Kapuru. | À¶Šà¶´À·”À¶»À·”. කපුරු 11🍃

A+ A-

මම දැම් ගිහිම් කොහොමද රාදෙව් අයියට මූන දෙන්නෙ ආශ් , එහෙන් මූ මට උදේ පාන්දර කෝල් කරල ඇගට කඩන් පැනල කෝල් එකත් කට් කරා. ඒකට හේතුවක් දන්නෙත් නෑ. මම අද හිතන් ආවෙ මගෙ ලෙඩේ වැඩි වෙන්න කලින් ඉදන් මූව මගඇරල ඉන්නත්. මම විකාර හිත හිත ප්‍රිෆෙක්ට් රූම් එක පැත්තට ගියා ලයිබ්‍රි එක ලගින් යද්දිම ප්‍රිෆෙක්ට් රූම් එකේ ඉදන් ෆයිල් එකකුත් වන වන එන අනූරථ අයියව හම්බුන නිසා මම ඌට දත් තිස් දෙකම පේන්න හිනා වුණා.

”මොකෝ උබ  නිකම් සුදු මැලි වෙලා වගේ´´

”කව්ද මම?´´

”නැතුව ඉතින්´´

”ආහ් නිකම් හරි රශ්නෙයි අප්පා.කෝ රාදෙව් අයියා මම මෙ එයා හම්බෙන්න යනවා´´

”අහ් දැන් එයි ප්‍රිෆෙක්ට් රූම් එකෙන් ඉන්න ගිහිම් .හම්බවෙයන්කො එහෙනම්. අපි කැපුනා´´

අනූරථ අයියා පේන් ඉන් ස්මයිල් හිනාවකුත් දාල කියපු විදිය නම් මට ඇල්ලුවෙ නෑ. මම ඕන එකක් කියල ප්‍රිෆෙක්ට් රූම් එක ලගට ගිහිම් දොර ලග හිටගෙනත් කල්පනා කරේ ඇතුලට යන්දෝ නොයන්දෝ කියල.ගෙදර ගියත් අඹු නසී මග හිටියොත් අඹුම නසී වගේ සීන් එකක් මට වුනේ. ඕන පුපක් ප්‍රීති වෙසක් කියල මම ඇතුලට ගියා.රූම් එකේ කොනට වෙන්න දාපු ටේබල් එකක් උඩ

                         HEAD PREFECT
      R. MIHIRTHA SADANASH ASURAPPULI

කියල නේම් බෝර්ඩ් එකක් තියල තිබ්බා. මුගෙ නමේ දිග යකෝ සදනාශ් කියල ලස්සනයි එතෝට R කියන්නෙ රාදෙව් වෙන්න ඇති. අම්මහ් අසුරප්පුලි! මම මූට අසුරය කියන එක සාධාරණයිනෙ. මෙච්චර වෙලාම රූම් එකේ සිරි නරඹ නරඹ හිටපු මම ගැස්සිලා ගියේ රූම් එකේ දොර අරින සද්දෙට, හැරිල බලද්දි රාදෙව් අයියා ඇස් දෙකත් රතු කරන් මම දිහා බලන් ඉදල වේගෙන් අඩි තියල ගිහිම් එතන තිබ්බ පුටුවකින් වාඩි වුණා. යකෝ මූ වචනයක් වත් කිව්වෙ නෑ. අනික සද්දෙට පොලවෙ අඩි තියන්න හොද නෑ කියල ඉස්සර අපේ සීයත් කියල තියෙනවා. එතකොට පොලෝ මහී කාන්තාව බය වෙනවලු. ශැහ්! මේ ජරමර අස්සෙ ඒවත් මට මතක් වෙනවා. දැන් මගේ අත් දෙකට දාඩිය දාගෙන එනවා.

”තැන්කිව් අහ්__අයියෙ, මෙන්න ආ´´

මම ඉක්මනට බෑග් එක ටේබල් එක උඩින් තියල දුවන්න හැදුවෙ ඒව කොහෙද මම දොර දිහාවට යද්දි ”දස්´´ ගාල සද්දෙන් රාදෙව් අයියා දොරේ කී එක මේසෙ උඩට විසික් කරා.

”ඇයි මොකද්ද උබට තියෙන හදිස්සිය´´

”අ…අයියෙහ්. එහෙම ලොහ්…ලොකුවට හදිස්සියක් නැහ්´´

”මෙහෙ වරෙන්´´

”එහ්!´´

”මම ඔතෙන්ට ගෙන්න ගන්නෙ නැතුව මෙහෙට වරෙන් තිදස්!´´

”අ..අයියේ____________ ඇයි කියන්නකො කෑ ගහන්නෙ මට මතක විදියට මම ස්කූල් එකේ කිසිම රූල් එකක් කඩල නෑ ඔයා මොකටද මට මෙහෙම කරන්නෙ?´´

මොන මගුලක්ද ඇයි මම මේ බය වෙලා,මම වැරද්දක් කෙරුවෙ නෑනෙ සෑහෙන ගටක් එකතු කරන් මම අහන්න ඕන දේ උගෙන් කෙලින්ම ඇහුවා. ඒපාර නම් රාදෙව් අයියට හිටියට වඩා තරහ ගියා කියල එයා හුස්ම ගන්න විදියෙන් වුණත් කියන්න පුලුවන්.
අඩි දෙකට මන් ළගට ආපු තිදස් අයියා මාව තල්ලු කරපු පාරට මම එතනම තිබ්බ බිත්තියෙ දඩස් ගාල වැදුනා.

”අහ්! ආයිශ් ´´

මගෙ ඔලුවත් යන්තමට බිත්තියෙ වැදුනත් මට ඒක රිදුනා. එක පාර වුණු දේ හිතා ගන්න බැරුව වැහුණු ඇස් දෙක අරිද්දි මම හිටියෙ රාදෙව් අයියටයි බිත්තියයි මැද හිර වෙලා. රාදෙව් අයියා තරහ කන්ට්‍රෝල් කර ගන්න වගේ දත් මිටි කනවා. එක පාරට රාදෙව් අයියා මගෙ කම්මුල් දෙක දෙපැත්තෙන් හිර කරල අල්ලගනිද්දි නම් මට තරු පෙනිලා හදේ ආවාටත් දැක්කා. මම ඇස් ලොකු කරන් රාදෙව් අයියා දිහා පුදුම වෙලා බලන් හිටියා. එයාට ටිකක් තරහ යන තද මනුස්සයෙක් වුණාට මෙච්චර තරහ ගිහිම් ඉන්නව මම දැක්කමයි

”උඹ මාත් එක්ක සෙල්ලන් කරන්න එපා වාසු, අනිත් උන් මෝඩ වුණාට මම මෝඩ නැහැ. උඹ කැඩුවෙ ස්කූල් එකේ රූල්ස් නෙමෙයි මගේ රූල්ස්´´

…………………………….….

”මට ඇත්තම කියපන් වාසු´´

……………………………………….      

”කොච්චර කල් ඉදන්ද?´´

………………………………………

”උඹ ස්මෝක් කරන්නෙ කොච්චර කල් ඉදන්ද කියල මම අහන්නෙ´´

මගෙ ඇස් දෙක ලොකු වුණා. මූ කොහොමද ඒක දන්නෙ අඩුම ඊශ්වර වත් නොදන්නකොට.මුලදි යකෙක් වගේ කෑ ගහපු රාදෙව් අයියා අවසාන ටික අහද්දි කඩ හඩ බිදුණා. මාව අත ඇරල අනිත් පැත්ත හැරිල හයියෙන් හයියෙන් හුස්ම ඉහල පහළ දාන රාදෙව් අයියා දිහා මම බලන් හිටියා. මගෙන් උත්තරයක් නැති පාර රාදෙව් අයියා මාව ආයෙමත් බිත්තියටයි එයාටයි මැදි කර ගත්තා.

”අහ්…අයි      යෙහ්´´

”කියනව´´

……………………………

”මම දන්නෙ කොහොමද කියන එක හිතන්න මහන්සි වෙන්න එපා.දන්නෙ උඹෙ ස්ටේටස් එකෙන්. උඹෙ හැම ඩීටේල් එකක්ම හරි පරිස්සමෙන් තෝරල බේරල ගන්න මට ඒක හොයගන්න එක සුළු දෙයක් වාසූ..´´

රාදෙව් අයියා අත් මගෙ දෙපැත්තෙන් බිත්තියට ගහන් මගෙ මූණට පාත් වෙලා කියවනවා. සිරාවට මට දැන් අඩන්න ඕන වෙලා ඉන්නෙ අවුරුදු කීයකින්ද මන්දා නොඅඩපු මට ඒ හැගීම පිට කරන්න තේරුනේ නෑ. ගල් වෙලා වගේ බිම බලන් ඉදපු මම ඔලුව උස්සල රාදෙව් අයියා දිහා බැලුවා එයාගෙ ඇහිබැමි එකට යා වෙලා ගිහිම් ඇස් ලාවට දිලිසෙනව හරියට කදුළු පටලයක් බැදිල වගේ. අන්තිමට මම කතා කරා.

”අව්රුදු දෙකකට කලින්´´

”ශිට්!´´

රාදෙව් අයියා දඩාස් ගාල බිත්තියට අත මිටි කරල ගහල මගෙ නිකටෙන් අල්ලගෙන මූණ උඩට ඉස්සුවා.මම ස්මෝක් කරන්න ගත්තෙ දහය වසරෙදි වගේ . කලින් ඉන්ටර්නැෂනල් ස්කූල් එකක ගියපු ළමයෙක්ට ඔය වගේ දෙයක් ගොඩක් නෝර්මල් දෙයක්. ඒ ස්කූල් එකේ ආශ්‍රේ කරපු යාලුවො නිසා එහෙම වෙන්නත් ඇති. මම මුලදිම ආසාවට අරන් බැලුවට පස්සෙදි මට ඒක ඕන වුනේ මට තිබ්බ පාලු ගතිය මකා ගන්න , ගෙදර රණ්ඩු වලින් පස්සෙ එන ස්ට්‍රෙස් එක නැති කර ගන්න, නින්ද යන්නෙ නැති වෙද්දි පවා මම ස්මෝක් කරන්න පුරුදු වුණා. කාලෙත් එක්ක මමම තේරුම් අරන් ඒක නතර කර ගත්තත්. ඊයෙ ඉන්නම බැරි තැන ස්මෝක් කරා.

”ඉක්මනට මැරෙන්නද ඕන උඹට´´

……………………………….

” addict  වෙලාද ඉන්නෙ තමුසෙ ´´

”න්..නැහැ´´

”එහෙනම් ආයෙ කරන්න එපා. තේරුණාද´´

……………………………

”වාසූ..! මම ඇහුවෙ තේරුණාද කියල´´

”ඔව්´´   

”ස්මොක් කරන්න හිතුනොත් මට කෝල් එකක් ගන්න´´

”ඇයි´´

”කිව්ව දේ කරපම් බන්, වෙන එකෙක් වුණා නම් මට මැරෙනව පේන්නෙ නැහැ. මම ඉවසන්නෙ මෙතන ඉන්නෙ උඹ නිසා´´

”ඇයි?´´

”මොකද්ද´´

”මාව  හදන්න හදන්නෙ´´

”මම හෙඩ් නිසා. කිව්ව දේ කරපන්´´

මට තේරෙන්නෙ නෑ , ඒත් රාදෙව් අයියට මුරණ්ඩු වෙන්න මගෙ හිත නැමෙන්නෙ නෑ. මොනා වුනත් ආයෙම සිගරට් නොබී ඉන්න හිතා ගත්තා. මගෙ මූණ ළගටම නැමීගෙන ඉන්න රාදෙව් අයියගෙ සුවද මගෙ නාස් කුහර දිගේ ගිහිම් පෙණහළු පිරෙනව දැනෙනවා. ඒවා සිගරට් එකකින් ලැබෙන නිකොටින් මත් ගතියට වඩා සනීපයි කියල මට එක විනාඩියකට හිතුනා.ඒත්,

”මම ආයෙ නොකර ඉන්නම් හැබැයි ඔයා කියපු නිසා නෙවෙයි. ´´

මම එහෙම කියද්දි රාදෙව් අයියගෙ අතට මගෙ උරහිස් පොඩි වෙලා ගියා. ඒක මට රිදුනා  හැබැයි මම කියන්න ගියේ නෑ. එයා මගෙ ඇස් වලට එබීගෙනම ඉන්නවා.

…………………………

”ඔයා මම ගැන ඕනාට වඩා හොයන්න බලන්න ඕනෙ නෑ ඔයාගෙ ක්‍රශ් එක දැන ගත්තොත් හරි නෑ´´

මම කියපු දේත් එක්ක ඇස් දෙක ලොකු කර ගත්ත රාදෙව් අයියව තල්ලු කරල දාල මම යන්න ගියා  දොර ලොක් ඇති කියල හිතුවට දොරේ හැන්ඩ්ල් එක කැරෙකෙව්වම දොර ඇරුනා. මම වේගෙන් වොශ් රූම් එක පැත්තට දිව්වෙ මේ විදියට ක්ලාස් එකට යන්න බැරි නිසා.ඒ ගියේ සියොත් අයියගෙ ඇගෙත් හැප්පීගෙනමයි .

”අනෙ අම්මප දැන් කාලෙ උන්ට නම් පුදුම කුලප්පුවක් තියෙන්නෙ´´

සියොත් අයියා කෑ ගහද්දි මම වොශ්රූම් එකට ගිහිම් මූණ සෝද ගත්තා.
රාදෙව්ට හ@න්නල ගන්න යකො. ඌ කට දෙපැත්තෙ තද කරපු පාර ලස්සනේට රතු පාටින් හිටල .තම්බපු ඉස්ස වගේ ඉන්න මගේ මූනෙ ඒක හොදටම පේනවා . කරන්න දෙයක් නැති කමට මම ඇදුමයි කොන්ඩෙයි හදාගෙන ක්ලාස් එකට ආවා.

අත තියන් ඉන්න බැරිකමකට තව සූටි කෑල්ලක් ලිව්වාහ්😪. ගිහිම් එන්නම් ළමායීඊඊඊඊඊඊඊඊඊඊඊඊ…….

මම දාස්….🐳

මෙහි එන සියලු නම් ගම් චරිත සහ සිද්දීන් සියල්ල මනඃකල්පිත බව සලකන්න..!

Tags: read novel Kapuru. | À¶Šà¶´À·”À¶»À·”. කපුරු 11🍃, novel Kapuru. | À¶Šà¶´À·”À¶»À·”. කපුරු 11🍃, read Kapuru. | À¶Šà¶´À·”À¶»À·”. කපුරු 11🍃 online, Kapuru. | À¶Šà¶´À·”À¶»À·”. කපුරු 11🍃 chapter, Kapuru. | À¶Šà¶´À·”À¶»À·”. කපුරු 11🍃 high quality, Kapuru. | À¶Šà¶´À·”À¶»À·”. කපුරු 11🍃 light novel, ,

Comment

Leave a Reply

Chapter 12