Kapuru. | À¶Šà¶´À·”À¶»À·”. කපුරු 03🍃

A+ A-

තිදස් pov

ස්කූල් ඉවර වෙලා අපෙ බයෝ ගැන්සිය මැත්ස් එක ලගට වෙලා හිටියෙ සිතුවමුයි සූර්යයි එනකම් උන් දෙන්නත් ආවම අපි හරක් රැළ වගේ ගේට් එක ලගට දුවන් ගිහිම්, ප්‍රිෆෙක්ට්ල පේන හරියෙදි පේලියට යන්න ගත්තා.

”තොපිට අපි තම්බන්න නම් ලුණු ගොරක තව ඕන මල්ලී. අනිත් දවසෙ වහු පැටව් වගෙ ආවොත් කකුල් කඩනව´´

ගේට් එක ලගට එද්දි අනූර්ථ අයිය අපි ටිකට රවල එහෙම කියල කට කොනෙන් හිනා වෙලා මම දිහා බැලුව.
මට නම් දැන් දැන් බයයි මූ මාවයි සිතුවමුයි දෙන්නම ලයින් කරනවද කියල, මම සිතුවමා දිහා බැලුවම් ඌ ඉන්නව සූර්යගෙ බෑග් එකේ පටිය රෝල් කර කර

”හා ඒ අහු උනොත්නෙ අපිට පරක්කු වෙනව අපි යනෝ´´

ඊශ්වරය එහෙම කියල. සියොත් අයිය දිහා ඇස් කොනෙන් බලල මාවත් ඇදන් එන්න ආව
අපි එද්දි සූර්යා සිතුවමා අපි එක්ක එවල ඌ අනූර්ථ අයිය එක්ක ගෙදර යන්න ගේට් එක ලගින් නැවතුනා.

අපි දුවල ගිහිම් එතකොටම ආපු බස් එහෙක එල්ලුනා. ස්කූල් ළමයින්ගෙන් බස් එක පිරිල ගිහිම්. අපි ටිකත් අත පය අකුලන් බස් එක ඇතුලට යන්තන් රින්ග ගත්තා.

”අයියෝඕඕඕඔ හැ#නෙනවනෙ. සුවද යකෝ බස් එක ඇතුලෙ කිඩාරන් මල් යායක ඉන්නව වගේ´´

බස් එකට නැග්ග වෙලාවෙ ඉදන් ඊශ්වරයගෙ කුන්චනාදෙ බස් එක ඇතුල ගදයි කියල . මුළු දවසෙම ස්කූල් ඉදල දාඩිය දාන් ඉන්න ළමයි ගදයි තමා පගෝ ඒව් මූ නම්

”කෙල්ලො නාන්න හොර නිසානෙ ඉතින් මේ සේරම´´

ඒ පාර නම් සිත්රු කට වරද්ද ගත්තා අපිට ඉස්සරහින් හිටපු කෙල්ලො තුන්දෙනා අපි දිහා බලල රැව්ව එතකොට තමා සිත්රුගෙ කට වැහුනෙ.
අපේ සෙට් එකේ එකා එකා බැහැල මමයි ඊශ්වරයයි තමා ඉතුරු උනේ.
අපේ සෙට් එකේ කව්රුවත් නැති බැරිකම් තිබ්බ උන් හිටියෙ නෑ. ඒත් අපි මතක ඇති කලෙ ඉදන් ගමන් බිමන් යන්නෙ බස් වල. හදිස්සියෙ එළියට යද්දි විතරක් සූර්යගෙ කාර් එකේ අපි සේරම එල්ලිලා ගියා.
ඊළග හෝල්ට් එකෙන් ඊශ්වරය බැහැ ගත්තෙ මගෙ කම්මුලට චොක් ගාලා කිස් එක්කුත් දීගෙන

”කිරි පුතේ පරිස්සමෙන් පලයන් එහෙනම් මම යනව´´

මුන් නිසා දැන් මමත් සමාජෙට විහිළුවක් වෙලා කියල තේරුනේ බස් එකේ මගේ වටේ ඉදපු කොල්ලො කෙල්ලො මට හිනා වෙද්දි.

මම ගෙදර ලග හෝල්ට් එකෙන් බැහැල අපේ ලේන් එක දිගේ ඇවිදන් ආව. දැන් හිනා වුන වෙලාව ඉවරයි. ගෙදර යනව කියන්නෙ බ්ලැක් හෝල් එකට යනව වගේ දෙයක් කියල මගෙ ඔලුවෙ ඇතුලෙ ඇදිල ගොඩක් කල් .
මම පොඩි ගේට් එක ඇරගෙන ඇතුලට යද්දි ගෙදර වාහන තුනම නෑ කියල තේරුනා. ඒ කියන්නෙ අසෙලි අම්ම වත් තාත්තවත් අහිකුන්ටක අයිය වත් ඇවිත් නෑ තාම.

මම කෙලින්ම කුස්සියට ගියා. සීතම්මත් ගෙදර ගිහිම්ද කොහෙද මට කෑම හදල වහල තියල හැමදාම පුරුද්දට අලවල යන නෝට් එකත් එක්කම.”ඔක්කොම කන්න සුදු බේබී!´´
ඇදේට ලියල තිබ්බ අකුරු දිහා බලන් ඉද්දි මගෙ මූනට පොඩි හිනාවක් ආවා.

මම කාබරේට ඇවිත් වොශ් දාගෙන සීතම්ම හදල තිබ්බ කෑම එකත් කාල. ගාර්ඩ්න් එකේ තිබ්බ බෙන්ච් එකෙන් වාඩි වෙලා අහස දිහා බැලුව. හවස් වෙච්ච නිසා අහස ලා කහ පාටක් අරන් තිබ්බ.

ගේට් එක ඇරෙද්දි මම හැරිල බැළුවෙ ආවෙ කව්ද කියල අහිකුන්‍ටක වාහනේ ගැරේජ් එක පැත්තට ගියාම මම ආයෙ අහසට ඔරොව ගත්ත. වාහනේ දාල ආපු අයිය ඇවිත් මගෙ මූනට එබුනම් කවදාවත් නැතුව මේ මොකද කියල මම බයවෙලා ගියා.

”මට තේ එකක් හදල දෙනව´´

”මේ මම?´´

අයිය තේ එකක් ඉල්ලල හැරිලවත් නොබලම ගේ ඇතුලට ගියා මම ඌට හිතෙන් බැන බැන ගිහිම් තේ එක හදන් ගිහිම් උගෙ රූම් එකේ දොරට කකුලෙන් ඇන්න.

හුප්තෝ!!!!!

නාල ටවල් එක පිටින්ම ආව අයිය දොර ඇරල තේ එක අරන් මුකුත් නොකියම සද්දෙන් දොරත් වහන් ගියා

මුගෙ ආච්චිට. මම බොරුවටද මූට අහිකුන්ටකය කියන්නෙ මූ නම් පජාත අහිකුන්ටක පුරුදුමයි තියෙන්නෙ.
ඇයි මට හිතෙන්නෙ අමෙලි අම්මගෙ කලින් හස්බන්ඩා අහිකුන්ටකයෙක් කියල.

මම ඇවිත් ක්ලාස්වල කරන්න තිබ්බ වැඩ ඉවර කරල පේපර් එකක් කරන්න ගත්‍ත. ගෙදරට ආපු වාහනේ සද්දෙට මම බැල්කනි එකට ගිහිම් බැලුවෙ තාත්ත ඇවිත්ද කියල . ඇවිත් තිබ්බෙ අමෙලි අම්ම වෙද්දි එයා බැල්කනි එක දිහා බලල මාව නොදැක්ක ගානට ඇතුලට ආවා.

මම පාඩම් කරල ඉවර වෙලා ස්කූල් බෑග් එක හදල යුනිෆෝර්ම් එකයි අයන් කරල නිදා ගත්තා.

උදේ අවදි වෙලා ඉක්මනට ලෑස්ති වෙලා ගෙදරින් එළි බහිද්දි අයියගෙ කාර් එක ගේට් එකෙන් එළියට දැම්ම.
මේ වේස අහිකුන්ටකයට මාවත් දාන් යන්න පුළුවම්කම තියෙද්දි නේද මේ, ඌට බැන බැන එළියට එද්දි ඌ වාහනේ නවත්‍තම් මම එනකම් ඉදල.
හෙ හෙ කලින් බැන්නට කමාවෙන්න

සුපුරුදු පරිදි කිසි කතාවකින් තොරව මාව ස්කූල් එක ලගින් හලාගෙන ඌ ඉගිල්ලුනා.

අදත් ගේට් එක ලග සියොත් අයිය ඉන්නව දැකල. මගේ ලස්සනම හිනාව මම ඌට දුන්න.

Good morning  තිදස්,

Good morning  අයියේ….

ඌටත් මෝර්නින් එක සුභ වෙන්න කියල මම අපෙ ක්ලාස් එකට එද්දි ඊශ්වරය ක්ලාස් එක අතු ගානව. සිත්රු ඩෙස් අදිනව.

”ඈ බොල ගොම් පම්කයෝ මම තොට කිව්ව නේද මල් ගෙනෙන් කියල දැන් මොක්කද තියලද පහන තියන්නෙ බල්ලෝ ´´

සිත්රු මගෙ ඇගට කඩන් පනිද්දි මම කල්පනා කරේ කවද්ද මූ මට මල් ගේන්න කිව්වෙ කියල.
අද අතුගාන්න ඉන්නෙ අපි තුන්කට්ටුව නම් තමා හැබැයි මුන් මට අතුගාන්න තියා අතුගාන තැනක වත් ඉන්න දෙන්නෙ නෑ . මට වීස් එක නිසා දූවිලි කියන්නෙ මගෙ මාරය කියල මුන් හිතන් ඉන්නෙ.

”ආ කිව්වෙ නැද්ද à·„à·’ හී🥲´´

සිත්රු මට විලිස්සද්දි මම කට ඉරක් කර ගත්ත

”මල් කව්ද බන් ගෙදරින් ගේන්නෙ අන්න අර ස්කූල් එක පිටි පස්සෙ ගේට් එක ලගින් කඩන් වරෙන් කොහොමත් මේක අතුගාල ඉවර වෙනක්ම් උබ එලියෙන් ඉදපන් කිරි පුතේ´´

ඊශ්වරය එහෙම කියම මගෙ අතින් පොඩි මල් වට්ටියක් තිබ්බ

”පරිස්සමෙන් මා පුතා මේ ස්කූල් එකේ අසුරයොන්ට අහු නොවී ගිහිම් වරෙන් සුද්දෝ´´

මම ක්ලාස් එකෙන් එලියට එද්දි සිත්රු කෑ ගහනව ඇහුන. මම ඌට මැද ඇගිල්ලත් දික් කරල ස්කූල් එක පිටි පස්සට ආවා.

මම මල් වට්ටිය පිරෙන්න සුදු මල් පුරවගෙන ලග තිබ්බ කපුරු පැලෙන් ලා කහ කපුරු මල් දෙකක් කඩල මල් වට්ටිය මැද්දෙන් ගැහුව.
තව මලක් කඩල අතට ගත්ත මම ඒකෙ සුවද බැලුව.
කපුරු වල තියෙන්නෙ හරි සැර සුවදක් ඒක කියන්න තේරෙන් නැති ගොඩක් දේවල් මික්ස් වෙච්ච සුවදක් හරියට මී පැණියි ස්වීට් සුවද ෆ්ලෝරල් සුවද මික්ස් වෙච්ච වුවදක්.

මම මලේ සිහියෙන් ආයෙ ක්ලාස් එකට යන්න හැරෙද්දි ස්කූල් පිටි පස්සෙ ගේට් එකෙන් ඇතුලට ආපු Yamaha r6 එක දැකම මගෙ කට බෝස් ගාල ඇරුනා. යන්න හදපු මම එහෙම්ම නවතිද්දි. බයික් එකෙන් ආපු කෙනාව මම ෆුල් ස්කෑන් කරා

ස්කූල් යුනිෆෝම් එක .වයින් රතු පාට ප්‍රිෆෙක්ට් බ්ලෙසර් එක.රිදී වැල් තුනක් එල්ලෙන හෙඩ් ප්‍රිෆෙක්ට් බැජ් එක. එතකොට මූද හෙඩා. උගේ කැටයන් ටික මම කටත් ඇරන් බලන් හිටිය.

බයික් එක ගානට පාර්ක් කරපු එයා ෆුල් ෆේස් හෙල්මට් එක ගලවන ගමන් ඉස්සරහට ආව එයා කටත් ඇරන් එයා දිහා බලන් ඉදපු මාව දැකල එක පාරට ස්ටක් වුනා. ඇස් දෙකත් ලොකු කරන් මම දිහාම බලන් ඉදපු එයාගෙ ඇස් එක පාරට හරි කලබලෙන් එහා මෙහා වුනා මම ඒක හොදටම දැක්ක.

ශේව් කරත් රැව්ල ඉක්මනට වැවෙනව කියල පේන්න තිබ්බ සලකුනු, මී පැණි පාට හම,තියුණු පිහි තල වගේ තියෙන ජෝ ලයින්ස් කළු පාට ඇස් ඒව හරිම  ආකර්ෂණීයයි මැග්නට් වගේ. ඝන ඇහිබැමි. ගානට හදපු කොන්ඩෙ . බයිසෙප්ස් වලට හිර වුනු බ්ලෙසර් එකේ අත් රාදෙව් ස්කූල් හෙඩ්….

ආආආආශ් සිහියට වරෙන් තිදස්…මු කෙල්ලෙක් නෙමේ අනික උබ ගේ නෙමේ යකෝව් ස්ට්‍ර්‍ර්ට් ස්ට්‍ර්‍ර්ට් ආහ්. මම ඔලුව දෙපැත්තට වනල හරි සිහියට ආවා

ස්ටක් වෙලා ඉදපු එයා කට කොනෙන් හිනාවක් දාගෙන මගෙ ලගට ලන් වුනේ ඇදන් ඉදපු බ්ලෙසර් එක ගලවල තනි අතට දාගෙන.

”තමුසෙ!,  ස්කූල් එකේ මල් ගස් වලින් මල් කඩන්න කිව්වෙ කව්ද තමුසෙට . ආයෙ කඩල තිබ්බොත් ඇගිලි තලනව´´

හෙන කදය වගේ මම ලගට ඇවිත් එහෙම කියපු ඌ පාත් වෙලා මගෙ අතේ තිබ්බ කපුරු මල අරන් මගෙ කනේ ගහල කට කොනෙන් ආයෙ හිනා වුනා.

What the ! පිස්සු හුප්තෙක්ද මේ. මේ සිප්පියටද ළමයි බයේ මැරෙන්නෙ. හරි මුගේ දෙකේ හතරෙ පෙනුමයි ඩීප් වොයිස් එකටයි බය වෙන එක හරි එව්නාට මු හරිම වේසයි ඈ.
මම ඌට රවල එන්න හදද්දි

”තමුසෙ ස්කූල් එකට අලුත්නෙ මම ස්කූල් එකේ හෙඩ් ස්කූල් එකේ රූල්ස් වලට පිටින් යන්න එපා අනිත් දවසෙ ගෙදරින් මල් ගේන්න´´

මුල් ටික හෙනම ඩීප් වොයිස් එකෙන් කිව්ව ඌ අන්තිම ටික කියද්දි උගෙ කටහඩේ තිබ්බ සැර චුට්ටක් බාල වුනා. ඌ ආයෙ දිග අඩි තියල මම ලගට ආවා.

ඇවිත් එක පාරට මගෙ කනේ ගහපු මල ලගට පාත් වුනේ මගෙ හාර්ට් එක එකසිය ගානට ගැහිල හුස්ම හිර වෙන්න වගේ වෙද්දි.

කෙලින් වෙලා හිටගෙන මගෙ දිහා ආයෙම අමුතු විදියට බලද්දි ඒ ඇහි බැමි ඇකිලිලා ගියා ඒ ඇස් හරි නොසන්සුන් වෙලා තිබ්බ.
”ඒ සුවද ´´ කියල කට යටින් මිමිනුවත් මට ඒ වචන ඇහුනා.

මිනිස්සු හරි ආසාවෙන් වැරදි කරන්නෙ ඒක වැරද්දක් කියල දැනමයි. රාදෙව් මල් වල සුවද බැලුවෙ මල් වල සුවද බලන්න හොද නෑ කියල දැන දැනමයි

”සොරි මම මලේ සුවද බැලුවෙ ක්ලාස් එකට යන්ව´´

ඌ මට සද්දෙ දාල දිග අඩි තිය තිය ස්කූල් එක ඇතුලට ගියා.

What the wrong with this පගය. ආආඅශ් මොකද්ද ඒ වුනේ. මම හරි සිහියට ඇවිත් මල් ටිකත් අතින් වහන් සුසන්තිකා වැහිල වගේ ක්ලාස් එකට දිව්වා

”කොහෙද බල්ලො ගියේ ගෙදරින්ද මල් කඩන් එන්න ගියේ පරයො´´

යනකොටම සිත්රු ඇගට කඩන් පැන්න. මූ නම් පිස්සු බල්ල වගේ කොයි වෙලෙත් ඇගට කඩන් පයිනව

”නෑ උබලගෙ මහ ලොකු හෙඩා මට සද්දයක් දැම්ම මල් කැඩුවට´´

මගෙ තිබ්බ හොරකමට වෙච්ච කෙරිච්ච මුකුත් නොකිය එහෙම කියල පහන තියන්න ගියා

”ආ පෝඕඕ ලප් තැනම ලොප් කරගෙන වගේ මහඋන්දැ´´

ඊශ්වරය එහෙම කිව්වම් මම ඌ දිහා කුණු මාලු කෑල්ලක් දිහා බලන ලුක් එකෙන් බලුවම් ඌ ටග් ගාල අහක බලා ගත්තා .

එක හමාරෙන් පස්සෙ ස්කූල් එකේ නැවතුනේ වොලිබෝල් ප්‍රැක්ටිස් දාල ටීම් එක හදල පිලිවෙලක් කරන්න ඕන කියල කෝච් සර් කියපු නිසා. තිදස් සූර්යල එක්ක ගෙදර යද්දි ඊශ්වරයි මමයි ස්කූල් එකේ නැවතුනා.

ඊශ්වර ක්ලාස් මොනිටර් නිසා ඌට වැඩ වැඩී ඌ රෙජිස්ටර් එකයි රෙකෝඩ් බුක් එකයි ඔෆිස් එකෙන් තියල උන්ගෙ අම්ම ගේට් එක ලගට කෑම එකත් අරන් එන්නම් කියල තිබ්බ නිසා ඌ මාව චේන්ජින් රූම් පැත්තට යවල ඌ ගේට් එක ලගට දිව්වා.

එතකොට මට තේරුනා මාව හලල මූ තනියෙම් ගියේ සියොත් අයියා ගේට් එකේ මුර දේවතාව නිසා කියල.

මම හිතෙන් ඊශ්වරට බැන බැන චේන්ජ් රූම් එකට ගියා. මම යද්දිත් කට්ටිය චේන්ජ් කරන් එලියට ආව උන් ටික මට හිනාවක් දීල එලියට එද්දි මම ඇතුලට ගියා

මම ඉතින් ස්කූල් එකට අලුත් වුනාට මගෙ අහින්සක හිනාවට ඕන කෙනෙක් අල්ල ගන්න පුලුවන් නිසා ඕන එකෙක් මම එක්ක හිනා වෙනව.

මම ලොකර්ස් ලගට ගිහිම් සපත්තුයි,  ගලවල ලොකර් එකට දාල චේන්ජ් කරන්න ගත්තා. මම කරේ තිබ්බ චේන් එක ගලවල අතට අරන් හෝලි ක්‍රොස් එකක් තිබ්බ ගෝල්ඩ් නෙක්ලස් එක දිහා බලල හොද හුස්මක් පාත දැම්මෙ ඒකෙ අයිතිකාරිගෙ අහින්සක ලා කොළ පාට ඇස් මතක් වෙලා. මම ඒක මගෙ ලොකර් එකට දාල ඩෙක් දෙක දාන්න ගත්තා.

චේන්ජින් රූම් එක ඇතුලෙම ශවර්ස් හයි කරල තිබ්බෙ ප්‍රැක්ටිස් වලින් පස්සෙ සමහර වෙලාවට ළමයි වොශ් කරන නිසා.  ශවර්ස් වෙන් කරල නැතුව එක දිගට හදල චේන්ජින් රූම් එකෙන් විතරක් ශවර්ස් කවර් කරල තිබ්බ.
එතකොට ශවර් රූම් එක ඇතුලෙන් අනූර්ථ අයියගෙ වොයිස් එක ඇහෙද්දි මම ඒ පැත්තට කන දැම්මෙ ඕපෙ හොයන ඇන්ටියෙක් වගේ

______________________________________________

ඔන්න රාදෙව්ව තිදස්ට face to face හම්බුනා ළමයීඊඊඊඊ……………
ඊලග කොටසෙන් හම්බෙමු මම
                                                     දාස්..🐳

                               

Tags: read novel Kapuru. | À¶Šà¶´À·”À¶»À·”. කපුරු 03🍃, novel Kapuru. | À¶Šà¶´À·”À¶»À·”. කපුරු 03🍃, read Kapuru. | À¶Šà¶´À·”À¶»À·”. කපුරු 03🍃 online, Kapuru. | À¶Šà¶´À·”À¶»À·”. කපුරු 03🍃 chapter, Kapuru. | À¶Šà¶´À·”À¶»À·”. කපුරු 03🍃 high quality, Kapuru. | À¶Šà¶´À·”À¶»À·”. කපුරු 03🍃 light novel, ,

Comment

Leave a Reply

Chapter 4