Kapuru. | À¶Šà¶´À·”À¶»À·”. කපුරු 06🍃

A+ A-

රාදෙව් අසුරයා ඇයි මේ පැත්තෙ ආආආඅශ් මූ මැත්ස්නෙ . බේබි බ්ලූ කොට්න් ශර්ට් එකට වයිට් ඩෙනිම් එක ඇදල සයිඩ් බෑග් එකක් දාගෙන තුන්සිය හැටපස් දවසෙම මට රවන මූනෙ හිනාවකුත් දාගෙන අපි ඉන්න පැත්තට එන රාදෙව් කාරය දිහා මම ඇසුත් චූටි කරන් බලන් හිටිය. මුගෙ ශර්ට් එකේ බටන්ස් තියෙන්නෙ අපරාදෙ, පපුව ලගටම බටන්ස් ගලවගෙන.

”අඩේහ් මේ තුන්කට්ටුව හැමතැනම ඉන්නවනෙහ්. අද ක්ලාස්ද´´

”ඕ ඉතින් නැතුව පැල් රකින්න ආව එකක්යැ´´

අනූර්ථ අයියා අපිව දැකල අපි ඉන්න පැත්තට ඇවිත් සිත්රුගෙ කරට අත දා ගත්ත.
රදෙව් අයියගෙ ඇස් මගෙ මූන පුරාම දුවල මගේ පුපුරපු ලිප්ස් දිහා බලල නලල රැලි කරන් මගෙ ඇස් දිහා බැලුව. මම ඉක්මනට සියොත් අයිය දිහා බලල ඌත් එක්ක කතවකට වැටුනා

”තිදස් මල්ලි මොකෝ වුනේ කව්ද කට කෑවෙ´´

ආආආආ මේ බේස අනූර්ථයව කන්න හිතයි මට. ඌටත් මගෙ තොලෙම් වැඩක් නැහැනෙ

”මම උබ වගෙ කෙල්ලොන්ට කියල කට කවාගන්නෙ නෑනෙ අයියේ මේ හදිස්සියට දුවද්දි දොරේ වැදිල පොඩ්ඩක් කැඩුනා´´

මම සිත්රුටයි ඊශ්වරයටයි කියපු බොරුවම අයියල තුන් දෙනාටත් කිව්වා.සියොත් අයියයි අනූර්ථ අයියයි ඒක පිළිගත්ත පාටක් තිබුනත් රාදෙව් අයිය ඇහිබැමි එකට යා කරන් මම දිහා බලන් හිටියා, එයාගෙ බැල්මෙ තිබ්බෙ මොන වගේ හැගීමක්ද කියල මට තේරුම් ගන්න බැරි වුණා.

”ප්‍රනාම්, චුට්ටක් කතා කරන්න පුළුවන්ද? ක්ලාස් පටන් ගන්න වෙලා තියෙනවනෙ´´

සියොත් අයිය මන් දිහාත් බලල ඊශ්වරයගෙන් ඇහුවම ඊශ්වර පගය මම දිහා බලල හෙන අහින්සක හිනාවක් දැන්ම නිසා මට බෑ කියන්න බැරි වුනා.

”වැඩි වෙලාවකුත් නෑනෙ ,පාරෙ ඉන්නත් බෑනෙ පාර්කින් ලොට් එක ලගට ගිහිම් එමුද?´´

”ම්ම්ම් ගිහිම් එමුද තිදස්´´

”හ්ම්ම්. යන්´´

අපි හය දෙනාම පාර්කින් ලොට් එක ලගට ගිහිම් රාදෙව් අයියල බයික් එක නවත්තල තිබ්බ තැනින් හිටිය, සියොත් අයියා ඊශ්වර පගයවත් ඇදගෙන උගෙ BMW එකට නැග්ග. ඇමති පුත්තුනෙ ඉතින්.
අනූර්ථ අයියා සිත්රුගෙ කරට අත දාන් අපි ඉන්න තැනින් එහාට ගියේ රාදෙව් අයියට ඇහැකුත් ගහගෙනම.. ආආආආශ්….. මූන් නම් හරිම වේස මිතුරො.
මම ගිහිම් රාදෙව් අයියගෙ බයික් එකට එහා පැත්තෙන් නවත්තල තිබුන මගේ බයික් එක උඩින් වාඩි වුනා. ආහ් ඇයි මට කලින් මීටර් නොව්නෙ මේ මුගෙ බයික් එක කියලා.
දෙකම yamaha වෙනස් මොඩ්ල් .

”ආයෙම බයික් එක ගත්තද?´´

”ආහ්!´´

මට හිතෙන්නෙ මට ඇහුන හැටි වැරදිවත්ද, මූ කොහොමද ඒක දන්නෙ මට දැන් උබතොකෝටික ප්‍රශ්න රැසයි. මම නිකම් ලස්සපති එකේ චන්දන සූරියබන්ඩාර වගේ ඒකා දිහා බැලුවම ඌ අහක බලාගත්තා.

”මෙහ් රදෙව් අයියෙ ඔයා කො-´´

”තමුසෙ කාගෙන්ද ගුටි කෑවෙ කියනව කාත් එක්කද වලියක් දා ගත්තෙ,´´

”පිස්සුද මම එහම කා එක්ක වත් රන්ඩුවට යන්නෙ නෑ. මේක මේ…  දොහ්..දොරේ වැදිල´´

”මේ පාර මම ඕක පිලිගන්නම්. ආයෙ මට බොරුවක් කියන්න හරි කරන්න හරි කලින් දහ පාරක්වත් හිතනව වාසු!´´

කලින් මට කතා නොකරපු මගෙ නමේ කෑල්ලක් එක්ක තර්ජනේ නොකර තර්ජනේ නොකරපු එයා මගෙ අතින් ඇදල එයා ලගට ගත්ත. මට හුස්ම ගන්න අමාරුවෙලා ගිහිම් ඇස් දෙක බෝල වෙලා ගිහිම් කට ඕ අකුර වගේ උනේ මොකද්ද උනේ කියල හිතා ගන්න බැරුව.
මම ඇස් ලොකු කරන් එයා දිහා බැලුවම එයා කට කොනකින් හිනාවෙලා මගෙ පුපුරල තිබ්බ යටි තොල දිගේ එයාගෙ මාපට ඇගිල්ල හරි පරිස්සමට අරගෙන ගියා.
එයාගෙ පර්ෆි‍යුම් සුවද මගෙ නාස් කුහර අස්සෙන් ගිහින් පෙනහළු පිරෙව්වා ඒක හරි ලස්සන සුවදක් මට හිතා ගන්න බෑ ක්‍රීඩ් පර්ෆියුම් එක මෙච්චර සුවදද කියල වත්. ඒක කියන්න තේරෙන්නෙ නැති පිරිමි සුවද මික්ස් වෙච්ච සුවදක්.මගෙ හාර්ට් එක පිස්සට හැතැප්ම නෑ වගේ ගැහෙන්න ගනිද්දි මම මටම කියා ගත්තෙ ”හුප්තෝ තිදස් උබ ස්ට්‍රේට් යකෝ ස්ට්‍රේට්!´´
එක පාරට උනේ මොකද්ද කියල හිතා ගන්න බැරුව හිටපු මාව රාදෙව් අයිය,අත ඇරල ඉක්මනට වට පිට බැලුවෙ කව්රුවත් ඉන්නවද කියල වගේ.

”අම්හ්හ්හ්! ඔය දොරේ වැදිල කඩා ගත්ත එකේ මොනව හරි ගා ගන්නව.අනිත් එක ඊශ්වරට කෑ ගහන්න යන්න එපා. අපේ එකා ඊශ්වරගෙන් ආස්ක් අවුට් කරේ ඊශ්වර ග්‍රේඩ් ඉලවන් වලදි එක්සෑම් ලියල උත්තරයක් දෙන්නම් කියල ඉදපු එකා දැන් අපේ සියොත්ව මග අරින නිසා ඌට තරහ ගිහිම් ඔය  උන්ගෙ ප්‍රශ්න උන් බේර ගනීවි තමුසෙ මැදින් පනින් නැතුව ඉන්නව´´

”ම්ම්ම්ම් ඊශ්වර මට ටිකක් ඒ ගැන කිව්වා´´

රාදෙව් අයිය හෙන හෑල්ලක් කියවල මගේ කොන්ඩෙ අව්ල් කරා. එතකොටම අනූරථ අයියයි සිත්රුයි මේ පැත්තට ආව.

”කෝ අර ඩබල වෙහිකල් එක ඇතුලෙ හනිමුන් ගිහිම්ද´´

”ගෙරි කතා කියන්න එපා………අයියෙ උන් දෙන්න උබ වගේ නෑ. මට මතකයි දවසක් උබේ වෙහිකල් එක ඇතුලෙ තිබිල අපිට අහු වුනා කෙ–´´

”කට වහපම් පොඩි පගය මම දැන් එහෙම නෑ. මම සිතුවම්ට කැමති නිසා හැදිල ඉන්නෙ´´

”උබ කැමති කිව්ව විතරයිනෙ බන් අයියෙ ආදරෙයි කිව්වෙ නෑනෙ´´

සිත්රුයි අනූර්ථ අයියයි මරා ගන්න මැද්දට මමත් පැනල ඇඩ් කෑලි දැම්මා. එතකොට ඊශ්වර පගා සහ සියොත් පගා ඈතින් එනව පෙනුනා, ඊශ්වර පගා නම් රත ගහල වගේ රතු වෙලා.සියොත් අයිය නම් මනමාල හිනාවක් දාගෙන එනව

”අඩ්ඩෙහ් මෙන්න මූ මොකෝ මයෙ අම්මා උබට උන රක්තපාතෙද ´´

”අනෙ ඉදපන්කො තිදස් අපිත් දැක්ක උබල මෙතන පැලිච්චතොල් වලට බේත් දානව, උබ රතු බැරි නම් කොළ වෙයන් සුදාම්මී. තිදස් තෝ පල අහකට´´

මම ඊශ්වරයට කින්ඩි දාන්න ගන්නකොට හිතහොද කට කුනු සිත්රු මගෙ සායමත් හේදුවා.

”මචන් දැන් වැඩේ සෙට්නෙ, අපෙ අප්පෝ එකෙක් නම් ගොඩ දැන් අපි දෙන්න තමා සුදා ඉන්නෙ´´

අනූර්ථ අයියා දෝණිඇන්දල දීඝ දෙන්න ඉන්න අම්මෙක් වගේ රාදෙව් අයියව බදාගෙන විලාප දෙන දිහා අපි හැමෝම ජුගුප්සාජනකව බලන් හිටියා.

”ක්ලාස් එකට යන්න දැන් පරක්කු වෙනවනෙ´´

”හරී අපි යනව ඔයාල ඔක්කොම එහෙනම් පරිස්සමෙන් යන්න´´

මම අයියල තුන්දෙනාටත් එහෙම කියාගෙන මගෙ සගයො දෙන්නත් ඇදගෙන ක්ලාස් එකට එන්න ආවා.

” වාසු!´´

හැගීම් පිරිල උතුරන්න ඔන්න මෙන්න කටහඩකින් මගේ නමේ මම ආසම කෑල්ල කියල කතා කරද්දි මට මතක් වුනේ මීට අවුරුදු පහකට කලිම් ඔය විදියටම මට කතා කරපු සුදු නැන්දි!

”අහ්…අයියේ!´´

”බයික් එක ඩ්‍රයිව් කරද්දි පරිස්සමෙන් ´´

එච්චරයි කියන්න ඕන දේ කියල එයා ගියා. මගෙ හිතට පුදුම විදියෙ පාලුවක් දැනෙද්දි මම ඊශ්වරල එක්ක කතා නොකරම ක්ලාස් එකට ගියා.

දවසම බයෝ අහන් ඉද්දිත් හෙන බෝරින් නිදා වැටෙන සිත්රුට කවකට්ටෙන් ඇන ඇන ලෙසන් එක ඉවර වෙනකම්ම මම ඒකටම ෆෝකස් කරන් හිටියා.
ක්ලාස් ඉවර වෙලා සිත්රු අම්ම එක්ක ගෙදර යද්දි මම ඊශ්වරත් දාගෙන ගෙදර ගියා. උන්ගෙ ගෙදර ලගින් ඌව හලල හෙන කාලෙකින් අතට ගත්ත දඩු මොනරෙත් හයියෙන් රේස් කරන් ගියේ හිතට ආපු චිල් එකටමයි.
පිඹගෙන ආපු මම ගෙදර පේන මානෙදි වේගෙ අඩු කරල සිරිමත් වගේ බයික් එක ගේට් එකෙන් ඇතුළට දැන්ම විතරයි,

තාත්ත විකට් කූරකුත් තියන් ඔෆිස් ගිය ඇදුම් පිටින්ම දොරකඩ තියාපු බහිරව රූපෙ වගේ හිටියෙ ඇස් දෙකෙන් දුන් පිට වෙවී. ඒ හිටපු විදියට මගෙ පුපෙන් දුම් පිට වෙන්න අද හම්බෙයි කියල මගෙ ඔලුවෙ ඇතුලෙ ඉන්න මෑන් කන්කෙදිරි ගෑව.
මම හෙල්මට් එක දාගෙනම තාත්ත ලගට ගිහිම් පසග පිහිටුවල වැන්ද. අපි දෙන්නම ඊයෙ දවසෙ රන්ඩු සරුවල් ඔක්කොම අමතක කරල දාල හිටියෙ.

”පියානෙනී මාආආආහ් නැවත උපන්නොත්
අපාර වූඌඌඌ මේ සන්සාරේ ඔබේම පුතු වේවාආආආආ……..´´

”අනේ ඇයි තෝ මගේ ළමයම වෙලා මගේ ලේ පුච්ච පුච්ච ඉන්නද, නැගිටපන්
හුහ්….. ට්‍රව්සර් එකේ එල්ලෙන්න එපා අයිසෙ´´

”ගහන් නෑ කිව්වොත් නැගිටින්නම්´´

”හරි ගහන් නෑ නැගිටපන් උබ ආයෙ බයික් එක ඇල්ලුවොත් අඩු කඩනව සුදූ ඒක මතක තියා ගනිම් . මගේ ඇගේ ලේ පුච්චන් නැතුව ඉන්නව තිදස් මගෙන් අහල වත් නෙමෙයි බයික් එක පාරට දැම්මෙ අද,
කලිම් පාර ඇක්සිඩන්ට් වෙලා අර පොඩි එකෙක් ඉදපු නිසා උබව හොස්පිටල් ගිහිම් දාල තිබුන නැත්තම් උබ මැරෙන්නෙ එදා කානුවෙමයි´´

” සමාවෙන්න අනේහ් ආයෙ නෑ,
අප්පද බොල මෙයා මොකද මේ දන ගහන්?´´

තාත්තට නොවදිනා වැදුන් වැදල බේරිල ගෙට යන්න හදද්දි දැක්කෙ අනිල දන ගහන් ඉන්නව

”අනේ නිකන් යන්න සුදු බේබී යන්න ඔයා නිසා  තමා මේ. ඔයා බයික් එක අරන් ගිය නිසා තමා මේ ලොකු ස´ මට ”දනගහපිය´´ කිව්වෙ´´

”හරි හරි අනේ සොරි අද විතරයිනෙ දැන් නැගිටිනෝ තාත්ත ගියානෙ´´

මම අනිල් අයියටත් ශේප් එකක් දාන් රූම් එකට යන්න යද්දිම කිචන් එකේ ඉදන් ආපු අමේලි අම්මා මටයි තාත්තටයි දෙන්නටම ගස්සන් උඩට ගියා. තාත්ත මන් දිහා බලල ඇහැක් ගහල එයත් අමෙලි අම්ම පස්සෙන් උඩට ගියා.මම රූම් එකට ගියා විතරයි ෆෝන් එක වයිබ්බ්‍රේට් වෙන්න ගත්ත.
අදුරන්නෙ නැති නම්බර් එකක් වුනත් මම කෝල් එක ආන්ස්වර් කරා

”හෙලෝ´´

”තමුසෙට පිස්සුද අයිසේ_________´´

______________________________________________

කියවල වෝට් එකක් දාල අඩුපාඩු කියන් යන්න දරුවනේ. ගිහිම් එන්නාම්ම්ම්ම්………….
මම ඔයාලගෙ
                       දාස්🍃🐳

Tags: read novel Kapuru. | À¶Šà¶´À·”À¶»À·”. කපුරු 06🍃, novel Kapuru. | À¶Šà¶´À·”À¶»À·”. කපුරු 06🍃, read Kapuru. | À¶Šà¶´À·”À¶»À·”. කපුරු 06🍃 online, Kapuru. | À¶Šà¶´À·”À¶»À·”. කපුරු 06🍃 chapter, Kapuru. | À¶Šà¶´À·”À¶»À·”. කපුරු 06🍃 high quality, Kapuru. | À¶Šà¶´À·”À¶»À·”. කපුරු 06🍃 light novel, ,

Comment

Leave a Reply

Chapter 7