Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 02

A+ A-

“ඔහොම නවතිනවා සෙබළුනි අල්ලගන්නවා, Arghhh එපාහ්, තමුන් මගෙ වැඩ විනාස කරනවා”

⚔Z
“ආහ් හා. දැන් හරි. එහෙනං කැප්ටන් මං ගිහින් එන්නංකො”
🐎🌕

“අයියෝ දැන් ම යන්න එපා අක්කේ, තව ටිකක් වෙලා ඉදල යන්න.”

ඇහ්. මං Zoro වෙලා ඉද්දි කවුද මට අක්කෙ කියන්නෙ. බැරිවෙලාවත් Zoro ටොම්බෝයි කෙනෙක්වත්ද නෑනෙහ් ඒම වෙන්න බෑනෙ.

“පුතා. මේ නැන්දල ඇවිත් තාම නිදිද ඔයා, නැගිටින්නැද්ද?”

ඇහ්. Zoroට කොහෙන්ද නැන්දල. එතකොට Zoroගෙ අම්ම ආවද. මං නිදාගත්තෙ කොයිද මං ඉන්නෙ අශ්වයගෙ පිටේනෙ.

“ළමයො, නැගිටින්නකො”

කොයිද මං මේ ඉන්නෙ. හය්යූ හීනයක්ද ඒ. අපරාදෙ හැබැයි, එතකොට කවුද දැං මේ ආවෙ.

“පුතා, සෞරාෂ් ඇස් ඇරනුත් නිදිද ළමයො”

“අහ්. නෑ නෑ. කියන්න”

“නුවර නැන්දල ඇවිල්ල. මූන කට හෝදන් එන්න හොඳේ. ඔහොම ආවොත් එහෙම ඒ මිනිස්සු පැනල දුවයි”

“මූනයි කටයි විතරයි හොඳේ ඒනං”

“ඔය කිව්වෙ කතාවක්. විභාගෙ තිබ්බ තැන මොලේ තියලද ආවෙ? ඉක්මනට එන්න ඉස්සරහට”

හයියෝ, යේක පුදුම කරදරයක් නෙහ්. නිදාගන්න තියන දවසටත් කවුරුහරි කඩාපාත් වෙනවනෙ. ඇරත් කවුද නුවර නැන්දල. එහෙත් අපේ නෑදෑයො ඉන්නවද. මං ගිහින් නෑ නෙහ් එහෙම කෙනෙක්ගෙ දිහා. ගම නුවර උනාට එක පාරද කොහෙද නෑදෑ ගෙදරක කියල නුවර ගියෙ. ඒ ගියෙත් මළ ගෙදරක නෙහ්. හැහ්. අඩේ සොම්බි ආක්‍රමණයක්.

මං ඉතින් පැයක් විතර මූන හෝදන් එලියට ගියෙ ඔය අහසෙන් කඩාපාත් උන නැන්දව බලන්න. මල හත්තලව්වයි. මොනාද අම්මෙ බොරු කියන්නෙ. මෙතන විස්සක් විතර ඉන්නවනෙ. හයියෝ.

“හානේ, මේ පුතා ද නංගි? ලොකු වෙලා තියන තරමක්. අපි දකිද්දි හෙන පොඩීනෙ”

හැහ්. මං ශේප් එකේ ශිප් ඇරලද කියලත් බැලුව. නෑ නෙහ්. මොනා කියනවද මංදා.

“ඉතිං පුතේ මාව මතකද ඔයාට.”

මං ඉතිං විරිත්තුව. කල්පෙකින් විතර ඇවිත් මතකද අහන්න නැන්ද  මයිකල් ජැක්සන්ගෙ නංගි කියලද දන්නෑ හිතන් ඉන්නෙ.

” අනේ, ඔයා පොඩි කාලෙ අපේ දිහා ඇවිත් අක්කලත් එක්ක සෙල්ලං කලේ අනේ. මතකද නංගි, අපේ ලොකු දුවගෙ ලිප්ස්ටික් එකක් ඕනෙ කියල ඇඩුවත් එක්ක මෙයා.”

“ඒකනෙ අක්කෙ. කොහෙද කාලෙකින් එන්න හම්බුනේ නෑ නෙහ් ඒ පැත්තෙ”

“එන්නකො ඉතිම් මේ කොල්ලවත් එක්කං. හනේ ඉස්සර වගේමයි ඉලන්දාරිය උනාට හුරතල් පාටයි”

පෙන්නනව මං හුරතලේ. ඇයි වුට්ට කම්මුලෙන් අදින්නෙ. ඒ මදිවට බොරුවට හිනා වෙලා කම්මුලත් රිදෙනව මගෙ.

“නැන්දෙ, අනේ මත අර බුං එක දෙන්නකො”

“මොකද්ද පුතේ”

“අල අලක”

“එපා, නංගියෙ. ගේත් හැඩ්වෙිනව”

“අහ් කමක් නෑ අක්කෙ”

“ආ පුතේ.”

“ඕක නෙමේ, අර බ්ලැක් පාත එක ඕනෙ”

යකෝ පොඩි එකෝ තෝව මං මරනව, අර මුලින් දුන්න එක අරන් කරන මගුලක් කරහන්. අයියෝ! අම්මට මන් එපා කියන්න වගේ බලද්දි අම්ම අවුලක් ගන්න දෙයක් නෑ වගේ ලුක් එකක් දාලා දුන්නා ඒක. අනේ ඉහික්. දන්නවනං හංගනව දෙය්යෝ. කඩන්නනං එපා මං උබේ අඩු කඩනව පොඩි එකෝ. ගැලෙව්ව නේද රෝදෙ. අනේ අම්මේ 5000ක් දීල ගත්තේ!!!

“අයියෝ පුතේ ඕක කඩන්න එපා. අර අයියගෙ මූනත් ඇඹුල් වෙලා. කෝ දෙන්න මෙහාට”

අක්කෙද්ද නැන්දෙක්ද මන්ද කාර් එක ආපහු මට දුන්න ම ඒ පොඩි එකා මං ගාවට ඇවිත් මගෙ කකුල පාගල ගියා. අම්මපා මුට අනින්න හිතෙන්නෙ මට. මගෙ කාර් එක පව් යකෝ. ළමයි වගේ බලන්නෙ මං මේවට.

“සුදු නැන්දේ!!! කෝ ඔයා!!! මං ආවා!!!”

එයා එනවා, මන්දාරම් කතාවෙ. අම්බේ මගෙ වරකා පලුව. යුගා කෑ ගහන් උගෙ ගේ වගේ ගෙට ගොඩ වෙද්දි ම හැමෝම ඌ දිහා බැලුවා. සීයට දාහක් ෂුවර් දැං උට ලැජ්ජයි. මං ඉතින් ඌ ගාවට ගිහින් කරට අත දාගෙන කාමරේට ගියා. අම්බෝ ඇති යන්තං ගැලඋනා

“කවුද යකෝ අර? උන්ගෙ ගෙදර වගේ මට රවල බලපු හැටි විතරක්, කවුරු උනත් අදාළ නෑ මට අල්ලන්නෑ.”

“අනේ මංදා ඕයි. එකපාට්ට කඩාපාත් වෙලා. පොඩි කාලෙ කාගෙද ලිප්ස්ටික් ඉල්ලුවලු”

“උබට මොකටද කාගෙවත් මගුල් මේ කුඩුමාත්තය ඉද්දි. වරෙන් තොත්තුවක් දෙන්න මයෙ අම්මට”

“ඒකනෙ කුඩුමාත්තය ඔයා කියන්න හොඳේ එයැයිලට”

“අනිව කියනව. කොයින්වත් ඇවිත් එනව මෙතන. මේ ඒක නෙමේ Havelock පැත්තෙ රවුමක් දාමුද?”

“අඩෝ යමන්කො. මෙතන නං කෝමත් ඉන්න බෑ”

“හාහ් ලෑස්‍තිවෙයන් මං නැන්දට කියන්නං. අරුං එයි මෙහෙට.”

” උබ සේරම කරලද යකෝ මට කියන්නෙ”

“මං දන්නවනෙ ඒයි ඔයා එනව කියල”

යුගා අපේ අම්ම ගාවට යද්දි මාත් කළු ඕවර් සයිස් එකකට සුදු ඩෙනිමක් ඇදල සුදු කළු ඩෙක් එකක් දැම්ම. අව්ව වගේ නිසා ලිප් බාම් එකත් ගාගත්තා. කෙල්ලො විතරක් ද යූස් කරන්නෙ. මල සමයං. හැම මනුස්සය ම ලස්සනට ඉන්න ඕනෙ. ම්ම් ඔය ඉන්නෙ හැන්ඩියා වගේ. ඊට පස්සෙ මායි යුගයි දෙන්න ම අම්මටත් වැඳල එළියට ආවා.

“ඒ මේ අර ඇවිත් හිටපු කෙල්ලො දෙන්න කොල්ලො දැකල නැද්ද ඕයි. බලන් හිටපු විදිහ මතක් වෙද්දිත් ඇඟ හිරි වැටෙනව”

“මාත් දැක්ක. හෙට අන්කම්ෆටබල් ඕයි.”

” සිරාවට උඹේ මහප්පලෑ අක්කල නං රත්තරං ඒ අතින්”

මං නෑදෑයො කියල ලඟින් ම ආශ්‍රය කරන්නෙ අපේ මහප්පලව විතරයි. ආයි හැමාතින් ම හොඳයි. අම්මලගෙන් නම් මං එහෙ ගමට යන්නවත් ආස නෑ. කසිප්පුයි, අරක්කුයි. මතක් වෙද්දිත් මොකද්ද වෙනව.

” ආ මල්ලේ, පයින් වගේ”

” පල යන්න. අඩෝව් කැරී උබත් ඉන්නවද”

“සෞව්වෝ උබට මගෙ නමේ වෙන කොටසක් පේන්නෙ ම නැද්ද”

“ඉතිං යකෝ නම නං මොකක් උනත් මොකද. ඒකෙත් කොරෙයා මොකද කැරියා මොකද”

“ආහ්. අකේන් කියපන්. කවුද යකෝ කොරෙයා කියල à·ƒ’නේම් ගත්තෙකා මරනව ඕකව”

” එවුනාට අරහෙ ම හොඳා. ආතරේටනේ ඒයි”

කොහොම හරි 12 වෙද්දි අපි හැව්ලොක් එකේ. සේර ම හොඳයි කවුද යකෝ බඩඉරිඟු ඇට කොප්පෙ 300ට විකුන්නනෙ. ආහ්. අපි ඉතිං කාලා නාලා ආ නෑ නෑවෙ නෑ චූ දාන්න ගියා එච්චරයි. මොකද්ද කිව්වෙ ආ කාලා ගේම්ස් ප්ලේ කරල එතන හෙන විකාරයක් නැටුව. රෝල කෝස්ටර් එකේ ගිහින් බඩබොකුත් කැලතුනා. ෆූහ්. දැං අපි මේ බෙල්ලන්විල බයිසිකල් පදින තැනට යනව.

“මේ ඕයි අර ගේම් එකේ රෝල කෝස්ටර් ස්ටේජ් එක හොල්ලපු එකා මට කිව්ව කියහංකො සුදු මල්ලි නම්බරේ දුන්නොත් හෙමින් හොල්ලනං කියල”

“දැං ද ශෙයලො කියන්නෙ. එතනදි කිව්වනං අම්මපා…”
“පරයට පෙන්නනව මං හෙමින් හොල්ලලා”

“දැං කිව්වෙ ඕක නිසා තමා. උබල මැරෙන්න හදනවනෙ”

හොල්ලන අයියට හච්චිං යනවද දන්නෑ. හික්. අපි ඉතිං බයිසිකලුත් රෙන්ට් කරන් පැය දෙකක් විතර ආතල් එකේ ඉදල ගෙදර ආවෙ. අම්මෙ බලන්න එපැයි සුදාම්මිලයි සුදුතාත්තිලයි ක්ලාස් කට් කරල ලව් කොරනවයි. ඒ අස්සෙ යුගයි අයාසයයි පොඩි උන් දෙන්නෙක්  ගාවට ගිහින් පිස්සුවක් කෙලිය.

“අප්පච්චී, අපේ ගෙදරින් මේකට අකමැති උනොත් මං මැරෙයි”

“බය වෙන්නෙපා දෝණි. මං එහෙම වෙන්න දෙන්නෑ.”

“මේ පෞකාරිගෙ ලෝකෙ ම ඔයා අයාස් අප්පච්චි”

කියල කිව්ව විතරයි එතන හිටපු පොඩි සුදාත්ති සුදාම්මිවත් ඇදන් ගියා ගස්සන්. අම්මොහ් ලංකාව ආතල් යකෝ. ඒකට හිනා වෙන්න ගිහින් තව පොඩ්ඩෙන් ශෙයලා මාවයි කැරීවයි ඇදන් වැවේ. අම්බෝහ් නමයෙදවත් මන්දා ඒ ඩබල.

පස්සෙ සෙට් එකම අපේ ගෙදර ඇවිත් කාලා කියෝල ගියා. මාත් ඉතිං අම්මත් එක්ක කුස්සිය අස් කර කර ඊයෙය් අදයි විස්තර කියෙව්ව. ඇත්තද සුදු මහත්තයා, අනේ ඊටපස්සෙ, එච්චර සෙනගද කිය කිය අපේ අම්මත් අප්පේ බලන්න එපැයි පූජා අක්කගෙ Vim ඇඩ් එකේ පිඟන් හේදිල්ල පරාදයි. ඊට පස්සෙ ඉතිං නිදාගන්න ගියා.
හෙට ඉදන් AL ක්ලාස් පටන් ගන්නව. නිදහස… කෝ ඔයා?
.
.
.

“අම්මෝ අම්මේ මහන්සී අප්පහ්. “

“මං තේකක් ගෙන්නං වොශ් කරං එන්නකෝ”

AL ක්ලාස් පටන් අරං අදට මාස 3ත් පැනල. බුදාම්මෝ. සාරා නැන්දේ ඔයා හරි විෂයන් 9 හොඳයි. ලංකාවෙ ඕලෙවෙලුයි ඒලෙවලුයි කියන්නෙ එහෙම්පිටින් ම අහසයි පොළවයි වගේ. ඕලෙවල් වල පාඩම් දෙක තුනක් විතර ඒලෙවල්වල අනුමාතෘකා වෙද්දි ඕලෙවල්වල උගන්නපු සමහර ඒවාට සර්ලා,
“එහෙම ලියන්න බෑ ළමයි. ඒක වැරදි.”
කියද්දි. ඉම්හි ඉම්හි.මහන්සි නිසා මං තේ බීල වැඩත් කරල නිදා ගත්ත. මොනා උනත් සබ් 3 ටච් එකේ තියන් යන්න ඕනෙ.
.
.
.

“හෙලෝ, සෞව්වො කොයිද උබ.ඉක්මනට වරෙන් නැත්තන් ඉඩ නැති වෙයි”

“අහ් මේ එනව. බස් ස්ටෑන්ඩ් එක ලඟ ඉන්නෙ. කට් කරපන් මං උබව දැක්ක”

“යමං දැං ඉක්මනට”

මායි යුගයි දෙන්න ම බයෝ කරන්නෙ. ඉතිං දෙන්නම එකට ම ක්ලාස් යනව එනව. ශෙයලුත් බයෝ හැබැයි ඇග්‍රි එක්ක. අයාසය නං කොමස් කරනව. අපේ කැරිත් ඌත් එක්ක කොමස්.
ක්ලාස් එකට එද්දිත් ළමයි පිරිල. අපි දෙන්න ඉතිං මැද හරියට පිටිපස්සෙන් ඉදගත්ත. ඉස්සරහ හිර වෙලා අහන් ඉන්නවට වඩා මෙහෙම හොඳා. කොහෙ හිටියත් මායි යුගයි උගන්නද්දි නං කතා නොකරන ම තරං මොකද ඕලෙවල් කාලෙ ඉදංමත් අපි එහෙමයි. උගන්නද්දි තනිකර ම ෆෝකස් කලා ම මාරෙට මතකෙට යනව. ඒක පාඩං කරල ගන්න බෑ. අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි.

“ඊළඟ රූලෙ ලියන්න ඒ අනුව, මෙම මූලධර්මය… මෙම… මූලධර්මය”

“අයියෝ සර්…”
“අනේ…”

“ඇයි ළමයි. අහ් දෙපාරක් ලිව්වද.”

ෆෝකස් හදන්න සර්ගෙත් කැටයම් තමා.

“දැන් කොල පාටින් තරුවක් දාල රෝස පාටින් ලියාගන්න…ඊලඟට අලුත් ජේදයක් දම් පාටින් ලියාගන්න…”
.
.
.

“ෆුහ් මහන්සි යුග්ගො. අඩෝ බස් එකක් යනව සෙනඟ නෑ ඉක්මනට යමන්”

රෑ හතට විතර හෝමගම පිටකොටුවක ශීට් හිස් බස් එකක් කියන්නෙ දන්නෝ දනිති.

“මේ හෙට අනිද්දට රිසල්ට් එන කතාවක් කියනව බං”

“එක අතකින් හොඳයි. හැබයි ඉස්කෝල එක්ක මහ රෑ ක්ලාස් තමා”

“කමල්ලෑ. අද අපි පිල්ම් එකක් බලමු. ටයිටැනික් හොඳේ”

“ඒව් වලත්තය”

“කින්පෝර්ස්ච් බලපු උබ හොඳ එකා. පල සෞ මල්ලෙ යන්න”

අද යුගා අපේ ගෙදරනෙ. අපි දෙන්න ඉස්සර ඉදන් ම සෙනසුරාදා ඉරිදා ගෙවල් දෙකෙන් එකක තමා. පාඩං කරන්නයි ආතල් ගන්නයි සේරම ඉතිං එදාට තමා.
මහන්සියත් එක්ක බස් එකේ හුලං පාරට ඇස් පියවේගන එනවා වගේ. මාව එක පාරට ගැස්සිල ඇහැරුනේ අතේ මොකක් හරි හිස් උනා වගේ තේරුන නිසා. යුගත් මගෙ ඇඟට හේත්තු වෙලා නිදි. මොකද්ද වැටුනේ… අම්මට පර්ස් එක. හොඳ වෙලාවට බස් එක නවත්තල එව්නාට ගන්නෙ කෝමද අයියෝ. බස් එක ගියොත් පර්ස් එකට ටටා බායි තමා. පාක් & රයිඩ් එක ඇතුලට දාල බස් එක ටිකක් හිටියට බැස්සම ගියොත්.

“ඕයි, යුග්ගො නැගිටපන්කෝ. මිනිහො මගෙ පර්ස් එක වැටුන එලියට”

“මොකක් වැටුන. පහු උනාද බස් එකට ඉන්න කියන්න. අංක…”

“පයිත්තියංද ඕයි. බස් එක නවත්තල තියෙන්නෙ.”

“අහ්,ඕම ඉදාං මං ටුක් ගාලා ගන්නං”

“දාලා යයි. ඉක්මනට වරෙං. ආ නෑ නෑ ඉදහං”

“ඇයි පර්ස් එක එපාද උබට”

“තෑන්ක්ස්”

“හ්ම්…”

“කවුද බං ඒ. උබේ පර්ස් එකට වැහිල හිටපු මල පෙරේත දෝසයක් ද මංදා. මාස්ක් එකකුත් දාලා. මල පෙරේත දෝසෙට තාම කොරෝනද දන්නෑ”

” අනේ යකෝ උදව් කරපු මිනිහට කියන කතා”

“ඌ නාවත් මං බැහැල ගන්නනෙ හැදුවෙ. හැබැයි බැස්ස නං මං එතන බස් එක එනව. ඌ පර්ස් එක දුන්න ගාන් ම බස් එක ඇද්දුව යකෝ. කමක් නෑ පොඩ්ඩක් පිං ඔන්නොහෙ. කවුද දන්නෑ නේ බං ඒ බූතයා  අහ් නෑ දූතය”

“ඉදපන් අහල කියන්න. හැබැයි අපේ ඉස්කෝලෙ එකෙක්. මං බැජ් එක දැක්කා. ඇස් දෙක විතරනෙ පෙව්නෙ. මූන දැක්කෙ නෑ.”

“අඩෝ සිරාවට. එහෙනං වැඩිපුර පිං ටිකක් දෙන්නං නෙහ්”

යුගාගෙ බූත දූතය ගැන කියෝ කියෝ ඇවිත් හෝමගමින් බැහැල වඩේ අරන් කකා ගෙදර ආව. එද්දි අම්මටත් කරත්තෙන් ඉස්සො වඩේ ගෙනාව. මේ කෙල්ල ඩයි හාර්ඩ් ෆෑන් කෙනෙක් නෙහ් ඉස්සො වඩේවල.

“පුතාලගෙ රිසල්ට් එනවලු නේද. ඒකත් හොඳයි.”

“අනේ සුදු නැන්දේ!!!”

“මොකෝ අනේ”

“මා මළ දවසට ගම වටේ තියන තාප්ප පුරා ඔය සුදු දෑතින් පාප්ප අරගෙන ගාන්න සුදු නෝනාහ්.”

“මේං බලන්නකො සුදුපුතා පාස් අනේ මට ශුවර්”

“ආ සුදු පුතා විතරයි නෙහ්. හරි හරි මාව එපා නෙහ්. මං යනව.”

“ඊරිසියාව පෙනේද මුගෙ නැන්දෙ. පල අහකට”

“හිටපං උබ මං යනව.”

“අයියෝ පෙනේද ඔයාගෙ පුතා මට තියන ආදරේ සුදු නැන්දෙ, යං යං ඔයත් යං මං ලයිට් ඕෆ් කරං එන්නං  “

මං අම්මට වැදල උඩ කාමරේට යද්දි යුගාත් අම්මත් එක්කම උඩට ඇවිත් අම්මට වැදල ආව.  ඔව් මේ ගෙවෙන්නේ මාගේ ජීවිතයේ අවසාන දවස් කීපයයි. ටයිටැනික් අක්කේ බේරගන්ඩෝ!!!

————————————————————

වණක්කම් වේවා,

කයේල්ට rank ඇවිත් නෙහ්, මං මේ කතුටින් ඉන්නෙ අලේව්. පරමාණු මවුලයක් තරං ආතරෙයි හලේව් ඔවාලට.

ටයිම් ස්කිප් දැම්මා හොඳේ. අභිෂේක් ළමයට එන්ටර් වෙන්න ඕනෙලුනෙහ්.

මේ ඉතිං කවුද දන්නෑ නෙහ් අර දූත භූතය. මොකෝ හිතන්නෙ?

එහෙනං ඉතිං මං යන්නං හොඳේ. ආ තව පොඩ්ඩෙන් අමතක වෙනව මේ වඩේ ටික ඔයැයිලට දෙන්න කිව්වනෙ සෞව්වා. ඕක කකා ඔවාලත් ටයිටැනික් බලන්න නෙමේ ගිහින් පොතක් බලාගන්න. එනව මෙතන හුම්ම්.

ආතරෙයි.
Bye 👋

මීට ඉස්සො වඩේ ටික උස්සපු ඕතරී 😋♥️

▪️කතුවරයාගේ අවසරයකින් තොරව කතාවේ ඇති කොටස් උපුටා හෝ අන් ආකාරයකින් (ෆොටෝස් / වීඩියෝස් ) සමාජ මාධ්‍යවල පලකිරීමෙන් වළකින්න.

▪️කරුණාකර කර්තෘ අයිතිය ද සුරකින්න.

Arden_Ak

Tags: read novel Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 02, novel Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 02, read Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 02 online, Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 02 chapter, Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 02 high quality, Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 02 light novel, ,

Comment

Leave a Reply

Chapter 4