Kapuru. | À¶Šà¶´À·”À¶»À·”. කපුරු 15🍃

A+ A-

මම තෙත කුකුල වගේ දුවගෙන ගියේ සූර්යාගෙ රූම් එකට දැම් ඉතින් භාගෙට නාල ඉන්න එකේ මම ආයෙම බාත්රූම් එකට රින්ගල හොදට නාගෙන සූර්යාගෙම ටවල් එකක් ඇදන් එළියට ඇවිත් කලින් දවසක මෙහෙ දාල ගියපු මගෙ ශෝර්ට් එක්කට ටී ශර්ට් එකක් හොයාගෙන ඇද ගත්තා. මම පහලට යද්දි කිචන් එක පැත්තෙන් ලෝක යුද්දෙ වගේ. කිචන් එකට ඔලුව දාල බැලුවම තමා දැක්කෙ මුන් මේ දානෙ උයන ආච්චි අම්මල වගේ මැරෙන්න හදන්නෙ අයිස් කොෆි හදා ගන්න බැරුව කියල. රාදෙව් අයියා පොප් කෝර්න් පැකට් එහෙක පිටිපස්සෙ තියෙන මොනව හරි කියවනව.මූ ඒ ටිකට ඇදුනුත් චේන්ජ් කරගෙන සුදු පාට ස්වීට් පෑන්ට් එකකට අළුපාට ටීශර්ට් එකක් දාගෙන. ඒ අස්සෙ සූර්යා ෆ්‍රිජ් එකට මුළු ඇගම ඔබාගෙන මොනවද හොයනවා. සිත්රුව තඩි කේක් කෑල්ලක් කනවා. ඔක්කොම වැඩ ඌ විතරක් කකා ඉන්නවා. අර අනිත් පම්කො දෙන්නා. සියොත් අයියායි ඊශ්වරයි කොනක් අල්ලන් පෙම් කෙලිනවා. අනූර්ථ අයියයි සිතුවමුයි අයිස් කොෆි හදන්න ගිහිම් එතන හාල. මම එනව දැකල සිත්රුව අසහනකාරී විදියට කෑ ගහන්න ගත්තම මම උගෙ ඔලුවට එකක් ගහල කිචන් අයිලන්ඩ් එක උඩින් වාඩි වුණා. රාදෙව් අයියා පෑන් එකක් අතට අරන් මම දිහා බලල ආයෙම පොප් කෝන් හදන වැඩේට බැස්සා. පුහ්! මුගේ ලයින්.

“අනේ …..හ්හා…. අන්න එයා එන්වා……. අනේහ්!”

“ආආශ් අසහනකාරයෙක් වගේ කෑ ගහන්න එපා බන්”

“අනෙ ඔන්න ඔය අයිස් කොෆි එක හදල ගනිම්කො බන් මුන් මෙතන හාන්න කලින්.”

“නැ නැ මුන් දෙන්න හදයි . ඔය කරගෙන යන්නෙ.”

“හදයි.! හදයි නෙමේ වදයි. උබට ඒ පැහිච්චකම් වලින් වැඩක් නෑනෙ හදපම්කො.”

“අනෙ තිදස් මල්ලි මෙන්න මේක හදපම්කො ,මෙන්න මුගෙ කට විතරයි එහෙම එකක් වත් බැහැ.”

අනූර්ථ අයියා මගෙ අතට කිරි කෑන් එකක් දීල එතනින් අයින් වුණාම සිතුවම් අනූර්ථ අයියගෙ අතට චටාස් ගාල පාරක් දීල සිත්රුගෙ අතේ එල්ලුනා. දැන් මුන් මේව කර කර හිටියම රෑට උයන්නෙ මොකාද.

“දැන් එතකොට රෑට උයන්නෙ නැද්ද අපි.”

“දැම් ඉව්වොත් උදේට තමා ෆිල්ම් එක බලන්න වෙන්නෙ පීට්සා ඕඩර් එකක් දැම්මා.”

මම ඊශ්වරයට ඔලුව වනල කොෆි කුඩු එක හොයන්න ගත්තා. මෙහෙ ඔක්කොම තියෙන තැන් දන්නෙ මොනිකා ආන්ටි විතරයි මොකද අනූර්ථ අයියාවත් සූර්යාවත් හදිස්සියට තේ එකක් හදා ගන්න එවුන් නෙමෙයිනෙ.

“ඕයි සූර්යා කොෆි බෝතලේ හොයල දියම්කො.”

“උඩ පැන්ට්‍රි එකේ බලපම්කො.”

ඌ ෆෝන් එකට කොට කොටම මට උත්තර දුන්නා. මූට කෙල්ලෙක් වත් සෙට් වෙලාද ඔච්චර කොටන්නෙ. මම ඇගිලි වලින් ඉස්සිල උඩ පැන්ට්‍රි කබඩ් වල තිබ්බ බෝතල් යන්තම් එහෙ මෙහෙ කරල කොෆි බෝතලේ හෙව්වා. මෙව්වා මොකට මෙච්චර උසට හදනවද මොනිකා ආන්ටිත් මට වඩා කොට එකේ මේව කොහොම ගන්නවද මන්දා හුහ්!

“කොහ් ඉන්න,”

රාදෙව් අයියා ඇවිත් මගෙ පිටි පස්සෙන් හිටගෙන කොෆි බෝතලේ හොයන්න ගත්තා. මූ යකෝ ඕකට මගෙ අස්සෙම එන්න ඕනෙද. ඔන්න දැන් මගෙ බඩ ඇතුලෙ මල් පිපෙන්න ගන්නව. මෙහෙම මල් පිපිල මල් පිපිල කටිනුත් මල් එන්න වැඩි කල් යන්නෙ නෑ. මම ඌ ඒක අරන් දෙනකම් අගුටු මිට්ට වගේ උගේ යටම හිටගෙන හිටියා. රාදෙව් අයියා කොෆි බෝතලේ ගන්න ඉස්සරහට නැවෙද්දි මගෙ පිට රාදෙව් අයියගෙ පපුවෙ වැදුනා.ඒ තත්පර ගානට මට දැනුණ උණුසුමේ හරි හුරු පුරුදු ගතියක් තිබුණා. මට අපි වටේ ඉන්න නසරාණි ටික අමතක වෙලා තිබුණෙ. රාදෙව් අයියා මගෙ අතෙන් කොෆි බොට්ල් එක මගෙ අතට දීල මගෙ කොන්ඩෙත් අව්ල් කරගෙන ගිහිම් මට එහා පැත්තෙන්ම හේත්තුවක් දාගෙන මම දිහා බලන් ඉන්න ගත්තා. මම වටේට ඔලුව කරකවල බැලුවම තමා දැක්කෙ ඔක්කොමල කර කර ඉදපු වැඩ නවත්තල අපි දෙන්න දිහා බලන් ඉන්නව කියල. සූර්යා ෆෝන් එක සාක්කුවට ඔබාගෙන උගුර පෑදුවම තමා ඔක්කොම කලින් කර කර ඉදපු වැඩ කරන්න ගත්තේ.මම රාදෙව් අයියට ඔරවල අයිස් කොෆි එක හදන්න ගත්තා. දැම් මූ බලාගෙනත් ඉන්නවා . මට කව්රුවත් බලන් ඉද්දි වැඩක් කරන්න අමාරුයි.ආඅශ් මේ මිනිහා නම්.

“ආ. . ඔතන පිල්ලුව වගේ ඉන්නෙ නැතුව මේ ටික සෝදන් එන්න.

මම රාදෙව් කාරයගෙ අතට මග් ටික දීල සෝදන් එන්න කිව්වම ඌ කට කොනෙන් හිනා වෙලා මම දිහා අමුතුටුව බලල මග් ටිකත් අරන් සින්ක් එක ලගට ගියා. මම ඌට රවල අයිස් කියුබ් ටිකක් ගලවල කොෆි එකට දාල කිරි කෑන් එක ඕපන් කරගන්න බැරුව ඔලුව වටේටම කරකවල බැලුවෙ කව්රු හරි බලන් ඉන්නවද කියල.කිරි කෑන් නෙවෙයි මේම හරි කැරි කෑන් එකක් උනානෙ හුත්ත!
මම ටික් ගාල ටීශර්ට් එකේ කොනක් අරන් කිරි කෑන් එකේ පියනට තියල ඕපන් කරන්න හැදුවා.

“මෙහෙ දෙනව වට්ටි අම්මගෙ කට විතරයි වැඩ නෑ.”

රාදෙව් අයියා මගෙ අතේ තිබ්බ කිරි බෝතලේ අරන් ඕපන් කරල මගෙ අතට දුන්නම මම කිරි එකත් මික්ස් කරල අරන් රාදෙව් අයියා සෝදන් ආව මග් වලට අයිස් කොෆි ටික දාල සෙට් එකටම බෙදල දුන්නම. මම රාදෙව් අයියට මග් එක දුන්නම රාදෙව් අයියා හිනාවෙලා මග් එක ගත්තා එතකොටම කෑ ගගහ ඉදපු සෙට් එකම හෙනම සයිලන්ට් වෙලා අපි දිහා බැලුවම මම උන්ට ඔරවල අහක බලා ගත්තා. අපි ඔක්කොමල කිචන් එකේ ඉදන්ම අයිස් කොෆි බිව්වා.

“මම කිව්වනෙ තිදස්ගෙ අයිස් කොෆි එකට ගහන්න කොෆි එකක් නෑ කියල “

“අනෙ මෙ තියාගනිම් බටර්.”

“මෙහ් අපි ෆිල්ම් එක බලන්න ප්ලේස් එක රෙඩි කරනකම් කිචන් එක පොඩ්ඩ්ක් අස් කරල දාල වරෙන්කො තිදස් හොදේ.”

“මුන් යකෝ මම උබලයි වහලද කියපන්කො සත්තු තොපි.”

රාදෙව් අයියයි මායි කිචන් එකේ තනියෙන් දාල ඔක්කොමල උඩට දුවද්දි සියොත් අයියයි ඊශ්වරයි එළියට ගියේ පීට්සා ඕර්ඩර් එක ගන්න. මම කිචන් අයිලන්ඩ් එක පිහිදන ගමන් හිමීට සින්ක් එක ළගට වෙලා මග් එක හෝදන රාදෙව් අයියා දිහා බැලුවා.

“ඔච්චර හොරෙන් බලන්න මොනාද තියෙන්නෙ “

“මො…මොහ් මොකද්ද  ,  කව්ද මේ මම, තමුසෙ දිහා හොරෙන් බලන්න පිස්සුවක් නෑ මට.”

ආශ් මම වගේ හරකෙක් ඕකට තමා කියන්නෙ  වැටට කලින් කැන වත්තට පයිනව කියල. රාදෙව් අයියා ටිලින් ටිලින් ගාල ඇහිපිය ගහල කෝප්ප සෝදන්න ගත්තා. මොනව වුණත් ගැලපෙන වැඩේ ඩයල් එකට.රාදෙව් අයියා මග් ටිකත් රැග් එකෙන් තියල මම කිචන් එක අතුගානකම් වාඩි වෙලා හිටියා. මම යන යන පැත්තට රාදෙව් අයියගෙ ඇස් මගේ පස්සෙන්ම එනවා මගෙ ඇස් කොනට පේනවා. මෙච්චර වෙලා නොතිබ්බ හරි අමුතු ලැජ්ජාවකින් මාව වෙලාගන්නව වගේ ෆීලින්ග් එකක් ආපු නිසා මම අතුගාන්න එක නවත්තල රාදෙව් අයියා දිහා හරි කෙලින් බැලුවා. එතකොටම රාදෙව් අයියා මම බලන හැම වෙලාවකදිම වෙනවා වගේ කලබලෙන් ඇස් එහෙ මෙහෙ කරන්න ගත්තා. මම හිතන්නෙ කොස්සට රිදුණා මොකද ඒ වෙලාවෙ මගෙ අත් වලට කොස්ස මිරිකිලා ගියා.

“ඔහොම බලන් ඉන්න එපා ඕයි හරියට ගෑනි කුස්සියෙ වැඩ කරනකම් මිනිහ බලන් ඉන්නව වගෙ ෆීලින්ග් එකක් එන්නෙ හුහ්!”

“අහ්- න්නැ- මම බලන් නෙවේ හිටියෙ”

මම ඒක එච්චර හිතන්නෙ නැතුව කිව්වා වුනත් එහෙම කිව්ව එක නම් අපරාදෙ කියල හිතුනෙ රාදෙව් අයියගෙ රතු වෙලා ගියපු කම්මුල් දෙක දැක්කම. මම ආයෙ ඌ දිහා නොබලම මගෙ වැඩේ කරගෙන ගියා. එක්කො මෙතනින් පලයන්කො රෙද්ද අසික්කිත අසුරය!මම අස්කරන්න වැඩ ඉවර වෙලා රාදෙව් අයියා එක්කම උඩට යන්න ආවෙ අරුන් දැනටම ෆිල්ම් එක බලනවද කියල හිත හිතා.  මම පඩිපෙළ ළගට ගිහිම් පිටි පස්ස හැරිල බැලුවෙ රාදෙව් කාරය එනවද කියල බලද්දි ඌ ෆෝන් එකට කොට කොට හිමින් තාලෙ ලමිස්සි වගේ එනවා. අර ඉන්නව කිව්ව ක්‍රශ් එක වත් සෙට් වෙලාද දන්නෙ නෑ. එහෙම වුනොත් , එක අතකිම් මට මොකද මම ඌ එනව දැකල පඩි පෙල නගින්න අරන් භාගයක් නගින්න වුණේ නෑ ආයෙම හැරිල බැලුවම, රාදෙව් කාරය ඉන්නව යකෙක් ගහල වගේ රතුම රතු වෙලා මම දිහා බලාගෙනම. මෙච්චර මේ AC තියෙන ගේ අස්සෙ මුගෙ නලලෙ දාඩිය බින්දු දෙක  තුනකුත් දාල දිලිසෙන හැටිත් පේනවා. යකෝ මූට නැගල වත්ද, ඒත් මෙතන නගින්න දෙයක් වුණේ නෑනෙ. මුගෙ ක්‍රශ් එක මූට නූඩ් එකක් වත් එවලද, මම ඔහොම විකාර හිත හිත ඉද්දි රාදෙව් අයියා මගෙ ඇගෙත් වැදීගෙන උඩට දුව්වා. යකෝ මූ නම් ලමිස්සිම තමා.

“ආ ඔය එන්නෙ මම හිතුවෙ උබල දෙන්නා කුස්සියට වෙලා උයනවා කියල වරෙන් කන්න..”

“ඉව්වා වට්ටි! පල එහාට.”

මම යද්දි මුන් ටික ඔක්කොම රෙඩි කරල පීට්සා කන්නත් පටන් අරන්.මොනා කරන්නත් කාල ඉන්න එපැයි. ඔක්කොමල සෝෆා එකේ පේලියට වාඩි වෙලා පීට්ස කද්දි මමත් ඊශ්වර ලගින් වාඩි වුණා. උගෙ එහා පැත්තෙ සියොත් අයියා ඊට පස්සෙ අනූර්ථ අයියා උගේ ලගම බිම දාපු මැට් එකේ සූර්යායි සිතුවමායි වාඩි වෙලා ඉද්දි, රාදෙව් අයියා මට ඉස්සරහ සෝෆ එකේ වාඩි වෙලා උකුලට සෝෆ එකේ කොට්ටෙකුත් තියන් කෝක් බෝතයක් බීගෙන බීගෙන යනව. මූ නම් ලමිස්සිම තමා ඇයි යකඩෝ.

අපි කාල ඉවර වෙලා ෆිල්ම් හැටකට විතර රණ්ඩු වුනාට පස්සෙ scream බලන්න තෝර ගත්තා.    අපි ඔක්කොමල බ්ලැන්කට් ටිකකුත් පෙරවගෙන ලයිට්ස් ඔක්කොම ඕෆ් කරල
ෆිල්ම් එක බලන්න ගත්තා.

“මේ බන් අපිට බැරිද මේක ලයිට්ස් ඔන් එකේ තියෙද්දි බලන්න.”

“බෑහ්!!!!!”

අමො අමො මෙන්න **** ස්කෝලෙ ඩිපියුටියා බය වෙලාද කොහෙද, සියොත් අයියා බ්ලැන්කට් එක අස්සට ගුලි වෙලා ඊශ්වරගෙ ඇගට හේතුවක් දාගෙන අහපු එකට අපි ඔක්කොමල එකම සැරේ විරුද්ධත්වය ප්‍රකාශ කරාම ඌ තව ටිකක් ඊශ්වරයට ඇලුනා.මම ඉතින් උන් දෙන්න ලගින් චුට්ටක් එහාට වුණා නැත්තම් හරි නෑනෙ.

“මේහ් මෙතන කපල්ස් වලට කියන්නෙ ෆිල්ම් එක මැද්දෙදි අනවශ්‍ය සද්ද බද්ද ආවොත් දොට්ට දානව හරිද……?”

“ඉතින් අපිට කියන්නෙ මෙන්න මුන් දෙන්නට කියපම්කො නැද්ද තිදස්.”

“ඒ සිත්රුව, මෙහි සිනාම්(සියොත් + ප්‍රනාම්) හැර වෙනත් නැව් තිබේද,”

“තිබේය තිබේය මා මිතුර!”

“වාසු!”

ඒව් ඒව් සිත්රුවගෙයි මගෙයි ඩ්‍රාම එක මැද්දට රාදෙව් කාරය කඩන් පැන්නම අපි ඌට කලුවරේම රවල ෆිල්ම් එක බලන්න ගත්තා. මම කිව්වා මුන්ට පාර්ලිමන්ට් ජෝක්ස් බලමු කියල කොහෙද මගෙ රැව්ල නෑනෙ දැන් ඉතින් බලපියව් කට්ට කරුවලේ වෙස් මූණු දාන් මිනිස්සු මරන ඒවා. නෑ මම මේ බයකට කිව්වා නෙමේ ඉතින්.
ෆිල්ම් එකේ මැදක් හරියෙදි බොන්න වතුර හොයද්දි වතුර බෝතලෙත් හිස් මම ඒක පැත්තකට දාල ආයෙ ෆිල්ම් එක බලන්න ගත්තෙ, වතුර ගේන්න පහලට ගියොත් මාව කිලර් අල්ලගනී කියල බය හිතල නම් නෙවෙයි.

“අනේහ් අයියේ……. අපි ඉවරයී……..”

“හුත්! මරන්නද හදන්නෙ ,මොකද යකෝ මම මේ!”

“කොහෙද යන්නෙ යකෝ නෙවෙයි අයියේ!.”

“වතුර එකක් අරන් එන්න යකෝ  කොහ් එහාට පල.”

අම්මෝහ්! සෝෆ එකෙන් නැගිට්ට රාදෙව් කාරයට බය වෙච්ච සිත්රුවා කෑ ගහපු සද්දෙට මම පපුවත් අල්ල ගත්තා. Tv එකේ එලියෙන් යන්තම් පේනවා රාදෙව් අයියා නැගිටල බිම වාඩි වෙලා ඉදපු සිත්රුවගෙ ඔලුවටත් එකක් ගහල පපුව අල්ලන් ඉන්න මම දිහාත් බලල පහලට ගියා. මම ඉතින් ඔය ලෝර්ඩ් පකීර් ගනන් ගන්නෙ නැතුව ෆිල්ම් එකට අවදානෙ දුන්නා. ටිකකින් මගේ එහා පැත්තෙන් සෝෆ එක බර වෙද්දි මම ගැස්සිලා ඒ පැත්ත බැලුවා. අනෙහ් දෙයියනේ මේ මිනිහ නම් මට පපුවෙ අමාරුවක් හද්දවනව වැඩි කල් නොගිහිම්.මූ නම් සිරාවට හොල්මක්මයි සුදුමැලි පාටට කොයි වෙලෙත් ඇවිදින්නෙ හොල්මක් වගේ. මගෙ එහා පැත්තෙන් වාඩි වෙලා ඉන්න රාදෙව් අයියට ඔරවපු මම ආයෙම tv එක දිහා බැලුව වෙද්දි රාදෙව් අයියා මගෙ උකුල උඩට වතුර බෝතලයක් දැම්මෙ tv එක දිහා බලාගෙනමයි. මූ මට වතුර ගේන්නද පහලට ගියේ. ඔන්න දැන් මගේ බඩේ මල් පිපෙන්න ගන්නවා හනේ……කිරි අම්මේ…..

“ආහ්!”

“ඇයි?”

“මට ඇයි?”

“ඇයි එපාද උබට දීපන් එහෙනම්.”

“නැ නැහ් බොන්නම් ඉතින්.”

හරි ඉතින් ඕකට පුප්පන්න ඕනෙද. අපි දෙන්න රහසින් කුටු කුටු ගාන්නෙ ඇයි දැම් මේ ආහ්ශ්.. අනිත් උන්ට නම් කිසි ගානක් නෑ උන් ෆිල්ම් එක ඇතුලෙ.මම වතුර බෝතලේ කට තියලම ගුඩු ගුඩු ගාල වතුර බෝතලෙන් භාගයක්ම බඩට දා ගත්තා.

“හනේ…..ව් හරිම තිබහින් හිටියෙ පින්සිද්ද වෙච්චාවෙ.”

මම රාදෙව් අයියට ඇහෙන්න හිමින් කිව්වම ඌ මගෙ අතේ තිබුණ වතුර බෝතලේ උදුරගෙන බොන්න ගත්තම මගෙ ඇස් ගෙඩි දෙක ටොම්බ සයිස් වෙන්න ඇති.

“ඒහ් අයියේ”

“ඒ පාර මොකද උබ.”

“ඕ.. ඕක මම කට තියන් බිව්වෙ.”

“ඉතින් උබෙ කට මේකෙ ඇලිලද තියෙන්නෙ.”

අනෙ අම්මාපල්ල මට මූට ගහන්න හැටියක් නැති හැටි කට පොඩි වෙන්න. යකෝ මුන්ට හොදක් කිව්වත් වැරදී. මම ඌට රවල බලල tv  එකට ඇස් යැව්වා. රාදෙව් අයිය ලගින් එන ඩියෝර් ෆර්ෆියුම් සුවදට නිකම් ඇදිල යනව වගේ එව්නාට ඇත්තමයි දැන් නම් මට හිතිල තියෙන්නෙ ෆිල්ම් එකේ වගේ වෙස් මූණක් දාගෙන ගිහිම් මේ අසුරයව මරල දාන්න හුත්ත!.. යන්තම් දොලහ හමාර පනිනකොට මගෙ ඇස් පිහාටුවල ගල් ගැට ගහල වගේ සීන් එකක් වුණා දැන් ඉතින් මට තදටම නිදිමතක් ලෝඩ් වේගෙන එන්නෙ. මම බැරිම තැන ෆිල්ම් එකට ඩොන් ගහ ගන්න කියල ඇස් දෙක පියවීගෙන එද්දි සෝෆ එක පිටි පස්සට ඔලුව තියාගත්තා වුනත් මම පැත්තට ඇදිල ගිහිම් කාගෙ හරි උරහිසක් උඩට ලෑන්ඩ් කරා. මට ඉතින් නිදිමත අස්සෙ ඕව හොයන්න උවමනාවක් තිබ්බෙ නෑ මම දෙයියනේ කියල ඇස් පියා ගත්තා.

“දැන් තෝ උදේ වෙනකම් ඕකව ඔහොම තියන් ඉන්නෝද.”

“කෑ ගහන්න එපා බන් හිමින් කතා කරපම්කො.”

“උස්සන් යමන්ද එක්කො ඇදට.”

“පිස්සුද අයියෙ ඇහැරුනොත් මූ කෑ ගහයි අතවර කරා කියල.”

“එහෙමට බඩ්ඩ හැබැයි. ඕන එකක් කියල උස්සපන් රාදෙව්.”

“අනෙ මම තියා ගන්නද බන් ලෝබයිනෙ.”

“තියා ගන්න බැ නම් ඕන පුකක්. උස්සගනිම්කො. අපිටත් නිදි මතයි බල්ලෝ.”

“අනේ සියත් අයියෙ මුගෙ හිනාව බලකො. මූ අවදියෙන් ඉදිය නම් තොගෙ බෙල්ලත් කඩල.”

මම නිදිමර ගාතෙම වටේ පිටේ ඇහෙන සද්දෙට කන් දුන්නා. එව්නාට මම කොහෙද ඉන්නෙ මොකද්ද වෙන්නෙ කියල ඔලුවට ප්‍රොසෙස් වෙන්නෙ නැති පාර ආයෙම හොදට ඇස් පියා ගත්තෙ මොනා වුනත් නින්ද වටින නිසා. ටික වෙලාවකින් මම පාවෙනව වගේ දැනිල ටිකකින් හුරුපුරුදු සුවදකුයි උණුසුමකුයි මගෙ වටේ කැරකෙන්න ගත්තම කවදාවත් නැති විදියට මට කන්ෆටබල් විදියට නින්ද ගියා.

“හාආආආආඅශ්…………. මගෙ පපුව හරියට බ්ලොක් ගල් දෙකක් තියල වගේ බරට දැනෙද්දි මම ඈනුමක් යවල ඇස් දෙක ලාවට ඇරල ඉන්නෙ කොහෙද කියල මතක් කරා. මම කොහොමද දැන් ඇදේ ඉන්නෙ. මේ අනූර්ථ අයියාගෙ රූම් එකනෙ. ඇයි මේ ඇස් දන්නේ ආව්ව්….. අයියෝ හැමිනෙනවනෙ ලෙන්ස් දාගෙනම නිදා ගත්තු එකේ ප්‍රතිඵල නේත. මම ඇස් කරකවල මගෙ පපුව උඩ බරට තියෙන්නෙ මොනවද කියල බලද්දි තමා බඩේ පිපින මල් කටින් පැන්නෙ.

“රාදෙව් අයියේ නැගිටපාආආආආආන්”

“අනෙ ඊශ්වරයෝ…… මෙන්න මූ……මාව රේප් කරලා……………….අනේ…………”

“මොකද යකෝ කෑ ගහන්නෙ.”

ඊශ්වරයගෙ සද්දෙ ඇදේ එහා කොනෙන් ආවම තමා මම ඔලුව හරවල ඒ පැත්ත බැලුවෙ. රාදෙව් අයියා මම මෙච්චර කෑ ගහලත් තාමත් මගෙ පපුව උඩ ඔලුව තියන් එක අතකින්  මාව වෙලාගෙන. ඌට එහා පැත්තෙන් සියොත් අයියයි ඊශ්වරයයි නිදාගෙන ඉද්දි. ඊශ්වරයගෙ කකුල් දෙක පැත්තට ඔලුව දාන් උගෙ කකුල් දෙකත් බදාගෙන නිදාගෙන හිටියෙ සිතුවමා. මම තව ටිකක් ඔලුව කරකවල බලද්දි බිමට දාපු මෙට්ට්‍රස් එහෙක සූර්යායි සිත්රුයි අනූර්ථ අයියයි හොදටම නිදි. යකඩො මූ නැගිටින්නෙ නැති හැටියක්. එහෙන් මගෙ ඇස් දනවා.

“රාදෙව් අයියේ….. රාදෙව් අයියේ…….. ඕයි අසුරයො…………නැගිටපිය රට හරකා.”

මම රාදෙව් කාරයගෙ පිට මැද්දට චටාස් ගාල පාරක් දුන්නම රාදෙව් අයියා එක පාරට කලබලෙන් මගෙ ඇගෙන් අයින් වෙලා හෙන වැරද්දක් කරපු එකෙක් ගානට බය වෙලා මගෙ මූණ දිහා බලන් හිටියා.මූ බලන් ඉන්න විදියට මට බනින්න හිතෙන්නෙත් නෑ.

“ස්…සො…..සොරි වාසු! අනෙ..මම්..”

“ඒහ්! අයියේ පිස්සුද ඕයි කමක් නෑ.”

රාදෙව් අයියා හොදටම බය වෙලා කතා කරපු විදියට මට බනින්න හිත හදා ගන්න බෑනෙ. අනික කොල්ලො වුණාම ඕව නෝර්මල්නෙ මොකෝ එකට නිදා ගත්ත කියල බඩ වෙන එකක්යැ යාලුවොනෙ. එව්නාට මගෙ පපුව දැන් අසූ හාරදාහට ගැහෙනවා. අනිත් උන් හොදට පුපවල් උඩ දාන් නිදි. මම ඉක්මනට ඇදෙන් බැහැල වොශ් රූම් එකට දිව්වා. මම වොශ් රූම් එකේ දොරට හේත්තු වෙලා අසූහාරදාහට ගැහෙන පපුව එක අතකින් තද කරගෙන බිමට පාත් වුණේ කකුලුත් මටම ආතල් දෙන නිසා.

අඩු පාඩු මිස්ටේක්ස් එහෙම තියේ නම් කියන්න දරුවනේ…….

ගිහිම් එන්නම් මල් පාත්තිය පැටව්නේ…..

මම ඔයාලගෙ දාස්..🐳

මෙහි එන නම් ගම් හා සිද්දීන් සියල්ල මනඃකල්පිතයි.

Tags: read novel Kapuru. | À¶Šà¶´À·”À¶»À·”. කපුරු 15🍃, novel Kapuru. | À¶Šà¶´À·”À¶»À·”. කපුරු 15🍃, read Kapuru. | À¶Šà¶´À·”À¶»À·”. කපුරු 15🍃 online, Kapuru. | À¶Šà¶´À·”À¶»À·”. කපුරු 15🍃 chapter, Kapuru. | À¶Šà¶´À·”À¶»À·”. කපුරු 15🍃 high quality, Kapuru. | À¶Šà¶´À·”À¶»À·”. කපුරු 15🍃 light novel, ,

Comment

Leave a Reply

Chapter 16