Kapuru. | À¶Šà¶´À·”À¶»À·”. කපුරු 20🍃

A+ A-

මම ගේට් එක ලගට වෙලා වාමන රූපෙ වගේ දෙකට තුනට නැවිලා හිටගෙන ඉද්දි රාදෙව් අයියා පාර්කින් ලොට් එකෙන් බයික් එක අරගෙන ඇවිත් මම ලගින් නැවත්තුවා.

“යන ගමන් ටේලර් ශොප් එකට ගිහිම් යමු. මැශිමන්ට්ස් දෙන්න ඕන. තමුසෙගෙයි මගෙයි අයිටම් එකට.”

“ඈහ් ! මොකද්ද කොස්ටියුම් එක.”

“උබ ඔසරිය අදින්නෙ, මම නිලමෙ කිට් එක. ආ.. මේක දාගෙන නැගපන් පරක්කු වෙනවා.”

මම, ඉබි කට්ටක් වගේ හෙල්මට් එකක් දිග් කරන් ඉන්න රාදෙව් කාරයට රවල හෙල්මට් එක ඇදල අරන් දාගෙන, මගේ මුළු ඇගේම බර රාදෙව් කාරයගෙ උරහිස් වලට දාල බයික් එකට නැග්ගා මූ සයිඩ් කන්නාඩිය මගෙ මූණ පේන විදියට හදාගෙන. බෙල්ල හරවල මගෙ දිහා බැලුවා.

“වාහන වලට අඩ තියන් නැතුව මගෙන් අල්ලගනින්. ඉස්සරහට වෙලා වාඩි වෙයන් මට ලාදුරු නෑ.”

මම රාදෙව් කාරයට රවල උගෙ ඉන දෙපැත්තෙන් ශර්ට් එකෙන් අල්ලගත්තා. මේ මගුලෙ බයික් වල ශීට් මොකට මෙච්චර උඩින් තියෙනවද මන්දා.මූ යකෝ ස්කූල් එක පහු කරා විතරයි පියාඹන්න ගත්තනෙ. අපි ටේලර් ශොප් එකට මැශිමන්ට් දීල ආවා.ඒ අස්සෙ මූ මට මොනවද කියන්ව හුළගෙ සැරට මට කිසි දෙයක් ඇහෙන්නෙ නෑ. මම මට ඒවට ඇහෙන හැටියට උත්තර දුන්නා.

“&#&$*$*$*#*$*&”

“ඔව් ඒක තමා අනූර්ථ අයියට මොලේ නෑ..”

“*$*$-$6&&$&#&”

“මොකද්ද….. ආ හා හා”

“&$&&$*$**#”

“පිස්සුද අනේ අනුරට තමා දුන්නේ “

“&$&#*%*#**”

“මොකක් නාමල් බේබිටද දුන්නෙ. ඊයා බයියා”

ඌ කියන කිසි දෙයක් මට පැහැදිලි නැති වුණාට මම මට ඇහෙන එව්වට උත්තර දුන්නම ඌත් ඔලුව වැනුවා ඒ කියන්නෙ මට ඇහෙන්නෙ හරියටනෙ. රාදෙව් අයියා අපේ ගෙදර ලගින් බයික් එක නැවත්තුවම මම බයික් එකෙන් බැස්සා. අම්මෙහ් කරකැවිල්ල වගේ.

“අම්මොහ් තැන්ක්ස් ලිෆ්ට් එකට.”

“ම්ම්ම්. හෙට හවස ස්කූල් එකේ ඉන්න බලන් එන්න එහෙනම්.මම යනවා.”

“ඈහ්! Wait what ? ඒ මොකටද ?”

“ඇයි මම දැන් එන ගමන් කිව්වෙ, උඹව ස්කූල් එකේ ඉවෙන්ට් ඕගනයිසර් ටීම් එකට දාල කියල.”

“මොකක් කව්ද. අනෙ මෙ හයියෙන් අල්ලන් නටන්න ඔයා. “

“ඒවා මම දන්නෙ නෑ.උබ ඒක ඩ්‍රාමා සර්ටයි වයිස් ප්‍රින්සිපල්ටයි කියපම්. හෙට ඉදන් ආර්ට් ෆෙස්ටිවල් එකේ වැඩ බලපම්.”

කවද්ද යකෝ මූ එහෙම එකක් ඇහුවෙ. මම දස අතේ කල්පනා කරද්දි රාදෙව් කාරයා බයික් එක හරවගෙන රේස් කරාම මම ගැස්සිලා ඌ දිහා බැලුවා.

“පොඩි ඇට්ටරයා!”

“මොකද්ද මමද පොඩි අනෙ මේ ඕවට නම් එන්න එපා.”

මම ඌටත් ගස්සගෙන ගේට් එක ලගට දිව්වෙ තව මෙතන හිටියොත් වටේ පිටේ cctv ටික මේ පැත්තට හැරෙන්න පුළුවන් නිසා.

“වාසූ!!”

යන්න ගියපු මට රාදෙව් අයියා කතා කරාම මම හැරිලා ඌ දිහා බැලුව. අනේ මගෙ හාර්ට්ටුව පිස්සු නටනව ඔන්න. හෙල්මට් එක අස්සෙන් පේන්නෙ එයාගෙ ඇස් විතරයි. මම ඒ දිහාම බලාගෙන ටිකක් වෙලා හිටියා.

“ඇ ඇයි?”

“චුට්ටක් ලගට එනවද?”

ආශ්…..දැන් මගෙ බඩ ඇතුලෙ මල් පිපිලා ඒවා හාර්ට් එක පැත්තට ඇදිල යනව දැනෙද්දි මම රාදෙව් අයියා ලගට ගියා.

“උඹ මගෙ හෙල්මට් එක අරන් යන්නෙ කොහෙද “

“ඉදා ඉටි ගෙඩිය.”

ආආආආ මට මූව කන්න ඕන තිරිසන් භල්ලාආආආඅ……. ඕකට ඔච්චර පැණි බේරෙන්න ගතා කරන්න ඕනද සහ ගහනව ගෙවලයට. මම ඌට හිතෙන් බැන බැන හෙල්මට් එක උගෙ ඇගේ ගහක ගෙට දිව්වා.

ආහ් ඔය ඉන්නෙ කුමාරයා. මම යද්දි අයියා සාලෙ ඉදගෙන Tv බලනව. පුහ්! ඊයෙ නටපුව අමතක හැඩයි. මම ඌව නොදැක්ක ගානට කාමරේට රින්ග ගන්න හැදුවෙ. කොහෙද ඉතින් බේබද්දෙක් මොර දෙන්න පටන් ගත්තනෙ.

“තිදස්!”

“මොකදහ්!”

මම අයියගෙ ඇගට කඩන් පනින්න වගෙ මොකද ඇහුවම ඌ ඇස් දෙකත් ලොකු කරන් මම දිහා බලන් ඉන්නවා.

“තමුසෙ කාත් එක්කද ආවෙ. බයික් එකක සද්දයක් ඇහුනා.”

“යාලුවෙක් ගෙනත් දාල ගියා.”

“යාලුවෙක්? ම්ම්ම්. තිදස්! ඊයෙ….. මේ…මෙ-“

“අනෙ මේහ් ඊයෙ වගෙ මහ රෑ අපිට වද දෙන්න ගත්තොත් එළියෙ තියනව අනිත් දවසෙ.”

මම අයියට රවල ගස්සගෙන කොන්දත් අල්ලන් පඩි පෙල නගිද්දි අයියා ලාවට හිනා වෙනව වගේ දැක්කා. පම්කය මොකද දන් නෑ හිනා වෙන්නෙ. මම වොෂ් එකක් දාගෙන එද්දි රාදෙව් අයියා ගෙදර ගියා කියල මට මැසේක් එකක් තියල තිබුණා. මම ඒකට පිට් රියැක්‍ට් එකක් විතරක් දාල ඇදට වැටුනෙ ටිකක් නිදා ගන්න. ආයෙ නැගිටිද්දි හතරත් පහු වෙලා. තාත්ත එන්නෙ දැන් සතියකින් විතර තමා. අමේලි අම්මා ඉන්ස්ටග්‍රෑම් ස්ටොරි එකක් දාලා තාත්තගෙයි එයාගෙයි බීච් සයිඩ් හොටෙල් එකක ඉන්න එකක්. මම තාත්තට කෝල් එකක් ගන්නවද නැද්ද හිතල. ආයෙම ෆෝන් එක පැත්තකට දැම්මෙ එයාලට ඩිස්ටර්බ් කරන්න ඕනෙ නැති නිසා.

රෑට කෑම කන්න පහලට ගියපු වෙලාවෙදි අයියා මාත් එක්ක කතා කරන්න ට්‍රයි කරත් මම ඌව ඩෝන්ට් කෙයාර් සීන් එකේම ඉදල කාලා මගෙ රූම් එකට ආවා. මම ඇවිත් ටිකක් වෙලා ඉදලා පාඩම් කරන්න ගත්තා. ටිකකින් ‍රූම් එකේ දොරට තඩිබාන සද්දයක් ඇහෙද්දි මම ගිහිම් දොර ඇරියෙ සීතා අම්මා කියල හිතාගෙන.

“ඇයි?”

“මම ඇතුලට එන්නද?”

“ම්ම්”

ඇවිත් තිබුණෙ අයියා වෙද්දි මම ඌට කාමරේ ඇතුට එන්න දොර ලගින් අයින් වුණාම ඌ ගිහිම් මගේ ඇදේ කොනකින් වාඩි වුණේ බිමට  වැටෙන්න ඔන්න මෙන්න ගානට.

“ඇයි?”

“සොරි.”

“මොකටද?”

“ඊයේ…”

“චහ්! අල්ලල දානව හලෝ ඕවා මොනවද?”

“ම්ම්ම්ම් සොරි!”

“දැන් එක සැරයක් කි-“

“ඊයෙ දේට නෙවෙයි තිදස් හැමදේටම සොරි කිව්වෙ.”

“මට තමුසෙගෙන් වැරද්දක් වෙලා නෑ. නිකම් සොරි ගාන්න ඕනෙ නෑ. “

“……….”

“වෙන කියන්න දෙයක් නැත්තම් යන්න.”

මම ගිහිම් පුටුවෙන් වාඩි වුණාම අයියා අතේ ඇගිලි ටික අනිත් අතින් ගුලි කරගෙන බිම බලා ගත්තා. මූට මක් වෙලාද යකෝ මේ. මූ මොකක් හරි ලොකු අව්ලක ඉන්නෙ. මට අහන්නත් හිතෙනවා.

“තමුසෙ අව්ලෙන් ඉන්නෙ ඇයි. අනිත් එක උරහිස තුවාල කරගෙන තිබ්බෙ මොකද ?”

අයියා කලබලෙන් බය වෙලා වගේ මම දිහා බැලුවම මම ඇස් චූටි කරල ඌ දිහා බැලුවම ඌ ආයෙම බිම බලා ගත්තා.

“ඔයාට ප්‍රශ්නයක් නම් මාත් එක්ක කියන්න පුළුවන් .මාව මල්ලි විදියට දකින්න බෑ නම් , යාලුවෙක් කියල හිතන්න.”

“……………………..”

“මම බල කරන් නෑ නිකම් ඇහුවෙ. සෙල්ෆ් හාර්මින් කියන්නෙ හොද දෙයක් නෙවෙයි. ඕනම ප්‍රශ්නෙකට උත්තර තියෙනවා. අපි ප්‍රශ්නයක් ඇතුලෙ ඉදගෙන හිර වෙලා බලනවට වඩා. ඒක පිටින් බලද්දි හෙන සරලයි. ඒ නිසා ඕනවට වඩා ස්ට්‍රෙස් වෙන්න එපා.”

මම කියවන් යද්දි අයියා බිම බලාගෙනම ඉදල මම කතා කරල ඉවර වුණාම මම දිහා බලල පොඩි හිනාවක් දුන්නා. මෙච්චර කාලෙකට මූ මාත් එක්ක හිනා වුණ පලවෙනි වතාව මේක වෙන්න ඇති. මමත් තරහ මරහ අමතක කරල ඌ එක්ක සුට්ටක් හිනා වුණා. මුළු ලෝකෙම කඩන් වැටිච්ච ගානට ඉදපු අයියගෙ මූණෙ චූටි බලාපොරොත්තුවක සේයාවක් ලාවට ඇදිලා යන දිහා මම බලන් හිටියා.

“ඒක නෙමේ හලෝ. කව්ද සුදූ කියන්නෙ.”

“ආහ්! ම් …. මොහ්…….මොන කව්ද කි…කි…..කිව්වෙ.”

“ඇයි ඊයෙ සුදූ ඉල්ලලා ඇඩුවේ.”

“පිස්සු.!”

එක ඇහුවම නම් ඩයල් එක හොදටම කලබල වුණා. මටයැ තොටනෙ පිස්සු වසලයා!. අයියා සාක්කුවෙන් චොක්ලට් බාර් එකක් අරන් ඒක මගේ මේසෙ උඩට විසික් කරලා කාමරෙන් එළියට ගියා නෙවෙයි දිව්වා.. ම්ම්ම්ම්ම්ම් කුමක් හෝ හොරයක් තියෙනවා. මම සැක කලෙමි මම දැන ගතිමී……
එකාතකින් මට මොකටද අනුන්ගෙ පුණ්ඩ. මම අරූ මට පගාවට දීල ගිය චොක්ලට් එක කඩල කෑල්ලක් කටට දාගෙන පාඩම් කරන්න ගත්තා.

සිකුරාදා උදේ ස්කූල් එකට ආවා විතරයි සිත්රුගෙ ෆාතිමා අඩෝවැඩියාව පටන් ගත්තා.

“අනේ තිදස් තාත්තීඊඊඊඊඊඊඊ. අරකිට බෑමලූඌඌඌඌ”

“අනේ ශර්ට් එකේ නම් හොටු ගාන්න එපා. අපෝ……. උදේ පාන්දර මල මූසලකමට අඩන්න එපා……බන් සැක්! අහකට පලයන්………..”

මම සිත්රු තල්ලු කරල දාල ඊශ්වරයව හෙව්වා. මෙන්න යකෝ මූ ක්ලාස් එකේ දොර බදාගෙන කල්පනා කරනව ශුවර් එකට සියොත් අයියා එක්ක වලිදාගෙන වෙන්න ඇති. සියොත් අයියා ගේට් එක ළග හිටියෙත් එච්චර මූණ හොදකින් නෙමෙයි. එහෙමයි කියල මට ඒවා අහන්නත් බෑ ඌ කිව්වොත් ඇරෙන්න.

“ඕයි ඊශ්වරයා මෙහෙ වරෙන් ඔය දොර එක්ක ඇමිනෙන්නෙ නැතුව.”

“මොකෝ”

“මොකෝ දැන් එල්ලන් ඉන්නෙ.”

“පොඩ්ඩක් අව්ල් ඒයී.”

“ම්ම්ම්ම්ම්ම්ම්. මොනා හරි ඕන වුනොත් කියපන් ඊශ්. ඕන දේකට මම ඉන්නවනෙ උඹට.”

“දන්නව මැණික් කැටේ… සියොත් අයියා ගැන කල්පනා කරේ. එයාගෙ අම්මා ලෙඩ වෙලා කියල එයා අව්ලෙන් ඉන්නෙ එතකොට මටත් හිතට හරි නෑ.”

“ම්ම්ම්ම්. ආන්ටිට ඉක්මනට සනීප වෙයි. බය නැතුව ඉන්න කියපම්.”

අද දවසම ඉතින් ආර්ට් ෆෙස්ටිවල් එකේ ඩෙකරේශන්ස් වලට යට වෙලා තමා ඉන්න වෙන්නෙ. අනේ යකෝ කවදා කාපු කටුද මේ. කලින් ස්කූල් එකේ පිපෙට්ටුවෙක් වෙලා ඉදල වත් මෙච්චර වැඩ කරේ නැහැ වලාමේ. ස්කූල් ඉවර වෙලා මම ඔඩිටෝරියම් එකේ බිම පැදුරක් දාගෙන  ‘කලා 20##’ කියල සෘජුෆෝම් වලින් කපපු අකුරු පේන්ට් කර කර හිටියේ. ඒ අස්සෙ අනූර්ථ අයියා සව්න්ඩ් සිස්ටම් ටික චෙක් කරන්න ඊශ්වරය ඇදගෙන ගියා. ඌ නම් මෙව්වා කරන්නම ඕන කොහොමත් ඌ ඉතින් අලුත් ප්‍රිෆෙක්ට් ලිස්ට් එකේ ඉන්න එකානෙ. ප්‍රිෆෙක්ට්ලයි ඕර්ගනයිසර් ටීම් එකයි බරටම වැඩ. මෙච්චර වැඩ අස්සෙ රාදෙව් කාරයා ලෝකෙන්ම වාශ්ප වෙලාද කොහෙද . සියොත් අයියා දැන් දෙපාරක් කෝල් කරලත් ආන්සර් කරේ නෑ. ඌ ගියා අපි දෙන්නගෙ අයිටම් එකේ ඇදුම් අරන් එන්න. සිරාවටම මට ඔසරිය අදින්න වෙයිද ඉතින් හරි කැතයිනෙ වැඩේ. නරි බෑනට චීත්තෙයි හැට්ටෙයි අදින්නෙ කොහොමද කියල මම දහ අතේ කල්පනා කරන්නෙ මට මේ ටිකේ හරියට නින්ද යන්නෙත් නෑ මේ මගුල් නිසා හුත්ත!

“වාසු! ඕයි !”

“ආහ්! ඕ මොකද “

“උබ නම් අනේ මන්දා. කොයි වෙලාවෙ බැලුවත් මනෝ ලෝක වල. වරෙන් කොස්ටියුම් එක ගෙනාවා ෆොටෝන් කරල බලල අඩු පාඩු බලන්න ඕන.”

“ඉන්න ඉතින්. අතේ පේන්ට් නෙ සෝදන් එන්නම් ටික් ගාලා.”

“ටික් බැරි නම් ටුක් ගාල හරි වරෙන් මම යනවා.”

රාදෙව් කාරයා කොහෙදෝ ඉදන් බෑග් දෙකකුත් උස්සන් ඇවිත් මට කෑ ගහනව මෙතන හුහ්!. මම අත් දෙකත් සෝදන් ඔඩිටෝරියම් එක ස්ටේජ් එක පිටි පස්සෙ තිබුණ චේන්ජින් රූම් එක ඇතුලට යද්දි සියොත් අයියා විසිල් එකක් ගහල හෙන කාඩ හිනාවක් දැම්මම මම ඌට රවලා චේන්ජින් රූම් එකට රින්ගුවා. මල හත්ති හුත්තයි කිව්වලු.

අනේ තාත්තේ…… මුගේ කදහ් යකෝ.

මම දොර වහල අනිත් පැත්ත හැරුණා විතරයි රාදෙව් අයියා කලු පාට වේශ්ටියක් විතරක් ඇදන් ශර්ට් එක අතේ තියන් මම දිහා හැරිලා බැලුවම මම දොරට හේත්තු වෙලා ඌ දිහා කන්න වගේ බලන් හිටියා. ජිම් ගිහිම් ගිහිම් ලස්සනට කට් වෙච්ච සික්ස් පැක් එකක් , ගානට මේන්ටේන් වෙලා තියෙන ශෝල්ඩර් , බයිසෙප්ස් දැක්කම් මට තඩි කෙල ගුලියක් ගිලුනා. අනේ මම උගුඩුවා වගේ මූ දිහා බලන් ඉන්න එක නෝට් වෙලාද කොහෙද ඌ මට නෝන්ඩි හිනාවක් දුන්නම මම යතා තත්ත්වෙට පත් වෙලා ඌට රවල බැලුවා.

“මොකද රවන්නෙ ,මදි වගේද.?”

“මොහ්- මොකක්?”

“ඇග, මගෙ බොඩිය මදිද කියල ඇහුවෙ.”

“අනෙ මෙහ්. බොඩි අදින්න තමුසෙ කෙල්ලෙක්ද. අනික මට මොකටද තමුසෙගෙ ඇගෙන්. චුප් චුප් එහාට එහාට. කෝ දෙනවා මගෙ ඇදුම.”

රාදෙව් අයියා හිනාවක් දාල මගෙ අතට ඉටි බෑග් එකක් දුන්නම, මම අනිත් පැත්තට හැරිල ශර්ට් එක ගලවලා පුටුවක් උඩින් දැම්මා. දැන් කොහොමද කියපන්කෝ මේක අදින්නේ…….හුත්ත!.
සුදු පාට පසුබිමේ ගෝල්ඩ් කලර් ලයින් එකක් ගියපු වේශ්ටියට කලු පාට කුර්තා එක. කව්ද යකෝ කොස්ටියුම් තෝරපු ගෙවලයා.. මම සුදු දිග කලිසම උඩින්ම වේශ්ටිය පටල ගන්න හැදුවට හරියන්නෙ නැති පාර තොලත් පව්ට් කරන් රාදෙව් අයියා දිහා බැලුවම ඌත් මම දිහා කන්න වගේ බලන් ඉන්නවා. යකෝ තොට වගෙ ජිම් ඇගක් නෑ. පුපක් විතරයි තියෙන්නෙ හුත්ත.!

“මේ…..මේ…. අයියෙ ඔහේ ඕක තනියෙන්ද ඇද ගත්තෙ.”

“ඔව්.”

“කව්ද ඕයි මේ මගුල් තේරුව හරකා අයියෝ…..ඇමිනෙනවනෙ ඉතින් .”

“මියුසික් ටීචර්, උබට ඕක ඇදගන්න බැරුව ඒ මනුස්සයට බනින්න එපා. බෑ නම් ඒක කෙලින් කියපන්කො ඇඹරෙන්නෙ.”

“ඒක කෙලින්.!”

“ඈහ්!”

ඊයා ඊයා හුප්තගෙ කැත හිත. රාදෙව් අයියා ඇස් දෙකත් ලොකු කරන් මම දිහා බලල මගෙ කලිසමේ බල්ක් එක දිහා බැලුවම මම අතේ තිබ්බ වේශ්ටිය ඇග වටේ ඔතා ගත්තා. ඊව් අසහනකාරයො හැම තැනම. ඔවෑක්!
රාදෙව් අයියා සෝ ඩන් ලුක් එකක් දාල මගෙ දිහා බලල වේශ්ටිය අන්දල මාව වටයක් කරකවලත් බැලුවා. ඌ සුදුපාට කුර්තා එකක් ඇදින්න ගත්තම. මමත් කලු පාට කුර්තා එක දාගෙන රාදෙව් අයියා පැත්තට හැරුවා.

“ඔහ් ! වාව්!”

“ලස්සනයි.!”

මම රාදෙව් අයියා දිහා බලල වාව් කියද්දිම රාදෙව් අයියා මම දිහා බලන් ඉදල ලස්සනයි කිව්වා. මගෙ මූණට ලේ පිරිලා රතු වෙන්න ගන්නකොටම මම බිම බලා ගත්තා. අයියා මගෙ කොන්ඩෙ එක අතකින් අව්ල් කරගෙන් ඇදුම් මාරු කරන් එළියට ගියා. එතකොටම ටේබල් එක උඩ තිබුණ ෆෝන් එකක නොටිෆිකේශන් සද්දයක් ආවා. iphone 15 pro max, ඒක රාදෙව් අයියගෙ ෆෝන් එක කියල මම දැක්ක ගමන් අදුරගත්තා. ඩිස්ප්ලේ එකේ ,
Sweetie ❤💫 කියල සේව් කරපු නම්බර් එකකින් ආපු මැසේජ් එකක් කියල දැක්කම මගෙ පපුව අසාමාන්‍ය විදියට ගැහෙන්න අරන් අත් වෙව්ලන්න ගත්තා. මම වෙව්ලන්න ඇගිලි පාලනෙ කරන් ෆෝන් එක අතට අරන් බැලුවා. සුදු පාට ටෙඩිබෙයාර් කෙනෙක් ප්‍රොෆයිල් පික්චර් එකට වැටිලා තිබුණා.

Gedara gihim message ekak danna baba. Mama oyata ra wela call karannam.

කියල මැසේජ් නොටිෆිකේශන් එක පෙන්නද්දි මම දඩස් ගාල ෆෝන් එක මෙසෙ උඩම අත ඇරලා එතන තිබුණ පුටුවෙන් වාඩි වෙලා මම සන්සුන් වෙන්න උත්සාහ කරා.
Its ok තිදස්, රාදෙව්ට මොකා මැසේජ් කරත් උබට වැඩක් නෑ. ඌට ක්‍රශ් එකක් ඉන්නව කියල දැන දැන තමා උබ විකාර හිතුවෙ…… ආශ්……. මම මටම කතා කර ගන්න ගමන් එක එක බොරු වලින් මගේ හිත රවට්ට ගත්තා.
මම ඉක්මනට ඇදුම් මාරු කරන් එළියට ගියෙර් ගෙදර යන්න. තවත් මෙතන ඉදල මම පිස්සු කෙලියොත් ඉවරයි. මම බෑග් එකත් අරන් ඔඩිටෝරියම් එකෙන් එළියට ආවෙ එතන ඉදපු කාටවත් යනව කියන්නෙ නැතුවමයි.

මම දුවගෙන ගිහිම් බස් එකක එල්ලිලා. ඉඩ තිබුණ ශීට් එකකින් වාඩි වෙලා ජනේලෙට ඔලුව තියා ගත්තෙ. ඔලුවෙ කැක්කුම එක දෙක වෙන්න ගනිද්දි. ඇයි දැම් මම පැනික් වෙලා ආශ්…… සිරාවට මම මොකද්ද මේ කරන්නෙ. මට අදාල නැති දේකට වද වෙන්නෙ ඇයි ඔලුවෙ එක පැත්තක් කියද්දි ඔලුවෙ අනිත් පැත්ත කිව්වෙ වෙනම කතාවක්. උබ ඌට කැමති නිසානෙ උබ අව්ල් වෙන්නෙ කියල හිතෙද්දි මම ඔලුව ගසාගෙන ඇස් තද කරල වහ ගත්තා. අන්තිමට බස් එකෙන් බැස්සෙත් ගෙදර ලග හෝල්ට් එක පහු කරන් ගියාටත් පස්සෙ. මම ඒ ටික දුරත් ගෙදරට යනකම්ම පයින් ඇවිදන්ගියේ රූකඩයක් ගානට.

ඇත්තටම මම මේ ස්කූල් එකට ගියාට පස්සෙ අර හැගීම් දැනීම් නැතිව ගෙවපු සොම්බි ජීවිතෙන් ටිකක් දුරට මිදිලා සාමාන්‍ය මනුස්සයෙක් විදියට වෙනස් වෙන්න ගත්ත හේතු අතරෙ රාදෙව් අයියත් හිටියද කියල මම නොසෑහෙන්න කල්පනා කරා. මම බෑග් එකේ පටිය අතට පොඩි කර ගත්තෙ හිතේ තියෙන නොසන්සුන් ගතිය පාලනේ කරගන්න. ඇස් දෙක දන්න අරන් උගුරෙ මොනව හරි හිර වෙලා වගේ දැනෙන්න ගනිද්දි මම පාර අයිනෙම නැවතුනා. මේ ජීවිතේට මට මෙහෙම ෆීලින් එකක් දැනුනාමයි.

ශිට්! මට හෙන අමාරුයි රාදෙව් අයියේ.

මම ගෙදර ඇවිත් පැයක් විතර නා ගත්තේ හිතේ හැගීම් සේරම වතුරට ගහගෙන ගියා නම් හොදයි කියල හිතෙද්දි. ගෙදර එද්දි සාලෙ සෝෆා එකට වෙලා පත්තරයක් බල බල ඉදපු තාත්ත දිහා වත් නොබල කාමරේට ඇවිත් penadol  දෙකක් එක්ක piriton ටැබ්ලට් එකක් බීලා ඇදට වැටිලා නිදා ගත්තෙ කිසිම වැඩක් කරන්න වත් හිත එක තැනක නැති නිසා. තාත්ත වත් අඩුම කතා කරා නම් හිස් වෙච්ච හිතේ එක තැනක් හරි පිරෙයි කියල හිත කිව්වත් මම ආයෙම ඇස් පියා ගත්තෙ ඔක්කොම එපා වෙලා.

උදේ නැගිටල ෆෝන් එක බලද්දි තමා රාදෙව් අයියගෙන් ආපු මිස් කෝල් විස්සයි ඊශ්වරයගෙන් ආපු මිස් කෝල් මැසේජ්ස් දැක්කෙ.
ඊයෙ එද්දි කියල ආවෙත් නැති නිසා ඌ කලබල වෙන්න ඇති. ගෙදර ආවෙ ඔලුවෙ කැක්කුමක් ආපු නිසා කියල ඊශ්වරයට මැසේජ් එකක් දාලා. අඩ ක්ලාස් එන්නෙත් නෑ කිව්වෙ අද ගියත් වැඩක් වෙන එකක් නෑ කියල හිතුන නිසා. මම රාදෙව් අයියට නම් කෝල් බැක් කරන්න ගියේ නෑ.

“හෙලෝව්..”

“මොකද්ද පගෝ වෙලා තියෙන්නෙ ඇයි ක්ලාස් එන්න බෑ කියන්නෙ.”

“අපෝ කෑ ගහන්න එපා යකෝ. මගෙ ඔලුව රිදෙනව ඊයෙ ඉදන්. මහන්සී බන් .”

“ඕ මට පේනවා උබට ඊයෙ හවස ඉදන් ඔලුවෙ කැක්කුමක් දීල කියල කව්රු හරි .අදට ඉදපන්කො එහෙනම් උබ. “

“එහෙම මගුලක් නෙවෙයි සිරාවට ලෙඩ වෙලා ඉන්නෙ. ක්ලාස් පලයන් උබ. බායී….”

මම ඊශ්වරයගෙ කෝල් එකත් කට් කරල තව ටිකක් නිදා ගත්තෙ හැමදාම මෙහෙම චාන්ස් එන්නෙත් නැති නිසා. සෙනසුරාදා දවසෙම මනෝ ගහන් පැය විසි හතරක්ම කාලකන්නියෙක් වගේ ගෙවල දැම්මෙ. මට මොකද්ද මේ වෙලා තියෙන්නෙ කියල හිත හිත. වත්ත වටේ ඇවිදින මාව දැකල  සීතා අම්මත් මගෙන් කීප සැරයක්ම ඇහුවෙ මම පිට සක්ලවයෙක් වගේ එකම තැන කැරකෙන නිසා වෙන්න ඇති.

ඉරිදත් ක්ලාස් යන්නෙ නැතුව ගෙදර නැවතින්න වුණේ පෙරේදා ඉදන් ගත්ත බොරු ලෙඩ වලට හරියන්න ඇත්තටම උන හැදුන නිසා. අන්තිමට තාතගෙන් හොද බැනුම් දෙක තුනකුත් අහගෙන අනිල් එක්ක ගිහිම් බේත් අරන් ආවා. මම ඇදෙන් එළියට ඔලුව දාගෙන කකුල් දෙක බිත්තියට ගහගෙන කර්ට්න් අස්සෙන් පේන අහස දිහා බලන් හිටියා තරු පිරිල තියෙන අහස දැක්කම මේ දවස් දෙක තුනේම හිනා කදුලක් නොතිබ්බ මගේ මූණට ලා හිනා රැල්ලක් ඇවිත් තිබුණා. මට මම ගැන පුදුමත් හිතෙනවා. කර්ට්න් එකක් අස්සෙන් පේන තරු පිරුණු අහසකින් මනුස්සයෙක්ගෙ මූණට හිනාවක් ගේන එක හරි අමුතු වුණත් ඒක හෙන ලස්සන හැගීමක්.

මම ඇස් දෙක පියාගෙන මගෙ හිතට වද දෙන වදකාරයව මතක් කරා. හිනාවෙද්දි ළාවට රැලි ගැහෙන ඇස් අගිස්, චූටි වෙලා යන ඇස්, ඒ කලු පාට ගැඹුරු ඇස් වලින් මම දිහා බලන බැල්ම. හැම වෙලාවෙම එයා ලගින් එන Dior පර්ෆියුම් සුවද මික්ස් වෙච්ච පිරිමි සුවද . මේ හැම ඩීටේල් එකක්ම පොයින්ට් එකට මතක තියෙන්න තරම් මම එයා දිහා මෙච්චර අවදානෙන් බැලුවෙ කවද්ද. ආශ්…………… මම කොට්ටෙ ඇදල අරන් බැල්කනි එක පැත්තට විසි කරාම එකේ ජනේලෙ වැදිල ඩොග් ගාල බිමට වැටුනා. එතකොටම ෆෝන් එක රින් වෙන්න ගත්තා .

HP asuraya.🧝 Calling …..

ආන්සර් කරනවද නැද්ද කියල හිත හිත ඉදල කෝල් එක කට් වෙනකම්ම ඉදල ෆෝන් එක පැත්තකට දාල මම නිදා ගන්න හදද්දි මැසේජ් එකක් ආවා.

ටින්!

Ub mage iwasima pannuwa wasu , ubata dn mawa maga arinnane one. Oky! Karala balapan sudu.. whatever ubawa ahu una gamn kana palanawa.

පලයි පලයි කනම😪

ගිහිම් එන්නම් මල් පාත්ති ළමයිනේ………..
සුභෝදෑසනාක්…….
ඊයේ දෙන්න හිටියෙ  but මම පාඩම් කරා හලෝලා😪

මම ඔයාලගෙ දාස්🍃🐳 …….

ගුන.බුස.ttc.mrcc.bcd.bdsm
පාත්ති පණු ඕතරී බුජි.
02.06 Am

          

Tags: read novel Kapuru. | À¶Šà¶´À·”À¶»À·”. කපුරු 20🍃, novel Kapuru. | À¶Šà¶´À·”À¶»À·”. කපුරු 20🍃, read Kapuru. | À¶Šà¶´À·”À¶»À·”. කපුරු 20🍃 online, Kapuru. | À¶Šà¶´À·”À¶»À·”. කපුරු 20🍃 chapter, Kapuru. | À¶Šà¶´À·”À¶»À·”. කපුරු 20🍃 high quality, Kapuru. | À¶Šà¶´À·”À¶»À·”. කපුරු 20🍃 light novel, ,

Comment

Leave a Reply

Chapter 21