Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 01

A+ A-

“යේ!!!”

“ළමයි! කෑ ගහන්න එපා. මේක විභාග ශාලවක්. එළියට යන්න ඉක්මනට.”

පුහ්, ටීච නං කියං. යකෝ කෑ ගහල මදි දෙය්යනේ. මේ අටමගලෙ ඉවර වෙච්ච සතුටට කෑ ගහල මදි.

“මගෙ සව් ඇටේහ්!!!”

මං ඩෙස් එකෙන් නැගිටිද්දිම යුගා ඇවිත් ඇඟට පැන්න පාර දෙන්නම පෙරලන් බිම වැටුනා.

“ආව් බල්ලො එසෑම් ඉවර උන ගාන්ම කොන්ද කඩන්නද හදන්නෙ.”

“ආතරේටනෙ ඒයි. මෙහ් අපි අද ඉදන් වටේ යමු හොඳේ. “

“අනිව කුඩුමාත්තය. යමු හොඳේ.”

ඔව් දැන් මට පේනව ඉන්විජිලේටර් මිස් අපි දෙන්න දිහා කන්න වගේ බලන් ඉන්නව. ඉක්මනට නොගි…

“ළමයි! දැන් මං ආපහු සරයක් කියන්නෑ. ඉක්මනට එළියට යන්න. මෙතන කියෝ කියෝ ඉන්නැතුව.”

මන් කිව්වෙ. මන් කිව්වෙ. ඒක නං මටයි යුගාටයිද මන් ද කිව්වෙ. ටීචර්ට තේරෙන්නෙ නෑ නෙහ් අප්පහ් අපි මේ එසෑම් අසහනේ දුරුකරගන්නෙ කියල. එවුනාට මෙතන ඉදල බැනුම් අහන්න ඕන්නැති නිසා මං යුගාවත් ඇදන් බිල්ඩිමෙන් ඉළියට ආවා. ඒ එන්නත් විනාඩි පහළවක් විතර ගියා. අපේ එවුන් හැමෝම පඩිපෙලේ ඉදනුත් කියෝනව කියෝනව ඉවරයක් නෑ. මිස්ලට අද පැයක්වත් යයි මං හිතේ අපේ උන්ව එලෝගන්න.

ඔයාලා කොම්පියුස් වෙලාත ඉන්නෙ. ටිකක් ඉන්ටකෝ. මෙහෙමයි හොඳේ. අද දවස ගත්තොත් ආ නැහ් ඊටත් කලින් මං අක්ෂාර සෞරාෂ්. එතකොට කලින් මගෙ ඇඟට පැන්න කුළු මීමා යුගාන් ඓශ්චර්‍ය. හොටු ලේන්සුවේ ඉදන් නැතුවට ඔස්ට්‍රලෝපිතිකස් කාලෙ ඉදන් ඉන්න මගෙ හොඳ ම යාළුවා. I mean 6 වසරෙ ඉදන්. ඕකා මට ඔය සව් ඇටේ සව් ඇටේ ගාන්නෙ මගෙ සෞරාෂ් කෑල්ලට. අනික් උනුත් හැමෝම වගේ මට කියන්නෙ සෞරාෂ් කියල තමා. හරි දැන් නැවතත් සුපුරුදු වැඩසටහන. අද දවස ගත්තොත් 2024/05/15. ඒ කියන්නෙ මේ ලංකා ද්වීපයේ පිනට පහළ වූ 2007 මල් වගේ ළමා ළපටින්ගෙ OL exam එකේ last day එක. මීට සුලු මොහොතකට පෙර අපේ එවුන් ටික කෑ ගැහුවෙ ආන්න ඒ සතුට සමරන්න තමා. 

“වරෙන් හුත්තො එළියට. තෝ ඕක ඇතුලෙ පැළ වෙන්න ද හදන්නෙ.”

“ඉදපිය ඉතින් පැය 3ක්  සූ බර හිර කරන් හිටියේ.”

හාහ්. නිවන් ගියා වගේ.  මං අතත් හෝදන් එළියට ගියාම යුගා යන්නැතුව හිටන් ඉන්නව ඒ පාර. 

“දැං මැරෙන්න හැදුව නේද තෝ මට වැඩේ කරගන්න නොදී. යමං ඉතිං මෙතන හිටන් ඉන්නෙ”

“නෑ මේහ් මං කල්පනා කලේ උබට ඩයබෙටික්ද කියල ඕයි. පේපරේට කලිනුත් තෝ චූ දාන්න ආවා නෙහ්. “

ඕං කිව්ව කතාවක් මැටි හරක් කාලකන්නිය. ඇයි යකෝ මං කොම් පේපරේ අතට එනකන්  නහුතෙට ම බය වෙලා හිටියෙ. ඇයි අප්පහ් මං හැමදාම ස්කූල් ටර්ම් ටෙස්ට්වලදි නූලට ඔය මගුල ලියල ඉවරකරන්නෙ. අමාරුයි නෙහ්. ඉතිං චූ බරක් ලෝඩ් වෙන එක හරිම සාමාන්‍යයයි. හැබැයි ජීවිතෙ ප්‍රථම වතාවට අද මං පැය භාගයක් කලින් කොමස් පේපරේ ඉවර කළා. මට හරි සතුටුයි මාත්තයො. එවුනාට ඉංග්ලිශ් පේපරේ නම්… නෑ ඔන්නෑ. 

අපි දෙන්න වල්පල් කියෝ කියෝ කැන්ටිම පැත්තට ගියා අපේ අතිජාත මිතුරු කැලට සෙට් වෙන්න. අද හැමෝම කතා වෙලා ඉන්නෙ Relax එකට යන්න. අපි කියන්නෙ මායි, යුගායි, ශෙයලුයි, අයාzසුයි තමා. උන් දෙන්නව නං සෙට් උනේ 8 වසරෙදි වගේ. අපි හතරදෙනා තමා ඉතින් ඉස්කෝලේදි එකට ඉන්නෙ.

“අඩෝව්… සෞව්වෝ කෝමද ඉතිං සැප සනීප. පේපරේ එල නෙහ් නැතත් කොරම්න දෙයක් නෑ. නැද්ද ශෙයා. “

“යේකනෙ යේකනෙ. මේහ් ඒක නෙමේ දැං මොකෝ වෙන්නෙ කියපං ඉස්සල්ලම මට. සෞරාෂ්?”

“මහ මොලකරු ඉන්නෙ බොට එහාපැත්තෙ මගෙන් අහන්න එපා යකෝ. මන් දන්න කෝමද.”

“අනේ තෝ බබා. පලයං යන්න.”

“ශෙයලෝ මගෙ සව් ඇටේට් නේත තෞසෙ ඔය ඇනුම්පද කියන්නෙ අහ්.”

“තියාගනින් තොගෙ ඇටේ.”

“එකක් නෙමේ දෙකක් තියනව. ඇයි තොට නැද්ද.”

“අම්මපා යුගාන් තොට මම…”

“නවත්තගනිංකො ඔය බලු පොරේ. ගෑනියි මිනිහයි වගේ වලි කාගන්නෙ. ශෙයල්ලෑ ගෙදර ගිහින් චේන්ජ් කරන් යං. හානෙහ් “

අයාzට තම්බ්ස්අප් එකක් දුන්නෙ ශෙයල්.

“වරෙන් සුදු නෝනෙහ් යන්න. අපි මේ කුරිරු සමාජයෙන් මිදෙමු.”

ඒ පාර යුගායි ශෙයලුයි කරට අති දාගෙන මේන් ගේට් එක පැත්තට ගියා.

“යමන් ඉතිං අපි දෙන්නත් නැත්තන් ඕකුන් දෙන්නව හොයන්න වෙන්නෑ ආපහු.”

මායි අයාzසුයි යද්දි අපේ උන් ටිකක් කුළු හරක් ටිකක් වගේ අපේ පැත්තට දුවන් ආවා. මොකෝ මේ… ඕ ශිට් ශිට්

“අඩෝ දුවපන් දුවපන්. අයාසයෝ දුවපන් හුත්තෝ. නැත්තන් නිදහස් පක්ෂෙ වෙන්නයි වෙන්නේ. “

මන් හැරුනට අයාසයා තාම එතනට වෙලා අනිමිසලෝචන පූජාව කරනව. අයියෝ මේ පගා එක්ක බෑනෙ. දැං කාපංකො නිල්.

💦💦💦

හරිනෙ පශ්චාත් භාගෙ අමාරුව. හතරෙ වටෙන්ම නිල්. පෑන් තීනත සුවඳත් එනව ඒ අස්සෙන්. 

“තොට මං… “

ඒ පාර අයාසය කවීශයගෙ අතින් නිල් බෝතලේ උදුරන් උන් පස්සෙ දිව්වා. අද නං 2ටවත් යනව බොරු.  හත්තිලව්වේ අඹු සැමි යුවලත් නිල් කාලා.

“අඩෝ කුඩාම්මිය ඔවත් නිල් නෑවද. පුකෙත් නිල් ඕයි. ආ ගනිං මේක. මන් ෆුඩ් සිටියට ගිහින් ගත්තා. යමන් පලි ගන්න.”

“උබ මගේකා. බුහ් à·„à·„à·Š හා.”

යුගා මගෙ අතට නිල් බෝතලයක් දෙන ගමන් අරුන් දුවපු පැත්තට දුවද්දි මා‍යි ශෙයලුයිත් දිව්වෙ අපේ මහා නිල් සටනට සාධරණයක් කරන්න.

“ඔහොම නැවතියා…..න්!!!”
“අඩෝ ඔලුවෙ හලන්න එපා”
“කවුද යකෝ වතුර ගහපු පරයා”

නිල් ගහල සේරම ඉවර වෙලා ඉස්කෝලෙන් එළියට එද්දි 2.30යි. දැං පලකො පාරෙ පහනෙ බූතයො ටික වගේ. 

“අඩෝ සිරාවට මට මීටර් උන්නෑ බන් මේ නිල් කේස් එක. “

 “ඒම කියල ඔවාට මන් අසාධාරණයක් වෙන්න දුන්නද අයාස් මැනිකෙහ්. මන් නිල් කඩෙන් හරි ගෙනාවනෙ. “

“ඒ මෙහ් සහෝදර කාන්තා පාසලක් පැමිනෙනවා.” 

“පැමිනෙනව කෙසේ වෙතත් හැමිනෙනව දැන් නං යුග්ගො. හිනත් වෙනද කොයිද සිකේයියා ලැජ්ජාවෙ බෑ. ඒ සෞව්වො පකද බලන්නෙ අහපන්කො.”

“මන් අහන්නෙ මාත් නිල් කාලා යකෝ අයාස් සිරාවට අහපන්කො උබ වැඩිය නිල් කාලා නෑ නෙහ්. ඒකට හරියන්න අහපන්”

“මොකත්ත මොකත්ත මට ඇහුනෙ. ඔවා විතරක් ඇයි ඕම. ඒම බෑනෙ නැද්ද ශෙයල් හා නැද්ද සෞව්වො. හොඳ වෙලාවට මං නිල් සුට්ටක් ඉතුරු කරගත්තෙ.” 

“අඩෝ එපා එපා. අඩෝ එපා බන් යුගාන්. අය්යෝ. “

“ඔහොම හිටපාන්! දුවන්නෑ”

“අයියෝ!!! බේරගනියෝ…”

“නැවතියන් අයාz. උබව අද මන් නාවල තමා පස්ස බලන්නෙ.”

අයාසයයි යුගයි පාර දිගේ දුවද්දි මායි ශෙයලුයිත් අඩිය ඉක්මන් කරල දිව්ව. ශෙයල්ලගෙ ගෙදර තිබ්බෙ ඉස්කෝලෙ ඉදන් පයින් යන දුරින් වගේ. මායි ශෙයලුයි වත්තට ගොඩ වෙද්දිත් යුගා අයාසයව බිම පෙරලන් උගෙ ඇගේ නිල් නාවනව. සාරා නැන්දත් දොරට හේත්තු වෙලා බලන් හිනා වෙනව.

“ඊයා ඕයි නැගිටිනව ගැරඩි දෙන්නෙක් සංසර්ගෙ යෙදෙනව වගේ.”

ඒක කිව්ව පාර යුගාශ් ආලෝක වේගෙන් ඔලුව උස්සල බැලුවෙ ශෙයල් දිහා. මුට මොකක් වෙලාද ඒ පාර.

“ශෙයලෝ තමුන් වැරැද්දක් තමා කරනව. සයන්ස් මතක් කරන්න එපා. මන් මේ ආතල් එකේ ඉන්නෙ.  බලන්න සාරා නැන්දෙ ඔයාගෙ පුතා එක්ක බෑ අප්පහ්. අපි යන් අනේ. ඔයා මොනාද අනේ මට කන්න හැදුවේ. “

“හැදුව හැදුව ඊට කලින් හතර දෙනාම වොශ් දාලා එන්න අනේ. බලන්න හඩු ගද. ඉක්කේ”

“හාකො හාකො ඔවා මට ගදයි කිව්වෙ නෙහ්.  පෙම් සිත රිදුන සත්තරනෙ හැබැයි.”

“අනේ මේ කොල්ලො යන්න යන්න. දැං අර කොහෙද මන්ද යන්න ඕන නෙහ්. කෝ හරි අප්. අයාz පුතා මොකද අනේ තනකොලවලට ඔච්චර ආසද තාම බිම.”

“හෙහ්”

මුගෙ කෑමනෙ කෝමත් කියල හිතුව විතරයි කිව්වෙ නෑ. නෑ මේ මුට බයේ නෙමේ හැදියාව හැදියාව.

“කෝ යන්න කොල්ලො. ඉක්මන් කරන්න”

හතරදෙනාම උඩට ගිහින් වොශ්කරන් පහලට එද්දි නැන්දා කෑම බෙදල. 

“අම්මේ… ඩෝබි දැං නිදහස් “

“නිදහස් තේරෙයි හැබයි චූටි AL පටන් ගත්තම.”

“සබ් 3යි නෙහ්. දැං මේ නමයක් කොරපු අපිට ඕක මහ කජ්ජක්ද අලේව්. අම්මගෙ චූටි පුතා වැඩ්ඩා හොඳේ.”

“අප්පේ. මාත් ol කාලෙ ඔහොම හිතුව. බලමුකො බලමුකො චූටි.”

“අම්මෝහ් සුවඳහ්. සාරා කෙල්ලේ අත්ගුනේ හොඳා ආහ්.”

“අප්පේහ් ඉලන්දාරියා. මං ඒත් බැලුව සෞගෙ සද්දයක් නැත්තෙ මොකෝ කියල.”

“මන් සංවර උනා අනේ.”

“කැහ් කැහ්. සෞ පුතා කිව්ව නිසාම මන් පිලිගන්නෑ හොඳේ🤭”

“අනේ ඔයත් එක්ක බෑ අනේ. “

“කෝ අර ඩබල? උඩත් මරාගන්නවද. අහ් ඔය එන්නෙ.”

“කුඩුනෝනේහ් මං ආවා…”

“අප්පේ ඉදගන්න ඉදගන්න. කෙල්ලොවත් ඔච්චර වෙලා ගන්නෑ අප්පහ්. “

“ඊරිසියාව ඔය. අපි මේ මල් වගේ ඉන්නවට. ම්හුක්”

“අනේ මගෙ කට. කෝ කාලා ඉවරවෙල මට කියන්න. මන් drop කරන්නම් හතරදෙනාව විහාරමහදේවියෙන්. “

සාරා නැන්දගෙ කෑම ගැන කිව්වොත් අතිවිශිෂ්ඨයි.  කියෝලා කාලා ඉවර කල්ල සාරා නැන්දා අපිව ගෙන්නල්ලා පාක් එක ගාවින් ඩ්‍රොප් කලා. අපෙ අප්පේ සෙනග. ඇඟිල්ලක් ගහන්නවත් ඉඩ නෑ වgay. හරි ම අගෙයි.

“අඩෝ නෝව්. ශෙයල් උඹ අපි එක්ක ම හිටහන් හොඳේ.”

“ඇහ්. ඇයි? තෝ හිතුවද මාව උස්සන් යන්න උන් ඉන්නව කියල”

“නෑ හරක් හොරු නං නෑ නෙහ් බං, උඹ උස වැඩි නිසා කිව්වෙ. “

“අනේ මේ මගෙන් මොකුත් අහගන්නැතුව හිටපන් අයාz. යකෝ මං අඩි පන්ශ්ව්ව්ව්ක්ව්හ්ව්බ්ෆ…”

“හැපෝ කට වහපන්. ඕක මට කට පාඩන්. මොනා උනත් ඇත්තනෙ නැද්ද සෞව් “

යුගා මට කියල high five එකක් දාද්දි ශෙයල් අපිටත් මැද ඇඟිල්ල පෙන්නං ඉස්සරහට ගියා. හික්ස් මූ නං අබ ඇටයක් ම තමා. උසයි පිපිරිල්ලයි දෙකම එකයි.

“ඕයි ඕයි ඕම ඉදන්. සිරාවට තෝව හොයන්න බැරිවෙයි. 
ආව් ඕයි කොනිත්තන්න එපා.”

හික්කේ. මෙන්න අයාසයව ශෙයල දූසනය කරනෝ. අබ ඇටයක් කොහොමද පොල් ගහකට අතවර කරන්නෙ. බෑනෙ බෑනෙ. එව්නාට ඔය වෙන්නෙ. එතකොට අබ ඇටේ සැක් ඕන්නැති ඒවත් හිතෙනව. මනස වලිකිත. එක්සෑම් නිසා තමා ළමා මනස අසහනකාරී උනේ. නැත්තන් අපි මල් යකෝ මල්.

“ARE YOU READY GUYS!!!!!!!”

“à·„à·–….”
“ඕ…”

 හතරවටෙන් ම කොල්ලො කෙල්ලො උගුර කඩාගෙන කෑ ගහද්දි අමුතු ෆීල් එකක් එනව. මෙතන ඉන්නෙ හැමෝම අපේ වයසෙ උන් විතරයි. හැමෝම එක්සෑම් එක්ක මාස ගානක් තිස්සෙ ස්ට්‍රෙස් වෙලා ඉදල ඉදල අද නිදහස් උනාම. අම්බොහ් සිරාවට ම හෙන අමුතු ෆ්‍රී වයිබ් එකක හැමෝම හිටියෙ. 

“OK BOYS, GIRLS! LET’S START.”

Hana ඇවිත් ස්ටාට් එක ගද්දි ම කොල්ලො කෙල්ලො හැමෝම මහා හයියෙන් බෙරිහන් දෙන්න ගත්තෙ පාරෙ මිනිස්සුත් බලද්දි. කොරි තමා මාමෙ. අද නං සද්දෙ නවතින්නෑ. 

“යන්න යනවද
අර කාලේ මතකද

අල්ලා බන්දා රන්දා බින්දා
උන්දා කොන්දාලාමි සින්දා
සැන්දැ කාලෙ මාලිගාවෙ ඉන්නවා සොයා
අල්ලා බන්දා රන්දා බින්දා

උන්දා කොන්දාලාමි සින්දා
සැන්දැ කාලෙ මාලිගාවෙ ඉන්නවා සොයා

සිරි සංඝබෝධි මාලිගාවෙදී 
මා දැක ප්‍රාණෙ හානි වෙනට බැට දෙම්
සිරි සංඝබෝධි මාලිගාවෙදී මා
දැක ප්‍රාණෙ හානි වෙන්ට බැට දෙම්

සද වගේ පේනා
ඔයා මට ඕනා
ලගින් නැති හෝරා
ගෙවනු බෑ කිසිදා

සද වගේ පේනා
ඔයා මට ඕනා
ලගින් නැති හෝරා
ගෙවනු බෑ කිසිදා

කොටුව කොටුව කොටුව පිට කොටුව
138 මම හිටිය
අඩිය අඩිය අඩිය තියන්නට
බෑ එක යුද්දෙට පොරපිටිය

තැලිලා තැලිලා පොඩිවෙලා තෙරපිල
කැරකිල යන මේ රයිඩ් එක
විදලා විදලා පිඹලා ගියත්
ඉස්කෝලෙට යනකොට 8:30

බැලු බැලූ හැමතැනම
සිහිනෙන් වාගේ
සැගවුනු සේයාවන් මදෙසේ ඇදේ
සුළගේ පාවී
මගේ ගී යාවී
ඇසුනොත් එනවාද සොදුරියේ මාගේ

පා සළඹ සලා නුඹ නටන රටා
දිඟුවරළ සැලේ සුව පවන් සලා
රන් ළැමද සැලේ පා රිද්ම සලා
ඔබෙ රුව දිලිසේ මා දෑස පිනා

පා සළඹ සලා නුඹ නටන රටා
දිඟුවරළ සැලේ සුව පවන් සලා
රන් ළැමද සැලේ පා රිද්ම සලා
ඔබෙ රුව දිලිසේ මා දෑස පිනා

ඈ දුටුවිට දෙවගනක් වගේ
හදවත කකියනවා හොදටම මගේ
දිලිසෙන නිල් නුවන් මිණිකැට වගේ
ආකාසේ තරු මදි ගෙල සරසන්න ඇගේ

ඇගෙ ඉගසුග ගත හැක මගේ අත මිටින
නිසි පුළුලුකුල මගේ රිස සක ගැටුන
බෝනික්කියක් වගේ ඇසිපිය නොම හෙලන
ඇ දුටුවම උනා මගේ හද සසල

සුදිලාන සෑ ගන රන් කොතිනේ
වඩනා රූතී
සසිරේන්ද සීල සොදිනේ

නම් දෙක ලියලා තැන් තැන් වල අපි
අපේ වෙන්න පතලා
හිමිවිය යුතුදේ අහිමි වෙලා යනවිටදී
නිහඩ උනා

ආසයි පවසන්න
ආයෙත් ලංවී ඉන්න
ඒ මියගිය ප්‍රේමයට
පණ එන්න

ගිම්හානේ වාගේ පාලුයි
කවුරුත්ම නෑනේ යාලූ
ඔය හිස් හදේහි තනි වූ ලක් කාරයා මමලු…”

“වූහ්…..”
“à·„à·–….”

Hana ගෙන් පස්සෙ chanukaයි හෙන set එකක් ම ඇවිත් sing කළා. නැටුව නං නෙමේ කැපිච්ච පනුවො වගේ දැගලුවයි උගුර යනකන් ම බෙරිහන් දුන්න එකයි නම් සුපිරියට කළා. ස්ට්‍රෙප්සිල් සරණං තමා දැං. ඉහික්.

සේරම නටල කරක ශෝ එක එක ඉවර වෙද්දි හත විතර උනා. ඊටපස්සෙ ඉතිම් අපි පියා සලා සලා කැදලි කරා ආව. අහ් එන ගමන් යුගාවත් නුගේගොඩෙන් හලන් ආවෙ. මන් එන්න එපැයි ඉතිං හෝමාගමටම. දැං මොකද්ද හිතන්නෙ වාහනේක ආව කියලද යේක පිශ්ශු නං කතා කරනවා එපා. බස් එකේ යකෝ ආවෙ. රෑට බස්වල එද්දි පොඩ්ඩක්වත් සෙනඟ නෑ. මන්නෙ කියන්නෙ. හා නැද්ද. මං ගෙට එද්දි ම අම්ම දුවන් ආවා ඉස්සරහට.

“අප්පේ. දැං ලොකු ළමයි නෙහ්. එන වෙලාව මදිනේ.”

“ඒම තමා ශුඩු නෝනෙහ්. මං අද කුරුල්ලෙක්.
එන්න අනේ ඔයාට උම්ම එකක් දෙන්න.”

“යන්න කොල්ලො. හැපෝ බූල්මැන්ඩල් වගේ. වොශ් කරන් එන්න කෑම කන්න.”

“කෑම කන්න බෑ අනේ මහන්සි අම්මෙහ්. මං දැං ගියා ස්නානය කොලා සයනයට ගියා බුජියගත්තා. ශරි නෙහ්.”

“හ්ම් හ්ම්. “

“මං හෙට හවස් යාමෙට අද තොරතුරු වාර්තා කොරන්නම්කො.”

“ඇයි හවස?”

“නැගිට්ට ම එපැයි සුදූ කියන්න ඉතිම්. “

“හා හරි ශෝක්. යන්න යන්න එහෙනං”

“ආව් අප්පහ් පස්සට ගහන්න එපා. ඔයාට ඊරිසියයි නෙහ් බෝලෙට තියෙද්දි.”

“වැඩේමයි නෙහ්. මන් යනව”

මන් පස්සත් අත ගගා උඩට ගියා. අපේ අම්මගෙන් මගෙ පස්ස ආරස්ස කරල දෙන්න කියල බෝඩ් එකක් එල්ලලන් ඉන්න ඕන හෙට ඉදං. හලේව් මං හෙට ඉදන් නිදහාස්. 
වැනුවා පස්ස පස්ස පස්ස පස්ස… 

අම්ම දැන් ඔය බලන් ඉන්නෙ අද ඕපදූප ටික මගෙන් අහගන්න. මන් දන්නැද්ද. වැඩත් එක්ක ආස ඇති පොඩ්ඩක් කෝප්ප හෝදන්න. But කොරි අම්මෙහ් මං අද ඇඳට පක්සපාතී. අම්බෙහ් ඇඳේ සනීපේ. නින්ද මාගේ මත්ද්‍රව්‍යයි, ඇඳ එහි අලෙවි නියෝජිතයයි, එලාම් නං අදාලම නෑ, අම්මා හදිසි වැටලීම් අංශයයි. හැබැයි හෙට නං වැටලීම් නෑ. වාරණ නියෝග සහිතයි.

————————————————————

හෙලෝව්,

අබ ඇට උස යන්නෑනෙ ඉතිං නැද්ද මං අහන්නෙ? කොයිද මේ සාරා නැන්දගෙ චූටි පුතා අහන එකක් යෑ.
අඩි 5යි අඟල් 2යි යැයි යැයි ලුනෙ.

මන් මේ සෞව් කොලුවගෙ ගෙවල් පැත්තෙ යන්න කියල. එයැයිගෙ පුප ආරස්සා කිරීමේ සටනෙ බෝඩ් ටික දෙන්න. කොයිද තනියම වැඩක් කොරන එකක් යෑ.

හෙහ්

මේ ඒක නෙමේ කතාව හොඳ ද. Boring වගේ ද. Writing style සෙට් නෑ වගේද. ඒම නං කියන්න හොම්ඳේ. මට නිකං අවුල් වගේ.

ඒනං මං ගියා.
Bye 👋

▪️කතුවරයාගේ අවසරයකින් තොරව කතාවේ ඇති කොටස් උපුටා හෝ අන් ආකාරයකින් (ෆොටෝස් / වීඩියෝස් ) සමාජ මාධ්‍යවල පලකිරීමෙන් වළකින්න.

▪️කරුණාකර කර්තෘ අයිතිය ද සුරකින්න.

Arden_Ak

Tags: read novel Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 01, novel Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 01, read Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 01 online, Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 01 chapter, Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 01 high quality, Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 01 light novel, ,

Comment

Leave a Reply

Chapter 3