Kapuru. | À¶Šà¶´À·”À¶»À·”. කපුරු 02🍃

A+ A-

තිදස් pov

”මොකද යකෝ ගේට් එක ලගට වෙලා කරේ´´

මාව ගන්න මගට ආපු ඊශ්වරය මම එනව දැකල කෑ ගැහුව. ඌ එක්ක තව සූර්යායි සිත්රුයි සිතුවමුයි එක පෙලට ඉන්නව, එතකොට මුන් ඔක්කොම පෙරමග ඉන්නෙ මම එනකම්ද,

” prefect කෙනෙක් නවත්ත ගත්ත බන්´´

”උබේ කිසි අඩුවක් නැතුව මොකාද උබ නවත්තගත්ත සර්ව බලධාරිය කියාපන් බලන්න´´

සිත්රු කටත් ඉරක් කරගෙන ඇහුව.
මුන් ටික ඔක්කොම මගෙ කලින් ස්කූල් එකේ යාලුවො නොව්නට ඊශ්වරය එක්ක ඕලෙවල් ටියුශන්ස් වලට ගිහිම් සෙට් වුන උන් නිසා මෙහෙදි මට අමුතුවෙන් යාලුවො හදා ගන්න උනේ නෑ.

”ඩිපියුටි අයිය ඌට දිල්ශාන් කියල කතා කරේ බන් මම දන්නෙ නෑ´´

මම උගේ නම කියනකොටම හතර දෙනාගෙම මූනු ගලි බව්සර් වගේ වුනා

”අපෝ චින්න කැරිය ප්‍රින්සගෙ පුතා බන් ඕක හිතන් ඉන්නෙ ස්කෝලෙ උගේ කියල, ඕකට හෙඩ් දුන්න නම් අපිට ස්කූල් එන්න වෙන්නෙ වහල්ලු වගේ´´

ඊශ්වරය මූන පුක කරන් කියවද්දි මට හිනා ගියා.

”ආ මගේ චීස් පාට ලස්සන ළමයෝ මේ මල කන්න.අපේ පාසලට සාදරයෙන් ආදරයෙන් කෑදරයෙන් පිළිගනිමු´´

සිතුවමා මට සුදු පාට වතුසුද්ද මලක් දික්කරල හිනා වුනා. ඌ කොහොම හිනා වුනත් ලස්සනයි. අපි සෙට් එකටම පොඩි එකා වගේ ඉන්නෙ මූ තමා අපි ඌට ආදරේට සිතූ කිව්වට ඉතින් සූර්යාට මූව තාරු උනා. සූර්යා මූව රකින්නෙ ඇහේ මූනෙ තියන්. මුන් දෙන්න අද සෙට් වෙයි හෙට සෙට් වෙයි කියල අපි හිතුවට මුන් දෙන්නගෙම කිසිම උනන්දුවක් නෑ.

”වරෙන් දැම් වත් ක්ලාස් එකට යන්න, මුන් දෙන්න නම් ඉස්සරහින් හැලෙනව Maths section එක තියෙන්නෙ ඉස්සරහ
අපි ඇවිල්ල ඉන්නෙ කොනේ මචන් කොනේ දැන් යමන්´´

අපි සෙට් එකෙන් සූර්යායි මායි ඊශ්වරයි Bio කරද්දි සූර්යායි සිතූයි කරෙ Maths. අපි මැත්ස් ඩබලට සමු දීල Bio section එකට ගිහිම් අපේ ක්ලාස් එකට ගියා . අපරාදෙ කියන්න බෑ
ඊශ්වරයි සිත්රුයි අපි තුන්දෙනාට ඉන්න පේලියක් හොයලමයි ඉදල තියෙන්නෙ.

මාත් උන් දෙන්න ඉදපු පේලියෙන් බෑග් එක තියල වාඩි උනා. දෙන්න දෙපැත්තේ මම මැද්දේ…

”මේ උබ මහතැන එක්කද ස්කූල් ආවෙ. ඌ නම් අප්‍රියයි නේද බන්´´

සිත්රු හරිම ජුගුප්සා ජනකව එහෙම කිව්වම් මට ළාවට හිනාගියා. හැමදේම නැතත් මගෙ ලගම ඉන්න මුන් දෙන්න අපෙ ගෙදර තත්ත්වෙ යම්තාක් දුරකට දන්නව

” අව්ලක් නෑ බන් ඌ උගේ පාඩුවෙ මම මගේ පාඩුවෙ ඉතින්
මේ මට ස්කූල් එක පෙන්නපන් ඔක්කොම හොදේ´´

මම එහෙම කියල ඊශ්වර පැත්තට හැරුනා. මම මැදින් වාඩි වෙලා විදින දුකක්

”අයියෝ අපි පෙන්නන්නම් මා පුතේ ඕක මොනාද ස්කූල් එක විතරක් මොකෝ අදුන්වල දෙන්න අයත් ඉන්නෝ ”

ඊශ්වරය එහෙම කියල සිත්රුට ඇහැක් ගැහුවම ඌ කට තද කරන් වයිබ්බ්‍රේට් වෙවී හිනා වුනා. මම මුන්ගෙ ගොබ්බ කතා එච්චර ගනන් ගත්තෙ නෑ .

අපි ඔහොම කෝප්ප හෝද හෝද ඉදල බෙල් කරාම උදේ රැස්වීමට ගියා. මේ රැස්වීම් කෙරුවාව නම් මම එච්චර කැමති කටයුත්තක් නෙමේ.
අපි ගිහිම් පේලිවලට එකතු වුනාම බුදුන් වැදල, කතා කරන උන් කතා කරල, බනින උන් බැනල ඒකෙ වැඩත් ඉවර වුනා.

”මෙ යමන් උබෙ වැඩ ටික අද ඉවර කරන්න, කොහොමත් අද ෆස්ට් පීරියඩ් දෙකම නෑ. බයෝ මිස් ඇවිත් නෑ´´

ක්ලාස් එකේ වාඩි වෙලා ඉද්දි සිත්රු ඇවිත් ඊශ්වරයි මායි ඇදගෙන ක්ලාස් එකෙන් එළියට ආවා.

”මගෙ මොන වැඩද ´´

මම ඇස් දෙකත් චූටි කරන් සිත්රු දිහා බැලුවම් ඌ මහ අම්මන්ඩි වගේ ඉනට අත් දෙක තියා ගත්තා.

”තොට මිනිහෙක් හොයන්න වර යන්න.
වොලිබෝල් කෝච්ට තොගෙ නම දීල ඇප්ලිකේශන් දීල එන්න අරන් යන්නෙ,අද තමා ඇප්ලිකේශන්ස් කෝල් කරන අවසාන දවස යමන් දැන්´´

ඌ කිව්වම් තමා මටත් ඒක මතක් වුනේ. මම ආසවෙන් කරන එකම ගේම් එක ඒක වොලිබෝල්. සිත්රුයි මායි ඉස්සර ඉදන්ම වොලිබෝල් ප්ලේ කරාට ඊශ්වර නම් පිත්තයි බෝලෙයි බදන් හිටිය මට මතක ඇති කාලෙ ඉදන්ම.

අපි වොලිබෝල් කෝච්ට මගේ ඇප්ලිකේශන් එක දීල, මුන් දෙන්න මාව ස්කූල් එක වටේ රව්මක් එක්ක ආවා.

”මෙන්න උබේ පොත්ගුල් විහාරය, එතකොට අර තියෙන්නෙ පිපෙට් රූම් එක, ඊට එහා පැත්තෙ සික් රූම් එක´´

එක බිල්ඩින් එකේම තිබ්බ සෙක්ශන්ස් ටික සිත්රු මට අත දික් කර කර පෙන්නනව

”ඔව් ඔව් උබට ලේසි වෙන්න තමා තුනම එකට තියෙන්නෙ´´

ඊශ්වරය මගෙ ඉනෙන් ඇදල උගේ ලගට අරන් හෙන ඇක්ශන් එකක් දාල එහෙම කිව්ව.

”හුත්#.. ඉනෙන් අල්ලන්න එපා බල්ලෝ තො දන්නවනෙ මම හෙන සෙන්සිටිව් කියල´´

ඊශ්වරය මල පෙරේතය වගෙ යට තොල හපාගෙන මම දිහා බලල වල් හිනාවක් දැම්ම
මූ දන්නව මට හෙනට කිචි කියල මූ ඒක දන්න නිසාම මට හෙනට කෝචොක් කරනව මම ඌට රවල අපේ ක්ලාස් එක පැත්තට යන්න ආව. අරුන් දෙන්නත් මගෙ දෙපැත්තෙ අගසව් වගේ යනව.

”එහ් තුන්කට්ටුව´´

අපි ක්ලාස් එකට යන්න එද්දි ප්‍රිෆෙක්ට් රූම් එක පැත්තෙන් ඇහුන සද්දෙට අපි හැරිල බැලුව.

”අහ් මස්සිනා….. අපි මේ මූට පාසල් අඩවිය පෙන්නන්න නිල සන්චාරයෙ එක්ක යන ගමන්´´

හැරිල බලද්දි එතන උදේ හම්බෙච්ච ප්‍රිෆෙක්ට්  අයියල දෙන්න හිටියෙ. ඊශ්වරය නම් හෙන ෆිට් එකේ ඒ ඩබල එක්ක කතා කරද්දි මම උන් දෙන්න දිහා බලන් කල්පනා කරේ මුන් මොනා කාලද මෙච්චර දිගට පළලට වැඩිල තියෙන්නෙ කියල.

සමහරවිට මෙහේ ප්‍රිෆෙක්ට් බැජ් එක දෙන්නෙ ඇග ලොකු වුන්ට වත්ද. එහෙම වුනොත් මට ප්‍රිෆෙක්ට් ඉල්ලන්න බැරි වෙයි හුවෑ……..

´´ඕයි තිදසො..´´

ඊශ්වරයගෙ සද්දෙට මගෙ මනෝපාර කැඩුනා

”මේ ඉන්නෙ අපෙ ස්කූල් එකේ ටොප් බෝර්ඩ් එක ඩිපියුටිය සියොත් අණ්නා එතකොට මෙ අනූර්ථ ස්පෝර්ට් කැපා. රාදෙව් අයිය තමා  හෙඩා ඌ නම් අද ඇවිත් නෑ. ඕනම එකා නෑනෙ බන් අයියේ´´

ඊශ්වරය මහ පගය වගේ මට උන් දෙන්නව අදුන්වල දීල. ඕනම එකෙක් ගැන කියෙව්වා. හෙඩා හෙඩා කිය කිය ළමයි බයේ ඉන්නෙ හරියට ස්කූල් වත් එන්නෙ නැති පගර නැට්ටෙක්ට නේද කියල මට කල්පනා වුනා. රදෙව් හෙඩාට වැඩිය මෙ තිදස්ට සුදුසුකම් වැඩී මෙ තනතුරට.
මම ඉතින් අයියල දෙන්නට මගේ තියෙන ලස්සනම අහින්සකම හිනාව දුන්නම අනේ සිරියාවන්ත සියොත් අයිය නම් මාත් එක්ක ලස්සනට හිනා වුනා. එව්නාට අනූර්ථ අයිය නම් මගෙ ඇස් දිහාම බලන් ඉදදි මම ටිකක් ගැස්සිලා ගියා. මු මගේ ඇස්ම බලන්නෙ………. සියොත් අයිය ඌට වැලමිටෙන් ඇන්නම ඌත් මම එක්ක හිනා වුනා.

”ඌ හෙට ඒවි අද ඌට බිස්නස් වැඩකට නුවර ගියා බන් එතකොට එක්කම් ඇවිත්ම පෙන්නපන්, දැන් පලයව් ක්ලාස් එකට පොතක් පතක් බලාගනියව්කො බන්. අපි නම් ඔය කාලෙ පොතේ පතේමයි හොදේ නැත්තම් අද මෙහෙම ඉහ්__බ්බප්__ à·„à·Š__ආආඅ___

”උබල පලයන් මල්ලි මුගෙ ලෙක්චර්ස් අහන් උන්නොත් උබලට ඉන්ටර්වල් එකට තමා ක්ලාස් එකට යන්න වෙන්නෙ.
අපි යනව කොල්ලො´´

සියොත් අයිය කියවන්න ගත්තම අනූර්ථ අයිය සියොත් අයියගෙ කට එක අතකින් තදකරගෙන මගෙ ඔලුවත් අත ගාගෙන එතනින් ගියා. ඊශ්වරයගෙ කට දනහිස ලගට ඇරිලා ගිහිල්ලා.

”මොකෝ උබ´´

කට ඇරිල මැස්සො බිත්තර දාන්න ඔන්න මෙන්න හිටපු උගෙන් මම ඇහුව.

”අනූර්ථය ඔහොම නෑ හැබැයි වෙනද, ඌටත් උබට හිත ගිහිම්ද මන්ද ඊශ්වරයො බලකො බන්´´

සිත්රුව දෙමළ වගේ කියවන් ගිහිම් ඊශ්වරයට ඇන්න එතකොට තමා උගේ කානු කට වැහුනෙ

”අනේ අනිච්චන් සන්සාරෙ…… හොද වෙලාවට සිතුවම් හිටියෙ නැත්තෙ. අනූර්ථ අයිය ඕම හිටියට හෙන කුකුල එහා පැත්තෙ ගර්ල්ස් එකෙන් බාගයක් මුගෙ ඇදට නැගල ඇති මූ අපෙ සූර්යාගෙ අයිය තමා බට් වැරද්ද වැරද්දමයිනෙ බන්. මූ ඒ අස්සෙ අපෙ සිතුවට පුදුම වදයක් දෙන්නෙ. මුගෙ මෙ අසික්කිත  වැඩ නැත්තන් මූ හොදයි බන් සිතුවමාව මුගෙන් පරිස්සම් කර ගන්න අපි හෙන කට්ටක් කන්නෙ´´

ඊශ්වරය කියවන් ගිහිම් හුස්මක් පාත දාද්දි මම ඇස් දෙකත් ටීක් බෝල කරන් ඌ දිහා බලන් හිටියෙ අදහගන්න බැරුව. අනූර්ථ අයිය ප්ලේබෝයි කෙනෙක් කියල ස්කූල් එකේ ඉන්න විදියෙන් කිසි කෙනෙක්ට හිතන්න බෑ.
ඔක්කොම හරි සූර්යයි අනූර්ථ අයියයි සහෝදරයො වුනාට උන් දෙන්න අහසයි පොළවයි වගේ කියන්න දැන් හොදට තේරෙනව.

මිනිස්සුත් හරියට වළාකුළු වගේ වෙනස් වෙන වෙලාවක් කියන්න බෑ හරියට ගැඹුරු  මුහුද වගේ අභ්‍යන්තරයෙ තියෙන්නෙ මොනවද කියල හිතාගන්න බෑ.

අපි කතාව පිටින්ම ක්ලාස් එකට ඇවිත් ඊයෙ දවසෙ මට මග ඇරිච්ච නෝට් ටික ලියන්න ගත්ත. ඊලග පීරියඩ් දෙකම ප්‍රිසික්ස් සර් ඇවිල්ල උගන්නන්න ගත්ත ඉන්ටර්වල් එකෙන් බාගයක් යනකනුත් සර් උගන්නල , සර්ගෙ ටියුෂන් නොයන අපි වගේ උන්ට හින්ට් හැටහුට හමාරක් ගහල හියාම අපි හරක් පැටව් වගේ දුවන් ගිහිම් අත් සෝදන් ඇවිත් කන්න ගත්ත.

”අනෙ පම්කො මගෙ මාලු කෑල්ල දීපන් තොපිට කන්න නෙමේ අපෙ අප්පොච්චි හම්බකරන්නෙ පව් යකෝ ඒ මනුස්සය´´

සිත්රුවගෙ මාලු කෑල්ල ගත්ත ඊශ්වරය ඒක එහෙම් පිටින් කටේ ඔබන් කතා කර ගන්නත් බෑ, මැත්ස් කාරයො දෙන්නත් බත් ගෙඩි උස්සන් අපේ ක්ලාස් එකට ආවෙ බෙල් එක් වදිනකොටමයි අපි ටිකෙන් පිලිවෙලට කන්නෙ සූර්ය විතරයි ඌ අපිට රව රව හිමීට බත් කටවල් දා ගන්නව.
ඒ අස්සෙ සිතුවමා උගෙ කුරුලු කට ඇර ඇර කන තාලෙට අපි කටවත් තුනක් කද්දි ඌ එක කටයි. කටයි කිව්වෙ බත් කටවල් හෙ හෙ

”අනෙ උබලයි තාත්තට මහන්සි සල්ලිවල පීනල වෙන්න ඇති
බත් ටික මදි වුනොත් කැෆටේරිය එක පැත්තෙ යමන් හර්තෙ නැත්ත_____ ක්කැහ් කැහ්ප් ………..´´

කෑගහ බත් කකා ඉදපු ඊශ්වරයට බත් ටික හිර වුනේ ඈතින් එන සියොත් අයිය නිසා කියල මගෙ අනු මස්තිශ්කය කියනව කියනව වගේ දැනුන නිසා. මම ඈතින් එන සියොත් අයිය දිහා බලල ඊශ්වරය දිහා ඇස් හීනි කොරල බැලුව. සිතුවමා ඉදගෙන ඊශ්වරයගෙ පිටට තඩි බානව. මට දැන් බාව වනන්න හිතෙනව මුගෙ ඔලුව පැලෙන්න.

අනේ සාන්තියෙ සෝමාලියන් පාන් බට්ටෙක් වගෙ බත් කාපු ඊස්වර දෙයිය ගෙට වෙච්ච ළමිස්සි වගෙ බත් ඇට ඇහිදිනව. ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් සැබෑම වෙනසක්

කැෆෙටේරියා එකට යන්න තියෙන්නෙ අපේ සෙක්ශන් එක ලගින් නිසා මේ ටයිම් එකට ළමයි එහෙ මෙහෙ යනව වැඩී මෙතනින්. සියොත් අයියත් ඊශ්වර දිහා ඇස්කොනෙන් බලල කටේ පැත්තකින් හිනා වෙලා.අනූර්ථ අයිය එක්ක කැෆේටේරිය එක පැත්තට ගියා.
මම ඇස් හීනි කරල උගෙ දිහා බැලුවම වටේ ඉදපු උන් ටිකත් එක පාරට ජනේලෙන් එලිය බලල කක්කල් කැස්සවල් හැදිල උගුර යටින් හිනා වෙනන්න ගත්ත.

”තොපි හීන් නූලෙන් ගේම් ප්ලේ කරාට I don’t mind ඕකේයී. හැබයි ඊස්වරයො ටෝ එක්ක තරහයි.´´

මම ඇස් දෙක චූටි කරගෙනම ඊශ්වරයට කිව්වම් ඌ අසරණය වගේ හිනා වෙලා මම දිහා බැලුවා.

”අනෙ එහෙම දෙයක් නෑ කිරි පුතේ . මම හිමීට කියන්නම් දැන් හොද පුතා වගේ කාල ඉදපම්කො මගෙ එකම දරුවට මම නොකිය ඉන්නොද´´

ඉස් සෝ කේ    ඉස් සෝ කේ ඊස්වර පුතා ඉදපම්කො. මම ඇස්දෙක රෝල් කරල ආයෙම කන්න පටන් ගත්ත.

අපි කාල බීල ඉතුරු පීරියඩ් දෙකේ කෙමෙස්ට්‍ර් ඉගෙන ගත්තෙ හොද ලමයි වගේ නිසොල්මනේ. මොකද කාපු කෑමෙ හැටියට නිදි මත මොනාද කියල වත් නිදන්න ළමයි වගේ පාඩමට අවදානෙ දුන්න.
______________________________________________

Next ep=-
මල් ටික කඩාගෙන එන්න හැරෙද්දිම. ගේට් එකෙන් ඇතුලට දාපු Yamaha r6 එක දැක්කම මගෙ කට බෝස් ගාල ඇරුනා..

ආයෙ එන්නම් මගෙ මල් පාත්ති පැටව්නේ… කතාව බෝරින් වගේ නම් කියන්න හර්තේ……………
මම දාස්.

Love U all💗

Tags: read novel Kapuru. | À¶Šà¶´À·”À¶»À·”. කපුරු 02🍃, novel Kapuru. | À¶Šà¶´À·”À¶»À·”. කපුරු 02🍃, read Kapuru. | À¶Šà¶´À·”À¶»À·”. කපුරු 02🍃 online, Kapuru. | À¶Šà¶´À·”À¶»À·”. කපුරු 02🍃 chapter, Kapuru. | À¶Šà¶´À·”À¶»À·”. කපුරු 02🍃 high quality, Kapuru. | À¶Šà¶´À·”À¶»À·”. කපුරු 02🍃 light novel, ,

Comment

Leave a Reply

Chapter 3