Kapuru. | À¶Šà¶´À·”À¶»À·”. කපුරු 23🍃

A+ A-

ආආආආආආඅ මොකද්ද මම මේ කර ගත්තේ…………………… මම මොකටද දැන් අරූට පැනපු ගමන් ලැව් ඌ තූ ගෑවෙ. සැහ්! දැන් කෝමද රාදෙව් අයියගෙ මූණ බලන්නෙ.. අනේ සාන්ත……. මම ප්‍රෝග්‍රෑම් එක ඉවර වෙලා ස්කූල් ඉවර වුණ ගමන් ඊශ්වරයත් ඇදගෙන ගෙදර යන්න බස් එකට දිව්වෙ රාදෙව් අයියා එන්න කලින් ගෙදරට පැන ගන්න. රාදෙව් අයියට ඉතින් මගෙ වටේම කැරකි කැරකි ඉන්න පුළුවන් මනුස්සයෙක් නෙවෙයිනෙ. හෙඩා නිසා යුතුකම් හා වගකීම් සෑහෙන්න අනික දැන් දහතුනේ ළමයි හැමෝම වගේ ස්කූල් එන්නෙත් අඩුවෙන් එක්සෑම් ළග නිසාම.රාදෙව් අයියා උනත් ස්කූල් එන්නෙ දවස් හතරයි.
මම ඊශ්වරයත් ඇදගෙන බස් එකට නැගල ශීට් එකේ ජනේලෙ අයිනෙන් වාඩි වුණා.

“බලපම් මම සියොත් අයියා එක්ක ගෙදර යන්නනෙ හිටියෙ.”

“හරි හරි වස්තුවේ… ආ….. උබට ඌ හම්බෙන්න කලින් මේ මාව හම්බුණේ.. උබටත් ඉතින් කලින් ආපු බි*ජට වඩා පස්සෙ ආපු ශුක්ක්‍රාණුව ලොකුයිනෙ.”

“ඊයා භල්ලෝ කියන කතා තෝ.”

ඊශ්වරය මගෙ ඔලුවට එකක් ගහල ඉක්මනට ඔලුව වටේටම කරකවල බැලුවෙ කාට හරි ඇහුනද කියල මම ඌට දස් තිස් දෙකම පේන්න හිනාවක් දුන්නම ඌ මට ඔරවල අහක බලාගත්තා. මූසිල පගයා.

“දැම් මොකද උබ භූමි තෙල් ගහපු ගැරඩියා වගේ ගෙදර දුවන්නෙ මේ. කුමක්ද කාරණාව.?”

“ම්.. මොන. පිස්සුද  නි … නිකම් .”

“හැසිරීම් රටාවෙන් සහ කතා විලාසයෙන් පෙනී යන්නේ යම් කිසි සිදුවීමක් සිදුවී ඇති බවයි.”

“පිස්සුද අනේ..!”

“……………………………”

ඊශ්වර පගා ඇස් දෙකත් අමුතු කරන් කටත් උල් කරන් මම දිහා බැලුවම මම ඉක්මනට උගෙ මූණෙන් ඇස් අරන් ග්ලාස් එකෙන් එළිය බලා ගත්තා.මූ තාම මම දිහා බලාගෙන ආආආආආආආ මෝඩ යකා.

“ච්චහ්! හරි හරි අනේ. මම කැමති කිව්වා.”

“කාටද, මේ රාදෙව් අණ්නට?”

“නැතුව ප්‍රින්සිපල්ටද අනේ…”

“අම්මට සිරී…… ඒක තමා මේ ගරිල්ලා සිස්ටම් එකට ස්කූල් එකෙන් පැන්නෙ. ඉතින් ඉතින් දැම් මොකෝ එල්ලන් ඉන්නෙ”

දැම් ඉතින් මූ මාව අල්ලෙ නටවයි චාටර් කර කර . මෙච්චර වෙලා ඉදපු මූඩ් එකෙන් මම සීරියස් මූඩ් එකට එන්ටර් වෙලා ඊශ්වර දිහා බැලුවම ඌ මගේ කරට අත දාගෙන ඌත් සීරියස් වුණා.

“මම හදිස්සි වුණාද හිතෙනව බන්, මේක නිකම්ම ඇට්ට්‍රෑක්ෂන් එකක් විතරක් නම් රාදෙව් අයියා පව්නෙ බන්.”

“ම්ම්ම්ම්ම්….. පටන් ගැම්මෙන්ම ලව් කරන්න බෑනෙ බන් කෝමත්. උබ තාම රාදෙව් අයියට ආදරේ නැතත් කැමැත්තක් තියෙනවා කියල තේරෙනවනේ නේහ්..”

“ඔව්ව් ඒක හරි.”

“ඉතින් කොහොමත් ආදරයක් ඇති වෙන්න නම් ඔක්කොටම කලින් කැමැත්තක් තියෙන්න ඕනනෙ බන්. අනික උබ පහු ගිය දවස් දෙක තුනේ නටපු නැටිල්ලේ හැටියට නම් උබ ඌට කැමති නෙවේ ආදරෙයි .”

“ම්ම්ම්…… උබට බය නැද්ද ඊශ්වර ?”

“මොකටද?”

“ආදරේ කරන්න කොල්ලෙක්ව තෝර ගත්ත එක?”

“බයයි. කවද හරි ගෙදරින් ප්‍රශ්නයක් වෙයිද කියලා. ඒ ඇරෙන්න ප්‍රශ්නයක් නෑ සුදෝ. මට අනිත් උන් කියන කතා අදාල නෑ. අනිත් මිනිස්සු මොනවා කිව්වත් මට වැඩක් නෑ. උබට බයයිද නැත්තම් ලැජ්ජයිද?”

බෑග් එකේ ශිපර් එකක් අරින වහන ගමන් ඉදපු මම එක සැරේ ඒ වැඩේ නවත්තල ඊශ්වරගෙ දිහා බැලුවා. මොනවද මූ මේ අහන්නෙ.මම මොකටද ආදරේ කරන්න ලැජ්ජා වෙන්නෙ.

“පිස්සුද උබට. මට ආදරේ කරන්න කියල දාහක් නෑනෙ බන් ඉන්නෙ එකයිනේ. මගේ තේරීම් ගැන මම එහෙම ලැජ්ජා වෙන්නෙ වත් පසුතැවෙන්නෙ වත් නෑ.”

ඊශ්වර හිනා වෙලා මගෙ අත අරන් උගෙ අතේ පටල ගත්තම වටේ පිටේ ඉන්න උන්ට නටා ගන්න කියල මම උගේ උරහිසෙන් ඔලුව ගහන් හොද නින්දක් දැම්මා.

ගෙදර ගිහිම් ෆෝන් එක බලද්දි මිස් කෝල්ස් හතලිස් පහක්. ස්සූ…………………. රාදෙව් අයියා .
ඉතින් මුන් ෆෝන් අරන් ස්කූල් ගියාට අපි එහෙම නෑනෙ. අපි නීති ගරුක පාසල් සිසුන් බොලව්. මම කෝල් බැක් කරනවද නැද්ද කියල හිත හිත අන්තිමට ඕන පුකක් ප්‍රීති වෙසක් කියල රාදෙව් අයියට කෝල් බැක් කරා.

“වාසු!”

ඊව් ඊව් හෙලෝ කියල වත් ඉදපන්කො මිසයිල ගහන්න වගේ වෑසූ….. ගාන්නෙ.

“හෙලෝ අයියේ”

“අයියේ නෙවේ කොහෙද ඕයි ස්කූල් ඉවර වෙලා දිව්වෙ මම එනකම් ඉන්නෙ නැතුව. තමුසෙව බලල යන්න හිටියෙ මම”

“අහ් මේ මේ….මේකයි ඊශ්වරට හදිස්සියක් කියල ගෙදර ආවා.”

“ආ.. ඇත්තද ඊශ්වර මල්ලි කිව්වෙ නම් තමුසෙට හදිස්සියක් වෙලා ගෙදර ගියා කියල තොපි දෙන්නගෙන් මොකා බොරු කියනවද මොකා ඇත්ත කියනවද කියල මට හිතා ගන්න පුළුවන් .”

ආ ඔය කොරල තියෙන්නෙ ඇටි කෙහෙල් උගුඩුවා. අහු නොවෙන්න බොරුවක් වත් කියා ගන්න බැරි හැටියක් මුන්ට. ඒව් ඒව්

“à·„à·š à·„à·š..”

“උබ ඉතින් විරිත්තපම්. මම ක්ලාස් එකේ ඉන්නෙ. හවස පහට විතර බැල්කනි එකෙන් ඉන්නව. එළියට එන්න ඕනි නෑ. මම තමුසෙගෙ මූණ බලාගෙන යන්නම්. ඒ ඇති.”

“………………..”

ආආආ මේ මනුස්සයා මට පිස්සු හදවන්න හදන්නෙ සාන්ත………… දෙයියනෙහ් මේ පව්කාරයට මෙච්චර ආදරයක්.

“බේබීහ්…….”

අනේහ් බේබී……à·„à·Š ගාල අදින්න එපා යකෝ වොයිස් එකේ බේස් එකට මට කලන්තෙට එනවා. ඇගේ හිරිගඩුත් පිපුණා.රාදෙව් අයියගෙ කටහඩ කොහොමත් ඩීප් වොයිස් එකක් ඒක ෆෝන් එකෙන් ඇහෙද්දි ආආආආආආආහ්හ්හ්හ්හ් .මම ෆෝන් එකත් කනට තද කරගෙන අනිත් අතේ ඇගිලි පහේම නියපොතු ටික කන්න ගත්තා.

“ඒහ්! ඇ..ඇයි?”

“එක සැරයක් කියපන්කො..”

“මොකද්ද?”

“ආදරෙයි කියපන් බන්.”

ඊව් මූට ලව් කරන්න වත් තේරෙන්නෙ නෑ තලපත් ගවයට ශික්!

“මට බෑ.”

“ම්ම්ම්ම්..එහෙනම් නාල කාල පාඩම් කරපම් මම තිබ්බා.”

“එහ් අ-“

බීප්……බීප්………බීප්….

ටහුඩු යකෝ මුගේ ඝනකම අනේ හිට්ලර් කෙනෙක්ට ලව් කරන එක මෙච්චර අමාරුද. බේස කොට්ටෝරුවාහ්!. මම රාදෙව් කාරයට බැන බැනම නාලා කාල ඇවිත් පාඩම් කරන්න ගත්තෙ රාදෙව් කාරය කියපු නිසාම නෙවෙයි මේ ටිකේ මගෙ අතින් මිස් වුණ වැඩ ටික කවර් වෙන්න ඕන නිසා. මම කොච්චර වැඩ වල සිහියෙන් හිටියත් සැරින් සැරේ ඔරලෝසු දිහාට ඇස් කැරකුවේ වෙලාව පහද කියල බලන්න. ම්හුම් තාම හතරයි හතලිහායි…………………………………

හතරයි පනස් නවයා………….යි……  පහා……….යි…     මම මේස පුටු පෙරලන් දඩ බඩ ගාල කණ්නාඩිය ඉස්සරහට දුවල ගිහිම් කොන්ඩෙත් අතින් හදාගෙන බැල්කනි එකට දිව්වා. පහයි දෙකයි….. කෝ අනේ මූ.. ඒකට මොකද කිව්වෙ නම් හතරයි පනස් නවය වෙද්දි ගේට් එක ඉස්සරහ ඉන්නවා වගේ. මම කුටු කුටු ගාල තොල් මතුරද්දි ෆෝන් එක රින් වෙන්න ගත්තා.

HP Asuraya🧝.   Calling….

“හෙලෝ..”

“කුටු කුටු ගගා මටද බනින්නෙ?”

“ඒහ්.”

“පහල බලපන් බන්.”

මූ කොයි වෙලේද මෙතෙන්ට ආවෙ. තාමත් යුනිෆෝම් එකෙන් ඉන්නෙ ස්කූල් ගිහිම් ක්ලාසුත් ගිහිම් මාවත් බලන්න ඇවිත් මේ මනුස්සයා. අනේ මට ආදරේ හිතෙනවා ඒයී… ආආආආආඅ මම මූ එනකම් පාරට එබි එබි බලපුවත් දකින්න ඇති අනේ ලැජ්ජයි සාන්ත…… මම තාප්පෙ ලගට වෙලා කැරකි කැරකි ඉන්න රාදෙව් අයියා දිහා මූණත් රතු කරගෙන බැලුවම රාදෙව් අයියා උගුර යටින් හිනාවෙන සද්දෙ ෆෝන් එකෙන් ඇහුනා. ආ….. හෙනම බේස් වොයිස් එකක් අප්පා මේ මිනිහට තියෙන්නෙ මාව නිකන් දිය වෙනවා වගේ… මේ මගුල් අස්සේ  ගෙදර මොකෙක් හරි එළි පහළියට බැස්සොත් උඹටයි මටයි ඇටෑක් ෂෝ එකක් ගහයි යකෝව්.

“ආශ්! ඔහොම රතු වෙලා බලන්න එපා බන් ගෙදර යන්න හිතෙන්නෙ නෑ.”

“පිස්සු නැතුව ගෙදර යන්න අප්පා. කව්රු හරි දැක්කොත් ඉවරයි හොදේ..”

“එහෙනම් ආදරෙයි කියපන්.”

“ඔහොම තර්ජනේ කරල කියවගෙන වැඩක්ද. අනික දැන් තාත්ත ගෙදර එන ටයිම්. හොද ළමයා වගේ ගෙදර යන්නකො..”

“ආහ්……. ඔහොම කියනව නම් මොනව කරන්න බැරිද ම්ම්ම්ම්..”

රාදෙව් අයියා ෆෝන් එකත් හෙල්මට් එක අස්සෙ රදවගෙන බයික් එකට නැගල මට අත් දෙකෙන්ම ෆ්ලයින් කිස් එකක් දීල ගෙදර ලගින් ඉගිල්ලුනාම මම ගිහිම් ඇදට පැන්නා.

“ඩ්‍රයිව් කරන ගමන් කෝල් එකේ ඉන්න එපා අයියේ. පරිස්සමෙන් ගිහිම් මැසේජ් එකක් දාන්න.”

“ම්ම්ම්ම් පාඩම් කරපන් දැන්. මම ගිහිම් මැසේජ් එකක් දාන්නම් සුදූ..”

“හරි අයියේ බුදු සරණයි.!”

මම කොට්ටෙත් හප හප පිස්සු පගයෙක් වගේ ස්කූල් පේජ් එකේ දාල තියෙන ෆොටෝස් බලන්න ගත්තා. අද ප්‍රෝගෑම් එකේ ඒවාත් එක දෙක වැටෙද්දි මම රාදෙව් අයියා ඉන්න එවා විතරක් බලල ෆෝන් එකට සේව් දා ගත්තා. ආ ඔය කොරල තියෙන්නෙ ලොකුවටම. අම්මප මේ ෆොටෝග්‍රැපි ක්ලබ් එක නම් වාත කේස් එකක්. රාදෙව් අයියයි මායි සිංදුව කියද්දි අපි දෙන්නා මූණට මූණ බලන් අයි කන්ටැක් තියන් ඉන්න ෆොටෝ එකකුත් දාල . මම ඒකත් සේව් කරගෙන නිකමට කමෙන්ට් සෙක්ශන් එකට ගිහිම් බැලුවා. අප්පෝ….. අල්ලපුවැටේ යක්දෙස්සියො ටික රාදෙව් අයියට මැරෙන්න හදනවා. ඒ අස්සෙ තව උන් අපි දෙන්නව නැව් නග්ගල. මම ෆෝන් එකට ඔරවන් ඉන්නකොට රාදෙව් අයියාගෙන් මැසේජ් එකක් ආවා.

📥මම ආවා.

📤ah patiyooo…..

📥🤣 පිස්සුද උබට. ෆෝන් එකේ ඉන්නෙ නැතුව පාඩම් කරපම්.

📤hari hari aneeee.

📥හෙට practiceda?

📤Oooooo

📥ම්ම්. හවසට මම ගන්න එන්නම්. ටිකක් කතා කරන්න පුළුවන්ද.

📤👀 Ha.

📥ම්ම්. පාඩම් කරපම් දැන්.

ඒව් ඒව්. හිට්ලර් ලවර්. කමක් නෑ ලබා උපන් හැටිනෙ මම සැක්!. මේ දවස් වල ඉතින් කොහොමත් අපිට ප්‍රැක්ටිස් මැච් එකට ලගයිනෙ. මේ පාර නුවර උන් ටිකට නම් උණ ගැනෙන්න දෙනව කිය කිය ඉන්නේ කෝච් සරුත්.හෙට ඇයි කතා කරන්න ඕන කියන්නෙ. ම්ම්ම්ම් දැවෙන පස්න. ඒත් දැන් ඉතින් අපි කපල් එකක්නෙ . කතා කරන්න එව්වද නැත්තෙ. à·„à·š à·„à·š…. ඒත් අනේ මන්දා මම මූ ගැන මහ ගොඩක් දේවල් දන්නෙත් නෑ. මම කොහොමද මූට ආදරේ වුනේ. දැන් මට හෙනම ප්‍රශ්නෙ. මම ෆෝන් එක අරන් ආයෙම වට්සැප් එකට ලොග් වෙනකොට මෙන්න මූ ටයිපින්. මට යන්න කියල මූ මොනවද මේ ටයිප් කරන්නෙ දමාගෙන. ම්ම්ම් ම්ම්ම් හෑල්ලක් වගෙයි.. මම රාදෙව් අයියගෙ චැට් එක ඕපන් කරන් ඌ ටයිප් කරන හෑල්ල එවනකම් බලන් හිටියා.

ටින්!..

📥”මම උබට කැමති . නෑ ඊට වඩා ආදරෙයි . උබ මරිසි දැම්මට උබත් කැමති කියල දන්නවා. හැබැයි ඔක්කොටම වඩා හරියට ඉගෙන ගනිම්. ඒක අපි දෙන්නටම පොදුයි.Al වැඩයි sports එක්ක උබයි මායි දෙන්නම බිසී වෙයි. ඉතින් ඔයා මට වෙනම කාලෙ වෙන් කරන්න ඕනෙ නෑ. තව ටික කාලයයිනෙ වාසූ. එක්සෑම් එකෙන් පස්සෙ උබ මට දිගටම කාලෙ දීපන්. දැන් කොට්ටෙ හපන් ඉන්නෙ බස්සෙක් වගේ ඉන්නෙ නැතුව පාඩම් කරපම් මම රෑ වෙලා කෝල් එකක් ගන්නම්. බැරි දෙයක් තිබ්බොත් ඇඹරෙන්නෙ නැතුව අහපම්.හරිද”

📤”හරි අයියේ.”

රාදෙව් අයියා මගේ මැසේජ් එකට හාර්ට් රිඇක්ට් එකක් දැම්මම මම ඩේට ඕෆ් කරල ෆෝන් එක පැත්තකින් තිබ්බා. එයා කියන එක හරි ඒත් ඉතින් කොච්චර වැඩ අස්සෙ වුණත් මට එයා මතක් වෙනවනෙ. මේ වයසෙ අනිත් කොල්ලො එක්ක ගත්තහම රාදෙව් අයියා හිතන විදිය හරි වෙනස්. එයා ආදරේ පෙන්නන්නෙ අඩුවෙන් උනාට මම ගැන කොච්චර හිතනවද කියල මට මේ ගෙවුනු පොඩි කාලෙදි හොදටම දැනුනා. මම හිතුවෙ නෑ මම කවදාවත් කාටවත් ආදරේ කරයි කියල ඒකට මගේ වටේ තිබුණ පරිසරේ හේතුවක් වෙන්න ඇති. මොකද මම කවදාවත් දැකල නෑ අම්මා තාත්ත ආදරෙන් ඉන්නවා ඉතින් එහෙම වෙන එක සාධාරණයිනෙ. තාත්ත ඉස්සර….ම දවසක මාත් එක්ක කිව්වා. “ඇස් දෙකක් ලස්සනයි කියල ලස්සන වචනයක් කිව්වට ..ජීවිතකාලෙම බලාගන්නම් කියල  හීනයක් දුන්නට…එකපාරක් නළල ඉඹලා
ආදරේ කරා කියල වෙන්නෙ ඔය හිත කියන මඟුල තුවාල වෙන එක.කවදහරි ඕක ලෙඩ වෙනවා තිදස්.මට උනෙත් ඒක කියලා.
ඒ දවස් වල තාත්ත මේ කිව්වෙ මොකද්ද කියල මට නොතේරුනාට මම ටික ටික ලොකු වෙන්න ලොකු වෙන්න ඒ කියපු කතාව තේරුම් ගිය නිසාම ආදරේ කියන මාතෘකාව මගෙ ජීවිතේට ඈද ගන්න මම අකමැති වෙන්න ඇති. එහෙම ඉදපු මට ආදරේ කියන එක වචනෙකට සීමා නොවී ක්‍රියාපදයක් කියල ඔප්පු කරන මනුස්සයෙක්ට ආදරේ හිතෙන එක සාධාරණ ඇති. මම සමහර දවසට මට ආදරේ ඇති කියල හිතෙන අයගෙ ලිස්ට් එකක් හිතින් හදනවා ඒකෙ ඉන්නෙ තාත්තා ,සීතා අම්මා , ආච්චි අම්මා,ඊශ්වර වගේ හරි සීමිත පිරිසක් දැන් ඒ ලිස්ට් එකට රාදෙව් අයියාත් එකතු වුණාම මට හරි අමුතු සතුටක් දැනෙන්න ගත්තා.

එදා ඩ්‍රෙසින් රූම් එකේ දොර අස්සෙන් පෙණුන රාදෙව් අයියගෙ මූණ මට මතක් වුණා. එවෙලෙ එයාගෙ මූණෙ තිබුණෙම ලොකු සැනසීමක් හරියට කාලයක් තිස්සෙ බලන් ඉදපු දෙයක් ලැබුණම අපිට දැනෙන සතුට එයාගෙ මූණෙ එහෙම් පිටින්ම ඇදිලා තිබුණා. ඉතින් හරිනෙ එයා මම දිහා බලන් ඉන්නෙ මම එයා කියල කෙනෙක් නොදන්න කාලෙ ඉදන්මයි. මනුස්සයෙක්ට පුළුවන්ද එහෙම නොදන්න කෙනෙක්ට එච්චර ආදරේ කරන්න. මම ස්කූල් එකට ගියපු මුල්ම දවස් වල එයා දැක්ක දවසෙ ඉදන් එයා මම දිහා බලන් ඉදපු විදිය  , බස් එකේ ස්කූල් යන්න එන්න ගත්ත හැටි, ස්කූල් ඉවර වුණාම නුග ගහ යටට වෙලා ඩියුටි කරනවා වගේ මම එනකම් බලන් ඉන්න එක වගේ චූටි චූටි දේවල් වලින් වුණත් එයා කරේ ආදරේ කරපු එක නේද කියල මතක් වුණාම මට රාදෙව් අයියා ගැන දැනන හැගීම ආදරේ කියන එක ගැන මට තව දුරටත් සැකයක් නෙවෙයි කියන්න මගේ හිත තේරුම් ගත්තා.එයා එක්ක ගත්තම මගේ පැත්තෙන් ඒක මහා ලොකු පරිණත මට්ටමේ ආදරයක් නෙවෙයි වෙන්න ඇති ඒත් මම අද ඉදල මේ මනුස්සයට කොච්චර ආදරේ කරයිද කියල මට වත් හිතා ගන්න බැරි වෙයි.

රාදෙව් අයියා මගෙ ජීවිතේට ආවට පස්සෙ මම මගෙ හැගීම් හන්ගන එක සීමා කරලදෝ කියලත් මට හිතුනා.වෙනදට කදුළු නොඑන මගෙ ඇස් වලට කදුළු පිරෙද්දි , ලෙන්සස් නැතුව උනත් අනිත් අය දිහා ඇස් උස්සලා බලන්න හිතට කන්ෆිඩන්ස් එද්දි, ඕනම දේකට හොදට හිනා වෙලා ඉද්දි මම හිටියට වඩා සැහැල්ලුවෙන් ජීවත් වෙනවා දැනෙද්දි ඇත්තටම ජීවත් වෙනවා කියන්නෙ මොකද්ද කියන එක පහු ගිය මාස කීපෙටම මට දැනෙන්න අරන් තිබුණෙ. මම තඩි හුස්මක් අත ඇරලා. ඇස් වලට උනල තිබුණ කදුලු ඇගිලි වලින් පොඩි කරල දාලා. නැගිටල ගිහිම් පාඩම් කරන්න ගත්තා.

රෑට කාල බීලා ඉතුරු ක්ලාස් වැඩත් කරාට පස්සෙ තමා ආයෙම ෆෝන් එකේ ඩේට ඔන් කරල බැලුවෙ. රාදෙව් අයියගෙන් මැසේජ් එකක් වත් නැති නිසා මම කම්මැලිකම යන්නත් එක්ක මිදුලට ගියා. ගෙදර ඔක්කොමල නිදිද කොහෙද මම ගේට් එක ලග ලයිට් එකත් ඔන් කරගෙන මිදුලට ගිහිම් කපුරු පාත්තිය ලග බෙන්ච් එකෙන් වාඩි වුණා. පෝය ලග නිසාද මන්දා හදේ එළියත් ටිකක් වැඩියෙන් තිබුණා. දොළහටත් ලගයි යක්කු ගස් නගින ටයිම් ඒව් ඒව්.ලොකු වෙලාවක් අහසට ඔරවන් ඉන්න උනේ නෑ ෆෝන් එක රින් වෙන්න ගනිද්දි මම ශෝර්ට් එකේ තිබුණ ෆෝන් එක අතට ගත්තා.

HP Asuraya🧝‍♂️ calling….

“බේබී….”

“ම්ම්..”

“පාඩම් කරාද, කෑවද?”

“ඔව් ඔක්කොම කරා. ඔයා?”

“කෑවා. පාඩම් කරන ගමන් හිටියෙ උබව මතක් වුණා. මොකද කරන්නෙ ?”

“හද බලනවා අප්පා.”

“ම්ම්ම් එළියෙද ඉන්නෙ.”

“ඕ..”

“අහ් ඉදපම් ඉදපම් මේ ටයිම් එකට තමා උබට හරියන උන් එළිබහින්නෙ.”

“මුක්කුන්ද? අහ් දැන් අසුරයො එළි බහින්නෙ මේ ටයිම්ද…. හා…..රි හරි…….”

“උබට කිව්වා කියල හිතා ගනිම්.”

“à·„à·š à·„à·š.. හෙට ස්කූල් එනවද?”

“ඔව් . හවස ක්ලාස්. එහෙමම ඉවර වෙලා ආයෙ ස්කූල් එකට එන්නම් ප්‍රැක්ටිස් ඉවර වෙලා මම එනකම් අරහෙ මෙහෙ නොයා එක තැනක ඉදපම් එනකම්.”

“හරි හරි අප්පා . මම පොඩි එකෙක් නෙවෙයි.”

“පොඩි නෑ උබට තෙලේ වැඩීනෙ ඒකයි. ඇතුලට පලයන් පිනි බාල ලෙඩ වුනාම තව එකක්.”

“හරි අනේ…….”

“ම්ම්ම්ම් මම තියන්නම්. ඇතුලට පල දැන්. වැඩිය නිදි මරන්න එපා දවසෙ වැඩ ටික කම්ප්ලීට් කරල නිදා ගන්න හරිද. ගුඩ් නයිට්.”

“හරි අයියේ. ගුඩ් නයිට් . පරිස්සමෙන් ඉන්න.”

ඊව් තිබ්බා නේද අසුර භූතයා පරිස්සමෙන් ඉන්න කිව්වෙවත් නැහැනෙ. මම ෆෝන් එකට රවල බිම බලද්දි තමා දැක්කෙ මෙච්චර වෙලා ලග තිබුණ ඇන්තූරියම් පැලේ නේද මේ පට්ට ගහල තියෙන්නෙ . දෙයියනේ දෙයියනේ …..මොනිකා ආන්ටිට නොවදිනා වැදුම් වැදල මම මේක ඉල්ලන් ආවෙ. පර අසුර නිසා ඒකත් සුන්නද්දූලී………. මම ඇන්තූරියම් පැලේ අත ගගා විස්සෝප වෙවී ඉදල ගෙට යන්න නැගිට්ටා විතරයි.

“අම්මට…..$&#&& කහ්-    අයියෝ ඔයත් මහ වේස වැඩනෙ කරන්නෙ හොල්මන වගේ හිටන් ඉන්නෙ.”

කලුවරේම සුදු පාට ටීශර්ට් එකක් ඇදන් සුදුමැලි පාටට මේ පැත්තට එන අයියව දැකල තා ටිකෙන් මගෙ හුස්ම ටිකත් යනව බහ් ගාල. මෙවන් කුඩ සහෝදරයො නම් ජයෙන් උදාරයි.

“තමුසෙව කන්න ආවෙ නෑ වාඩි වෙනවා.”

යන්න නැගිටපු මම ආයෙම බෙන්ච් එකෙන් වාඩි වුණේ අයියත් ඇවිත් මට එහා පැත්තෙන් වාඩි වුණ නිසා. මූ මොකද මේ රෑ ඇහැරන්………

“තිදස්!”

“ඕ..”

“කව්ද කතා කලේ?”

“ස්කූල් යාලුවෙක් . වට් කේස්?”

“නිකම්..”

අයියා ලොකූ හුස්මක් හෝස් ගාල පිට කරල ආයෙම අහස දිහා බලාගත්තා. ඒ සුදු මැලි වෙලා ගිය මූණෙ ලාවට හිනා රැල්ලක් ඇවිත් ගියාම මමත් අහස දිහා බැලුවා. අපි දෙන්නගෙන් කව්රුවත් කතා කරේ නෑ හැබැයි දෙන්නගෙන් කව්රුවත් නැගිටල ගියෙත් නෑ. 

“තිදස්!”

“ම්ම්ම්..”

“ඔයාට අර පේන හද දැක්කම මොනාද හිතෙන්නෙ.?”

“ම්ම්ම්ම්ම් … ඒක ලස්සනයි .”

“තව?”

“ම්ම්ම් ඕනතරම් වෙලා බලන් ඉන්න පුළුවන්. හද ඔහොම පිරිල තියෙද්දි හරි අමුතු සතුටක් දැනෙනවා .”

මම අයියා දිහා බලල කිව්වට අයියගෙ ඇස් තිබුණෙ තාමත් හද ලග. එයා පහලට රූටල ගිය කන්ණාඩි දෙක ඇගිල්ලෙන් උස්සගෙන මම දිහා බලල ආයෙම අහස දිහා බැලුවා. වෙලාවකට අයියා ගැන පුදුමයි. එයා අමුතුයි තමා ඒත් මාව පුළුවන් තරම් මග ඇරල ඉන්න පුරුදු වෙච්චි කෙනා මෙහෙම දේවල් මාත් එක්ක කතා කරද්දි ඒක හරි අමුතුයි.මෙහෙම වෙලාවට තමා මට මූ ගැන බය.

“හද කොහොම තිබ්බත් එකයි තිදස්. එකම හදනෙ.මිනිස්සු ඒක දිහා බලන විදිය තමා වෙනස්. ඒක කෙනාගෙන් කෙනාට ඉන්න ටිටුවේෂන් එක අනූව වෙනස් වෙනවා.”

“ආහ්!”

මෙයත් වෙලාවකට මොනවා කියනවද මන්දා මෙන්ටොස් ටොෆියක් මගෙ අතේ ගුලි කරල පොළවට රිදෙනවට වගේ අඩි තියල ගේ ඇතුලට යන අයියා දිහා මම කටත් ඇරන් බලන් හිටියා.

ගිහිම් එන්නම් ළමායි………………..
                   මම ඔයාලගෙ දාස්🍃🐳

මෙහි එන නම් ගම් චරිත සහ සිද්දීන් සියල්ල මනඃකල්පිත බව සලකන්න.

Tags: read novel Kapuru. | À¶Šà¶´À·”À¶»À·”. කපුරු 23🍃, novel Kapuru. | À¶Šà¶´À·”À¶»À·”. කපුරු 23🍃, read Kapuru. | À¶Šà¶´À·”À¶»À·”. කපුරු 23🍃 online, Kapuru. | À¶Šà¶´À·”À¶»À·”. කපුරු 23🍃 chapter, Kapuru. | À¶Šà¶´À·”À¶»À·”. කපුරු 23🍃 high quality, Kapuru. | À¶Šà¶´À·”À¶»À·”. කපුරු 23🍃 light novel, ,

Comment

Leave a Reply

Chapter 24