Kapuru. | À¶Šà¶´À·”À¶»À·”. කපුරු 01🍃

A+ A-

තිදස් pov.

ගිනි ගන්නෝ………
රෙද්ද කඩාගෙන ගෑනු දුවන්නෝ……
ගිනි ගන්නෝ…………..
අර පිස්සු à·„à·”——–

What the මුගෙ ආච්චිට…… උදේ පාන්දරම ඊශ්වරයගෙ ආච්චම්මව මතක් වුනා. අනෙ මෙ පව්කාරයට කමා කරන්න ආච්චම්මේ….
මෙ ගස් බේසමා ඊයෙ අපේ ගෙදර ආපු වෙලාවෙ එලාර්ම් ටෝන් එක චේන්ජ් කරල ගිහිම් වෙන එකෙක් නෙමේ මගෙ කලන මිතුරු වේස මිතුරු ඊශ්වරයා.
අද Al වලට ස්කූල් මාරු කරල  ස්කූල් යන පලවෙනි දවස ඊශ්වරයි මායි පොඩි කාලෙ ඉදල යාලුවො වුනාට ඌයි මායි ගියෙ ඉස්කෝල දෙකකට. Ol වලින් පස්සෙ මාවත් උගේ ඉස්කෝලෙටම දාන්න කියල තාත්තට නොවදිනා වැදුම් වැදල A9 රිසාල්ට් එකක් පොරොන්දුව මත එකග කර ගත්ත එකේ ප්‍රතිඵලය විදියට අද ඉදල මම උගේ ඉස්කෝලෙ 12 වසරට යනවා.

මම නැගිටල එහෙමම වොශ් දාගෙන අලුත් යුනිෆෝම් එක ඇදන් කාබරෙන් එලියට එනකොටම මගේ නමට විතරක් අයිය උගෙ කාබරේ ඉදන් එලියට ආවා.

සිතුම් නිම්නාද මොහන්දාස්

ඌ මාව දැකලත් නොදැක්කා හා සමානව පහලට යද්දි ඌ යනකම් ඉදල හුස්මක් පහලට දාපු මාත් පහලට ගියා.

පඩිපෙල පාමුලම බිත්තියෙ එල්ලල තිබුන තාත්තගෙ වෙඩින් ෆොටෝ එක දිහා බලල මම හුස්මක් පාත දැම්ම.

එයා තාත්තට ගැලපෙනවා. මට හිතුනෙ එච්චරයි .
මගේ අම්ම තාත්තවයි මාවයි දාල යද්දි මම හය වසරෙ. එයාගෙ නිදහස් ජීවිතේට තාත්ත්‍යි මායි බාදාවක් වුනා. ගෙවල් වල කීමට කසාදෙ කරගෙන මගෙ තාත්ත ගෙවපු මැරේජ් ලයිෆ් එක ගැන මට ඇත්තටම තාත්ත ගැන දුක හිතුන. ඒ හේතු නිසාම තාත්ත ආයෙම marry කරනවට මගෙ අකමැත්තක් තිබ්බෙ නෑ.
නිරෝශන් අගස්ති මොහන්දාස් වුන මගෙ තාත්තා අමේලි විශාකා නවරත්නව කසාද බදිද්දි මම හිටියෙ 10 වසරෙ . අමේලි අම්මටත් කලිම් මැරේජ් එකෙ ළමයෙක් හිටිය. එයා මාව එයාගෙ ළමයෙක් වගේ හිතන්න පටන් ගත්තද කියන එකේ සැකයක් තිබුනා. මට ඒ දුරස් බව දැනුන දවසෙ ඉදන් මගේ අම්මගෙන් නොලැබුන ආදරේ එයාගෙන් මම හොයන්න උත්සාහ කරේ නෑ. එයාගෙ ළමය වුනත් මාව එයාගෙ සහෝදර කර ගන්න කැමැත්තක් තිබුනෙ නෑ. ඒ නිසාම අපි අතරෙ එච්චර සමීපකමක් තිබුනෙ නෑ.

”පොඩි බේබි ඔතන හිටගෙන තරු බලනවද එන්න කෑම කන්න ඔයාට පරක්කු වෙයි”

සීතා අම්ම කතා කරපු සද්දෙ එක්ක මේ ලෝකෙට ආපු මම එයාට හිනාවෙලාම ගිහිම් කෑම මේසෙන් වාඩි වුනා.

”කෝ ලොකු මහත්තයායි නෝනයි කලින්ම ගියාද?´´
තාත්තයි අසෙලි අම්මයි කෑම මේසෙ නැති නිසාම මම සීතම්මගෙන් එහෙම ඇහුව.

”ඔව් ඔව් ලොකු මහත්තය  කවද්ද බිසී නොව්නෙ පුතා. ලොකු නෝනත් උදෙන්ම ගියා වැඩ වැඩී කියල´´

දෙන්නම බිස්නස් මත්තෙ නැහෙනව ඇරෙන්න වෙන දේකට වෙලාවක් තිබ්බෙම නැතිතරම් නිසා මම ඊට වඩා දෙයක් අහන්න ගියේ නෑ

”අද ගෙදරින් කා හරි එන්න ඕනෙද ඉස්කෝලෙ යන්න පොඩි බේබි, අද පලවෙනි දවසනෙ´´

සීත අම්ම එහෙම ඇහුවම මට හිතට මොකද්ද වුනා. අද වගෙ දවසක වත් අඩුම තාත්ත උදේ මම එක්ක කතා නොකරම ගිහිම් තියෙද්දි  …………..
පොඩි කාලෙ ඉදන් මාව බලාගන්න හිටියෙ සීත අම්මා. මගේ කියන්න මේ ගෙදර ඇතුලෙ මට ඉන්නෙ මෙච්චරයි.

”ඇයි මෙයා හය වසරටද යන්නෙ ?´´

ඔය ඉන්නෙ අඩු පාඩුව. අයිය කෑම කනගමන්ම සීත අම්ම දිහා නොබලම අහද්දි සීත අම්ම හුස්මක් පාත දාල මම එක්ක හිනා වුනා.

”ඕනෙ නැ සීතමම්මා´´

අද කියල විශේෂයක් මොකටද මට තනියෙම් යන්න පුලුවන්.

” කාල ඉක්මනට එනව නම් එනව මම යනගමන් ස්කූල් එක ලගින් ඩ්‍රොප් කරන්නම්´´

”ම්ම්ම්…… ආ හරි´´

අයියගෙ සද්දෙ එක්ක  ම්ම්ම් ගෑව වෙද්දි  ඌ මට රැව්ව.
බොරු කියන්න ඕනෙ නෑනෙ මාත් මූට එච්චර කැමැත්තක් නැ. එව්නාට ඌට වද දෙන්න ඕනකමට මම ඌ එක්ක ඉස්කෝලෙ යන්න හිත හදා ගත්තා. ඉස්සෙල්ලාම ඉස්කෝලෙට යන එකේ වස් දොස් යන්නත් හොදයි

”බස් එකේ යන්න ඕනෙ නැත්තම් ඉක්මනට එනවා´´

අයියා එහෙම කියල කාල ඉවර වෙලා උඩට ගියා. මමත් කකා ඉදපු එක දාල දුවල ගිහිම් බෑග් එකත් අරන් සීතාම්මටත් වැදල කෑම එක දාගෙන ගේට් එක ලගට දිව්වා. ඒ යද්දිත් අරූ හෝන් එක උඩ නැගගෙන.
මම දුවල ගිහිම් උගෙ car එකට නැග්ගම් මූ ගිනි කසය වගෙ යන්න ගත්තා.
බුම්මට්ටෙක් වගේ ඉදගෙන මූ කැම්පස් එකේ ළමයින්ට මොනව උගන්නනවද කියල මම ග්ලාස් එකෙන් එලිය බලාගෙන කල්පනා කරා.

”ඕයි! තමුසෙ බහින්නෙ නැද්ද´´

මගේ කල්පනාව අස්සෙ ස්කූල් එක ලගින් වාහනේ නවත්තම් මූ කෑගැහුවා.

”මෙතන හැටපැයක් නවත්තන් ඉන්න බෑ පොලිසිය ඉන්නව ඉක්මනට බහිනව´´

ඔය ගියේ වස් දොස් ඊඊව් මහ පගයගෙ කට මම ඌට හිතෙන් බැන බැන car එකෙන් බැහැල සද්දෙට දොරත් වහන් ස්කූල් ගේට් එක දිහාට ඇවිද්දා.

ගෙට් එක ලග prefect කෙනෙක් ඉදන් කොල්ලොන්ගෙ කොන්ඩ රැව්ල් බලනව.මගෙ ඉතින් වැවෙන්න රැව්ලකුත් නැති එකේ මම ඌව ගනන් නොගෙන. රැව්ල වැවෙන්න කෙමක් ඊශ්වරයගෙන් අහ ගන්න ඕන කියල හිත හිත ඇතුලට යන්න ගියා.

”ඒයි මල්ලී කන් ඇහෙන් නැද්ද ´´

බෙලෙක් වොයිස් එක ආපු පැත්තට මම හැරිල බලද්දි දෙකේ හතරෙ පිපෙප්ටුවා මම දිහා බලන් ඉන්නව.


අනුරාධ දිල්ශාන්
පාසල් ශිෂ්‍යනායකයෙක්

”මටද කතා කරේ´´

වට පිට බලමු මම ඇගිල්ල මගෙ පැත්තට නවන් මටද කියල අහද්දි ඌ කට කොනෙන් හිනා වූනා, ඒක නම් හරිම අප්‍රසන්නයි එවෙලෙ මට හිතුනෙ එච්චරයි .

”ඔව් උබට තමා මෙහෙ වරෙන්´´

යකඩෝ හිච්චි පින්සිපැල්ද මූ මුගේ ගනන්. මූද එතකොට හෙඩා මම ඌ ලගට ගිහිම් දත් ටික සේරම පේන්න ඌ එක්ක හිනා වුනා,

”තමුසෙ අලුතින්ද ? ඊයෙනෙ ඉස්කෝලෙට අලුත් ළමයි බාර ගත්තෙ උබ VIP ද අද ආවෙ´´

ඔව් මම වි අයි පි තමා වොකන්නෝ කියන්න හිතුනට කිව්වෙ නෑ🙂.

” නැ අයියෙ ඊයෙ තාත්ත ඇවිත් ප්‍රින්සිපල් සර්ට කතා කරා, මම යන්නම් නේ අයියෙ පරක්කු වෙනව´´

උගෙ ඇස් මගෙ ඔලුවෙ ඉදන් දෙපතුල ලගටම සැරින් සැරේ යද්දි මට සාධාරණ සැකයක් මූ ගැන ඇති වුන නිසා මම ලිස්සල යන්න හැදුවා

” තමුසෙගෙ කොන්ඩෙ චුට්ටක් වැඩී අඩු කරන් එනව ආයෙ එද්දි, තමුසෙගෙ නම මොකද්ද ?´´

කොන්ඩෙ අස්සෙන් ඇගිලි යවල කොන්ඩෙ වැඩී කියපු ඌ මගෙන් නම ඇහුව වෙද්දි මගෙ ඇග ඇතුලෙ ඉදපු නරා සතා ඇවිස්සෙන්න ඔන්න මෙන්න ආවා

” තිද____´´

”දිල්ශාන් උබට කව්ද ගේට් එක ලග duty  දැම්මෙ, උබට duty  තියෙන ක්ලාස් එකේ කොල්ලො වලියක් දාන් ගිහිම් බලල ප්‍රින්සිපල්ට උබම උත්තර බැදපම් දැන් පලයන්´´

මම නම කියන්න හදද්දිම එතන්ට ඈත ඉදන්ම කෑගන් ආපු කොල්ලො දෙන්න දිහා බැලුව, ශිෂ්‍ය නායක අයියල දෙන්නෙක් ඇවිත් එතනින්  DP අරූට කියල මගෙ උඩ ඉදන් බිමට බලල ආයෙම අරූට රැව්වා. හොද වැඩේ ගස්බල්ලට

”හෙඩා නැති නිසා මම මෙතෙන්ට ආවෙ මම යනව´´

”පස්සෙ හම්බෙමු´´

දිල්ශාන් කියන එකා එහෙම කියාගෙන,මම දිහා  බලල පස්සෙ හම්බෙමු කියාගෙන යද්දි අනිත් අයියල දෙන්න ඌට රැව්වා

” උබ මොකද්ද මෙතන කරන්නෙ,උබ ස්කූල් එන්නෙ ගේට්ටු ලග ඉන්න ප්‍රිපෙට්ල එක්ක කයිය ගහන්නද පල ක්ලාස් එකට”

ඒ පාර මුන් මට කෑ ගහනව හරි උත්තක්නෙ මේක

” නැ අයියෙ කොන්ඩෙ වැඩී කියල නවත්ත ගත්ත´´

”ඌ එහෙම කිව්වද, කොන්ඩෙ තව කපන්න දෙයක් නෑ ක්ලාස් එකට පලයන් අරූ එක්ක වැඩි කතා එපා උබ ස්කූල් එකට අලුත් නිසා කිව්වෙ දැන් පලයන් මල්ලි´´

DP එක්ක ඉදපු අයියා මගෙ ඇස් දිහාම බලන් එහෙම කිව්වම. මගෙ හිතේ මගෙ ඇස් ගැන තිබ්බ හොරේ නිසාම මම බිම බලන් ඔලුව වනල ක්ලාස් එක හොයාගෙන යන්න ගියා.

”අපේ එකා කිව්වෙ මූ ගැනද බන්´´

” නැ බන් වෙනස්නෙ බලපම් අරූ ඇවිත් නෑනෙ අදම´´

ඈතිම් අයියල දෙන්නගෙ කතාව ඇහෙද්දි. මම අපේ මහ තැන එක්ක school ආපු නිසා මේ ඔක්කොම කියල හිතෙන් ඌට බැන බැනම ක්ලාස් එක හොයාගන්න පුලුවන් වෙයිදො කියල බයෙන් ඉස්සරහට ගියා වෙද්දි ,………

ඊළග කොටසෙන් හම්බෙමු. ඉක්මනට එන්නම් මම
      දාස්..

         

Tags: read novel Kapuru. | À¶Šà¶´À·”À¶»À·”. කපුරු 01🍃, novel Kapuru. | À¶Šà¶´À·”À¶»À·”. කපුරු 01🍃, read Kapuru. | À¶Šà¶´À·”À¶»À·”. කපුරු 01🍃 online, Kapuru. | À¶Šà¶´À·”À¶»À·”. කපුරු 01🍃 chapter, Kapuru. | À¶Šà¶´À·”À¶»À·”. කපුරු 01🍃 high quality, Kapuru. | À¶Šà¶´À·”À¶»À·”. කපුරු 01🍃 light novel, ,

Comment

Leave a Reply

Chapter 2