Kapuru. | À¶Šà¶´À·”À¶»À·”. කපුරු 18🍃

A+ A-

මම හයවෙනි පීරියඩ් එකේ බෙල් කරාම මරන්න ගෙනියන හරකා වගේ ස්කූල් ඔඩිටෝරියම් එක පැත්තට ගියේ රාදෙව් කාරය සින්දුව ප්‍රැක්ටිස් වෙන්න එන්න කියපු නිසා. ඊශ්වරය නම් ප්‍රින්සිපල්ගෙ ඔෆිස් එකට ගියා. මේ සැරේ ෆ්‍රිෆෙක්ට් ඉල්ලපු අයට ප්‍රින්සිපල්ගෙ ඔෆිස් එකට වාර්තා කරන්න කියල අනව්ස්මන්ට් එකක් දුන්න නිසා. මම නම් ඇප්ලිකේශන් දුන්නෙ නෑ මම ස්කූල් එකට අලුත් නිසා ඕව හම්බෙන්නෙත් නෑ අනික මම බිසී පීපල් කෙනෙක් නිසා ඔය වගේ තනතුරක් දරන්න ටයිම් නෑ. නැතුව මට සුදුසුකම් නැතුව නෙමේ.
මම ගේට් එක ලග වවල තියෙන සුදු කපුරු මල් ගහෙන් මලකුත් කඩාගෙන කකුල් අද්ද අද්ද ඔඩිටෝරියම් එකේ පිටි පස්සෙම දොරෙන් ඇතුලට යද්දි රාදෙව් අයියා ස්ටේජ් එක උඩ ගිටාර් එකක් තියන් හිමීට සින්දුවක් කියනවා. මුළු හෝල් එකටම හිටියෙ මමයි රාදෙව් අයියයි විතරයි . මම හිමිහිට ඉස්සරහට යද්දි තමා රාදෙව් අයියගෙ මූණ හරියටම දැක්කෙ. හරිම කලාතුරකින් ඇදෙන හිනාවකින් ඒ මූණ පිරිලා තිබුණා. එයා ඇස් දෙක පියාගෙන ගිටාර් එක යන්තමට ප්ලේ කරනවා.

තව ඉවසන්න නෑ හිතට
සීමා සැබෑ වෙයිද….
මා පතන ආදරයේ සේයා…..

වැටහේද මාගේ මේ ආදරේ……
හිමි වේද වාගේ මහ සාගරේ…
සිත පාවේ…….
නුඹෙ නේත්‍රා…

නිදි නෑ මා නේත්‍ර මේ රාත්‍රියේ..
මැව්නා රෑ හීනෙ රූ ප්‍රේමියේ..
මනසේ මා සද රුව යාත්‍රා..

මැයි මල් පවා ඇයි දැයි අසා…
තුරු සැලුනි පිනි මල් à·ƒ- “

ලස්සනයි ඊයෙ රෑ මට ඇහුන කට හඩට වඩා ඒකෙ තිබ්බෙ වෙනස්ම රසක්  මොනවම උනත් එයාට තියෙන්නෙම ඕන මනුස්සයෙක්ගෙ හිතක් නිවන්න පුළුවන් කට හඩක්. එයා සින්දුව කිව්වෙ ඇස් වහ ගෙන. සමහරවිට එයාගෙ ආදරේ මතක් කරන් වෙන්න ඇති. ඒ ගැන හිතද්දි මගේ හිතට බර මොකද කියල තෝර ගන්න බැරුව මම රාදෙව් අයියා දිහාම බලන් ඉද්දි එයා ඇස් අරිනවා එක්කම සින්දුවත් නැවත්තුවා.

“වාසු!.  ආව නම් කතා කරපන්කො.”

“හරි ඉතින් මම මේ සින්දුවක් රස වින්දා.”

මගෙ ඔලුව ඇතුලෙ දැන් ප්ලේ වෙන්නෙම “වැටහේද මාගේ මේ ආදරේ” ලයින් එක වෙද්දි මම රාදෙව් කාරයට රවල. හිතට ආපු හැගීම් සේරම ආමාශෙට තල්ලු කරල දාලා.ස්ටේජ් එකට නැගල රාදෙව් කාරය ලගට පුටුවක් ඇදන් ගිහිම් වාඩි වෙලා අතේ තිබුණ කපුරු මල රාදෙව් කාරයගෙ කනේ ගැහුවම.ඌ මට රවල මල අරන් සාක්කුවට ඔබා ගත්තා.                        

“කෝ සෝන්ග් එක ප්‍රින්ට් කරපු කොලේ ගෙනාවද. Lyrics ටික පාඩම් කර ගනිම් හරිද එතන ගිහිම් බක් බක් ගාල මටත් ලැජ්ජ නොකර “

“අනෙ මෙ ඔච්චර අමාරුව නම් වෙන එකෙක් හොයා ගනිම්කො රෙද්ද !”

“ආ මොකෝ උබෙ සද්දෙ දැන්.”

“අනෙ මේ මාත් එක්ක පැටලෙන්න ආවොත් නම් මම යනව යන්න දමල ගහල හුත්ත!.”

“වාසු!! කට කඩනව දැන ගනින් කුනුහරුප කිව්වොත්.”

“හුහ්!”

“මම ගුටාර් එක ප්ලේ කරන්නම් උඹෙ පාර්ට් එක හරියට සින්ග් කරපන් හරිද. ඉස්සල්ල සෝන්ග් එක අහල ඉමු.”

රාදෙව් අයියා සාක්කුවෙන් ෆෝන් එක ඇදල අරන් සෝන්ග් එක හොයන්න ගත්තා. යකෝ මුන් මම කිව්වනෙ කලින්ම මූට නම් හෙඩ් වෙන්න කොහෙතම සුදුසුකම් නෑමයි.

“ඇයි උඹ. හිතෙන් බනින්නෙ මට. ෆෝන් ගේන්නෙ පර්මිශන් ඇතුව.”

රාදෙව් කාරය එහෙම කියල සින්දුව ප්ලේ කරා මගෙ මූන දැන් හතරැස් වෙලා ඇත්තෙ. දෙන්ඩ හිතයි කැම්රි අසුරයාට. අපි කීප සැරයක්ම සෝන්ග් එක අහල රාදෙව් අයියා ගිටාර් කෝඩ් ටික දෙපාරක් විතර ප්ලේ කරල හුරු වුණාම සින්දුව කියල බැලුවා. මූ මුළු වෙලාවෙම කරේ මට ටොකු ඇන ඇන වැරදි හදපු එක මගෙ ඔලුව දැන් තැනින් තැන ගල් වෙනවා මේ ගොඩ පරය මගෙ ඔලුවට ඇනලම. මම ඌට රව රව හැට පැයක් තිස්සෙ සෝබනී කිව්වා. ටිකකින් අනූර්ථ අයියයි සියොත් අයියයි ඇවිත් ඕඩියන්ස් එක වගේ වාඩි වුණා. හනේ දැන් මට සැජ්ජයිනෙ. මම රාදෙව් අයිය දිහා බැලුවම ඌ මට රැව්වා. මම අහන්නෙ ඇයි මම මේවා කියන්න ඕන එපා වෙනවනෙ හුත්ත!.

මම ඔක්කොම පැත්තකට දාල වර්ස් එක ගන්න රාදෙව් අයියා දිහා මොකාදෙකා වගේ බලන් හිටියා. රාදෙව් අයියගෙ සයිඩ් ප්‍රොෆයිල් එකේ හැන්ඩ්සම් ගතිය ඕනවටත් වැඩිදෝ කියල මට හිතුනා. මම ගිටාර් එකත් එක්ක ඔට්ටු වෙන රාදෙව් අයියගෙ රැලි වෙන නලල දිහා බලන් ඉද්දි. මට රාදෙව් අයියගෙ ක්‍රශ් එක ගැන ඉරිසියා හිතුනා. බැරි වෙලාවත් මම මූට කැමති වීගෙන එනව වත්ද. ඒත් මම ගේ නෙවෙයිනි. එහෙමයි කියල මට මීට කලින් කිසිම කෙල්ලෙක් ගැන වත් මෙහෙම ෆීලින් එකක් ඇවිත් නෑ. ඉදල ඉදල හිත ගිහිම් තියෙන්නෙ අන්සතු වස්තුවකට වත්ද. සිරාවටම මේ දැනෙන දේවල් මගෙ හිතට බර වැඩියි. රාදෙව් අයියා මගෙ ජීවිතේට ආවත් හරි කිසිම හැගීමක් දැනීමක් නැති සොම්බි ලයිෆ් එකක් ගෙවපු මම දැන් ඕනවට වඩා සෙන්සිටිව් වෙලා වගෙත් දැනෙනවා. අනේ මන්දා. මම ලොකු හුස්මක් අත ඇරල ඕඩියන්ස් එක දිහා බැලුවම අනූර්ථ අයියා ෆෝන් එකක් දික් කරන් ඉන්නව. හුටා මම මූ දිහා බලන් ඉන්නව දකින්න ඇතිද. එතකොටම මගෙ කන පල්ලෙ අකුනක් ගහනව වගෙ අසුර විලාපයක් ඇහුනා.

“මොන ලෝකෙද වාසු ඉන්නෙ උඹ. බලපන් මම හරියට වර්ස් එක ගත්තම කියන්න පටන් ගනින්. අම්මප උඹ මගෙන් කනවා ෆෝකස් තියා ගත්තෙ නැත්තන්. මම කිව්වම ගනිම් හරිද”

කටටද යැයි යැයි හුච හුච තමා රෙද්ද” .

“ස්ටාර්ට්.”

“ඕකනේ බැරි සුන්දර ලඳකට
මේ වගේ කරදර උහුලන්නට
තේරුණේ නැතුවට නුඹෙ කරුමෙට
ප්රේමෙයේ වැලපෙනු ඇයි සදහට…

“කොහෙද තො ඉන්නෙ.බලපන් “සදහට” කියල අදින්නෙ නෑනෙ.’ඕකනේ’ කෑල්ල කියද්දි ඇදපම්”

“ආව්හ්! අනෙ හුත්ත! දැන් තමුසෙ මගෙ ඔලුවට හැටක් විතර ගැහුව.හොදින් කියන්න බැරි නම් තොගෙ ක්‍රශ් එක ගෙන්නගෙන කියපම් ඕක මම යනව යන්න ඕන එකෙක් එක්ක ඕන රෙද්දක් කර ගනින් උඹ.”

“වාසු මෙහෙ වරෙන් අද නම් කනව මගෙන් උඹ.”

මට මලම පැන්න පාර ඔලුවත් අත් දෙකෙන්ම බදාගෙන කෑ ගැහුවෙ එවෙලාවෙ මගෙ හිත බර වෙලා තියෙන හැගීම් වල අයිතිකාරය රාදෙව් අයියා නිසා වෙන්න ඇති. රාදෙව් කාරයගෙ ක්‍රශ් එක ගැන තිබ්බ ඉරිසියාවත් ඒකට එකතු වුණාම මම මගේ හැහීම් තෝර බේර ගන්න බැරුව කලබල වෙන්න ඇති. මම ඔක්කොම ඒ පිට දාල නැගිටල යන්න හදද්දි රාදෙව් අයියා මගෙ බඩ වටේ අත දාල අල්ල ගත්තා. ඕඩියන්ස් එක වගේ වාඩි වෙලා කැමර් දික් කරන් ඉදපු උන් දෙන්නා පුටුත් පෙරලන් එළියට දුවනව මම ඇස් කොනෙන් දැක්කා. ඇයි උන් දෙන්නට ලැට් බරක් වත් ඇවිත්ද. ඒ අස්සෙ අවුරුදු ගානකට කදුළු නැතුව වේලි වේලි ඉදපු ඇස් දෙකට කවදාවත් නැතුව තෙත ගතියක් දැනෙද්දි මම වේගෙන් ඇහි පිය ගහල ඇස් දෙක වේලගන්න ට්‍රයි එකක් දුන්නා.එක අතක ගිටාර් එකත් අල්ලගෙන තනි අතින් මාව අල්ලන් පපුවට හේත්තු කරන් ඉදපු රාදෙව් අයියා මගෙ කන ලගට පාත් වෙන්න ඇති මගෙ කන පිටි පස්සට එයාගෙ උණුම උණු හුස්ම වැදෙද්දි මම දගලන එක නතර කරල එහෙමම ගල් ගැහුණා.

“උඹ දැන් ඔය දුවන්නෙ මගෙන් ගුටි කාපු නිසාමද වාසු!

ම්ම්ම්ම්….. උඹට ඒවට උත්තර නෑ නේ. හරි… උඹ අදට පලයන් but . උඹේ ඔය Hazel පාට ඇසුයි  කපුරු මල් සුවදයි මගෙන් හන්ගන් දුවන්න මහන්සි වෙන්න එපා සුදූ.උඹ කොච්චර ඈතට දිව්වත් මට ඒව පේනවා, දැනෙනවා.”

මට ඕන වුණේ එතනින් පැනල දුවන්න. අන්තිමට මගෙ වටේ එතිල තිබුණ රාදෙව් අයියගෙ අත ලිහිල් වුණ ගමන් මම හැරිල වත් නොබල ඔඩිටෝරියම් එකෙන් එළියට දිව්වා. ඔඩිටෝරියම් එකේ දොරට කන තියන් ඉදපු අනූර්ථ අයියයි සියොත් අයියයි මගෙ ඇගේ හැපිල රෝල් වෙලා වැටුනත් මම ඒ දිහා නොබලම ක්ලාස් එකටම දුවල නතර වුණා. මම බෑග් එකේ තිබුන වතුර බෝතලේ අරගෙන එක හුස්මට බීගෙන බීගෙන ගියාම. එවෙලෙම ක්ලාස් එකට ආපු ඊශ්වරය මගෙ දිහා කන්න වගේ බලන් හිටියා.

“මොකෝ තෝ එල්ලන් සින්දුව ප්‍රැක්ටිස් කරල ඉවරද.”

“නෑ.”

“එහෙනම් මොකෝ.”

“නිකම්”

“පල යන්න උබ මටනෙ බොරු කියන්නෙ මොකෝ රාදෙව් අයියා එක්ක වලියක් වත් ඇල්ලුවද තොපි දෙන්නා කොයි වෙලෙත් මරා ගැනිල්ලනෙ.”

“එහෙම නෑ.”

“නැත්ත්ම් මොකෝ.”

“කට වහන් ඉදපන්කො. මගෙ හිතට හරි නෑ.”

“උබ බඩ වෙලාද ඉන්නෙ ඇයි යකෝ මම මේ ටිකේම බලාගෙන උඹේ mood swing ඇත්ත කියපම්.”

“ම්ම්ම්……ම්මේ.. මට රාදෙව් අයියා දැක්කම් අමුතුයි.”

“ඔව් ඉතින් උබල දෙන්න අමුතු නිසානෙ මරා ගන්නෙ.”

“එහෙම නෙවේ බල්ලෝ තේරුම් ගනිම්කො.”

“හරි තොගෙ කට තියේනෙ කියපන්කො.”

“අනෙ දන්නෙ නෑ බන් මට හෙන අව්ල්. පස්සෙ කතා කරමු ඕක.”

“ම්ම්ම් උබට කියන්න හිතුන දවසක කියපන් එහෙනම්.”

“දැන් යමන් නරි බෑනා නටන්න . ඩ්‍රාමා රූම් එකට එන්න කිව්වනෙ.”

ඊශ්වරයගෙ අමුතු හිනාව තමා මට අල්ලන්නෙම නැත්තෙ. ඌ  එක්ක ටිකක් කතා කරපු එකෙන් මම ටිකක් සන්සුන් වුණා වගෙ දැනුනම ඒ කතාව එහෙම්ම නවත්තල දාල අපි ඩ්‍රාමා රූම් එකට ආවා. ඒ ඇවිල්ලත් පන යනකම් ‘කුමටද සොබනිය කදුළු සලන්නේ’ නටල මට දැන් නිකන් ඉද්දිත් කදුළු සලන විදියට ඇක්ට් වෙනවා. අන්තිමට ඒ ඔක්කොමත් ඉවර කරල හවස වොලිබෝල් ප්‍රැක්ටිසුත් ඉදල තමා ගෙදර ආවෙ.

ඔන්න අදත් කෑල්ලක් දුන්නා ළමායිනේ…..
හෙටත් කෑල්ලක් දෙන්නාම්………… ගිහිම් එන්නාම්………….
මම ඔයාලගෙ දාස්…🐳

මෙහි එන නම් ගම් චරිත සහ සිද්දීන් සියල්ල මනඃකල්පිත බව සලකන්න.

Tags: read novel Kapuru. | À¶Šà¶´À·”À¶»À·”. කපුරු 18🍃, novel Kapuru. | À¶Šà¶´À·”À¶»À·”. කපුරු 18🍃, read Kapuru. | À¶Šà¶´À·”À¶»À·”. කපුරු 18🍃 online, Kapuru. | À¶Šà¶´À·”À¶»À·”. කපුරු 18🍃 chapter, Kapuru. | À¶Šà¶´À·”À¶»À·”. කපුරු 18🍃 high quality, Kapuru. | À¶Šà¶´À·”À¶»À·”. කපුරු 18🍃 light novel, ,

Comment

Leave a Reply

Chapter 19