Kapuru. | À¶Šà¶´À·”À¶»À·”. කපුරු 04🍃

A+ A-

”දැම් අවුරුදු දෙකටත් ලගයිනෙ බන් ඕක කියන් නැද්ද කියපම්කො
උබට ඒ දවස් වලම කියන්න තිබ්බෙ´´

”පිස්සුද ඌ පොඩි එකෙක්´´

”දැන් පොඩි නෑනෙ.මම වගේ නම් මේ වෙද්දි ඕක දාගෙන ආයෙ ඉතින් නෑ………´´

” ඒ උබනෙ මේ මම´´

”එහෙනම් උබ ඔහොම බලන්ම ඉදපන්  ඌට තියෙන තෙලේ හැටියට ගර්ල්ස් එකේ අක්කෙක් වත් ලයින් කරල උබට කොකා පෙන්නල යනකම්´´

”ම්ම්ම්´´

”උබ දන්නෙ ඔච්චරයි.
උබේ බොඩි වොශ් එක දියන්කො´´

”ඉදා, මම යනව´´

අනූරථ අයිය, බනින්නෙ රාදෙව් අයියට, ඊය ඊයා හෙන කදය වගෙ ඉදගෙන පොඩි එකෙක්වද මූ ක්‍රශ් කරන් ඉන්නෙ. මම මුලදිම කිව්ව මූට හෙඩ් දෙන්න සුදුසුකම් නෑ කියල.
පොත්තෙ සුද විතරයි පරයගෙ
හේතුවක් නෑ ඒත් ඌ දැකපු දවසෙ ඉදන් මට ඌ එක්ක වලියක් දාගන්න හිතෙනව.

මම ඔක්කොම ඕප දූප ටික අහන් ඉදල මුකුත් ඇහුන් නෑ වගේ යුනිෆෝම් එක නවන්න ගත්ත.එතකොටම රාදෙව් අයියා ශවර් රූම් එකේ ඉදල ලොකර්ස් රූම් එකට එනවත් එක්කම මාව දැකල ගැස්සුනා.
මම හෙනම අහින්සක හිනාවක් ඌට දුන්නම ඌ මට රවල ක්‍රිකට් ටීම් එකේ ලොකර්ස් පැත්තට ගියා.

”ආහ් උබ චේන්ජ් කරන් ඉවරද ඉදපම් මමත් පට ගාල චේන්ජ් කරන් එන්නම්, මෙහෙදිම කාල යමන් කෝච් කාරය පරල වෙයි පරක්කු වුනොත්´´

එතකොටම සියොත් අයියත් එක්ක ඩබල් දාල ආව ඊශ්වරය එහෙම කියල චේන්ජ් කරන්න ගත්ත. සියොත් අයිය මාත් එක්ක හිනාවෙල මගෙ කරට අත දා ගත්ත.

”අද ප්‍රැක්ටිස් නෙහ්, උබ ඉතින් කොහොමත් වැඩ්ඩනෙ මල්ලි මට මතකයි උබ ගිය අවුරුදු දෙකේම අපෙ ස්කූල් එකට ආව මැචස් වලට
කියන්න සතුටුයි උබ ඇවිල්ල හැමදාම කප් එක අරන් ගියා මේ ඊශ්වර මල්ලිගෙ යාලුව කියල දන්නෙ මෙයා අපිට ඔයාව දවසක් පෙන්නපු නිසා´´

සියොත් අයිය , ඊශ්වරය චේන්ජ් කරන දිහා නොබල ඉන්න සෑහෙන ට්‍රයි එකක් දිදී මාත් එක්ක බරටම කයියකට සෙට් උනා.

මම කොහොමත් කලින් ස්කූල් එකේ වොලිබෝල් කැපා. ඉස්සර මැච් කීපෙකට මෙහෙ ස්කූල් එකට ඇවිත් එක දිගට කැප් ගහපු කොල්ලෙක් මම. එහෙම ආව නිසාම මම ගොඩක් දුරට මෙහේ කෝච්ලව හොදට අදුරනව.මෙහෙ කැපා උනේ ඊශ්වරය නිසා අපි මෙහෙ ගහපු මැචස් සේරම සාමකාමී වුනා. හැබැයි නුවර උන් එක්ක මැච් ගහද්දි හැමදාම වලියක් ඇදුනා. උන්ගෙ කොහොමත් නහර වැඩී. නුවර **** ස්කූල් එකේ කැපා හේලිය මම එක්කයි ඊශ්වර එක්කයි නයි වයිරෙන් ඉන්නෙ. ඌට කොහොමත් ගුටි කන මූනක් තියෙන්නෙ ඊව් පගය.
අද ක්‍රිකට් ප්‍රැක්ටිස් දාල නිසා මුන් තුන්කට්ටුවත් නවතින්න ඇති.

”ආහ් උබ ආවද චේන්ජ් කරන් වරෙන් මෙතනදි කාල යමන්´´

අනූරථ අයිය ක්‍රිකට් කිට් එක ඇදන් ඇවිත් බෙන්ච් එකෙන් වාඩි වුනා.
එතකොටම රාදෙව් අයියත් ඇවිත් ඇස් කොනෙන් මම දිහා බලල බෙන්ච් එකෙන් වාඩි වුනා.
මගෙ කර වටේ ගිහිම් තිබ්බ සියොත් අයියගෙ අතට රාදෙව් අයියා එරෙව්ව වගේ දැක්ක එක ඇත්තක්ද හිතළුවක්ද කියල මම මොලේට ප්‍රොසෙස් කර කර ඉද්දි අනූරථ අයිය මගෙ අතින් ඇදල රාදෙව් අයියගෙයි උගෙයි මැදින් වාඩි කර ගත්තා.

”මෙහෙ වරෙන් උබව ටිකක් ආශ්‍රේ කරන්න´´

”ආ ආ… ආශ්‍රේ කරාට කමක් නෑ අතේ දුරින් ඉදහන් අයියේ. මට කියල තියෙන්නෙ අපෙ සිත්රුව උබෙන් ඈත් වෙලා ඉන්න කියල´´

මම අනූරථ අයියට එහෙම කිව්වම රාදෙව් අයිය හිනාව තොල් වලින් තද කරගෙන අනිත් පැත්ත බලා ගත්තා. ඊශ්වරය බිම වැටීගෙන බල්ලෙක් වගේ හිනා වෙන්න ගත්තා. අනූරථ අයියගෙ කට පුප වෙලා ඇස් හීන් වුනා

”ආ…. ඇයි ඇයි තොපි, මට ඒඩ්ස් නෑ. ඉදපම්කො ඔය සිත්රුවගෙ ඇට තලන්න ´´

”ඒව ඉතින් මම දන්නෙ නෑ ඌ කිව්ව මම ලස්සන නිසා ඔයාගෙ පෙරේත බැල්ම වැටුනොත් ගැලවීමක් නැති වෙයි කියල´´

”ඔව් කේස් එකක් නෑ උබත් හැඩට ඉන්නව ඉග සුග ගත හැකි මිටින—-´´

”අනුරථ!!!´´

ආශ් මේ මිනිහා…… අනූරථ අයිය මගෙ උඩ ඉදන් පහලට යනකන් බලල තොලත් හපල වලත්ත කතාවක් කියන්න හදද්දි රාදෙව් අයිය හරියට ඉන්දියන් ඩ්‍රාමා එහෙක නැන්දම්මා කෙනෙක් වගේ කෑ ගැහුවම අනූරථ අයියගෙ කට වැහුනා.

”නැ නැ මට උබ එපා අසුර උදහසට ලක්වෙන්න ඕනෙ නැ. මම අනික කැමති උබලගෙ සෙට් එකේ සිතුවම්ට ඌ මට කැමති නෑනෙ කොච්චර කරත්´´

”උබ ඉතින් කවකට්ට වගේ වටේ යද්දි ඌ කැමති වෙයිද  අනික ඕව සූර්ය දැනගත්තොත් සහෝදර ගැටුම් ඇති වෙන නිසා උගෙන් අපි මේව හන්ගන් ඉන්නෙ. එකක් කියන්නම් අයියෙ උබ අපේ එකාව ආතල් එකට ගන්න හිතන් ඉන්නව නම්__´´

ඊශ්වරය ආරූඩ වෙලා කියාගෙන යන්න ගත්ත.

”පිස්සුද මල්ලි මම ආතල් ගන්නෙ නෑ. ඌ සෙට් උනොත් සිරා කරනව´´

අනූර්ථ අයිය එහෙම කිව්වම ඊශ්වරය ඌට කට ඇද කරා. මුන් දෙන්නගෙ වලිය දිහා බලන් ඉදපු මම රාදෙව් අයිය දිහා බැලුවම් ඌ නලල රැලි කරන් මගෙ ඇස් දිහාම බලන් ඉන්නව.

කව්රුහරි මගෙ ඇස් දිහා බලද්දි මම කලබලවෙනව ඒක ඇත්ත ඒත් මට හිතා ගන්න බැරි රාදෙව් අයිය බලද්දි මාව කලබලවෙන එකට අමතරව මගෙ හාර්ට් බීට් එකට වැඩි වෙන්නෙ මොකද කියල.
ඒ ඇස් වල ප්‍රශ්නාර්ත ගොඩක් තියෙනව, මට තේරුම් කර ගන්න බැරි හැගීම් ගොඩක් ඒව අස්සෙ හිර වෙලා ගිහිම්. ඒ ඇස් අස්සෙ ගිලුනොත් ආයෙ ගොඩ ඒමක් නෑ.
ඒ ඇස් මාව කා එක්ක හරි කම්ෆෙයා කරනවද?
නැත්තම් මගෙ ඇස් වල හොරේ එයා අදුරගෙනද?
එහෙමත් නැත්තන්…………
මට තේරුම් ගන්න බැරි අමුතු දුකක් එක්ක ආගන්තුක හුරු පුරුදු බවකින් මාව වෙලා ගනිද්දි මම සියොත් අයියට හැදිච්ච කැස්සකිම් මේ ලෝකෙට ආව.
රාදෙව් අයියත් කලබලෙන් මගෙ මූනෙන් ඇස් අහකට ගත්ත.

”අහ්ම්….. කාල යමු අපිත් එක්ක කමු උබල දෙන්නත් . ප්‍රනාම්! එන්න කමු´´

Wait what ප්‍රනාම්? ඊශ්වරයගෙ නමේ දෙවනි කෑල්ලෙන් කතා කරන්නෙ සියොත් අයිය විතරයි. ට සිරි මෙන්න අපේ එකාගෙ කන් රතු වේගෙන එනව

”අනෙ මෙන්න වැඩක් කාල යමන් යන්න. තනිකඩ අපිට මෙහෙම ඩ්‍රාම පෙන්නන උබල නම් අසික්කිතයි´´

මම කට ඇද කරල කියන ගමන් කෑම කන්න ගත්ත. රාදෙව් අයියා කට කොනෙන් හිනාවෙන ගමන් මම දිහා බලල බත් එකට ඔලුව ඔබා ගනිද්දි. අනූරථ අයිය හෙනම නෝන්ජල් ලුක් එකක් මට දීල කන්න ගත්ත. සියොත් අයියයි ඊශ්වරයයි රෝමියෝ ජුලියට් වගේ මූනවල් දිහා බලන් බත් කද්දි. මොන වොත්තක්ද මේ කියල මමත් කන්න ගත්ත.

කාල බීල ප්‍රැක්ටිස් ගිහිම් මැච් එකක් ගහල ටීම් එක හදාගනිද්දි හවස් වෙලා. අවුරුදු ගානක්ම ඊශ්වරය කැපා වෙලා ඉදල අප්පිරියයි කියල උගේ වගකීම් මගේ ඇගේ ගහල කෝච්ට මාව දීල ඌ පැත්තකට උනා. කාගෙත් කැමත්ත පරිදි වොලිබෝල් කැප්ටන් පට්ටම මගෙ ඔලුවට පතබෑවුනා.

ඔක්කොම ඉවර වෙලා ගෙවල් වලට යන්න ගනිද්දි පහත් පහුවෙලා.
මේ ටයිම් එකට කොහොමත් ට්‍රැෆික් සෙට් වෙනව. මම බස් එකට නැගල ජනේලෙ අයිනෙ ශීට් එකෙන් වාඩි වෙලා ඔලුව ග්ලාස් එකට ගහ ගත්‍ත. ඊශ්වරය මගෙ උරහිසට ඔලුව තියන් නිදි.. පට්ටම මහන්සියට මගෙත් ඇස් පිය වුනා. එහෙම්ම විනාඩි පහයක් යන්න නෑ. කන්දෙක අගුලු වැටෙන්න තරන් සද්දයක් ඇහෙද්දි මම අවදි වෙලා ශීට් එකේ කෙලින් උනා.
මගෙ උරහිස උඩ ඔලුව තියම් ඉදපු ඊශ්වර ගිහිම් ඉස්සරහ ශීට් එකේ ඔලුව වැදුනා.

”මොකද බල්ලෝ ආයීඊඊඊඊ මගෙ ඔලුව…´´

”ආශ් නෑ බන් හීනයක්´´

මගෙ ඇස් වල ඒ විනාඩියට කදුළු පිරිල , පපුවෙ පැත්තක ඉදන් හීනියට රිදුමක් උඩට ඇදෙනව වගේ. ඇගිලි සීතල වෙලා ගිහිම් තිබ්බ, මම ටික ටික සන්සුන් වෙනකම් ඊශ්වරය මුකුත්ම අහන් නැතුව මගෙ අත හිමීට අත ගානව.

”උබ බය උනාද සුද්දෝ.. හැමදාම මෙහෙම වෙනවද තිදස් , ඒක ඉවරයි මචන් හොදට හුස්ම ගනිම්´´

ඊශ්වරය කියව කියව මගෙ අතට වතුර බෝතලේ දුන්නම මම ඒක එක හුස්මට බීල දැම්ම.
දැන් අවුරුදු පහක් තිස්සෙ සැරින් සැරේ මේ හීන වලින් බය වෙලා පැනික් වෙනව. කාලෙක්ට පස්සෙ අදත් එකම හීනෙ දැකල මම පැනික් වෙලා තිබුනා. කවද ඉවර වෙයිද දන්නෙ නෑ. හැබැයි මට මම ගැනම අනුකම්පාවක් දැනුනා.

”අව්ලක් නෑ ඊශ්වර දැන් හරි. උබ ඉස්සරහින් බහින්න ඕන නෙ නැගිටල ඉස්සරහට පලයන්´´

”නැනැ යමන් මම උබව බහින තැනින් බැහැල ආයෙ බස් එකක් අරන් එන්නම්´´

”පිස්සුද මට අව්ලක් නෑ පලයන් පලයන් රෑත් වෙලා ආන්ටි බය වෙයි´´

මාව දාල එන්නම් කියල කෑ ගහන ඊශ්වරයව මම බලෙන්ම බස් එකෙන් බස්සල ආයෙම ජනේලෙන් එලිය බැලුව.
අහස තැඹිලි පාටින් පාට වෙන්න අරන්. දැන් අර මූසල අදුරි ගෙදරට යනවට වඩා මෙහෙම දිගටම බස් එකෙ යන්න ඇත්නම් කියල හිතුන ඒ අස්සෙ රාදෙව් අයියගෙ ඇස් මැවිල පේනව.
මොන හුප්තක්ද යකො මේ. මට මොකටද ඒ උලමව මතක් වෙන්නෙ.
අනේහ්හ්හ්හ්හ්හ්………. කිරිඅම්මේ………..

මම බස් එකෙන් බැහැල ගෙදරට දුවල ගියා හෙට යන්න උනේ නෑ ගේ ඇතුලෙ එකම යුද පිටිය.

” ඇයි උබට බැරි කියපම් අයේශව කසාද බදින්න.´´

අනෙ අම්මෙ මෙ මෙන්න වැන්ද මාව ඔයා උස්සන් ඉන්නෙ නෑනෙ මට තාම අවුරුදු 26යි. අනිත් එක ඔයා ඔය කරන්නෙ කසාදයක් නෙවෙයි බිස්නස් ඩීල් එකක්´´

”අනෙ මෙ සිතුම් මම මේ හැමදේම කරන්නෙ උබෙ අනාගතේ වෙනුවෙන් , කසාදෙ කැඩිල තව කසාදයක් කර ගත්තෙ උබ වෙනුවෙන් උබට තාත්තෙක් ඕන නිසා මැරිල මැරිල බිස්නස් හදාගෙන ඒව ගොඩ දා ගන්න හදන්නෙ උබ නිසා. උබෙ තාත්ත කියන මිනිහ ඉන්න කාලෙත් මම උබව බලා ගත්තෙ තනියෙන්. මම උබව හැදුවෙ මට විරුද්ධ වෙනව බලන්නද කියපම්.´´

”ඔයා මාව හැදුව පලියට මගෙ ජීවිතේ අසාධාරණ විදියට තීරන ගන්න ඔයාට බැහැ.´´

” උබට තියෙන ප්‍රශ්නෙ ඒක නෙමෙයි උබ තාම අර මූසල කොල්ල ගැන හිතනව. හොදට හිටපු උබව කෑවෙ අර මූසලය. මගෙනෙ වැරද්ද මම නිසානෙ උබෙ ඇස් වලට ඌව අහු උනේ,උගෙ මූසල කම නිසාමයි කලින් ගෑනිත් යන්_______´´

”අම්මෙහ්!!´´

අදත් හරි මහතැනයි ආර්‍යාවයි වලියක්.
හැමදාම වගේ අසෙලි අම්ම අයියට කසාද බදින්න කියල බනිද්දි අයිය බදින්න බෑ කියල රන්ඩු වෙනව. දැන් ඕකට කොහෙන් ගියත් මාව තමා මැදි වෙන්නෙ.

උඩිනුත් ගින්දර යටිනුත් ගින්දර මැද සුද්දා නෙමේ, තිදස්

ආආආඅ මම සාලෙ මැද්දෙන් හිමීට අඩි තියල කාබරේට යන්න හැදුවෙ එයාලගෙ කතා අහගෙනම මම එනව දැකපු අයිය අසෙලි අම්ම කිය කිය ඉදපු දේ නැවත්තුව

”ආහ් ඔය එන්නෙ මූ නිසානෙ හැමදේම මම මූව කොහෙට හරි–´´

”අම්මෙ ප්ලීස් දැන් ඇති´´

” are you happy now ? මෙයා තමන්ගෙ අම්මට කෑ ගහන්නෙ තමුන් නිසා දැන් සතුටුද?´´

අයිය හරි අසරණ විදියට අමේලි අම්ම දිහා බලල ඇති කිව්වම. අමේලි අම්ම බාබයිගා යකින්න වගේ හැරුනෙ මගෙ පැත්තට.
කිසිම හේතුවක් අගක් මුලක් දන්නෙ නැති මගෙ ඇගට කඩන් පැන්නෙ මම එයාගෙ පව්ල කැඩුව වගේ. තාත්ත තාම ගෙදර ඇවිත් නෑ. එයාවත් හිටිය නම්,

”මම මොකටද සතුටු වෙන්න ඕන අමේලි අම්මා, මගෙ අයියයි අම්මයි රන්ඩු වෙද්දි ඇයි මම සතුටු වෙන්න ඕන?´´

මට නොතේරුන දේ මම අමේලි අම්මගෙන් අහද්දි එයා හිනා වුනා

”තමුන්ගෙ අයියයි අම්මයි? හහ්´´

” ඔහ් සොරි මගෙ තාත්ත ඔයාව වයිෆ් කර ගත්තම මමත් ඔයාලව මගේ පව්ල කියලයි මෙච්චර කල්ම හිතුවෙ ඔයාල දෙන්නගෙම වෙනස්කම් විදගෙනත් කිසිම අහිතක් නැතුව සැලකුවෙ. මට අමතක වෙලාම ගිහිම් තිබ්බෙ ඔය මේ  ගෙදරට ඇවිත් හරි මේ අවුරුදු ගානටම කවද්ද මට පුතේ කියල කතා කරේ, මම කට පුරා අයියේ කියල කතා කරපු එකා කවද්ද මට මල්ලි කියල කතා කරේ ආහ්!´´

මගෙ කටහඩ බිදිල ගියා මෙච්චර කල් වචන නොකරපු මගෙ හැගීම් වල බැමි බිදිල ගියා. ඇස් වලින් එක කදුලු බින්දුවක් වැටුනෙ නෑ. ඔව් අවුරුදු පහක් තිස්සෙ එකම කදුලක් වැටුන් නැති ඇස් අද අඩයිද, මගෙ වචන වලට අමේලි අම්මගෙ තරහ වැඩි වෙද්දි මම අද එයාට කතා කරන්න චාන්ස් එකක් දුන්නෙ නෑ.
අයිය පවා බිම බලන් ඉදිය ඇරෙන්න වචනයක් කිව්වෙ නෑ.

” එක අතකට ඔයා හරි අමේලි අම්මා. මගෙම අම්මවත් පුතේ කියල කතා කරපු නැති මට පිට ගෑනියෙක්ගෙන් එහෙම දෙයක් බලාපොරොත්තු වුන මමයි මෝඩ.

අද ඉදන් මම කොහොමද කතා කරන්න ඕන මිසිස් මොහන්දාස් කියන්නද, හැබැයි ඒ මගෙ තාත්ත නිසා ඔයාගෙ කලින් නම කියන්නද? මිසිස් විතාරණ!´´

තිදස්!´´

චටාස්……

මම අමේලි අම්මගෙ කලින් හස්බන්ඩ්ගෙ ස´නේම් එකෙන් කතා කරද්දි එවෙලෙම එතනට ආපු තාත්තට ඒ ටික විතරක් ඇහිල තිබුන වෙද්දි ජීවිතේට මට අත උස්සල නැති තාත්ත මගෙ කනට ගහද්දි අසෙලි අම්මගෙ මූනෙ හිනාවක් ඇදුනා. අයියගෙ ඇස් දුකෙන් පිරිල ලොකු වෙලා ගිහිම් තිබුනා.

මට හිනා ගියා ඇත්තටම මට කිසිම හැගීමක් දැනුනෙ නෑ.

තාත්තගෙ ඇස් පුදුමෙන් පිරිල ගියා ඒවගෙ පසු තැවීමක් තිබ්බද කියල මට තේරුනේ නෑ.

මගෙ හිනාව වැඩි වුනා. මම කරන්න ඕන මොනවද කියන්න ඕන මොනවද කියල නොතේරෙද්දි මම හිනා වුනා..

හැමදාම වගේ ඔයා අදත් පරක්කුයි තාත්තෙ!´´

______________________________________________

”ළමයි මල් වගේ හැදුව කිව්වට
ඒ මල් ගහ ලොකු වෙලා අතු බෙදිල හැදෙද්දි මම මේ අත්තට කැමති නෑ කියල
කෑලි කපල දාන්න අයිතියක් නෑ!´´

______________________________________________

ඊලග  කොටසින් හම්බෙමු මගෙ මල් පාත්ති පැටව්නේ……..!,       මම
                                          දාස් 🐳.

Tags: read novel Kapuru. | À¶Šà¶´À·”À¶»À·”. කපුරු 04🍃, novel Kapuru. | À¶Šà¶´À·”À¶»À·”. කපුරු 04🍃, read Kapuru. | À¶Šà¶´À·”À¶»À·”. කපුරු 04🍃 online, Kapuru. | À¶Šà¶´À·”À¶»À·”. කපුරු 04🍃 chapter, Kapuru. | À¶Šà¶´À·”À¶»À·”. කපුරු 04🍃 high quality, Kapuru. | À¶Šà¶´À·”À¶»À·”. කපුරු 04🍃 light novel, ,

Comment

Leave a Reply

Chapter 5