෙන් අදින්න බැහැනෙ… එහෙම rules brake කළාම නිකන් ඉන්න ඕනෙ නැහැ.. මගෙ කෙල්ල කරපු දේ හරි.. ඒත් මට තරහ මම එයාලව ගන්න ස්කූල් එකට එන්නම් කිව්වමත් මේ කෙල්ල අනිත් ළමයි එක්ක ස්කූල් බස් එකේම එන්න ඕනෙ කිව්ව එකට… මේ taetae…. ඔයා හෙඩ් බෑන්ඩ් එකත් එක්ක ගොඩාක් හුරතල් පාටයි.. මම මේ ඇත්තමයි කියන්නෙ.. ”

🎀💜️🤭

ජන්ග්කුක් tae ගෙ කනට මිමිනුවෙ tae ළගට ඇවිල්ල එයාගෙ අතේ තිබුන බෑන්ඩ් එක tae ගෙ කොන්ඩෙ පිටිපස්සට කරල දාල පස්සෙ නැවිල කැරට් කප කප හිටපු tae ගෙ කම්මුල හෙමින් හපන ගමන්..

“…යාහ්.. ජන්ග්කුකී… අතත් කැපෙනව තව පොඩ්ඩෙන්… ඇනබෙල් කියන්නෙත් ඩෝල් කෙනෙක් තමයි.. අපේ වොලී ඇනබෙල් කෙනෙක් වගේ තමයි යකා නැග්ගම.. ඇත්තටම මට අපේ බබාල ගැන බය නැහැ .. කෙල්ල ඔයා වගේනෙ.. ඉටියෙන් හරි මැටියෙන් හරි එයත් පරිස්සම් වෙලා මල්ලිවත් ගෙදර එක්කන් එන්න එයා දන්නව.. මට බය අපේ දෙන්නගෙ වටේ ඉන්න අනිත් බබාල ගැන… අනික ජන්ග්කුකී.. ඔයා ඔය හෙඩ් බෑන්ඩ් ලස්සනයි කිය කිය එන්න හදන්නෙ මගෙ මේ.. චූටි පෝනි ටේල් එකෙන් අල්ලන් උදේ නටපු විකාරෙ ආයෙ නටන්න නම්.. ඒක සිද්ද වෙන්නෙ නෑ.. මගෙ හක්කයි උගුරයි සේරම තාම රිදෙනව.. ඔන්නම් ආයෙ රෑට හරිද…? ”

😂💜️💁

Tae මූණ හතරැස් කරන් සද්දෙන් කිව්වම ජන්ග්කුක් හිනා වෙවී tae ගෙන් පිහිය උදුරල අරන් එයාව එහාට තල්ලු කරල එයාම කැරට් ටික කපන්න ගත්තෙ අර tae ගෙ වගේම වහා ගිනි ගන්නාසුලු ආමාසයක් සහිත පොඩි දෙක ගෙට වැඩිය ගමන් ඩැඩා බඩගිනී… පපා බඩගිනී… කිය කිය කුංච නාද කොරන නිසා…

…………..කොහොම හරි එයාල පොඩි දෙන්නට අවුරුද්දක් උනාම ආපහු චන්‍යොං ආව.. එහේ කදුකරය පාමුල town එකේ ස්කූල් එකට පොඩි උන් දෙන්නවම දැම්ම… දෙන්නම එක වයසෙ නිසා එක class එකට වැටුන… ඒත් ඒකම තමයි ප්‍රශ්නෙ උනෙත්…

ප්‍රශ්නෙ තමයි ජන්ග්කුකාගෙ හැඩරුවත් ඒ විදිහටම තියන එයාගෙ පොටෝ කොපිය.. අර පුංචි කෙල්ල.. ඩැඩා වගේම ගොඩක් කේන්ති යන කුකුල්කේන්ති කාරියක්.. ළගදි හොකී සෙල්ලම් කරද්දි එයාගෙ කොන්ඩෙන් ඇදපු තව කෙල්ලෙක්ගෙ පස්සට පාර හිටින්නම හොකී පිත්තෙන් ගහල අන්තිමට ජන්ග්කුක්ට යන්න උනා principal හම්බෙන්න.. ඒත් සමාව ඉල්ලල බෙහෙත් වලට සල්ලි දුන්නම වැඩි අවුලක් නැතුව ප්‍රශ්නෙ විසදුනා..

පස්සෙ ඩැඩා සහ දුවනිය කතා බස් කරල මේ සන්තෑසිය පපාට නොකිය සතියක් වසන් කරන් හිටියත්… දවසක් ගුණදායකයි කියල ජන්ග්කුක් කන්න ආසම නැති මාලු ඉස්ටුවක් ආදරෙන් බෙදල දීපු tae ගෙ හිත රිද්දන්න බැරි කමට ජන්ග්කුක් ඒක හොරෙන් ඩස්බින් දාපු එක.. කෙල්ලටත් ඒ මාළු කන්න tae බල කරද්දි එයාගෙ පපාට කිව්වම ජන්ග්කුකත් එතික්ස් රකින ඩැඩෙක් විදිහට දෝණියැන්දැගෙ ඉස්කෝලෙ කෙරුවාව tae ගෙ කනේ තිබ්බ.. 😂💁

එදා tae ගෙන් පොඩි කාලෙ ඉදන් මාසල් ආර්ට් කිය කිය ගහ මරා ගන්න හැටි ඉගැන්නුව.. ජිම් එක්කන් ගිය ඩැඩයි පොඩ්ඩ ඇත්තං වටේ අයට ගුටි පූජා දෙන ඇනබෙල් දෝනියයි දෙන්නම කන පුරෝල දේසනයක් අහ ගත්ත… ඒත් ඇත්තටම ජන්ග්කුක්ගෙ personality එක එලෙසටම
තිබ්බ චූටි කෙල්ල වැඩියෙන් ආදරේ කළේ කොච්චර බැන්නත්.. එයාගෙ පපාටම තමයි කියල ජන්ග්කුක් උනත් දැනගෙන හිටිය.. කෙල්ල ඒ තරම් tae ට ගොඩාක් ආදරේ කළා..

ඒත් චූටි කුමාරය… හේවොන් බබා ගොඩක් නිශ්ශබ්ද ආදරණිය කෙනෙක්.. tae ගෙ වගේම චූටි හීන් ඇස්.. හිනාව ඒ විදිහටම තිබ්බ පොඩ්ඩ එයා පොඩි කාලෙ ඉදන් පවුලෙ හැමෝම ගැනම ගොඩක් හිතන එයාට පුළුවන් විදිහට චූටි චූටි උදව් කරන්න තරම් උත්සාහ කරපු අහිංසක බබෙක්.. ඒත් දෙයියනේ කියල tae ට වගේම ප්‍රශ්න එක හතර කරන අතේ හුරුව තිබ්බ ඒ අහිංසකය.. සෝක් එකට උදව් කරන්න ගිහින් චූටි වැඩත් වනා එලාගෙන සන්නි යකුම නටන්න උන අවස්ථා තමයි වැඩියෙන්ම තිබුනෙ…

දවසක් එයාට අවුරුදු හතරෙදි විතර අක්කගෙ ආසම නින්ජා චිත්‍ර කතා පොතක එයාගෙ අතින් කෑම හැලිල.. පපා ඇදුම් වල කෑම හැලුනම හෝදනව දැකල තිබුන නිසා එයාත් ඒක හෝදන්න හිතාගෙන ටැප් එකට අල්ලල… හෑන්ඩ් වොශ් තලියකුත් දාල තිබුන.. ඒත් අනේ මලයන්ඩිගෙ හපන්කං වලින් දියාරු වෙච්ච පිටු දැක්කම චූටි අක්කන්ඩි මාරාවේස උනත් මල්ලියට පණ ඇරල ආදරේ නිසා අර බෝල කරන් ඇඩෙන්න ඔන්න මෙන්න තිබ්බ ඇස් දිහා බලන් එයා වචනයක්වත් හරහට කිව්වෙ නෑ.. පස්සෙ tae එයාට වෙච්ච වැරැද්ද හෙමිහිට පැහැදිලි කරල එයාගෙ පොකට් මනී වලින් අක්කට පොතක් අරන් දෙන්න කිව්ව.. සල්ලි මදිව නෙවේ ඒත් ජන්ග්කුක් වගේම tae ත් වරදනක් උනාම ඒකෙ වගකීම බාර අරන් හරියට නිවැරැදි කරන්න එයාල දෙන්නට පොඩි කාලෙ ඉදන්ම ඉගැන්නුව..

තව දවසක් ස්කූල් clay toys exhibition එකක් තිබ්බ.. දෙන්නම එක class එකේ නිසා දෙන්නටම ඒකට මැටි සත්තු හදන්න උනා.. පවුලෙ කට්ටියම එකතු වෙලා මැටි නාගෙන කොලු පැටියට ටැනී වගේ බව්වො දෙන්නෙකුයි අක්කන්ඩියට මාළු දෙන්නෙකුයි හැදුව.. ජන්ග්කුක් බව්වො දෙන්නව තියන්න ලස්සන ටෝයි කේජ් එකකුත් ගෙනාවට මැටි මාළුන්ට නම් මුකුත් ගෙනාවෙ නෑ..

ඉතින් ඒකට අක්කගෙ හිත රිදෙයි කියල මැටි වලින් හදල පාට කරල තිබුන ගෝල්ඩ් ෆිශ්ල දෙන්න හොරෙන්ම සප්‍රයිස් දෙන්ඩ හිතාගෙන මේ පොඩ්ඩ exhibition එකේදි ඇත්තම මාළු වගේ පේන්න කියල වැඩි හොඳට… ගෙදර තිබුන ඇත්ත මාළු ඇති කරන්න ගෙනාව පරණ බෝල් එකකට වතුර පුරෝල.. පාසි එහෙමත් දාල ඒකට අර මාළු දැම්ම… 🥲😂💜️

පස්සෙ අනේ එව්ව දිය වෙලා අන්තිමට exhibition එකට තියන්න ජන්ග්කුක්ටයි tae ටයි බබාල දෙන්නටමයි ආයෙ රෑ එලි වෙනකන් ආයෙත් මැටි මාළු කූරි හදන්න උනා.. ඒත් කොයිම වෙලේකවත් කවුරුත් එකිනෙකාට බැන ගත්තෙ නැහැ.. විහිලුවක් කරල වැරැද්ද පෙන්නල දීල බබාලට තනියෙන් ඉගෙන ගන්න දුන්න විතරයි… 💜️🫂

ඒ වගේම චූටි කෙල්ල සේරටම වඩා එයාගෙ මල්ලිව ආදරෙන් පරිස්සමින් බලා ගන්නව දැක්කම ජන්ග්කුක් ගොඩාක් සතුටු උනේ එයාගෙ පව් මේ පොඩි උන් දෙන්නගෙ ආදරෙන් හරි හේදිලා යාවි කියල.. මොකද එයාට tae එයාගෙ පහුගිය ආත්මෙ සහෝදරියක් විදිහට ආව දරුනු යක්ශනියක් නිසා වේදනා විදිද්දි මුකුත්ම කරගන්න බැරි උන එකේ පසුතැවීම මේ පොඩ්ඩො දෙන්න නිසා තුනී වෙලා ගියා..

” ….. යාහ්.. බේබි මොකෝ මේ ඇස් ඉදිමිලා… පපා එන්න කලින් ඔය මූණ හෝද ගන්න.. යන්න යන්න.. ඉක්මනට උඩට යන්න… මම උඩ room එකට එන්නම් මොකද උනේ කියල අපි කතා කරමු… ”

??

ටිකකින් tae washroom ගිය වෙලේ ස්කූල් බස් එක ආවත් මුලින්ම මූණ බෙරි කරන් අඩපු සලකුණු එක්ක හේවොන් බබා ගේ ඇතුළට හෙමින් ඇවිදන් ආවම ජන්ග්කුක්ට තේරුනා.. හෙට ස්කූල් යන්න වෙයි කියල.. ඒත් එයා ඉක්මනට වටපිට බලල එයාව උඩ රූම් එකට යැව්වෙ අක්කන්ඩිගෙන් වෙච්ච විස්තරේ අහ ගන්න.. හිතුව වගේම තප්පර ගානක් යන්න කලින් වෙන්ස්ඩේ වැහිල වගේ කොන්ඩෙත් අවුල් කරන් ගවුමෙ මඩත් ගාගෙන ෆයිට් එකක සලකුනු තිබුනත් පේන්න තරම් සීරීම් පාරක්වත් නැතුව..

බිම බලාගෙන මූණ රකුසු කරන් කෙල්ල ආව විදිහට ජන්ග්කුක්ගෙ ඇස් දෙකත් උඩ ගියත් ඉක්මනට දොර වහල එයාගෙ අතින් ඇදන් එයාලෑ උඩ රූම් එකට එක්කන් ගියා..

“….මම ඔයාලට කියල තියනව ස්කූල් එකේ ප්‍රශ්න දා ගන්න එපා කියල… මම ඒ තරම් ඕව හිතුවෙ නැතත් ඔයාලගෙ පපා රෑට නිදා ගන්නෙවත් නැතුව ඕව කල්පනා කරනව… මම ඔයාලට කිව්ව එයාව ස්ට්‍රෙස් කරවන්න එපා කියල.. හරි… දැන් මට පැහැදිලිව එක්කෙනෙක් සිද්ද වෙච්ච ඇත්ත දේ කියන්න… ඔයාල බොරු කියන්නෙ නැහැ කියල දන්නව… ඒත් පපා උඩට එන්න කලින් ඉක්මනට වෙච්ච දේ කියන්නකෝ…. “
🥲🥲

ජන්ග්කුක් පොඩි දෙන්නව කාමරේ මැද හිට්ටෝගෙන ඉස්සරහින් හිටගෙන අත් දෙක බැදන් නළල රැලි කරන් ඇහුවම හේවොන් බබා ආයෙ අඩන්න වගේ මූණ හදා ගත්තම ඉක්මනට චූටි කෙල්ල උත්තර දුන්න…

“…. වොනී අහිංසකයි ඩැඩා.. එයාට ගිහින් වොශ් එකක් දා ගන්න කියන්න… එයා පව්.. මම වෙච්ච දේ කියන්නම්.. ”

🥺🥺

කෙල්ල බුම්මන් ආඩම්බර උත්තරයක් දුන්නම ජන්ග්කුක් ඔලුව වනල ” ඔයා ගිහින් වොශ් එකක් දා ගන්න පැටියො…” කිව්වම එයා අක්කගෙ අතිනුත් එක පාරක් අල්ලල ” සමාවෙන්න ” කියන්න වගේ බැල්මක් දාල චූටි බෝල ඇස් බොඳ කරන් බිම බලාගෙන ඒ රූම් එකෙන් එළියට ගියේ අක්කගෙ බෑග් එකත් උස්සන්…

“….ඩැඩා..මේකයි උනේ… මම ක්ලාස්මේට් කෙනෙක්ගෙ දතක් ගැලවෙන්න එයාගෙ කටට පයින් ගැහුව.. පස්සෙ එයයි එයාගෙ යාලුවොයි මට ගැහුව.. පස්සෙ මගෙ යාලුවොත් උදව්වට ඇවිල්ල පොඩ්ඩක් fight එකක් ගියා… ඩේසි මෑම් ඔයාට හෙට ඔෆිස් එකට එන්න කිව්ව….”

😂💜️💁

තාමත් තරහෙන් බුම්මන් කෙල්ල ජන්ග්කුක්ගෙ මූණ දිහා බලාගෙනම කියද්දි ජන්ග්කුක් ඉබේම ඔලුවෙ අත ගහන් ඇදෙන් ඉන්දවුනා..

“… වොලී… මයි ප්‍රින්සස්… දෙයියනේ ඔයාට තාම අවුරුදු හතයි මාස අටයි.. ඔයා ඇයි එහෙම girl කෙනෙක් ගෙ කටට පයින් ගැහුවෙ.. මට හේතුව කියන්න.. සාධාරණ හේතුවක් නැතුව ඔයා එහෙම කරන්නෙ නෑ කියල මම දන්නව.. ” 🥲🥲

ජන්ග්කුක් පුළුවන් තරම් සන්සුන් කටහඩින් ඇහුවෙ හිතේ එක පැත්තකින් මේ කෙල්ලගෙ පපා ට මේ සිද්දිය සැර අඩු කරල කියන්න විදියක් දහ අතේ කල්පනා කර කර..

“… ඩැඩා.. im not a princess.. i told you.. im a queen…. අනික ඩැඩා එයා බෝයි කෙනෙක්.. මම ගැහුවෙ බෝයි කෙනෙක්ට.. එයා පපා ගැන නරක දේවල් කිව්ව.. මගෙ ඉස්සරහ නෙවේ මගේ වොනී ඉස්සරහ.. ..එයා ඇඩුව.. මට බලන් ඉන්න බෑනෙ.. මමනෙ එයාගෙ වොලී ක්වීන්… ඉතින් මම අර නෝටි බෝයිට පයින් ගැහුව… ”

👑️💜️😌

කෙල්ල tae ගෙ සැස්සි කතා විලාසෙන් කට උල් කරන් කියාගෙන කියාගෙන ගියාම ජන්ග්කුක්ට ආඩම්බර හිනාවක් එළියට පනින්න ආවත් ඒක කාගෙන ආයෙ කතා කළා..

“….හරි… මයි ක්වීන්… ඇයි ඔයා අතින් නොගහ ඒ බෝයිට පයින් ගැහුවෙ..? අනික මොනාද ඒ තරමට කේන්ති යන්න එයා පපා ගැන කිව්වෙ…? ”

🥲💁

ජන්ග්කුක් ඇහුවෙ කෙල්ලගෙ මෙච්චර වෙලා තිබ්බ මූණ වගේම මුස්පේන්තු මූණක් හදාගෙන නළල රැලි කරන්..

“….ඩැඩා.. ඒවගේ ඩර්ටි බෝයිල අතින් අල්ලන්න හොඳ නැහැ..ඊව්ව්ව්ව්ව්… ඒකයි පයින් ගැහුවෙ.. ”

😂😂😂

කෙල්ල ආයෙත් අර tae ගෙ වගේම සැස්සි voice එකෙන්ම එහෙම කිව්වම හැකර හිනාවක් කටින් පනින්න ආවත් ජන්ග්කුක් පීතෲ භූමිකාවට බැහැල හිනාව ගිල්ල.. ඒත් එයාට හිතා ගන්න පුළුවන් උනා එයාගෙ තරහවයි tae ගෙ සැස්සි කටයි දෙකම මේ පොඩ්ඩිට ලෙසටම පිහිටල කියල.. ඒත් කෙල්ල පැහැදිලිව වෙච්ච දේ කියාගෙන කියාගෙන ගියා…

“…මගෙ වොනී හැමදාම වගේ අදත් stars වැඩියෙන්ම ගත්තු student.. maths එහෙමත් සේරම හරි.. පස්සෙ අපිට එසේ එකක් ලියන්න දුන්න my favorite story ටොපික් එකට.. වොනී ඒකත් හරි ලස්සනට ලියල තිබ්බ… ඒක මෑම් ක්ලාස් එක ඉස්සරහ කියෙව්ව.. මේ තියෙන්නෙ… එසේ එක… එයා ලිව්වෙ පපා ගැන.. ඉතින් ඩේව්.. එයා ඇමෙරිකා ඉදන් අපිට වද දෙන්න මෙහෙ ආව නෝටි බෝයි කෙනෙක්… disgusting blue eyes…!! bloody dall…! අන්න එයා මගෙ වොනී එක්ක ගොඩාක් jealous.. ඒකයි එහෙම කියල තියෙන්නෙ.. එයා කිව්ව එයාගෙ මමා වගේ අපේ පපා ලස්සනත් නැහැලු… එයාලෑ මමා වගේ ජොබ් එකක් කරන්නෙ නැහැලු… hair එක ලස්සන නෑලු… ෆිගර් එක ලස්සන නැහැලු… අරව මේව ගොඩක්… පපාට කවුරුත් එහෙම කතා කරනවට මම කැමති නැහැ… වොනී අඩනව බලන්න කැමතිත් නෑ.. ඉතින් මම ගැහුව…

🥲🥲🥲

පොඩි එකී කියාගෙන කියාගෙන ගියාම ජන්ග්කුක්ට එකපාරටම පොඩි එකීවත් උඩ යන්න හොඳ පදේ කියාගෙන නැගිට්ටුනා.. 😂🥲

“…What the f*** little shi**** ඒ පොඩි උන් කොහොමද මගෙ baby ගැන එහෙම කතා කරන්නෙ.. එයා ඒන්ජල් කෙනෙක් වගේ.. කොච්චර ලස්සනයි ද… දෙයියනේ… වොලී ඔයාට එක දතක් නෙවේ ගලවන්න තිබ්බෙ… ඒ වාචාල පොඩි එකාගෙ හක්ක… ඒක නෙවේ… ඔයා දැන් ඒ කොල්ලට බැන්නෙ bloody dall කියලද ? I mean Dall ??? මොන ජාතියෙ නමක්ද ඒ….!!! What was that….?? ”

ජන්ග්කුක්ට එකපාරටම නැගිටල ටිකක් හයියෙන් කිය උනාම චූටි ඇච්චි වචනයක්වත් නොකිය බිම බලාගෙන හොරෙන් හිනා උනේ එයා ඩැඩාගෙ react එක මේම වෙයි කියල කලින්ම හිතුව හින්ද.. ඒත් ජන්ග්කුක් පොතේ තිබුන එසේ එක දැක්කම එකපාරටම තරහ සම්පූර්ණයෙන් නිවිල ලොකු අනුකම්පාවක් එක්කම සතුටකින් හිත පිරිල ගියා..

“…..මගේ ඩැඩා රෑට නිදා ගන්න කලින් අපිට stories කියන කොට කියනවා.. The beauty and the beast කතාව.. ඒත් ඔයාල දන්න කතාව නෙවේ.. ඊට වඩා ගොඩක් ලස්සන කතාවක්… ඒක මෙහෙමයි.. ඒකෙ ඉන්න ගොඩක් හැන්ඩ්සම් ප්‍රින්ස්ල දෙන්නෙක්… මුලින්ම… ඒ කිව්වෙ මේක මගේ පේරන්ට්ස්ලගෙ life story එක… මගේ ඩැඩාගෙ මමා එයා ගොඩක් චූටි කාලෙ නැති උනාලු.. ඊට පස්සෙ එයා හිටියෙ එයාගෙ grand mama එක්කලු.. ඒත් ඩැඩා තරුන කාලෙ දවසක්දා එයා ගෙදර නැති වෙලේක grand mama à·€ නපුරු හොරු ටිකක් ඇවිත් මරල දැම්මලු.. පස්සෙ මගෙ ඩැඩා ගොඩක් තනි උනාලු.. ඒ වගේම නපුරු උනාලු.. පස්සෙ ටිකෙන් ටික ලොකු මනුස්සයෙක් උනාම ගොඩ කාලයක් යනකනුත් ගොඩාක් නපුරුම නපුරු මනුස්සයෙක් වෙලා දුකින් පිරිල එයා තනීයෙන්ම හිටියලු.. එයාට කොච්චර දුක හිතුනත්.. පාළු හිතුනත් කාටවත් එයාව හග් කරන්නවත් දුන්නෑලු.. එයාට තරහ ගියාම හේතුවක් නැතුවත් හැමෝටම බැන්නලු..ඒ හින්ද ගොඩක් මිනිස්සු එයාට පොඩ්ඩක්වත් කැමතිත් නෑලු.. ඒ වගේම එයාට බයයිලු.. එයාටත් beauty and the beast කතාවෙ කුමාරයට වගේම ලොකු මැන්ශන් එකකුයි රෝස් ගාඩ්න් එකකුත් තිබුනට කවදාවත් ප්‍රින්සස් කෙනෙක්ට ඇවිල්ල කඩන් යන්නවත් ඒකෙ එක මලක්වත් පිපුනෙත් නෑලු.. ඒ හින්ද පාළු මන්දිරේක ඩැඩා තනීයම ජීවත් උනාලු..

ඔහොම කාලයක් යද්දිලු මගේ පපා ඒන්ජල් කෙනෙක් වගේ ඇවිත් ඩීමන් කෙනෙක් වගේ නපුරු එයාව හොයා ගත්තෙ… අන්න එතකොට තමයි එයාට මුලින්ම මමා කෙනෙක්ගෙ ආදරේ කොයි වගේද අපේ පාපාගෙන් දැනිල තියෙන්නෙ.. පස්සෙ කවදාවත් මල් පිපුනෙ නැති ඩැඩාගෙ ගාඩ්න් එකේත් රෝසස් යායක්ම පිපුනලු.. ඒත් මුලින්ම පපා ඩැඩා ඉස්සරහ පිස්සු වැඩ කරල ගොඩක් තරහ ගිහින් අනිත් මිනිස්සුන්ට වගේම පපාටත් නරක විදිහට බනිද්දිත් එයා විත‍රලු ඒව ඉවසගෙන ඩැඩා ගාවින්ම හිටියෙ… ඩැඩා මගේ පපාට ආදරෙයි කියන්න ගොඩක් කාලෙකට කලින් ඉදන් පපා එයාට ගොඩාක් ආදරේ කරපු නිසා ඒ හැම වෙලේම මගේ පපා ඩැඩාව තුරුල් කරන් එයාගෙ තරහ නිමෙනකන්ම මැජික් හග් එකක් දුන්නලු… අනික එයා තාමත් එහෙම කරනව… 🥺💜️🫂

මෙහෙම කාලයක් ගියාම ඒ දෙන්නට දෙන්න ආදරෙයි කියල ගොඩක් සතුටින් ආදරේ කරන්න ගත්තලු.. පපා හැමවෙලේම ඩැඩාව ගොඩාක් විශ්වාස කරල වටේ ඉන්න නපුරු මිනිස්සු මොනව කිව්වත් එයාව පරිස්සමින් බලා ගත්තලු මමා කෙනෙක් වගේ… ඔහොම ඉද්දි ඩැඩා ගොඩක් නපුරු මිනිස්සු ටිකක් හින්ද නිසා මැරෙන්නත් ගියාලු… එවෙලෙ පපා ඇවිල්ල ගොඩාක් හයියෙන් අඩල ඊට පස්සෙ මැජික් කිස් එකක් දීල එයාව බේර ගත්තලු.. ඔන්න ඔහොම ඊට පස්සෙ ඩැඩා පපා නිසා නපුරු වැඩ අතෑරල ගොඩක් හොඳ කෙනෙක් උනාලු… පස්සෙ එයාල මැරි කළාම මගේ වොලී ක්වීන් එක්ක මේ මාව එයාලට ලැබුනලු.. දැනුත්… එයාලගෙ ආදරේ නිසාලු මායි අක්කයි මේ තරම් සතුටින් ඉන්නෙ.

ඒ වගේම මගේ පපා මගේ ඩඩාටත් වැඩිය ගොඩාරියක් ශක්තිමත් නිසාලු මාවයි වොලී ක්වීන්වයි මේ ලෝකෙට ගොඩක් පරිස්සමින් අරන් එන මිශන් එක ඩැඩා බාර නොගෙන පපාට බාර දුන්නෙ.. අදටත් මගේ පපා අපි සේරටම ගොඩාක් ආදරේ නිසා එයා අපි වෙනුවෙන් ගොඩක් මහන්සි වෙනව.. මගේ ඩැඩා හැමවෙලේම කියන දෙයක් තමයි ” පපා තමයි එයාගෙ ජීවිතේ හැමදෙයක්ම ” කියල.. මම දවසක් ඒකට දුක හිතිල එයාගෙන් ඇහුව ” ඩැඩා ඔයා අපිට පපාට වඩා අඩුවෙන්ද ආදරේ ” කියල.. එතකොට එයා කිව්ව පපා අපි හැමෝටම වඩා ගොඩාක් ආදරේ ලැබෙන්න ඕනෙ කෙනෙක් නිසා අපි දෙන්නගෙත් තියන ආදරේ සේරම පපාට දෙන්නලු.. එයාට මුකුත්ම නැති උනත් කමක් නෑ කියල..

අන්න ඒ දවසෙ මට තේරුනා ඩැඩාගෙයි පපාගෙයි කතාව කතාවක්ම නෙවේ ඇත්තක් කියල.. මගේ ඩැඩාගෙ කතාවෙ හීරෝ මගේ පපා.. ඒත් මගේ ජීවිතේ වීරය මගෙ ඩැඩා.. මොකද එයා නිසා තමයි මට මගේ පපාවයි වොලී ක්වීන්වයි හම්බුනේ.. ඒ වගේම මගේ ඩැඩා මගේ පපාටයි අපිටයි ගොඩාක් ගොඩාක් ආදරෙයි.. ඒ නිසාම මමත් එයාගෙ කතාවට ගොඩක් ආදරෙයි…. ඔයාලත් ගෙදර ගියාම අම්මගෙයි තාත්තගෙයි ඇත්තම story එක අහන්න.. අනිවාරෙන් ඔයාල අහල තියන ලස්සනම කතාවටත් වැඩිය ලස්සන කතවක් එයාලට ඇති..

I love you my Dada papa and my wolie queen… !

🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋

ජන්ග්කුක් දැනන් හිටිය චූටි කුමාරය අනිත් අයටත් වඩා එයාට ගොඩක් ආදරෙයි කියල.. ඒත් එයා ගොඩක් අහිංසක බබෙක් නිසා ජන්ග්කුක් වොලීටත් වඩා පරිස්සමින් හැමදාමත් එයාව බලා ගත්ත.. ජන්ග්කුක් රචනාම පොත නවල පැත්තකින් තියල ඇස් වලට උනපු කදුළු පිහල බිම බලන් හිටපු චූටි කෙල්ල දිහාට හැරුන..

පැටියෝ.. අහන්නකෝ… ඔයා වොනී වෙනුවෙන් මේක කරපු එක සහෝදරියක් විදිහට හරි.. එත් ඔයාට තරහ යන හැමවෙලේම හිතන්නකෝ ඔයාගෙ පපා ගැන.. ඔයාට තුවාල උනොත් එයා අඩාවිනේ.. මතකනෙ house meet එකේදි ඔයා වැටිල ඔයාට බේත් දානකන් එයා ඇඩුව.. ඒ නිසා ඔයාව හරි වොනී බබාව හරි අසාධාරණයකට ලක් වෙනව කියල දැනුනොත් මුලින්ම ස්කූල් එකේ class එක භාර මැඩම් කෙනෙක්ට කියන්න ඔනේ.. ගෙදර ඇවිත් මට කියන්නත් ඕනෙ… ඕකේ… ?? ඔන්න ඊට පස්සෙත් ආයෙම මොනා හරි කිව්වොත් ඔයා කෙලින්ම ඔයාලගෙ ප්‍රින්සිපල් සර්ට කියන්න.. එයා ළගට යන්න බය වෙන්න එපා.. හරිද ? ඊටත් පස්සෙ ඔන්න.. ඔය කොල්ලො ආයෙ මුකුත් කිව්වොත් මම ඔයාට කියල දීපු සේරම පාවිච්චි කරල ඔයාගෙ ක්‍රමේට ඒක විසදන්න.. ස්කූල් එකට පේරන්ට් කෙනෙක්ට එන්න කිව්වොත් මට කියන්න.. මම ඒක බලා ගන්නම්.. ඕකේ…. අනික ඔයාගෙ කොන්ඩෙන් ඇදල නේද කවුරු හරි ෆයිට් එකේදි… මම කිව්වෙ.. ඔයාගෙ දුර්වල තැන් සතුරාට පෙන්නන එපා.. කොන්ඩෙන් ඇද්දම මේම කැරකිලා ඔයා එයාගෙ බන්ඩියට එකක් අනින්නෝනේ….. මෙන්න මේම…. “

🤭💜️🫂

ජන්ග්කුක් බුම්මට්ටානෙ වගේ බුම්මන් හිටපු චූටි කෙල්ලගෙ කොන්ඩ කරල් දෙකෙන් හෙමිහිට ඇදල බඩ කිති කැව්වම එයා කෙල්ල ජන්ග්කුක්ගෙ වගේම ඩිම්පල් එක පේන ලස්සනට හයියෙන් හිනා උනත් දඩස් ගාල දොර ඇරුනම කෙල්ල නෙවේ ජන්ග්කුක්ව හීතල වෙලා ගියා.. tae හිටියෙ මූණ කොරහක් කරන් ඉනට අත් දෙකත් ගහගෙන..

“…බලන්නකො tae… අපේ වොලී හොකී සෙල්ලම් කරන්න ගිහින් ආයෙ පොඩ්ඩක් ටීම් එකේ බබෙක්ගෙ කකුලක් පෑගිලා…. ඔයා යන්න ඕනෙ නෑ… මම.. මම ගිහින් එන්නම්කෝ හෙට ස්කූල් එකට… ”

💔😂💁

ජන්ග්කුක් වෙනසක් නැතුව ලස්සනට හිනා වෙලා කිව්වත් tae ඉනට අත් දෙක ගහන් සාතන් වේසෙං කතා කළා..

“….දැන් කාලෙ අනිත් බබාලගෙ දත් තියෙන්නෙ කකුලෙද ගුගී..? කකුල පෑගුනාම දත් ඇන්ද ගැලවෙන්න.. මට මෑම් කෝල් කරල මේ දැන් සේරම විස්තර කිව්ව.. ඒ ළමයගෙ හක්කෙ කිරි දතක් ගැලවිලා විසිවෙන්නම පයිං ගහල.. දැං ඒ ළමය හක්කෙ පර්මනට් දතක් එනකන් දතක් නැතුව ඉන්න එපැයි.. යාහ්හ්හ්හ් !!! වොලී.. හිනා වෙන්නෙ මොකද ? යනව කාමරේට… ! ඔයාගෙ ඔය සදාදරණීය ඩැඩාටයි මටයි ටිකක් තනියම කතා කරන්න දෙයක් තියනව.. “

🎀😂💔

Tae රවාගෙන ජන්ග්කුක් දිහාම බලාගෙන කිව්වම පොඩි කෙල්ලටයි කුකාටයි දෙන්නටම හිනා යන්න ආවත් එයා ජන්ග්කුක් දිහා බලල ” ඩැඩා…. 💪 fighting hug..! ” කියල අත නවල පෙන්නල ඔලුව බිමට නවන් කාමරෙන් එලියට ගියේ එයාගෙ පපා යක්සාවේස උනාම ඩැඩාට එයාව control කරන්න නම් අර මැජික් හග් වගේම පපාගෙ කෝටු අත් වලින් ඩැඩා ගුටි කන එක වලක්ව ගන්න විස්තර පැහැදිලි කරනකන් ගොඩක් වෙලා තදේට බැක් හග් කරන් ඉන්න වෙනව කියල දන්න නිසා.. 😂💜️🫂

මේ වගේ චූට් ප්‍රශ්න තිබුණත් සතුට පිරුණ ලස්සන කාලය වේගෙන් ගත වෙනව කිව්වට.. වේගෙන් නෙවේ.. ගොඩාක් හෙමින් කාලය ගෙවිල ගියේ එයාලගෙ ජීවිත වල අලුත් විදිහෙ එක එක මතක.. අත්දැකීම් වලින් පිරිල ගිහින්..

කාලෙකට කලින් ගොඩාක් කාලෙකට කලින් ශෝකාන්තයක් එක්ක.. දරුණු මතක එක්ක.. වේදනාවෙන් වෙන් උන ප්‍රේවන්තයෝ දෙන්නෙක්.. ඒ චන්‍යොං කදුකරයේම… ඒ ලස්සන නිස්කලංක මීදුම් පිරුණ මිටියාවතේදිම… අන්තිමට ඒ ප්‍රේමවන්තයො දෙන්න ආයෙත් එයාලගෙම කියල ලස්සන පුංචි ලෝකයක් හදාගෙන ජීවිතේ සතුටින්.. ආදරෙන් ඉස්සරහට අරන් ගියා….

🦋 – 🦋 🦋 – 🦋 🦋 – 🦋 🦋 – 🦋 🦋 – 🦋

වසර ගණනාවකට පස්සෙ……..

🦋 🦋 🦋 ••••••••••••••••••••••••••••••••••••••

“….වොලී baby… නැගිටින්න අපි ආව…. ”

හවස තුනට විතර උන වෙලාවක.. මීදුම් පිරුණ කදුකර පාරෙ හෙමිහිට ආව කාර් එකක් ලොකු අතු විහිදුන කළු පාටට හුරු තද කොළ පාට අතු විහිදුන පරණ පාට රූස්ස ගහක් යට නතර කරල ඒකෙන් බැස්සෙ අවුරුදු තිස් පහක වගේ නිල් පාට ඇස් දෙකක් එක්ක දුඹුරු පාට කොන්ඩයක් තිබුන විදේශික මැදි වයසෙ වගේ පිරිමි කෙනෙක්……….

” Angel’s Home – chanyon ”

කියල සුදු පාට මල් වැල් ගොඩකින් ලස්සන වෙච්ච board එකක් තිබුන ළමා නිවාසෙ ඉස්සරහ තිබුන… එයාගෙ ඉස්සරහ පැසේන්ජර් සීට් එකේ හොඳටම නිදන් හිටපු ගැහැනු කෙනාගෙ දොරකට තට්ටු කරනව වගේ නළට ඇගිල්ලෙන් තට්ටුවක් දාල ඇහැරවල හිනා වෙවී අර පිරිමි කෙනාකාර් එකෙන් බැස්ස.. පස්සෙ ඇගේ හිරි ඇරල ගැහැනු කෙනා හිටපු පැත්තෙ දොර ඇරිය.. ලස්සන sunflower bouquet දෙකක් අරන් නිදිමත ඇස් පිහ දදා කාර් එකෙන් බැස්සෙ අවුරුදු 35 ක විතර ලස්සන රවුම් ඇස් තිබුන හිනාවෙද්දි ලස්සන ඩිම්පල් එකක් කම්මුලේ හැදෙන ලස්සන ලේඩි කෙනෙක්…

“…… යාහ්… ඩේව්.. ජැකට් එක දා ගන්නකෝ baby… සීතලයිනේ…”

එයා මල් බොකේ එකෙන්ම එයාහෙ හස්බන්ඩ්ගෙ ඔලුවට තට්ටු කරල කිව්වම ඩේව්.. ඒ කිව්වෙ එයාගෙ හස්බන්ඩ් හිනාවෙවී ජැකට් එකක් අරන් එයාගෙ වයිෆ්‍ට ඇන්දෙව්වෙ බලෙන් වගේ…

“…just remember baby…. your hubby is an ice hokey coach…” 🥲🥲

පස්සෙ ඒ දෙන්නම එයාලගෙ ඉස්සරහ තිබුන පරණ තාලෙට හදපු ලස්සන මතක ගොඩක් පිරුණ ගෙදර දිහා ඔලුව ඇල කරන් බලන් හිටිය.. ඒ ලස්සන ගෙදර දැන් ළමා නිවාසයක්..අසරණ පුංචි ළමයි 60 දෙනෙක්ට නිවහන වෙච්ච ගොඩක් වටින ඒ වගේම ආදාරණීය තැනක්….

“….වොනී හෙට නේද එනව කිව්වෙ baby ? එයා සැලීයි බබාල දෙන්නයි එක්ක හෙට ඒවිනෙ නේද ? ”

ඩේව් ඇහුවෙ මීදුම පිරුණ කොළ පාට රූස්ස ගස් අතරින් හමාගෙන ආව සනීප හුළගට මූණ උඩට හරවන් ඉව කරන ගමන් ඩ්‍රයිව් කරල මහන්සියට අතේ පයේ හිරි ඇර ඇර..

“…හ්ම්ම්ම්… අර.. බබාලගෙ ස්කූල් එකේ exhibition එකට හෙට තියනවයි කියන Eclipse එකේ photos ඕනෙ කිව්වෙ නැත්නම් අපිට හෙට වෙනකන්ම මෙහෙ ඉදල යන්න තිබුනනේ.. හෙටනෙ පපාලගෙ anniversary එක.. මගෙ හිතට හරි නැහැ ඩේව්.. අපි හැමදාම එයාලගෙ anniversary එකට මෙහෙ ආවනේ… ඊට කලින් දවසෙ මෙහෙම හදිසියෙ ඇවිත් ආපහු යන එක හිතට හරිමදි…”

🥺💜️🦋

වොලී කිව්වෙ කලකිරීමෙන් වගේ බිම බලාගෙන..

“….ඉතින් ඒකනෙ පැටියො… මම මේ දැනුත් එද්දි කිව්වෙ.. සැලී එක්ක යන්නම් කිව්වනෙ පොඩි උන් පස් දෙනාවම… එයාට ඔය පස් දෙනාම මැනේජ් කරගන්න පුළුවන්.. එයා මින් අංකල්ගෙ එකම දුවනෙ… එයාට වගේම සැලීටත් හිතුවක්කාර ඇච්චො මේච්චල් කරල හොඳට පුරුයි..අනික ඔයාට අපේ පැංචො තුන් දෙනාම එකපාර ලැබුනම අපි දෙන්නම ඩිප්‍රෙස් වෙලා පිස්සු හැදිල දගලද්දි එයානෙ ඇවිල්ල අපිට උදව් කළේ…. “

🥺🥺🥺🥺

ඩේව් කිව්වෙ වොලීගෙ කොන්ඩෙ එයාගෙ අතින් අවුල් කර කර ඔලුව හෙලවෙන්නම අතගගා..

”… හ්ම්හ්.. ඔව්.. පාර්ක් අංකල්ගෙ කට එලෙසටම තිබුනට අපේ වොනියගෙ හිත සැලීට ඇදිල යන්න ඇත්තෙ ඔන්න ඔය strong personality එකටයි ඉවසීමටයි….. අපේ මනුස්සය මීක් නැතුව අහිංසක තාලෙට හිටියට සැලී වෙනුවෙන් මාරම possessive.. මම ඒක දැකල තියනව.. ”

💜️🦋

වොලී කිව්වෙ හිනා වෙවී.. ඒත් එකපාරටම අර මිදුලෙ සෙල්ලම් කර කර උන්නු පොඩි උන් ටී ටයිම් බෙල් එක ගහනව ඇහිල ගෙදර ඇතුළට දිව්වම එයාලට පෙනුන බැහැල යන ඉර එළියෙන් ලාවට දිලිසෙන… ආයෙම හිස් උන එයාලගෙ පරණ ගෙදර මිදුල… නිකන්ම වොලීගෙ ඇස් යන්තම් කදුළු පිරිල දිලිසෙනව දැක්ක ඩේව් එයාගෙ නළලට හාදුවක් දීල උරිස්සට බර කරගත්ත..

” …..අවුරුදු හතක්…මට හිතා ගන්න බැගැ ඩේව්.. එයාල ගිහින් අවුරුදු හතකටත් වැඩියි… මට තාමත් මතකයි… ඒ දෙන්න ගොඩාක් වයසට ගියාමත්.. කුරුලු ජෝඩුවක් වගේ අර බෙන්ච් එකට වෙලා ඉදගෙන තුරුල් වෙලා ඈත මිටියාවතේ.. අර දැන් වගේම ලස්සනට ඉර බහිනව බලන් හිටපු හැටි… අපි පොඩි කාලෙදිත් එහෙමයි… පස්සෙ එයාලගෙ අන්තිම සමර් එකෙත්… මට තාමත් මතකයි ඩේව්… හැමදාමත් වගේ හවසට… වැස්සෙ නැත්නම්… ඒත් ඩැඩා වැඩි පරිස්සමට සීතල අල්ලාවි කියල ජැකට් ගොඩාක් පපාට අන්දල… පස්සෙ රෙඩ් වයින් බොට්ල් එක්ක මොනව හරි කන්න දේකුත් අරන් පපාවත් වත්තන් කරන් ගිහින් ඔතනින් වාඩි වෙලා වරු ගානක් ඉන්නව.. එයාල පොඩි ළමයි වගේ හිනා වෙවී එයාලගෙ චූටි චූටි ලස්සන මතක ආයෙ ආයෙ මතක් කර කර කියවද්දි… රෙඩ් වයින් ග්ලාසස් පුරවන් ටොස්ට් කරන විදිහ.. වෙලාවකට ඩැඩා එයාගෙ ඔලුව අතගාන්න කියල පපාගෙ උකුලෙන් ඔලුව තියන් ඉන්න විදිහ… ඩැඩා මොනව හරි විශේෂ දෙයක් ආදරණීය දෙයක් කියද්දි පපා කම්මුලේ අත තියන් වශී වෙලා වගේ එයාගෙ දුඹුරු පාට ඇස් බෝල් කරන් බලන් ඉන්න හැටි… මම ඈත ඉදන් බලන් ඉදල තියනව ඩේව්… ඇත්තටම.. අපි දෙන්න university යන කාලෙ පොඩි දේවල් වලට රණ්ඩු වෙලා ආගිව් කරල අවුලින් ඉද්දි ඒ දෙන්න එහෙම ආදරෙන් ඉන්නව දැක්කම ඇත්තටම මට ඉරිසියා හිතිලත් තියනව ඩේව්.. එයාලගෙ බැදීම ඒ තරම්ම අමුතුයි.. පුදුමාකාර ආදරයක් එයාලගෙ තිබුනෙ.. සමහරදාට මම ඩිනර් එකට අඩගහනකන්ම එයාල තරු පිරුන අහස දිහා ඔහේ බලන් එතනට වෙලා ඉන්නව….. නැත්නම් jazz music track එකක් දාගෙන මෙතන කපල් ඩාන්ස් එකක් දාන ගමන් ඩ්‍රින්ක්ස් ගන්නව… කොච්චර ඉගැන්නුවත් ඩැඩා නටන විදිහ හරි කැතයි කියල පපා අපිට කිය කිය හිනා වෙද්දි එච්චර තද ගතිගුණ තියෙනව වගේ පෙනුනත්…. ඒ වගේම වයසට ගියත් ඒ වගේ වෙලාවට ඩැඩාගෙ කන් දෙක ලැජ්ජාවෙන් රතු වෙනව මම දැකල තියෙනව.. එයාලගෙ ගොඩක් පුංචි දේවල් පවා… ඒ දෙන්නට දෙන්න හරි පරිස්සමින් ශෙයා කර ගත්ත ඩේව්.. හරියට නිකන් මුළු ජීවිතේම එක මිලිමීටරයක් ගානෙ මග නොහැර රස විදින්න ලෝබකමේ වගේ…. මට පපා කියල තියනව.. ඉස්සර ලේසියෙන් හිනා නොවුන ඩැඩා දැන් හැමදාම හිනාවෙනව දකිද්දි.. ගොඩක් සතුටින් ඉන්නව දැක්කම දැනෙනවලු එයාගෙ ජීවිතේම සම්පූර්ණයි කියල.. එයාගෙ ලයිෆ් ගෝල්ස් සේරම පර්ෆෙක්ට්ලි කම්ප්ලීට් වගේ දැනෙනවලු… අනේ මට එයාලව ගොඩක්… ගොඩාක්… මතක් වෙනව ඩේව්…. මට ඒ අතීතෙට ආයෙ යන්න පුළුවන් උනා නම්……. ”

🥺🥺🥺🥺

වොලී ඉකියක් හංගගෙන ඩේව්ගෙ උරිස්සෙ ඔලුව හංග ගත්තෙ ඉස්සරහ සීතල මීදුම පිරුන මිටියාවත පේන විදිහට ලොකු ගහ යට තියන හිස් බෙන්ච් එක දැක්කම එයාගෙ ජීවිතේ ආයෙ කවදාවත් නොඑන ඒ ලස්සනම මතක එයාගෙ ඇස් ඉස්සරහ මැවිල පේද්දි දරා ගන්න බැරුව..

පස්සෙ ඩේව් එයාට පෙක් එකක් දීල කදුළු පිහ දාල හෙමිහිට ගිහින් ඒ බෙන්ච් එකෙන්ම ඉදගෙන වොනීව තුරුල් කර ගත්ත.. එයාලට මීදුම් යායකින් වැහුන මිටියාවත ඉස්සර වගේම කිසිම වෙනසක් නැතුව ලස්සනට පෙනුන.. ඉර බහින වෙලාව උනත් මීදුම නිසා එච්චර පැහැදිලිව පෙනුනෙ නැහැ…

“… its ok… babe…. im here…. ඔයාට මම ඉන්නවනේ… අඩන්න එපා… ඇත්තටම.. මගේ පේරන්ට්ස්ල straight කපල් එකක් උනත් එයාල ගොඩක් වෙලාවට ආගිව් කරනව.. රන්ඩු වෙනව…. Sometimes I wonder how they were together for 15 years after all this fighting.. But I never felt surprised about their divorce.. ඇත්තටම romance කියන දේ මම දැකල තියෙන්නෙ හරීම අඩුවෙන්… I guess that’s why, as a kid, I used to bully you guys like a annoying sh*** ඒත් ඔයාලගෙ පපායි ඩැඩායි දෙන්න.. seriously මම මෙහෙ ආව මුල් දවස් වල i got panic… ඔයාගෙ ඩැඩා ඕපන්ලි පපාව කිස් කරනවා.. වෙලාවකට කම්මුල හපනව.. දෙන්නම බට් ස්ලැප් කරනවා.. soo shamless… හයියෙන් හිනා වෙනව.. over romantic විදිහට කතා කරනව.. In front of you and your little brother, they acted like no one else was home… lost in their own world…. and…. You guys were so used to seeing them like that… මම ඇත්තටම මුලින්ම ඔයාගෙ ගෙදර ආව දවසෙ ගොඩක් පුදුම උනා.. පුදුම නෙවේ බය උනා.. gay couple එකක් දැක්ක පළවෙනි පාර ඒක නොවුනත් ඒ වගේ අමුතු ලවර්ස්ල දෙන්නෙක් දැකපු පළවෙනි පාර ඒක baby.. ඒ වගේම ඒ වගේ බැදීමක් මම ආයෙත් කොහෙදිවත් දැකල නෑ.. That was the first and last time… ”

🥺🥺🥺🥺

ඩේව් හිනා වෙලා ඈත වලාකුළු අස්සෙන් යන්තන් පේන ඉර දිහා බලන් වොනීගෙ කම්මුලටයි දෙතොල් වලටයි හාදුවක් දීල කිව්වම වොනී කෙල්ලට කදුළු අතරින් හිනා ගියා..

“…. එහෙනම් එයාලගෙන් තමා ඔයා inspire වෙලා තියෙන්නෙ.. my handsome dall… !! So that’s why my lips are always swollen like this… like my papa’s.. Is that a habit you picked up from my dada..? Hmhh? ”

🤭🤭

වොලී එකපාරටම ඔලුව උස්සල ඩේව්ගෙ jawline එක යන්තන් හපල අනිත් අතින් කම්මුලෙනුත් හයියෙන් ඇදල ඇහුවම ඩේව් හයියෙන් හිනා උනා…

“….Of Course My little devil.. he is my inspiration… and why are You always doing this to me.. dont bite my jawline like that.. බලන් ඉන්න අයට හිතෙනව ඇති ඔයා මගේ හස්බන්ඩ් කියල.. So getup ! getup ! Fluffy pumpkin.. අපි ඩැඩාලව බලන්න යන්න ඕනෙ… ”

🤭💜️

ඩේව් කෙල්ලව නැගිට්ටවල ස්කර්ට් එකේ දූවිලි පිහ දාන්න වගේ අත දිගෑරල පස්සට දෙක තුනක් හයියෙන් ගහල හිනා වෙවී එයාගෙ flower bouquet දෙකයි candle ටිකයි එයාගෙ අතට අරගත්ත..

පස්සෙ එයාලගෙ ගෙදරට ඇතුල් වෙන ආරුක්කුව ළගින් පහළට තිබුන සකුර ගස් පිරුන මීදුම් වලින් වැහුන ගල් පඩිපෙළ දිගේ පහළට ඇවිදන් ගියා…

එහෙම යද්දි එයාල මිටියාවත දිගේ ටිකක් දුර ඇවිදන් ගියාම තිබුන මීදුම් අතරෙ ලොකුම ලොකු අතු විහිදුන මල් නවා වැටුන ශක්තිමත්… ඒත් තනියෙන් සරුවට වැඩුන සකුර ගහක්.. ඒ ගහ පාමුලට ගිහින් එයාල නැවතුනා..

එතන තිබුනෙ එක ළග තිබුන නමක් සදහන් කරල නැති ලස්සන රතු රෝස මල් ගොඩක් වටේට පිපිල තිබුන… රෝස පාට සකුරා පෙති වැටුන සාමකාමීව තිබුන සොහොන් කොත් දෙකක්.. ඒ දෙකේම ගහල තිබුනෙ එකම වගේ වචන පේළි දෙක තුනයි…

🦋🦋

” …..We are Bound together…. endlessly and forever…..

Our souls are destined to find each other…. again and again….”

🦋🦋

“….මට තාමත් හිතා ගන්න බැහැ baby.. ඇයි ඔයාගෙ ඩැඩා කිව්වෙ මේ tombs වල names mention කරන්න එපා කියල… ? එයා ගොඩක් වෙනස් විදිහට හිතන කෙනෙක් තමයි.. ඒත් මට පුදුමයි…. ”

🥺💔

ඩේව් කිව්වෙ flower bouquet දෙක තියල candles ගොඩක් පත්තු කරල ටිකක් ඉදල එතන ඉස්සරහ බිම තණ බිස්සෙ වාඩි වෙලා සොහොන් කොත් දෙක වටේ පිපිල තිබුන ලස්සන රතු රෝස මල් ගොඩ දිහා බලන ගමන්..

….ඩැඩා හැමදාම මට කිව්ව විදිහට.. මනුස්සයෙක්ගෙ නම.. මූණ.. ඇග… කටහඩ… පෙනුම… ඒ කිසි දෙයක් වැදගත් නෑ.. වැදගත් වෙන්නෙ අවංක හදවත…. ඒ වගේම විශ්වාසය… ඩැඩා කිව්වෙ පපාව මැරි කරන්න කලින් එයාට ඩ්‍රීම් බුක් එකක් තිබුනලු.. මගේ ඩැඩා ඒ සේරම කම්ප්ලීට් කරපු නිසා.. පස්සෙ දෙන්නම එකතු වෙලා තව එකක් ලිව්වලු.. එයාල දෙන්නගෙම ජීවිතේ අනාගතේ ගැන.. goals.. හැමදෙයක්ම… දෙන්නගෙම නම් සොහොන් කොත් වල නොලිය.. මේ වචන ටික විතරක් ලියන්න ලියල.. තව එයාලගෙ ගෙදර අනාථ ආශ්‍රමයක් කරන්න කියල.. මේ ලස්සන චෙරි බ්ලොසම් ගාඩ්න් එකේ එයාලට නිදහසේ සමාදානයෙන් සැතපෙන්න දෙන්න කියල… ඒ හැමදේම ඒකෙ ලියල තිබුන.. මගෙ පපාගෙ ලස්සන අත් අකුරු වලින්.. මගේ පපා හැමවෙලේම සේරම දන්නව වගේ පණ්ඩිත කමට කට කියෙව්වට ගොඩාක් අහිංසකයි ඩේව්.. මතකද ග්‍රෑන්ඩ් මමා නැති උනාම මගේ පපා පිස්සුවෙන් වගේ අඩ අඩ විඩෙන් විඩේ ෆේන්ට් උන හැටි.. ඩැඩාට විතරයි එයාව කන්ට්‍රෝල් කර ගන්න පුළුවන් උනේ.. අන්තිමට ෆියුනරල් එක ඉවර උනාමත් නොකා නොබී පැත්තකට වෙලා ඉද්දි පොඩි දරුවෙක් වගේ අඩ අඩ ග්‍රෑන්ඩ් මමා ගැන කියෝ කියෝ ඩැඩා කෑම කවද්දි කෑවෙ….. ඇයි තව මතකද.. birthday එකට ආවෙ නැතත්.. විවාහ සංවත්සරය දවසට අනිවාරෙන්ම එයාලව බලන්න එන්න කියල ඩැඩා අපිට ඉස්සර ඉදන්ම කිව්වනෙ…. මොකද එයා හැමදාම කිව්වෙ එයා දෙවෙනි පාරට ඉපදුනා වගේ දැනුනෙ.. හරියටම ජිවත් වෙන්න පටන් ගත්තෙ පපාව මැරි කරපු දවසෙ ඉදන් කියල… එයාලගෙ පනස්දෙවෙනි සංවත්සරේ දවසෙ.. මතකද ? අර ඔයාල නටපු විකාරෙ.. මට බබාලගෙ නර්සරි එකේ හවස ceremony එකක් නිසා එන්න බැරි වෙලා මම ඔයාව විතරක් එව්ව.. එදා ඔයයි පපයි ඩැඩයි වොනියි සේරම හොඳට ඩ්‍රින්ක්ස් අරන්.. පස්සෙ මහ රෑ ඩැඩා ඩාන්ස් කරන්න ගිහින් ලෙස්සල වැටිල කකුල කැඩිල කියල මට කෝල් කළා… මම මහ රෑ පොඩි උන් තුන් දෙනත් අරන් තනියෙන් කාර් එකත් ඩ්‍රයිව් කරන් පිස්සියෙක් වගේ අඩාගෙන එද්දි ඔයාල ඔට්ටු අල්ලල.. මාව ගෙන්න ගන්න.. අන්තිමට වොනීටත් කනට ගහල ඔයාටයි බේත් දාන්න තුවාල උනේ මම තරහටම ඔයාගෙ අත හපල… මතක් වෙද්දිත් හිනා යනව…. ”

🥺🥺🥺🥺🥺

වොනී වේදනාව මිශ්‍ර උන හිනාවක් එක්ක සකුරා මල් පෙති වැටුන සීතල සොහොන් කොත අතින් හෙමින් අත ගගා කියෙව්වත් එයාගෙ ඇස් වල ආයෙ කදුළු පිරෙනව දැක්ක ඩේව් ඉක්මනට කතා කළා..

“….ඔව්ව්.. baby.. මේ… අහන්නකෝ.. මම කවදාවත් ඔයාට නොකිව්ව ලැජ්ජ හිතෙන කතාවක් කියන්නද… ඔයාලෑ පපා නම් තේරුම් ගන්න අමාරු නැගැ.. සාමාන්‍ය විනෝදෙන් ඉන්න ආස ගොඩක් ආදරණීය කෙනෙක්..ඒත් ඩැඩා.. ඔයා දන්නවද බේබි එයාව මට මුලින්ම හම්බුන දවස.. අර.. ඔයා මගේ කටට පයින් ගහල දතක් ගැලවුනාට පස්සෙ දවසෙ ඔයාලෑ පපා.. මගෙ මමා එහෙම ස්කූල් එකට ආවනෙ… ඔයාගෙ පපා.. එයා හරි හොඳ කෙනෙක් නිසා මට බය හිතුනෙ නැහැ.. ඒත් අපිට punishment එක විදිහට හැමදාම හවසට දෙන්නගෙ ගෙවල් වලට මාරුවෙන් මාරුවට ගිහින් home work කරන්න කිව්වම… ජීසස්.. මම දිවුරනව.. ඔයාලගෙ ගෙදරට මම පළවෙනි පාරට ගියේ ඩැඩා ගෙදර ඉන්න එපා කියල දෙවියන්ට pray කර කර.. මම එයාව දැක්කෙ එකපාරයි.. දවසක් ඔයාව ඩ්‍රොප් කරන්න ආව දවසක.. එයාගෙ උස.. dark eyes.. එයා රගර් ප්ලේයර් කෙනෙක් උන මගේ ඩැඩාටත් වැඩිය workout කරල වගෙයි මට body එක දැක්කම හිතුනෙ.. අනේ ඔයාලගෙ පපා නම් හරීම හොඳයි වොලී.. මට තාමත් මතකයි.. එයා ” …..helloo mister handsome ” කියල මගෙ කම්මුල මිරිකල රසම රස ස්ට්‍රෝබෙරි මිල්ක්ශේක් එකක් හදල දීල කිව්ව ඔයා නාල එනකන් live room එකෙන් ඉදගෙන ඉන්න කියල.. එදා මට ගොඩක් ලැජ්ජ හිතුන.. ඔයාගෙ පපා ගැන ස්කූල් එකේදි මං කිව්ව දේවල් ගැන…ඔන්න ඊට පස්සෙ තමයි හොඳම වැඩේ උනේ.. මොකද ඔයාගෙ ඩැඩාව මීට් උනා..එයා උදේ සෝල් ගිහින් ඇවිල්ල වොශ් එකක් දාන් සිල්ක් රොබ් එකකුත් ඇදන් අර living room එකේ ගල් පඩිපෙළ බැහැගෙන මගෙ දිහාට ආව….

එයා පොඩි පොකට් ක්නයිෆ් එකකින් ඇපල්ද මොනවද කප කප මගෙ දිහා බලාගෙනම එයාගෙ lip piercing එක දත් වලින් ඇද ඇද annoying දෙයක් දැක්කම වගේ මගෙ දිහා බලන් ආව… මට අද වගේ මතකයි…. මට ඒ ටිකට ඇඩෙන්න ආව වොලී.. කොන්ඩෙ ටිකක් වවල පොඩ්ඩක් පිටිපස්සට කරල හෙයා බෑන්ඩ් එකක් දාල.. ටැටූට් හෑන්ඩ්ස් එක්ක.. අර dark eyes වලින් මාව ස්කෑන් කරන්න වගේ බලාගෙන ඇවිත් මට පළවෙනි පාරට කතා කළා..

“….තමුන්ද ඒ? මගෙ baby ට නරක දේවල් කියපු කෙනා… ? වොලී කිව්ව බ්ලඩී ඩෝල්…. ? ” 🥲💁💔

කියල එයාගෙ අර fkg deep voice එකෙන් ඇහුවම i swear i was speechless.. මාව වෙව්ලන්න ගත්ත.. පස්සෙ එයා මගෙ දිහා කන්න වගේ බලාගෙන ගිහින් kitchen එකේ song එකකුත් ප්ලේ වෙන්න දාල මොනවද හදන ගමන් හිටපු ඔයාලෑ පපාව බැක් හග් කරන් එයාගෙ උරිස්සෙන් ඔලුව තියා ගත්ත.. පස්සෙ එයාල එහෙම්මම සෝන්ග් එකේ තාලෙට හෙමිහිට පැද්දි පැද්දි හිටිය ටිකක් වෙලා… ඒක නම් හරිම ලස්සනයි හැබැයි… මං බයටම එබිල බලද්දි පපා එයා කපල තිබ්බ එළවළු මොනා හරි ඩැඩාට අතින් කැව්වත් මම දැක්ක.. පස්සෙ ඩැඩා ආයෙම මූණෙ අර straight බැල්මත් එක්ක මම ඉන්න හරියට ඇවිත් එකපාරටම ඇපල් කැල්ලක් අමුනපු පිහිය මට දික් කළා.. මට හිතුනෙ එවෙලෙ තප්පර ගානකට he got my breath away… i was completely paralyzed baby.. and he just said ,

” I don’t know how people in your country behave. But in Korea, especially in my house, you only get respect back if you respect others.. Do you understand yongman? ”

And i was like… පිස්සු හැදිල වගේ ඔලුව වැනුවෙ ඔව් තේරුනා කියන්න වචන ආවෙ නැති නිසා… පස්සෙ ඩැඩා එහෙම්මම

” im watching you… behave yourself… ” 🥲🥲

කියල එයාම ඇපල් කෑල්ල කටේ ඔබාගෙන ආපහු උඩ රූම් එකට ගියා.. ඔයා දන්නවද හොඳටම බය වෙලා ඇඩෙන්න ළං වෙලා හිටපු මට ඔයාලෑ පපා ළගට ගිහින් කියා ගන්න පුළුවන් උනේ වචන දෙක තුනයි.. මං ඇහුව…

” …..සර් වොශ් රූම් එක කොහෙද ? ” ඔන්න ඔච්චර වොලී.. ”

😂😂😂😂😂

ඩේව් තණ බිස්සෙ ඉදගෙන රගපපා කිව්ව විස්තරේම අහන් හිටිය වොලී මීදුම් පිරුන මිටියාවතේ දෝංකාර දෙන්නම හයියෙන් හිනා උනේ සොහොන් කොත උඩින් අත ගහන්..

“…යාහ්… ඒක එහෙමද උනේ… ඒකද ඔයා එදා පිස්සු බල්ලෙක් වගේ මම නනා හිටපු washroom එකට ඇවිත් අන්තිමට මගෙන් ගුටිත් කෑවෙ… මට තාම මතකයි අපේ පපා දුවගෙන තෙමීගෙන ඇවිල්ල ඔයාව බිම දාගෙන රබර් ඩක් කෙනෙක්ගෙන් ඔලුවට ගගහ හිටපු මගෙන් ඔයාව බේර ගත්තු හැටි.. Why are you soo cute honey… අනේ කෑ ගගහ රතු වෙලා අඩපු ඔයාව මට මැවිල පේනව.. ඩැඩා නම් එදා ඔයා ගියාම වරු ගානක් ඕක කියෝ කියෝ බඩ අල්ලන් හිනා උනා.. ඒත් පපා මට බැන්න.. ඒ ළමය පාර වැරදිලා මේ වොශ් රූම් එකට එන්න ඇති කියල…. අනික.. අර මුලින්ම අපේ afire එක ගැන කියන්න ආව දවසෙත් ඕවගේ ඔයාව ඩැඩා ඉස්සරහ ඔය වගේම වෙවුලුවයි කිව්ව හැටි මට මතකයි…”

😂💜️

වොලී හයියෙන් හිනා වෙවී හිනා වෙලාම උනපු කදුළු පිහ පිහ කිව්වම ඩේව් එයාව තුරුල් කර ගත්ත..

“….හ්ම්හ්.. අන්න එහෙම හිනා වෙලා ඉන්නකෝ baby.. ඔයා ඔහොම සතුටින් හිනා වෙනව ඇහෙද්දි එයාලත් එහේ ඉදන් ගොඩක් සතුටු වෙයි.. අනික… baby.. ඔයා දන්නෙ ටිකයි.. මම සේරම කියල නැහැ ඔයාටවත්.. ඉන්නකො.. මම අද කියන්නම්.. ඩැඩා මගෙන් මුලින්ම ඇහුවෙ.. ඔයාටම ආදරෙයි කියන්න හේතුව මොකද්ද කියල.. මම වැරදි උත්තරයක් දුන්නොත් වෙන අවුල මම දැනන් හිටිය.. ඒත් මට හිතා ගන්න බැරි උනා උත්තරයක්.. මොකද අවුරුදු හතේ ඉදන් මම ඔයාව දන්නෙ.. අපි මුලින්ම හතුරො.. පස්සෙ යාලූවො.. ආයෙ හොඳම යාලුවො.. පස්සෙනෙ ආදරවන්තයො උනේ… අපි ගහ මරාගෙන තියනවා.. සතුටින් විකාර වැඩ කරල තියනව.. අඩල තියනව.. රන්ඩු වෙලත් තියනව… ඒත් මට ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න තේරුනේ නැහැ.. ඉතින් මම කිව්ව.. මට කලින් ස්කූල් කාලෙ affairs දෙකක් තිබුන.. ඒත් ජීවිතේ තේරෙන වයසට ආවම මට ” මේ මනුස්සය එක්ක.. මගෙ ඉතුරු ජීවිත කාලෙම බෙදාගන්න ඕනෙ කියන හැගීම දැනුනෙ ඔයා ගාවදි විතරයි කියල… ” පස්සෙ ඩැඩා ආයෙම ඇහුව ” වොලීගෙයි ඒ කලින් relationship තිබුන ගෑණු ලමයින්ගෙයි තියන වෙනස මොකද්ද කියල.. ” මං ලැජ්ජාවෙන් උනත් ඇත්තම කිව්ව… මං දන්නෙ නෑ අනිත් පිරිමි අයට ගෑනු කෙනෙක් ලග මෙහෙම දැනෙනවද කියල ඒත් මට ඔයා ගාවදි හැමදේම හරියාවි කියල.. නැත්නම් වෙන ප්‍රශ්න සේරම අමතක වෙලා ඔලුව නිදහස් වෙනව.. තව… ඇත්තටම වෙලාවකට මොන ප්‍රශ්නෙක හිටියත් ඔයාව දැක්කම නිකනුත් හිනා යනව කියලත් කිව්ව.. i was serious about that.. මට එහෙම වෙලා තියනව baby.. ඔයා නිකන් මගෙ healing energy එක වගෙයි මට දැනෙන්නෙ… පස්සෙ ඩැඩා වෙන මුකුත්ම කිව්වෙ නැහැ.. හිනා වෙලා මාව එකපාරක් හග් කරල කිව්ව… වොලී එයාගෙ කාමරේ ඇති ගිහින් කතා කරන්න කියල.. ”
🥺💜️🫂

ඩේව් හිනා උනේ එයාගෙ අතින් අල්ලන්.. ඒත් මෙච්චර වෙලා හිනා වෙවී උන්න වොලී ආයෙම ඇස් බොඳ කරගෙන සොහොන් කොත හෙමිහිට අතගෑව…..

“…. අනේ මගේ ලෝකෙ කුමාරයො දෙන්න… එයාල ඇත්තටම.. ආයෙත් හමු වෙලා මීටත් වඩා ආදරෙන්.. කොහේ හරි සතුටින් ඇති.. ඒත්… ඔයාට මතකද ඩැඩා අපිව දාල ගිය දවස.. එයාල අවුරුදු අසූ එකක් වෙලත්.. එකම ඇදේ තුරුල් වෙලා නිදා ගත්තෙ newly wedded තරුණ ජෝඩුවක් වගේ.. එදා උදේ.. පපා අපිටත් කලින් ඇහැරිලා අපේ රූම් එක ඉස්සරහට ඇවිල්ල ඇස් වල කදුළු පුරෝගෙන පාන්දරම දොරට තට්ටු කරල වෙවුල වෙවුල

“…… මගෙ කුකී මට good morning කියන්නෙ නැහැනෙ… පොඩ්ඩක් ඇවිල්ල බලන්නකෝ පුතේ… එයා නැගිටින්නෙත් නැහැ.. ඇස් අරින්නෙත් නැහැනේ… ”

කිව්ව හැටි.. මම එතනින් එහාට හැසිරුනේ පිස්සියෙක් වගේ.. ඔයා මගෙ ළග නොහිටින්න.. වොනී එනකන් ෆියුනරල් එකවත් හැන්ඩ්ල් කරගන්න බැරි වෙනව… මම ඒ විදිහට මෙන්ටලි ඩවුන් වෙලා තිබුනෙ නැහැ ඒ වෙනකන් කවදාවත්ම…. මගේ පපා..එයා. කෑ ගහල ඇඩුවෙ නැතත්.. එයා ඇස් වලින් ඔහේ කදුළු ගලද්දි හෙලවෙන්නෙවත් නැතුව ඩැඩාගෙ ළහට වෙලා එයාගෙ ඔලුව වෙව්ලන අත් වලින් අත ගගා මොනවදෝ මුමුණ මුමුන හිටපු හැටි.. වෙලාවකට එයා කදුළු අස්සෙන් හිනා උනත් එක්ක ඩේව්.. මං දන්නෙ නෑ… එයා…ඩැඩාව මෙතෙන්ට අරන් එනකන්ම එයාගෙ ළගින් හෙල උනේවත් නෑ.. පස්සෙ එයා එදා මහ වැස්සෙ භූමදානය ඉවර උනාමත්… හවස ඉදන් මෙතනට වෙලා ඉදගෙන ඩැඩා එක්ක කතා කර කර හිටිය මතකද…? මට ඇහුන එයා අහනව…

” …තවම හොඳ තැනක් ලැබුනෙ නැද්ද ගුගී…. ” ” ඔයාට තුරුල් වෙන්නෙ නැතුව මට දැන් නින්ද යන්නෙත් නැහැනෙ.. ඔයා එනකන් මම මෙතනම ඉන්නම්… “

වගේ දේවල්.. මමත් හිටියෙ අඩල අඩල හුස්ම ගන්න බැරි මට්ටමින් හොඳ සිහියෙන් නෙවේ නිසා එයාගෙ හිත හදන්න පුළුවන් මට්ටමක මම හිටීයෙත් නැහැ….

ඒත් ගෙදර යමු කීවම එයා කිව්වෙ ඩැඩා එයාව එක්කන් යන්න එනකන් එයා එතෙන්ට වෙලා ඉන්නව කියල පොරොන්දු උන නිසා අපිට ගෙදර යන්න කියල… මට වෙලාවකට හිතුන එයාලගෙ බැදීම තිබුන විදිහට…. එකපාරටම ඩැඩා නැති උනාම එයාගෙ mentally unstable වෙලාවත්ද කියල.. ඇත්තටම එහෙම උනාද කියලත් මම දන්නෙ නැහැ.. ඒත් අපි බලෙන් එයාව ගෙදර එක්ක යන්න හදද්දි ෆියුනරල් එකේදිවත් හයියෙන් ඇඩුවෙ නැති එයා කෑ ගගල පොලොවෙ හැපි හැපි…… අඩපු හැටි… 🥺🥺🥺

අවුරුදු අසූ එකක මනුස්සයෙක්.. ඩේව්… ඒත් එයා පොඩි දරුවෙක් අම්මව දාල යන්න බෑ කියනව වගේ කෑ ගහුව හැටි..

ඔයා ළග නැතුව මට ජීවත් වෙන හැටි මට මතක නෑ… කරුණාකරල මාව එක්කන් යන්න..” 🥺🥺

කියල එයා අර අනොරා වැස්සෙ තෙමි තෙමි කුඩේ යටටවත් එන්නෙ නැතුව මෙතන මඩ ගොඩේ බිම දණ ගහන් වෙවුල වෙවුල කෑ ගගහ අඩපු හැටි… වොනීයි ඔයයි නොහිටින්න මටත් පිස්සු හැදිල එහෙනම්.. ඒත්… පස්සෙ එයාට විඩෙන් විඩේ ෆේන්ට් වෙන්නත් පටන් ගත්ත.. පස්සෙ තෙමිල උණ හැදිල දවසක්ම බලෙන්ම හොස්පිට්ල් ඇඩ්මිට් කරල ඉදල ගෙදර එක්කන් ආවම… එයා… එයා ආයෙම ආව ගමන් මෙතෙන්ට වෙලා ඉදගෙන ඉන්න පටන් ගත්ත.. ඒත් අඩනව නෙවේ.. හිනා වෙවීත් මේ ඩැඩාගෙ සොහොන් කොතත් එක්ක එයා ආයෙ මොනවද කතා කළා මතකද… වොනී මෙතනින් හෙලවුනේවත් නැහැ.. පපා එක්කම හිටිය.. මට එයා කිව්ව සමහර වෙලාවට පපා “… මගෙ ජන්ග්ගුගී… ” කිය කිය මුමුණ මුමුණ සොහොන් කොතට හේත්තු වෙලා හිටියලු එයාල ඉස්සර බෙන්ච් එකේ වාඩි වෙලා වරු ගානක් තුරුල් වෙලා ඉන්නව වගේ….🥺🥺

ඒත් අන්තිමට ඩැඩාගෙ ෆියුනරල් එකේන් දවස් දෙකකට පස්සෙ.. මෙතනදිම.. එයා heart attack එකකින් නැති උන හැටි….. ඒක තාමත් හීනයක් වගේ.. වොනී පපාව උස්සන් දුවගෙන ආවෙ පිස්සෙක් වගේ කෑගහගෙන.. මට මතකයි ඔයා උඩට ශර්ට් එකක්වත් නැතුව.. මිදුල අස් කර කර හිටපු ගමන්ම කාර් එක හරෝල අරන් හොස්පිට්ල් ගිය හැටි…අනේ…ඒත් එයාව හොස්පිට්ල් අරන් ගියත් ඒ වෙද්දිත් නැති වෙලා.. මගෙ පවුල.. එයාල.. දෙන්න.. මං… මං…. අදටත්….දන්නෙ නෑ…………..”

🥺🥺🥺🥺🥺🥺

වොලී තවත් කිසි දෙයක් කියාගන්න බැරුව ඩේව්ව බදාගෙන අඩන්න ගත්තෙ අවුරුදු හතකට කලින් මතක ආයෙම ඇවිස්සිලා..

“….ශ්… ශ්…. baby.. ඔයා එයාලවත් අවුල් කරනව.. ඔයා මෙතෙන්ට වෙලා අඩනව බලන්න එයාල කැමති වෙයිද ? නැහැනෙ… කෝ නැගිටින්නකෝ…. ඒ දෙන්න අපිටත් වඩා ආදරෙන් ගොඩක් කල් ජීවත් වෙලානෙ දෙවියන් ළගට ගියේ…දැන් අඩන්නෙ නැතුව ඉන්නකෝ… අපි බබාලට සැලී එක්ක අර eclipse එක බලන්න යන්න කියමු.. photo ටික එයා බබාලට අරන් දෙයි… අපි හෙට වෙනකන් ඉදල… හෙටත් මෙතනට ඇවිත් පපාලව බලල යමු… ඕකෙ..? කෝ… දැන් ඔය අඩන එක නවත්තන්න…. Orphanage එකේ warden ට කියල අපි එහෙ නවතිමු.. කොහොමත් අපි හැම අවුරුද්දෙම එහෙම නවතිනවනේ… කෝ නැගිටින්න… ”

🥺🥺

ඩේව් එයාව නැගිට්ටවන්න හැදුවම වොලී එහෙම්මම නැවිල සොහොන් කොත් දෙකටම හාදු දෙකක් දුන්න..

“…මම හෙටත් එන්නම්… වෙනද වගේම.. ඔයාලගෙ සංවත්සරය වෙනුවෙන්.. අපි අර පොඩි උන්ට අද සාදයක් දෙනව.. ඔයාල කොහේ හිටියත් සතුටින්.. හිටියටත් වඩා ආදරෙන් ඉන්න හොඳද…? ඩැඩා.. පපා… i love you… i love you sooo much… ! ”

🥺🫂💜️

එයා ලොකු හුස්මක් පාත දාල සකුරා මල් පෙති ගොඩකින් වැහුන සීතල තණ බිස්සෙන් නැගිට්ට.. නැවිල ආචාර කරපු ඩේව් වොලීගෙ කරට අත දාන් ආව පාර දිගේම ආපස්සට ඇවිදන් ගියා..

“….. මෙහෙටත් eclipse එක පෙනෙයිද ඩේව්…? මොන එහෙකට ඕකෙ photo ගන්න කියනවද මන්ද පොඩි ළමයින්ට…” 🥲🥲

වොලී කිව්වෙ සකුරා මල් පෙති වැටුන පඩිපෙල දිහේ හෙමිහිට ආපහු උඩට ඇවිදන් යන ගමන්…

“…. යාහ්.. එහෙම කියන්න එපා.. මම අහල තියනව eclipse ඇති වෙන දවස් වලට මිරකල්ස් වෙන්න පුළුවන්ලු…. solar eclipse is like the moon tenderly embracing the sun.. and their love casting a beautiful shadow across the world…. ඒ වගේ දවස් වලට… මිනිස්සුන්ගෙ ප්‍රාර්ථනා ඉෂ්ට වෙනවලු.. ඔයත් ඔන්නම් ප්‍රාර්ථනාවක් කරන්න හෙට… මමත් ප්‍රාර්ථනාවක් කරන්න ඉන්නෙ අද රෑට.. මහෙ moon goddess ගෙන්… මගෙ පැංචො තුන්දෙනාට තව නංගියෙක් ලැබේවා කියල… එයා කැමති නම් ඩැඩි ඕකේ…”

🤣💁💜️

ඩේව් කටේ තොලේ නොගෑවි කිව්වත් වොලී හයියෙන් හිනා උනේ ඇවිදන් යන ගමන්ම ඩේව්ගෙ ඇග වටේ ඔතාගෙන තිබුන අතෙන් එයාගෙ බඩට එකක් ගහල..

“….ඔයාගෙ Moon goddess මේ දැන් ඒ සුහද ප්‍රාර්ථනාව ප්‍රතිකේෂ්ප කළා ඔන්න… අපිට එකපාර චූටි බෝල තුනක් ලැබුනෙ… ඒ ඇති.. අයියල දෙන්නයි නංගියි… අවුරුදු දොළහක්නෙ දැන් එයාලට… මම හෙට වෙන ප්‍රාර්ථනාවක් කරන්න ඉන්නෙ ඩෙව්….”

🥺🥺🥺🥺

වොලී හිනා වෙලා මුල ටික කිව්වත් අන්තිම ටික කිව්වෙ හැගීම්බර කටහඩින්…

“…..හ්ම්.. මම දන්නව.. I was joking… Ok… Alright, no more babies. But is the process still ok.., right? ඉතින් මොකද්ද ඔච්චර ප්‍රාර්ථනා කරන්න තියෙන්නෙ? ”

🤭💜️

ඩේව් ඇහුවෙ වොලීගෙ කම්මුලකින් ඇද ඇද හිනා වෙවී..

“……….. යාහ්… You silly dirty dall.. සීරියස් දෙයක් කියද්දි මෝඩ කතා නොකිය අහන් ඉන්නව.. හ්ම්හ්… අහන්නකෝ… හෙට එයාලගෙ හැට තුන්වෙනි විවාහ සංවත්සරය ඩේව්.. අවුරුදු පනස් හයක්ම එයාල හිටියෙ එකට.. ඔයා හිතන්නෙ.. පුනර්භවය “Renaissance” කියන දේ ඇත්ත නම් එයාල හමු වෙලා ඇතිද ආයෙම? ඒ දෙන්න සතුටින් ඉන්නව ඇතිද…? ”
💜️🥺

වොලී ඇහුවෙ මීදුමේ සීතට ඇග හිරි වැටුන නිසා ජැකට් එක ඇගට තද කරන් තව ටිකක් ඩේවට තුරුල් වෙලා හැගීම්බර කටහඩින්..

“…… මම කැතලික් කෙනෙක්.. ඉතින්.. මම හිතන්නෙ එයාල ස්වරගයේදී ආපහු එකතු වෙලා දෙවියන් ළග සතුටින් ඇති කියල… ඒත් Ian Stevenson , Jim Tucker’ වගේ අය පර්‍යේශන වලින් scientific prove කරල තියනවලුනෙ rebirth ගැන.. ඉතින්.. සමහරවිට එයාල ඇත්තටම ආයෙම ඉපදිලා ඇති… ඒත් එකක් විශ්වාසයි baby.. කොහේ හිටියත් එයාල දෙන්න ඉන්නෙ එකට… i know that… do dont worry… ”

🥺🥺🥺🥺

ඩේව් කිව්වෙ විශ්වාසෙන්… එයා කිව්ව එක අහන් හිටපු වොලී ඩේව්ගෙ නිල් පාට ඇස් දිහා ආදරෙන් බලන් ඉදල උත්තර දුන්න..

“…. හ්ම්ම්.. ඒක ඇත්ත.. එයාලගෙ ස්මාරක වල තියන වචන ඇත්ත එයාල ඉපදෙන්න ඇත්තෙ එයාල වෙනුවෙන්…….

….. we are Bound together…. endlessly and forever…..
Our souls are destined to
find each other….
again and again….”

°˖°⋆⋆˚˖° ♡°˖°⋆⋆˚˖° ♡°˖°⋆⋆˚˖° ♡°˖°⋆⋆˚˖° ♡°˖°⋆⋆˚˖°

ඔන්න කිව්වට වඩා ඉක්මනට part 02 අරන් ආව.. හෙමිහිට හෙමිහිට කියවන් යන්නෝ… වචන 9030 ක්.. මේකෙ සමහර කොටස් මම ටයිප් කළෙත් අඩඅඩ.. අනේ මන්ද මං හිතන්නෙ මට ලෙඩක් වෙන්ඩැති.. ඊළග කොටස සප්‍රයිස් එකක්.. ඉක්මනට අරන් එන්නම්කෝ… 18 පහු වෙලා ඈ…..
🥺💜️🫂

මම මේ නිකමට මේ කතාවෙ ඉන්න silent readers ලගෙන් ඉල්ලන්නෙ පුළුවන් නම් කතාවෙ last part එකටවත් කතාව මොනවගේද කියල වචනයක් කියන් යන්න,පුළුවන් නම් ඒක මට ගොඩක් ගොඩක් වටිනව.. පන්සිය ගානක් විතර views තියන කොටස් වලත් සමහර වෙලාවට vote 45 ක් විතර තියෙන්නෙ.. ගොඩක් වෙලාවට ඒ පිරිස vote එකක් දාන්නෙ ගොඩක්ම දැනෙන කතාවකට විතරක් වෙන්න ඇතිනෙ… ඒකත් ප්‍රශ්නයක් නැහැ.. ඒත් සමහර වෙලාවට දුකයි.. අඩුපාඩුවක් තියේ නම් කියන් යන්න.. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ… 🥺💜️🫂🌹🦋🌙

ඊළග කොටස guess කරන්න පුළුවන් නම්…….

( ඔව් ඔව් ඔයාලට පුළුවන් ඉතිං .. ඔච්චර හින්ට්දීල තියෙද්දි… 🥲💔 ඒත් අනිවාරෙන් පොරොන්දු වෙන්න පුළුවන්.. හැමෝටම ඒකෙ පොඩ්ඩක් හරි සප්‍රයිස් වෙන්න කොටසක් තියේවි…… )

හැමදාම support කරන හැමෝටම ගොඩාක් ගොඩාක් ගොඩාක් ගොඩාක් ආදරෙයි.. 💜️🦋🫂👑️🌹💜️

Tags: read novel Г‹¹ Н–¯Ð– Ð–­Ð–³Ð–§Ð–¤Ð–±Ð–²Ï¸ Г‹¹ ГƑ®Ï¸Taekook Ff ГƑ® 🦋 Young & Beautiful 🦋, novel Г‹¹ Н–¯Ð– Ð–­Ð–³Ð–§Ð–¤Ð–±Ð–²Ï¸ Г‹¹ ГƑ®Ï¸Taekook Ff ГƑ® 🦋 Young & Beautiful 🦋, read Г‹¹ Н–¯Ð– Ð–­Ð–³Ð–§Ð–¤Ð–±Ð–²Ï¸ Г‹¹ ГƑ®Ï¸Taekook Ff ГƑ® 🦋 Young & Beautiful 🦋 online, Г‹¹ Н–¯Ð– Ð–­Ð–³Ð–§Ð–¤Ð–±Ð–²Ï¸ Г‹¹ ГƑ®Ï¸Taekook Ff ГƑ® 🦋 Young & Beautiful 🦋 chapter, Г‹¹ Н–¯Ð– Ð–­Ð–³Ð–§Ð–¤Ð–±Ð–²Ï¸ Г‹¹ ГƑ®Ï¸Taekook Ff ГƑ® 🦋 Young & Beautiful 🦋 high quality, Г‹¹ Н–¯Ð– Ð–­Ð–³Ð–§Ð–¤Ð–±Ð–²Ï¸ Г‹¹ ГƑ®Ï¸Taekook Ff ГƑ® 🦋 Young & Beautiful 🦋 light novel, ,

Comment

Leave a Reply

Chapter 81