Kapuru. | À¶Šà¶´À·”À¶»À·”. කපුරු 09🍃

A+ A-

පහ හය පීරියඩ් දෙකේ හොදට ඉදපු අපි අවසාන පීරියඩ් ලන් වෙද්දි හිටියෙ ප්‍රිසික්ස් වහ කදුරු වෙලා. ප්‍රිසික්ස් සර් සර්ගෙ ටියුශන් එන්නෙ නැති එව්න්ට හෙන දේශනාවක් දීල. දේශපාලන කැම්පේන් එකකුත් කරල අපිටත් බැනල දැන් ප්‍රත්‍යස්ථතාවය ගාණක් දිව හපාගෙන හදනවා. ඒ  අස්සෙ සිත්රු බෝර්ඩ් එකේ ලියන පොතේ ලියනව නෙමේ අදිනවා.ඔහොම ඉදල ඉදල යන්තම් බෙල් කරාම සර් රෙකෝඩ් බුක් එක ලියල නෑ කියල ඊශ්වරයටත් බැනල. සයින්ග් කරල යන්න ගියා. අපි ගාථා කියල අනිත් ළමයි ඔක්කොම යනකම් ක්ලාස් එකට වෙලා හිටිය. සිත්රු නම් ගියා සිතුවම්ව බස් එකට දාල එන්නම් කියල. ඌටත් අද ක්‍රිකට් ප්‍රැක්ටිස්.

ඊශ්වරයි මායි රෙකෝඩ් බුක් එක තියන්න ඔෆිස් එකට ගියා මම ඔෆිස් එක ළග එලියෙන් නැවතුනා. යද්දි ප්‍රිෆෙක්ට් රූම් එකේ ඉදල එළියට ආවෙ සියොත් අයියා.

”තිදස්! කෝ චූටි´´

ඈහ් මොන මොනහ් චූටිද මම චූටි නෑ ලොකුයි

”ඈහ්´´

”ආහ් මේහ්… මේ කෝ ප්‍රනාම් ´´

සියොත් අයියා චූටි ඇගිල්ලෙන් ඇහිබැම කහ කහ ඊශ්වරයව ඇහුව. අම්මට සිරීඊඊ මූ මේ අහල තියෙන්නෙ අපෙ ඊශ්වරය ගැනනෙ පුහ්. චූටි. එතකොටම ඔෆිස් එක ඇතුලෙ ඉදල රාදෙව් අයියයි, ඊශ්වරයි ආවා. මම රාදෙව් අයිය දිහා නොබල ඉන්න සෑහෙන්න ට්‍රයි එකක් දුන්න. නැත්තන් මගෙ බඩ ඇතුලෙ මල් පිපෙන්න ගන්නවා.

”අහ් චූටීඊඊඊඊ´´

”අපෝ මොකද්ද අනේහ්! දැන් ඉතින් ඉවරයි´´

”හරි ඉතින් , තිදස් !´´

මම ඊශ්වරයව මඩවන්න හදනකොට සියොත් අයියා මගෙ කොන්ඩෙන් ඇදල මැරෙන්න ගියා රාදෙව් අයියා සියොත් අයියට රැව්වා.

”ආආඅ ආආ මොකෝ මේ චංචලාට ගහද්දි මලිත් අඩන්නෙහ්´´

”අනෙ මේ මෙහෙ වර යන්න, අපි යනෝ අයියේ ප්‍රැක්ටිස් නෙ පරක්කු වෙනවා.´´

මම ඊශ්වරයත් ඇදගෙන ක්ලාස් එකට යද්දි සිත්රු අපි දෙන්නගෙ බෑග් උස්සන් නුවර වැවරව්මෙ පිස්ස වගේ එනව උගේ පිටේ එකයි බඩේ එකයි අතේ එක නෑග් එකයි. තව කෑම බෑග් එකක් කටිනුත් එල්ලන් අනේ පව් දෙයියනේ අපේ ටැංකි සුද්දාහ්.

”අනේ කිරි පුතේ කෝ දියන් අපි ගන්න මයෙ අම්මා´´

”තොපි ඉතිම් ගියොත් තැනක් ඇත්තන් මුල් අදිනවනෙ. ඒකයි මම මේ මේව උස්සන් ආවෙ මෙහෙම්ම චෙන්ජින් රූම් යමන්´´

අපි තුන් දෙනා ගිහිම් චේන්ජ් කරනන ගත්තා.අපි යද්‍දි චේන්ජින් රූම අස්සෙ ළමයි ගොඩක් මම ඉතින් අනිත් උන් එළි බහිනකම් හැරි හැරී හිටිය. මට හිරි ඔත්තප්ප බහුලයිනෙ. නැතත් අනිත් උන් ටැටූ එක දැක්කොත් මගුලයි.

”තෝ තාම චේන්ජ් කරේ නැද්ද? හිමීට රෙඩි වෙයන් එහෙනම් මට චූ බරයි මූ එක්ක ගිහිම් එන්නම්´´

”පලයව් දිය වැඩියා බම්ලො´´

ඊශ්වරය මගෙ පස්සටත් බම්ප් වෙන්න පාරක් දීල සිත්රුයි එක්ක වොශ් රූම් ගියා. මම ඉක්මනට චේන්ජ් කරන්න ගන්නකොට තමා තරු පෙනුනෙ.

මම ශෝට ඇදගෙන ශර්ට් එකත් ගලවල ලොකර් එකට දාල කරේ තිබ්බ නෙක්ලස් එක ගලවල පරිස්සමට ලොකර් එකට දැම්මා. දාල බෑග් එක පීරල වොලිබෝල් ජර්සි එක කොච්චර හෙව්වත් ඒක හොයා ගන්න නැති වෙද්දි තමා මට තරු පෙනුනෙ.
අනේ කිරි අම්මේහ්හ්හ් අපි ඉවරයී…….

මම නිගන්ඨ නාථ පුත්‍ර වගේ උඩට මුකුත් නැතුව බෑග් එක  අනිත් පැත්තත් ගහල බැලුවා. උදේ තිබ්බ පුග් ගායට දාල ඇවිත් නේද? දැන් ඉතින් හෙළු වැල්ලෙන් තමා වොලිබෝල් ප්‍රැක්ටිස් කරන්න වෙන්නෙ

”වාසු!´´

”Holy shit! රාදෙව් අයියා! ´´

මම අනිත් පැත්ත හැරෙද්දිම දැක්කෙ ඇස් ලොකු කරන් මම දිහා බලන් ඉන්න රාදෙව් අයියා අනේ දැන් නම් මට වක පුල දාන් මැරෙන්න ඈකි. මගෙ ටැටූ එක දැකල නම් අද තමා මම ස්කූල් ආව අවසන් දවස. අනේ ස්කූල් මෑණියනේ මට සමාවෙන්න.

එළියෙන් කව්රු හරි එන සද්දෙ එක්කම රාදෙව් අයියා මාවත් ඇදන් ලොකර් රූම් අස්සට රින්ගුවා.

”වාසු තමුසෙ කවද්ද ටැටූ එකක් කරේ ඒකත් ඔතන , කව්ද කරේ කොහෙන්ද තමුසෙට පිස්සුද අයිසෙ හොදට තියෙන ඇගේ කුරුටු බලි ඇද ගන්න´´

ඒ අස්සෙ මූ මගේ පිටි පස්සට වෙලා කන අස්සෙ රහස් කියනව අනෙ අම්මප දෙන්ඩ ඇහැකි සමතලා වෙන්න.

”කෑ  ගහන්න එපා අයිසේ, අහු වුනොත් වැරදියට හිතයි , තව්සෙ මොකටද මේක අස්සට ඇදන් ආවෙ´´

”මහ්..මම්__මම කළබල වුනා සොරි´´

ආපු උන් ටික යනකම්ම දැන් මේක අස්සට වෙලා ඉදපන්කො රෙද්ද මොකෙක් හරි දැක්කොත් නම් මම අරිනව මුගෙ……. කුට්ටම බඩට යන්න. මම ලොකර් අස්සෙ ඇහැ දාන් ආපු උන් යනකම් බලන් හිටිය මොකෙක් හරි දැක්කොත් හිතයි කොල්ලො ඇදුම් ගලවනව බලන් හිටිය කියල අනේ කිරි අම්මේ වැඩක් නෑ මට නම් තවත් ඉදල.

කළබලෙන් ඉන්න නිසා එච්චර ගානක් නොගියට දැන් දැන් අපි දෙන්න අතර තියෙන ටෙන්ශන් එක ටිකක් විතර දැනුනා. මගෙ ශර්ට්ලස් පිටට රාදෙව් අයියගෙ පපුවෙ රශ්නෙ ලාවට දැනෙනව. එයා වේගෙන් වේගෙන් හුස්ම ගන්නවද මන්ද මටත් වඩා එයා පැනික් වෙලා. මම ඔලුව විතරක් හරවල රාදෙව් අයිය දිහා බැළුවා. එයා කන්දෙකේ ඉදලම රතු වෙලා නළලෙ තැනින් තැන දාඩිය බින්දු මතු වෙලා. එයා එක දිගට මගෙ ඉන පිටි පස්සෙ තියෙන ටැටූ එක දිහාම බලාගෙන ඉන්නව. ලාවට වෙව්ලනවදත් මන්දා. ඔය අස්සෙ මගෙ බඩ ඇතුලෙ මල් පිපෙන්න ගන්නකොටම මම ඉස්සරහ බලා ගත්තා.
තප්පරයි දෙකයි…. සීතල වෙලා ගියපු ඇගිලි තුඩු ටිකක් මගෙ ටැටූ එකේ එක කොනක ඉදන් අනිත් කොනට ඇදගෙන ගියා.

”අ__අයි….යෙහ්!´´

”වාසු , මෙතන මොකද්ද වුනේ´´

”එහ්. අහ් එතන ඇක්සිඩන්ට් එකකින් ස්කාර් එකක් ඉතුරු වුනා ඒක වැහෙන්න ගැහුවෙ´´

”ම්ම්ම්………´´

”අහ්´´

”ඒක ලස්සනයි වාසූ´´

” අයියෙ à·„à·Š ! රාදෙව් අයියේ!´´

මම ටිකක් සද්දෙට කතා කරාම රාදෙව් අයියා පැනික් වෙලා වගේ මම දිහා බලල මගෙ ඉනේ තිබ්බ අත අරන් සාක්කුවෙ දා ගත්තා.

”ආහ්´´

”අර ළමයි ගියා´´

”අහ් හරි සොරි! නෑ මම කිව්වෙ , එළියට එන්න එපා ඔතනම ඉදපන් කන පලාගන්නෙ නැතුව´´

මූ යකෝ මෙච්චර වෙලා ආත භූත වෙලා වගේ ඉදපු එකා මට සද්දයක් දාල එළියට ගියා.

”ආ මේක ඇදන් එළියට වරෙන්, තමුසෙගෙ බෑග් එකේ ටී ශර්ට් එක තිබ්බෙ නෑ.අනිත් දවසෙ ඕන ඒව අරන් වරෙන් මැටි හරකා!.´´

රාදෙව් අයියා මගෙ ඔලුවට ටී ශර්ට් එකක් දාල මම දිහා නොබලම පිඹගෙන ගියා. මම කැස්පර් භූතය වගේ බලන් ඉදල ඉක්මනට ඌ දුන්න ටී ශර්ට් එක ඇද ගත්තා. අප්පට සිරි! මම වගේ දෙකක් බහින්න පුළුවන් ටී ශර්ට් එකත් ඇදන් මම එළියට ගියා විතරයි සිත්රුවා පිස්සු බල්ලෙක් වගේ හිනා වෙන්න ගත්තා.

”කොහෙද හුප්තෝ හිටියෙ  අනෙ අම්බෝ මේ ඊශ්වර බලකො මුගෙ ටී ශර්ට් එක අනේ හුම්ම ගන්න බෑ අම්මෝහ්´´

”අනේ පාඩුවෙ ඉදපන්කො බන් මම ටී ශර්ට් එකක් ගෙනත් නෑ´´

එළියට ආවම දැක්කෙ මම ඇදන් ඉන්නෙ රාදෙව් කියල ගහපු ක්‍රිකට් ජර්සි එකක් කියල .කමක් නෑ වෙලාවෙ හැටියට මේකත් හොදයි. මුන් දෙන්න පිස්සු බල්ලො වගේ හිනාවෙනවා.

”අම්බෝ දැන් උබර් ක්‍ර්‍රිවොලි බෝල්ද ගහන්නෙ හා හා හා අම්මෝ!´´

”අනේ කට වහන් පලකො හුත්තනේ´´

”හිනා වෙන්න එපා බන් විපතක්නෙ වෙලා තියෙන්නෙ´´

මුන්ගෙ කෝචොක් මැද්දෙ අපි කාල බීල ප්‍රැක්ටිස් වලට ගියා . ගිහින් මම මුළු ටීම් එක විතරක් නෙමේ අපේ කෝච් කාරයගෙනුත් විහිළුවට ලක් වෙලා මදි පාඩුවට ක්‍ර්‍රිකට් ටීම් එකෙනුත් කිච වෙලා මුළු ලෝකයාටම විහිළුවක් වුනේ ප්‍රැක්ටිස් ඉවර වෙලා , අනූරථ  අයිය දුවගෙන ඇවිල්ලා බැට් එකයි වොලි බෝලෙයි මගෙ අත් දෙකට දීල ෆොටෝ එකකුත් ගත්තට පස්සෙ.

”අනේ ඇත්තමයි අයියේ ඕක උබ කොහෙ හරි දාල තිබ්බොත් මම කනව තොගෙ ඇට දෙක ඇයි යකෝ´´

මම එහෙම කියල ගස්සගෙන යද්දි අනූරථ අයියා උගේ අදාල අවයවේ අතින් වහ ගත්තා.මම එතන ඉදපු ඔක්කොටම ගස්සගෙන චේන්ජින් රූම් එක පැත්තට ගියා.

ඉක්මනට එන්නම් Guys .මම ඔයාලගෙ දාස්..🐳

Tags: read novel Kapuru. | À¶Šà¶´À·”À¶»À·”. කපුරු 09🍃, novel Kapuru. | À¶Šà¶´À·”À¶»À·”. කපුරු 09🍃, read Kapuru. | À¶Šà¶´À·”À¶»À·”. කපුරු 09🍃 online, Kapuru. | À¶Šà¶´À·”À¶»À·”. කපුරු 09🍃 chapter, Kapuru. | À¶Šà¶´À·”À¶»À·”. කපුරු 09🍃 high quality, Kapuru. | À¶Šà¶´À·”À¶»À·”. කපුරු 09🍃 light novel, ,

Comment

Leave a Reply

Chapter 10