Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයෙල් – 37

A+ A-

Hey dreamy little செல்லம்மா
உன் சின்ன கண்ண கொஞ்சம் தொறந்துக்கோ
Hey chubby குட்டி செல்லம்மா
நீ ரெக்க ரெண்டு கட்டி பறந்துக்கோ

ට්‍රින්කො ආවට පස්සෙත් අරහෙ වගේ ම තමා. වැඩ වැඩ වැඩ. මෙහෙ තියෙන්නෙ ෆැක්ට්‍රියක් වගේ එකක්. ඒ කියන්නෙ අරහෙ පොල් මෙහෙටත් ගෙනල්ලා යවනවා. තව පොල් ලෙලි අර කොටු කපලා පැක් කරලා හදනවා. තව අනං මනං දේවල් තියනවා.

“මාත්තියා ඔඳට කන්න ඕනා මාත්තියා. තව ඕන්නම් කියන්නකෝ..”

“හරි මාමෙ”

මෙහෙ ආවම මං ආස ම වැඩක් තමා ටැමිල් කඩේකට ගිහින් කන එක. ශෝක් අප්පා. එයාලා හදන කෑම මාර රසයි. ඉතින් හවස වැඩ ටික ඉවර වෙලා වොශ් එකකුත් දාන් මං හතට විතර එළියට බැස්සා රවුමක් දාන්නත් එක්ක. මේ පැත්ත මට ටිකක් හුරුයි පොඩි කාලෙ ඉඳන් එවෙන නිසා. මං අර මාමා ගෙනත් දුන්න තෝසෙයි වඩෙයි පූරියි සේරම ටීවී එකේ දාලා තිබ්බ ලක්ෂ්මි ෆිල්ම් එකත් බල බල කෑවා. සේරම කාලා ටිකකින් අර වීදුරුවක දෙන උණු ප්ලේන්ටියත් බිව්වාම වැඩේ හරි.

🔔ටිටික්

නොටිෆියක් ආපු පාර බලද්දි මගෙ පාප මිත්‍රයා..

“Oi ballo tho marilada?”

“Appa ow neh bn kiyanna amthaka una. Waren hode. Sini genna epa tho”

” Chocolate biscuit thiyapan. Echcharai😌”

“Ba. Mn thiyanne come”

“Adala na 🔪 “

” âš” “

“Me tho enne nadda oi. Kammali sunkayo”

“Enawa enawa bn. Heta ei samaharawita”

“Ah ha ela. Eddi karola kallakwath genen hode”

“Aaa tho karola kali illanne idapn mn ayon aiyata kiyanna uba kali hoyanawa kiyala”

“Ane tho උප්ටා pala yanna bes*kaya”

“Yanawa thama do”

“Pala ithin. Luv u sudu manikeeeee 🤮♥️”

” Fu*k u”

මුන් එක්ක වැදගත් තැනක කතා කරන්න බෑ. තනියම හිනාවෙද්දි මිනිස්සු මොනවා නොහිතයිද මන් අහන්නෙ. පිස්සු කැම්‍රි සතා.  කාලා බීලා පේ කරලා මං පයින් ම ෆැක්ට්‍රිය පැත්තට හෙමින් හෙමින් ඇවිදන් ගියා. මුහුදු හුළඟත් එක්ක මෙහෙම රෑට ඇවිදිද්දි හරි නිදහස් ගතියක් දැනෙනවා..
.
.
“අම්මෙ කෝ ඔහොම ඉන්න හැරෙන්න එපා අප්පා. මේක හිටින්නෑනෙ”

“ඔයාට තේරෙන්නෑ අනේ..මෙන්න මෙහෙට දෙන්න.”

ඊයෙ ම වැඩ ටික ඉවරකරගන්න පුළුවන් උන නිසා අද උදේ අපි කොළඹ යන්න පිටත් උනා. යන්න කලින් අම්මයි මායි කෝනේශ්වරම් ආවා. ඔය එද්දි මග කඩේකින් පිච්ච මල් වැලක් අරන් අපේ අම්මට ඒක ඔලුවෙ ගහගන්න ඕනෙ වෙලා මට කියනවා. අනේ හත්දෙයියනේ මං දන්නෑ මේවා ගහන්න. අනික මේක හිටින්නෑ හැලෙනවනෙ. ඒ පාර අම්මා මටත් ගස්සන් ළඟ හිටපු අක්කා කෙනෙක්ට කියලා ඒක හදාගත්තා.
මන් අම්මත් එක්ක කෝවිල ඇතුළට ගිහින් වැඳලා කරලා අනික් ටිකත් බලලා එතන තිබ්බ අර දෙබෑ උන ගල් දෙක ගාවට වෙලා මුහුද දිහා බලන් හිටියා.
මෙතනින් එකේක කට්ටිය වැටිච්ච කතා පැනපු කතා එහෙම හෙන ගොඩක් තියනවා. කොහොමත් රාවණා කැපුම ගාවට ඇවිත් හිටගත්තම උසත් එක්ක ඒකෙ අමුතු බය ගතියක් තියනවා. හැබැයි ලස්සනයි. අපි කෝවිලෙන් එළියට එන ගමන් මග කඩවල්වලින් දොදොල්, මස්කට්, රුලං, හකුරු ගොටු අනං මනං ගත්තා. අම්මා නං ගත්තෙ ආච්චිලට ලොකුඅම්මලට එහෙම දෙන්න. මං ගත්තෙ මගෙ බඩජාරි සංසදේට දෙන්න. රිළවා අද මං එනවා කියලා කිව්වම කියනවා මං නාවත් අම්මා අතේ හරි කෑම එවන්නලු. හුහ්.
ඒ ඇවිත් වාහනේට නැගලා  අපි ආවා. එද්දිත් ඉතින් එකදිගට ආවෙ නෑ. මග නවත්ත නවත්ත ආව නිසා කොහොමහරි ගෙදරට එද්දි එකොළහ දොළහ උනා. ඇවිත් මහන්සියත් එක්කම මට ඇඳට පැන්නා විතරයි අනික් පැත්තට නින්ද ගියා.
.
.
“පුතා අද ඉස්කෝලෙ යන්නැද්ද ළමයො? පරක්කුයි නැගිටින්නැද්ද?”

“ම්හ්… තව විනාඩි පහක් ඉන්නකො..”

“මහන්සි නම් ඉන්න ඉතිං. දැන් තව නිදාගත්තොත් ඔයාට පරක්කු වෙනවා සෞ. හයයි දැනටමත්”

මොකක් කිව්වා හයයි. මල හත්වලාමයි. මං ඉද්ද ගහලා වගේ ඇඳෙන් නැගිටලා ටක් ගාලා ඇඳෙන් බහින්න ගියපාර බෙඩ්ශීට් එකත් පැටලිලා බිමට පතබෑඋනා. උප්ට මටමයි වෙන්නෙ.

“අතදෙන්නකො අප්පා. හිනාවෙන්නෙ”

“හිනායන්නැතුව. à·„à·„à·Š à·„à·„à·Š.. කකුල් දෙක ඇඳේ ඇඟ බිම. කෝ නැගිටින්න”

“මං සුටුස් ගාලා එන්නම් හොඳේ.”

මං දූවගෙන බාතෘම් එකට ගිහින් වොශ් කරන් ඇවිත් ලෑස්ති වෙලා කාලා බීලා එළියට බැහැලා ඇවිද ඇවිද දුවන් ගියා ටවුමටම. කොහොමහරි පැය කාලෙන් ටවුමට ආවා. හම්බොහ් මහන්සී… කිලෝමීටර් දෙකක් විතර එනවා කියන්නෙ ලේසි නෑ යකුනේ..

“කොටුව කොටුව පිටකොටුව නගින්න නගින්න ඉක්මන් කරන්න. කොටුව කොටුව…”

මං එළියට දාලා දැන් යන්න තිබ්බ බස් එකටම ගිහින් එල්ලුනා. බස් එක පිරිලා සුපිරියට. ඊළඟ එකේ යන්න කියල යෑ පරක්කු නෙ. කොහොමහරි තැලිලා පොඩිවෙලා ඉස්කෝලෙන් ගාවින් බැහැලා ඉතුරු ටිකත් දුවගෙන දුවගෙන යද්දිම සිකූටි අන්කල් ගේට්ටුව වහනවා.
ක’මෝන් සෞරාෂ් ඔයාට පුළුවන්! දුවන්න! දුවන්න! යෝ..

“අන්කල්.. ඔහොම ඉන්නෝ..  හෝව් හෝව්…”

අන්කල්ට මං චූටි කාලෙ ඉඳන් ගුඩ් මෝනිං කියලම මගෙ ෆිට් එක වෙලා හිටියෙ. මාව දැකලා හිනාවෙලා ගේට්ටුව වහන්නැතුව හිටියා ඉතින්.

“තෑන්ක්ස් මාමෙ හොඳේ..”

මං ක්ලාස් එකට ගිහින් දඩාං ගාලා බෑග් එකත් දාන්ම පුටුවන් වාඩි උනා. දුවලා දුවලා නැවතුනාම හෙන සීතල හැඟීමක් අප්පා දැනෙන්නෙ. ඉන්න බෑ…

“මොකෝ මිනිහො හතිදාන්නෙ. මං හිතුවා තෝ අද එන්නැති වෙයි කියලා. මං හවස ඉස්කෝලෙන් පස්සෙ එන්න හිටියෙ මගෙ පංගුව අරගන්න”

“තෝ නම් මහ මොකෙද්ද මන්දා ඕයි.”

ඒ එක්කම ගාථා පටන් ගත්ත නිසා අපි නැගිටලා ගාථා කිව්වා…..වගේ හිටියා. හෙහේ..
ගාථාවලින් පස්සෙ අපේ භාවනා කරද්දි ඒ වෙලාවට කැතලික් අයටයි ඉස්ලාම් අයටයි එයාලගෙ ප්‍රේයර්ස් යනවා. අපේ උනුත් ඉතින් කරන භාවනාවක් නෑ. ඇස් ඇරන් ඔහේ ඉන්නවා. ප්‍රිෆෙක්ට්ස්ලා එහෙම මොකුත් වැඩිය කියන්නෑ. කියෙව්වොත් විතරයි අවුල. හැබැයි ඇත්තු ටික එද්දි නම් එහෙම ඉන්න දෙන්නෑ. අද නං සෙට් එක මේ පැත්තෙ රවුම් ගහලා ඉවරද කොහෙද කට්ටිය ඔහේ ඉන්නෙ.
යුගත් මගෙ බෑග් එකට ඇහැ දාගෙන ඉන්නවා. ඌ සුවඳින් කෑම ටික අඳුරගන්න පට්ට ට්‍රයි එකක ඉන්නෙ. කන උන්ට බඩ රිදෙයිදත් මන්දා.
එකපාට්ට ක්ලාස් එකේ ලාවට තිබ්බ කුටු කුටුව අඩු වෙලා ගිය නිසා මාත් බෑග් එකෙන් ඇස් දෙක අරන් යුගා දිහා බැලුවා. ඌත් මන් දිහා බලලා අයිබ්‍රෝ දෙක උස්සලා ඇයි කියලා ඇහුවා.

“උබලගෙ සද්දෙ මොකෝ ආ?!!! භාවනා කරන වෙලාව තියෙන්නෙ තොපිලට කියවන්නද?!!!”

යකඩෝ මල ජංජාලයයි. මිනුරයාට නැගලා…අයි මීන් යකා. මුගෙ සද්දෙට කන් බෙරෙත් යනවා. රිළවත් කැලේ.
දැන්නං පන්තියෙ ඉඳිකට්ටක් වැටුනත් ඇහෙන තරමට සයිලන්ට්. සෙක්ෂන් එක ම වෙන්නත් පුළුවන්..

“කෝ මේ ක්ලාස් එකේ ප්‍රිෆෙක්ස්ලා ආ?”

“අද ආවෙ නෑ අයියෙ”

“තුනක් ඉන්නවා යකෝ. උබලා කියන්නෙ එකෙක්වත් නෑ කියලද?”

“ඔ..ඔව්”

පව් අරූ එක්ක කතා කරන එකා නහුතෙටම බය වෙලා හැබැයි පුදුමෙකුත් නෑ අරකා බෙල්ල මිරිකන් වගේ ඇස් දෙකත් රතු කරන් බෙරිහන් දිදී අහද්දි බය හිතෙනවා තමා. උගෙ මොනා උනත් අර ටොප් බෝඩ් ලුක් එකත් එක්ක ඒ ගැම්ම තියනවා.

“මාව උන් තුන් දෙනාට ඇවිත් හම්බෙන්න කියපන්.  උන් ආවත් නැතත් උබලා දැනගන්න ඕනෙ හරියට ඉන්න. උබලා නේද ඉස්කෝලෙ ලොකු උන්. මෙහෙම හැසිරිලා හරියනවද? ආපහු මෙහෙම වෙලා මට අහුවෙන්න එපා දැනගනිං”

මිනුර අයියා ඒක කියලා මුළු පන්තිය දිහා ම ස්කෑන් කරනවා වගේ බලන් ගියා. ආයි දෙකක් නෑ මුළු පන්තියම බිම බලන් ඉන්නෙ. ටික වෙලාවක් එහෙම්ම ඉඳලා පාසල් ගීයත් කියල ඉවර උනහම මිනුරයා ගියා. හම්බෝහ්..

උදේ ගාථා කියලා ඉවර වෙලා මිස්ලා ඇවිත් උගන්නන්න පටන් ගත්තා. ඊටපස්සෙ හතරවෙනි එක රිලීෆ් එකක් සෙට් උන නිසා මායි යුගයි කෑම ටිකත් අරන් ප්‍රිෆෙක්ට් රූම් එකට ගියා. අපි දෙන්නා වෙනදා පුරුද්දට ම දොර ඇරන් ඇතුළට ගියා.

“යුග්ගො මිනුරයා ඉන්නවා බං. අඩෝ අර බලන විදිහ බලපන් බයෙත් බෑ ඕයි.”

“අනේ උබ හිටපන්. මොන තිලාපියෙක් ද ඌ. අනික බය උනත් බයයි කියලා පෙන්නන්න එපා බම්ලො”

“මට වැඩේමයි පෙන්නන්න”

යුගයි මායි හෙමින් කියෝ කියෝ ගිහින් අයියලා ගාවින් වාඩිඋනා. මිනුරයත් අපි අයියලා ගාවට යද්දි ආපහු පහළ බලාගෙන ෆෝන් එක කොටන්න ගත්තා.
හොඳ ම වැඩේ කියන්නෙ අද එක්කෙනෙක් ඉන්නෙ මාර සතුටින්ලු ඉතින්. මාව දැක්කා විතරයි කට කනේ. මූනත් රතු වෙලා. අලෙව් පුපත් රතු උනා නං තාපස බැබුනෙක් කියලා ගිහින් සත්තු වත්තට අතාරින්න තිබ්බා. හැබැයි මුගෙ ඇති තාපස කමක් නෑ. එක්කො අව්ලක් නෑ ඔන්නොහෙ ගෙනිහින් දානවා මොකෝ නමේ තියන විදිහට ම දේවල් වෙන්නෑනෙ. එහෙනං වැලි තලපවල කෝ වැලි?

“අම්බෝ ඇටයාව දැක්ක කල්. මොනාද තෝ අපිට ගෙනාවෙ රවුම් ගහලා.”

“ඔය තියෙන්නෙ ගෙනාපුවා තමා. කට්ටිය බෙදාගෙන කනේකයි ඇත්තෙ”

“යේක අපි කෑම නම් බෙදාගෙන නෙමේ තම්බි බදාගෙන කන්න තමා දන්නවා.”

“නී පෝ සසිත අණ්ණා. යේක ඒම බදාගෙන කන්න බැරුවා. බදාගන්න තංගච්චියෙක් තමා හොයාගන්න ඕනවෙනවා”

“ආ… පොඩි ඇටයා රවුම් ගහලා තංගච්චියෙක් හොයාගෙන වගේ.. ඇටයෝ… ඔව්වට නම් එන්නෙපා හරේ..”

“අනේ වැඩේමයි පල යන්න කිත්මිණ අයියෙ. නේද ඒයි?”

“ම්..”

බකමූණෙක් අප්පා මහා. එව්නාට මගෙ සංකුටු බකමූණා අද සතු වෙලා අප්පා හව් හව් ගාලා හපන්න හිතෙනවා මට. බලන්න නයනි ඒකෙත් හැටි.

“අයියෙ”

“ම්..”

“මොකද්ද හලෝ ම් ම් ගාන්නෙ. කතාකරනවකො.”

“කියන්න”

“මට චුක්කියක් දෙන්නකො ඒයි.”

මං ඇගිලි දෙකත් එකට වද්ද වද්ද කිව්වා විතරයි ඔව්.. ඔව්.. ඔන්න අයියගෙ ඇස් දෙක පොල් උනා. කට ඇරුන්නෑ.. කමක් නෑ. ඔන්න ස්ලෝ මෝශන් මගෙ පැත්ත හැරුනා. එකායි.. දෙකායි.. තුනායි.. පිස්සුද සෞරාෂ්!!!

“පිස්සුද සෞරාෂ්?”

හම්මෝ හෙට සතුටක් දැනෙනවා අප්පා. හරී දැන් බන අහන වේලාවයි. ඔය ඉඩ තියන තැනක් බලලා වාඩිගත්තට කාරි නෑ.

“මොකද්ද අයියෝ”

“මේ ඉස්කෝලෙ සෞරාෂ්”

“ඉතින්..”

“ඉතින්..? ඉතින් කියන්නෙ දෙනවා උබට මම දැන්.”

“ඒකනෙ දෙන්නකො අප්පා.”

හිකි හිකි. රිළවෙක්ට හුළං පිම්බුවත් මෙච්චර පිම්බෙන් නෑ අප්පේ.

“අඩෝ කමු කමු බන්. අභියො වරෙන් කන්න බං බඩගිනී”

තව විනාඩි දහයක් විතර ඉන්ටවල් එකට තියනවත් එක්ක. කමක් නෑ අප්පා කොයිවෙලේ කෑවත් බඩටනෙ.

“සෞරාෂ්”

“ඕ..”

“බෝංචි?”

“ආ..”

අද අයියා වෙන්න ඕන මේ බත් එක ගෙනත් තියෙන්නෙ. නැන්ද උම්බලකඩ දාලා තෙල් දාන බෝංචි එක පට්ට ම රසයි ආයි කියලා වැඩක් නෑ.
මන් අයියා දුන්න බෝංචි කෑල්ලත් අරන් හපාගෙන හපාගෙන ගියා. අද ටිකක් සැරයි හැබැයි.

“සෞරාෂ්.. මොකෝ කන රතු වෙලා?”

“ඇහ්? රතු වෙලා? කෝ..”

දැන් නං ටිකටික සැර වැඩි වෙනවා. යකඩෝ!!! මොන මගුලක් ද.

“ස්.. අයියෙ වතුර එකක්”

“ම්..
හැබැයි… සෞරාෂ්”

මොන වෙඩින් එකක්ද ඕයි අයියෙ කරන්නෙ. ඔය හැබැයිය පස්සෙ කියපන් මට වතුර එක දීලා. යකෝ සැරයී… සැර ගානක්වත් නැති මට සැරයි කියන්නෙ සිරාවට ම සැරයි යකෝ..

“මං කියන්නේ.. ඔයා අරහෙන් හොයාගන්නවා කිව්ව තංගච්චි මෙහෙම මිරිස් හැපුනම වතුර දෙන්නැති වෙයි නෙහ්”

“ඔව් ඔව් දෙන්නෑ. අනේ ඕක දීපන් අයියෙ කන් දෙක අඩියත් දැවිල්ලයි..”

අයියා හිනාවෙලා වතුර එක මගෙ කටේ ගැහුව පාර මං එහෙම්ම බීගෙනා බීගෙන ගියා. යකෝ තංගච්චි මිරිස් හැපු.. ඔහොම ඉන්න මිරිස්? මූ කොහොමද කියන්නෙ මට මිරිස් හැපුනා කියලා? මගෙ රහස් පරීක්ෂක මොළේට යමක් වැටහීගෙන යනවා.. ඔව් මන් දැන් මේකාගෙ මූනෙ තියන හෙන අහිංසක රවටන සුළු පෙනුමෙන් ඒක තහවුරු කරගන්නවා. අම්මපා මේ වෙට්ට පිත්තල කාවයියා. මට මිරිස් කවලා තව වතුරත් දෙන්න. මං හොඳ…ට අයියා දිහා බලන් ඉඳලා කකුල උස්සලා උගෙ රිළා කකුල පෑගුවා. ඇස්වලට කඳුලුත් එනවා. දුකට නෙමේ යකෝ සැරට සැරට.

“ආව්.. සෞරාෂ්!”

“සැව්රාෂ් තමා. තෝ මොකද මට මිරිස් කැව්වෙ. ආ? කියපිය බලන්න රිළවා”

“මිරිස්? මේ මම? ඔයාට?”

“ඔව් මිරිස් තමා. තෞසෙ නැතුව, මට පිස්සු කියලා හිතුවද මිරිස් කන්න”

“ඒකෙත් පොඩි ඇත්තක් තියනවා බං. හැබැයි මෙහෙමයි ඔයා අර යන දවසෙ කිව්වා වගේ තංගච්චියෙක් හොයාගත්තොත් එහෙම ඔයාට මිරිස් හැපෙනවා වැඩි වෙන්නත් පුළුවන් සෞරාෂ්. මන් කියන්නෙ එයාලා සැර දානවා වැඩීනෙ.”

ඇහ්? මොකාක්.. මේකා මේ එදා වචනෙ අල්ලන්ද නටන්නෙ. ආහ්.. වලක් කපපාන්..

“සෞරාෂ්”

“මොකද?”

මන් ඕනවට එපාවට වගේ අහල දැම්මා. එනව මෙතන මට මිරිස් කවන්න.

“සිරාවට උබ නැතුව පාළු හිතුනා බං.”

“ඉතින්? දන්නව නං එන්නෑ. තව ඉන්නවා මන් එහෙට වෙලා”

“පුපුරන්න එපා බං..”

හැව් හැව් තමා.

“මේ අනිද්දට චූටිගෙ බර්ත් ඩේ එක. මොනා හරි ගන්න ඕනෙ බදාදට යංද?”

“හා”

ඒ කියන්නෙ දැන් බට්ටිච්චිට දහයක් ද?

“අයියෙ මේ පොඩි දෙයක් කියන්න තියෙනවා…”

————————————————————

දවස් ගානකට පස්සෙ ඔන්න මං ආවා.. දවස් හයක් නෙහ්? ඇත්තට ම සොරි හොඳේ. Announcement එකකින් කිව්වෙත් ඒකමයි මගෙ චුක්කා චුක්කිලා බලන් ඉඳී කියලා. ආපහු පාරක් සොරී… 😶

ඉතින් අනේ… මිනුර අයියා වසයි ලු හොඳේ.  එයා ගැන මොකෝ හිතෙන්නෙ? ඔන්නොහෙ අපි සෞව්වට එයාව සැට් කරමුත. නෑ මේ අපිට තුන්කොන් පෙමක් වගේ දෙයක් ස්ටාට් කොරන්ඩ පුළුවන් නෙහ් මන් කියන්නෙ.. නේත? 👉👈

ඒකනෙමේ… සෞව්වට මොනාද කියන්නෙ තියෙන්නේ..🤔 suspicious🤨

P.S:

Thank you so much මගෙ චුක්කා චුක්කිලා හැමෝටම.😫♥️
ගොඩක් ගොඩක් ආතරෙයි ඔයාලට☺️♥️

අනික් එක…., අපේ සෞව්වගෙ වයසෙ චුක්කා චුක්කිලගෙ ඕලෙවල් රිසල්ට් ආවා නේද? පරක්කුයි තමා ඒත් කන්ග්‍රැට්ස් හොඳේ. ♥️ ඔය කළාටත් වඩා හොඳට ඔයාලා ඔයාලගෙ ඉස්සරහ වැඩ කටයුතුත් කරන් යන්න. ඒකට ගුඩ් ලක්! ඉතින් ඔයාලා ඔයාලට ගැළපෙන තැන්වලට යන්න හැබැයි කවදාවත් ඔයාව ගොඩනගපු තැන අමතක කරන්න එපා. ඔයා බිල්ඩ් අප් වෙලා ඒ තැනුත් පෝෂණය කරන්න අනිවාර්යයෙන්ම. ඒක තමයි කරන්න ඕනෙ. 🙂👊

මෙන්න මේ මස්කට් කෑලි ටික කම්නකෝ හොඳේ.. (imoji ඤැහ්)
මන් යන්නාම්..
Bye👋
ආතරෙයි 😘♥️

▪️කතුවරයාගේ අවසරයකින් තොරව කතාවේ ඇති කොටස් උපුටා හෝ අන් ආකාරයකින් (ෆොටෝස් / වීඩියෝස් ) සමාජ මාධ්‍යවල පලකිරීමෙන් වළකින්න.

▪️කරුණාකර කර්තෘ අයිතිය ද සුරකින්න.

Arden_Ak

Tags: read novel Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයෙල් – 37, novel Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයෙල් – 37, read Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයෙල් – 37 online, Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයෙල් – 37 chapter, Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයෙල් – 37 high quality, Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයෙල් – 37 light novel, ,

Comment

Leave a Reply

Chapter 39