Kapuru. | À¶Šà¶´À·”À¶»À·”. කපුරු 19🍃

A+ A-

මම ගෙදර ආවත් මුළු ගෙදරම පුරුදු පාළුවෙන්ම පිරිල තියෙනකොට මම කාමරේට ගියා. තාත්ත ආව වෙලාවක කතා කරයි කියල හිතුවත් තාත්ත ගෙදර ආපු පාටක් තිබ්බෙ නෑ .සීත අම්මගෙන් ඇහුවම තමා කිව්වෙ එයා අමේලි අම්මා එක්ක බිස්නස් ටුවර් එකක් ගිහිම් කියල. වෙනද දුරකට යද්දි තාත්ත මට අනිවාරෙන් කියල යනව ඒත් අද නොකියම ගිය හේතුවක් මට හිතා ගන්න බැරි වුණා.මුළු ගෙදරම කිසිම සද්දයක් නෑ. නිශ්ශබ්දතාවය නිස්කලංකයි කිව්වට සමහර වෙලාවට ඒකත් හරි කරදරයක්.මම හිටියෙ පාඩම් කර කර මම පුටුවෙන් නැගිටල කොන්දෙන් දෙපැත්තට නැව්නෙ කොන්ද රිදෙන්න ගත්ත නිසා. වෙලාව බලද්දි එකටම ලගයි. මම බයෝ රිසෝර්ස් බුක් එක අතට අරන් කාබරේ එහෙට මෙහෙට ඇවිදින ගමන් ආහාර ජීර්ණ පද්ධතිය පාඩම් කරා. එතකොට කව්රු හරි ගෙදර දොරට ගහන සද්දයක් ආවෙ. කව්ද යකෝ බෙල් එක ගහන් නැතුව දොරට් තඩි බාන පරයා. මම ඉතින් පුරුෂ ශක්තිය පපුවට අරන් ගිහින් දොර ඇරියා. සද්දෙටද කොහෙද සීතා අම්මත් ආවා.

“අ__ අයියේ. ඕයි මොකෝ මේ”

“අහ්! තිද..ස්, ම්හ්! “

“අනෙ අප්පේ ලොකු බේබි මොකද මේ කවදාවත් නැතුව කට ගොන්නක් බීගෙන.”

“වැටෙයි ඕයි මෙහෙ එනව “

“ම්ම්.. තිදස් ම..ම..මට බ් බෑ”

“අනෙ මෙ අයියේ විකාරයක් වෙන්නෙ නැතුව එනව ඕයි ගෙට

ශිට්! මොනවද ඕයි බිව්වෙ.”

දොර අරිනකොටම හිටියෙ නහය ලගටම බීල හිටපු අයියා. මූ මෙහෙම ජීවිතේට බොන එකෙක් නෙවෙයි . ඔක්කොටම වඩා මූ අඩලදත් කොහෙද. කාර් එකත් නෑ. ශුවර් එකටම ටැක්සි එකක එන්න ඇත්තෙත්.අමේලි අම්මා හිටියා නම් අද මූ මරනව ශුවර්. මමාස් බෝයිනෙ මූ. මමයි සීත අම්මයි අයියව දෙපැත්තෙන් අල්ලන් ගෙට අරන් ඇවිත් සෝෆ එකෙන් වාඩි කෙරෙව්වා.ලිකර් ගදයි සිගරට් ගදයි මික්ස් වෙච්ච ගදක් මුගෙන් එන්නෙ ඒ අස්සෙ මූ අලියෙක් වගේ බරයිත් එක්ක.මූ මේ මහ රෑ ඇවිත් මිනිස්සුන්ට දෙන වදයක්. අයියා මගෙ මූන දිහාම බලන් ඉදල පිස්සෙක් වගේ හිනාත් වෙනවා ටිකකින් ආයෙ කල්පනා කරනවා. මූට ගහනව නම් ගහන්න පුළුවන් ඔලුව ගැලවෙන්න.

“බලපන් තමුසෙගෙ හැටි බීලා බීලා සීතා අම්මා ගිහිම් දෙහි එකක් හදන් එනවද මේකට මෙතනදිම පොවල කාමරේට ගිහිම් දාන්නම්.”

“ඉන්නකො සුදු බේබි මම අරන් එන්නම් විගහට.”

“මොකද ඕයි මේ බීගෙන. බලපන් අමේලි අම්මා හිටිය නම් පට්ට ගහයි අයියේ.”

“අ….අහ්! එන්න … එන්න කියාපන්කො ඔ_ ඔ_ ඔය කම්පැනි අම්මට දෙකක් කියන්න හ්ම්හ්! මගෙ ජීවිතෙ හාහ්! කෑවාහ් ම්ම්හ් කෑවාහ්”

“ඕයි ඕයි වාඩි වෙනවා.මෙහෙ ඇති අම්මෙක් නැහැ අයියේ. තමුසෙ වැටුනොත් නැගිට්ටව ගන්න බෑ මට.”

“ම්ම්.. මමහ් නැගිට්ටවන්නහ් දැන් උබට තියා මට වත් බෑ තිදස් . මහ්….මට වත් බැහැ.”
“උඹ මට අයියා අයියා ගාන්නෙහ්….. මම……මම.. ම් අයියා නෙමෙහ් නෙහ් උබගෙ මම්  මම්ම් මම සහෝදරයා නෙමෙහ්නෙ”

“මොන හුත්තා හරි කටවහන් ඉදපන් මට මල පැනල ඉන්නෙ හුත්ත!.”

“ම්ම්හු සුදූ…… සූදූට එන්නා කිපන්කො අශේනයා අන්නෙහ්!”

“මෙන්න මේක වත් පොවන්න සුදු බේබි.”

“අහ් ඔය කියන්නෙ.අශේන් අයියා එක්කද බිව්වේ. මම දන්න සුදුවෙක් නැහැ මෙන්න මේක බීල නිදාගන්නවා කෝහ් ඉක්මනට ශිට්!”

සීත අම්මා දෙහි එකක් ගෙනත් දුන්නම මම බලෙන්ම වගේ සුදුවෙක් ඉල්ලල අඩන අයියට දෙහි එක පොවල යන්තන් උගෙ කාමරේට ඇදන් ගිහිම් ඇදට අත ඇරියා.

“ආව් හුත්- ආයිශ්!”

ඒ අස්සෙ මගෙ කොන්දට හොද පාරක් වැදුනා දොරෙන් මම ඒ අමාරුවත් ඉවසගෙන අයියා දිහා බැලුවා.එහෙම දාල යන්නත් බෑ. මම ඕන එකක් කියල උගෙ සපත්තු දෙක ගලවල පැත්තකට දාල AC එකත් චුට්ටක් වැඩි කරා.

“ම්ම්හ්හු…. තිද…ස් , සුදූහ්!”

“මම දන්න සුද්දෙක් නැහැ ඕයි .මගෙ අත අත ඇරල දැන් නිදා ගනින්කො. මගෙ කොන්දෙ ඉතුරු ටිකටත් හරි දැන්.”

මම යන්න හදනකොට මගෙ අතින් අල්ල ගත්ත අයියගෙ අත පැත්තකට කරනගමන් ඌට බැන්නා. මූ මට දාන පඩ ශෝස් වලට හරියන්න මේ වෙද්දි වෙරි වෙලා අසිහියෙන් ඉන්න එකාගෙ පිට මැද්දට ඩෑස් පාරවල් පහ හයකුත් දීල ඇදල ඉන්නෙ මේ. ඩයල් එක දාඩියටම පෙගිල ගිහිම් මම ආයෙම උගෙ ශර්ට් එකේ බටන්ස් ටික ගැලෙව්වෙ ශර්ට් එක ඇදන් නිදා ගන්න අමාරු නිසා.

“ම්ම්ම්ම්හ් ති..තිදස්….. මටහ් ම්මැරෙන්න ඕනෙහ්!”

“හ්ම්ම්ම් හා.”

මම ශර්ට් එකේ සිහියෙන් නිසා ඌ කියන ඒවට වැඩිය අවදානයක් නොදී මගෙ වැඩේ කරගෙන ගියා.මගෙම අයියා නොව්නත් මූ මට කොච්චර වෙනස්කම් කරත්. මට නොදැනෙන්න මම වෙනුවෙන් කරන දේවල් මම දන්න නිසාම මට මූ ගැන අහිතක් හිතන්න බෑ. මූ නොපෙන්නුවට මම කන්න කැමති දේවල් ෆ්‍රිජ් එක අස්සට හොරෙන් ඔබන හැටි, පාඩම් කරද්දි සීත අම්මා හදල දුන්නා කියල බොරු කිය කිය ගෙනත් දෙන තේ එක, ස්කූල් එකට ගිහිම් දාන ඒවා මූ හිතන් ඇති මට නෝට් නෑ කියල. මම ශර්ට් එක ගලවල පැත්තකට දාල හිට ගත්තා. එතකොටයි මම දැක්කෙ ශෝල්ඩර් එක හරියෙන් එකපිට එක පේන්න තියෙන තුවාල කැලැල් මම හොදට ලන් වෙලා බැලුවා. එතන පරණ ඒවා වගේම අලුත් පාට ඒවත් තියෙනවා. ඔක්කොම එක වගේ හරියට නිකන් ,

ශිට්! මූ සෙල්ෆ් හර්ම් කරගෙනවත්ද. ඒත් මේ යකාට එච්චරටම තියෙන ප්‍රශ්න මොනවද. මන් ඇසුත් ලොකු කරන් අයියා දිහා බැලුවා. අස් දෙක වටේටම කලු වෙලා ගිහිම් මූණ හරිම මහන්සි පාටයි. දැන් කැම්පස් එකට අමතරව අමේලි අම්මා එයාගෙ ඔලුවට බිස්නස් වල බරත් පටවලා කියන්න මම හොදටම දන්නවා. බලන් ගියාම මේ ගෙදර විදවන එකම මනුස්සයා මම නෙවෙයි. මම ෆස්ට් ඒඩ් කිට් එක අරන් ඇවිත් අලුත් පාටට පෑරිලා ලේ ඇවිත් තිබුණ තුවාලෙට බේත් දාල ප්ලාස්ටර් එකක් දැම්මා.

ඔක්කොටම පස්සෙ ඇදට ඇවිත් දහ අතේ කල්පනා කර කර හිටියා දැන් තුනටත් ලගයි උදේ ස්කූල් යන්නත් ඕන. ඒ අස්සෙ ඇස් පියා ගන්න වාරයක් ගානෙ රාදෙව් අයියව මතක් වෙනවා. එක්කො මූ මගෙන් ඈත් වෙලා ඉන්න ඕන. ශිට්! මම අත පය ඇදේ හතර පැත්තට ගැසුවෙ රාදෙව් කාරයට ගහන්න බැරිකමට.

පහුවදා මම ස්කූල් ගියෙත් නිදිමත බේරෙන ඇස් දෙකත් යන්තන් ඇරගෙන. මම අපේ ක්ලාස් එක පැත්තට කකුලුත් අද්ද අද්ද ගියේ. රාදෙව් අසුරය වත් උගේ අසුර යාළුවෝ වත් මට මූණට මුලිච්චි නොවේවා කියල ප්‍රාර්ථනා කර කර.මොකද ඊයෙ සීන් එක නිසා මට උන්ට මූණ දෙන්න ලැජ්ජයි. සිත්රුව හිටියා නම් කියයි උන් තුන් දෙනාට මූණ දෙන්න බෑ නම් පුප දියන් කියල. ඒත් බෑ අනේ මම ෆෝර්සම් වලට ආස නෑ .අනෙහ් අනික මට තුන් දෙනෙක්ටම ටොප් වෙන්න අමාරුයිනෙහ්.

අහෝ! අවාසනාවක මහත. දිල්ෂාන් කාරය නේද අර බයිසන් ගවයා වගේ පිඹගෙන එන්නෙ. දැක්කෙ නෑ වගේ යන්න ඕන.

“තිදස්.. ඕයි! තිදස්”

හපෝ මේ පකිස් ගවයගෙ කටේ සද්දෙ. මූ කැඩෙට් අපේ ස්කූල් එකේ සාජහාන් නිසාද මන්දා වොයිස් එක ඇහුනත් ඇති සීරුවෙන් හිට්ටවෙන්න.

“ඕහ් ආ ඇයි අයියේ?

“මොකද උබ මාව මගාරින්නෙ?”

“ඒහ්! පිස්සුද එහෙම නෑ ඇයි?.”

“නැත්තන්  කමක් නෑ ඉතින්.මට තමුසෙගෙ ෆෝන් නම්බර් එක දෙනවා.”

“අප්පා මට ඒක මතක නෑනෙ අයියේ. තාත්ත ලග තමා ෆෝන් එක තියෙන්නෙ.”

“ඒකත් එහෙමද. හ්ම්ම් හරි එහෙනම් මම මතක එකෙක්ගෙන් ඉල්ල ගන්නම්.”

මම මූණත් අටපට්ටම් සයිස් කරගෙන පට්ට කෙබරයක් අත අරිද්දි දිල්ෂාන් කැම්රියා මගෙ උරහිසටත් තට්ටුවක් දාගෙන මට කැත හිනාවක් දාල බිල්ඩින් අස්සෙන් නොපෙනී ගියා. අනේ තොට හෙන ගහනවා මගේ දවස මුස්පේන්තු කරාට . ඊයෙ දවස නින්දක් නෑ ගෙදර වසලයා නිසා. එහෙන් කොන්දෙ කැක්කුම එහෙන් රාදෙව් පිල්ලිය . මාව කූරියා වත් ගහන් නෑනෙ සැහ්!” මම කොන්දත් නවාගෙන ක්ලාස් එකට ගෑටුවා.

“මොකෝ උබ නිකන් හත්වලාමට ගැහුව කලාබරේ වගේ.”

“නිකම් බන්.”

“නිකන් නම් වෙන්න බෑ අර බලපන් සිත්රු උගෙ මූණත් තොගෙ මූණත් තහඩුව වගේ ඔහෙක් වෙලා ගිහිම්.”

“අම්මටසිරි නැව ගිලුනත් බෑන් චූන් මොකෝ සයිඩ් ගහලා.”

අම්මටසිරි ඔව්මයි. මූ මොකෝ මේ. මම ගිහිම් වාඩි වෙලා ඉදපු සිත්රුගෙ ඔලුවට ඇගිලි දෙකක් නවල විද්දම උගෙ මූණ තව හතරැස් වෙලා ගියා.

“මගෙ ෆාතිමා මට කැමති නෑලු බන්.”

“අඩෝ සිරාවට à·„à·Š හා. උබ ඇහුවද ඒකිගෙන්.”

“ඒකිගෙ යාලුවා කිව්වෙ බන්.”

“මොකද්ද?”

“මම සිංහල එයා මුස්ලිම් නිසාලු රත්තරනේහ්… ආදරේට කොහෙන්ද ආගම් බේද මේ ගෑණිට කියන සිංහලේ තේරෙන් නෑනෙ බන්….”

“ඒ හැබැයි එහෙනම් ඒකිට සිංහල බැරුව ඇති.”

“අනේ මුන් කාගෙ ළමයිද තිදසා බලහන්කෝ. ඈඈඈ ……………………”

“අයියෝ කට වහ ගනිම්කො ඊශ්වර. අනේ ඔය හොරණෑ ගහන එක නවත්තපන් සිත්රු .”

“උඹ කියපන් ඒකිට මම සිංහල අරයා දෙමළ ඔයා මුස්ලිම් කියල, එහෙම භේද නෑ………. අපි ඔක්කොම මිනිස්සුන්…..අපේ හාමුදුරුවනේ……..කියලා.”

අනේ ඇයි අප්පා මට හම්බෙන ඔක්කොම මොලේ පෙගිච්ච උන් උනේ හුවෑ….
සිත්රුව විස්සෝප වෙන්නෙ උගෙ මුස්ලිම් කෙල්ල ඌට බෑ කියල. ඌ මෙහෙ හොටුයි කදුළුයි බොනවා. ඒ අස්සෙ ඊශ්වරය ඉදගෙන මරු කියවනවා.අනේ ඉතින් සියොත් අයියාත්, මොලේ නැති මුගේ පොත්තෙ පාටට රැවටුනා අපරාදෙ තරුණ ජීවිතේ.මම උන් දෙන්නා දිහා බලල ඔලුව දෙපැත්තට ගසා ගත්තා.

මේ ටිකේ අපිට පීරියඩ්ස් හයයි උගන්නන්නෙ. දෙකක් ගන්නව ඩ්‍රාමා සර්. හැබැයි මට නම් පීරියඩ් පහයි ඉගෙන ගන්නෙ. මම යනවනෙ රාදෙව් එක්ක සව්දම් කියන්න . දැනුත් මේ සව්දම් කියන්න මියිසික් රූම් යන ගමන් ඉන්නෙ. මම යද්දිත් රාදෙව් අයියා මියුසික් ටීච එක්ක කයියක.

“තිදස් පුතා මෙහෙ එන්න. මම නැති වුණාට ඔයාල ඊයෙ ටිකක් ප්‍රැක්ටිස් වෙලා තිබුණනෙ නේ. සෝන්ග් එක ඉතින් ඔයාලට පුරුදු එකක්නෙ. ඉන්ස්ටෘමන්ට් වලටයි මියුසික් වලටයි හරියන්න වෝකල් එක හදල ගමු මට පොඩ්ඩ්ක් කියල පෙන්නන්නකො දෙන්නා එක්ක. එතකොට මට පුළුවන්නෙ මිස්ටේක්ස් ටික නෝට් කර ගන්න”

“හරි මිස්.”

රාදෙව් අයියයි මායි දෙන්නම ටීචට එකම හඩින් උත්තර දීලා සෝන්ග් එක ප්ලේ කරන්න ගත්තා.

One two three ! Star .

ඕකනේ බැරි සුන්දර ලඳකට
මේ වගේ කරදර උහුලන්නට
තේරුණේ නැතුවට නුඹෙ කරුමෙට
ප්රේමෙයේ වැලපෙනු ඇයි සදහට ..

නීච වී ඩිංගක් හරී
ග්‍රහ මණ්ඩලේ වරදක් ඇතී..
ආල වී ඇයි මේ හැටී
දකිනා හැමෝටම හිමි නැතී..

……………………………………………………………….

ටීච කොලේකුත් තියාගෙන අපි වරද්දන තැන් තව හැඩ වෙන්න ඕන තැන් ටික අපිට කියල දුන්නට පස්සෙ අපි දෙන්න මියුසික් ටීච එක්කම සින්දුව ටිකක් ප්‍රැක්ටිස් වුණා. ඒ වෙලාව ඇතුලෙ රාදෙව් අයියගෙ ඇස් මගෙ ලග නිතරම නතර වුණත් මම නොදැක්කා වගේ හිටියා.මූ මාව නොමග යවන නිසාම. සක්කිලි අසුරයා මගෙ මොලේ කන්නම ආපු එකෙක්. මොල කන්නා. හුහ්! ප්‍රැක්ටිස් ඉවර වෙච්ච ගමන් මම ටීචට ටටා බායි කියලා රාදෙව් අයියා එන්න කලින් දඩි බඩි ගාල මියුසික් රූම් එකෙන් පැනලා ඩ්‍රාමා රූම් එක පැත්තට පඩි පෙල නැග්ගා. අම්මෝ ඇති යාන්තම් මම ඩ්‍රාමා රූම් එකට යනකොට ඊශ්වරය සින්දුවක් කිය කිය තනියෙන් ප්‍රැක්ටිස් වෙනවා.

“අම්නේ මගෙ නරි හස්බන්ඩෝ…”

“අනෙහ් මගේ ළමාතැනීහ්….”

අපි දෙන්නා විජේ මාලනී වගේ පොඩි ඇක්‍ට් එකක් දෙන්න හදනකොටම සිත්රුවා මැද්දට පැනලා වැඩේ කෑවා.

“මේ ඔහොම ඉදපන්. උඹ මොකෝ අර අහස කඩන් වැටෙනකොට දුවපු හාවා වගේ පඩි පෙල නැග්ගෙ.”

“කුලප්පු වෙච්ච අසුර ප්‍රහාරයට ලක්වෙයි කියල බයේ.”

මම එහෙම කියල ඊශ්වරයගෙ බෙල්ලෙ එල්ලුනාම ඊශ්වරය මාව බ්‍රයිඩල් ස්ටයිල් එකට උස්සන් වටයක් කැරකෙව්වෙ මගෙ කකුල් දෙකේ වැදිලා සිත්රුව බිමට වැටෙනකොට.

“අනේ බුදු සර්…..මෙහෙ වරෝ….. අනේ තොපි නම් මහ නසරානියො කාඩ හරක්. අනෙර් මගෙ ෆාතිමා…….”

දැන් ෆාතිමායි මගෙ කකුල් දෙක වැදිච්ච එකෙයි සම්බන්දෙ මොකද්ද කිසිම පදනමක් නැති කතා කියන්නෙ. තාමත් ඊශ්වර මාව බ්‍රයිඩල් ස්ටයිල් එකට වඩාගෙන හිනා වෙවී සිත්රු දිහා බලන් ඉන්නවා. අම්මොහ් ඉතින් මගෙ නරි හස්බන්ඩානෙ මොනව වුණත්. අපේ හිනාව ලත් තැනම ලොප් වුණේ ඩ්‍රාමා රූම් එකෙ දොර ලග හිටන් ඉන්න එකා දැක්කම.

ඩොහ්!

“අනෙහ් අම්මේහ් මගෙ කොන්ද…….මොකද්ද පාර්කින් ඔටුවෝ තෝ ඒ කරේ ආයිශ්!”

“අඩො තිදස් ඕයි අමාරුද”

“අනෙ මට කලන්තෙ වගෙ බල්ලෝ අම්මා….. රිදෙනවා……”

දොර ලග හිටන් හිටියෙ වෙන මොකෙක් වත් නෙවේ රාදෙව් අයියා වෙද්දි උගෙ ගිනි ගන්න ඇස් දෙක දැකලද කොහෙද ඊශ්වරයගෙ අතින් මාව බිමට අත ඇරුනා. මගෙ රිදි රිදී තිබ්බ කොන්ද අවසන් ගමන් යන්න ඔන්න මෙන්න වුණා. වැටිච්ච පාරට මට කෑ ගැස්සුනා. ඒ අස්සෙ එසනින් ඊශ්වරයගෙ අස් දෙකේ කදුළු පිරුණා. හරිනෙ ඔය කොරේ රිදුනෙ මට පෙරන්න හදන්නෙ මූ. එතකොටම රාදෙව් අයියයි ඩ්‍රාමා සරුයි දෙන්නම දුවගෙන ආවා.

“තිදස් ඔය මොකද ලමයෝ ඔය.”

“අහ් සර් පැටලිලා වැටුනා.”

“කොහෙද වැදුනෙ ඔලුව වැදුන් නෑනෙ. කෝ නැගිටින්න බලන්න.”

“නෑ සර් ලොකු අමාරුවක් නෑ.”

අනේහ් සර්ගෙ ආච්චිට් හු- හුම්මානෙ යන්නහ්. නැගිටින්න අමාරුයි යකෝ මට. අමාරුවෙන් නැගිට්ටට කොන්දෙන් ලොකු පේන් එකක් එද්දි මම එහෙමම ඊශ්වරයගෙ ඇගට ජැක් එකක් ගහ ගත්තා.ඊයෙ දොරෙත් වැදුන නිසා පොඩ්ඩක් තැලිලා ඇත්තේ ඒකයි මෙච්චර රිදෙන්නෙ.

“ම්ම්ම් රාදෙව් මෙයාව සික් රූම් එක්කන් යන්න පුළුවන්ද මොනව හරි දේවිනෙ නර්ස් චුට්ටක් බලනවද.”

“මම අරන් යන්නම් සර්.”

අනේ උබර් අරන් යයි දැන් . මීට වඩා හොදායි……උබෙ කොන්ද කැඩුන නම් ආආආආආ. මම රාදෙව් අයියට හිතෙන් බැන බැන ඊශ්වරගෙ හිතත් හදල ඌට පේන්න මම හොදින් ඉන්නෙ කියල හෙන රන්ගනයක් දීල එළියට ආවා.

“ඔහොම ඇවිදින්න එපා තමුසෙට අමාරුයිනෙ.ඕක කර ගන්න තමා දැගලුවෙ උදේ ඉදන් . උබට තෙලේනෙ.අම්මප උබට ගහන්න හිතෙනව වාසූ!”

“ඉතින් ගහපන්කො රෙද්ද.”

“ඇත්තද දැන් හරියට ඇවිද ගන්න වත් පුළුවන්ද බලපන්. තොට ඉතින් මම එක ගහල දෙක ගහද්දි බහ් ගාල හුස්ම ටික යයි.”

“අනෙ මෙ පලයන් අයි-   අනේ බුදු අයියේ අපි ඉවරයි…….”

රාදෙව් අයියට ජාතිය අමතන්න ලෑස්ති වුණ මගේ කට සත පනහ වගේ උනේ බහින්න තියෙන පඩි පෙල දැක්කම දැන් ඉතින් පුපෙන් ගල ගාගෙන තමා යකෝ යන්න වෙන්නෙ අනේහ්. කරුමයක්ද පසු ගිය බවේ මා කෙරූ…..

“මෙහෙ එනව.”

“අහ්… ඒහ්… ඒ….. බිමින් තියන්ව දැන් එකෙක් ඔහොම කරල තමා තප්ප ගාල බිම දැම්මෙ. අනෙහ් අයියේහ් ළමයි දකියි ඕයි අනේහ්!”

“මොකා දැක්කත් මට මොකද.කට වහන් ඉදපන් කන රිදෙනවා.”

පේනවද මූසලයගෙ කතාව. රාදෙව් අයියා මාව පඩි පෙල ලගදිම හරහට උස්සගත්තා. මම කූඩැල්ලා වගේ රාදෙව් කාරගෙ බෙල්ල බදාගෙනම හිටියා. එව්නාට උස්ස ගත්තම කොන්දෙන් එන පේන් එක දෙක වුණා. මම රාදෙව් අයියගෙ පපුවට ඔලුව ගහ ගත්තා.රාදෙව් අයියා මාව පඩි පෙල ඉවර වුනාම බිමින් තියල මගෙ අතින් අල්ල ගත්තා
අනේ…….. වෙලාවට මූ ඊයෙ වුණ කිසි දෙයක් ගැන කතා කරන් නැත්තෙ . අයියෝ කියල කට ගන්න වුණේ නෑ.

“වාසූ ඊයෙ උබ-“

“අනෙ අයියේ ඕව දැන් වැඩක් නෑනෙ. “

“අනෙ මේ මොකද වැඩක් නැත්තෙ ,ඊයෙ වගේ කරන් නැතුව හරියට සින්ග් කරපන් සදුදට .”

අහ් ඒකද හයියෝ තා ටිකෙක් ඉල්ලන් පුපේ ටින්කිරි ගා ගන්නවා. සික් රූම් එකට ආව විතරයි රාදෙව් කාරයා මාව උස්සල බෙඩ් එක උඩින් තිව්වා. අයියෝ මම දැන් කාගෙත් මනාලි වගේ වෙලා අනියෝ……..

අපෙ සික් රූම් එකේ හිටියෙ තිහ පැනපු අයියා කෙනෙක්. හේ හේ ඌ හැන්ඩ්සම් ඉතින් රාදෙව් අයියා ඌ ලගට ගිහිම් වෙච්ච සීන් එක කිව්වා. ඊට පස්සෙ ඌ මගෙ ලගට ඇවිත් රිදෙන ආකාරය අහල පේන් කිලර් දෙකක් දුන්නා බීපිය කියල .මම ඉතින් පේන් කිලර් දෙක බීලා ඇදේ දිගා වෙලා කැරකෙන ෆෑන් එකේ තටු ගැන්නා.

“දරුවො ශර්ට් එක ගලවල මුනින් අතට නිදා ගන්නවද ඇදෙන්.”

ඒහ් මේ මොකද්ද දෙයියනෙහ් මේ ලැජ්ජ නැති වැඩේ. අනේ අයියේ මම ටොප් නේ…………… මූ මොකද්ද මේ කරන්න හදන්නෙ
අහ් එතකොට තමා මම දැක්කෙ නර්ස් අණ්නගෙ අතේ තියෙන ජෙල් එක මේක උලන්නද මේ. අඩෝහ් ඒත් මගේ ටැටූ එක දැක්කොත් සික් රූම් එක ලේබර් රූම් එකක් වෙලා මූට මෙතනදිම බබා හම්බෙන ලයින් එකක් තිබුණෙ මම අසරණ දෑසින් රාදෙව් අයියා දිහා බැලුවා.

“කෝ දෙන්න අයියෙ මම ගාන්නම් ඔයා ඔෆිස් එකේනෙ හිටිය කිව්වෙ ගිහිම් වැඩේ කර ගන්න.”

“හ්ම්ම් හරි එහෙනම් ඔයා පොඩ්ඩක් බලන්න දරුවෝ.මම ගිහිම් එන්නම්.”

නර්ස් අයියා එයාගෙ අතේ තිබුණ ජෙල් එක රාදෙව් අයියට දීල මගෙ ඔලුවත් අත ගාගෙන එළියට ගියා.

“ගලවපන් ඉතින් මන් දිහා බලන් ඉන්නෙ.”

“පිස්සුද මම ගෙදර ගිහිම් ගා ගන්නම්.”

“වාසු මගෙ යකා අව්ස්සන්න එපා බන්!”

ඒක ඉතින් අමුතුවෙන් අවුස්සන්න දෙයක්ද. කොයි වෙලෙත් ඇවිස්සිලානෙ. අවුස්සගන එපා අපි අමු සක්කිලි. සීන් එකේ මූ ඉන්නෙ. මම රාදෙව් අයියට ඔරවල ශර්ට් එකයි බැනියමයි දෙකම ගැලව්වම. රාදෙව් අයියා ශර්ට් එක පොඩි නොවෙන්න පුටුවක් උඩින් දාල ඇදේ පැත්තකින් වාඩි වුණා.

“ට්‍රව්සර් එකේ බට්න් එක ගලවපන් බන් ඔහොම පුළුවන්ද ?”

“අනෙ මෙ අයියේ ඔවා ඕවට නම් එන්න එපා හරිද මට දැන් තරහ්-“

“කට වහන් ඉදපන්”

“අහ් අහව් ස්ස්ස්ස්ස්ස් අයියේ රිදෙනව ඕයි.”

“ඔය ගැලෙව්වෙ බැරි ඒවා. හැරියන් ඉතින් දැන්.”

රාදෙව් අයියා මාව ඇදටම තල්ලු මගෙ සුදු ට්‍රව්සර් එකේ බටන් එක පන්නල දැම්මෙ තරහ ඉහ මුදුනටම ගහලද කොහෙද.  හිමින් යකෝ රිදෙනවා අද නම් මගෙ තුනටිය ඉවරෙටම ඉවරායී… මම ඇදේ මුනින් අතට නිදාගෙන මූණ කොට්ටෙට ඔබා ගත්තෙ හුස්ම හිරවෙලා මැරෙන එක මීට හොදයි කියල හිතන්.

“තමුසෙ වලියකට වත් ගියාද. වැටුනද ඇත්ත කියපන් වාසු හරිද මම දන්නව තොට තෙලේ කියලා.

“පිස්සුද අනෙහ්.”

“එහෙනම් මේ නිල් වෙලා තියෙන්නෙ දැන් වැටිච්ච පාරක් නෙවෙයිනෙ.”

“ආහ් ඊයේ දොරේ වැදිච්ච එක වෙන්න ඇති.”

මම ඔලුව හරවල රාදෙව් අයියා දිහා බැලුවම. ඌ මට එරෙව්වා. ඉතින් හත්තුකේ මම මොකක් කොරාටද. අර ගෙදර වසලයා නිසානෙ හුහ්!. රාදෙව් අයියා ජෙල් එකෙන් ටිකක් ඇගිලි වලට අරන් මගෙ ඉනේ තැනින් තැන ගෑවා. මේක කරන්න බෑ මගෙ බඩේ මල් පිපෙන්න හදන්නෙ. ජෙල් එකේ සීතල ගතිය එක පාරම නැති වුණේ රාදෙව් අයියගෙ දිග ඇගිලි මගෙ ඉන දෙපැත්තට තද වෙන්න ගනිද්දි. අනෙහ් දෙයියනේ ඔහොම අත ගෑවොත් නම් මට නගිනව මෙතනම ප්‍රෙශර්. මම අතේ ඇගිලි ටික ගුලි කරල අරන් හපා ගත්තා.

“වාසූ!”

“අහ් ආව්ව් හිමින් අනේහ්.”

“ම්ම්ම් . උඹට මෙතන පත ටැටූ එක ගහනකම් ඉන්න පුලුවන් මම ටිකක් අල්ලද්දි තමා පණ යන්න හදන්නෙ.”

“අනේ ඔයා ටිකක් බෑ නම් ගොඩක් අල්ලන්න රිද්දන් නැතුව හුත්ත !”

“ආ..ආහ් ස්ස්ස්ස් ඕයි රිදෙනවා.”

“එහෙනම් කුනුහරුප කියන එක නවත්තපන්.”

මම ඉතින් කට වහගත්ත නිසා රාදෙව් අයියත් සද්ද නැතුව වැඩෙ කරන් ගියා. අපරාදෙ කියන්න බෑ ස්පා ගියා වගේ. මූ බැරි වෙලාවත් ස්පා එහෙක වැඩට වත් යනවද. මම ක්ෂනිකව බෙල්ල හරවල රාදෙව් අයියා දිහා බැලුවා. ආ……මේන් මෙයා රතු වෙලා. මේ මොකත මේ. රාදෙව් අයියගෙ කන් දෙකේ ඉදල බෙල්ල ලගටම රතු වෙලා මගෙ ඉන දිහාම බලාගෙන උඩට පහලට අත ගානවා. ඌ දිහා බලන් ඉද්දි මගෙත් කන් දෙක රතු වෙන නිසා මම කොට්ටෙට මූණ ඔබාගෙන හිටිය.

“වාසු! වාසු! ඒහ් නැගිටිනවා”

මම හිමීට ඇස් ඇරල රාදෙව් කාරයගෙ වොයිස් එක මගෙ රූම් එකෙන් එන්නෙ ඇයි කියල බලද්දි තමා මතක් වුණේ මම ඉන්නෙ සික් රූම් එකේ කියල . හයියූ….. වස විලි ලැජ්ජාවයි.

“අපෝ නිදිද බන්. නැගිටපන් ස්කූල් ඉවරයි බෙල් එකත් ගැහුවා.”

“සිරාවට! අහ් ම්ම්ම් මේ  මම නිදාගෙන නෙවෙයි හිටියෙ කල්පනා කර කර .”

“ඔව් මම දැක්කා ශර්ට් එකත් දාගෙන ස්කූල් එක පිටි පස්සෙ ගේට් එක ලගට එන්න.”

“ඒහ් ඒ මොකද අනේ මේ. ඔයත් අර එහා පැත්තට පාරට යමුද අහන කෙල්ල වගේ නිකම් ඊව්…..”

“අනෙ මෙ කට වහන් වරෙන්.තොට දැන් කොන්ද කඩාගෙන බස් වල යන්න බෑනෙ  මම ගිහිම් දාන්නම්. ඉදා.”

එනවද නැද්ද මුකුත් නැ වරෙන් කියල මගෙ බෑග් එකත් ඇද උඩට අත ඇරල ඌ ගියා යන්න. ඈ යකෝ මූ ආයෙම බයික් එකෙන්ද එන්නෙ දැන් ස්කූල්. බස් එකේ එන්න පටන් අරන්නෙ තිබ්බෙ. පුහ් ඕන එකක් කොහොමත් මෙහෙම බස් එකේ ගියොත් මම මැරෙයි. මම බෑග් එකත් අතින් අරන් ස්කූල් එක පිටි පස්සෙ ගේට් එක ලගට ගියා.

ඊයෙ එනවා කිව්වට එන්න බැරි වුණානෙ ළමයි.. මල් පාත්ති පණුවාට කමා කරනු මැණවී……

ගිහිම් එන්නම් ළමා……..යී…………
මම ඔයාලගෙ දාස්🍃🐳 ..

Tags: read novel Kapuru. | À¶Šà¶´À·”À¶»À·”. කපුරු 19🍃, novel Kapuru. | À¶Šà¶´À·”À¶»À·”. කපුරු 19🍃, read Kapuru. | À¶Šà¶´À·”À¶»À·”. කපුරු 19🍃 online, Kapuru. | À¶Šà¶´À·”À¶»À·”. කපුරු 19🍃 chapter, Kapuru. | À¶Šà¶´À·”À¶»À·”. කපුරු 19🍃 high quality, Kapuru. | À¶Šà¶´À·”À¶»À·”. කපුරු 19🍃 light novel, ,

Comment

Leave a Reply

Chapter 20