Kapuru. | À¶Šà¶´À·”À¶»À·”. කපුරු 08🍃

A+ A-

”දිල්ෂාන්!´´

”උබට ගේට් එක ලගද ඩියුටි තියෙන්නෙ උබට ඩියුටි දාල තියෙන ක්ලාස් එක බලන්නෙ කව්ද එතකොට ?´´

රාදෙව් අයිය ගිනි කසය වගේ පිඹගෙන ඇවිල්ලා මමයි දිල්ෂාන් අතරෙන් හිට ගත්තා . හම්මට මුගෙ උස යකෝ මට දැන් දිල්ෂානයගෙ මූන පේන්නෙත් නෑ. ඔක්කොමත් හරි මූ ලගින් එන සුවද තමා ඉවසන්නම බැරි. Dior එකේ Sauvage එක තමා ගහල ඉන්නෙ හැබැයි සුවද වෙනස් දෙයියනේහ්හ්හ්හ්හ්…… මමත් ඕක යූස් කරනව සමහර වෙලාවට එව්නාට මෙච්චර සුවද නෑනෙ එතකොට . Dior එකත් මටමයි වෙනස්කම්. මම ඉතින් රාදෙව් අසුරය දිල්ෂාන් නර පණුවාට ජාතිය අමතනකම්. රාදෙව් අසුරයගෙ දිග පළල ගණනය කරා. ඇයි ඉතින් ලබන අවුරුද්දෙ පිපෙට් ඉල්ලන්න මේ ගානට ලොකු වෙන්න එපැයි. මූට ඉතින් සුදුසුකමකට තියෙන්නෙ කදහ් විතරයි මට එහෙමයැ පුහ්!

”ගේට් එක ලග මොකෙක් වත් හිටියෙ නෑ ඒකයි ආවෙ.´´

”උබ මෙතන ඉදපු එකාව එලෙව්වම කොහොමත් මොකෙක් වත් ඉන්න විදියක් නෑනෙ.උබට අදාල ඩියුටිය විතරක් කරපන් දිල්ෂාන්´´

රාදෙව් අයියා , දිල්ෂාන් අයියට සද්දයක් දැම්මම ඌ මම දිහා ඇස් කොනෙන් බලල හිනාවක් දාල යන්න ගියා. ඊට පස්සෙ ඉතින් අනෙ අයියේ අපි ඉවරෛ තමා !

”තමුසෙ ස්කූල් එන්නෙ ඔහොමද රස්තියාදුකාරය වගේ, එක එකාට කියලද බට්න් දා ගන්නෙත්, දා ගන්නව ශර්ට් එකේ බට්න් එක!´´

රාදෙව් කාරය මගේ පැත්තට හැරිල කෑ ගැහුව පාරට මගෙ කන් දෙකත් කීන්න්න් ගාල ගියා. මට බට්න් එක ඔටෝම දැම්මුනා. ඒ කරල මම සීරුවෙන් හිට ගෙන. මේ මොකද්ද යකෝ මේ මට වුණේ. රාදෙව් අයිය තොල් දෙකත් තද කරන් අහක බලා ගත්තා.
ඈ පකිස් බූරුවෝ තොට හාල්ද කියපම්කො. ඇයි අනේ මූ ඉස්සරහ මම මෙච්චර චොර වෙන්නෙ. මම මූනත් පුස් කරන් ඌ දිහා බැලුවා. ඒ අස්සෙ ළමයිතුත් හෝ ගාල එනවා.

”ඕකට ගහන්න ඕනෙ නෑනෙ හිමින් කිව්ව නම් දාගන්නවනෙ´´

”කව්ද ගැහුවෙ කරපු නැති ඒව කියන්න එපා ඕව දැන්ම කරන් නෑ´´

මොක මොක මොකාආආක්ක්ක්……………

දැන් මූ එතකොට , මම ස්කූල් එකට ටිකක් අලුත් නිසාද මූ මට කෑ ගහල විතරක් හිටියෙ එතකොට අනිත් ළමයිට මූ ගහනවද. අනේ හුනේ නන්නානෙ කිව්වළු එහෙම හොකන්න දෙන්න බැහැ ඉතින් .මූ ප්‍රින්සිපල් නෙමේනෙ.

”අනේ අයියෙ මේ තමුසෙ කෑ ගහපු සද්දෙට මම ගැස්සුනා හරිද. අනික මගේ මේ පපුවට වැඩි හ´ර්ට් සංඛ්‍යාත ඔරොත්තු දෙන්නෙත් නැහැ. අනිත් එක ඔයා මේ ඕවට නම් එන්න එපා. ඔයා හෙඩ් වුනාට ඔයාට ළමයින්ට ගහන්න අයිතියක් නෑ. ඕව කරන්න ආවොත් නම් මම ප්‍රින්සිපල්ට කම්ප්ලේන් කරනාවාමයි හරිද. හුහ්!´´

මම පිස්සට හැතැප්ම නෑ වගේ කියවන් ගිහිම් ගස්සන් එන්න  ආවා. මම කියවල ඉවර වෙනකම් රාදව් අයිය මගෙ කට දිහාම බලන් හිටිය තුශ්නිම්භූත වෙච්ච එකා වගේ. මම එන ගමන් ඌ දිහා හැරිල බැලුවම මු ඉන්නව මනමාල හිනාවක් දාගෙන. නිදෝමකින් පකිස් බූරුවා.
මම ක්ලාස් එකට ඇවිල්ලා. මගේ සගයො දෙන්න හෙව්වා. උන් දෙන්න නැති නිසා මම ඉස්සරහ පේලියෙ එකෙක් ළගට ගිහිම් උන් දෙන්න කොහෙද ඇහුවම ඉස්සරහ පේලියේ ඩයල් එක. කන්නාඩි දෙකත් ඇගිල්ලෙන් උස්සල මම දිහා බලල රතු වෙලා ”එයාල මැත්ස් සෙක්ශන් එක පැත්තට ගියානෙ තිදස්´´ කිව්වම මම උගෙ ඔලුවටත් තට්ටුවක් දාන් මැත්ස් එක පැත්තට ගියා.

”මා පුතා….. අනෙහ් උබර් ආවද පනේහ්. කොහෙද ඉතින් උබ එන්න කලින් මේන් මේකා මාවත් ඇදන් ආවනෙ´´

මම මැත්ස් එක ලගට යනකොටම ඊශ්වරය ඇවිල්ලා මගෙ ඉන වටේට අතදාල හෙන ඩ්‍රාමා එකක් පටන් ගත්තා.

”මොකෝ උබල උදේම මේකට රින්ගලා´´

”ආවෙ මේන් මේ පොඩි දරුවගෙ භාරකාර ස්වාමිය අද ස්කූල් ඇවිත් නැහ් ඒකයි. මූව බලල යන්න ආවෙ´´

සූර්යා ස්කූල් ඇවිත් නැති නිසා සිතුවම් බලල යන්න ආපු ඊශ්වර අම්මණ්ඩියි , සිත්රු අප්පොච්චියි. අමෝ නේද.
මම ගිහිම් සිතුවම් ලගින් වාඩි වෙලා උගෙ කරට අත දා ගත්තා.

”ඔය මහත්තය දැන් මොකෝ මූඩ් ගහල. සූර්ය  නැති නිසාද යකෝ´´

”අනෙ මෙ තිදස් ඒ යකා ගැන නෙමේ හුහ්!´´

”මූ….. යකෝ, ඒ ඊශ්වරයා මෙයා මොකෝ මේ එල්ලන් ඉන්නෙ´´

”එල්ලන් ඉන්නෙ උස්සන් ඉන්න බැරි නිසා, අනෙ අම්මප මුගෙ ගෑස් අපිට විතරනෙ. අනූරථ අයියා මුගෙන් අදත් කැමත්ත අහල මූ ඌට ගස්සන්න පද්දන්න ගිහිම් ඌ මුගෙ අතින් ඇදල´´

”සිරාවට, ඉතින් තෝ ඕකට එල්ලන් හිටියම් හරිද කියපම්කො´´

”දන්නෙ නෑ´´

”දැන් තෝ කියපම් අපි මොකද්ද කරන්න ඕන. බලපම් ඉතින් අද හොද වෙලාවට සූර්යා ආවෙ නැත්තෙ´´

ඒකත් ඇත්ත ඌ ආව නම් නිකම් සහෝදරයො ඇණ කොටා ගන්න ගනීවී. සූර්යා මූව රකින්නෙ නාගය මැණික රකිනව වගේ. එහෙව් එකේ උගේ අයියා සිතුවම්ගෙ අතින් ඇදල අතත් රතු කරන් මූ මෙහෙම පුප්ප පුප්ප ඉන්නව දැක්ක නම් ඌ කෝමත් ෆයර් වෙනවනෙ. අපි ඒ නිසාමයි අනූරථ අයිය සිතුවම්ට වද දෙන ඒව ඌ එක්ක නොකියන්නෙ.

”හරි දැන් බන් උබ ඌට කැමතිත් නෑනෙ. එහෙම එකේ අපි ඒක ඌට පැහැදිලි-´´

‘සිත්රු! පලයව් තොපි තුන් දෙනාම ක්ලාස් එකට ඇයි රෙද්ද හුහ්´´

ඔය අහ ගත්තෙ සිත්රුව. ඊශ්වරය ඉනට අත් දෙකත් තියන් චීන තේ පෝච්චිය වගේ ඉදල සිතුවමා ,සිත්රුට සද්දෙ දාන දිහා බලල කම්මුලේ අත තියා ගත්තා. සිතුවම් ,අනූරථ අයියට කැමති ඇති හැබැයි අනූරථ අයිය ප්ලේ බෝයි ටයිප් නිසා සිතුවම් ඒ කැමත්ත හන්ගන් ඉන්නව වගේ මට පේන්නෙ.

”හරි හරි ඉතින් යන්නම් කෑ ගහන්නෙ හුහ් දෙන්ඩ හිතයි උණහපුළු පැටියට´´

මූණ එල්ලන් ඉන්න සිතුවමාට ටොක්කක් ඇනපු ඊශ්වරය මගෙ ඉන වටේ අතදාල ඇදල අරන් ක්ලාස් එකෙන් එළියට ආවා. උන්ගෙ ක්ලාස් එක ඉස්සරහම බිල්ඩින් එක තිබ්බෙ ග්‍රේඩ් 13 – A මැත්ස් ක්ලාස් එක. ඒකෙ තමා සියොත් අයියයි රාදව් අයියයි ඉන්නෙ ඊට එහාපැත්තෙ මැත්ස් 13-B ඒකෙ අනූරථ අයිය ඉන්නෙ. අපි පඩි පෙල බැහැගෙන එද්දි සියොත් අයියයි රාදෙව් අයියයි ක්ලාස් එකට යන්න එනවා.

”කොහෙද බන් රස්තියාදු ගහන්නෙ ගහප් මේ කුඩා හරක් ට්‍රිබලට´´

සියොත් අයිය එහෙම කියල ඊශ්වරයගෙ ඔලුවට ඇන්න. ඌ බොරුවට අඩාගෙන මගෙ බෙල්ල අස්සෙ මූන් ගහ ගත්තා.

”අපරාදෙ මම තව්සෙට කැමති වුනේ අප්පිරියයි උත්තහ්……..´´

ඌ මගෙ බෙල්ල අස්සෙ මූන ගහන් නහයෙන් අඩනව. මිනිහ ඉස්සරහ පුදුම රන්ගනයක් රගන්නෙ මූ නම්. මම නෝ කතා නෝ සිනා ඉන්න රාදෙව් අයිය දිහා බැලුව. මේ යකා ඉන්නෙ ඊශ්වරය ගිනි තියල අළු කරන්න පුළුවන් බැල්මක් දාන් . ඊශ්වර අල්ලන් ඉන්න මගෙ ඉනයි, ඌ ඔලුව තියන් ඉන්න මගෙ බෙල්ල දිහයි බලන් හුස්ම පිඹ පිඹ.අපේ පෙම් ජවනිකාව දැකල මූට නැග්ග වත්ද.ඒඒඒව් රාදෙව් අයියේ උබර් නම් අසික්කිතයි. ඒ අස්සෙ සිත්රු අනූරථ අයියගෙ කේලම සියොත් අයියගෙ කනේ තියනවා.
මම කිව්වෙ මූ අසුරයෙක් තමා . ඌ එක පාරට මගෙ මූණ දිහා බලල මට රවල සියොත් අයිය දිහා බැලුව.

”හත්තුක්කේ..! මොකද්ද ඔය කරන්නෙ ඔය කොල්ලව අත ඇරල යනව දැන් ක්ලාස් එකට. ස්කූල් එකේ ඉන්නෙ මේක නාඩගම් මඩුවක් නෙමේ දුප්!´´

”දැක්කනෙ දැක්කනෙ. මුගෙ ඔක්කොම කැටයම දාන්නෙ යාලු කර ගන්නකම් විතරයි සක්කිලිය, අපි යන් මා පුතා යන්න´´

සියොත් අයියට ඊර්ෂ්‍යාව පහල වෙලාද කොහෙද ඊශ්වරයව මගේ ඇගෙන් ඇදල පැත්තකට කෙරුවා.ඊශ්වරය මාවත් ඇදගෙන ක්ලාස් එක පැත්තට යන්න ගිහිම් ආයෙම හැරිලා.

”මේ රාදෙව් අයියේ ඔහේ මෙහෙන් හිරයක් ගන්න ඉන්නෝ නම් අපිට පුස් පාර්ට් දාන් එන්න එපා හර්ත….´´

කියල මාවත් ඇදන් ක්ලාස් එකට දිව්වා.

පලවෙනි පීරියඩ් දෙකේම බයෝ මිස් ඇවිල්ලා පොගනාටුම් ජීවන චක්‍රයක් පටන් ගත්තා. අනෙ අම්මප මට නම් දැම් මේ හුත්තෙ ශාක ජීවන චක්‍ර අප්ප්‍රසන්නයි ඇයි යකෝ. අපිට මොකටද කියහන්කො ශාක මොකෝ අපි ඩොක්ටර්ස්ල උනොත් ගස් වලට බේත් කරන්ව කියලයි. ටීච හෙන නීට් එකට කියල දෙන නිසා අහන් හිටියට ඇත්තමයි මේ පාඩම නව් ඊඊඊඊඊව්ව්ව්

”අනේ මට නම් දැන් ඇති බන් මොකටද බන් අපිට මේව. ගන්ජ ගහක් ,තම්පලා , මුගුණුවැන්න නම් තා කමක් නෑ මැල්ලුමක් වත් කන එව්වනෙ බන්. කන්න බෑ නම් ඔතල ගහන්න හරි තිබ්බා.´´

ඒ අස්සෙ සිත්රුගෙ අඩෝ වැඩියාව

”කට වහන් ඉදපම් දැන් බෙල් කරනව´´

ඒ අස්සෙ ඊශ්වරය සිත්රුට බනිනවා.දෙවනි පීරියඩ් එකේ බෙල් එක ගහනවත් එක්කම බයෝ මිස් ක්ලාස් එකෙන් ගියා. ඊට පස්සෙ තිබ්බෙ English  පීරියඩ් එක නිසා අපි ක්ලාස් එකෙන් පනින්න කතිකා කරගෙන තිබ්බෙ. මිස් යනවත් එක්කම අපි තුන්දෙනා දඩ බඩ ගාල ක්ලාස් එකෙන් එළියට පැන්නෙ බෑග් තුනත් ඩෙස් අස්සෙ ගහල. නැත්තම් ඔය බෑග් ඉන්ග්‍රීසි සර් දැක්කොත් ඕව නවතින්නෙ ප්‍රින්සිපල්ගෙ ඔෆිස් එකේ. දැන් ඉතින් අපිට යන්න එන්න තැනකුත් නැති එකේ අපි ගියේ මැත්ස් සෙක්ශන් එක පැත්තට. අද සූර්ය නැති එකේ සිතුවමාට මොන හෙනේ ගහලද දන්නෙත් නෑනෙ. සිතුවමා නැතත් අපේ ඊශ්වරයගෙ හබිය මැත්ස් වුන එකෙන් නම් අපිට මැත්ස් සෙක්ශන් ටිකත් එක්ක තිබ්බෙ පුදුමාකාර ආත්මීය බැදීමක්.

”මේ ඒයි´´

”මොකෝ උබ දොන්ත පාර්ට් එකේ. මොනායි දැන ගන්න ඕන´´

උදේ ඉදන් තිබ්බ පුරස්නෙට පිළිතුරු සපය ගන්න හිතන් මම ඊශ්වරය ලග ඇඹරුනා වෙද්දි ඌට මගේ මරිසිය තේරුනා.

”නෑ නෑ එහෙම එකක් නෙමේ ඕයි.´´

”එහෙනම් කොහොම එකක්ද´´

”නැහ් මේකයි උදේ මම ආපු බස් එකේමයි රාදෙව් අයියත් ආවෙ. උගේ ගෙවල් තියෙන්නෙ එහෙයැ මොකෝ´´

”නැත්තන් කොහෙද ගස් බෙනයො, එහෙ තමා තියෙන්නෙ සියොත් අයියලගෙ ගෙවලුත් ඒ ළග තියෙන්නෙ , හැබැයි මෙච්චර කල් බයික් එකේ ආපු කොලුවා බස් එකට බැස්ස කියන්නෙ නම් හැබෑම වෙනසක්´´

”මේහ් එතකොට……´´

”දැන් උබර්ට දැන ගන්න ඕන රාදෙව් අයිය ගැනනෙ ඔහොම ඉදපම්´´

මොන ලෝකෙන් ආපු අදහසක්ද මන්ද ඒත් මට  මේ මනුස්සය ගැන විස්තර දැන ගන්න ආසාවක් ආවා. ආආශ් මොන මගුලක්ද මේ. ඒ පාර ඊශ්වරයයි සිත්රුවයි මට රාදෙව් අයිය ගැන හෙන දේශනයක් දෙන්න ගත්තා

”රාදෙව් අයිය තමා මචන් උන්ගෙ ෆැමිලි එකේ බාලය තව ලොකු අක්ක කෙනෙක් නම් ඉන්නවා´´

”ඒකි හෙන ලස්සනයි බන්´´

”අනේ පරයො එයාට කොල්ලෙක් ඉන්නව පොඩ්ඩක් ඉදපම්කො මුනෙ මේව දැන ගන්න ඕන එකා.
අක්ක නම් ප්‍රොෆෙසර් කෙනෙක් මචන් හෙන හොදයි  තාත්ත තමා අපෝ හෙනම නහරකාරයා´´

”ඔව් ඉතින් පුතා වගේ නැතෑ´´

”ඉදහන්කො කියනකම්. එහෙම නෙමේ බන් රාදෙව් අයිය කැමති දෙයක් කරන්න දෙන් නෑ. හෙනම නීති ඉස්සරම රාදෙව් අයියා හිටියෙ රූකඩේ වගේ අන්කල්ගෙ පදේට නටාගෙන දැන් ඔය මැත්ස් කරන්නෙත් අන්කල්ගෙ කීමට බන්. එව්නාට ඩයල් එක දැන් අවුරුදු දෙහෙක විතර ඉදන් අන්කල් එක්ක ගේම කෝල් කරන්න පටන් අරන් ටිකක් හරි නිදහස අරන් ඉන්නෙ. එයාගෙත් නීතිනෙ බන් .උන්ගෙ තාත්ත පයිලන්ට්නෙ බන් ඒ නිසා වැඩිය ගෙදර නෑ එව්නාට රාදෙව් අයියා මෙහෙ මොනා කරත් අන්කල් කාරයට නිව්ස් එක යනවා´´

”එතකොට අම්මා´´

”ආන්ටි ගැන නම් ඌ කතා කරන්නෙම නෑනෙ වැඩිය එයා නැති වෙලා මම හිතන්නෙ´´
සියොත් අයියලගෙ ගෙවල් තියෙන ලේන් එකේමයි ගේ තියෙන්නෙ බන් . සියොත් අයියගෙ රූම් එකේ ජනේලෙන් බැලුවම් රාදෙව් අයිලගෙ ගේට් එකත් පේනව´´

”ආආආ පොඩ්ඩ්ක් ඉදපම් තෝ කොහොමද ඒක දන්නෙ ඒ තිදස් බලපම්කො යකෝ මූ´´

සිත්රු කිව්වම තමා මටත් ඒක මීටර් වුනේ. එතකොට මේ ගස් පගය සියොත් අයියලයි  ගෙදරත් රින්ගලද මේ පත්තිනෙ ටෝක්ස් දෙන්නෙ අපිට. අපිට වැඩේ මීටර් වුනා කියල තේරුනාම ඊශ්වරය අපෙන් ටිකක් ඈත් වෙලා දුවන්න ගත්තා.

”අද කාලෙ උන්ට නම් කිසි විනයක් නෑ. ඔහෙ හිටපන් පත්තිනි වෙස් ගත් සක්කිලිය. මේ තිදස් තො තමා ඕකව නලවන්නෙ ඕකා ඒලෙවල් ලියන්න කලින් බඩ වෙලා අපේ මූනෙ දැලි ගෑවොත් තෝ තමා මම පට්ට ගහන්නෙ´´

ඉතින් සතෝ මම මොකක් කරාටෙයි.සිත්රු කෑගහගෙන ඊශ්වරය පස්සෙ දුවද්දි මමත් උන් දෙන්න පස්සෙ දිව්වා. අනේ හුත්තනේ කෑ ගහන්න එපා. අපි මේ පීරියඩ් කට් කරල හොරා පනින එව්න් යක්කුනේඑ…….

අපි සිතිවම්ලගෙ ක්ලාස් එකට යද්දි ඒකෙ උන් බාගයක් නිදි බාගයක් පාඩම් කරනව බාගයක් කනව. උන්ගෙ pure සර් අද නිවාඩුලු. අපි ගිහිම් ඉඩ නැති හැටියට හතර පස් පොළකිම් වාඩි වෙලා සිතුවමා එක්ක කයියකට සෙට් වුනා. අපි යද්දි 13 මැත්ස් ක්ලාස් සෙට් එකටම උගන්නනව. නැතුව බෑනෙ උන්ට ඒලෙවල් වලට තව මාස හතක් අටක් වගේ . කොරෝනා සීන් අර සීන් මේ සීන් නිසා එක්සෑම් නොවැම්බර් වැටිලා.

මම සිතුවම්ගෙ එහා පැත්තෙන් වාඩි වෙලා රාදෙව් අයියලගෙ ක්ලාස් එක දිහා බැලුවා. පිටි පස්සෙම පේලියෙ කොනේම හිටපු රාදෙව් අයියව කාටත් වඩා ඉක්මනට මගෙ ඇස් වලට අහු වුනා. එයාගෙ ඇස් එක එල්ලෙම බෝර්ඩ් එකේ ගානක් හදන දිහාට ගිහින් තිබුණා. ඇගිලි අස්සට පෑනක් තද වෙලා ගිහිම් විනාඩියක් යන්න ඇති. එයා එකපාරම මම ඉදපු පැත්ත බලල කලින් වගේම ඉස්සරහ  බලා ගත්තා. යකො මුගෙ රැස්. තප්පරයක් ගියේ නෑ රාදව් අයිය හරි කලබලෙන් ඇස් ලොකු කරන් මම දිහා බැලුවා. හරි! එයා කලින් සැරේ මාව හරියට දැකල නෑ. මට එයාගෙන් ඇස් අයින් කර ගන්න අමාරුයි. ඒව හරි අමුතුයි ඇස් හරියට කාන්දන් වගේ. මගෙ කම්මුල් රත් වීගෙන එනව දැනුනා හාර්ට් එකත් පිස්සු හැදිල වගේ ගැහෙන්න ගත්තා. සීයට දාහක් ශුවර් ලා දුඹුරු තිත් වැටිච්ච මගේ කම්මුල් දෙපැත්ත රතු පාටට බ්ලශ් වෙලා ඇති.

”තිදස් ඕයි බල්ලෝහ්! ´´

ඊශ්වරයගෙ කෑ ගැහිල්ලට මම මේ ලෝකෙට ඇවිත් ඉක්මනට රාදෙව් අයියගෙ ඇස් වලින් මගේ ඇස් ගලව ගත්තා. අනේ රෙද්ද උබ ස්ට්‍රේට් තිදස්…!!!

”ආහ් ඇයි මොකද මොකද්ද වුනේ´´

”මොකක් වත් වෙන්න කලින් යමන් ක්ලාස් එකට දැන් ලයිබ්බ්‍රි පීරියඩ් එක. බෙල් කරා මේකෙත් ගියෙ නැත්තන් ඉවරයි. මෙහෙම්ම ලයිබ්බ්‍රි එකට මන්ගච්චමු´´

අපි සියොත්ට ඉන්ටර්වල් එකට කෑම කන්න අපෙ ක්ලාස් එකට එන්න කියල ලයිබ්බ්‍රි යන්න හිතන් එළියට ආවා.

”වාසු!´´

අපි ක්ලාස් එකෙන් එළියට එද්දිම රාදෙව් අයියා  එයාලගෙ ක්ලාස් එක ළග ඉදන් මට කතා කරා

”ඇයි අයියේ?´´

”මෙහෙ එනවා´´

මම රාදෙව් අයියා ළගට ගියාම එයා හරි කළබලෙන් උඩ බිම බලන්න ගත්තෙ කියන්න ආපු දේ කියන්න බැරුව වගේ

”අයියේ?´´

”පීරියඩ් කට් කරොත් කන පලනව දැන් යනවා´´
අනේ යකෝ ඕක කියන්නද තැටමුවෙ දෙන්ඩ ඇහැකි ඇට දෙක පුප වටේ කැරකෙන්න හුහ්. මම ගස්සගෙන එන්න ආවා.

”ම්…මෙහ් වාසු!´´

”මොකදහ්??!´´

බාගයක් දුර ආපු මට රාදෙව් අයිය ආයෙම කතා කරාම මම රාස්සයෙක් වගේ ඇගට කඩන් පැන්නා. රාදව් අයිය කට කොනෙන් හිනා වෙලා මම ළගට ආවා

” ත_ තමුසෙගෙ කම්මුල් වල තියන freckles ලස්සනයි´´

ගොත ගගහ රාදෙව් අයිය කියපු දේ එක්ක මට ලැජ්ජ හිතුන ඔන්න අර බඩ ඇතුලෙ මල් පිපෙන සීසන් එකත් එක්ක කම්මුල් රත් වෙන ගතිය දැණුනා

”ඒහ් මොහ් ම් මොකද්ද ?´´

මට එයා කියපු දේ ඇහුනත්.මම ඇස් උස්සල පුදුමෙන් එයාගෙන් එහෙම ඇහුවා.

”චහ්! මුකුත් නැ අමතක කරන්න . ක්ලාස් එකට යනව දැන්´´

ප්‍රශ්නෙන් පිට පැන්න රාදෙව් අයිය දැක්කන් මට හිනා ගියා. එයාට පුරුදු නෑ. ඔව් එයාට පුරුදු නෑ තව කෙනෙක්ට ලස්සනයි කියන්න. කලබලෙන් ඇස් එහා මෙහා යවන රාදෙව් අයිය දැක්කම මගෙ මූණෙ ලස්සන හිනාවක් ඇදුනා.

            ”මට මතක හිටින්නෙම….
       අමතක කරන්නම ඕන දේවල්..´´

මම හිනාවෙලා කිව්වම රාදෙව් අයියා හරි අමුතු හැගීම් පිරිච්ච ඇස් දෙකකින් මම දිහා බලන් ඉද්දි මම එයාගෙ ඇස් මගඇරල එන්න ආවා.

ලස්සනයි කියන්න හිතෙන එක සාදාරන නැද්ද කියපල්ලකො 🤧😒

කතාව බෝරින් නම් කියන්න ළමයී….
ගිහිම් එන්නම්ම්ම්……. මම ඔයාලගෙ
                                                       දාස්! 🐳

Tags: read novel Kapuru. | À¶Šà¶´À·”À¶»À·”. කපුරු 08🍃, novel Kapuru. | À¶Šà¶´À·”À¶»À·”. කපුරු 08🍃, read Kapuru. | À¶Šà¶´À·”À¶»À·”. කපුරු 08🍃 online, Kapuru. | À¶Šà¶´À·”À¶»À·”. කපුරු 08🍃 chapter, Kapuru. | À¶Šà¶´À·”À¶»À·”. කපුරු 08🍃 high quality, Kapuru. | À¶Šà¶´À·”À¶»À·”. කපුරු 08🍃 light novel, ,

Comment

Leave a Reply

Chapter 9