Kapuru. | À¶Šà¶´À·”À¶»À·”. කපුරු 17🍃

A+ A-

කීයට නින්ද ගියාද කියන්න මතක නෑ. මම අවදි වෙද්දි හයත් පහු වෙලා. ඇදේම අර පැත්තට මේ පැත්තට හැරි හැරි ඉදල ෆෝන් එක අතට ගත්තම දැක්කෙ ඊශ්වර පගාගෙ ක්ලාස් වරෙන් කියල දාපු මැසේජ් එක මැසේජ්. එක.

ළමායී…… අවදානෙන් අහන් ඉන්න හරිද , ආයෙ ගෙවල් වල ගිහිම් පාඩම් කරන්න තියා ගන්නෙ නැතුව මෙතනදිම මේව ඔලුවට දා ගන්න බලන්න.

ළමයි තයෝසල්ෆියුරික් කියන්නෙ දුබල අම්ලයක්නෙ. එතකොට මේවා ජලීය ද්‍රාවණවලදි සල්ෆර් අඩංගු සංයෝග මිශ්‍රණයක් බවට වියෝජනය වෙන්න හැකියාවක්—–

මම හිටියෙ කෙමෙස්ට්‍රි ක්ලාස් එකේ. අපරාදෙ කියන්න බෑ. සර් දාසය වෙනි කාණ්ඩෙ මූලද්‍රව්‍ය වල නැඹුරුතා උගන්නනකොට හිටියෙ පාඩමට ෆෝකස් කර ගන්න බැරුව හෙනම අමාරුවෙ. ඒ අස්සෙ රාදෙව් කාරය ඔලුවෙ සක්මන් කරන්න අරගෙන. මූ නම් දැන් අසුරයෙක් නෙවෙයි හොල්මනක් වීගෙන එන්නෙ. මම ඔලුව දෙපැත්තට ගසල බෝර්ඩ් එක දිහා බැලුවම සර් ඉන්නව ඉනට අත් දෙක තියන් මම දිහා බලාගෙනම. හරිනෙ දැන් කාල වරෙන්කො.

“ඔය කටුස්සෙක් වගේ ඔලුව ගසන එකා. සුදු පාට ටී ශර්ට් එක. තිදස්…. නැගිටහන් පුතේ..”

හරි කොරල හමාරයි දැන් නම්. සතියක් ඇර සතියක් හැමදාම ටෙස්ට් වල වැඩි ලකුණු වලට ස්ටේජ් යන මගෙ නම අමතක වෙන්න විදියක් නෑනෙ. මම නැගිටල ඔලුව කසල සර් දිහා බැලුවා.

“පොත් ටිකත් අරන් ඔය මුළු පේලියම ඇවිත් ඉස්සරහින් වාඩි වුණා නම් මට සතුටුයි. මුන් කොහොම ලකුණු ගන්නවද මන්දා මේ ලෝකෙ ඇත්තෙත් නෑ. කෙල්ලො වත් සෙට් වුණාද පුතේ”

“බලපම් තෝ නිසා මට ෆාතිමාත් මිස් වෙනවා හුප්තා.”

ඒ අස්සෙ සිත්රු පැණි පෙරන ගර්ල්ස් එකේ ආරතී මිස් වෙනව කියල මැරෙන්න හදනවා.අපි ඔක්කොමල නැගිටල ඉස්සරහට යනකම්ම සර් අපිට ආතල් දෙනවා. කෙල්ලො නෙමේ කොල්ලෙක් ඔලුව ඇතුලෙ හොල්මන් කරනවා කියල කියා ගන්න බැරිකමට මම ගිහිම් ඉස්සරහම පේලියෙන් වාඩි වුණාම අනිත් උන් ටිකත් මගෙ පස්සෙන්ම ඇවිත් මට ඔරව ඔරව වාඩි වුණා.

මුළු දවසෙම හිටියෙ රාදෙව් කාරයට හිතින් සාප කර කර. මම ගෙදර ඇවිල්ලා නාල කාල ඇවිත් පාඩම් කරන්න ගත්තා. හැමෝම කෑවට පස්සෙ ගිහිම් මම කාල ආවෙ අදත් විකාර දේවල් වලට ඔලුව අව්ල් කර ගන්න බැරි නිසා. සීතා අම්ම්ත් අද ඉදල අපෙ ගෙදරම නවතිනවලු එයාගෙ දූ බැදල ගිහිම් නිසා එයාට දැන් මෙහෙ ඉන්න පුළුවන්ලු. අඩුම තරමෙ මට දැන් පාලුවට ඒ මනුස්සය හරි ඉන්නවනෙ. මම ප්‍රිසික්ස් ක්ලාස් එකේ ටියුට් එක අරන් ඒකෙ ගණන් ටික හදන්න ගත්තා. ඒ අස්සෙ රාදෙව් කාරයගෙ සින්දුව මතක් වුණාම. කන්න හොද මොනවද..
මම වැඩ ඉවර කරල ඇදට එද්දි දෙකටම ලගයි. මම ෆෝන් එක අරන් බලද්දි කෝච් සර් ගෲප් එකට මැසේජ් එකක් දාල හෙට ප්‍රැක්ටිස් කියලා. අප්පා හෙට මට පේපර් ක්ලාසුත් තියේ. දැන් ලබන මාසෙ මැචස් නිසා මේ ටිකේ කොහොමත් ප්‍රැක්ටිස් යන්නම වෙනවා. ඒ මදිවට එදා අපි කියපු සින්දුව හෙනටම වයිරල් වෙලා ස්කූල් එකේ මියුසික් මිසුත් ඒක ශෙයාර් කරලා. මම දැන් හෙනම ෆේමස් ෆ්හු!

පහුවදා මම ස්කූල් එකට වේලාසන වැඩි නිසාද කොහෙද මොකෙක් වත් ඇවිත් නෑ.ඊශ්වරයගෙ බෑග් එක නම් තියෙනවා ඌ නෑ. මම ඉතින් ක්ලාස් රූම් එකෙන් එළියට පැනලා මැත්ස් සෙක්ශන් එක පැත්තට ගියේ ඊශ්වරයා හොයාගෙන ඌ ඉතින් උදේ පාන්දර එන්නෙ ඕක අස්සට රින්ගන්නනෙ. මම යද්දි ඊශ්වරය රාදෙව් අයියට වේගෙන් වේගෙන් අත පය විසි කර කර මොනවද කියනවා ඒ අස්සෙ අනූරථ අයියත් රාදෙව් අයියගෙ පිටට දබෝස් ගාල එකක් ගහල ඌට මොනවද කිව්වා.සියොත් අයියා ඉනට අතක් තියන් කම්මුලට අනිත් අත තියන් ලදක් වගේ රාදෙව් අයියා දිහා බලන් ඉන්නවා. රාදෙව් කාරයා හොර පූසෙක් වගේ සාක්කුවට අත් දෙකත් දාන් උන් කියන ඒවට ඔලුව හොල්ල හොල්ල ඉන්නවා.මුන් මේ වට වෙලා අර අහිංසක පූසට මොකද කරන්නෙ මේ.

“අනේ ගොන් පගය, මුගෙ ලොකු කම කලිසම පල්ලෙන් බේරෙයි. අරූ වෙන එකෙක් එක්ක ගිය දවසක, ඔන්න බලපම් ඊශ්වර මල්ලී මූට වෙන්නෙ ‘දිගු දෑස දුටුවාම’ කිය කිය ඉන්න.”

“චහ්!”

“චහ් චුහ් නෙවෙයි රාදෙව් අයියේ හොදේ. උබට වෙන්නෙ පෙරහැර ගියාම අලි බෙටි අහුලන්න හොදේ..”

මම එතෙන්ට යනකොටම උන් ඔක්කොම බය වෙලා වගේ මම දිහා බැලුවම. මූණ රතු කරන් ඉදපු රාදෙව් අයියා මම දිහා බලල ආයෙම බිම බලා ගත්තා. මූ යකෝ. අහ් ඔයා දැන් ළමිස්සිද..
මුන් මාව හලල පෙරහැරක් වත් බලන්න යන්නද ඒව කොහෙද මාත් එක්ක හුහ්!

“ඔයාල ඔක්කොම පෙරහැරක් බලන්න යන්නද හදන්නෙ.”

“ඔව් ඔව් කතරගම පෙරහැර බලන්න යන්නෙ. මේ රාදෙව් අයියට අලි බෙටි ඇහිදින්න ඕනෙයි කියන්නෙ.”

“අනෙ මේ සිත්රු .”

මුන් ආපහු මරා ගන්න හදනකොට රාදෙව් අයියා අපි ඔක්කොටම එරෙව්වා. හරි ඉතින් අලි බෙටි ඇහිදින්න ඔච්චර ලැජ්ජ වෙන්න ඕනෙද මම අහන්නෙ.

“නැ නැ උබත් අහපන්කො සීන් එක, අපි මේ මූට මුගෙ ක්‍රශ් එක දා ගන්න පොඩි ඇඩ්වයිස් ටිකක් දෙනවා.”

“අපෝ ඔක්කොටම කලින් මගෙන් අහන්න එපැයි මම කියල දෙන්නකො. මෙන්න මෙහෙ එන්න අනේ. ඔයත් ළමිස්සි වෙන්න යනවනෙ.”

මම ඉතින් බොක්කෙ පත්තු වෙන ගිනි වලට චෝස් ගාල වතුර එකක් ගහල රාදෙව් කාරයගෙ කරට අත ගාත්තෙ පොඩි ඇඩ්වයිස් ටිකක් දෙන්න.මෙන්න මූ වෙව්ලනවා පුහ්. අනිත් උනුත් මම දිහා අමුතු සතෙක් දිහා බලන්න වගේ බලන් ඉන්නවා. අනූර්ථ අයියා නම් කට තද කරන් හිනා වෙනවා. මම නම් හෙනම ඇඩ්වයිසා සීන් එකේ ඉන්නෙ.

“ඉස්සලාම ඔයා ඔයාගෙ ලොකු කම පැත්තකට දාල මෙන්න මෙහෙම අහන්න හර්ත.., මොකද්ද ඔයාගෙ කෑල්ලගෙ නම , හරි ඔරවන්න එපා මම නමක් දාල කියන්නම් ඔයා එහෙම කරන්නකො.”

‘දම්සාරීහ්… මම දුප්පත් තමා ඒත් මගේ සල්ලි, නැ නැ ඒත් මගේ ආදරේ පෝසත් කෙල්ලෙහ්. මම උබට මනාපයි, තරහ නැතුව මට බහ දියන් කෙල්ලෙහ්”

මම එහෙම කියපු ගමන් අනිත් එව්න් ඔලුවෙ අත ගහ ගනිද්දි රාදෙව් අයියා උගෙ උරහිසෙන් මගෙ අත විසික් කරල දැන්මා . පුහ්!

“අම්මෝ තිදස් මල්ලී උබ තමා යකෝ කීයටවත් මිනිහා!”

“ඇයි මොකෝ හුහ්!  එහෙම තමා ලව් කරද්දි ලැජ්ජා වෙලා බෑ. මේ පේන් නැද්ද අපේ ඊශ්වරය නමට ගැලපෙන වැඩද කරන්නෙ දැක්කෙ නැද්ද කුණු කෙල පිටින් කට කා ගත්තා.”

එහෙම කියපු ගමන් ඊශ්වර මට ගහන්න පනිද්දි මම රාදෙව් අයියගෙ පිටි පස්සෙ හැන්ගුනා.

“හරි හරි ඔයා කියන්නකො අනූර්ථ අයියේ විස්තරේ මට පේන විදියෙ මම විතරයි මෙතන මුකුත් නොදත් එකා.”

“මේකයි මල්ලේ සීන්–“

“අනුර්ථ!”

“ඉදපන්කො ටිකක් , අහපන්කො. මූ මේ  ඇක්සිඩන්ට් එකකින් කාණුවක වැටිල ඉදපු හිච්චි කොල්ලෙක් දැකල අවුරුදු දෙකකට විතර කලින් .මූ එදා ඉදන් frist sight love එකක් පටන් අරන් අවුරුදු ගානක් අපෙ ඔලු කනවා.”

“නෑ……… සිරාවට මේවනෙ යකෝ ඉන්ටර්නැෂනල් ලව්.”

“මැදින් පනින් නැතුව සීන් එක අහපන්. මූට ඊට පස්සෙත් ඌව දැකල යන්තන් අපේ වාසනාවට ඌ අපේ ස්කූල් එකටම ආවා.මේ පගය ඉතින් ලොකු එකෙන්නෙ. ඊටත් බන් අරූ නිකන් පිස්සෙක් වගේ අලි තෙලේ ඒ නිසා තමා මූ අහන්න පස්ස ගහන්නෙ.”

“මේවට එහෙම පස්ස ගහල බෑ නේත අයියේ..”

“ඔව් ඔව් නැතුව නැතුව.”

“උඹට කියන්න අයියේ මාත් දවසක් කාණුවකට වැටුනා බයික් එක පෙරලිලා. හැබැයි ඉතින් අපිට ලව් කරන්න උන් නම් සෙට් වුණේ නෑ මොකෙක් හරි හොද ගොඩපර සුනඛයෙක් මාව සතෙක් වගේ හොස්පිටල් එකට ගිහිම් දාල යන්න ගිහිම් තිබ්බා.”

මම එහම කිව්වා විතරයි ඊශ්වරයි සියොත් අයියයි එකම වෙලාවෙ ඔලුවෙ අත ගහ ගත්තා  මුන් ලව් කරන්න පටන් ගත්තට පස්සෙ නිව්න්නු වෙලාත. අනූරථ අයියා හැක හැක ගගා හිනා වෙන්න ගත්තම මගෙ මූන හතරැස් වෙලා ගියා.‍රාදෙව් අයියා ඇස් දෙකත් ලොකු කරන් මම දිහා බලල අහක බලා ගත්තා.

“මේහ් රාදෙව් අයියේ තමුසෙ ගිහිම් කෙලින්ම අහන්න හරිත. බෑ කිව්වොත් අපි ඌට හූනියමක් කරමු. මම තව්සෙගෙ දුක අහන මල්ලි වෙන්නම් හර්තේ..”

“ම්ම්ම්”

අපි විකාර කතා කර කර ඉදල රාදෙව් අයියගෙන් ගුටිත් කාලා. උන් ටික ඩියුටි ගියාට පස්සෙ අපි ක්ලාස් එකට ආවා.උදේ ඉදන් අපි බයෝ මිස්ගෙ ස්වීට් වොයිස් එක අහන් ඉදල මිස් ගියා විතරයි අපේ. පන්ති භාර ගුරුතුමී අපේ ක්ලාස් එකට ආවා. එයා මේ දවස් වල ප්‍රෙග්නට් වෙලා නිසා බෝල ගෙඩියක් වගේ

“ළමායී කෑ නොගහ මම කියන දේ අහගන්න….. මට කෑ ගහන්න අමාරුයි.

මේ පාර ආර්ට් ෆෙස්ටිවල් එකට අපේ ක්ලාස් එකෙනුත් අයිටම් එකක් කරන්න ඕනනේ… ඒක මියුසික් ටීචර් එක්කයි ඩ්‍රාමා සර් එක්කයි පොඩ්ඩක් බලල කරන්න ළමයි හැමෝම එකතු වෙලා.

අහ් තව තිදස් පුතා ඔයා ස්කූල් එකට අලුත් වුණාට ඔයා ටැලන්ටට් කියල ඩ්‍රාමා සර් කිව්වා. ඔයත් මේවට එකතු වෙලා කරන්න හැන්ගි හැන්ගි ඉන්නෙ නැතුව. දැන් මියුසික් මිස්ව එවන්නම් මම ගිහිම්.

ටීචර් කියවල කියවල ගියාම අපේ මුළු පන්තියම කසු කුසු ගාන්න ගත්තා. ඔව් ඉතින් ඔහොම එකක් තියෙද්දි හැම එකාම බලන්නෙ අහු මුළු වලට ගැන්නෙන්නනෙ. ඊශ්වරය මට දිව ඇද්දම මම ඌට රවල අහක බලා ගත්තා.

“දැන් ඉතින් ගහකට වත් පලයන් අඩුම නැත්තම් උබව දෙකට නවල අරින්න බැරි කමක් නෑ. ඩ්‍රාමා සර්”

“අනෙ මෙ සිත්රු මට නම් බෑ හොදේ.”

“බෑ කියල බෑ මා පුතා.”

මම ඕලෙවල් වලට කරෙත් මියුසික් මට නටන්න බෑනෙ හුත්ත!. අර වීඩියෝ එකත් මියුසික් ටීච ශෙයාර් කරල තිබ්බ එක දැක්ක එක මතක් වුණාම මට නිකන් ගෑස්ටික් වගෙර් වුණේ මොන හෙනයක් පාත් වේවිද කියල හිතුන නිසා.ටීච ගිහිම් ටික වෙලාවකින් මියුසික් සර් එක්ක ඩ්‍රාමා සර් අපේ ක්ලාස් එක පැත්තට එනව දැක්ක. ඒ දෙන්නගෙ පිටි පස්සෙන් සියොත් අයියයි රාදෙව් කාරයයි ෆයිල් ටිකකුත් උස්සන් අපේ ක්ලාස් එකට ආවා. ආපු ගමන් ඩ්‍රාමා සර් ෆයිල් එකක් පෙරලන් වැඩේට එන්ටර් වුණාම අපේ සිස්ස නායකයො දෙන්නා කොල ටිකක් අරන් ලියන්න ගත්තා. පුහ්!

“හරි ළමයි අපි මේ වැඩේ ඉක්මනට ඩිස්කස් කරගමු හරිද. නැත්තම් අපිට මේක ප්‍රැක්ටිස් කරන්න ටයිම් මදි වෙයි. අනිත් ක්ලාස් නම් දැන් වැඩේ පටන් අරන් ඉන්නෙත්.

ඕකේ ළමයි මේ පාර අපි ග්‍රේඩ් ට්වෙල් වලින් කරන්න හිතුවෙ නරි බෑනා ඩ්‍රාමා එකේ සෝන්ග් එකක්. පොඩ්ඩක් අත උස්සන්නකො මේකට එන්න කැමති අය.”

ඔන්න දැන් තමා භීෂනේ පටන් ගන්නෙ. මුළු ක්ලාස් එක වටේම ඇස් ගෙනියපු ඩ්‍රාමා සර් ඉනට අත් දෙක තියා ගනිද්දි මියුසික් ටීච නම් සාරි පොට කරකවල ගත්තෙ ජාතිය අමතන්නමද කොහෙද

“ඔන්න දැක්කනෙ සර් මේ ළමයින්ගෙ හැටි. මේ ස්කූල් එකේ ඉන්න ලොකුම ළමයින්ගෙ ඩිසිප්ලීන්ස් හරිම හොදයි. මේක හරියන්නෙ නෑ සර් අපි තෝරල ගමු.”

පුදනකොටම කාපි යකා ඔය කරේ ඊශ්වරය නම් දමාගෙන ඇගිලි දහයෙම නියපොතු කනවා සියොත් අයියා දිහා බලාගෙන. ඌට නම් ඉතින් බඩු හෑව් තමා මූ කොහොමත් ඩ්‍රාමා කරපු එකා නිසා ඕකව අහු වෙනවා.

“ඊශ්වර! පුතා නැගිටින්න බලන්න. ඔයා ඩ්‍රාමනෙ කරේ මට මතකයි, ඔයාට නම් මේකෙ කැරැක්ටර් එකක් ගන්නම වෙනව හරිද. එතකොට තාභි , සදරූ, සිත්රු  හැන්ගෙන්න බෑ නැගිටින්න. මුන් යකෝ මරන්න ගෙනියනව වගේනෙ මේක හරියන් නෑ.  උබල සේරම මෙකෙ ගස් ගල් වලට හරි ගන්නව ඉදපියව්”

ඩ්‍රාමා සර්ට මලම පැනලද කොහෙද දිග අඩි රූලක් අතට ගත්‍තම කොල්ලො සේරම සයිලන්ට් වුණා සර් ෆයිල් එකක් අරන් කැරැක්ටර්ස් තෝරන ගමන් ක්ලාස් එක වටේ ගිහිම් ගිහිම් ක්ලාස් එක ඉස්සරහින් හිට ගෙන ක්ලාස් එක පුරාම ඇස් ගෙනිහිම් අන්තිමට මගේ ලග නැවතුනා.

“ඔය පුතා! අලුතින් ආව ළමයා, මොකද්ද මිස් අර සුදු චූටි කොල්ලගෙ නම?”

“අහ් තිදස්! එයා හරි ටැලන්ටඩ් සර් මම දැක්කා සෝශල් මීඩියාස් වල හරියට වයිරල් යනවා එයා.”

හරි ඔය කරේ නිකන්ද කියන්නෙ ගෑණු ඕප දූප මලු කියලා.මගෙ නම කිව්වා විතරයි ෆයිල් එකක දාගෙන මොනවද ලිය ලිය ඉදපු රාදෙව් අයියා ඔලුව උස්සල මගෙ දිහා බැලුවා. මුලු ක්ලාස් එකේම ළමයි මම දිහා බැලුවම මම ඩ්‍රාම සර්ට හෙන අහිංසක හිනාවක් දුන්නා. ඊශ්වරය අතින් කට වහගෙන වයිබ්බ්‍රේට් වෙන්න ගත්තා. ඉදපන්කො පගයට.

“ඇයි සර්”

“ඔයා වගේ ෆේස් එකක් තමා මම මේ කැරැක්ටර් එකට හෙව්වෙ ඔයා අනිවාරෙන් අයිටම් එකට එන්න ඕන.”

“අහ් එතකොට සර් මම ගහකට එන්නද.”

“පිස්සුද ළමයෝ ගහකට නෙවෙයි ඔයා තමා ගම දූ ගෙ චරිතෙ කරන්න ඕන.”

“මොකක්!”

මගෙ සද්දෙ වැඩි වුණා මම හිතන්නෙ අනේ දෙයියනේ මට නම් බෑ කෙල්ලෙක්ට නටන්න මොන විළිලැජ්ජාවක් නැති වැඩක්ද. අපෙ ආච්චි දන්නව නම් වලෙන් නැගිටල සාප කරයි අපෝ අපෝ මට නම් බෑ. මුළු ක්ලාස් එකම හිකි හිකි ගාල හිනා වෙන්න ගත්තම. රාදෙව් අයියත් තොල් දෙක තද කරන් හිනාවෙන්න ගත්තා.

“මොකක් නෙවේ වෙන මැච් වෙන කෙනෙක් නෑ මේකට . රාදෙව් මෙයාලව දාල ලිස්ට් එක හදල අයිටම් එක ඔයාලගෙ ලිස්ට් එකට දාන්න හරිද.”

“හරි සර්!”

අන්තිමට ඉතින් මම ගෑණියෙක් වෙලා. ඊශ්වරය නරි බෑන වුණා. අනිත් උන් ගස් ගල් වලටයි සින්දුව කියන්නයි යන්න වුණා.

“හරිනෙ තිදස් අව්ලක් නැනෙ, අපි අවසාන පීරියඩ් දෙකේ ඉදල ප්‍රැක්ටිස් පටන් ගමු ළමයි කොහොමත් තව දවස් දහයක් වත් නෑනෙ”

“අව්ලක් නෑ ටීච. කොහොමත් තාප්පෙ දිගේ ලබු වැල එද්දිම මට හිතුනා. ලබු ගෙඩිය මට තමා කියලා.”

මම පේන් ඉන් ස්මයිල් හිනාවක් දුන්නම මියුසික් ටීච අතින් කට වහන් හිනා වෙලා ෆයිල් ටික එකතු කරල රාදෙව් අයියට දීල ඔක්කොමල ක්ලාස් එකෙන් ගියා

“අම්මෝහ් හරි හරි ඉතින් දැන් එල්ලන් ඉන්න එපා වෙන මොකෙක් වත් උබ වගේ ලස්සන නෑනෙ බන් අව්ල් ගන්න එපා.”

“අනෙ ඉදපන්කො ඊශ්වර.”

“ස්කූල් කාලෙ නැතුව ඕව කවද කරන්නද පැට්ටෝ ඔන්න ඔහෙ ඕක කරල දාමු. මමනෙ බන්  නරියත් අනික”

එහෙම කිව්වම නම් මට හිනා ගියා. ඊශ්වරයගෙ මූන දැක්කම. අපි ඉන්ටර්වල් එකේ බත් කන ගමන් හිටියෙ. මාව කෙල්ලෙක්ට අන්දවන්න කතා කර ගත්තු වෙලේ ඉදන් මගෙ මූන ලොරියට අහු වෙච්චි කජු ලෙල්ල වගේ වෙලා තිබුණෙ. ටිකකින් රාදෙව් අයියා අපෙ ක්ලාස් එකට කඩන් පැන්නා. ඒ පාර මොන මගුලක්ද දන්නෙ නෑ.

“වාසු!”

“එහ්! ඇ ඇයි?”

“මියුසික් ටීච කතා කරා එන්න යන්.”

රාදෙව් කාරය එහෙම කියල මටත් කලින් ක්ලාස් එකෙන් යන්න ගියාම මම ඊශ්වරය දිහා බලල රාදෙව් කාරය පස්සෙන් මියුසික් රූම් එකට දිව්වා. රාදෙව් අසුරයා ඇවිදින වේගෙට මම දුවන්න ඕන.

“අනේ ටීච මට සින්දු කියන්න බෑනෙ.”

“ඇයි ඒ ඕලෙවල් වලට කරෙත් මියුසික්නෙ.මේ අයිටම් එකට දාන්න ඉදපු ළමයගෙ අත බිදිලළු ඔයා මේක කරන්න. අනිත් එක මේ වෙලාවෙ රාදෙව්ගෙ වොයිස් එකට මැච් වෙන වොයිස් එකක් අපිට වෙන නෑ. ඔයා තමා හරියන්නෙ.මම දැක්කානෙ ඔයා සින්ග් කරපු වීඩියෝ එක”

ඒ පාර මේ ආර්ගිව් කරන්නෙ වෙන මොකට වත් නෙවෙයි හෙඩ් ප්‍රිෆෙක්ට් කරන්න ඉදපු අයිටම් එකේ පාට්නර්ගෙ අඩුව පුරවන්න මාව ගන්න හදන එකට. මට බෑ මේ අසුරය එක්ක සින්දු කියන්න හුත්ත!. වෙන කියන්න දෙයක් නැති නිසා මම සපත්තුවෙන් මියුසික් රූම් එකේ බිම හාරන්න ගත්තා.

“සෝන්ග් එක සිලෙක්ට් කරල තියෙන්නෙ  රාදෙව් පුතා ඒක ඔය දෙන්නා ප්‍රැක්ටිස් කරන්න. බෝයිගෙ පාර්ට් එක රාදෙව් පුතා කියන්න. ගර්ල්ගෙ පාර්ට් එක තිදස් පුතා කරයි එයාගෙ වොයිස් එකත් සොෆ්ට් නෙ.”

හරිනෙ හරි හරි වොත්තවල් තමා වෙන්නෙ මම රාදෙව් අයියටත් එරෙව්වම ඌ කට කොනෙන් හිනා වෙලා සින්දුව ප්‍රින්ට් කරල තිබ්බ කොළයක් මගෙ අතට දුන්නම මම ඒකත් අරන් ක්ලාස් එකට යන්න හැරුණා.

“වාසු!”

“මොකද?”

“නෙක්ස්ට් පීරියඩ් එකේ එන්න ප්‍රැක්ටිස් වෙන්න”

මම ඌටත් ගස්සගෙන ක්ලාස් එකට ඇවිත් විස්තරේ ඊශ්වරට කිව්වම ඌ හිනා වෙන්න බැරි කමට කට තද කරන් හිටියෙ මගෙන් ගුට් කන්න වෙයි කියල බයටමයි. දැන් ඉතින් ගෑනියෙක්ටත් නටලා , ගෑණු පාර්ට් එකකුත් සින්ග් කරපන්කො මට මේවට තමා නගින්නෙ හුප්ත! මම සාක්කුවෙ හතරට පහට නවල දාන් ඉදපු කොළේ දිග ඇරල බැලුවා.

“අනේ චිට #%නෙන්න දාල දැන් ඉතින්  ‘සෝබනී’  කියපන්කො”

වහිනෝව්….. සීතලෝ……යි…… ඒ නිසා ඔන්න ඩබල් අප්ඩේට්.

ගිහිම් එන්නම් ළමයි …………. මම ඔයාලගෙ දාස්.🐳.

කතාව සෙට් නැත්තම් කියපල්ලා යක්කුනේ. හොල්මන් වගේ බලල යන්නෙ නැතුව.ජුකයි මට #&#&ත!🤧

Tags: read novel Kapuru. | À¶Šà¶´À·”À¶»À·”. කපුරු 17🍃, novel Kapuru. | À¶Šà¶´À·”À¶»À·”. කපුරු 17🍃, read Kapuru. | À¶Šà¶´À·”À¶»À·”. කපුරු 17🍃 online, Kapuru. | À¶Šà¶´À·”À¶»À·”. කපුරු 17🍃 chapter, Kapuru. | À¶Šà¶´À·”À¶»À·”. කපුරු 17🍃 high quality, Kapuru. | À¶Šà¶´À·”À¶»À·”. කපුරු 17🍃 light novel, ,

Comment

Leave a Reply

Chapter 18