Kapuru. | À¶Šà¶´À·”À¶»À·”. කපුරු 22🍃

A+ A-

අද ඉතින් ස්කූල් එකේ ආර්ට් ෆෙස්ටිවල් සීන් එක නිසා මම වෙනදට වඩා ටිකක් වේලාසන ස්කූල් එකට දිව්වා. මම ඔඩිටෝරියම් එකට දුවල එතන වැඩ ටික සෙට්ල්ද කියල ලිස්ට් එක බලාගෙන ඒවට ටික් මාර්ක්ස් දාන ගමන් හිටියේ. රාදෙව් අයියත් පුප කැඩිච්ච කඩියා වගේ එහෙට මෙහෙට දුවන ගමන් මට මනමාල හිනාවක් දුන්නට මම ඌ දිහා නොබල ඉන්න සෑහෙන්න ට්‍රයි කරා.මූ ask out කරා විතරයි මම හෙනම කෝලමක් වෙලා මූ දිහා කෙලින් බලන්නම බෑ. බැලුව ගමන් වටේ පිටේ ඉන්න උන් කහින්නයි විසිල් කරන්නයි පටන් ගන්න නිසා මම රාදෙව් අයියව අදුරන් නෑ වගේ හිටියෙ.අනික මම තාම මූට කැමති කිව්වෙ නැහ්නෙ හුහ්!. ඒ අස්සෙ රාදෙව්ගෙ අගසව්වො දෙනමයි මගේ පව්කාර යාලුවොයි මට ඉගි බිගි කර කර හිනා වෙන්න ගත්තම් මම හිතුවා අනූර්ථ අයියයි සියොත් අයියයි නිව්ස් එක දීල කියල.

“කෝ යකෝ පොල් තෙල් පහන දල්වන්න ගෙනාපු ඉටි පන්දම.”

“කෝ සියොත්. මෙහෙ වරෙන් ලව් කර කර ඉන්නෙ තෝ නේද එනව්සර්.ඊශ්වර මල්ලි ඕකව අත ඇරපන්කො “

“ඕයි! සහන් මල්ලී කර්ට්නර් වල එල්ලෙන්න එප පගෝ කඩන් වැටෙයි.”

“මුන්ට නම් මදනය ගහල . ඔය ළමයි වාඩි කරවපල්ලකො බන් දැම් මේ මගුල පටන් ගන්න හදන්නෙ……”

අනූර්ථ අයියාගෙ කටේ සද්දෙට කන කීන් ගානවා. ඔක්කොම වැඩ ඉවර වෙලා ප්‍රෝග්‍රෑම් එක පටන් ගත්තම පොල් තෙල් පහන දල්වනකම් ඉදල මම ඩ්‍රෙසින් රූම් එකට පැන ගත්ත. රාදෙව් අයියා අද හෙනම ඩීසන් කියල හිතෙන්නෙ ඇයි දැම්. බ්ලෙසර් එක දාල නීට් එකට කොන්ඩෙ හදල බැජ් හෙන තොගයක් බ්ලෙසර් එකේ එක පැත්තක එල්ලගෙන. ආආආආආආආ………
සියොත් අයියගෙයි මීඩියා ටීම් එකේ රහීම් අයියයි එනව්ස් කරනව ඩ්‍රසින් රූම් එකට ඇහෙනවා.ආශ්! දැන් මම රෙද්දයි හැට්ටෙයි අදින්න ඕන කියල මතක් වෙද්දි නම් පුප හපන් මැරෙන්න හිතෙනවා. ඩ්‍රෙසින් රූම් එක ඇතුලෙ හෙනම යුද්දෙ. ළමයි අදිනවා… ටීචර්ස්ලා ළමයින්ට මේකප් උලනවා එකම කෙළියයි. මම ඉතින් උදේ ගෙදරින් එද්දි සීතා අම්මට කියල අයන් කරන් ආපු චීත්තෙයි හැට්ටෙයි අරන් හරි අමාරුවෙන් ඊශ්වරයගෙ උදව් ඇතිව පටල ගත්තා.

“ආහ් කොල්ලෝ…….. ආස්ක් අවුට් කරාලු නේතේ………”

“අනෙ නිකන් ඉදාන්කො රෙද්ද.”

“හරි හරි අපි නම් කලින් ඉදන්ම දන්නවා. හැබැයි අපි කිව්වෙ නෑ.”

“වේසාවො.! මේ උබට පුළුවන්ද මාව ගෑණියෙක් කරන්න.”

“හාහ් හා හා. ගෑනියෙක් නෙමේ මිනිහෙක් කරයි රාදෙව් අයියට වත් කිව්වා නම් අම්මෝ අම්මෝ”

“කෑ ගහන්න එපා යකෝව්. අනික මම ඌට කැමතිත් නෑ..එහෙම නෙමේ භල්ලෝ කිව්වේ…. මෙන්න මේ මගුල අන්දලා මේක් අප් එක කරල දියම් හරකා.”

“බොරුව එපා බන් බොරුව එපා………..

තිදස්! උබට කන්ෆිඩන්ස් තියේ නම් ලෙන්ස් ගලවල ස්ටේජ් නැගපන් කොල්ලෝ. අද අනිත් උන් කොහොමත් හිතන් නෑ ඒවා ඇත්ත ඒවා කියල.”

“ඒත් මචන්-“

“උඹට හැමදාම ඕක කරන්න බෑ. උබ ටික ටික ඔලුව හදා ගන්න ඕන කන්ෆිඩන්ස් ඇතුව. බය නැතුව මම කියනවට කරල බලපන් ඒවා ලස්සනයි මචන්.”

“ම්ම්ම්.”

මම ලොකු හුස්මක් පාත දාල ඊශ්වර දිහා බැලුවම ඌ මගේ ඔලුව අත ගාල හිනා වුණා. මම වටේටම කව්රු හරි ඉන්නවද කියල බලල ඉක්මනට ලෙන්ස් දෙක ගලවල ඊශ්වරය දිහා බලල බිම බලා ගත්තා. මට මේක නර්වස් නොවී අච්චර ඕඩියන්ස් එකක් ඉස්සරහ කර ගන්න පුළුවන් වෙයිද. ශිට්!

“ච්චහ්! එහෙම ලස්සනයි සුදූ. එනෝ ඕක අන්දන්න පුලුවන්ද බලන්න. උඹේ පුප අක්කරේ වගෙ නිසා හොදයි නැත්තම් ඉතින් හෙනම පස්නෙ.”

“කට වහන් ඔන්න ඕකට හැට්ට කටුවක් ගහපිය. කොහොමද ඕයි මේ කප් එක දාන්නෙ හැට්ටෙට මම කිව්වා උඹට පොල් කටු දෙකක් දාමු කියල “

“පොල් කටු දාන් නටන්න පුළුවන්ද පගෝ.. අනික එකම සයිස් පොල් කටු කොහෙන්ද. කට වහන් මේ කෑලි දෙක අල්ල ගනින් කටුව ගහන්න.

ඊශ්වරයට ඉතින් මෙව්වා හොදට පුරුදුයි වගේ හැට්ට වලට කටු ගහල. ඌ මගේ මූඩ් එක ෆික්ස් කරන්න එක එක කතා කිය කිය මට අන්දනවා. හැට්ටෙ පපුවට පොල් කටු දාමු කිව්වම මූයි මියුසික් මිසුයි මට එරෙව්වා. මුන්ට නම් මොකද සුපර්මාකර්ට් වලින් මේ කප් ඉල්ලන්න ගිහිම් කාපු කට්ට දන්නෙ මමනෙ. අපෝ දැන් නම් හෙනම අංගවිකලයි. ඔලුව ජපන් කද ජර්මන් වගේ හැට්ටෙයි චීත්තෙයි ඇන්දම. ඊශ්වරය මගේ හැට්ටෙට කටු ගහල ලොකූ වැඩක් කරල ඉවර වුණා වගේ ලොකූ හුස්මක් දාල වටේට හරවා හරව මගේ හැඩ බලද්දි මියුසික් ටීච ආවා.

“අයියෝ ඔහොමද චීත්ත අදින්නෙ. මෙන්න මෙහෙ එන්න ළමයා… මුන්ගෙ කට විතරයි.”

ඇග වටේට ඔතල වගේ ඇදපු චීත්තෙ දැකල ඔලුවෙ අත ගහ ගත්ත ටීච මාව ඇදල අරන් රැලි තියල ලස්සනට චීත්තෙ ඇන්දුවා. ටීචර් මට චුට්ටක් ඉන්න කියල තව ළමයෙක්ගෙ මේක් අප් එකක් කරන්න ගියාම මම බොරු කොණ්ඩෙත් උස්සන් ඊශ්වර ඉදපු තැනට ගියා.

“ඒහ් බටකොළ පදුරට ඉටි කොළ ගහල වගේද ඕයි. සැක් නේද බන්.”

“පිස්සුද බල්ලෝ තෝ කෙල්ලෙක් වුණා නම් මට straight වෙලා තෝව කසාද බැදගන්නත් තිබ්බා. බලපන් ඔක්කොමල උඹ දිහා බල බලත් යනවා ලස්සනට .”

“අනේ රෙද්ද තමා අප්පිරියයි භල්ලෝ…..”

“අන්න පලයන් මිස් කතා කරනවා. අර අක්ක බබාට කියලා මේක් අප් එක දාගෙන කතා කරපන් මම නරි කන් දෙක සෙට් කරන් එන්නම්”

මම ලා රෝස පාට මල් වැටිච්ච චීත්තෙයි රතු පාට හැට්ටෙකුයි ඇදන් කිසිම ලාලිත්‍යයක් නැතුව දාහකට ගහන්න වගේ මේක් අප් කරන්න ආපු අක්කා ලගට ගියාම ටීචර් අතින් කට වහගෙන හිනා වුණා.

“ඔහොම නම් ඇවිදින්න එපා තිදස් ලස්සනට ඇවිදින්න හරිද.”

මම ටීචර්ට smile in pain හිනාවක් දීල මේක් අප් එක දානකම් ඇස් දෙකක් වහන් හිටියා. ටිකකින් ලාටු උලනවා වගේ එක එක ඒව මගෙ මූණෙ ඉලුව අක්කා මට ඇස් අරින්න කියල හෙනම දිග එක්ස්ටෙන්ෂන් ඇලෙව්වා එතකොට තමා මම කන්නාඩිය දිහා බැලුවේ.අප්පට සිරී.. කව්ද බොලේ මේ ඇලිස්. කන්නාඩියෙන් මම මාවම දැක්කම තමා මට හික් ගෑවුණේ. ලස්සනයිනෙ යකෝ. දැන් නම් මට මාවම කසාද බැද ගන්න හිතෙනවා. මගේ කම්මුල් බ්ල්ශ් වුණාම මේක් අප් එක නිසා තවත් තදට පේන්න ගත්තම් මම සැලෝන් එකේ අක්කා දිහා බැලුවා.

“ඔහ් ගෝඩ්! මේ කොල්ලගෙ ලස්සන.ලෙන්ස් දාල නිසා ලස්සන ගර්ලිශ් ලුක් එකක් තියෙන්නෙ ඔයාට. දැන් නම් කෙල්ලෙක් වගේමයි මල්ලි. මෙහෙම මේක් අප් එකක් මම කරාමද කොහෙද.”

“අනේ යන්න අක්කා මට ලැජ්ජයි දැන්.”

ටීචර් කටත් ඇරන් මම දිහා බලන් ඉදල ආයෙ හිනාවෙලා මගෙ ඔලුවත් අත ගාගෙන එතනින් ගියා. හැමෝම වගේ ලෙන්සස් ලස්සනයි ඒව මැචින් කියද්දි කව්රුවත් ඒවට මූසලයි වත් අප්පිරියයි වත් අසුභයි වත් නොකියද්දි මම බිමටම බර වෙලා තිබුන ඇස් උස්සගෙන ඉන්න ට්‍රයි කරා. මම දාගෙන ඉදපු බොරු කොන්ඩෙට කටු ටික ගහල තද කර ගත්තෙ ස්ටේජ් එක මැදදි මේක කඩන් වැටුනොත් මල කෙලියක් වෙන නිසා. අනික පස්ස ලගට ගොතල දාපු කොණ්ඩෙ ඇවිදිද්දි පැද්දි පැද්දි පස්සෙ වදිනකොට ඒව් අනේ. ඉස්සරහින් කෑලි කෑලි මූණට දාල බඩ්ඩක් වගේද මන්දා.

“ඕයි ඕයි තිදස් මේ උඹද. අඩෝ අයි ලෙන්ස් ඕහ්හ්හ්හ්හ් සෙක්සි ආ……”

“හොව් හොව් තිදැස් තමා . වතුර එකක් දියන් මගෙ උගුරත් වේළිලා.”

“ආ නංගේ…………”

“නංගෙක් නෙමේ රෙද්ද අස්සෙන් හුංගෙක් පෙන්නන්න කලින් වතුර එකක් දියම්.”

“අඩෝ හුප්තෝ ලස්සන තොගෙ. ඇස් වහ ටිකක් පුච්චගනිම් ගෙදර ගිහිම්.

ආ. වතුර නෑ මේ කෝක් එක බීපම් උබට ගෙනාවෙ.”

ඒ පාර සිත්රු කොහෙද ඉදන් දුවගෙන ඇවිත් මගෙ එහෙන් මෙහෙන් අත ගාල බලන ගමන් කියවනවා. මුන්ට……. කෙල්ලෙක් නැත්තම් කෙල්ලෙක් වගේ ඇදපු කොල්ලෙක් වුණත් කමක් නෑ. මම සිත්රුව දුන්න කෝක් එකත් කටේ ගහන් දැන් දහ අතේ කල්පනා කරන්නෙ මම කොහොමද සමාජෙට මූණ දෙන්නෙ කියල. සැක් ! රාදෙව් කාරයත් මෙහෙම දකීනෙ මාව. කොහොමද දෙයියනෙහ් හෙට ඉදන් ස්කූල් එන්නෙ.

“අනේ බන් මට බෑ එළියට එන්න.”

“අනෙ මේ උඹ මොකෝ මේක ඇතුලෙ නටන්නද පිස්සු කෙලින් නැතුව ඉදපන් බලපිය හැඩ උබේ. මගෙ ආරතී කැලේනෙ යකෝ.”

“Who is arathiii?”

“මගෙ දරුවන්ගෙ අම්මා බන්.”

“What the fuck ඕයි ඕයි!”

මම හැක හැක ගාල අතින් කටත් වහන් පපුවත් අනිත් අතින් අල්ලගෙන හෙනම dramatic විදියට හිනා වෙන්න ගනිද්දි හදිස්සියෙම ඩ්‍රෙසින් රූම් එකේ දොර ඇරුණා. අනූර්ථ අයියයි රාදෙව් අයියයි ඩ්‍රෙසින් රූම් එක ඇතුලට එනකොටම මම පුටුව උඩට අරන් ඉදපු කකුල් දෙක ඉක්මනට බිම දාල බිම බලාගත්තා. අනේහ් මීට වඩා හොදයි………..

“ඕයි! මොකද්ද මේ කොල්ලො අස්සෙ කෙල්ලෙක් දාන් කරන්නෙ. පිස්සුද උබලට ඉදපන් ඊශ්වර මල්ලි මම සියොත්ට කියන්න.”

හුටා මේ මොකද්ද මේ වුනේ. What the fuck මූඩ් එකකින් මම ඊශ්වරය දිහා බැලුවම ඊශ්වරය මට සෝ ඩන් ලුක් එකක් දුන්නම මම ආයෙම බිම බලා ගත්තා.

“ඇස් පොට්ටද බොගෙ.”

“සිරාවට කව්ද යක්-, ට සිරී…… අඩො ති..තිදස් මල්ලී….. අඩෝ රාදෙව් මාව ටිකක් අල්ලගනින් මම ෆේන්ට් වෙන්න වගේ.”

“තොට කලන්තෙ නම් තෝ වැටිය. අයින් වෙයන්.”

මම රාදෙව් අයියා දිහා ඇස් උස්සල බැලුවම රාදෙව් අයියා පුදුමෙන් මගෙ ඇස් දිහා බලන් ඉදල එයා අර හැමෝටම නොදෙන මට විතරක් දෙන හිනාව දුන්නම මගෙ මූණට ලේ පිරිලා කම්මුල් රත් වෙනවා දැනුනා. ආආආ දැන් පිස්සු පගයෙක් වගේ තව රතු වෙලා ඇති. රාදෙව් අයියා ඊශ්වරටයි අනූර්ථ අයියාටයි ඇස් වලින් මොනා හරි කිව්වම. උන් දෙන්න හෙනම මනමාල හිනාවක් ඩ්‍රෙසින් රූම් එකෙන් එළියට දිව්වා. අනේ නිදෝකු පාවා දෙන්නෝ. මුන් වගේ උන් ඉද්දි සුද්දා රට අල්ල ගත්තු එක අහන්න දෙයක්ද. රාදෙව් අයියා බ්ලෙසර් එක ගලවල අත උසට දාගෙන ට්‍රව්සර් එකට අත් දෙකත් ඔබාගෙන මගේ පැත්තට එද්දි මම පුටුවටම ඇලිලා වගේ හිටියා.

“යන්.!”

“ඒ..එහ් කොහෙද ?”.

රාදෙව් අයියා මගෙ අතින් ඇදල නැගිට්ටවල යන් කිව්වම මම ඇස් දෙකත් ලොකු කරන් ඌ දිහා බැලුවෙ. මූ මාව මොන ලෝකෙ ගෙනියනවද කියල කන්ෆියුස් වෙලා. රාදෙව් අයියා ඇස් වලින් චේන්ජින් රූම් එකේ දොර පෙන්නුවම මට තඩි කෙල ගුලියක් ගිලුනා. මූ මාව රේප් කරන්නද හදන්නෙ. විකාර නම් කරන්න එපා මම කෑ ගහනවා…… රාදෙව් අයියා මාවත් ඇදගෙන චේන්ජින් ඒරියා එකට ගිහිම් කර්ට්න් එක ඇද්දම මම බිත්තියට ඇලිලා රාදෙව් අයියා දිහාම බලන් හිටියා .

“තමුසෙ ලස්සනයි . ඩ්‍රෙසින් රූම් එක අස්සෙ ඉදල එළියට එන එන එකා තමුසෙ Appreciation කරද්දි මට ඉරිසියයි වාසූ!”

රාදෙව් අයියා මගෙ ලගට ඇවිත් කම්මුල දිගේ ඇගිලි අරන් යන ගමන් කියද්දි මම රාදෙව් අයියගෙ මූණ දිහා බලන් හිටියෙ රදෙව් අයියව ජීවිතේ පලවෙනි වතාවට දැක්කා වගේ.

“මගේ ටින්කර්බෙල්! .”

“අ..අයි…..යේ.”

“ම්ම්ම්ම්..”

“මම තමුසෙට කැමති නැහ් හුහ්!”

“ඔහ් සීරියස්ලි…….. you know i m radew. මම වෙන උන් ගැන දන්නෙ නෑ. But baby…. i know about you. මට උබව හරි ලස්සනට කියවන්න පුළුවන්.”

“අහ්!”

රාදෙව් අයියා මගෙ ඉනෙන් ලාවට අල්ලලා කිව්වම මට දෙන්න උත්තර නැතුව ගොලු කසාය බීපු එකා වගේ රාදෙව් අයියා දිහා බලන් හිටියා.

“ඔහ් ශිට්!, කව්ද බන් කොස්ටියුම් හැදුවෙ බලපන් බ්ලව්ස් එකේ කොට භාගයක් එළියෙනෙ.”

රාද්දෙව් අයියා මගෙ හැට්ටෙ පහලට අදින ගමන් කිව්වම් මට යන්න ආපු හිනාව තද කරගෙන මම අහක බලාගත්තා.

“මොකද උබ. මම යනවා පරක්කු වෙනවා බේබී…. තමුසෙ තමුසෙගෙ කටින්ම මට ආදරෙයි කියනකම් මම බලන් ඉන්නවා. ම්ම්ම්..
Anyway i proud for you baby….. රීසන් එක උබ දන්නවා. බායි.”

රාදෙව් අයියා මගෙ ඇස් දිහා බලන්ම මම ගැන ප්‍රව්ඩ් වෙනවා කියලා මගෙ නහය උඩට චූටි තට්ටුවක් දාල යන්න ගියා. එයා කිව්වෙ මගෙ ඇස් ගැන මට ඒක තේරුණා. මම බිමට හිනා වෙලා ඉස්සරහට ගියේ ඊළගට අපේ අයිටම් එක පටන් ගන්න නිසා.

අම්මට සිරී….. ස්ටේජ් එකට ගිහිම් ඕඩියන්ස් එක දැක්කම මට චූ බරකුත් ලෝර්ඩ් වුණා. ඊශ්වරය මගෙ අත හිමීට මිරිකලා i m here කිව්වම මම ඌ දිහා බලල ලොකු හුස්මක් ගත්තා. ටිකකින් අපේ සෙට් එක සින්ග් කරන්න ඉන්න සෙට් එක පේලියට ස්ටේජ් එකේ සයිඩ් එකෙන් හිට ගත්තම ඇක්ට් කරන්න් උන් ටිකත් අපිත් ස්ටේජ් එකේ අදාල තැන් වල ස්ථාන ගත වුණා.

කුමටද සොබනියෙ කඳුළු සලන්නේ
හේතුව මම නොදනිම්
ගිරි හෙල් අරඹේ ඇති ‍මගේ නිවසට
මම ඔබ ගෙන යන්නම්
ඔබ හට හැම සැප එහි දෙන්නම්
ඔබ හට හැම සැප එහි දෙන්නම්
කුමටද සොබනියෙ කඳුළු සලන්නේ

ඊශ්වර මගේ වටේට කැරකි කැරකි ඇක්ට් එක දුන්නම මම තනිකර අඩන සීන් එකේ කදුළු පිහිද පිහිද පොඩි ඇක්ට් කෑල්ලක් දාන්න ගත්තා. ඔක්කොමත් හරි වටේටම රව රව ප්‍රින්සිපල් සර්ගෙ එහා පැත්තෙ ශීට් එකට වෙලා මම දිහා බලන් ඉන්න රාදෙව් අයියව දැක්කම නම් මට ඇත්තටම ඇඩෙන්න ආවා.

සඳ පායන කල ගඟබඩ ඉදගෙන ඔබෙ හිස පීරන්නම්
ඔබෙ හිස පීරන්නම්
මල් පෙති විසිරුණු සුදුවැලි මතුපිට
ඔබ ගෙන ඇවිදින්නම්
ඔබ ගෙන ඇවිදින්නම්
සොඳුරියෙ ආදරබස් දෙන්නම්
සොඳුරියෙ ආදරබස් දෙන්නම්

සින්දුවෙ රිදම් එක වෙනස් වෙලා. අපේ ඇක්ට් එකත් මාරු වුණාම. මම අඩාගෙන් ස්ටේජ් එකේ එහා කොනටම දුවල ඊශ්වරය දිහා බලල ගස්සල දාල ආයෙම ස්ටේජ් එකේ අනිත් කොනට දිව්වා. ඊශ්වර නරියා ආයෙම ඇවිත් මගේ කොන්ඩෙ මලක් ගැහුවම මම ඒක ගලවල ඕඩියන්ස් එක පැත්තට විසික් කරලා ස්ටේජ් එක මැද්දට පද්ද පද්ද ගියා. මේක හරිම සෙන්ස්ටිව් අයිටම් එකක් වුණාට අපේ ස්කූල් එකේ මහ පගයො ටික නම් කටවල් ඇරන් විරිත්තන් ස්ටේජ් එක දිහා බලන් හිටියෙ.

කුමටද සොබනියෙ කඳුළු සලන්නේ
හේතුව මම නොදනිම්
ගිරි හෙල් අරඹේ ඇති ‍මගේ නිවසට
මම ඔබ ගෙන යන්නම්
ඔබ හට හැම සැප එහි දෙන්නම්

ඔබ හට හැම සැප එහි දෙන්නම්
කුමටද සොබනියෙ කඳුළු සලන්නේ
කඳුළු සලන්නේ
කඳුළු සලන්නේ
කඳුළු සලන්නේ….

මම අඩ අඩ ඉද්දි ඊශ්වරය මගෙ ලග දන නමන් ඉද්දි අයිටම් එක ඉවර වුණු ගමන් කර්ටන් දෙක වැහිලා ගියාම. ඕඩියන්ස් එකෙන් කන් දෙදරන්න ක්ලැප් කරන්න ගත්තා. අපි ඉක්මනට බැක්ස්ටේජ් එකට දුවන් ගිහිම් ඩ්‍රෙසින් රූම් එකට පැනල පන යනකම් හිනා වුණේ ඊශ්වරයගෙ නරි නැට්ට කැඩිලා ඌ ඒක ඉනේ ගහන් ඉන්නවා දැකලා.

“හිනා වෙන්න එපා යක්කුනේ සියොත් අයියා දැන් වත් තේරුම් ගනීවි මම ටොප් කියල ඇයි යකෝ මම නරි බෑනටත් හිටියෙ.”

ඌ එහෙම කිව්වම මම දෙකට තුනට නැවිලා ආයෙ හිනා වෙන්න ගත්තා.

“බල්ලෙක් වගේ හිනා නොවී චේන්ජ් කර ගනිම් අන්න රාදෙව් අයියත් එනෝ. තොපි දෙන්නා අන්තිමට කුරුළු ගී ගයන්නත් එපැයි.”

රාදෙව් අයියා ඩ්‍රෙසින් රූම් එකට එද්දිම රෙද්දත් කරට අරන් මම චේන්ජින් රූම අස්සට පැනගත්තෙ ඌ එන්න කලින් ඉක්මනට මේක් අප් එක අයින් කර ගන්න. මම ඉක්මනට මේක් අප් එක සෝදගෙන හැට්ටෙ කටු ටික ගලවනකොට රාදෙව් කාරය ඩ්‍රෙසින් රූම් එකේ දොරට හේත්තු වෙලා අත් දෙකත් බැදන් මම දිහා බලන් හිටියා. ඒව් අසහනකාරී හෙඩ් පිපෙට්ටුව.

“රෙදි ගලවන දිහා බලන් ඉන්න එපා අයියේ ඒක හරී………ම කැතැයි.”

“මම පිට උන් දිහා බලන් හිටියෙ නෑ. මම බැලුවෙ උබ දිහා.”

රාදෙව් අයියා එහෙම කියලා බ්ලෙසර් එකයි ටයි එකයි ගලවල පුටුවක් උඩින් තියලා අත් දිග ශර්ට් එකේ අත් උඩට නවාගෙන. ශර්ට් එකේ බට්න් දෙකක් තුනක් ගලවන ගමන් මගේ පැත්තට එද්දි නම්. මම හිතෙන්ම මගේ මරණ දැන්වීම හද හදාමයි හිටියෙ. බුදු අයියේ අපි ඉවරයි……….

“මොකෝ උබ. මම තෝව ගිලින් නෑ මෙහෙ වරෙන් පින් ටික ගලවන්න නැත්තම් උබ හෙට වෙනකම් ඕක ගලවයි.”

සැක් මගෙ හිත නම් හොදටම වල් වැදිලා.මම මූණත් පුම්බගෙන අහක බලාගෙන හැට්ටෙන් අත ගත්තම රාදෙව් අයියා කටු ටික ගලවලා . ඔලුවෙ ගහල තිබුණ කොන්ඩෙ ගලවලා පත්තකින් තිව්වා.

“හොද වෙලාවට උබ කෙල්ලෙක් නොව්නෙ. නැත්තන් ඉතින් අපෙ හනිමූන් එක දවාසට මට වෙන්නෙ උබෙ කටු ගලවා ගලවා ඉන්න එළිවෙනකම්.”

“පෙනේද හෙඩ්ගෙ කට, මම මුල ඉදන්ම කිව්වා තමුසෙට මේකෙ හෙඩ් වෙන්න සුදුසුකම් ඇත්තෙම නෑ කියල. කොහෙද අපෙ රැව්ල නෑනෙ. ඕවට නම් එන්න එපා අයියේ මම කාම ලෝකෙට ආසා නෑ.”

මම කට කොනෙක් හිනාවෙන රාදෙව් අයියට රවලා අනිත් පැත්තට හැරිලා ඉක්මනට වේශ්ටිය ඇදල කුර්තා එක දාගත්තම. රාදෙව් අයියත් ඇදගෙන. කන්නාඩිය ලගට ගිහිම් අඩු පාඩු හදාගෙන. මගේ ලගට ඇවිත් මගෙ ඇවිස්සිලා ගියපු කොන්ඩෙත් පිළිවෙලකට හදල කලබලෙන් වට පිට බැලුවා.

“ඇයි කාවද හොයන්නෙ.”

“කව්රුත් නෑ. ඔක්කොටම වැඩිය. උබ ලස්සන මෙහෙම ඉද්දි.”

රාදෙව් අයියා මගෙ උරහිස් වලින් අල්ලල කන්නාඩිය පැත්තට හරවල මගේ පිටි පස්සෙන් හිට ගත්තම. මම කන්නඩියෙන් පේන අපේ රූප දිහා බලාගෙන ගොලු වුණා. රාදෙව් අයියා මගෙ හිස් මුදුනට ලාවට තොල් තද කරලා මගෙන් අයින් වුණා. ඉතින් ඒ මදිද මගේ සුදුමැලි වෙල ගිය කම්මුල් චෙරි පාට වෙලා යන්න.

ටික වෙලාවකින් අපි හිටියෙ බැක් ස්ටේජ් එකේ. රාදෙව් අයියා මගෙ අතින් අල්ලල පොඩ්ඩක් තදට මිරිකලා අත ඇරියෙ මම ටිකක් කලබල වෙලා වගේ හිටපු නිසා වෙන්න ඇති.

Next our brothers of the maths and bio section are ready to entertain you with a song …. thank you.!

සියොත් අයියා එනව්ස්මන්ට් එක දීල බැක්ස්ටේජ් එක්ට ආවම රාදෙව් අයියයි මායි ස්ටේජ් එකට ගියේ මයික් එක අතට තද කරගෙනමයි.

ඕකනේ බැරි සුන්දර ලඳකට
මේ වගේ කරදර උහුලන්නට
තේරුණේ නැතුවට නුඹෙ කරුමෙට
ප්රේමෙයේ වැලපෙනු ඇයි සදහට

සෝබනී නුඹ දන්නැතී මේ
ආදරේ නිම් හිම් නැතී
හාද වී මගෙ හොඳ ගති
වටහාලා ගන්නේ නම් වටී

නීච වී ඩිංගක් හරී
ග්රහ මණ්ඩලේ වරදක් ඇතී
ආල වී ඇයි මේ හැටී
දකිනා හැමෝටම හිමි නැතී

ජීවිතේ හරි ලස්සන තැනකට
පා වුණේ නුඹ ආවිට මතකෙට
මා ලයේ කැලතෙන පෙම් හැඟුමට
තීරණේ විතරක් ඇති හනිකට

සෝබනී නුඹ දන්නැතී මේ
ආදරේ නිම් හිම් නැතී
හාද වී මගෙ හොඳ ගති
වටහාලා ගන්නේ නම් වටී

නීච වී ඩිංගක් හරී
ග්රහ මණ්ඩලේ වරදක් ඇතී
ආල වී ඇයි මේ හැටී
දකිනා හැමෝටම හිමි නැතී

හ්ම්ම්, දන්නැතී මේ
ආදරේ නිම් හිම් නැතී
හාද වී මගෙ හොඳ ගති
වටහාලා ගන්නේ නම් වටී

සෝබනී නුඹ දන්නැතී මේ
ආදරේ නිම් හිම් නැතී
හාද වී මගෙ හොඳ ගති
වටහාලා ගන්නේ නම් වටී

නීච වී ඩිංගක් හරී
ග්රහ මණ්ඩලේ වරදක් ඇතී
ආල වී ඇයි මේ හැටී
දකිනා හැමෝටම හිමි නැතී

Thank you!

සින්දුව ඉවර වෙනකම්ම සැරින් සැරේ රාදෙව් අයියගෙ ඇස් මගේ ඇස් එක්ක පැටලෙන්න ගනිද්දි මම මගේ හරි සිහිය මම ලග තියාගත්තෙ ලොකු ගේමක් දීලා . යකෝ ගෑණියෙක්ට අදින එක සැපයි මෙහෙම නොවී. මීයට පිම්බා වගේ තිබුණ ඕඩියන්ස් එක සින්දුව ඉවර වෙනවත් එක්කම සීට් වලින් නැගිටලාම ක්ලැප් කරන්න පටන් ගනිද්දි රාදෙව් අයියා මගෙ අතින් අල්ලගෙන ඕඩියන්ස් එකට ග්‍රීට් කරා.මට ගොඩ කාලෙකින් හිතට සතුටක් දැනුනා.කර්ට්න් වැහිලා යද්දිම රාදෙව් අයියා මගෙ අතින් අල්ලගෙනම චේන්ජින් රූම් එකට වේගෙන් ගිහිම් දොර වැහුවා.

“රාදෙව් අයි …..යෙ.. ඇ.. ඇයි මේ?”

“Nothin.. i .. i….. වාසූ… මම…. love you my tinker bell.”

මම ගල් ගැහිලා වගේ ඉද්දි රාදෙව් අයියා මගෙ අත, අතඇරලා ඉක්මනට චේන්ජ් කර ගත්තෙ අවසාන කතාව කරන්න ඉන්නෙ හෙඩ් ප්‍රිෆෙක්ට් නිසා. මම ටික වෙලාවකින් හරි සිහියට ආවෙ. රාදෙව් අයියා එළියට යන්න දොර අරිද්දි. රාදෙව් අයියා දොරෙන් එළියට යද්දිම මම දුවගෙන ගිහින් භාගෙකටත් වඩා වැහිලා තිබ්බ දොරෙන් අත දාල රාදෙව් අයියගෙ අතින් අල්ල ගත්තම රාදෙව් අයියා දොර අස්සෙන් පේන මගෙ මූණ දිහා බැලුවෙ. අර ගැඹුරු ඇස් වල ප්‍රශ්නාර්ත ගොඩක් පුරවගෙන. මම පපුව හැතැප්ම නැතුවම ගැහෙන්න ගනිද්දි බඩ ඇතුලෙන් එක එක විපර්යාස වෙන්න ගනිද්දි, මුළු ලෝකෙම එක තත්පරේකට අපි වටේට ලෝකෙ නතර වෙලා වගේ හිතුනෙ. මගෙ කම්මුල් කඩි කනවා වගේ දැනෙන්න ගනිද්දි රාදෙව් අයියගෙ මැණික් කටුව ලගිම් ලාවට අල්ලන් හිටිය අත එයාගෙ අතට තව ටිකක් තද වුණා.

“La…….lo…….love u to!”

මම එච්චරයි කිව්වේ රාදෙව් අයියගෙ එකට හාවෙලා වගේ තිබුන ඇහි බැමි ටික ටික දෙපැත්තට ගිහිම් ලිහිල් වෙද්දි කට පුරා ලොකු හිනාවක් ඇදුනම මම ලැජ්ජවටම බිම බලාගත්තා. අනේ දෙයියනේ මම මොකද්ද ඒ කිව්ව කුනුහර්පෙ මල හත්ති හු#තයිනෙ දැන්. රාදෙව් අයියා දොර තල්ලු කරන් මම ඉන්න පැත්තට එන්න හදද්දිම මම රාදෙව් අයියා එළියටම තල්ලු කරලා දොර වහ ගත්තා..

Finally, I would like to invite the head prefect of our school to present the speech of thanks.!

මීඩියා ක්ලබ් එකේ අයියගෙ වොයිස් එක මගෙ කන් වලට ඇහෙද්දි වේගෙන් ගැහෙන පපුවත් මම එක අතකින් අල්ලගෙන මම වහපු දොරට පිට දීලා හේත්තු වුණා.

ජීවිතේ හරි ලස්සන තැනකට
පා වුණේ නුඹ ආවිට මතකෙට
මා ලයේ කැලතෙන පෙම් හැඟුමට
තීරණේ විතරක් ඇති හනිකට………………

අවුරුදු ගානක් තිස්සෙ
හිතට එන ප්‍රශ්නයක්

අහන්නෙ බලන්නෙ නැද්ද
උදුරගන්නකොට හදවතක්
(Radew..)

ගිහිම් එන්නාම් ළමයිනේ මම ඔයාලගෙ දාස්🍃🐳…….
කතාව ඊයෙ දෙන්න හිටියෙ හැබැයි මට උණසන්නිය හැදුන නිසා බැරි වුණා………………

මෙහි එන නම් ගම් චරිත සහ සිද්දීන් සියල්ල මනඃකල්පිත බව සලකන්න.

Tags: read novel Kapuru. | À¶Šà¶´À·”À¶»À·”. කපුරු 22🍃, novel Kapuru. | À¶Šà¶´À·”À¶»À·”. කපුරු 22🍃, read Kapuru. | À¶Šà¶´À·”À¶»À·”. කපුරු 22🍃 online, Kapuru. | À¶Šà¶´À·”À¶»À·”. කපුරු 22🍃 chapter, Kapuru. | À¶Šà¶´À·”À¶»À·”. කපුරු 22🍃 high quality, Kapuru. | À¶Šà¶´À·”À¶»À·”. කපුරු 22🍃 light novel, ,

Comment

Leave a Reply

Chapter 23