Kapuru. | À¶Šà¶´À·”À¶»À·”. කපුරු 13🍃

A+ A-

“රාදෙව් අයියා!”

“අහ් ! වා—-සූ”

මම කතා කරනවත් එක්කම ෆෝන් එකෙන් ඇස් මගෙ දිහාට හටවපු රාදෙව් අයියා එක පාරට ගල් වෙලා වගේ මම දිහා බලන් ඉන්න ගත්තා. යකෝ දැන් මට ලැජ්ජයි වගේ මම ඇදන් හිටපු ශෝර්ට් එක මම හිමීට ඇගිලි තුඩු වලින් අල්ලල පහලට ඇදගෙන කොන්ඩෙත් පිස්සෙක් වගේ නිසා මම අත් දෙකෙන් ඉක්මනට කොන්ඩෙ හදා ගත්තා. ඒත් තාමත් මූ මම දිහා බලන් ඉන්නෙ හරියට–
ඔහ් ශිට් ෆක් !  මම අයි ලෙන්ස් දාල නෑ! මට ඒක අමතක වුනේ කොහොමද , මම රාදෙව් අයියගෙන් මගෙ ඇස් හන්ග ගන්න ලොකු ට්‍රයි එකක් දුන්නා. බැරිම තැන මම ආයෙ ගෙදර පැත්තට දුවන්න හදද්දිම,

“කොහෙද දුවන්නෙ ම්ම්ම්……”

“අහ්..අත     අත අරින්න මට යන්න ඕනෙ”

“ඒයි! වාසු ඇයි මේ තමුසෙ ගැහෙන්නෙ , ඕයී මම දිහා බලන්න වාසූ!”

ගෙදර දුවන්න හදපු මගෙ අතින් ඇදල අරන් බයික් එකට තද කර ගත්ත රාදෙව් අයියා,මට කතා කරත් එයා කියන දේවල් මට ඇහුනෙ නෑ. මගෙ ඔලුවෙ වැඩ කරේ…..,
රාදෙව් අයියටත් මගෙ ඇස් කැතට පෙනෙයිද, මූසලයි කියාවිද නැත්තම් අසුභයි කියාවිද කියන එක වෙද්දි මම ගොඩක් කලබල වුණා.ඇයි කියන්න දන්නෙ නෑ මම ඒ ෆීලින්ග් එකට ගොඩක් බය හිතුනා කොටින්ම මාව ගැහෙන්න පවා ගත්තා. මගෙ හුස්ම ගන්න වේගෙ පවා වැඩි වෙද්දි රාදෙව් අයියා කලබල වුණා.

“වාසූ!”

“…………….”

“සුදූ”

“………………”

“ඒක හරි , ඒක හරි…. à·‚à·Šà·‚à·Šà·‚à·Šà·‚à·Š…… කලබලවෙන්න එපා, ඒව ලස්සන නිසා මම බලන් හිටියෙ,, වාසූ ඇහෙනවද”

මම එක පාරටම රාදෙව් අයියගෙන් ගැලවෙන්න හදන එක නවත්තල ඇස් ඇරල රාදෙව් අයියා දිහා බැලුවා.
එයා කිව්වෙ ලස්සනයි කියලද, කලින් කව්රුවත් මට එහෙම කියල නෑ “ඔයාගෙ ඇස් හරි අමුතුයි කියන එක ඇරෙන්න”. ඒවා මගේ උනා නම් කව්රු මොනව කිව්වත් මට කමක් නෑ. ඒත් ඒව මගේ නෙමෙයිනෙ.රාදෙව් අයියා මගෙ අත් දෙක අත ඇරල මගෙ මූණ එයාගෙ අත් වලට ගත්තා.

“මම ළග ඔහොම පැනික් වෙන්න එපා වාසු!, ඔයාට පුලුවන් මම ඉස්සරහ ඔයා වෙන්න, ඔයාට පුළුවන් ,ඔයා කැමති කෙනෙක් විදියට මාව දකින්න”

“………………”

“ඔයාට ඕනෙ නම් මේ ලෝකෙන්ම ඔයාගෙ ඇස් හන්ගන් ඉන්න, ඒත් මගෙ ඉස්සරහ එපා වාසු, “

ඒ වෙලාවෙ රාදෙව් අයියගෙ ඇස් වල තිබ්බ හැගීම කියව ගන්න තරම් මයින්ඩ් එකක් මට තිබුණෙ නෑ. එයාගෙ දිලිසෙන ඇස් වළටයි  එයා ළගින් එන සුවදටයි පුළුවන් වුණා මගෙ කලබල වුණු හිත හරි පරිස්සමට නිවන්න. මම හුස්ම ගන්න වේගෙ සාමානය වුණු නිසාමද මන්ද රාදෙව් අයියා මගෙ මූණෙන් අත් දෙක අරන් , එයාගෙ අත් මගෙ ඇග වටේ යවල පරිස්සමෙන් මාව තුරුල් කර ගත්තා. මගෙ ඔලුව උඩින් එයාගෙ නිකට තියා ගත්තා

” Realax mmmm… i am there”

එයාට පුලුවන් එයාගෙ අත් අස්සෙ මාව හන්ග ගන්න වුණත්. මම එයාගෙ පපුව අස්සට හිර වුණාම එයා හිමීට මගෙ කොන්දට හිමිහිට තට්ටු දාන්න ගත්තා. එයාගෙ අත් මගෙ වටේට පව්රු බැන්දට මගෙ අත් ආපස්සට එයා වටේ එතුන් නෑ. මම ඒකට උත්සාහ කරලත් ආයෙම අත් පාත දැම්මා.ඒත් එයා දන්නෙ නෑනෙ එයා මාව හග් කරේ මාව නිවන්න වුණාට, නිවිච්ච හිත ආයෙම එයාගෙන් ඇවිළුනා කියන්න.
මගෙ පපුවෙ ගැස්ම එන්න එන්න වැඩිවෙලා බඩ ඇතුලෙ මල් පැල පිස්සු නටන්න ගන්නකොට මම එයාගෙන් ඈත් වුණා.

“දැන් හරිද චුට්ටක් හරි , මට බය වෙන්න එපා
තමුසෙ හෙන චූටීනෙ බලනව මට තමුසෙව ගුලි කරල සාක්කුවෙ දා ගන්න පුළුවන්”

මම ටිකක් නෝර්මල් වුණු නිසා එයා කතා කරන්න ගත්තා. මට දැන් ඔලුව උස්සල එයා දිහා බලන්න ලැජ්ජයි වගේ. මම බිම බලාගෙනම ස්ලිපර්ස් වත් නැති කකුලෙ ඇගිල්ලෙන් කාපර්ට් කරපු පාරෙ කැණීම් කරන්න ගත්තා.දැන් මගෙ මූණට ලේ පිරෙනව ඇත් දැන් මූ ඉස්සරහ බ්ලශ් වෙනව කියන්නෙ රෙදි නැතුව මරදානෙ ඇවිදිනව වගෙ වැඩක් .

“ඇයි ආවෙ?”

“තමුසෙ මොකද මගෙ කෝල්ස් ගත්තෙ නැත්තෙ?”

………………….

“කට නැද්ද කතා කරන්න”

“නිකම්”

“අහ්! ඇත්තද ලොකු සර්!”

“තමුසෙ මට ලොකු ලයින් දුන්න නිසා”

“ම්ම්ම් ආයෙ නෑ”

“මොකද්ද?”

“ලොකු ලයින් දෙන්නෙ නෑ, අද ගේට් එක ළගට විතරයි ආවෙ.ආයෙ මගෙ කෝල්ස් ආන්සර් නොකරොත් තමුසෙගෙ රූම් එකට පනින්නෙ “

“ඒහ්!”

“ඒ à·„à·– නෙවෙ යනව ඇතුලට සීතලේ ඉන්නෙ නැතුව, එලියට බහිද්දි ස්ලිපර්ස් දාගන්න දන්නෙ නැද්ද පොඩි උන් පරාදයි හ්ම් හ්ම් ! යනව දැන්”

“හ්ම්ම් හරි”

“මම යනව ඉක්මනට ඇතුලට යනවා”

“……………..”

හෙල්මට් එක දාගෙන බයික් එකට නැගපු එයා එහෙම කියද්දි මම එයා දිහා බලාගෙන සද්ද නැතුව හිටියා. ඇයි කියන්න දන්නෙ නැ ඒත්….තව චුට්ටක් ඉදල යනවද අහන්න බැරි කමට මම සද්ද නැතුවම හිටියා.එක අතකිම් එහෙම නවත්ත ගන්න එයා මගෙ කව්ද.

“උඹ අව්ලෙන්ද ඉන්නෙ තාම”

“න්…..නැහ් එහෙම නැ” එයා එහෙම අහද්දි මම එයාගෙන් ඇස් අරන් අහස දිහා බලන් උත්තර දුන්නෙ එයා මගෙ ඇස් වලින් මාව කියවයි කියන බයට.

“මම ළග තමුසෙට අන්කම්ෆටබල්ද වාසු!”

“දැන් එහෙම නෑ.. පරිස්සමෙන් ගෙදර ගිහිම් මැසේජ් එකක් දාන්න. ටේක් කෙයාර් අයියෙ.”

“වාසු”

“ඇයි?”

“හත් ගව්වක් ඈත ඉදන් ඇයි හුයි ගාන්නෙ මට වසූරිය නෑ ලගට වරෙන්”

“ඇයි ඇයි මොකද වදේ”

යන්න බයික් එකටත් නැගල ඉදපු රාදෙව් අයියා ආයෙම මට කතා කරාම මම කකුල් දෙකත් ගස ගස ගිහිම් උගෙ ලගින් හිට ගත්තා.ගියපු ගමන් මගෙ අතින් ඇදල ගත්ත රාදෙව් අයියා මම ඇදන් ඉදපු වයිට් කලර් බැගී ටී ශර්ට් එකේ කර ළගින් ඇදල උරහිස ළගින් පාතට ඇද්දම මම ඇස් දෙකත් ටොම්බ සයිස් කරන් හෝස් ගාල කටත් ඇරන් ඌ දිහා බැලුවා.

“මොකෝ තෝ, තොගෙ මගුලක් බැලුවෙ නෑ මම බැලුවෙ උදේ මම අල්ලපු පාරට තොගෙ කටු උරහිස තැලිලද කියල”

බෝක්කු කට වහගත්ත මම උගෙ අපහාස වලට ෆයර් වෙච්ච පාර මගෙ උරහිසෙන් අල්ලන් ඉදපු රාදෙව් කාරයගෙ අතට මම මගේ නුයපොතු හතරක් බැස්සුවා.

“ආහ් ආයි, ආයි පරයො. උඹ නම් යක්ෂයෙක් පල ගෙට , උරහිසේ මොනව හරි ගා ගන්නව ලාවට නිල් වෙලා.”

මම කොනිත්තපු එකත් අත ගගා ඉන්න රාදෙව් කාරයට මම රවල අහක බලා ගත්තා.

“පල ගෙට මෙතන නිගණ්ටය වගෙ හිටන් ඉන්නෙ”

මම එයාට දිව දික් කරාම එයා හිනාවෙන්න ඇති. ෆුල් ෆේස් හෙල්මට් එක නිසා ඒ හිනාව නොදැක්කට. ඒ ගැඹුරු පිරිමි ඇසුත් හිනා වුණා.මම පලවෙනි වතාවට ලෙන්සස් නැති ඇස් වලින් කෙනෙක් දිහා බැලුවා. ඒක හරි නිදහස් හැගීමක්.ඒ විදියට එයා දිහා බැලන එක මාව සනීප කරන හැගීමක් . එයා මම ගේට් එකෙන් ඇතුලට යනකම්ම බලන් හිටියා. මම රූම් එකට දුවල ගිහිම් ඉක්මනට බැල්කනි එකට ගිහිම් එයා යන දිහා බලන් හිටියා.

ඇත්තටම ඇයි මම කෝල් එකක් ආන්සර් නොකරපු නිසා මෙහෙම හොයන් එන්නෙ,…
මම ලොකු හුස්මක් පාත දාල ඇදට වැටුනා  දැන් නින්ද යන්නෙ වත් නෑ. ටිකකින් රාදෙව් අයියා ගෙදර ගියා කියල මැසේජ් එකක් දාල තිබුණා.

“ඇයි රට මී හරකෝ අර බයිසන් ගවය අස්සෙ සැපට තුරුල් වුණේ බලපිය දැන් ස්කූල් ගිහිම් ඕකට මූණ දෙන්නෙ කොහොමද ආආආආආ මට දැන් ඩිට්ටේසන් වගේ ” wait what! රාදෙව් අසුරය මට සුදූ කියලද කිව්වෙ දෙයියනේහ්!

රාදෙව් අයිය ගේට් එක ලග ඩියුටි බලන්න එන්නත් කලින්ම මම ස්කූල් එකට ආවෙ ඌට මූණ දෙන්න බැරි නිසා.මම ක්ලාස් එකට යද්දි ක්ලාස් එකේ එක කොල්ලෙක් වත් නැති නිසා එළියට ඇවිත් ස්කූල් එක වටේ රව්මක් දැම්මා. අපේ බුදු මැදුර ළග පොකුණක් හදල තියෙනවා . පොකුණක් කිව්වට ඒක වැවක ආකෘතියක්ලු . කව්රු කොහොම කිව්වත් මට නම් ඒක ළිදක්. ඒ මදිවට ඒකෙ අයිනකින් දියකිදුරියක පිළිමෙකුත් හදල. මම අහන්නේ මේ වගේ බෝයිස් ස්කූල් එහෙකට මෙහෙම එකක් හදන එක සුදුසුද . අනුවන ප්‍රින්සිපල් කෙනෙක් අපිට ඉන්නෙ. අනික මම නම් කියන්නෙ අපෙ ප්‍රින්සිපල් සර්ට ස්කූල් එකේ විදුහල්පති තනතුරට සුදුසුකම් ඇත්තෙම නෑ. සිස්ස නායක මඩුල්ලට වුණත් ඔය පේන තරම් සුදුසු කම් නැහැනෙ. හෙඩ් පේන්නෙ නැද්ද උගෙ පොත්තෙ සුදයි ඇගයි අලි ඔලුවයි විතරනෙ ඕවත් සුදුසුකම්ද මට තියෙන ඒව හැටියට.
මම හෙන වෙලාවක් පොකුණ දිහා බලාගෙන මනෝගැහුව. මට මැවිල පෙනුනා. ඊලගට මම ස්කූල් එකේ හෙඩ් වෙලා. වයින් රෙඩ් බ්ලෙසර් එකට වැල් තුනේ බැජ් එක ගහන් පොඩි උන්ට සද්දෙ දාන් ඉන්නව. ඒව කොහෙද දැන් ඉන්න එවුන් ටික එක්සෑම් එකෙන් පස්සෙ ටොප් බෝර්ඩ් එකට බැස්සම උන් කැම්පස් යනකම් අපි උන් යටතෙ එපැයි වැඩ කරන්න.හනේ…….පාසල් මෑණියනේ……!

චටාස්!

“ආව්! හුත්‍ත!”

“තෝ උදෙන්ම ඇවිත් අපේ දියකිදුරි දිහා බලන් ස්වයංවින්දනේ කරනෝද පගෝ”

අපේ වැව දිහා බලන් මනෝ ගහන් ඉදපු මම හීන ලෝකෙන් මේ ලෝකේට වැටුනෙ ඊශ්වරය ඇවිත් පිට හරහ දුන්න ඩෑස් පාරට. ඌ නම් උදෙන් එන්නෙ පෙම් කෙලින්නනෙ . මූන්ට නම් කියල බෑ රාදෙව් අයියා ඊයෙ අපෙ ගෙදර ඉස්සරහට ආව කියල නම්. මූ මට මඩ ගහල කැලෑ පත්තරත් ගහයි.

“ඊය අනේහ්! මගුලක් නෙමේ අරූට මූණ දෙන්නෙ කොහොමද කියල කල්පනා කරේ “

“කාට, රාදෙව් අයියට”

“ඔව් ඔව් ඒ ප#යියට තමා “

“ආආ……. ඌට ඉතින් මූණ නොදුන්නට කමක් නෑ. ඔය ලොකුවට තියෙන අනික දුන්නම ඇති”

“මොකා!”

“ඔය තියෙන්නෙ ලොකුවට තොට පුකක් ඒක ඒක”

“පලයන්කො යන්න හුකෝ ගන්නැතුව රෙද්ද හුම්”

“ගස්සන්න එපා බන් උබර් ලමිස්සි වගේ. හදිස්සි වෙලා සියොත් අයියා එක්ක යාලු වෙච්ච වෙලේ උඹව දා ගත්ත නම් පුප හරි තියේනෙ”

“අනේ හුකන්නෝ උබ ගිහිම් සියොත් අයියගෙන් ඉල්ල ගනුකො”

“අනේ සුදූ….. හොද වෙලාවට මතක් කරේ ඒකට තමා යන්න ආවෙ. යමන්කො මම එක්ක හොද එකානෙ”

“මොකද්ද පුප ඉල්ල ගන්නද?”

මම ඇස් දෙකත් ලොකු කරන් ඇහුවම ඌ මට පත ටොක්කක් ඇන්නා.

“මගුලක් නෙමේ අනිත් ළමයි එන්න කලින් සියොත් අයියව බලල එන්න , අනෙහ් අනෙහ් අනෙහ්…….යමන්කො”

“යමන් යමන් වැලලෙන් නැතුව,”

උගෙ කන්දොස්කිරියාව අහන් ඉන්න බැරිම තැන මම ඌත් එක්ක මැත්ස් සෙක්ශන් එක පැත්තට ගියේ රාදෙව් අයියා ඩියුටි ඇති කියල හිතන්. බුදු අම්මෙහ් යකෝ ප්‍රිෆෙක්ට් බෝර්ඩ් එකම මෙතනනෙ සියොත් අයියයි,අනූර්ථ අයියයි , රාදෙව් අයයි තුන් දෙනාම මැත්ස් සෙක්ශන් එකේ සෙකන්ඩ් ෆ්ලෝ එකේ පඩි පෙළ ලග ඉන්නව දැකල මගෙ කකුල් දෙක පොලවෙ ඇලුන වගෙ එකක් වුණා. මට මූව දාල යන්නත් බෑ. මුන් දෙන්න තනියෙන් කතා කර කර ඉන්න එක අව්ල් වගෙ නිසා තමා මූ සියොත් අයිය එක්ක ඉන්න හැම වෙලාවෙම අපි කව්රු හරි මුන් දෙන්න වටේ ඉන්නෙ. මම නම් කියන්නෙ කපල් වල තනි රකින අපි වගේ තනිකඩයොන්ට රජයෙන් වැටුප් ගෙවන්න ඕන. අනුර අයියට කිව්වොත් දෙයිද?

“ඕයි මෙහෙ වරෙන්”

“අනුර අයිය දෙයිද බන් ඉතින්”

අවසිහියෙන් ඉදපු මම ඊශ්වරයගෙ ටින් වොයිස් එකෙන් ගැස්සිල ගිහිම් හිතෙන් හිතපු එක උගෙන් ඇහුවා. හයියෝ මට නම් දැන් ට්‍රැක්. අයිය ටිකත් කට ඇරන් අපි දෙන්න දිහා බලන් ඉන්නව.

“අනුරයියා දෙයි කටට වර යන්න “

පෙනේද හොට රතු කොබෙයියා මට කියපු කතාව. සියොත් අයියයි ඊශ්වරයි කතා කරන අතරෙ මම හොරාට රාදෙව් අයිය දිහා බැලුවා. ඌ ඒ වෙනකොටත් මම දිහා බලන් ඉදල මම බලනවත් එක්කම පොර කලබල වෙලා අනූර්ථ අයිය දිහා බැලුවා. අනූර්ථ අයියා හිනා වෙන්න ගිහිම් කට තද කරන් අහක බලා ගත්තා.

“ඒයි!”

“මොකද”?

“මොකෝ උඹෙ සද්දෙ?”

“හැටි ඇයි මොකෝ අඩු කරන්නද.”

“බැරි නම් නෑ හැබැයි”.

වචන වලින් ගහ ගන්න ගමන් ඉදපු රාදෙව් කාරයයි මායි දිහා බලපු අනූරථ අයියා ඔලුව දෙපැත්තට වැනුවෙ, මුන් නම් හැදෙන් නෑ කියල කියන්න වගේ. රාදෙව් අයියා මගෙ පැත්තට එන්න ගත්තම මම පස්සෙන් පස්සට ගිහිම් බිත්තිය බදා ගත්තා.

“උඹෙ කට නම් තියෙනව පාන් තැටිය වගේ! ඇට්ටිම්බා!”

“එක එක නම් කියාගෙන එන්න එපා ඇත්තමයි මට තරහ ගියොත් උස්සල ගහනව පොලවෙ හුත්ත!”

රාදෙව් අයිය හිනා වෙලා මට ටොක්කක් ඇනල ඩියුටි බලන්න ගියා.. අනේ තොට නගින්නම එපා පුක රතු වල් වදුරා..

ඊශ්වරයි මායි ආයෙම ක්ලාස් එකට එද්දි සිත්රු ඇවිත් හරිත් එක්ක හෙන කයිය. අපි දෙන්නත් ගිහිම් උන් එක්ක ඕප කතා කර කර ඉදල, බයෝ මිස් ආවම ලැබ් එකට දිව්වෙ අද ප්‍රැක්ට්‍රිකල් දවස නිසා. පීරියඩ් හතරම ලැබ් එක අස්සෙ ඉන්න වුණේ බයෝ මිස් පිරියඩ් දෙකක් රිලීෆ් දාල තියෙන්නෙත් අපේ ක්ලාස් එකටම නිසා. අපි ක්ලාස් එකට එද්දි සූර්යායි සිතුවමුයි දෙන්න බත් ගෙඩි දෙකකුත් අරන් අපෙ ක්ලාස් එකට වෙලා ඉන්නව අපි එනකම් ඉන්ටර්වල් එක නිසා බත් කන්න ඇවිත්.

“ඕයි මෙහ්! අපි කාලෙකින් එකට සෙට් වුණේම නෑනෙ “

“අඩෝ ඔව්මයි කොහෙද ඕයි ප්‍රැක්ටිස් වැටුණනෙ අපිට නෙක්ස්ට් මන්ත් මැච් එක බන්”

අපි සෙට් එක ඉදපු ගමන් සෙට් එකේ කාගෙ හරි ගෙදරකට පැනල කාල බීල කයිය ගහල එනවා. නැත්තම් දවසෙම කුප්පි දාන් පාඩම් කරන දවසුත් තිබ්බා, හදිස්සියෙ දවස් වලට movie night  එකක් හරි තියනවා. සූර්යා ඒක මතක් කරාම තමා මටත් මතක් වුණේ ගොඩ කාලෙකින් අපි ටික එකට සෙට් වුණේ නෑ කියල. අපුට වොලිබෝල් මැචස් පටන් ගන්නවත් එක්ක ලබන මාසෙ ඒවගෙ ප්‍රැක්ටිසුයි ක්ලාස් පාඩම් වැඩයිත් එක්ක අපිට එහෙම සෙට් වෙන්න තරම් කාලයක් තිබ්බෙ නෑ.

“අපෙ ගෙදර වරෙල්ලකො සත්තුනේ. අද දැන් මුන්ට හවස ප්‍රැක්ටිස් නෙ, හෙට ක්ලාසුත් නෑ ප්‍රැක්ටිසුත් නෑ. අනික සිකුරාදනෙ අනිද්ද සෙනසුරාදා කේස් නෑනෙ. Movie night  එකක් oky ද?”

සූර්යා අයිඩියා එක දුන්නම අපි සේරම ඒකට එකහෙලා ඔලුව වැනුවෙ දැන් අපි ඕකට මුකුත් කියන්න ගිහිම් කකා ඉන්න බත් එක ඔලුවෙ හිට්ටව ගන්න ආසාවක් නැති නිසා.

ගිහිම් එන්නම් ළමායී…………අද පාර්ට් එක නම් එච්චර success නෑ🤧🤧🤧 corry.com

මම දාස්…..🐳🍃

Tags: read novel Kapuru. | À¶Šà¶´À·”À¶»À·”. කපුරු 13🍃, novel Kapuru. | À¶Šà¶´À·”À¶»À·”. කපුරු 13🍃, read Kapuru. | À¶Šà¶´À·”À¶»À·”. කපුරු 13🍃 online, Kapuru. | À¶Šà¶´À·”À¶»À·”. කපුරු 13🍃 chapter, Kapuru. | À¶Šà¶´À·”À¶»À·”. කපුරු 13🍃 high quality, Kapuru. | À¶Šà¶´À·”À¶»À·”. කපුරු 13🍃 light novel, ,

Comment

Leave a Reply

Chapter 14