Kapuru. | À¶Šà¶´À·”À¶»À·”. කපුරු 10🍃

A+ A-

අපි බස් එකක් එනකම් ස්කූල් හෝල්ට් එක ළගට ඉදිදි. සිත්රුවගෙ තාත්ත ඇවිත් ඌව කුදලන් යද්දි මායි ඊශ්වරයි බස් එකක් එනකම් හිටියා. ඈතින් බස් එකක් එද්දි, රාදෙව් අයියයි සියොත් අයියයි අපි ඉන්න පැත්තට දුවගෙන එනවත් එක්කම ආපු බස් එකේ අපි හතර දෙනාම එල්ලුනා. මේ ඔෆිස් ඕෆ් වෙන ටයිම් නිසාම බස් එකේ සෙනග පිරිලා. යන්තන් සියොත් අයියා ශීට් එකක් හොයාගෙන ඒකෙ ඊශ්වරයව බලෙන් වාඩි කරල ඌ එතන හිට ගත්තා. අපිට ඉතින් කොයිද මාළු අපි යන්නෙ නෑනෙ මූදූ කියල මම සෙනග අස්සෙන් ගිහිම් යන්තන් තනි අතින් ශීට් එකක එල්ලුනා. රාදෙව් අයියත් මගෙ පස්සෙන්ම ඇවිත් බෑග් එක ගලවල උඩ රැක් එකකින් දාල මම දිහා බැලුවා.

”බෑග් එක දෙනවා´´

”ඇයි? ඔයාට එකක් තියෙන්නෙ මගේ එක මොකටද?´´

මම ඉතින් එහෙම ඇහුවෙ ඌ මගේ බෑග් එක ඉල්ලපු හේතුව තේරුම් ගන්න තරම් මගෙ මොලේ දියුණු නැති නිසා.

”හදේ යන්න වගේ බෑග් එක එල්ලන් ඉන්නෙ නැතුව මෙහෙ දීපන් මිනිස්සුන්ගෙන් බැණුම් අහ ගන්නෙ නැතුව´´

රාදෙව් අසුරය එහෙම කියල මගෙ බෑග් එක ගලවගෙන උඩ තිබ්බ රැක් එකෙන් දැම්මෙ මට රව රවමයි.

”දත් ටික කඩාගෙන ආස නැත්තම් අත් දෙකෙන්ම අල්ල ගනිම්´´

”කොහෙන් අල්ල ගන්නද යකෝ මේ තනි අතින් එල්ලිලා ඉන්නෙ ආසාවට නෙමේ අයියේ´´

”මෙහෙ දෙනව අත´´

අල්ලගන්න තැනක් නැති නිසා සාක්කුවට දාන් ඉදපු අත,මගෙ පිටි පස්සෙන් ඉදපු රාදෙව් අයියා ඇදල අරන් බස් එකේ උඩ බාර් එක උඩින් තිබ්බා. අනේ පකිස් අලියෝ මම බාර් එකේ එල්ලිලා ඔන්චිලි පදින්නද මම උස නෑ යකෝ මෙහෙම ඉන්න මට අමාරුයීඊඊඊ.. මම දැන් අංශභාගෙ හැදිච්ච එකා වගේ එක පැත්තකිම් ඉස්සිලා.

”තමුසෙ නම් හත්තක් වගේ ඕයි´´

හත්ත නෙමේ à·„à·”#ත ඇයි යකෝ මූට නොතේරෙන්නෙ මට අමාරුයි කියල. මම රවල ඌට තොල් යටින්  බැන බැන ඉද්දි ඌ මගේ අතින් ඇදල උගේ ආර්ම් එක උඩින් තියා ගත්තා. ඒ ගානට නම් උස ගානට. බස් එකේ උඩම බාර් එකෙන් අල්ලන් ඉදපු රාදෙව් අයියා මගේ අත අරන් ඌ බාර් එක අල්ලන් ඉදපු අතේ වැලමිටට උඩින් මගේ අත තිව්වෙ ”ඉදා දැන් වත් අල්ල ගනිම්´´ කියන්න වගේ මමත් ඔන්න ඔහෙ වැල යන පැත්තට මැස්ස ගහනව කියල හිතන් උගෙ ආර්ම් එකේ එල්ලිලා හිටියා. ඒ අස්සෙ මගෙ අතට මුගේ පිම්බිච්ච biceps අහු වෙනවා. මට ඔබල බලන්නම එන අදහස නැති කර ගන්න මම ඔලුව දෙපැත්තට ගැසුවා.

”මොකද දගලන් නැතුව් ඉන්නවා´´

”ආහ්!´´

”බස් එකේ ඉන්නෙ! තමුසෙ ඔහොම ඇග අස්සෙ දගලද්දි ඉන්නෙ කොහොමද´´

”ඒහ්!´´

උගේ ගොබ්බ කතා මට තේරුන් නැති නිසා මම ඔලුව උස්සල රාදෙව් අයිය දිහා බලන්න ගිහිම් උගෙ නිකටෙ මගෙ ඔලුවත් වැදුන නිසා මම බස් එකෙන් එළිය බලාගෙනම ගියා. මම දන්නෙම නැතුව මගෙ අතින් රාදෙව් අයියගෙ biceps මිරිකුනා. අනේ ඒව ශෝයි අප්පාහ්. මම තව පාරක් මිරිකල බැලුවෙ ගානක් නැතුවම.

”වාසූ……… ස්ට්‍රෙස් බෝල් නෙමෙයි ඔය´´

”ඒහ්! අහ් ! නැ à·„à·„à·Š.. හරි අනේ සොරි මම හිතල නෙමේ හුහ්!´´

ඒ අස්සෙ බස් එකේ හෙන සද්දෙට සින්දුවකුත් ප්ලේවෙනව හැබැයි ඒකට නම් මගෙ ඔලුව අතුලෙ ඩිස්කො නටනව.

         රව්ම් කඩේ ලග ඉදගෙන ඉන්නම්
         ඉව්ම් පිහුම් ගැන නිතරම සිතමින්
          ටනනා නනනා නා…න නානා……

මම සෙනග අස්සෙන් ඇහැ දාල ඊශ්වර පගා කුමක් කරන්නෙහිද කියල බැළුව.පුහ්! උන් පෙම් කෙලිනව. ඔක්කොම හරි කැරොල් කරත්තෙ වගේ මේකෙ දාල තියෙන බල්බ් වල දිස්නෙට ඇස් දෙක දනව.ආයෙ නම් නගින්නෙ ctb වල විතරයි සත්තයි. ඒ අස්සෙ රාදෙව් අයිය නිල් කුරුමිට්ටෙක් වගේ බස් එකේ ලයිට්ස් එලියට නිල් පාටට දිලිසෙද්දි මම ග්ලාස් එකෙන් එළිය බලා ගත්තෙ මට හිනා ගියොත් මූ මාව ග්ලාස් එකෙන් එළියට දාවි කියල බය හිතුන නිසා. ටිකකින් ඊශ්වරය උන්ගෙ ගෙදර ළගින් බැහැල ගියේ මටත් අත වනාගෙන අමුතු සිරික්කියකුත් දාගෙන. මම සියොත් අයිය දිහා බැලුවම ඌත් බලු හිනාවක් දාල අනිත් පැත්ත බලා ගත්තා.

”හෙට ක්ලාස්ද?´´

”ඔව් ඇයි?´´

”නිකම්, ඇයි අහන්න එපාද´´

මූ එක්ක කතා කරල තේරුමක් නැතිනිසා මම සද්ද නැතුව හිටියා. මම බස් එකෙන් බහින තැන ලන් වෙද්දි රාදෙව් අයියා මගෙ බෑග් එක අරන් දීලා දොර පැත්තට ගියා. මම හිමින් සැරෙ ඒ පැත්තට යද්දි මෙන්න මූ බෙල් කරලත් ඉවරයි.මූ කොහොමද මම බහින තැන දන්නෙ. මම ඇස් දෙක චූටි කරල ඌ දිහා බැලුවම ඌ ඇස් වලින් ”ඇයි´´ කියල ඇහුව. මම මුකුත් නෑ කියන්න ඔලුව දෙපැත්තට වනල සියොත් අයියටත් ටටා පාරක් දීල බස් එකෙන් බැස්සා.

”පරිස්සමෙන් ගිහිම් මැසේජ් එකක් දානව´´

මම බස් එකෙන් බහිද්දිම රාදෙව් අයියා එහෙම කියලා ඉස්සරහ බලා ගත්තා. ඇයෛ ඇයෛ ඔයා මගෙ ගෑණිද අහන්න වුනේ නෑ බස් එක ගියා.මම ගියපු බස් එක දිහා බලල ඇද කරල ගෙදර පැත්තට වැනි වැනි ගියා.

අපෝ මෙයා මොකද මේ අද කලින්ම, අමේලි අම්ම සාලෙ ඉදල මම යනකොටම හෙන සද්දෙන් අඩි තිය තිය රූම් එකට ගියා. එයා යන දිහා බලන් ඉදපු මම ලොකු හුස්මක් පාත දාල රූම් එකට ආවා බෑග් එක ගලවල ඇද ලග බිමින් තියල මමත් එතනම වාඩි වෙලා ඔලුව ඇදෙන් තියන් ඇස් පියා ගත්තා.

අමෝ………මහන්සියීඊඊඊඊ. ඒ පාර රාදෙව් කාරය මතක් වෙලා මට ලාවට හිනාවක් ගියා. මට දැන් එයාගෙ ලගින් එන සුවද දැනෙනව දැනෙනව වගේ. මම ඇදන් ඉදපු ශර්ට් එක ගලවල ඒකෙ පිට හරියෙන් සුවද බැලුවා. ආආආශ්…….. මේ පිස්සු යකාගෙ අස්සෙනෙ ආවෙ බස් එකේ උගෙ පර්ෆියුම් සුවද මගෙ ශර්ට් එකෙනුත් එනවා. මම බෑග් එකේ තිබ්බ රාදෙව් අයියගෙ ක්‍රිකට් ජර්සි එක අරන් බාත්රූම් එකට ගියේ ඒක වොශින් මැශින් නොදා අතින් හෝදන්න . මට ඉතින් එච්චරටම මොලේ ඇම්ම. හෙට වෙද්දි මේක වේලෙයිද. මම නාල රෙදිත් හෝදල ආවම් තමා අර යකා මැසේජ් එකක් දාන්න කිව්ව කියල මතක් වුනේ. දැන් ගෙදර ඇවිත් පැයකටත් වැඩී. මම ඉක්මනට ෆෝන් එක අරන් රාදෙව් අයියට මැසේජ් එකක් දැම්ම. මූ යකෝ කොයිවෙලෙත් ඔන්ලයින්

⬆️”Mm gdr awa´´

⬇️”Danda giye?

⬆️”na dn payakata kalin😒´´

⬇️”mm´´

යකෝ මුගේ රැස් මම ඩේට ඕෆ් කරල දාල කාල බීල පාඩම් කරන්න ගත්තා. ලබන සතියෙ බයෝ ක්ලාස් එකේ ටෙස්ට් එකකුත් තියේ මම හද හද ඉදපු ප්‍රිසික්ස්  තාපය ගාණ ඉවර කරල බයෝ essay  එකක් පාඩන් කරන්න ගත්තා මේ  කන ගැන කොච්චර පාඩම් කරත් මට අමතක වෙනවා වැඩී. මොනාකරන්නද බෑ කියල ඉදල ටෙස්ට් එකට මොනව ලියන්නද මම පාඩම් කරල ඉවර වෙලා ෆෝන් එකේ ඩේට ඔන් කරගෙන ඇදට ආවා. වට්සැප් එකේ චැට් කරන්න මොකෙක් වත් නැති වුනාට ස්ටේටස් තොගේ බලන්න එපැයි. මම ස්ටේටස් බල බල ඉද්දි අදුරන්නැති නම්බර් එකකින් මැසේජ් එකක් ආවා.

”Thidas malli mama siyoth, pranamta kiyanna puluwnd mawa unblock karanna kiyala´´

ඔන්න ඔන්න ඉතින් මගේ ඇගේ මාළු ගගේ නටනව දැන්. ලව් කරන උන් දෙන්නෙක්ගෙ පණිවිඩ කාරය වෙන එක තරම් අජූත රස්සාවක් මේ තුන් ලෝකෙම නෑ. මම ඉතින් පණිවිඩකාර පරෛයියා වගේ ඊශ්වරට මැසේජ් එකක් දාල සියොත් අයියගෙ නම්බර් එකත් කන්ටැක්ට් වලට ඇඩ් කරන් ආයෙම ස්ටේටස් බලන්න ගත්තා. රාදෙව් අයියාගෙ ස්ටේටස් එකක් වැටුනා just now.

💫

රාදෙව් කියන්නෙ මේ වගේ දේවල් හිතන කෙනෙක් කියල මට නිකමට වත් හිතුනෙ නැ.මේක දාන්න ඇත්තෙ අර ට්‍රයි කරනවා කිව්ව කෙනාට වෙන්න බැරිද. මම ෆෝන් එකේ ඩේට ඕෆ් කරල සයිඩ් ටේබල් එක උඩට දැම්මා මට දැන් නින්ද යන්නෙත් නැති තරම්. මම ඇස් පියාගෙන නිදාගන්න ට්‍රයි කරා. ඇස් පියා ගත්තත් දැන් මට රාදෙව් අයියා ඇස් උස්සල මම දිහා බලන හැටි පේනව ලොකර් රූම් එකේදි මගෙ ටැටූ එක අල්ලපු විදිය, කලබලෙන් එහෙ මෙහෙ යන ඒ ගැඹුරු ඇස්. ඔන්න ආයෙත් වැඩ වීගෙන එන හාර්ට් බීට් එක
               ලබ් ඩබ්….ලබ් ඩබ්……

ඒ ඇස් අස්සෙ මොනවද තියෙන්නෙ කියල හොයාගන්න ඇත්නම්, මට_
ඔහ් ශිට් තිදස්! තමුසෙ නම් මහ මෝඩයෙක් අනූරථ අයියා එදා කියපු විදියට රාදෙව් අයියා කැමති කෙනෙක් ඉන්නවා. සීරියස්ලි මම කැමති නෑ මට මේ දැනීගෙන එන දේට.මම කොච්චර නිදා ගන්න හැදුවත් නින්ද නැති පාර ඇද ලග තිබ්බ ටේබල් ලෑම්ප් එක ඔන් කරල ඇදෙන් නැගිට්ටා. කාටවත් අහු නොවෙන්න ගිටාර් එක අස්සට දාල තිබුණ ඩබල් ස්විච් පැක් එකයි ලයිටර් එකයි ගත්ත මම ඒකත් අරන් බැල්කනි එකට ගියා. අහසෙ එක හිස් තැනක් නැති වෙන්න තරු පායල. මට තරු පිරිච්ච අහසක් දැක්කම පිස්සු හැදෙනවා. දැන් මේ පෙන්හළු පිරෙන්නෙ දෙවනි සිගරට් එකෙන් ලාවට දැනෙන නිකොටින් මත් ගතියත් එක්ක මගෙ ඔලුවෙ තිබ්බ කරදරකාර අදහස් දුමත් එක්කම එළියට යනවා.මම ඇදන් හිටපු ස්වීට් පෑන්ට් එකේ සාක්කුවෙන් ෆෝන් එක අරන් තරු වලින් පිරිච්ච බාගෙට පායපු හද කැප්චර් කර ගත්තා.ෆොටෝ එකේ ලාවට මගෙන් පිටවෙන දුම් වළල්ලක් හිටල ආයෙම එකක් ගන්න හදද්දි තඩි වළාකුලක් ඇවිත් හද වහගත්ත නිසා. මම ඒ ෆොටෝ එකම ස්ටේටස් දාල ඩේට ඕෆ් කරා. සිගරට් ෆිල්ටර් දෙක බොක්ස් එකටම දාගෙන රූම් එකට ගිහිම් ඒව අදාල සථාන වලම ස්ථාන ගත කරල ඇදට වැටුනෙ ෆෝන් එක වයිබ්බ්‍රේට් වෙන සද්දෙත් එක්කමයි. භාගෙට පියවෙච්ච ඇස් දෙකෙන් මම ෆෝන් එක දිහා බලද්දි
HP Asuraya 🧝   අසුරය කියල ඩිස්ප්ලේ එකේ වැටිල තියෙනව දැක්කම මම ඒකට ඔහෙ රින් වෙන්න දාල ඇස් පියා ගත්තා. ටිකකින් කෝල් එක කට් වුනාම මම ලොකු හුස්මක් පාත දාල නිදා ගන්න හදද්දි ආයෙම ෆෝන් එක රින් වෙන්න ගත්ත නිසා මම කෝල් එක ආන්සර් කරා

”කොහෙද තමුසෙ ඉන්නෙ ´´

”ම්ම්ම්..à·„à·Š ගෙදර ´´

”අහ් ඇත්තද උබ උදේ පාන්දර ඇහැරන් මොකද්ද කරන්නෙ එතකොට ?´´

”මොකද ඕයි අයියේ, පාඩම් කරා දැන් නිදා ගත්තෙ ඇයි?´´

”එහෙමද?´´

බීප්…..බීප්…….බීප්…..

තිබ්බ නේද මොන හුත්තක් වෙලාද මූට . මම ෆෝන් එක විසික් කරල නිදා ගත්තෙ ඒ වෙද්දි නින්ද කට කපල ඇවිත් තිබ්බ නිසා.

උදේ පාන්දර නැගිටල ස්කූල් යන්න ලෑස්ති වෙලා මතක් කරල රාදෙව් අයියගෙ ශර්ට් එක අරන් නවල මගෙ පර්ෆියුම් එකෙනුත් ටිකක් ගහල පරිස්සමට බෑග් එකක දාල බැග් පැක් එකට දා ගත්තා. ඒ පර්ෆියුම් එක මම කපුරු සුවදට කැමතී කියල දැනගෙන දවස් තුනකට පස්සෙ තාත්ත මට ගෙනත් දීපු එකක් එදා ඉදල මම වැඩියෙන්ම යූස් කරේ ඒක. ඒක හෙනම ෆ්ලෝරල් සුවදායි.

පහලට යද්දි අයියාත් කෑම මේසෙන් වාඩි වෙලා කෑම කනවා.එදා රණ්ඩුවෙන් පස්සෙ කොහොමත් මූ මාත් එක්ක වැඩිය නැති නිසා මමත් ගිහින් මගෙ පාඩුවෙ කෑම කන්න ගත්තා.

”ඕනෙ නම් මාත් එක්ක යන්´´

”බස් එකේ යන්නම්´´

”කැමැත්තක්´´

මූට මේ ටිකේම මාව හළල ගිය ඒව අමතක වෙලා වගෙ කතාව මේවට තමා මට නගින්නෙ. ඇයි යකෝ. හැබැයි අදත් බස් එකේ ගියොත් රාදව් කාරය හම්බවෙන්න තියෙන ඉඩ කඩ වැඩියි. දැන් මට බස් එකේ යන්නත් බැරි ගතියයි. අපරාදෙ මූට පැනපු ගමන් බෑ කිව්වෙ. ඔන්න ඔහෙ ඔක්කොම පැත්තකින් තියල මූ එක්කම යනවා.

”අහ් එක්කො මම එන්නම්, අද බෑග් එක බර වැඩී.´´

අයියා මම දිහා අමුතු සතෙක් දිහා බලනව වගේ බලම් ඉදල නැගිටල ගියාම මමත් කාල ඉවර කරල සීත අම්මටත් වැදල අයිය පස්සෙන් ගිහිම් උගෙ වාහනේට නැග්ග ලැජ්ජ නැතුව.

ආශ් මේ රාදෙව් කාරය නිසා තමා යකෝ මේ සේරම. අම්මපල්ලාආආ. සිරාවට මට මුගෙ බි*ජ්ජ පොඩි වෙන්න පොල් ගහන්න හිතිල තියෙන්නෙ. ඕකට පොල් ගහන්න නම් මට රීසන්ස් ගොඩයි එකටම මට ඌ දැක්කම හාර්ට් එක ගිඩි ගිඩි ගෑවිල්ලෙ ගැහෙන එක ඊටත් පස්සෙ බඩ ඇතුලෙ මල් පිපෙන්න ගන්න සීන් එක ආආආඅ තව පාඩම් කරද්දි ඕකව මතක් වෙද්දි නම් කන්න හිතෙනවා. අයිය මාව ස්කූල් එක ලගින් දාල යන්න ගියා. එනකම් ඌ මාත් එක්ක කතා කරේ නෑ බහිද්දි සොරි කියල කිව්ව විතරයි ඌ සොරි කිව්වෙ මොකටද අහන්න හැදුවත් අහන්න උනේ නෑ ඌ පිඹගෙන ගියා. මම හිතන්නෙ එදා අමේලි අම්මා මට බැනපු එකටත් වෙන්න ඇති.
මම ගේට් එක ලගට යද්දි ගේට් එක ලග ඉදපු රාදව් අයියා මාව දැකලත් නොදැක්ක වගේ යන්න යද්දි නම් මගෙ මූඩ් එක අව්ල් උනා. ඒක කොහොමත් ඊයෙ ඉදල අව්ල් තමා ඒත් අනේ මන්දා. ගේට් එක ලග ඉදපු සියොත් අයියටත් මෙලෝම good එකක් නැති morning  එක  good morning  කියාගෙන මම අපෙ ක්ලාස් එකට පියෑඹුවා.

මම යද්දි සිත්රුයි ඊශ්වරයයි වට වෙලා කියෝ කියෝ ඉන්නව එතන තව අපේ ක්ලාස් එකේ හරිත්‍ කට ඇරන් අරුන් දෙන්න කියන ඒව අහන් ඉන්නවා. හරිත් තාභි මුස්ලිම් කොල්ලෙක් ඌ හරි හොදයි අපි එක්ක හෙනට එකතුයි. මම ගිහිම් බෑග් එක තියල උන්ගෙ කයියට සෙට් උනාම ඊශ්වර මම දිහා හෙනම අමුතු විදියට බැලුවෙ.

”උබ බීලද ස්කූල් ආවෙ´´

”පිස්සුද ඇයි?´´

”ඇස් රතු වෙලා වගේ එක්කො තෝ හරියට නිදාගෙන නෑ ඊයෙ ´´

”අහ් ඔව් නිදා ගනිද්දි උදේ වෙලා බන් ඒක නිසා වෙන්න ඇති ´´

මගෙ පොඩි වෙනසත් ඊශ්වරයට හොදට දැනෙනවා ඌ මම දිහා ඇස් දෙක චූටි කරල බලලා ආයෙත් කතාවට සෙට් වුණා.

”මම නම් කියන්නෙ බන් ටියුෂන් සර්ල ක්ලාස් කාර්ඩ් ප්‍රයිස් අඩු කරන්න ඕනි. බලපම් බන් හෙනටම සල්ලිනෙ. ´´

”සිරාවට,අපි නම් බන් අම්මල තාත්තලට පින් සිද්ද වෙන්න ලක්සිරි ලයිෆ් ගෙව්වට සමහර ළමයි ක්ලාස් එන්නෙත් හෙන අමාරුවෙන්නෙ නැද්ද බන්´´

” කියලෙ වෙඩක් නෑ අප්පා රටේ බන් වෙඩියෙන්ම සල්ලි තියෙන්නෙ එකටම බිස්නස්මන්ලට, ඊට පස්සෙ ටියුෂන් ටීචර්ස්ලට ඊටත් පස්සෙ මචාං පොලිටික්කොන්ට හා නැද්ද ?´´

උන්ගෙ කතාවල සිහියෙන් නෙමේ මම හිටියෙ මම හිටියෙ රාදෙව් කාරයගෙ සිහියෙන් වෙද්දි තාභි මගෙන් අහපු එක මට එච්චර ගානක් ගියේ නෑ.

”ඔව් බන් යනවා´´

”ඈහ් උබ කොහෙ යනවා..?´´

”කව්ද , උබ මොකද්ද ඇහුවෙ´´

”මූ නම් මේ ලෝකෙ නෙමේ බන් ඉන්නෙ අද´´

මම මූන නොක්කන් කර ගත්තම ඊශ්වරය මගෙ ඔලුවට ඇන්නා. මට එතකොට තමා මතක් වුනේ රාදෙව් අයියගෙ ජර්සි එක දෙන්න ඕන කියල ඒත් මට ඌ ඉස්සරහට යන්න මොකද්ද වගේ දැන් සිරාවටම මට ඌව දැක්කම් වෙන දේට මම ටිකක් වත් කැමති නෑ. හැබැයි ඌ ආදරේ කරන කෙල්ල හරි කොල්ල හරි පට්ට වාසනාවන්තයි. මොකද රාදෙව් අයියා මාත් එක්ක උනත් ඉදිදි  හරි කෙයාරින් විදියට වැඩ කරන්නෙ. මම ජර්සි එක දෙනවද නැද්ද කියල කල්පනා කර කර ඉදල ඒක කාගෙ හරි අතේ යවන්න තීරණේ කරා.

”මෙහ් ඊශ්වරයෝ උබ සියොත් අයියව බලාන්න එහෙම යන්නෙ නැහ්?´´

”මොකෝ උබ මම එයාව බලල ආවෙ උදේම ඇයි උබට බලන්න ඕනෙද´´

”මම මොකටද බල්ලො උබෙ මිනිහා බලන්නෙ´´

”මගෙ නෙමේ උබෙ මිනිහා බලන්න´´

”මට ඇති මිනිහෙක් නෑ යකෝ. රාදෙව් කාරයගෙ ජර්සිය යවන්න´´

ඒක කිව්ව විතරයි ඊශ්වරයයි සිත්රුයි තාභියයි සේරම මට හක හක ගගා හිනාවෙන්න ගත්තා

”අඩෙ අප්පා මොක යකෝ තොපි ගෑණි මෙනෙහා වගේ රණ්ඩු වෙලාද තෝල්කයො යවන්නෙ. තො ගිහිම් දීල වර´´

”අනෙ බල්ලනේ කට වහපියව් තොපිට බෑ නම් මම පොඩි එකෙක් අතේ යවන්නම්කො´´

අරුන් හැක හැක ගගා හිනා වෙන්න ගනිද්දි මම ජර්සියත් අරන් ක්ලාස් එකේ දොරේ එල්ලුනේ එතනින් යන පොඩි එකෙක් වත් අල්ල ගන්න. අන්තිමට එතනින් ඊ ගහ වගෙ දුවපු පොඩි එකෙක් අල්ලගෙන ඌට බටර් ගාල ජර්සි එක ඌ අතේ රාදෙව් අයියට යැව්වා.
පලවෙනි පීරියඩ් එක හැමදාම වගේ හිස් අදත් හිස් අපි ටික හවස ක්ලාස් එකේ ගණන් ටිකක් කතා කර කර හදන ගමන් හිටියෙ.

”එක්ස්කියුස් මී අයියේහ්!´´

අපි ඔක්කොම ඉස්සරහ බලද්දි හිටියෙ මම උදේ රාදෙව් කාරයගෙ ජර්සි එක යවපු පොඩි එකා. උගෙ අතේ මම යවපු බෑග් එකත් තිබ්බා.

”හෙඩ් අයියා කිව්වා මේක එවපු කෙනාටම දීල හෙඩ් අයියට කියල කකුල් කඩාගන්නෙ නැතිව දැන්මම ඔයාට ප්‍රිෆෙක්ට් රූම් එකට එන්න කියන්න කියලා´´

පොඩි එකා ඇදල පැදල  මගෙ දිහාම බලන් කිව්වම ක්ලාස් එකේ සේරම කොල්ලො මම දිහා බල බල හිනාවෙන්න ගත්තා. අයියො සාමි නී යෙනක වේන්ඩාම්…….. අනේ ඕක හිනා වෙන්න දෙයක් නෙමෙයි  හුප්තනේ…. පොඩි එකා මගෙ ඩෙස් එක උඩට ”තස්´´ ගාල බෑග් එකත් අත ඇරල දිව්වා.මම ඉතින් මරන්න ගෙනියන හරකා වාගෙ ඒකත් අරන් නැගිට්ටෙ අරූගෙ පිපෙට් රූම් එකට යන්න.

”ඊශ්වර යමන්කො´´

”කොහෙද , මට බෑ උබ ගිහිම් වරෙන් උබව කන්න නෙමේ එන්න කියල තියෙන්නෙ අනික මගෙ කකුල මොකද්ද වෙලා´´

යන්න වෙන්නෙම නැති තැනට වැඩේ කරපු ඊශ්වරය පොතට එබුනා. අනිත් උනුත් ඉක්මනට පොත් වලට එබිල ඩෙස් වල ඔලු ගහ ගත්තෙ අපො අපිට නම් බෑ කියන්න වගේ . කරන්න දෙයක් නෑනෙ දැන්. මම සේරටම ගස්සගෙන ප්‍රිෆෙක්ට් රූම් එකට යන්න ගියා.

”හිමින් ගස්සපම්, නැත්තන් ඉතින් සමහරුන්ට පාඩු වෙයි´´

ඊශ්වර මගෙ පස්සට එකක් ගහල කිව්වම මම උගෙ කොන්ඩෙන් ඇදල ආයෙම ගස්සගෙන යද්දි ඌ බල්ලෙක් වගේ හිනාවෙනව ඇහුනා.

ඔය ළමයිතුත් ගස්සද්දි හිමින් ගස්සන්න🌚

ගිහිම් එන්නම් මල් පාත්ති පැටව්නේ… මම ඔයාලගෙ දාස්….🐳

මෙහි එන සියලු නම් ගම් චරිත සහ සිද්දීන් සියල්ල මනඃකල්පිත බව සලකන්න..!

Tags: read novel Kapuru. | À¶Šà¶´À·”À¶»À·”. කපුරු 10🍃, novel Kapuru. | À¶Šà¶´À·”À¶»À·”. කපුරු 10🍃, read Kapuru. | À¶Šà¶´À·”À¶»À·”. කපුරු 10🍃 online, Kapuru. | À¶Šà¶´À·”À¶»À·”. කපුරු 10🍃 chapter, Kapuru. | À¶Šà¶´À·”À¶»À·”. කපුරු 10🍃 high quality, Kapuru. | À¶Šà¶´À·”À¶»À·”. කපුරු 10🍃 light novel, ,

Comment

Leave a Reply

Chapter 11