Kapuru. | À¶Šà¶´À·”À¶»À·”. කපුරු 07🍃

A+ A-

´´මොක්ක–´´

”පාරෙ රේස් ගිහිම් මගෙන් කුනුහරුප අහ ගන්නෙ නැතුව ඉන්නව වාසු´´

බීප් බීප් බීප්…….

What the……. වාසු? , මට වාසු කියන්නෙ එකයි මේ රාදෙව් අයියද ඌ කොහොමද දන්නෙ මම ස්පීඩ් ආව කියල අනික මගෙ නම්බර් එක කොහෙන්ද මේ මහ පගට හරි හරි හුප්තවල් තමා වෙන්නෙ.

Brzzzzz

මැසේජ් එකක්. කව්ද අප්පේ……..

Mama radew mage number ek save da gannawa

මම හිතුව හරි අසුරය තමා ආආආආඅ මට මූව කන්න ඇහැකි.මම ෆෝන් එකටත් රවල ටවල් එක අරන් බාත්රූම් එකට ගියේ නාගන්න.
මම ඇස් වලට දාන් ඉදපු කලු පාට ලෙන්ස් දෙක ගලවල පැත්තකින් තියල කන්නාඩියෙන් පේන මගේ දුඹුරු පාට, කොළපාට මික්ස් වෙච්ච හේසල් කලර් ඇස් දිහා බලන් හිටියා.
පාස්කු ඇක්සිඩන්ට් එකට කලින් මගේ ඇස් දුඹුරු පාටයි. ඔව් ඒව දුඹුරු පාටට හුරු මහ කන පාටක් . මගේ අම්ම කිව්වා හරි ඒව හරි මූසල පාටයි.

තමුන්ගෙ ඔය මූසල පාට ඇස් වලින් මම දිහා බලන්න එපා, උදේ පාන්දරම ඔය මූසල ඇස් අරන් මගේ ඉස්සරහට එන්න එපා.´´

ඒ දවස් වල අම්මගෙන් කිය උනේම ඔය වගේ වචන වෙද්දි මගේ හිතේ ඒව මැකෙන්නෙ නැති වෙන්නම නෝට් වෙලා තිබුණා.මගේ භාගෙට පිය වුණු ඇස් ඒවට තිබුණු මූසල පාට තව වැඩි කරන්න ඇති.
ඇක්සිඩන්ට් එකෙන් මගෙ ඇස් වලට ලොකු ඩැමේජ් එකක් වුනු නිසා. මගෙ ඇස් බද්ද කරල තිබුණා. ඒකත්……….මට ඇස් ඩොනේට් කරල තිබුනෙ සුදු නැන්දි.
එයාගෙ ඇස් මගෙ ලග පරිස්සමට තියල එයා සදහටම ඇස් පියාගෙන තිබුණා.
මොන කරුමෙකටද කියන්න මම දන්නෙ නෑ. එයාගෙ කොළ පාට ලස්සන ඇස් මට දුන්නට පස්සෙ ඒව මගේ මූසලයි කියන දුඹුරු පාට එකතු වෙලා තිබුණා.

මට ඕන වුනේ නෑ. සුදු නැන්දිගෙ ඇස් වලටත් කව්රුම හරි මූසලයි කියනවට. මම එදා ඉදන් ඇස් වලට තද කලු පාට ලෙන්සස් දාන්න හුරු වුනා.ගෙදර අය ඇරෙන්න ඒක දන්න එකම කෙනා ඊශ්වර විතරක් වුනා. මම හිතෙන් සුදු නැන්දිට දාස් වාරයක් පින් දුන්නා. එයා නිසා මට අද ලෝකෙ දකින්න පුළුවන් වුණු එකට. ඒවගේම මම දාස් වාරයක් සමාව ඉල්ලුවා මගෙ ඇස් වල තිබ්බ මූසල පාට එයාගෙ ඇස් වලට ගෙනාව එකට.

මම කල්පනා කර කරම වොශ් දාගෙන ඇවිත් තේ එකකුත් හදාගෙන පොත් මේසෙට වාඩි වුනා. ෆෝන් එක අතට ගත්තම් මතක් වුනේ අර අසුර රාදෙව්ගෙ නම්බර් එක සේව් කරන්න කිව්ව නේද කියල. මම කෝල් හිස්ට්‍රි එකෙන් උගෙ නම්බර් එක  HP Asuraya🧝‍♂️ කියල සේව් දාගත්තා. මම එහෙමම වට්සැප් එකට ගියේ මුගෙ ඩීපී එක මොකද්ද කියල බලන්න හිතන් 
මම ඩීපී එක ටච් කරනවත් එක්කම ඩීපී එක චේන්ජ් වුණා.
Oh shit! රාදෙව් අයියේහ්!

උගෙ ඩීපි එක දැක්ක පාර මගෙ අතින් ෆෝන් එක මේස උඩට අත ඇරුණා. මග් එක අල්ලන් ඉදපු අතත් වෙව්ලන්න ගත්තා.
තිදස්……..! උබ gay නෙමෙයි straight! straight !
ෆෝන් එක ආයෙම අතට ගත්තු මට හුස්මත් හිර වුනා. මල හත්ති හුත්තයි.මගෙ අතින් ඌට වීඩියෝ කෝල් එකක් යනවා මම ඒක ඉක්මනට කට් කරල ෆෝන් එකේ ඩේටා ඕෆ් කරා.ආආආආඅශ් ඌ දැක්කද දන්නෙ නෑ,  මූ මොනා හිතයිද දැන් අනේ සියොත් අයියේ අපි ඉවරයි !!!

ටික්කින් ෆෝන් එක රින් වෙන්න ගනිද්දි නම් මගෙ බඩේ බිත්තර තැම්නෙන ගානට රත් වෙන්න ගත්තා. ඕහ් ශිට්! රාදව් අයියාහ්! මම ඩේට ඕෆ් කරපු නිසාමද කොහෙද නෝර්මල් කෝල් එකක් ගන්නෙ. ඔන්න ඔහෙ ආන්සර් කරනව. මොකෝ ඕක මාව උල තියන්නද.

”හෙලෝව්´´

”ඇයි?´´

”ඒහ්!´´

”ඒහ් à·„à·–à·„à·Š නෙමේ ඇයි කෝල් කරේ?´´

”ආහ් නෑ අයියේ මම අහන්න හැදුවේ…. මම බයික් එකේ ස්පීඩ් ආව කියල දන්නෙ කොහොමද ?´´

”ආහ් ඒකටද වීඩියෝ කෝල් එකක් ගත්තෙ, මම හිතුවෙ මාව බලන්න ඕන වෙලා කියල´´

ආශ්…..වැරදිලා ගත්තෙ කිව්වොත් ඩීපි එක බලන්න ගිහිම් කියල දැන ගන්න නිසා මම කටට ආපු බොරුවක් අත ඇරියත් මූ මාව මඩවන්න තියාගත්තා.

”අහ් ම්ම් න්නැහ් ඒ වැරදිලා ආවෙ,මම තියන්නම්´´

”නෑහ්!!! ඉන්න´´

”ආහ්. කියන්න අයියේ´´

”මේ මම මෙ කියන්න හැදුවෙ ආහ්, හෙට ප්‍රැක්ටිස් හවස නවතින්න බලන් එන්න ගෲප් එකේ දාල තිබ්බ බලන්න´´

”හරි, තැන්ක්ස් අයියේ´´

”ම්ම් හරි, බායි!´´

බීප් බීප් බීප්!

ඔය පේන්නෙ නැද්ද මැනර්ස් කියල දෙයක්   නෑ මෙ පම්කයට මම බායි කියන්න කලින්ම කට් කරා. හෙට හවසත් ඉදහන්කො දැන් ඉතින් .

මම ඔක්කොම පැත්තකට දාල රෑටත් කාල පාඩම් කරන්න ගත්තා. කොහොමත් මම මේ මගුල් එක්සෑම් එක ෆේල් උනොත් මට වෙන්නෙ තාත්තගෙ කම්පැනි එකේ ලැට් හෝදන්න කියල තාත්ත කියල තියෙන නිසා පාඩම් කරන එක ඇගට ගුණයි. තාම හැම එකේම මුල් හරිය උගන්නන නිසා මහා ලොකුවට පාඩම් කරන්න දෙයක් නැතත් මම. පාඩම් වල අන්තිම ඉදන් මුලට පාඩම් කරන්නෙ. මට හැමතිස්සෙම ටැපලෙන ප්‍රභාසංස්ලේෂණයේ C4 ,C3 චක්‍ර පාඩම් කරල කෙමෙස්ට්‍ර් වල රසායනික ගණනය ගනන් ටිකකුත් හදල ෆෝන් එකෙන් වෙලාව බලද්දි 1.20යි . එහෙමම ඇදට වැටුනෙ පහුවදාට ස්කූල් යන්න ඕන නිසා.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
මම උදේ නැගිටිද්දි හොදටම පරක්කු වෙලා දඩ බඩ ගාලා ලෑස්ති වෙලා පාරට දිව්වෙ බස් එකක් අල්ල ගන්න. එදා රණ්ඩුවෙන් පස්සෙම අයියා මාව මගාරින්න අරන් කියල මට තේරුනා. ඒ නිසාම මම ආයෙ දිගටම බස් එකේ ගමනට යන්නෙ.එක අතකට මොනා වෙනවද කලිනුත් අපි එච්චර ඇයි හොදයියක් තිබ්බෙ නැහැනෙ. කෑම මේසෙදි වුනත් කතාවක් තිබ්බෙ නෑ. තාත්ත මම එක්ක කතා කරන ටිකයි. අමේලි අම්මාගෙන් මට වෙන හින්ට් පාස් ටිකෙන් තමා කෑම මේසෙ පාලුව යන්නෙ. එවෙලෙට තාත්ත මගෙ මූන දිහා බලන්නෙ හෙනම අසරණ විදියට. මම ආසම නැති බැල්මක් ඒ ඇස්වල ඇදිල තියෙද්දි මට දුක හිතෙනවා. ඒ වෙලාවට මම තාත්ත එක්ක කට පුරා හිනා වුණාම තාත්ත හරි අහින්සක විදියට හිනාවෙනවා. කලාතුරකින් හිනාවෙන තාත්තගෙ මූනෙ ඒ විදියෙ හිනාවක් ඇදෙද්දි මට හරි ලෝභයි.

තාත්තට ලව් ලයිෆ් එකක් තිබ්බෙම නැහැ. එකාතකින් තාත්තට ලැබුන කෙනායි තෝරගත්තු කෙනායි දෙන්නම වැරදි තේරීම් වෙද්දි තාත්ත ඕම හරි ඉන්න එක ගැන මට සතුටුයි. මට එක සැරේට බය හිතුනා. කවද හරි දවසක මගේ පාර්ට්නර් එහෙම උනොත් හනේ………..කිරි අම්මේහ් මට නම් ලව් එපා හැබැයි සෙස් නම් ඕකේ වගේ එකක් පටන් ගන්නවා එක්කො. ඒව්ව්ව් තිදස් මොනාද උබ මේ හිතන්නෙ
මම විකාර හිත හිත ඉද්දි ඈතින් ආපු ctb බස් එකට අත දාල එල්ලුනා. උදේ ස්කූල් යන ළමයි වැඩි නිසා යන්තන් ෆූඩ් බෝර්ඩ් එකේ යටම පඩියෙ එල්ලෙන්න වුනේ. හනේ මෛන්ද මහත්තයට බැරි වුනානෙ මේ ටයිම් එකට බස් දෙකක් එක පාර දාන්න. මම මෛන්ද මහත්තයගෙ උඩු රැව්ල ගැන හිත හිත ඉද්දි මොකෙක් හරි එකෙක් මගේ බෑග් එකේ උඩ කොක්කෙන් ඇදල උඩ පඩියට නග්ගල ඌ මම හිටපු පඩියට ආව. මොක මොක මොකාආආඅක් කව්ද ඩේ මූ. Wait what රාදෙව් අයියාහ්! මම ඇස් දෙක් ජිල් බෝල සයිස් කරන් ඌ දිහා බලද්දි මෙන්න බොලේ මේ අසුරය මට දමාගෙන රවනවා. මූ කොහෙද මෙහේ.

”ෆුඩ් බෝර්ඩ් යනව නම් අඩුම තරමෙ සිහියෙන් යනව වාසු! අනිත් මිනිස්සුන්ගෙ මොල පපු නොකා!´´

”ඒහ් හාහ් හරි´´

මට කියන්න දෙයක් හිතා ගන්න බැරි වුනා. රාදෙව් අයිය පහල පඩියෙ ඉදන් මට බැනල එළිය බලා ගත්තා.මම පැටලි පැටලි හරි කිව්වම් ඌ මට මහ එපා කරපු බැල්මක් දාල එළිය බලා ගත්ත

රාදෙව් අයියා බස් එකෙන් බැහැල මාව ඇදල අරන් බස් එකෙන් බස්සල මම එනකම් වත් නොයිද ස්කූල් එක පැත්තට වේගෙන් අඩි තිය තිය ගියා.කෝ යකෝ මුගෙ ස්කූල් බෑග් එක අත් වන වනා එන්නෙ, මම කිව්වනෙ මූට හෙඩ් දෙන්න සුදුසුකම් මදි බලපම් හිගටුවා ස්කූල් ආපු වෙලාව. මම කන්ෆියුස් උන්ගා බුන්ගා වෙලා ඌට බැන බැනම ගේට් එක පැත්තට ගියා.
අපෝ මෝඩ මූසල දිල්ශාන් අදත් ගේට් එක ලග.මම ඌ නොදැක්ක ගානට ලිස්සල යන්න හදද්දිම ඌ මට කතා කරා.

”තිදස් චුට්ටක් ඉන්න´´

”ඇයි අයියේ´´

”මෙහෙ එනව චුට්ටක් , මොකද තමුසෙ  ශර්ට් එකේ බටන්ස් ගලවන්?´´

මම ඌ ලගට ගියාම මගේ උඩ ඉදන් පහලට බලල මගේ බෙල්ල ලග බටන් එක ලගට ඇස් ගෙනිච්චා.බස් එකේ තද වුනු තද විල්ලට ඇගේ  රෙද්ද තියෙන එක ගැන ඕන මූ සතුටු වෙන්න ඕන ගොන් හුත්තා.  ඌ මගේ අඩු පාඩු බලල බෙල්ල ලග බටන් එක දාන්න හදද්දිම…

”දිල්ශාන්!´´

ගිහිම් එන්නාම් ළමායි…..
මගෙ අනිත් කතාව Take A Breathe කැමති අය කියවන්න ළමයිනේ……..

මම ඔයාලගෙ ………..දාස්💫

Tags: read novel Kapuru. | À¶Šà¶´À·”À¶»À·”. කපුරු 07🍃, novel Kapuru. | À¶Šà¶´À·”À¶»À·”. කපුරු 07🍃, read Kapuru. | À¶Šà¶´À·”À¶»À·”. කපුරු 07🍃 online, Kapuru. | À¶Šà¶´À·”À¶»À·”. කපුරු 07🍃 chapter, Kapuru. | À¶Šà¶´À·”À¶»À·”. කපුරු 07🍃 high quality, Kapuru. | À¶Šà¶´À·”À¶»À·”. කපුරු 07🍃 light novel, ,

Comment

Leave a Reply

Chapter 8