Kapuru. | À¶Šà¶´À·”À¶»À·”. කපුරු 21🍃

A+ A-

දැන් මූ මගෙ කන පලන්නෙ මගුලටද, මට දුක අස්සෙ තරහත් එක්ක. එක දිගට රින් වෙන ෆෝන් එක අරන් පොලවෙ ගහන්නත් උස්සල ආයෙම ඇදේ කොනටම විසි කරල ඇස් පියාගත්තෙ තරහටමයි. හිත ගලක් කරන් හිටපු මනුස්සයට අර රාදෙව් කාරයා මොන රෙද්දක්ද මේ කරේ. මමත් මනුස්සයෙක්නෙ දෙවියනේ. හිතක් පපුවක් නැති එකෙක් වගේ හිටියට. ඉස්සර අම්මගෙ ආදරේ විතරක් ඉල්ලලා හැමදාම අඩපු මගේ කදුලු එන්න එන්නම නැති වෙලා ගිහිම් අන්තිමට මම ගොලු වෙලාම ගියා. මිනිස්සු අඩනවට වඩා භයානකයිලු මිනිස්සු අඩාගන්න කදුලක් නැතුව ගොලුවෙන එක. ආයෙත් ඔලුව හිරි වැටීගෙන ගිහිම් ඇස් දන්න ගනිද්දි මම ඇදෙන් නැගිටල බාත්රූම් එකට ගියේ මූණ සෝදගන්න, මම බාත්රූම් එකෙන් එළියට ආවෙ මූණ රතු වෙනකම්ම පොඩි කරල මූණ සෝදගත්තට පස්සෙ.

“චහ්!.”

ලයිට්ස් ඕෆ් කරල නිසා කලුවරේම රූම් එකට ආපු මම මේ දවස් ටිකේම අස් නොකරපු රූම් එකේ බිම වැටිල තිබුණ වොලිබෝලෙට ඇද යටට යන්නම පයින් එකක් දුන්නා.මම බැල්කනි එක කලින් වහල තිබුණද නැද්ද හිතා හිතා තනියෙන් කතා කර කරම බැල්කනි එකට ගියේ දොර වහල දාල නිදා ගන්න හිතාගෙන.

“මම මේ මගුල කලින් වැහුවනෙ.මට දැන් පිස්සු හැදීගෙන එන්නෙ ශිට්!”

“ඒයිහ්! ආආආඅහ්!… කව්- ….ම්ම්ම්ම්….. බප්ම්ම්ම්”

රූම් එකට එද්දිම කර්ටන් අස්සෙ ඉදපු මොකෙක් හරි එක පාරටම මාව ඇදට තල්ලු කරල අතින් මගෙ කට තද කරල වහ ගත්තම මම පුළුවන් තරම්ම දගලල උගෙන් බේරෙන්න හැදුවත් ඌ කව්රු උනත් මුළු ඇගේම බර මට දීල තිබුණ නිසා මට නැගිට ගන්න තියා හෙල වෙන්න වත් බැරි වුණා. ආපු ශොක් එකට මුළු ඇගම වෙව්ලන්න ගනිද්දි ඇස් දන්න අරන් තත්පරෙන් ඇස් අගිස්සෙන් කදුළු බින්දු දෙකක් රූටගෙන ගිහිම් ඇදට වැටුනම. මම හරි අමාරුවෙන් හුස්ම ගත්තා. කන ලගට හුස්ම පාරවල් වැදෙන්න ගනිද්දි මම ඇස් තද කරල වහ ගත්තා.

“වාසූ!! රිලැක්ස් ඕකේ. මේ මම .. අත ගන්නම් කෑ ගහන්න එපා”

රාදෙව් අයියා! අනෙ හුත්තෝ තෝ මාව එක සැරේ මරපන් එක්කො. සැරින් සැරේ හුස්ම හිර කරල මරන්න හදන්නෙ නැතුව. රාදෙව් අයියා මගෙ කන ළගට පහත් වෙලා කියල. මගෙ කට වහල තිබුණ අත ගත්තා විතරයි .

“මොකද්ද හුත්තො මේකෙ තේරුම. එ..එක සැරේ මරල දාපන්. කහ්…රුම ගෙවනවට වඩා එක හොදයි. උබට මාව ජෝක් එ- හාහ්!…

තාමත් මගේ ඇග උඩට වෙලා මූණ දිහා බලම් ඉන්න රාදෙව් අයියට මම බනින්න හැදුවත් කියන්න ගිය දේ මගෙ උගුරෙම ගිලුනෙ. කට්න් පැනපු ඉකිය නිසා. හරි ! අවුරුදු ගානක් බැමි වලින් බැදගෙන හැගීම් පිට නොදා ඉදපු මගෙ ඇස් වලින් කදුළු වාන් දාන්න ගත්තම. මම මුකුත් නොකියම සිවිලිම දිහා බලාගත්තෙ දැන් මම කියවන්න ගත්තොත් වෙන්නෙ තව හිත රිදෙන එක විතරක් නිසා. බැල්කනි එකේ වීදුරු දොරෙන් පෙරිලා එන හද එළිය නිසා රූම් එක යන්තමට එළිය වෙලා තිබුණ නිසා මගෙ ඇස් ඉස්සරහම තියෙන රාදෙව් අයියගෙ මූණ මම ළාවට පෙනුනා. හැබැයි ඒ වෙලාවෙ එයාගෙ මූණෙ හැගීම් කියවගන්න තරම් ඒ එළිය මදි වුණා. මට පෙනුනෙ හැගීම් කෝටියක් විතර පුරවගෙන මගෙ දිහා බලන් ඉන්න රාදෙව් අයියගෙ ඇස් විතරයි. අහේතුකව මගෙ පපුව ඕනවටත් වඩා ගැහෙන්න ගනිද්දි, මම අත් දෙක රාදෙව් අයියගෙ පපුවට තියල තල්ලු කරත් ඒක හරි අසාර්ථක උත්සාහයක් වුණා.

“I’m sorry! I’m sorry! I’m sorry! I’m sorry!I’m sorry! I’m sorry! I’m sorry! I’m sorry! it was my fault…… baby…… please ….”

මම නැවත්තුමක් නැතුවම අඩන්න ගනිද්දි රාදෙව් අයියා කරේ මාව තවත් තදට තුරුල් කරන් මගේ බෙල්ල අස්සෙ මූණ තියාගෙන එක දිගටම සොරි කියපු එක. මට ඒ අස්සෙ තරහයිත් එක්ක වටේ ගිහිම් හොරි ගෑවම හරිද භල්ලෝ මම කවද්ද තොගෙ බබා උනේ . ඔව් ඔව් තොගෙ තමා වැරද්ද .කොච්චර හොදට හිටපු එකෙක්ද මම තෝ නිසා මම අඩනවත් එක්ක. හුත්ත !. මම හොටු රැල්ලක් සුරුස් ගාල උඩට ඇදගෙන ඇස් දෙක පිහ ගත්තම රාදෙව් අයියා ඉස්සිලා මගෙ මූණ දිහා බැලුවා.

“Baby……..”

“එහාට වෙන්න මට හුස්ම ගන්න බෑ.”

හුස්ම ගන්න බැරි තමුසෙ මෙහෙම මම ලග ඉන්න නිසා කියල නොකියා මම වීදුරුව අස්සෙන් පේන අහස දිහා බලාගෙන රාදෙව් අයියට එහාට යන්න කිව්වම රාදෙව් අයියා නැගිටල මට එහා පැත්තෙන් ඇදේ හාන්සි වෙලා මගෙ අතින් අල්ල ගත්තා.මම අත ඇදල ගන්න ට්‍රයි කරාට රාදෙව් අයියා අත තද කර ගත්තම මම ඌට ඕන මගුලක් කර ගනින් කියල පාඩුවෙ හිටියා. මුළු කාමරේටම එලාර් වොච් එකේ කටු කැරකෙන සද්දෙ ටික් ටික් ගාල ඇහෙද්දි තප්පර කීපෙකට අපි අතරෙ ලොකු නිහඩියාවක් තිබුණා.

“වාසූ..”

………….

“මාව මග අරින්න එපා බන් මට ඒක හරි අමාරුයි. මම කියල එකෙක් උබ නොදැන උන්න කාලෙට වඩා රිදෙනවා එහෙම වෙද්දි.”

මූ මේ මහ රෑ කාමරේට පැනලා කියවන වල් පල් මොනවද කියල මම පාඩුවෙ අහන් හිටියා. මට රාදෙව් අයියා එක්ක කතා කරන්න ඕනකමක් තිබ්බෙ නෑ.මම ඇස් දෙක වහගෙනම හිටියෙ මම දැන් මුගෙ මූන දිහා බැලුවොත් මම හැගීම් වලට වහල් වෙලා මක්ක කියවෙයිද කියල බයේ. ටිකකින් මගේ කම්මුලට එයාගෙ හුස්ම වැදෙද්දි මම එහෙමම එයාගෙන් ටිකක් ඈත් වුණා. මේක හොද නෑ. ඔව් හොදම නැති හැගීමක්. මට දැනුනෙ මට අයිති නැති දෙයක් මගෙ ළග තියා ගත්තා වගේ හැගීමක්.

“ඇයි ආවෙ.”

“උබ මාව මග අරිද්දි මට බයයි.”

“ප්ලීස් රාදෙව් අයියේ මෙහෙන් යන්න. මට කතා කර-“

“à·‚à·Š….. අහන් ඉදපම් උබට කතා කරන්න දෙයක් නොතිබ්බට මට කියන්න දේවල් තියෙනවා.”

………………..

“උඹ මාව මග අරින්නෙ ඇයි කියල මම දන්නෙ නෑ. වාසු. හැබැයි මට ඒක ඉවසන් ඉන්න බෑ.”

……………………

“මම මේක උබට කියන්න හිටියෙ දැන්ම නෙවෙයි ඒත් තවත් බලන් ඉදියොත් මට උබ නැති වෙයි කියල බයයි. නැතත් උඹ ඔහොම පිස්සු කෙලියොත් exam අනාගන්නවා. සිත්රු මට කිව්වා උබ ක්ලාස් ආවෙ නෑ කියලත්.”

“උබට ඒ මගුලවල් වැඩක් නෑනෙ අ-“

“à·‚à·Š….. කට වහන් අහන් ඉදපම්.”

රාදෙව් අයියා මොන මගුලක් කියවනවද කියල හිතා ගන්න බැරුව මම කටත් ඇරන් ඌ දිහා බලන් හිටියා. රාදෙව් අයියා මගෙ අත අරන් පපුව උඩින් තියා ගත්තා විතරයි මගෙ ඇස් ලොකු වෙලා ගියා. ඒක…. එයාගෙ පපුව හෙන වේගෙන් ගැහෙනවා දැනෙද්දි මම රාදෙව් අයියගෙ මූණ දිහා බැලුවා. මගෙ අත් වෙව්ලන්න ගනිද්දි මම අත මිටමොළවගත්තා. අපි ඉන්නෙ ගෙදර, ගෙදර අයට ඇහෙයිද කව්රු හරි එයිද කියල කිසි දෙයක් මම ඒ වෙලාවෙ හිතුවෙ නෑ. අර ඕනම කෙනෙක් ආකර්ශන කර ගන්න පුළුවන් එයාගෙ කලු පාට ගැඹුරු ඇස් වල , හැගීම් කෝටියක් විතර පිරිච්ච බැල්මක් මම අඩ අදුරෙම දැක්කම මටත් නොදැනිම මගෙ පපුව එයාගෙ වගේම වේගෙන් ගැහෙන්න ගනිද්දි මගෙ ඇස් ගැස්සුනා.

“රූකඩයක් වගේ ඔහේ ගෙවපු ජීවිතයක් තිබුණ මට බලාපොරොත්තුවක් ආවෙ උබව දැක්කම. ඉතින්,

මම උඹට ආදරෙයි නොකියා වෙන මොනවා කියන්නද වාසූ.”

“ඒක අද ඊයේ හිතුන එකක් නෙවෙයි. උබ, මම කියල එකෙක් දන්නෙවත් නැතිකාලෙ ඉදල හිතුන දෙයක්.”

“මට උබව ඕනෙ වාසු එච්චරයි .”

රාදෙව් අයියගෙ වචනත් එක්ක මෙච්චර වෙලා හැගීම් අස්සෙ අතරමං වෙලා ඉදපු මම කිසිම දෙයක් හිතා ගන්න බැරුව රාදෙව් අයියා දිහාම බලන් හිටියා.මම යකෙක් දැක්ක ගානට ගල් වෙලා වගේ හිටියෙ මේ වෙන කිසි දෙයක් මොලේට ප්‍රොසෙස් කර ගන්න බැරුව. මොන හේතුවකට මම දන්නෙ නෑ මගෙ ඇස් වල ආයෙම කදුළු පිරෙද්දිම රාදෙව් අයියා මාව ඇදල අරන් එයාගෙ අත් අස්සෙ හන්ග ගත්තම මට එයාව රිජෙක්ට් කර ගන්න බැරුව හරි අසරණ වෙලා ඒ අත් අස්සටම ගුලි වෙලා කදුළු වලට ඔහේ යන්න දුන්නා.

“මෙච්චර කාලයක් හිර කරන් ඉදපු කදුළු සේරම එළියට දාන්න. අදට මම ඔයාව නවත්තන්නෙ නෑ වාසූ. හැබැයි මම ආයෙ මේ ඇස් වලට කදුළු නොදී ඉන්නම්.”

රාදෙව් අයියා එහෙම කියල මගෙ නළලට තොල් තද කරද්දි මම එයාව මගෙන් තල්ලු කරලා දාල ඇදෙන් නැගිටා.

“මිනිස්සුන්ට බොරු පොරොන්දු දෙන්න එපා අයියේ මට මගෙ පාඩුවෙ ඉන්න දීපම්.”

“හරී රිලැක්ස් , වාසූ….. මම දන්නව ඔයා කැමති ගෑණු ළමයින්ට කියල ඒත් ඔයාගෙ ඇස් බොරු කරන්නෙ නෑනෙ. බේබි…. ප්ලීස්….”

මම ඇදෙන් නැගිට්ටම රාදෙව් අයියත් නැගිටල මගේ ලගට එද්දි මම එයාව අත් දෙකෙන් මගේ ලගට එන්න නොදී තල්ලු කරාම රාදෙව් අයියගෙ මූණ දුකෙන් බිමට බර වුණා.

“උබට මාව අප්පිරියයිද?”

“ඔව් මට අප්පිරියයි ඕයී. උබ වගේ ශිට්! “

එයා අප්පිරියයිද අහද්දි එකපාර උත්තරයක් දීගන්න බැරුව මම තත්පර ගානක් ගියා. රාදෙව් අයියා හරි දුකෙන් හිනා වෙලා මගෙන් අඩි දෙකක් පස්සට ගිහිම් මම දිහා බැලුවම ඒ ගැඹුරු ඇස් වල කදුළු පිරිල හද එළියට දිලිසුනා. ඇත්තටම ඒවට කදුළු ගැලපෙන්නෙ නෑ. ඒවට ලස්සන අර පුරුදු ආඩම්බරකමමයි.

“ම්.. ම..ම මම යන්නම් වාසු.”

“ඔව් පලයන් ගිහිම් උබෙ sweetie එක්ක ඕන මගුලක් කර ගනිම්. මම අප්පිරියයි කිව්වෙ උබ වගේ ඩබල් ගේම් ගහන උන්ව.”

“Oh! Seriously ! මොකද්ද තමුසෙ කිව්වෙ. හරියට දෙයක් දැනගෙන කතා කරපම් නොදන්න හුත්තවල් නිසා මගෙ ආදරේ දිහා පහත් විදියට බලන්නෙ නැතුව.”

මගෙ වචන වලට රාදෙව් අයියා පුදුම වුණත් ඊලග තත්පරේ අනිත් පැත්තට මාව තල්ලු කරන් ගිහිම් පිටි පස්සෙ තිබුණ බුක් ශෙල්ෆ් එකටයි එයාටයි මැදි කර ගත්තම මම වැලමිටෙන් රාදෙව් අයියා තල්ලු කරන්න හැදුවත් එයා හෙලවුණේ වත් නැහැ.

“උබ ඔය මාව මග ඇරියෙ මගෙ අක්කා නිසාද හරකෝ. මට අම්මා වගේ ඉන්නෙ ඒකි විතරයිනෙ බන් තේරුමක් නැති දේවල් හිතල හිත රිද්දගන්න එපා බන් sweetie කියන්නෙ අක්කට ගොන් හරකෝ අම්මප මට තරහයි බන් උබ එක්ක වෙලාවකට.”

රාදෙව් අයියා මගෙ උරහිසට ඔලුව තියන් වේගෙන් හුස්ම ගත්තෙ තරහ නිවෙන්න වෙන්න ඇති. එතකොට එදා මැසේජ් එක ආවෙ අක්කගෙන්ද. හුහ්! ඉතින් මම දන්නෝද. දවස් තුනක් තිස්සෙ පිස්සු කෙලියෙ තේරුමක් නැති මගුලකට කියල දැන ගත්තම නම් මට වක පුල දාගෙන මැරෙන්න හිතුනා. මම තොලත් හපාගෙන ජනේලෙන් එළිය බලන් ඉන්නකොට රාදෙව් අයියා මගෙ මූණෙන් අල්ලල එයාගෙ පැත්තට හරව ගත්තා.

“මට කියන්න එපා දැන් උබ මෙච්චර නැටුවෙ අක්කගෙ මැසේජ් එක දැකල කියලා. මට හිතුනා. ඒත් මම හිතුවෙ නෑ උබ මෙහෙම පිස්සු වලාමක් කියලා.”

හනේ දැන් නම් අපි ඉවරයි අයියේ…… මූ දැන් ඕක අල්ලගෙන මාව පල් කරලම දායි. මම ඌට රවල අහක බලා ගත්තම රාදෙව් අයියා මගෙ අත් දෙකෙන් අල්ලගෙන හෙන සීරියස් විදියට මගෙ මූණට එබුනා.

Baby………”

“I’m not perfect but I’ll always do my best to keep you happy, I want to show you what real love looks like and I want to give you the love I never got. I will always do my best because you deserve the world.”

Mmmmm so can i?

“අ.. අයි..යේ.”

“ම්ම්ම්ම්ම්”

……………

“ඔයාට කල් ඕනි නම් කමක් නෑ බේබී… අවුරුදු ගානක් බලන් ඉදපු මට තව බලන් ඉන්න පුළුවන්.”

රාදෙව් අයියා මගෙ ඔලුව අත ගාල කිව්වම මම බිම බලා ගත්තා. හනේ මට සැජ්ජයි යකෝව්…. එතකොටම රාදෙව් අයියගෙ ෆෝන් එක වයිබ්බ්‍රේට් වෙන්න ගත්තම රාදෙව් අයියා කෝල් එක අන්සර් කරේ එක අතක් මගේ වටේ යවල මාව පපුවට තදකරගෙනමයි. අනේ දෙයියනේ දැන් නම් මාව බ්ලස්ට් වෙන්න වගේ කිරි අත්තේ…… මම හිමින් සැරේ මුගෙ හූඩි එකේ හොටු ටිකයි කදුළු ටිකයි පිහිදගෙන. පපුවට මූණ ඔබාගෙන හිටියෙ බ්ලශ් වෙච්ච කම්මුල් දෙක හන්ග ගන්න.

“හෙලෝව් කියපම්.”

“එන්නෙ නැද්ද පකෝ. (ඉක්මනට එන්න කියපම් යකෝ මදුරුවො කනවා ඩෙංගුද දන්නෙ නෑ හුත්තෝ…… චටාස්!)”

“පොඩ්ඩක් ඉදපන්.”

“තොපි අදම හනිමූන් යනවද මෙච්චර වෙලා. (සිරාවට මම හිතුවෙ පොඩි මදාවියා අරූව කෑලි කපල ඇති කියලා)”

බිප්….බීප්………..

ෆෝන් එකෙන් සියොත් අයියගෙයි අනූර්ථ අයියගෙයි සද්දෙ ඇහෙද්දි මම ඇස් ලොකු කරන් රාදෙව් අයියා දිහා බැලුවම. ඌ කෝල් එක කට් කරල ෆෝන් එක සාක්කුවට දා ගත්තා. යකඩෝ දැන්නෙ මතක් වුණේ මූ කොහොමද රූම් එකට රින්ගුවෙ අඩෝ බැල්කනි එකට නැග්ගෙ කොහොමද යකෝ.

“අරුන් දෙන්නා එක්ක ආවේ. දැන් යන්න ඕන බබා. දැන් නම් තමුසෙ දාල යන්නත් ලෝබයි බන්.”

“තමුසෙ කොහොමද බැල්කනි එකට නැග්ගේ.?”

මම ඇසුත් ලොකු කරන් රාදෙව් අයියගෙන් ඇහුවම ඌ මහ කැත හිනාවක් දාල ඔලුව කැසුවා.

“අරුන් දෙන්නා මාව තාප්පෙන් උස්සල තිව්වම අඹ ගහට නැගල බැල්කනි එකට පැන්නා.”

“යකෝ අහු උනා නම් එහෙම. දැන් පලයන් ආපු විදියටම.”

“ම්ම්ම්ම් හෙට ස්කූල් එන්න.

රාදෙව් අයියා මගෙ නලලෙ පැත්තකට තොල් තද කරලා බැල්කනි එකට යද්දි මාත් උගෙ පස්සෙන් ගිහිම් පාර පැත්තට එබුනම. කලුවරේම ඉදපු ගුලි දෙකක් මට අත වැනුවා. වෙන මුක්කු වත් නෙවේ සියොත් අයියයි අනූර්ථ අයියයි. රාදෙව් අයියා බැල්කනි එකේ වැටට නැගල අඹ අත්ත අල්ලගෙන ඒකෙ එල්ලිලා අඹ ගහ දිගේ ගිහිම් තාප්පෙට නගිද්දි මම බැල්කනි එකෙ ඉදන් බලන් හිටියෙ හරියට හොරෙන් සුදාප්පච්චිව කාමරේට පන්න ගත්ත සුදාම්මියෙක් වගේ. කොහෙද ඉතින් දිග කොන්ඩයක් වත් තිබුණා නම් රාදෙව් අයියට ගස් බඩ ගාන්න ඕනෙ නෑනෙ. එහෙම උනා නම්. ” වාසූ….වාසූ….. නුඹේ කොණ්ඩය පහලට දාන්න” කියපු ගමන් වැඩේ ගොඩනෙ සැක්! මම මේ ජරමර අස්සෙ මොනවා හිතනවද මන්දා. රාදෙව් අයියා තාප්පෙන් පාරට පැනලා මට ෆ්ලයින් කිස් එකක් එව්වා විතරයි , සියොත් අයියයි අනූර්ථ අයියායි පැනපු ගමන් රාදෙව් අයියව බදේගෙන මිරිකන්න ගත්තා. යකෝ තාත්තට සද්දෙ ඇහුනොත් නම් මල මගුලයි මාව අදම කසාද බන්දයි. තුන් කට්ටුවම බයික් දෙකක් තල්ලු කරන් අපේ ලේන් එක දිගේ ගියේ ඕවා මෙතන ස්ටාර්ට් කරොත් සද්දෙට මුලු ලේන් එකේම මිනිස්සු අවදිවෙන නිසා.මම රූම් එකට ගිහිම් ඇදට වැටුනා.

අනෙහ් මගෙ දෙයියන්නෙහ්. මොකද්ද මේ උනේ. අඩෝ රාදෙව් අයියේ මම තව්සෙ නිසා හෙන බොලද වෙලා ඕයී………….
මම ඇදේ කකුල් දෙකත් ගස ගස තනියෙන් හිනා වුණා. එතකොට මූ අවුරුදු ගානක් ක්‍රශ් කරන් හිටියෙ මාවද. අනේහ් මට බෑ සාන්ත……. ඒ කියන්නෙ ….. එදා මම බයික් එකෙන් වැටුන දවසෙ හොස්පිටල් එක්කන් ගිහිම් තියෙන්නෙ රාදෙව් අයියද. මම එක සැරේම ඇදෙන් වාඩි වෙලා ආයෙම ඇදට වැටිලා කොට්ටෙ අස්සෙ මූණ ඔබා ගත්තා දැන් ඇදෙන් එන්නෙත් රාදෙව් අයියගෙ සුවද ආ……………….. අද නම් මම මැරෙයි සාන්ත.

අද පෝය නිසා මීට වඩා යමක් කරන්න අමාරුයි ළමයි😪.

ගිහිම් එන්නා…..ම්ම්ම්. මම ඔයලගෙ දාස්🍃🐳

මෙහි එන නම් ගම් හා සිද්දීන සියල්ල මනඃකල්පිතය.
කතුවරයාගෙ අවසරයෙන් තොරව උපුටාගැනීම තහනම්.

Tags: read novel Kapuru. | À¶Šà¶´À·”À¶»À·”. කපුරු 21🍃, novel Kapuru. | À¶Šà¶´À·”À¶»À·”. කපුරු 21🍃, read Kapuru. | À¶Šà¶´À·”À¶»À·”. කපුරු 21🍃 online, Kapuru. | À¶Šà¶´À·”À¶»À·”. කපුරු 21🍃 chapter, Kapuru. | À¶Šà¶´À·”À¶»À·”. කපුරු 21🍃 high quality, Kapuru. | À¶Šà¶´À·”À¶»À·”. කපුරු 21🍃 light novel, ,

Comment

Leave a Reply

Chapter 22