Kapuru. | À¶Šà¶´À·”À¶»À·”. කපුරු 12🍃

A+ A-

”අහ් ඔය ආවෙ කිරි පුතා´´

”එහ්! ඔය මොකෝ කම්මුල් වල පාර හිටල ඇත්තකියහම්ම්ම්ම්ම්´´

”අහ් පිස්සුද ඕයි අව්වට මේ පාඩුවෙ ඉදපල්ලකො රෙද්ද”

ක්ලාස් එකට ගියා විතරයි සිත්රුයි ඊශ්වරයයි මැරෙන්න ගියෙ නැති ටික විතරයි. කම්මුල් වල හිටපු ඇගිලි පාරවල් වල අග මුල හොයාගන්න මගෙ ඔලුව කෑවෙ නැති ටික විතරයි. මම බොරු ඔලුවෙ කැක්කුමක් අරන් ඩෙස් එකට ඔලුව ගහ ගත්තෙ උන්ගෙ ප්‍රශ්න් වලින් බේරෙන්න හිතාගෙනමයි.

”මේහ්! තිදසෝ මෙහෙ බලන්වකො ඒයි´´

”ම්ම්හ් චහ්! ටිකක් මෙහෙම ඉන්න දෙනවකො ඊශ්වර´´

”උඹ ඔහොම අව්ලෙන් ඉද්දි අපි කොහොමද කියපම්කො බලන් ඉන්නෙ, ප්‍රශ්නයක් නම් කියපම්කො සුදූ´´

”මුකුත් නෑ බන් මගෙ ඔලුව රිදෙනව මෙහෙම හිටියම හරියයි´´

සිත්රු පෙනඩෝල් දෙකකුත් මගෙ ඇගේ ගැහුවෙ බොරු ඔලුවෙ කැක්කුම ඉහ මුදුනෙන් පිලි අරන්.

”මූට දෙන්න එපා බන් , ලෙඩක් නැතුව ඕව බොන්නෙ පකටද මෙහෙ දිය පකිස් බූරුවා!´´

”දැන් මම ප්‍රිෆෙක්ට් රූම් එකට ගිහිම් වෙච්ච දේ රාදෙව් අයියගෙන් අහන් එන්නද උබ කියනවද?´´

මගේ පුස් මූනෙ වෙනස අදුර ගත්ත ඊශ්වර පගය නම් මාව හෙනටම සැක කරා. සිත්රු මගෙ ඔලුව අතගාන ගමන් දෙපැත්තට පැද්දෙනවත් එක්ක.

”මම සිගරට් බොනව කියල කට මිරිකුවා´´

”කව්ද අපෙ රාදෙව් අයියාහ්!´´

”තොගෙද කාගෙද දන්නෙ නෑ ඌ තමා ´´

”අනේ සාදු! අනේ සාදු! තොගෙ කට මිරිකන්න නෙමේ දෙකට නවල …. කිව්ව කියල හිතා ගනිම් මෝඩ හුකන්න´´

මුන්ට නම් මුකුත් කියන්න බෑ.උන දේ කියද්දිම ඊශ්වර මට දෙහි කපන්න පටන් ගනිද්දි,මගෙ ඔලුව අතගගා ඉදපු සිත්රු අත දිග ඇරල ඔලුවට එකක් දුන්න පාර මම ඉස්සරහට විසික් වෙලා ගියා.

”ඌයී´´

”ඌයි පෙනෙයි තොගෙ පෙනහැලි දෙක පෙනේර උනාම´´

”හරි ආයෙ ගන්නෙ නෑ උබ පල්ලා´´

”අනේ තූ නොදකිම් තොගෙ හාලි කට´´

මම ලෝභ නැතුව සිත්රුවගෙ ඔලුවෙ අත තියල දිව්රුවා වෙද්දි, සිත්රුවා පොලවෙ පස් කන්න හැදුවා

”හරි, දැන් මූඩ් ගහල ඉන්නෙ ඇයි කියපම්කො´´

”මට තේරෙන් නෑ´´

”තේ රෙන්න , තෝ තේ පැක්ටේරියක්ද . කනට දෙකක් දෙන්න කලින් උබට වැටහෙන විදියට කියපම් උබට වෙච්ච විපිරියාසෙ´´

සිත්රුව එක පැත්තකින් ඉදන් මගෙ ඔලුවට අනිනවා. අනිත් පැත්තෙන් ඊශ්වර ඉදගෙන මගෙ අත අතගගා මගෙ මූඩ් එක ගියපු හේතුව් අහනව. එකෙක් ප්‍රචණ්ඩත්වය අතට අරන් නැහෙන්න යද්දි, අනිකා කාගෙත් අම්මා වගේ හේතු අහනවා.

”රාදෙව් අයියා මම එක්ක අව්ලෙන් ඇත්තෙ දැන්, මට තියෙන ප්‍රශ්නෙ ඇයි එයා මගෙ දේවල් වලට අව්ල් යන්නෙ කියන එක´´

”හා à·„à·Š හා හා! අමෝ හුත්තෝ.. අනේ ඊශ්වරයෝ මෙන්න මේ පඩික්කුවා කොහෙන් හරි තැනක් බලල බිමින් වාඩි කරවපම්. අම්මෝ මට බෑහ්!´´

”සිත්රු,  මූ අගස්ති අන්කල්ගෙ නම් වෙන්න බෑ ශුවර් එකටම හොස්පිටල් කාණුවෙන් ඇහින්ද එකෙක්´´

”අනේ හිනාවෙන්න එපා  බල්ලනේ මට විපතක්නෙ වෙලා තියෙන්නෙ´´

”හා හා හාහ්! අඩෝ බඩත් රිදෙනව හිනාවෙලා´´

සිත්රුවයි ඊශ්වරයි මගෙ දෙපැත්තට වෙලා පිස්සු බල්ලො වගෙ හිනාවෙද්දි මට තව අව්ල්.හේතුවක් කියාපල්ල ඒකත් නෑ.මට  තරහයි හුත්ත.

”ජෝක් නෙවේ මට අව්ල් ඒක උබල ඕන තරම් හිනාවෙයන්කො´´

”හරි හරි උබට තියෙන අව්ල ඌ උබ ගැන වද වෙන එකනෙ. උබට තේරෙන්නෙම නැද්ද බන් හේතුවක්´´

”තේරුනා නම් අව්ලෙන් ඉන්නෙ නෑනෙ´´

මම සිත්රු දිහා බැලුව. උගෙ නලියන කට අරින්න හදනව කියන්නෙ මොකක් හරි කැරි කතාවක් කියන්න හදන්නෙ දැන්

”එකාතකට බන් ඊශ්වරයො… බත බැලුවම හොද්ද පේන එකාට ඕක පේන්න් විදියක් නෑ´´

”මොන බත්ද අනික හොදි එක්ක ඒහ්!´´

”ඔය කිව්වෙ, ටියුබ් ලයිට්නෙ ඉතින්, ඌ ඉතින් හොයල බලන්න ඇති හෙඩ් නිසා උබ දැනට එහම හිතා ගනිම්´´

ඊශ්වරය මගෙ ඔලුවට තට්ටුවක් දාල කියපු විදිය නම් මට ඇල්ලුවේම නැහැ. ස්කූල් එකේ ඉතුරු පීරියඩ් හතම ඉගැන්නුවත් මම වෙනද තරම් උවමනාවක් ඇතුව වැඩ කරේ නෑ කියල මටම තේරුණා. ඒකට හේතුව මූණටම හම්බෙලත් දැක්කෙ නෑ වගේ යන රාදෙව් අයියා නිසාද නැත්තම් ඊයෙ ඉදලම මගෙ හිතේ හොල්මන් කරන මගෙ පැටලුන ෆීලින්ග්ස්ද කියන්න මම දන්නෙ නෑ. කොහොම හරි පීරියඩ් හතම ඇදල, ස්කූල් ඉවර වෙලා ගේට් එක පැත්තට ගියා. හවස ක්ලාස් නිසා,දැන් ඉතින් නුගේගොඩ බඩ ගාපන්කො .

”උබ තාම අව්ලෙන්ද ඉන්නෙ ඉතින් ´´

”පිස්සුද බන් මම මේ කල්පනා කරේ හරකෙක් වත් උනා නම් තණකොළ ටිකක් කාල ගොම බෙට්ටක් දාන් ඉන්න තිබ්බා. බලපම් අපි ක්ලාස් යන්නයි පාඩක් කරන්නයි´´

”උබට ඉතින් අඩු අං දෙකයි නැට්ටයි විතරයි ´´

ඊශ්වරය උදේ සීන් වලට මට තාම කෙනෙහිලිකම් කරනවා. අපි කතා කර කර ගේට් එක ළගට යද්දි රාදෙව් අයිය ගේට් එක ලග හිටගෙන ඉන්නවා.

”අහ්! අන්න ඉන්නව මහ හරකා ගේට් එක ළග´´

”කෑ නොගහ යමන්කො´´

දවසෙම මට ලොකු ලයින් දීපු එකා දැන් මගෙ මූණ දිහාම බලන් ඉන්නව මම ඇස් කොනට දැක්කත් මම ඌව ගනන් නොගෙනම ස්කූල් එකෙන් එළියට ඇවිත් හෝල්ට් එක ළගට ගියා.

”තොපි නම් ගෑණියි මිනිහයි වගේ මරාගනියව් හුත්තො´´

”බෝක්කු කට වහන් බලපිය බස් එකක් එනවද කියල´´

විනාඩි පහක් විතර යද්දි ඈතින් බස් එකක් එනව එක්කම රාදෙව් අයියා අපි ඉන්න පැත්තට ඉක්මනට ඉක්මනට  එනව දැක්කත් මම ආපු බස් එකට නැගල එන්න ආවා. ඇයි ඌට විතරද ලයින් දෙන්න හොද, හුත් ත! ඔය වෙල්ලවැහුම් වල් පෝතකයට අපි හොද වැඩී.
ක්ලාස් එකට ගියත් මට රාදෙව් කාරයා ඔලුවෙන් යවාගන්න බැරි නිසා ක්ලාස් එකට යන ගමන් ගෙනිච්ච සෙන්ටෆෘට් එකයි සෙන්ටෆ්‍රෙශ් එකයි සෙන්ටෂොක් එකයි බබල්ගම් තුනම එක ඇරේ කටට දාගෙන හප හප ඉදල යන්තම් පාඩමට ෆෝකස් වුනා. නැත්තන් ඔර්ගනික් පාඩම බැරුව ගිහිම් ඉන්න වෙලාවෙ මේකෙ ඉතුරු ටිකත් හබක් වුනොත් වක පුල දා ගන්න වෙන්නෙ.

හවස ක්ලාස් ඉවර වෙලා සර්ගෙ මෝටිවේෂන් එකත් අහල ඉවර වෙද්දි හොදට හවස් වෙලා. ඔව් ඔව් දැන් සර්ගෙ මෝටිවේෂන් අහන් ඉදල හවස් වුනාම මේ ටයිම් එකේ බස් වල යන්නත් අපිට හෙන මෝටිවේෂන් එකක් ඕනෙ. අපි තුන්දෙනා නුගේගොඩ ස්ටෑන්ඩ් එකට ගාටගෙන ගිහිම් බස් එකක එල්ලුනා. ක්ලාස් එකේ ෆෝකස් එකේ හිටියට ඒකෙන් එළියට ආවම ආයෙම අර හිත බර ගතිය දැනෙන්න ගත්තා. ගෙදර එද්දි රෑ හතටම ළගයි. මම ගේට් එකෙන් ඇතුලට යද්දි එලියෙ වාඩි වෙලා කෝල් එකක ඉදපු අයියා මම එනව දැකල මම දිහාට හැරුනා.

”තමුසෙ මොකද පරක්කු?´´

”බස් එකේ ආවෙ ජෙට් එකේ නෙමෙයි´´

හැමදාම මට පුප්පන මූට ඉදල හිටල හරි මගෙ පවර්ස් පෙන්නන්න ඕනෙ.

”පරක්කු වෙන දවසට මට කියනව මම එන්නන්´´

”අනේ සුදු පුතා, මට පුරුදු විදියට මම එන්නම් මට කතා අහ ගන්න බෑ කාගෙන් වත්´´

මූ එක්ක ආවොත් මට අමේලි අම්මගෙන් තව රස කතා අහගන්න වෙන බව දන්න හින්ද මම ඌට හොදවයින් දෙකක් රවල ඇතුලට ගියා.
යන්න ගියපු මට අයියා ආයෙම කතා කරපු නිසා හැරිල බැලුවෙ මූව අමුවෙන් කනවද උයල කනවද කියල හිත හිත.

”අම්මයි තාත්තයි ඩිනර් අවුට් එකකට ගියේ, අද එන එක ශුවර් නෑ, මම පාර්ටි එක්කට යනව තමුසෙට ඉන්න පුළුවන්ද තනියෙන්´´

”පුළුවන්´´

තනි වචනෙන් උත්තර දුන්න මම මගෙ රූම් එකට ආව.කොහොමත් ඔය හැමෝම හිටියත් මම ඉන්නෙ තනියෙන් වගේ නිසා. මෙයාල නෑ කියල මට අමුතු තනියක් හැදෙන් නෑ කියල මතක් වුන මට හිනාවක් ගියා . සතුටට නම් නෙවේ අපහාසෙට.

මම නල කෑම කාල ඇවිත් ෆෝන් එකේ ඩේට ඔන් කරද්දි රාදෙව් අයියා මොනව හරි මැසේජ් වගයක් දාල ඒව ඩිලීට් කරල තිබුණ. මේක හරි හුත්තක් වුණානෙ මූ මගෙ ගෑණි වගේ වෙලා දැන්. මම ඕෆ් ලයින් එද්දිම රාදෙව් අයියගෙන් ආපු කෝල් එක කට් කරල ඩේට ඕෆ් කරල දැම්මෙ මට දැන් එයා එක්ක කතා කරන්න තරම් මයින්ඩ් එකක් නොතිබුණු නිසා. එක දිගට එන නෝර්මල් කෝල් වලට ඔහෙ රින් වෙන්න දීල මම ඇදට වැටුනා ටිකකින් ෆෝන් එකට එන කෝල් වල සද්දෙ නැති වෙලා ගිහිම් ටින්! ගාල මැසේජ් එකක් ආවත් මම ඒක ඩෝන්ට් කෙයාර් සීන් එකේ ඉද්දි තව මැසේජ් දෙකක සද්දෙ එක්කම මම ෆෝන් එක අතට ගත්තා.

⬇️Ube gedara issaraha inne eliyata waren.

⬇️mage tharaha aussgnn epa thidas!

⬇️mm athult ennada ub eliyata enawada?

මැසේජ් තුන දැක්ක මට තඩි කෙල ගුලියක් ගිලුනෙ මූ අපේ ගෙදර ඉස්සරහ ඉන්නව කිව්ව නිසා. මම පිස්සට හැතැප්ම නෑ වගේ පහලට දිව්වා. ගෙදර මොකෙක් වත් නැති වුණ එක ගැන දෙවියන්ට පින් දිදී එළියට දිව්වෙ කකුල් වලට සෙරෙප්පු දෙකක් වත් නැතුව. මම පොඩි ගේට් එක ඇරන් එළියට යද්දි ගේට් එකට එහාට වෙන්න තියෙන තාප්පෙ වහගෙන ඉන්න ඩාර්ක් පින්ක් කලර් බෝගැන්විලා ගහ යට බ්ලැක් යමහ බයික් එකක් තිබුණා. බයික් එකට හේත්තු වෙලා හෙල්මට් එක අතේ එල්ලන් ෆෝන් එක දිහා බලන් ඉන්න රාදෙව් අයියව අදුරගන්න මහ වෙලාවක් ගියේ නෑ. කලු පාට ෆිට් ටී ශර්ට් එකට ඩාර්ක් බ්ලූ ස්වේට් පෑන්ට් එකක් ඇදන් ගෙදරට දාන ස්ලීපර්ස් දෙක පිටින් ඇවිත් ඉදපු රාදෙව් අයියා මේ ආපු ගමන් ඇවිත් තියෙන්නෙ කළබලෙන් කියල තේරෙනවා. අපේ ගෙදර ගේට් එක ලග දාපු ලයිට් එළිය ඇරෙන්න වෙන එළියක් ළග පාත පේන්න වත් නොතිබුණත්. රාදෙව් අයියගෙ මූණට වැටිච්ච ලා අහ පාට එළියට, එයාගෙ මී පැණි පාට මූන ගෝල්ඩ් කලර් වෙලා දිස්නෙ දෙනවා.

”රාදෙව් අයියා!´´

ගිහිම් එන්නම් පැටව්නේ…………..
මම දාස්..🐳

මෙහි එන නම් ගම් සිදුවීම් සියල්ල මනඃකල්පිත නිර්මාණය බව සලකන්න…..

Tags: read novel Kapuru. | À¶Šà¶´À·”À¶»À·”. කපුරු 12🍃, novel Kapuru. | À¶Šà¶´À·”À¶»À·”. කපුරු 12🍃, read Kapuru. | À¶Šà¶´À·”À¶»À·”. කපුරු 12🍃 online, Kapuru. | À¶Šà¶´À·”À¶»À·”. කපුරු 12🍃 chapter, Kapuru. | À¶Šà¶´À·”À¶»À·”. කපුරු 12🍃 high quality, Kapuru. | À¶Šà¶´À·”À¶»À·”. කපුරු 12🍃 light novel, ,

Comment

Leave a Reply

Chapter 13