Friend With Benefits Ðÿ–¤ Âœ… Part 18 ❀

A+ A-

යෙතීශ් යුහාන්ව එක්කන් condo එකට එද්දි රෙහාන් සිතුම්වත් එක්කන් ඇවිල්ල තිබුනා..

පාන්දර එකත් පහු වෙලා..යෙතීශ් තරහටම යුහාන්ව එහෙම්ම දාලා කොහෙදෝ යන්න යද්දි යෙතීශ්ගෙ රූම් එකට සිතුම් ඇවිල්ලා එයාගෙ හොදම යාලුවාට වොශ් එකක් දාන්න උදව් කරලා පෙයින්කිලර් දෙකක් දීලා ආයෙත් ඇදේ හාන්සි කරා..

” යුහාන්..මොකක්ද මේ වෙන්නෙ කියලා මට කියනවද..”

” ඇයි යෙතීශ් අයියා ඔයාට මෙහෙම සලකන්නේ..”

” එයා ඔයාට ගොඩක් රිද්දලා යුහාන්..”

යුහාන් සිතුම්ට වේදනාව අස්සෙන්ම හිනාවෙලා එයාව තදින් බදා ගත්තා..

” මං දන් නෑ සිතුම්..මං දන්න එකම දේ මං යෙතීශ් අයියට ආදරෙයි එච්චරයි..”

” කෝ මෙහෙ බලපන්..අපි දැන් ගෙදර යමු..අයාන් අයියා කෝල් ගත්තා..ගෙදර ගිහින් නිදා ගමු හොදද..මං ඉන්නවනෙ ඔයාට..”

කොච්චර වෙනස් උනත් සිතුම් දන්නවා යුහාන්ගෙ ඇතුලේ තාමත් අර හුරතල් අහිංසක කොල්ල ඉන්න බව..ඉතින් සිතුම් යුහාන්ව පපුවට තුරුල් කරන් ගොඩාක් වෙලා හිටියා..

” සිතුම් මං ඔයාලව ගිහින් දාන්නද..”

සිතුම් යුහාන් එක්ක හෙමීට පහලට එද්දි හම්බුනේ රෙහාන්ව..

“අයියෙ මෙයාට ඇවිදින්න අමාරුයි..වඩාන එක්කන් යන්කෝ..”

සිතුම්ට උත්තරයක් දෙනව වෙනුවට රෙහාන් ගිහින් යුහාන්ව හරහට වඩා ගත්තා..යුහාන් ඉන්නෙ ගොඩක් අමාරුවෙන් ඇවිද ගන්නවත් පන නැතුව..රෙහාන් යුහාන්ව එක්කන් ගිහින් කාර් එකේන් වාඩි කෙරෙව්වා..

” තෑන්ක්ස් අයියා..”

” උබ පව් මල්ලී..යෙතීශ් මහ තිරිසනෙක් යුහාන්..ඌ ආදරේ දන්නේ නෑ ඌට ඒක දැනෙන්නෙත් නෑ..යෙතීශ්ට ආයෙ ලන් වෙන්න එපා යුහාන් ඔයාටමයි රිදෙන්නේ..”

” අයියෙ ඒත්..”

” මෝඩ කොල්ලා..කියන්නනම් ලෑස්ති වෙන්න එපා ඒත් ආදරෙයිනෙ කියලා..”

යුහාන් මුකුත් නොකියා බිම බලා ගත්තා..

” යෙතීශ්ට ආදරේ කියන්නෙ මොකක්ද කියලා තේරුන් ගන්න බෑ..උගෙන් ටික කාලයක් ඈ වෙලා ඉන්න යුහාන්.. ඔයා ගැන ආදරයක් එයාගෙ හිතේ තියනවනම්..ඔයා නැති අඩුව දැනෙද්දි කාලයත් එක්ක සමහරවිට තේරුන් යයි..”

රෙහාන් යුහාන්ගෙ ඔලුව අතගාලා ඩ්‍රයිව ශීට් එකේ වාඩි වෙද්දි සිතුම් පිටි පස්සට ගිහින් යුහාන් ලගින් වාඩි උනා..

” hello අයාන් අයියේ..ඔයාට පුලුවන්ද පොඩ්ඩක් පහලට එන්න..”

” ඕ..හරි හරී..”

සිතුම් අයාන්ට කෝල් කරලා පහලට එන්න කිව්වෙ යුහාන්ව එක්කන් යන්න..යුහාන්ට ඕනි උනේ අයියගෙ හැන්ගිලා ඉන්න මොකද යුහාන් මේ තත්වෙන් ඉන්න හේතුව යෙතීශ් නිසා අයියා ආයෙනම් ඉවසන් නැති බව එයා හොදටම දන්නවා..ඒත් මේ වෙලාවෙ යුහාන්ට හයියකට ඉන්නෙ එයාගෙ අයියා විතරමයි..

සිතුම් කෝල් කරපු සැනින් අයාන් පහලට එද්දි සිතුම්ට වගේම යුහාන්ට තේරුනේ නෑ අයියට දැන් උත්තර දෙන්න ඕනි විදිහ..

” සිතුම්..”

” අ_යාන් අයියා..මේ යුහාන් කාර් එකේ..එයාව වඩාන එකක් යන්න පුලුවන්ද..”

” ඇයි සිතුම් යුහාන්ට මොකද..රෙහාන් මොකක්ද මෙතට වෙන්නේ..”

” සමාවෙයන් මචං..යුහාන්ව එක්කන් පලයන් පරිස්සමින්..”

අයාන් හෙමීට කාර් එකට කිට්ටු වෙලා පිටිපස්සෙ ශීට් එක බලද්දි යුහාන් බලා ගත්තු අත බලාන ඉන්නවා..යුහාන්ට ලන් උන අයාන් එයාගෙ ඔලුව අත ගාන ගමන් මල්ලිට කතා කරා..

” යුහාන්..ඇයි පැටියෝ මේ..”

” ….. “

” යුහාන්..කෝ එන්නකෝ..”

අයාන් යුහාන්ව කාර් එකෙන් එලියට අරන් අත් දෙකටම වඩාන තුරුල් කර ගත්තා..

” සිතුම් මල්ලී ඔයත් එනවද..”

” එන්නම් අයියා..”

සිතුම්ට ඔලුව වනපු අයියා යුහාන්වත් වඩාන යන්න යද්දී..සිතුම් ඇස්වල කදුලු පුරවන් රෙහාන්ව බදා ගත්තා..

” ඇයි මැණික..”

” මට දුකයි අයියේ..පව් යුහාන් ඇයි එයා මෙච්චර දුක් විදින්නේ..”

” මට අර තිරිසනාට මැරෙන්න ගහන්න පුලුවන් සිතුම්..ඌ යුහාන්ට ආදරේ නැත්තන් පාඩුවේ ඉන්න දෙන්න ඕනි එක්කෝ..මොන තිරිසන් වැඩක්ද මේ කරේ..”

” ක්ලබ් එකට ගියාම මොනා හරි වෙලා තියනව අයියා..මං එළියෙ හිටිය නිසා මංනම් දන් නෑ..ඔයාට හොයන්න බැයිද ටිකක්..”

” ම්ම්ම්..මං බලන්නම්..යෙතීශ් මෙච්චර කල් යුහාන්ව පරිස්සම් කරලා එක පාර මෙහෙම කරන්නත් හේතුවක් ඇති කියලා මට හිතුනා..”

” හ්ම්ම්ම්..”

” කෝ ඉතින් අඩන් නැතුව ඉන්නකො මැණික..හයියෝ අඩන බබෙක්ද ඉතින් දැන් මේ යුහාන්ව බලා ගන්න යන්නෙ ම්ම්ම්..”

” ම්හුක්..”

” නාඩා ඉන්නකො ඉතින්..යුහාන්ට මුකුත් වෙන් නෑ..අපි බලා ගමු එයාව..”

” හ්ම්ම්ම්..”

” ම්ම්ම්..පරිස්සමින් යන්න ඒනම්..”

” හ්ම්ම්ම්…ඔයත් පරිස්සමින් යන්න අයියේ..”

රෙහාන්ගෙ තුරුලෙන් ඈත් උන් සිතුම්ගෙ නලලට හාදුවක් තිබ්බ රෙහාන් සිතුම් උඩට යනකන් බලන් ඉදලා යන්න ගියා..

අයාන් යුහාන්ව ආච්චි අම්මට නොපෙනෙන්න කමරේට එක්කන් ඇවිත් ඇදේ හාන්සි කරවලා..යුහාන් බලා ගත්ත අත බලාගෙන ඔහේ ඉන්නවා..

අයාන්ටනම් තියෙන්නෙ යෙතීශ්ව මරාගෙන මැරෙන්න තරම් තරහක්..තරහ නැතුවයැ තමන්ගෙ මල්ලි මේ තත්වෙන් ඉන්නව දකිද්දි..

” අයාන් අයියා..”

” සිතුම් මේ යෙතීශ්ගෙ වැඩක්ද..”

අයාන් තරහින් අහද්දි සිතුම් නිහඩ උනා..ඒ නිහඩතාවෙ අයාන් කිව්ව දේ ඇත්ත කියන්න පිලිතුරක් උනා..

” මං ඕකව ඉතුරු කරන් නෑ..”

අයාන් යුහාන් ලගින් නැගිටලා යන්න හැදුවත් යුහාන් අයියට යන්න නොදී අතින් අල්ල ගත්තා..

” යන්න එපා..”

” ම්ම්ම්..මං යන් නෑ පැටියෝ නිදා ගන්නකෝ..”

” අයාන් අයියා..යුහාන්ට කිරි එකක් හදාන් එන්නද මං..”

” පුලුවන්ද..”

” පුලුවන් අනී ඕක මොකක්ද..ඉන්නකෝ..”

සිතුම් යුහාන්ට කිරි එකක් හදන් එන්න යද්දි අයාන්ගෙ ඔඩොක්කුවෙන් ඔලුව තියා ගත්ත යුහාන් අයියගෙ ඉනවටේ අත් යවලා තදින් බදා ගත්තා..

” hello..”

” hello ස්ටෙෆාන්..වැඩක්ද..”

” අදනම් නෑ බං මේ නිදාන හිටියේ කියපන්..”

” වරෙන්කො මේ යුහාන්ට සනීප නෑ..”

” අහ්..ඇයි යුහාන්ට මොකද..”

“අර පර බල්ලා මගෙ කොල්ලව විනාස කරලා ස්ටෙෆාන්..”

” යෙතීශ්..”

” ඔව් ඕකව මං මරලා දානවා..ඌ මට කරපුදේමයි මේ පොඩි එකාටත් කරන්නේ..වරෙන් ස්ටෙෆාන් ඉක්මනට..”

” හරි හරි මේ දැන්ම එනවා ඕම ඉදාන්..”

ස්ටෙෆාන් ඕනි වෙලාවක අයාන්ට ලොකු හයියක් උන කෙනෙක්..කවද කොතන කොහොම ප්‍රශ්නෙක හිටියත් අයාන් එක්ක ස්ටෙෆාන් හැමදාම වගේ හිටියා..

ස්ටෙෆාන්ට කෝල් කරලා එන්න කියලා එයාගෙ ඔඩොක්කුවෙන් ඔලුව තියන් අමාරුවෙන් ඉන්න මල්ලිගෙ කෙස්ගස් අතරින් හෙමීට ඇගිලි අරන් ගියා..

” යුහාන්..”

” ම්ම්ම්ම්..”

” අමාරුයිද..”

” හ්ම්ම්ම්..”

” මට තරහයි බං..ඒත් උබට බැනලා වැඩක් නෑ..උබ තාම පොඩී..”

” ම්_මට à·ƒ__මාවෙන්න..”

” හරි හරි දැන් අඩන් නැතුව ඉන්නවකෝ මං ඉන්නව නේ ඔයාට..”

අයාන් ගොඩක් අමාරුවෙන් ඉවසන් ඉන්නේ..එයාට ගොඩක් තරහයි යෙතීශ් එක්ක වගේම මල්ලිත් එක්කත් ඒත් මෙහෙම අමාරුවෙන් දුකෙන් ඉන්න මල්ලිට බැනලා තවත් එයාව මෙන්ටලි වට්ටන්න ඕනි නැති නිසා අයාන් යුහාන්ට සැනසීමක් දෙන්න යුහාන් එක්කම ඉන්න තීරණේ කරා..

” යුහාන්..නිදිද..”

” යුහාන් මේ සිතුම් කිරි හදලා මේක බීලා නිදා ගන්නකෝ..”

” යුහාන්..”

” ම්ම්ම්..”

” මේ කිරි එක බීලා ඉන්නකො මල්ලී..”

” හ්ම්ම්ම්..”

යුහාන් හිමීට නැගිටලා ඇදේ ඉද ගෙන කිරි එක අතට ගත්තා..එයා ඉදගෙන ඉන්නෙත් ගොඩක් අමාරුවෙන්..

” නිව්වද..”

” ම්ම්..නිවලා තියෙන්නෙ බං..බොන්නකෝ..”

කිරි එක දිහා ටික වෙලාවක් බලාන හිටපු යුහාන් සිතුම් නිවලා ගෙනල්ලා දුන්න කිරි එක එක හුස්මට බීන බීන ගියා..

විනාඩි කීපයක් ගෙවිලා යද්දි ස්ටෙෆාන් කලබලෙන් යුහාන් ලගට දුවන් ආවා..කොච්චර කලබලේද කියලා කියනවනම් ඇදෙන් නැගිට්ට ගමන් නිදි මතේම තමා ස්ටෙෆාන් ඇවිල්ල තිබුනේ..

” අයාන් මොකද මේ..”

අයාන්ගෙ ඔඩොක්කුවෙන් සනීපෙට නිදාන ඉන්න යුහාන්ව පෙන්නලා ස්ටෙෆාන් සිතුම් ලගින් වාඩි උනා..

” යෙතීශ් මෙච්චර තිරිසන්ද අයාන්..”

යුහාන්ගෙ බෙල්ලෙ තියන යෙතීශ්ගෙ දත් පාරවල් දිගේ දැනෙන නොදැනෙන ගානට ඇගිලි අරන් යන ගමන් ස්ටෙෆාන් ඇහුවෙ ගොඩක් දුකින්..

” අයාන්..හෙට අනිද්දම මං කොල්ලම මැරි කරන්නම්..”

” ඒත් මචං..”

” දන්නවා උබ හිතන දේ..ඒකට කමන් නෑ..තැලිලා පොඩි වෙලා ගියාට කොල්ලට ආයෙ පන දෙන්න මට පුලුවන්..”

” මට උබව විශ්වාසයි මචං..මට මේ දේවල් මුලදිම කොහොම හරි නවත්තන්න තිබ්බේ..යුහාන්ගෙ හිත රිදෙයි කියලා බං මං මුකුත් නොකර හිටියේ..ඒත් මගෙ වැරැද්දෙන් කොල්ලගෙ ජීවිතේම විනාස වෙලා ගියා..ම්_මං නිසා ස්ටෙෆාන් මේ හැම දේම..යෙතීශ් දැන් වෙනස් වෙලා ඇති කියලා හිතුව මටයි වැරදුනේ..ඌ සීමාව පැන්නා..”

” යුහාන් ඇහැරී බං..ඔය කදුලු පිහද ගනින්..උබ ඔහොම ඇඩුවම හරිද..”

” ආච්චි අම්මට මං මොනාද ස්ටෙෆාන් කියන්නේ..මගෙ මල්ලිට මෙහෙම උනේ මං එයාව හරියට බලා ගත්තෙ නැති නිසා කියන්නද..රැයක් දවාලන් නැතුව එහෙ මෙහෙ ඩියෝ එක්ක මගුල් නටන්න ගිහින් යුහාන්ව මට ම්ගෑරුනා කියන්නද..”

” අයාන්..උබෙ වැරැද්දක් නෑ බං..අඩන්න නැතුව ඉදපන්කෝ..යෙතීශ්වනම් මං ඉතුරු කරන් නෑ..ඌ උබෙයි මල්ලිගෙයි දෙන්නගෙම ජීවිත විනාස කරා..”

” යුහාන්ව චෙක් කරපන් ස්ටෙෆාන්..මට සැකයි මෙයා මොනා හරි ඩ්‍රග් එකක් ගන්නවද කියලා..මේ ටිකේම හවසට මෙයාගෙ හැසිරීම වෙනස්..කාමරේට ඇවිත් දොර වහ ගත්තම කොච්චර කතා කරත් එලියට එන් නෑ බං..”

” ම්ම්ම්..මං බලන්නම්..”

” ස්ටෙෆාන් අයියා..”

” ම්ම්ම්..”

” මං දැක්කා එක පාරක් මං කාමරේට එද්දි යුහාන් දාඩිය දාලා වෙව්ල වෙව්ල ඉදලා මොකක්ද ටැබ්ලට් එකක් කටේ දා ගත්තා..”

සිතුම් එහෙම කියද්දි ස්ටෙෆාන් වගේන අයාන් මූණෙන් මූණ බලා ගත්තා..තවත් මොකටද සැක කරන්නේ එයාල සැක කරපු දේ හරි කියලා තේරුන් ගියේ එතකොට..

” ඩියෝ..”

” ම්ම්ම්..ඌ ඇර වෙන කෙනෙක් ඒ වගේ දෙයක් කරන් නෑ..”

” මං මුන් එකෙක්වත් ඉතුරු කරන් නෑ ස්ටෙෆාන්..අපෙ ප්‍රශ්න වලට ඇයි මුන් මගෙ පොඩි එකාවම අල්ල ගත්තේ..”

යුහාන් වගෙම අයාන් ස්ටෙෆාන් සිතුම් තුන් දෙනාම ඉන්නෙ හිතේ වේදනාවෙන්..යුහාන්ව කොට්ටෙන් තිබ්බ අයාන් යුහාන් ලගින් නිදා ගද්දී..සිතුම් වගේම ස්ටෙෆානුත් යුහාන්ගෙ ඇදේම එයා ගනින්ම නින්දට වැටුනා..

*****

😪👍

ඇති නේ..ආයෙ දවසක එන්නාම්..ගමනක් ගිහින් ආව ගමන් මේ වොශ් එකක්වත් නොදා මේක ටයිප් කරේ..ලස්සනට ලියවෙන් නෑ අනේ..මහන්සි මේ දවස් ටිකේම..

මේක ඉවර උනාම මීට වඩා ලස්සන කතාවක් ලියනෝ..

හොදම යාලුවෝ තුන් දෙනෙක් ඒත් එයාලා එකිනෙකාට ආදරේ කරනවා..හැබැයි ඉතින් තුන්කොන් ආදර කතාවක එක්කෙනෙක්ට දුක කොහොමත් උරුමයි නේ..🥀

Tags: read novel Friend With Benefits Ðÿ–¤ Âœ… Part 18 ❀, novel Friend With Benefits Ðÿ–¤ Âœ… Part 18 ❀, read Friend With Benefits Ðÿ–¤ Âœ… Part 18 ❀ online, Friend With Benefits Ðÿ–¤ Âœ… Part 18 ❀ chapter, Friend With Benefits Ðÿ–¤ Âœ… Part 18 ❀ high quality, Friend With Benefits Ðÿ–¤ Âœ… Part 18 ❀ light novel, ,

Comment

Leave a Reply

Chapter 18