Kapuru. | À¶Šà¶´À·”À¶»À·”. කපුරු 14🍃

A+ A-

“තොපි එන්නෙ නැද්ද කියාපියව් දැන් එතකොට “

“එනවා දෙයිහාමුදුරුවනේ එනවා…..”

“එන ගමන් ඉන්නෙ….”

“මම තාම ගෙදර බන්”

“අනේ පැංචෝ”

“ඔය පැංචෝ හුංචෝ ගාන එකාට නම් මම දෙනවා–“

“කටට”

“කටේ පැංචො හිටින්න දෙන්න කලින් ඉක්මනට වරෙල්ලා හුත්ත!”

“සිතූ තමුසෙ ආවම කියන්න මම මගට ගන්න  එන්නම්”

“ඇයි ඌ වී අයි පී ද?”

“අනේ පැංචෝ……”

“කෝ අර තිදස ඕය පකයට කම්මැලි කියයි දැන්”

“අනෙ මේ ඌ නිසා තමා අපි ඔක්කොම කට්ට කන්නෙ”

“ආ ආ මොකද්ද ඒ කතාව  මට තොපි හතර දෙනාම සැකයි”

“අනෙ මෙ එහෙම නෑ වරෙන්කො”

“අම්බේඒඒඒ මම යනවෝඕ…..”

“එක සැරේකට එකෙක් කතා කරපල්ලකො මෙලෝ මගුලක් ඇහෙන් නෑ දෙමලු පඩි අරන් වගෙ කෑ ගහන්නෙ”

මාළු කඩයක් කියලද හිතුවෙ නෑ මෙ අපි පස් දෙනාගෙ ගෲප් කෝල් එක. සිකුරාදා ස්කූල් ඉවර වෙලා ගෙදර ආපු වෙලේ ඉදන් සූර්යා කෝල් අරන් උන්ගෙ ගෙදර එන්නෙ නැද්ද එන්නෙ නැද්ද අහනව, අද දවසට රාදෙව් අයියලා නම් වැඩිය දැක්කෙම නෑ, කලා උළෙලට වැඩි කල් නැති නිසා උන් ටික මේ දවස් වල හෙනටම බිසී හැම ක්ලාස් එකටම එක එක අයිටම්ස් බෙදන්නයි බජට් හදන්නයි ඩෙකරේශන්ස් බලන්නයි ඒ අස්සෙ ස්කූල් වැඩ ක්ලාස් වැඩ ඕව එක්ක ඉතින් බිසි වෙන්නෙ නැතුව තියේද.

මම තාත්තගෙන් පර්මිශන් ගත්තෙත් අද උදේ.

” Movie night  බැරි නම් ඕන නයිටක් ඇදහන් හැබැයි පුතේ මේ තාත්තගෙ නම කන්නෙ නැතුව මොකද සූර්යලගෙ තාත්ත ඉස්සර ඉදන් මගෙ ෆිට් එක”

ඔන්න තාත්ත කිව්ව ටික අනේ මෙහෙම දෙමව්පියො!

මම ඉතින් වයිට් ශෝර්ට් එකට ස්කයි බ්ලූ ටී ශර්ට් එකක් ඇදගෙන ඕන ඒව ඔක්කොම මගෙ නයි මල්ලෙ දාගෙන ආවෙ සූර්යාලගෙ ගෙදරට සේන්දු වෙන්න.

“කොහෙද තමුසෙ යන්නෙ මේ හවස?”

ඔන්න ඉතින් අයියා කැම්රියට ඕනෙ නැති එකක් නෑනෙ. මූට මට මල්ලි කියන්න දිව නැව්න් නැති වුණාට මෙහෙම ඒවට නම් තියෙනව

“යාලුවෙක්ගෙ ගෙදර “

“මොන යාලුවද, කීයටද එන්නෙ , තාත්තට කිව්වද”

“ඔයා කලබල වෙන්න එපා මම කියන්න ඕන අයට කියල තියෙන්නෙ.”

“තිදස්  මම ඇහුවෙ කීයටද එන්නෙ කියල”

“අනෙ මෙ අයියේ, අද එන්නෙ නෑ මම.තමුසෙට තාමත් මට මල්ලි කියන්න කට ඇරෙන්නෙ නෑ නේද?”

මම අයියට කට කොනෙන් හිනාවක් දීල එහෙම ඇහුවම ඌ මටත් රවාගෙන ගේ ඇතුලට ගියා. මම මේන් රෝඩ් එකට ඇවිත් බස් එකකට නැග්ගෙ, ඊශ්වරටත් මේ බස් එකටම නගින්න කියල මැසේජ් එකක් දාල. අපි දෙන්න සූර්යලගෙ ගෙදරට යද්දි  හවස හතර විතර වෙලා. අපි උන්ගෙ ගේට් එක ලගට ගිහිම් ඌට කෝල් කරේ ගේට් එක අරින්න කියන්න.

“හෙලෝව් අපි ඇවිල්ල ඉන්නෙ බන් ඇරපම් “

“කාට? උඹට”

“අනෙ මෙ හැරිල ගෙදර යන්න කලින් වරෙම් පකය”

“ඉදපම් මෙ එනෝ”

එතකොට උන්ගෙ ගෙදර රෝලින් ගේට් එක ඇරුණම මායි ඊශ්වරයයි ඇතුලට ගියා.උන්ගෙ ගෙදර මාර ලස්සනට හදාගෙන ඉන්නෙ. සූර්යලගෙ අම්මගෙ අත් ගුණේ තමා ඉතින් අපේ ගෙදර මල් වවන්නෙ ඔක්කොම කරන්නෙ මම වුනාට මෙහේ ගාඩ්න් එකේ ලස්සන දැක්කම මම හදන ගාඩ්න් එක කැලේ. කොහොමත් ගෑණු අය කරන දේක තියෙන ලස්සන පිරිමි කෙනෙක්ගෙ අතින් හැදෙනවට වඩා සිරියාවන්තයි කියන්න එක සූර්යාලගෙ අම්මා මොනිකා ආන්ටිගෙ ගාඩ්න් එකයි මගේ ගාඩ්‍න් එකයි කම්ෆෙයා කරාම තේරුම් ගන්න පුළුවන්.මෙහේ ගේ අයිනට වෙන්න තියෙන්නෙ පොඩි කුඹුරු කෑල්ලක් ඒක නම් එහා ගෙදර අන්කල්ගෙලු. මුන් ඒ මනුස්සයට කියන්නෙ සර්පය කියල. හැබැයි ඩයල් එක හෙන ආතල් පොර.අපි යද්දිත් සිතුවම් ඇවිත් සෝෆ එකේ හතරගාතෙ දාන් අයිස් ක්‍රීම් එකකුත් කනවා අපි ඇතුලට ගිහිම් වාඩි වුණා.

“කෝ බන් අපේ මොනිකා කෙල්ල සද්දයක් වත් නෑනෙ යකෝ”

“අම්මයි තාත්තයි ගාල්ලෙ ගියා බන් අම්මගෙ නැන්ද කෙනෙක් නැති වෙලා දැන් ඉතින් හෙට රෑ තමා එන්නෙ, ඒකයි තොපිට කතා කරේ”

අන්කල් කෙසේ වෙතත් ආන්ටියි නෑ කිව්ව ගමන් නම් අපේ උන්ගෙ කටවල් ඇද වෙලා මූණවල් හතරැස් වුණා.

“නිද්දකින් අපරාදෙ ආවෙ, මම මේ ආවෙ ආන්ටිගෙ අතින් හදන ප්‍රණීත කෑම වේලක් කාලා, අන්කල් එක්ක දේශපාලනි චැට් එකක් දාල යන්න.”

සිත්රු නහයෙන් අඩනකොට අයිස්ක්‍රීම් ඔක්කොම කාල දිය වෙච්ච ටික සුරුස් ගාල උඩට ඇදපු සිතුවම් කට ඇරන් සිත්රු දිහා බැලුවා.

“හරි ඉතින් අපි උයමු නේද සූර්යා”.

“හැයි හැයි සූර්යා තමා තෝ නම් ඉතින් මුගෙ ගෑණි වගේනෙ.තොපි නම් මහ කැම්රි මිතුරො යකෝ.”

“මූත්  කරේ හරියට දානෙ ගෙයක් කියල ගෙන්නගෙන ලැට් වලක් කපා ගත්තා වගෙ වැඩක් පකයා…..”

“හරි හරි ඉතින් උයන්න බෑ නම් අපි ඕඩර් එකක් දාමු, හුහ්! . අපි ඉතින් සෙට් එක එකතු වෙලා උයල කාල ආතල් එකක් ගමු බන්.”

“ඒකත් මරු බන් එකාතකින්, තිදස්ට නම් සුපිරියට උයන්න ඇහැකි හොදේ”

“අනෙ මෙ බටර් එපා සරී…….”

අපිටික කයියක් ගහන් ඉන්න අතරෙ , අපරාදෙ කියන්න බෑ සූර්යා ගිහිම් අපිට බොන්න තේ හදන් ආවා. තේ එක නම් ආයෙ සුපිරි කියල වැඩක් නෑ. ගත්තු ගමන් කසිය පැකට් එක වගෙ ගහල දාන්න ඈකි. නිවන්න නම් ඕනෙම නෑ. පකය ඇල් වතුරෙන්ද දන් නෑ හැදුවෙ. මොනා උනත් සෙට් එකම කේක් කාල තේ එක නම් බිව්වා.

“අඩොහ් කෝ උබේ නියුට්‍රෝනෙ”

“උඩ ඉන්නව එක්කන් එන්නද”

“අනෙ මෙ හුත්තෝ පාඩුවෙ ඉදපම් ගිය මාසෙ අලුතින්ම ගත්ත Carnage  ටී ශර්ට් එක ඉරුව මතක නැද්ද තොගෙ නියුට්‍රෝනෙ. උගෙ ඇග විතරයි නියිට්‍රෝන සයිස් කට නම් මහයියා බෝක්කුව වගේනෙ”

නියුට්‍රෝන් කියන්නෙ සූර්යාගෙ බල්ල. ඌ චූටි චිට්ශු බල්ලෙක්. ඌ කියුට් උනාට උගේ කට කියුට් නෑ. ඌ අපේ සෙට් එකේ මමයි සිතුවමුයි ඇරෙන්න අනිත් උන්ට අල්ලන්න වත් දෙන්නෙ නෑ. ගිය මාසෙ ආපු දවසක සිත්රුවගෙ ටී ශර්ට් එකේ එල්ලිලා උගෙ කොන්දත් කන්න හදල අන්තිමට ඒ ජල්ලිය ඉවර උනේ ජරාස් ගාල සිත්රුවගෙ ටී ශර්ට් එකේ පිට පලුවක්ම නියුට්‍රෝන්ගෙ කටේ ඉතුරු කරල.

“නෑ ඉදන් ඌ තිදස්ට හෙන කැමති .”

“අනෙ එක්කම් වරෙන්කො ඕයි”

“අනේ මේ තිදස් උඹයි බල්ලයි දෙන්නම මට කියල හුකෝ ගන්න හදන්නෙ හොදේ. අනික ඕකව දැන් අරන් ආවොත් ඕක විනාඩියක් ඇතුලත සර්පයගෙ කුඹුරෙ ඉදී ආයෙ නොකිව්වා කියන්න එපා”

සිත්රු තව තව කෑ ගහද්දි අපි ඌව බයිට් කරා හැබැයි අපේ සෙට් එකේ එකෙක්ට තිබ්බෙ වෙනම ප්‍රශ්නයක් වෙන මොකාට වත් නෙමේ සිතුවම්ට.

“මේහ් සූර්යෝ…… අයිය නැද්ද උඹලයි”

“ඇයි කිරි බොන්නද නිකම් ඉදහන් සිතුවමෝ”

සිතුවම් ඇහුවම් තමා අපිටත් උන්ගෙ අයියව මතක් වුනේ. මේ හවස් ජාමෙ අනූර්ථ අයියා කොහෙට මක බෑවිලාද. එතකොට තමා මට රාදෙව් කාරයවත් මතක් වුණේ. මම වට්සැප් එකට ගිහිම් උගෙ චැට් එක ඕපන් කරල බැලුවා. සුනඛ පෝතකය දැනුත් ඔන්ලයින් ඉදල ගිහිම් මට අඩුම මැසේජ් එකක් වත් නෑනෙ. මම තරහෙන් ෆෝන් එක සෝෆ එකට අත ඇරියම කතා කර කර ඉදපු ඔක්කොමල මගෙ දිහා බැලුවෙ ඇසුත් ටොම්බ සයිස් කරගෙන.

“මොකෝ තොපි”

“මොකෝ උඹට ඩෝන් ගිහිම් “

“මුකුත් නැහ් මුකුත් නැහෑ…….”

“හා ඉතින් ඕකට ගහන්න ඕනෙයි”

“ඒක නෙමේ සිරාවට කෝ උඹලයි අයියා අදත් ගිහිම්ද දෙදාස් පන්සීයෙ කෑල්ලක් වත් ගහන්න.”

සිත්රු එහෙම ඇහුව ගමන් මම බැලුවෙ සිතුවම්ගෙ මූන දිහා උගේ මූණ කළු වෙලා ගිහිම් තොලත් යන්තම් හපාගෙන අහක බලාගත්තෙ මූණ අපෙන් හන්ගන්න වගේ. එක අතකට ඌ පව්. අනූර්ථ අයියා දැන ගන්න ඕන වටේ යනව නම් පාඩුවෙ ඉන්න අහිංසකයො උගෙ ජීවිතේට අදාල නොකර ගන්න.

“නෑ බම් ඌ දැන් හැදිල මම හිතන්නෙ. රාදෙව් අයියලගෙ ගෙදර ගිහිම් එන්නම් කියල ගියේ දැන් එයි. මම හිතන කෙනා නිසා තමා හැදිල ඉන්නෙ මම ඕනෙ නම් වම් කනෙන් පෙන්නන්නම් ඒකව. දැන් මූනත් පුස් කරන් ඉන්නෙ”

සූර්යා එහෙම කියනකොට නම් අපි ඔක්කොගෙම කටවල් දනහිස ලගට ඇරුනා. අපි හිතම් හිටියෙ මූ ඕව දන්නෙ නෑ. කියල  හැබැයි ඌ එහෙම කියද්දි නම් එකෙක්ගෙ පුස් මූඩ් එක බැක්‍ ටු නෝර්මල් වෙලා කම්මුල් රතු කරම් බිම බලා ගත්තා.

” No way !  Seriously . උඹ කොහොමද දන්නෙ  උබට අව්ලක් නැද්ද අයියා මෙහෙම–“

“පිස්සුද තොට අයිය නෙමෙ මහ ඒජන්ත උනත් මම ඕකව මකවනව සිතූව ආතල් එකට අරන් තිබ්බොත් . මම ළගදි දන්නෙ. මෙහෙ වර ඇඹරෙන්නෙ.”

ඌ හරි. මොකද සිතුවම් කියන්නෙ පොඩි එකෙක් වගෙ කොල්ලෙක්  . අපි හැමෝම ඌව care කරන්නෙ ඒකයි. ඇත්තටම කියනව නම් අපිටත් වඩා සූර්යා තමා උගෙ පස්සෙම වැටිල ඉන්නෙ. සූර්යා, සිතුවම්ව ළගට ඇදල අරන් සයිඩ් හග් එකක් දුන්නා.

” උඹ අපෙ අයියට ආදරෙයි නම් ඌ හැදෙනකම් ඉදපම්. උබ නිසා වෙන්න ඇති. ඌ උගේ චරිතෙ වෙනස් කර ගන්න ට්‍රයි කරනව හෙනට.”

“හරි ඒ ප්‍රශ්නෙත් දැම් හරිනෙ අපිට තා එකෙක්ට රාජ්‍ය ආරක්ෂාව දෙන්න තියෙනවා. “

“කාටද?”

“ඇයි තිදස්ට”

“ඌට ඉන්නෙ අහ්කැහිම් ක්කැහැ ක්කැහැ…”

“ඇයි මූට කාසෙද. මාව මොකටද පරිස්සම් කරන්නෙ පලයව් යන්න…….”

“මොකටද අහන්නෙ දිල්ෂාන් පකය හොදකට නෙමේ එන්නෙ ඌ ඉදගෙන තෝව ඇස් වලින් ෆක් කරනව. හුත්තා දැක්කහම් ගහන්න ඈකි ඇට ඇද වෙන්න.”

“අනෙ ඊශ්වර ප්‍රශ්න දා ගන්න එපා ඕයි. මට ඌ කේස් දැම්මෙ නෑනෙ බලමුකො . අඩො තොපි කියල තියපම්කො මූට රණ්ඩු දා ගන්න එපා කියලා.”

“ඉතින් මූ කියන එක ඇත්තනො.ප්‍රින්සගෙ පුතා උනාට අදාල නෑ දෙනව හක්ක තැලෙන්න. අපිටත් ඌව පේන්න බැහැ.”

මෙහෙම උන් තමා ඇත්ත යාලුවො. මිසයිලයක් ආවත් හරවල යවන ටයිප් එකේ යාලුවො ටිකක් ඉන්න එක ගැන නම් මට පට්ට සතුටුයි.දිල්ෂාන් ඕනවට වැඩී කොහොමත්. ස්කූල් එකේදි ඇගේ ගෑවෙන්න , මූණට එබෙන්න එන හැටි බලන් ඉන්න විදිය මතක් වුණාම මම උරහිස් දෙක ඇකිළුවෙ ඌව අප්පිරිය නිස මට.

“අපෝ තොපි ප්‍රචණ්ඩත්වය අතට ගන්න එපා බන් ”

“හරී හරී… ප්‍රශ්න ඇති. අපි පූල් එක ළගට යමන් මේ ටයිම් එතන මරු වයිබ් එකක් තියෙන්නෙ. ඉදහන් මම බියර් කෑන් ටිකක් අරන් එන්නම් උබල යමන් එතකම්”

සූර්යා එනකම් අපි උන්ගෙ පූල් එක ළගට ගිහිම් එක එක තැන වැටිල වාඩි වුණා.කොලඹ කියන්නෙ කොන්ක්‍රීට් වනාන්තර වුණාට මොකද මේ පූල් සයිඩ් එකේ නම් ගස් වවල ක්ලීන් එකට තියාගෙන ඉන්න නිසාද මන්දා පුදුම ලස්සනයි අහසෙ ලොකු වීව් එකක් පේන නිසා මම සූර්යලගෙ ගෙදර ආසම ප්ලේස් එක වුනේ මෙතන. මම කකුල් දෙක වතුරට දාල පූල් එකේ ගැට්ට උඩින් වාඩි වුණා. හවස හයට විතර නිසා අහසත් ලා දම් පාටට හැරීගෙන එනවා.ලාවට සීතල හුළගක් සැරින් සැරේ ඇවිත් මගෙ කොන්ඩෙ අව්ල් කරගෙන ගියාම මම අතින් කොන්ඩෙ හැදුවා.

“ඉදා.”

සූර්යා ඇවිත් මට Heineken බියර් කෑන් එකක් දික් කරාම මම ඒක අරගෙන බිමින් තිව්වා. අපි ටික චැට් එකක් දාන ගමන් බියර් කෑන් එක ටික ටික හිස් කරන ගමන් හිටියෙ.

“එහ් ඕයි සින්දුවක් කියමු නැත්තම් වැඩකුත් නෑ”

“of course මචන්! ඉදපම් මම ගිටාර් එක අරන් එන්නම්”

සූර්යා ගිටාර් එක අරන් එන්න ගේ ඇතුලට දිව්වම සෙට් එකගෙම ඇස් හැරුනෙ මගෙ පැත්තට, මම උන්ව දැක්කෙ නෑ වගේ ඉන්න ඕන නිසා අතේ තිබුන බියර් කෑන් එකේ ගහල තියෙන ඒවා කියවන්න ගත්තා.  Heineken beer, 500ml, අම්මට සිරි 1864 ඉදන්ම තිබිලද. මම හොරාට ඊශ්වරය දිහා බැලුවම උගෙ රකුසු ඇස් තාම මගෙ පැත්තට වැටිල තිබුනා.එතකොටම සූර්යා ගිටාර් එක අරන් ඇවිත් මට දික්කරා හුකනවනෙ දාලා.

“මෙහ් අදනම් තිදස් බැහ් බැහ් ගාන්නෙ නැතුව සින්දුවක් කියපම්.ඉදා”

“අපො අද නම් බෑ බන්”

“අනෙ මෙ ගහප් පරයට , ගනිම් ගිටාර් එක, ගනිම් කිව්වම දෙන්නෙ පකයට”

මුන්ගෙ තර්ජන ගර්ජන මද මම් සින්දුවක් කියන්න එකග වුණා.

“හරි මම පටන් ගන්නම් සේරම කියමු නැත්තම් ගතියක් නෑ.”

මම එහෙම කියල ගිටාර් එක අතට ගත්තම ඔක්කොමල ඔලුව වැනුවා. අපේ social media influencer නම් ෆෝන් එකේ කැම් එක රෙඩි කරන් instagram live ගිහිල්ලත් ඉවරයි සිත්රු ඉතින් සෙලිබ්‍රිටි ලයිෆ්නෙ ගෙවන්නෙ. ඌ අපි හැමෝම ටැග් කරල ලයිව් එක පටන් ගන්නකොට ඔක්කොගෙම ෆෝන් වලට නොටිෆිකේශන්ස් එන සද්දෙන් ඉතින් අපි හිතා ගත්තා වැඩේ හරි කියල .

මම ගිටාර් එක ලාවට ටියුන් කරල සින්දුව පටන් ගත්තා.

à·„à·š à·„à·š à·„à·š.. à·„à·š..
ආ හා හා.. හා..
à·„à·š à·„à·š à·„à·š.. à·„à·š..
ආ හා හා.. හා….

දිවුරාලා පවසන්න
මට ආදරේ නම්
මගේ ලොකේ ඔබ විතරමයි
සිතෙනවානම්
එය සත්තකයි සොඳුරේ
මා මියෙන තාකල්
ඔබමයි මගේ සෙනෙහේ
නෑ දෙන්නෙ කාටත්…………..

මම ඒ කෑල්ල කියල ඔලුව උස්සල අපේ සෙට් එක දිහා බැලුවම කටව්ල් ඇරන් මම දිහා බලන් ඉදපු සෙට් එකත් මාත් එක්ක සින්දුවට සෙට් වුණා.

හිරු මල් දෑතේ සඟවා වලාරොදක නැඟිලා
සත් සමුදුරුම කලඹාලා ඔබ වෙතට එනවා
ඔබේ ඔය සිනාවේ රැඳී ඉන්න සසරේ
මුදු මල් යනහ මගෙ වේද​
හැමදාක සොඳුරේ

සියුමැලි ඇඟිලිතුඩු හදට තදකොට තබාලා
ඔබ සතපන්න තරු අහසෙ වියනක් සදාලා
සුසුමක් හෙලන හැම වරෙක ඔබමයි සිතාලා
නිදියන්න මගෙ මැනික මට තුරුලු වීලා

දිවුරාලා පවසන්න
මට ආදරේ නම්
මගේ ලොකේ ඔබ විතරමයි
සිතෙනවානම්

එය සත්තකයි සොඳුරේ
මා මියෙන තාකල්
ඔබමයි මගේ සෙනෙහේ
නෑ දෙන්නෙ කාටත්

හිරු මල් දෑතේ සඟවා වලාරොදක නැඟිලා
සත් සමුදුරුම කලඹාලා ඔබ වෙතට එනවා
ඔබේ ඔය සිනාවේ රැඳී ඉන්න සසරේ
මුදු මල් යනහ මගෙ වේද​
හැමදාක සොඳුරේ

හිරු මල් දෑතේ සඟවා වලාරොදක නැඟිලා
සත් සමුදුරුම කලඹාලා ඔබ වෙතට එනවා
ඔබේ ඔය සිනාවේ රැඳී ඉන්න සසරේ
මුදු මල් යනහ මගෙ වේද​
හැමදාක සොඳුරේ

à·„à·š à·„à·š à·„à·š.. à·„à·š..
ආ හා හා.. හා..
à·„à·š à·„à·š à·„à·š.. à·„à·š..
ආ හා හා.. හා..

මම ඉතින් ආපු ගැම්මට ගිටාර් කෝඩ් වෙනස් කරල “දිව්රාලා පවසන්න” කියල ඉවර වෙද්දිම හින්දි සෝන්ග් එකක මතක් වෙච්ච හරියෙ ඉදන් ප්ලේ කරන්න ගත්තා.

Saanson mein teri nazdeekiyon ka
Itar tu ghol de, ghol de,

මම ඒ කෑල්ල කියද්දිම අපෙ උන්ට සින්දුව මතක් වෙලා කියන්න ගත්තා.

Main hi kyun ishq zaahir karun
Tu bhi kabhi bol de
Bol de
Saanson mein teri nazdeekiyon ka
Itar tu ghol de, ghol de,

Main hi kyun ishq zaahir karun
Tu bhi kabhi bol de
Bol de

Leke jaan hi, jayega meri
Qaatil har tera …. bahana hua.

Tujhse hi shuru
Tujhpe hi khatam
Mere pyaar ka
Afsana hua.

Tu shama hai toh yaad rakhna
Main bhi hoon parwana
O zaalima, O zaalima.

Jo_teri khatir tadpe pehle si hi
Kya use tadpana, oh zalima,
Oh zalima.

සින්දුව ඉවර වෙනවත් එක්කම අපෙ උන් ටික කෑ ගහල ක්ලැප් කරල විසිල් කරන්න ගද්දි නම් අපේ සද්ද බද්ද ටිකක් වැඩි වුණා. මෙහෙම ගියොත් නම් සර්පයා අපිට දෂ්ට කරයි. අසල්වාසීනෙ ඉතින් .

“අඩෝ තිදසා ඒක නම් සුපිරියක් ඈහ්.”

“අඩෝ……. සීරියස්ලි තිදස් ඔන් ෆයර් ආහ්!”

“අම්මෝ බල්ලනේ මගේ ලයිව් එක 30K වුණා උත්තෝ එවෙලෙ මට කෑ ගහන්න බැරුව හිටියෙ. මේක නම් හෙට වෙද්දි වයිරල් නොගියොත් මම කොන්ඩෙ නෝට් කපනෝ”

සිත්රුව උගෙ ලයිව් එකේ ඉදන්ම එහෙන් කෑ ගහනවා. මම ගිටාර් එක පැත්තකින් තියල ෆෝන් එක අතට ගත්තා. රාදෙව් කාරයගෙන් එක මැසේජ් එකක් වත් තියේද බලන්න. ඒත් තිබ්බෙ නැති නිසා මම ෆෝන් එක පැත්තකින් තියල ඊශ්වරය පැත්තට හැරෙද්දිම

“ජබොස්!”

“අනෙහ් හුත්තෝඕඕඕඕඕඕඕඕඕඕඔ!”

“අනේ තොපිට සාප වෙනව බලු මිතුරො,

අනේ තොපිට නගින්න එපා අසික්කිත හැතිකරේට……….,

ආආආආආආආආ …………………..”

මම වාඩි වෙලා  ඉදපු තැනින් සූර්යා මාව පූල් එකට තල්ලු කරාම මම ගිහිම් ජබොස් ගාල පූල් එකට වැටුණා.හවස හයත් පහුවෙච්ච වෙලාවක සීතල වතුරට වැටුනා කියන්නෙ දත කට පූට්ටු වෙන වැඩක්නෙ. ගොඩට වෙලා ඉදන් බල්ලො වගේ හිනාවෙන උන්ට මම රටේ නැති කුණුහර්ප කියල බනිද්දි උන්ට හෙන ආතල්. මම පූල් එකෙන් එළියට ඇවිත් ඇදන් ඉදපු ටීශර්ට් එක ගලවල සූර්යාගෙ ඔලුව වටේ ඔතල උගෙ කොන්ද මැද්දට දඩ බඩ ගාල ඩෑස් පාරවල් පහ හයක් කෙලලා ඇරියාම අනිත් යමපල්ලො ටිකත් ඇවිත් සූර්යාව වට කරගෙන ඌව උස්ස ගත්තෙ ඌව පූල් එකට විසි කරන්න.

එතකොටම ගෙදර ගේට් එක ඇරිල රේන්ජ්‍ රෝවර් එකක් ගේට් එකෙන් ඇතුලට දානකොටම අපේ අවදානෙ ඒ පැත්තට ගියා.

“අහ් අයියල ආවා”

“මොකාක්! දැම් තෝ කිව්වෙ ඌ රාදෙව් කාරයලගෙ ගෙදර ගියා කියල.”

“ඔව් ඔව් ඉතින් ඌ ගියේ රාදෙව් අයියවයි සියොත් අයියවයි එක්කම් එන්න තමා “

සිත්රුවට එහෙම කියපු සූර්යා මගෙ දිහා බලල ගොන් හිනාවක් දුන්නම මම ඌට මරන් කන සයිස් බැල්මක් දැම්මා. ඇයි යකෝ මේ අසුරය මෙහෙ එනව කියල මට කලින් කියන්න තිබුණනෙ හුත්ත!.

“ආආ පොඩි ඇටයො සෙට් එක මොකෝ සද්දෙ . යකෝ එහා ලේන් එකටම ඇහෙනව තොපෙ කටවල්”

අනූර්ථ අයියා එහෙම කියන ගමන් අපේ පැත්තට එද්දි, මම බැලුවෙ උගෙ පිටි පස්සෙන් එන රාදෙව් අයියා දිහා. ඩෙනිමෙ පොකට් දෙකට අත් දෙක දාගෙන සුදු පාට ලිනන් ශර්ට් එකක් ඇදන් ඉදපු එයා මගෙ උඩ ඉදන් පහලට ඇස් යවද්දි තමා මට මතක් වුණේ, මම ඉන්නෙ තෙමිච්ච කුකුලෙක් වගේ පෙගිල කියල .මම නළලට වැටිල ඇලිල තිබුන කොන්ඩ කෑලි ටික පස්සට කරගෙන ඇගට ඇලිච්ච ශෝර්ට් එක පහලට ඇද ගත්තා. ඒත් මදි කියල හිතුන නිසා මම අත් දෙක පපුව වැහෙන්නම පපුව බැදින් බැද ගත්තම, රාදෙව් අයියා කට කොනකින් හිනා වෙලා අහක බලා ගත්තා.

සූර්යා තාම මුස්ලිමා වගේ මගේ ටීශර්ට් එක ඔලුවෙ බැදගෙන.

“ඕයි! සීතල නැද්ද තමුසෙට ගිහිම් චේන්ජ් කර ගන්නවා.”

“මම ගේ පැත්තට යන්න රාදෙව් අයිය ලගින් යද්දිම ඌ,

සියුමැලි ඇඟිලිතුඩු හදට තදකොට තබාලා
ඔබ සතපන්න තරු අහසෙ වියනක් සදාලා
සුසුමක් හෙලන හැම වරෙක ඔබමයි සිතාලා ඕ……..
නිදියන්න මගෙ මැනික මට තුරුලු වීලා

සින්දු කෑල්ල හිමීට මුමුණන ගමන් මන් දිහා බැලුවා.,

ගිහිම් එන්නම් ළමායී…………මම ඔයාලගෙ ,     

                                                                  දාස්..🐳

මෙහි එන නම් ගම් සිද්දීන් සියල්ල මනඃකල්පිත බව සලකන්න .

Tags: read novel Kapuru. | À¶Šà¶´À·”À¶»À·”. කපුරු 14🍃, novel Kapuru. | À¶Šà¶´À·”À¶»À·”. කපුරු 14🍃, read Kapuru. | À¶Šà¶´À·”À¶»À·”. කපුරු 14🍃 online, Kapuru. | À¶Šà¶´À·”À¶»À·”. කපුරු 14🍃 chapter, Kapuru. | À¶Šà¶´À·”À¶»À·”. කපුරු 14🍃 high quality, Kapuru. | À¶Šà¶´À·”À¶»À·”. කපුරු 14🍃 light novel, ,

Comment

Leave a Reply

Chapter 15