Kapuru. | À¶Šà¶´À·”À¶»À·”. කපුරු 05🍃

A+ A-

කරන්න ඕන මොකද්ද කියල නොතේරෙද්දි මම තාත්ත දිහාම බලන් හිටිය. ලොකු වැරද්දක් කරපු කෙනෙක් ගානට තාත්ත බිම බලාගත්ත.

එහෙම්ම හිටගෙන හිටපු මගේ අතින් අල්ලගත්ත අයියා මාව ඇදගෙන වගේ රෑම් එකට එක්කන් ගියේ අමේලි අම්ම අයියට කෑ ගහන අතරෙමයි.
රෑම් එකට එක්කම් ඇවිත් ටිකක් වෙලායනකම්ම අපි දෙන්න අතරෙ හුරුපුරුදු නිශ්ශබ්දතාවෙම තියෙද්දි කරේ එල්ලන් ඉදපු බෑග් එක මම ඇද ලග බිමට අත ඇරිය.
අයිය මම දිහාම බලන් ඉන්නව මට දැනුනත් මම එයා දිහා නොබලම ඇදෙන් වාඩි වුනා.

තිදස් ! තිදස් !

තිදස් ඇයි තමුසෙ කතා කරන් නැත්තෙ?

මම අයිය දිහා බලල හිනා වුනා. එයාගෙ ඇස් වල කදුලු දිලිසෙනව, කිසිම හැගීමක් නැති මගෙ හිස් ඇස් වලට ඒව එක එල්ලෙ වැටිල තිබ්බ.

ඇත්තටම මට මහන්සි මම දන්නෙ නෑ මට තේරෙන්නෙ නෑ මම මේවට react කරන්න ඕන කොහොමද කියල වත්. මම අයිය දිහාම බලන් හිටිය. එයාගෙ බැල්ම හරි කලබලෙන් මගෙ මූන පුරාම දුවනව.

‘´තිදස්, අඩන්න ඕනෙ නම් අඩන්න ´´

එච්චරයි !. එයාගෙන් ඊට වඩා වචන මම කෝමටත් බලාපොරොත්තු වුනේ නෑ.
ඇත්තටම මට මේ වෙලාවෙ අඩන්න ඕන මේ අවුරුදු ගානටම වෙච්ච හැමදේම වෙනුවෙන් මතක් කර කර අඩන්න ඕන. ඒත් මට බෑ. ඇත්තටම මට දැන් දැන් බයයි මම පුපුරල මැරෙයිද කියල වත්..

”ඔයා යන්න මම දැක් වොශ් දාන්න ඕනෙ මහන්සියි´´

මම එහෙම කියද්දි අයියගෙ ඇස් පුදුමෙන් ලොකු වුනා.
පුදුම වෙන්න දෙයක් නෑ. මට ඕන දැන් සීතලට වැටෙන වතුර යට හිටගෙන සනීපෙට ඇස් පියා ගන්න මට දැන් ඕන එච්චරයි. ස්කූල් ඉදල හවස ප්‍රැක්ටිස් වල බාගෙට මැරිල ගෙදර ආපු මට මහන්සි නැතිවෙයිද….
යන්න කිව්වට නොයා අයිය මගෙ ඇද උඩින් වාඩි වෙද්දි. මට එයා ගැන තරහක් හිතට දැනුන. මෙච්චර කාලෙකට මාව සහෝදරයා කර ගන්න බැරි වුන මනුස්සයා, මගේ දේකට ලග නොහිටපු මනුස්සයා, මේ වගේ වෙලාවක මට අනුකම්පා කරනව කියන හැගීමට මම වයිර කරා,

මම ඌව ගනන් ගන්නෙ නැතුවම,
ෆුට්බෝල් කිට් එකෙන්ම ගෙදර ඇවිත් ඉදපු මම ටීශර්ට් එක ගලවල හෝදන රෙදි දාන කූඩෙට දාල ටවල් එක අතට අරන් බාත්රූම් එකට යන්න හැරුනා.

”තිදස් ! ´´

”ඇයි මම දැන් තමුසෙට කිව්වෙ යන්න–´´

මට වචන සම්පූර්ණ කරගන්න වුනේ නෑ. වේගෙන් අඩි තියල මම ලගට ආපු අයිය මගෙ අතින් ඇදල පිටි පැත්ත හරවල මගෙ ඉන දිහා බලන් හිටියා. උගෙ අත් වෙව්ලනව මට ඒක දැනුන. අඩපු නිසාද තරහ ගිහිම්ද කියල හිතා ගන්න බැරි වුනත් ඒ ඇස් රත ගහල තිබ්බ.

”කවදද?  තිදස්!  මම  මේ උබෙන් අහන්නෙ කවදද උබ ටැටූ එක ගැහුවෙ´´

”ඔයාගෙ ප්‍රශ්න වලට උත්තර දෙන්න ඔයා මගෙ කව්ද? තමුසෙ කියන්නෙ එතන තිබුන තුවාල කැළැල දිහා බලන් හැමදාම දුක් වෙන්න කියලද?´´

”තිදස් it is a just accident
අනිත් එක එතන ඔයා වගේ ගොඩක් මිනිස්සු හිටියා ඒක වෙලා දැන් අවුරුදු ගානක් ඉතින් ඇ-´´

”මගෙ රූම් එකෙන් එළියට යනව. අනිත් එක ඒක නිකම්ම accident  එකක් නෙමේ ඒකෙන් නැති වුනේ මගේ ජීවිතේට වටිනම මනුස්සයෙක්´´

පිටේ ගහල තිබ්බ ටැටූ එක දැකල, ඌ කෑ ගහන්න තරම් මොනව තිබ්බද මම දන්නෙ නෑ.මේ වෙලාවෙ මට තිබ්බ එකම ප්‍රශ්නෙ ඒකත් නෙමෙයි. අල්ලන් ඉදපු අත ගසල ගත්ත මම. ඌට ඕන මගුලක් කර ගන්න කියල බාත්රූම් එකට ගිහිම් සද්දෙට දොර වහගත්ත. එතකොටම අයිය මගෙ කාමරේ දොරත් හයියෙන් වහගෙන යනව ඇහුන.
මම බාත්රූම් එකේ කන්නාඩිය ඉස්සරහින් හිට ගත්තා කම්මුලේ තාත්තගෙ ඇගිලි පාරවල් ලාවට හිටල රත ගැහිලා. යටි තොල අගිස්සෙන් පුපුරල එතනින් ආපු ලේ බින්දු දෙක තුනක් කැටි ගැහිල. ඇස් ලාවට රතු වෙලා ගියපු මහන්සි පාට මූන දිහා මම ටිකක් වෙලා බලන් හිටිය.

මම එහෙමම ටැටූ කරල තිබ්බ ඉන අතින් අල්ලල බැලුවා. තුවාලෙක කැළල හිටල තිබ්බ තැන ලාවට වගේ අතට අහුවෙනව. ටැටූ එක නිසා දැන් ඒ කැළල ඇස් වලට නොපෙනුනත් අතට දැනෙනව,

ඇස් වලට දාපු ලෙන්ස් ගලවල තියපු මම, ශවර් එක යටින් හිටගෙන ශවර් එකෙන් එන සීතල වතුරට මගෙ ගිනිගහන හැගීම් එකතු කරා.
ඇස් පියාගෙනම ටිකෙන් ටික මගෙ මතකෙන් මැකීගෙන යන ඒ තද කොළපාටට හුරු ඇස් මතක් කරා. ඕන තරම් වෙලා බලන් ඉන්න පුළුවන් හිනාව, හිනාවෙද්දි චූටි වෙන ඇස්, මුළු හිතම නිවල දාන්න පුළුවන් මල් සුවද, කැරලි ගැහිච්ච තද කලු පාට දිග කොන්ඩෙ.
අම්මගෙන් නොලැබුන අම්මෙක්ගෙ ආදරේ අඩුවක් නැතුව පොඩි වෙලාවකට හරි මට දැනුන ඒ ගෑණු සුවදට මම නොසෑහෙන්න ලෝභකම් කරා. මට තව එකම එක වතාවක්  ඒ හැගීම විදින්න තිබ්බ නම් කියල හිතෙන විදියට මේ වෙලාවෙ මම අසරණකමක් දැනුනා.

සුදු නැන්දි! අනේ ඔයා හිටිය නම්,

2019 පාස්කුව!. මට අම්මෙක් නොවී අම්මෙක්ගෙ ආදරේ දුන්න කෙනා. නතාලි ආන්ටි මම ආදරේට සුදු නැන්දි කියාගෙන පස්සෙ වැටිල ඉදපු ගැහැනු ආත්මෙ, අවුරුදු පහකට කලින් පාස්කුව එක්කම යන්න ගිහිම් තිබුනා.

අවුරුදු 9 වගේ පොඩි වයසකදි අහම්බෙන් පල්ලියෙදි හමුවුන අවුරුදු නමයෙපොඩි කොලුගැටයගෙ එකම මැදිවයසෙ යාලුව වුන නතාලි. එයාට පුළුවන් විදියට චූටි තිදස්ට අම්මෙක් වගේ ආදරේ වුනා. කම්මුල් රෝස පාට ,සිනිදු කොන්ඩෙ, දුඹුරු පාට මලානික ඇස් තිබුන, කා දිහා වත් ඇස් උස්සල නොබලන බෝනික්කෙක් වගේ ඉදපු චූටිම චූටි පිරිමි ළමයා නතාලිගෙ හිතේ ලොකු පදාසෙකටම අයිතිවාසිකම් කියල තිබුනා.
ජේසු බලන්න හැමදාම ඩ්‍රයිවර් එක්ක පල්ලියට දුවන මේ කොළුගැටය එච්චර උනන්දුවෙන් පල්ලි යන්නෙ ජේසු බලන්නද, නැත්තම් කාගෙ හරි අම්මෙක් වුන නතාලිගෙ ආදරේ හොයන්නද කියන එක තිදස් එක්ක එන ඩ්‍රයිවර්ට පවා පුදුමයක් වුනා.

එදා මුළු පල්ලියම ලේ විලක් වුනා. එදා දවසෙ වුන හැමදෙයක්ම මගෙ ඔලුවෙ බොදවෙච්ච දියසායම් චිත්‍රයක් වගේ ඇදිල තිබුනා.අවුරුදු හතරක් තිස්සෙ වාසු මැණික කියාගෙන මගෙ හැම දුකක්ම අහන් ඉදපු, පල්ලි එන හැම දවසකම කුකීස් හදන් ආපු. අඩන්න ඕන වුනාම ඇති වෙනකම් අඩල ඉවර වෙනකම් තුරුල් කරන් ඔලුව අතගාපු, මගෙම අම්මා රිද්දන හිත හරි ලස්සනට හැදුව එයා යන්න ගියා . හරි පරිස්සමට මාව ඒ අත් අස්සෙ තද කරන් රැකපු එයා යන්නම ගිහිම් තිබුනා.
සති දෙකකට පස්සෙ හොස්පිටල් ඇදක් උඩින් අවදි වුන මම එයාව හොයද්දි එයා මට නොකියම යන්න ගිහිම් තිබුනා.

ශවර් එක යට ඉදල වෙව්ලන ගමන් ඉදපු මම හරි සිහියට ආවෙ පැය දෙකක්ට ලන් වෙලා.
මම එහෙම්ම නාගෙන ඇවිත් රෑට නොකාම.ඇදට වැටුනා. කිසිම වැඩක් කරන්න හිතක් නොතිබුන නිසා නින්දක් අහලක වත් නොතිබ්බත් මම ඇදේම හිටියා.

මොහන් රාජ් මඩවල හරි! මිනිහෙක් ඇත්තටම මැරෙන්නෙ එයාගෙ හුස්ම නැවතිච්ච දවසට නෙමෙයි එයාව ආදරෙන් මතක් කරන්න කව්රුවත් නැති වෙච්ච දවසට  (මන්දෝදරී කෘතිය ඇසුරෙන්)

කව්රු හරි දොරට තට්ටු කරන සද්දෙ ඇහුනත් මම දොර අරින්න වත් ආව කෙනා කව්රු වුනත් කතා කරන්න උවමනාවක් නොතිබුන නිසා එහෙමම හිටියා.  ටික වෙලාවකින් දොරේ ලොක් එක ඇරෙන සද්දෙ ඇහුනත් මම නිදි වගේම හිටිය.
ඒ සුවද මට ඕනම තැනක ඕනම වෙලාවක අදුරගන්න පුලුවන් සුවද, තාත්තගෙ සුවද නිසා මම ඇස් නොඇරම හිටියා. ඇදේ පැත්තක් බර වෙද්දි ඒ සුවද මගෙ ලගින්ම දැනුන.

”තාත්තට සමාවෙයන් තිදස්. මම ආදරෙයි
මම එහෙම කරන්න හිතුවෙ නෑ. මම__ ම..ට සමාවෙයන්´´

ආදරෙයි කියල වචනෙන් නොකියන ක්‍රියාවෙන් ඔප්පු කරන තාත්ත, හිමින් හිමින් කියවන ගමන් මගෙ කම්මුල උඩ ඇගිලි ගෙනියනව. එයාගෙම පාරට රතු වුන කම්මුල උඩ එයාම හිමිහිට ඇගිලි ගෙනියනව.
ඇදේ පැත්තක් බර වුනා. ඒ ගොරෝසු ඇගිලි මගෙ කොන්ඩෙ අස්සෙ හරි සනීපෙට ඇදුනා.
කොච්චර කාලෙකට පස්සෙද කියන්න මතක නෑ. ගොඩක් කාලෙකට පස්සෙ මම තාත්තගෙ උණුහුමේ සනීපෙට ඇස් පියාගත්ත.

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

උදේ නැගිටල බලද්දි තාත්ත ගිහිම් හැබැයි එයා නිදාගත්තු තැන තාමත් උනුහුම්. හැමදේම අමතක කරල දවස පටන්ගන්න හිතන් මම හිමීට ඇදෙන් බැහැල බැල්කනි එකට යද්දිම තාත්තගෙ කාර් එක ගේට් එකෙන් එලියට  යනව දැක්ක.
මම වොශ් එකක් දාන් කිචන් එකට යද්දි සීත අම්මා කිචන් එක අස් කරනව.

”සුදු බේබි අවදි වුනාද, මම කතා කරෙත් නෑ අද නිවාඩු දවස නිසා. ලොකු මහත්තයත් දැන් ගියේ ඔන්න ලොකු බේබිත් උදෙන්ම ගියා, ලොකු නෝනත් කෑමවත් නොකා ගියේ ඔය´´

”ඔව් මම දැක්ක යනව, බඩ ගිනියෝ කන්න මොනාහරි දෙන්නකො අප්පා.ඊයෙ රෑට කෑවෙත් නෑ´´

”අර මොකද අප්පේ, ඊයෙත් රන්ඩුද සුදු බේබි!´´

”එහෙම ලොකුවට මුකුත් නැ සීත අම්මා´´

”හ්ම්ම්ම්ම්.. මට හිතුන ලොකු නෝනා උදේම මූනත් කුණ්ඩහට්ටිය කරන් යනව,අනේ මන්ද දරුවෝ.. ආහ් ඕන් ලොකු මහත්තය කිව්ව අද පන්ති යනකොට ඩ්‍රයිවර් කොලුව එක්කන් වාහනේ යන්න කියල´´

”ම්ම්ම්ම් බලමුකො, මට බස් එකේ යන්න පුළුවන්, එහෙමත් නැත්තම්…….. ´´

අද සෙනසුරාදා දවසක් නිසා අද බයෝ ක්ලාස් යනව කියල දන්න නිසා තාත්තා එහෙම කියන්න ඇති කොහොමත් මම බස් එකේ ගමන් යනවට කැමති නෑ . ඒත් වාහන වලින් ගිහිම් බහිද්දි අමුතු අවදානයක් ලැබෙන නිසා මම ඒකට ආස වුනේ නෑ. මම විතරක් නෙවෙයි අපේ සෙට් එකේ ඔක්කොම එහෙමයි.

”ඊට පස්සෙ මොකෝ වුනේ  කෙල්ල ආයෙ ආවෙ නැද්ද ගෙදර´´

”මොන ඒමක්ද සුදු බේබි ඒකි පැනල ගියේ ගෙදර මහඋන්දැලගෙ මූනවල් වල දැලි ගාල කොට ඒ මිනිස්සු ආයෙ ඒකිව ගෙදට්ට වද්ද ගත්තෙ වත් නෑ´´

”ඇයි සීත අම්ම මූනෙ දැලි ගාල ගිහින් තියෙන්නෙ තරහටද´´

සීත අම්මලගෙ ගෙවල් පැත්තෙ කෙල්ලෙක් ගෙදරට හොරා කොල්ලෙක් එක්ක ගියපු කතාව අහන් ඉදපු මම, මූනෙ දැලි ගෑව කිව්ව එක නොතේරුනා වෙද්දි මම සීත අම්මගෙන් එහෙම ඇහුව.
මම උදේට කාල, සීත අම්ම එක්ක ඕප දූප කියව කියව ඉදල. එයත් ගෙදර ගියාම මම ගාඩ්න් එකට ආවා, මුලු ගාඩ්න් එකේම බිමට උදුපියලිය වවල මම ස්ලිපර්ස් දෙක ගලවල ගාර්ඩ්න් එක වටේම ඇවිද්දා එහෙම ඇවිදිද්දි කකුල් වලට හෙන සනීපයි. මම ආසාවෙන් හදපු කපුරු පාත්තියෙ එක එක පාටින් පොහොට්ටු ගොඩක් පිපිල. මම ආසාවෙන් ඒ දිහා බලන් ඉද්දි ෆෝන් එක රින් වුනා. ශෝර්ට් එකේ සාක්කුවෙන් ෆෝන් එක අරන් මම කෝල් ආන්සර් කරා

”කොහෙද කදුකර හුප්තෝ ඉන්නෙ තෝ ඔන්ලයින් එන්නෙත් නෑ මොකද්ද වෙලා තියෙන්නෙ උබට´´

ෆෝන් එකෙන් ඊශ්වරයගෙ කටේ සද්දෙ ඇහෙද්දි මම ෆෝන් එක කන ලගින් ටිකක් එහාට ගත්තෙ මුගෙ කටේ සන්ඛ්‍යාතය වැඩි නිසා කන් බෙරේ පුපුරයි කියල බයට

”හපෝ ගෙදර ඉන්නෙ බන් තව ටික්කින් ක්ලාස් එනව උබ එනවනෙ´´

”ඔව් ඔව් එනව 12 වෙද්දි වරෙන් බල්ලෝ ´´

”ම්ම්ම්ම් මම එන්නම්, ආවම වත් උබෙයි සියොත් අයියගෙයි හුට පටේ කියපන්´´

”අනේ හරි හරි මා පුතා ඒකට තමා කලින් එන්න කිව්වෙ මම ‍එහෙනම් ඇමතුම විසන්දි කරනව හර්තේ…… පරිස්සමෙන් වරෙන් මා පුතා´´

”හරී…. බායි´´

ඊශ්වරයගෙ කෝල් එක ඉවර වෙලා මම ගේ ඇතුලට යන්න හැරුනත් මගේ කකුල් ඉබේම ගැරේජ් එක පැත්තට ගියා
මම ගැරේජ් එක ඇතුලට ගිහිම් ඒකෙ අයිනට වෙන්න වහල දාපු බයික් එක ලගට ගියා.
තාත්ත අරන් දුන්න බයික් එක ලොකු ලොකු බයික් වලට ආසාවක් නොතිබ්බ මම ආස වුන  yamaha xsr155 බයික් එක වහල දාපු ටෙන්ට් රෙද්ද අයින් කරා.

තාත්තගෙ පවර්ස් වලින් දහ අට ලබන්නත් කලින් ගත්ත ලයිසන්ස් නිසා පාරට වාහන දාන එක නතින් වුනාට ගිය අවුරුද්දෙ වැටිල අඩු කඩාගත්තම් පස්සෙ තාත්ත මට ඩ්‍රයිවින් තහනම් කරා.

මම දුවල ගිහිම් කාබරේ තිබ්බ බයික් යතුර අරන් ආව. ගැරේජ් එකේ තිබ්බ තෙල් ගැලුමෙන් බයික් එකට තෙල් දාල ස්ටාර්ට් කරාම අලුත් වගේම බයික් එක ස්ටාර්ට් වුනා.
එතකොට මම තීරනේ කරා ආයෙ ක්ලාස් යන්නෙ බයික් එකේ කියල.
මම දුවල ගිහිම් නාල කාල ක්ලාස් යන්න ලෑස්ති වෙලා පහලට ආව.

”සුදු බේබි යන් මම ගිහින් දාන්නම්´´

”ඕනෙ නෑ අනිල් අයිය මම බයික් එකේ යන්නම්´´

”අනේ ඒක නම් කරන්න දෙන්න බෑ සුදු බේබි ලොකු සර් මගේ ඔලුව ගලවයි යන් යන් මම ගිහිම් දාන්න´´

”අයියෝ බය වෙන්න එපා අනිල් ඔයාගෙ ලොකු ස´ එන්න කලින් මම ගෙදර එනව. මොනා හරි වුනොත් මම බලාගන්නම්´´

”බලයි බලයි සර් මගෙනෙ ඔලුව පලන්නෙ´´

නහයෙන් අඩන ඩ්‍රයිවර් අයියට දිව ඇදල මම බයික් එක අරන් ක්ලාස් එකට ගියා.

” දෙයියනෙහ් දෝනීහ්……………… බයික් එකේද ආවෙ දෙයියෝ අයිනෙන් ගාල් කරල වරෙන්කො එහෙනම්´´

මම ක්ලාස් එක ලග පාකින් එකට බයික් එක දාද්දි සිත්රුයි ඊශ්වරයි කට ඇරන් මම දිහා බලන් ඉදල , සිත්රු පිස්සට හැතැක්ම නෑ වගේ කියවන්න ගද්දි. ඊශ්වර නම් මට දාගෙන රවන්න ගත්ත. කලින් වැටිල අඩු කඩන් ගෙදර ඉදපු දවස් වල මූ මගේ මහප්ප වගේ මගේ වැඩ කරපුව මතක් වෙලා වෙන්න ඇති.

අපි තුන්දෙනා ක්ලාස් හෝල් එකට යද්දි , pure ක්ලාස් ඉවර වෙලා ළමයි හෝ ගාල එලියට එනව. ළමයි දාස් ගානක් මැද්දෙ හොදටම හයිලයිට් වෙලා එන එයා දැකල මගෙ කට ඇරුනා……….

”රාදෙව් අයියා!´´

කියවල වෝට් එකක් දාන් යන්න මල් පාත්ති පැටව්නේ…………..! මම ඔයාලගෙ 
                                                      දාස්.. 🐳

Meanwhile ඈතින් එන රාදෙව් අයියව දැක්කම මල්පාත්ති පිශ්ශො ටික=-

තිදස් පුත්‍රයගෙ ටැටූව ඉදිරි චැපියකින් ගේන්නම් මා පුතාලා………….

Tags: read novel Kapuru. | À¶Šà¶´À·”À¶»À·”. කපුරු 05🍃, novel Kapuru. | À¶Šà¶´À·”À¶»À·”. කපුරු 05🍃, read Kapuru. | À¶Šà¶´À·”À¶»À·”. කපුරු 05🍃 online, Kapuru. | À¶Šà¶´À·”À¶»À·”. කපුරු 05🍃 chapter, Kapuru. | À¶Šà¶´À·”À¶»À·”. කපුරු 05🍃 high quality, Kapuru. | À¶Šà¶´À·”À¶»À·”. කපුරු 05🍃 light novel, ,

Comment

Leave a Reply

Chapter 6