Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 04

A+ A-

පාඩම් කරන්න ගත්තට අමාරුයි වගේ ඔලුව රිදෙනව. කොහොමහරි බයෝ එම්.සී.කිව් ටිකක විවරණ වගයක් ලියල මං එළියෙ බංකුවෙන් ඇවිත් ඉදගත්තා. 

“පුතා, කෝ ඔයා?”

“මෙහෙ ඉන්නේ, එළියේ… නැගිට්ටද? දැන් හරිද ඔලුව රිදෙන ගතිය”

“හ්ම්ම්… ඔව්. තේකක් බොමු එන්න. මං අද කොමේ එකක් ගෙනාවා කඩේ ගිය වෙලේ”

“ආව් ආව් ඒවා හොඳ වැඩ හොඳේ.”

ඉස්සරහින් දොරත් වහන් මාත් අම්මත් එක්ක ම කුස්සියට ගියා. අම්මේහ් කොමේ. මං කියන්නෙ කොමේ කියන්නෙ ආගමක්. එවුනාට අම්ම වැඩිය අරන් දෙන්නෑ ඤං ඤං ගානව. හැබැයි අද ගෙනත් නෙහ් ආතරේ හිතනවනේ චුක් ගාලා චුක්කියක් දෙම්න ඕන.

“අප්පේ කොමේ ම ගේන්න ඕන නෙහ් මාව මතක් වෙන්න”

“මෙහෙමනෙ මේ අතිකාල දීමනා. ඒව හැමදාම නෑ. ම්… ඉතින් චෙප් මොකද්ද ඔයාගෙ තේ රසට හැඳීමේ රහස” 

මං මේසෙ උඩ තිබ්බ පත්තරේ මයික් එකක් විදිහට හදන් අම්මගෙ පැත්තට දික් කලා.

“මෙහෙමයි. මේව කියලත් බෑ. එවුනාට ඔයා නිසා තමා කියන්නෙ. “

අම්ම හෙන සීරියස් මූනක් හදාගත්ත. අප්පටසිරි ආතල් එකට ඇහුවට ඇත්තටම මොකක් හරි කියන්නද යන්නෙ.

“ආ… මෙහෙමයි හරිද…”

“ආහ්… කියන්නකො අප්පහ් අගය කරන්නෙ”

“මං අද තේක හදද්දි කෝප්පෙ හේදුවෙ නෑ ඒකයි.”

ඇයි සෞරාෂ් උඹ අම්මගෙන් සීරියස් උත්තරයක් බලාපොරොත්තු උනේ. මං අම්ම දිහා සෝ ඩන් ලුක් එකකින් බලහන් හිටියා. තත්පර දෙකක් තුනක් යන්නැති අම්ම පන දාගෙන හිනා වෙනව. 

“ඔව් ඉතින් ඔයාට මාව විහිලු නෙහ්, හරි නරකයි, මේ ලෝකෙ හරි කුරිරුයි මට”

තාමත් හිනාවෙනව. මං ඉතින් බලං හිටිය අම්ම දිහා. එයා මෙහෙම හිනාවෙද්දි මට ලෝභයි. අද මං ගෙදර එද්දි වගේ අර ඇස් රතු කරන් අඬන වෙලාවල්වලට මං කැමති ම නෑ අම්මෙ. 

“ඔයාට හේතුව දැනගන්න ඕනද සෞ”

“අහ්. මොකද්ද අම්මෙ? මොකටද?”

“දැං ඔයා ඔය හිත හිත හිටපු දේට. මට මූන දැක්කම කියන්න පුලුවන් පුතා ඔයා මොකක් ගැනද හිතුවෙ කියල”

“හ්ම්ම්…”

අම්ම හුස්මක් පහළ දාල මං දිහා බැලුව. මට දැනගන්න ඕන උනාට මං අම්මට ආපහු ඒක මතක් කලේ නැත්තෙ එයා අවුල් යයි කියල. එව්නාට එයාට මාව මාර ම ඉක්මනට තේරෙනව.

“මං අද තාත්තට කතා කළා. ම්… ඔයා එන්න පැයකට විතර කලින් ගත්තෙ. එවෙලෙ ෆෝන් එක ආන්සර් කළේ වෙන කව්ද ගෑනු කෙනෙක්. වැඩ කරන කවුරුහරි  වෙන්නැති කියල හිතල මං ඇහුව කෝ මිස්ටර් විජේසිංහ ෆෝන් එක දෙන්න පුළුවන් ද කියල. ඊට පස්සෙ එයා ඇහුව ප’සනල් මොබයිල් එකට කතාකරන්න තරං මිස්ටර් විජේසිංහත් එක්ක තියන සම්බන්ධෙ මොකද්ද කියල. මං ඉතින් කිව්ව මිස් මං හිතන්නෑ ඒක ඔයාට වැදගත් වෙයි කියල,  ෆෝන් එක දෙන්න කියල. ඊටප..පස්..සෙ…”

අම්මගෙ ඇස් දෙකේ බලන් ඉද්දි කඳුලු පිරුනා. ආපහු අඬනව. මං ඉතින් අම්ම ගාවට ගිහින් එයාගෙ ඔලුව අතගෑවා. අම්ම මගෙ බඩ හරියට ඔලුව හිරකරන් අඬනව.

“අනේ අම්මෙ ඔහොම ඉකි ගගහ අඬන්න එපා. ම්ම්… කෝ බලන්න මං දිහා. දැන් ඒව මතක් කරන්න ඕන නෑ. හරිද. එන්නකො අපි දෙන්නත් එක්ක මොනා හරි උයමු”

“නෑ මැනිකෙ අහන්නකො මට මේවා කියන්න ඔයා විතරයි නෙහ් ඉන්නෙ. මට මොනා හරි උනොත් එහෙම…”

“ශ්..ශ්.. මොනාද මේ කියන්නෙ අහ්? දැන් ඇති”

“මට..මට..නිදහසක් නැද්ද සෞ? අවුරුදු ගානක් තිස්සෙ කීපාරක් කී දෙයක් නැවැත්තුවද. දැන් හරි සතුටෙන් ඉන්න පුලුවන් කියල හිතුවා මං. එහෙමත් ඉන්න බැරිද මැනිකෙ අපිට. ඔයාට ලස්සන ආදරයක් දෙන තාත්තෙක් වෙන්න බැරි ඇයි එයාට. ඒ.. ඒ..ගෑනු කෙනා මට කිව්..වා එයා.. එයා.. මිස්ටර් විජේනායකගෙ වයිෆ්ලු. එතකොට මං කව්ද සුදු මැනිකෙ ඇයි එයා මටයි ඔයාටයි මෙහෙම කරන්නෙ කියන්නකො. එයාට අපිව එපාද පුතා? වෙන වෙන ගෑනු අය පස්සෙ යන්නෙ? අ..අපිව එපා ද?”

අම්ම අඬනව හෝ ගාලා. අනේ අම්මේ ඔයා ඔහොම අඬද්දි මගෙ පපුව රිදෙනව අම්මෙ. ඔහොම අඬල ලෙඩ වෙන්න එපා. මගෙ ඇහෙන් වැටෙන්න ගිය කඳුලක් මං ඉක්මනට පිහිදගත්තෙ මාත් අඬනව කියල දැක්කොත් අම්මගෙ ඇඬුම් තවත් වැඩිවෙන නිසා.

“අම්මේ… මේ.. මේ අහන්නකො මං කියන දේ.

“මනුස්සයෙක් වැරැද්දක් කලොත් දඬුවම් දෙන්න නෙමේ ඒ දේ වැරදියි කියක පෙන්නල දීල ඒව වැරැද්ද හදාගන්න උදව් කරන්න කියනව නේද? එයාටත් අපි ඒ විදිහට අවස්තා දුන්න අම්මෙ. දෙතුන් වතාවක් නෙමේ ඊටත් වැඩිය. හැබැයි අදටත් ඒ වැරැද්ද ඒ විදිහට ම කරනව නම් එයාට අපි ගැන හිතන්න ඕන්නැතුව ඇති නෙහ්. ඉතින් අපිව වැදගත් නැති කෙනෙක් වෙනුවෙන් ඇයි කදුලු බිංදුවකින්වත් වටිනාකමක් දෙන්නෙ. අහ්?”

එහෙම කිව්වට අම්මගෙ හිත හරියන්නෑ තමා. මොන දේ කොහොම කලත් අම්ම අදටත් බලන් ඉන්නව තාත්තා හරි විදිහට ඉඳීවි කියල. තාත්තා මොන දේ කලත් අම්මගෙ ආදරේ තාමත් එහෙම්මමයි. ඒ දේ තාත්තා නොදන්නව නෙමේ නෙහ්. එයා දැනගෙනත් මෙහෙම කරන්නෙ කොහොමද? ඇරත් තමන් ආදරේ කරල මැරි කරපු කෙනාට. මට ඇත්තට ම මේ දේවල් මෙහෙම වෙන්නෙ ඇයි කියල හිතා ගන්න බෑ. අපි ඉස්සර මං කියන්නෙ මං චූටි කාලෙදි හරි ආදරෙන් හිටපු පවුලක්. අපි තාත්තා හවසට වැඩ ඇරිල එනකන් බලන් හිටියෙ මාරම ආසාවෙන්. එයාට නිවාඩුවක් නම් අපිට ඊට වඩා දෙයක් නෑ. ඇවිදින්න යනවයි. මේ ගෙදර ඇතුලෙ තිබ්බෙ තනිකරම හිනාව විතරයි. එවුනාට තාත්තා මං හතර පහ වගේ වසරවල්වලට එද්දි බලන් ඉන්නැද්දි වෙනස්වෙන්න ගත්ත. ඉස්සර් පාටි එකකට විතරක් ගිහින් චූට්ටක් විතරක් ඩ්‍රින්ක් එකක් ගත්ත එයා පස්සෙ පස්සෙ ගෙදරට ගෙනත් පවා බොන්න ගත්තා. බෝතල් හතර පහ පවා තනියම බීපු දවස් තිබ්බ. බීල රණ්ඩු වෙන්න ගන්නව. අම්මට පවා හිතාගන්න බැරි උනා මොනා උනාද කියල. ටික කාලයක් උද්දි ආරංචි උනා එයා වෙන ආන්ටි කෙනෙක් එක්ක අෆෙයා එකක් පටන් අරන් කියල. අම්ම එවෙලෙත් කිව්වෙ නෑ පුතේ එයා එහෙම කරන කෙනෙක් නෙමේ අපි හොයල බලමු කටකතා විශ්වාස කරන්න එපා කියල. එවුනාට… හොයල බලද්දි ඒ දේවල් කටකතා විතරක් ම නොවෙද්දි… පස්සෙ අපි එයා එක්ක කතා කළා, එපා කියද්දිත් එයා ඒ ගෑනු කෙනාගෙ පැත්ත ගත්තා. කොහොමහරි දවසක් ගෙදර තිබ්බ අවුරුදු පාටියක් වෙලාවක් සේරම දේවල් ඇවිලිලා මහා රණ්ඩුවක් ගියා. අම්ම සතියකට කිට්ටු වෙන්න හොස්පිල් හිටියා. ඒ සිද්ධියෙන් පස්සෙ ආපහු තාත්තා හොඳින් හිටිය. හැබැයි ටික කාලයයි. ආපහු පරන දේවල් එහෙම්ම ම වෙද්දි දෙතුන් වතාවක් නෙමේ අතේ ඇඟිලි ගානට එයාගෙ වැරදි අහු උනා… දැන් ආපහු මේක. 

මං දන්නෑ ඒ හැමදේකින් ම උනේ අම්මව ලෙඩ උන එක. එයා කොච්චර ඒ දේවල් මාත් එක්ක කතා කලත් තමන්ගෙ හස්බන්ඩ් එහෙම දෙයක් කරයි කිව්ව ම ඒ දැනෙන දේ නැති කරන්න බෑනෙ. 

“à·„à·„à·Š…”

“මගෙ පුතා මේ දේවල් ඔලුවට ගැන්නැතුව හොඳට මහන්සි වෙලා වැඩ කරල හොඳ මිනිහෙක් වෙන්න ඕන තේරුනාද?”

“හ්ම්ම්…”

“කවදාවත් තාත්තට වෛර කරන්න එපා. ම්ම්… එයාගෙ දේවල්වලට එයා පසු තැවෙයි. මොනා කලත් ඒ ඉන්නෙ ඔයාව මේ ලෝකෙට ගෙනාපු තාත්තා. ඔයාව මේ තත්ත්වෙට එනකන් කන්න බොන්න දීල බලාගත්තු කෙනා. ඒ ගෞරවේ එයාට දේනන සෞ. තේරුනාද?”

“ම්ම්… ඔව්.”

මං එයාට වෛර කරන්නෑ අම්මෙ. එයාට තාත්ත කියන ගෞරවේ මං දෙනව. හැබැයි ඉස්සර විදිහට ම ආදරේ දෙන්න පුළුවන් ද කියන්න මං දන්නෑ. එයාට මීට කලින් හැමවතාවකදි ම මන් සමාවා දීල පොඩ්ඩක්වත් අඩු නොකර ආදරේ දුන්න.තව බෑ අම්මෙ එහෙම කරන්න. මං එයාට වෛර කරන්නෑ කොහොමත්. මං මේ ලෝකෙට එන්න, වින්ද එක සතුටක් හරි ලැබෙන්න එයත් හේතුවක් නෙහ්. ඉතින් තාත්තට මං ඒ ගෞරවේ දෙනව කිසි ම අඩුවක් නොකර ඒ විදිහට ම…

කාලා අම්ම නිදාගන්න ගියාට පස්සෙ මං වැඩ කරන්න ආවට මගෙ ඔලුව රිදෙනව, පපුවත් එක්කම. à·‚à·’à·„à·Š… මේ ප්‍රශ්න හිතන්න ගියා ම ඔහොම්ම මයි. මං ඉතින් බෑග් රෙඩි කරල නිදා ගන්න ආවා. පුලුවන් නං ඉස්සර තාත්තම වෙලා එන්න තාත්තෙ. මං බලං ඉන්නව…

.

.

.

“ළමයි, තව සති දෙකකින් වගේ ඔයාලට ෆස්ට් ට’ම් එක්සෑම් තියන්වා. හොඳට වැඩ ටික කරගන්න. ඕලෙවල් වගේ නෙමේ ඒලෙවල්වල විසි තිස් ගනන් එන්න කලින් කියන්නෙ. ඇහුනද? මං යනව ලියල ඉවර වෙලා මේ බෝඩ් එක මකන්න”

“එම්බල කාල දෙය්යො තොට අපිව ආතල් ද පගෝ. මාස තුනක් ගියෙ කෝමද යකෝව්. ආහ්?”

යුගා ඩෙස් එක උඩට නැගල දෙය්යො එක්ක ටෝක් එකක්. අහ් හරි ඒ පාර ටික්කත් උට හවුල්.

” යේක තමා ම්ස්ටර් දෙයියෝ බලු වැඩ කරන්න එපා ඕයි. මට තාම දුස්ස්.. දුස්ව්… අනේ ලබ්බ ඒ වචනෙ කියාගන්නත් බෑ.”

“වේයිට් අ මිනිට් දෙයියො, ඉට්ස් දුස්ස්වභාවීකරණය. හරී? ආ හරි මොකද්ද කිය කිය හිටියෙ. ආ… ඔව් ඕයි බලු වැඩ කරන්න…”

කොහොමහරි විනාඩි පහක් ඇතුලත අපේ පන්තිය දේවාලයක්. 

“සෞව්වො මගෙ දෙයියෝ උඹේ පිහිට මට දියාම් දියාම්.”
“ඕම් ඕම් ඒස්වාහ් පුඃ”
“ආවඩා ආයිබෝ, මෙන්න දෙසීයක්, පෙරේත්කමට වලතුරු පට්ටියක්. මේ නොදරු ළදරුවො ටික පතන පතන ආකාරයට පේපරේට උත්තර සපයන්න හැකියාව ලබාදියාම්. නැත්තන් තොගෙ කලිසම ගැලවියාම්.”

යෑස් දැං මන් තමා පන්තියේ දෙයියා. මෙහෙම බෑ තාත්වික වෙන්න ඕන. මං ඉතින් ගුරු මේසෙ රෙද්ද අරන් පොරෝගෙන ක්ලාස් එකේ කන්ඩිය උඩට නැග්ගා. ඒ අස්සෙ සුපුනා ඇවිත් මලකුත් කන් දෙක දෙපැත්තෙන් ගැහුවා. උගුර පෑදුව හරි.

“ඔය දරුවො මොනාද කිව්වෙ. අහ්, මුලින් ම කියන්න ඕන… හැමදාම පලතුරු කන්න බෑ ඕයි. තොපිල රයිස් ගිල ගිල ඔහොම බලු වැඩ කරන්නෙපා. අනික රුපියල් දෙසීයට දැන් ජොකෙක්වත් ගන්න පුලුවන්ද ඕයි දාහක්වත් තියාම්. “

“එහෙමයි, එහෙමයි. දැං තො නෑ නෑ ඔබ තුමා අපේ වැඩේ කරල දෙනවද?”

හම්මට මූ ඇත්තට ම දාහක් තිබ්බා. 

“ඔය දරුවන්ගෙ විශය කාන්ඩෙ කියමුකො බලන්න”

“අපි බයෝ සුවාමිනේ.”

මං ශේප් එකේ නැමිල දාහ ගත්ත. අගෞරව කරන්න හොඳ නෑනෙ.

“තොපිලගෙ තියන පුකේ අමාරුවට බයෝ තෝරගෙන මට කියන්නෙ උදව් කරන්න කියල යකෝ මට පුලුවන් නං මං කරනවනෙ. ඇරත් මං ආට් බයෝ කලෙ නෑ. වෙන දෙයියෙක් ගාවට පල. හුම් හුම්. පල ඩෝ.”

හුම්ම්. මහ විනාසෙකට කලින් පරිසරේ හරි නිස්කලංකයි කියල අහල තීනවද. දැනුත් ඒ වගේ තමා.

“මගෙ දාහා දියා………ම්”

“දුන්න ඒව ගන්නෙ නෑ පගෝ. සික් ලැජ්ජ නැද්ද”

“ඔව් මේ අවස්තාවේ මගෙ පසුපස දාහ ගැනීමේ තිර අදිටනින් යුතුව පිරිස හඹා එනව. But මං සාර්තක ලෙස ගෝලය රැකගෙන ඉදිරියෙන් සිටිනව. ඔව්….. ඩැහැ ගත්තා. මේ අවස්තාවේදී ඉරට්ටා දාහ ටික්කට යොමු කිරීමට සූදානම් වෙනවා. අපි බලමු. ඕ අසාර්තකයි. දැන් පන්දුව යුගා අතේ තිබෙනේ. ඔහු සා…”

“යකුනේ!!! නවත්තපියව් ඕක. මොකෙක් හරි ආවොත් සෙට් එක ම ගස්”

මුලු පන්තියම සයිලන්ට් උනා. කබරතුමාට හෙන සතුටුයි වගේ හික්ස් නෝප් ඔවාට වැරදුනා

“නැවතා…ත් සටනට!!!”

“ආහ්හ්හ්හ්…. මං තොපිල පන්ති නායකය යකුනේ පොඩ්ඩක් මට අවදානෙ දියාම්”

සොරි බ්‍රෝ. 

“මොකද්ද මෙතන වෙන්නේ අහ්? නවත්තගන්නව ඕක”

ඉහික්. දේව මණ්ඩලේ වැඩල. 

“තමුසෙල මෙහෙමද හැසිරෙන්නෙ අහ්. ඉස්කෝලෙ ඊලඟට බැජ් ගන්න ඉන්න උන් වෙලා මෙහෙමද හැසිරෙන්නෙ. කියනව”

මුලු ක්ලාස් එක ම හුම් සද්දයක් නෑ. කිත්මින අයියා නෝමලි බනිනව අඩුයි නෑ මෙහෙමයි බයින්නෑ නෙමේ එවුනාට වෙන්දට පුප්පන්නෙ අභිෂේක් අයියා. අද ඌ රවන් බලන් ඉන්නව. ඒ අස්සෙ හෙන කින්ඩි හිනාවකුත් දැම්ම. හොම්බ තලන්න හිතෙන්නෙ ඔය හිනාව දාද්දි තමා.

“ආව් යකෝ අනින්නෙ මොකෝ? “

“තොගෙ කනේ මල් දෙක ගලෝපන් බල්ලො. මල් මාමා වගේ.”

හයියෝ වැලලෙන්න හිතෙනව නෙහ්. අරුන් ටික බැලුවෙ ඒක තමා. මං ටුක් ගාලා මල් දෙක ගලෝලා ඩෙස් එකක් අස්සට දැම්ම.

.

.

.

“අඩෝ තව නං බෑ බං. දනිස්ස නෑ වගේ ඕයි”

අරුන් ටික බැනල බැනල මුලු පන්තියම ග්‍රවුන්ඩ් එක මැද්දෙ දනගැස්සුව. කරුමෙක මහත කියන්නෙ අදම කෙම් මිසුත් නෑ. ඩබල් පීරියඩ් ම දනගහන්. ආඩවනේ. ටිකක් වෙලා යද්දි එවින් අයියා ඇවිත් අපිව යැව්වෙ මහ උපදෙස් මාලවක් දීල. 

චූ බරයි අප්පහ්. යුගාගෙ කකුල් රිදෙනව කියල ඌ පන්තියට ගිය නිසා මන් හෙමින් හෙමින් වොශ්රුම් පැත්තට ගියා. යද්දි එතන ආර්‍යන් අයියයි, කිත්මින අයියයි, අයෝන් අයියයි,එවින් අයියයි ඉන්නව. අයියෝ!!! හුහ් මං මොකටද ගනං ගන්නෙ මලක් විතරනෙ ගහන් හිටියෙ ඇදුම් නැතුව නෙමේනෙ හිටියෙ. එවුනාට මුංගෙ කින්ඩි හිනාව දකිද්දි වහ කන්න හිතෙනව අයියෝ. මං වොශ් රූම් එකට හැරෙද්දි ම ඇතුලෙන් ආපු එකෙක්ගෙ ඇඟේ වැදුන.

“මොන හුම්ජ්ශ්ව්හ්ල…”

“සිහියෙන් පලයන් මල්ලි.”

කියනකන් හිටියෙ. ඇට රිලව. මං එලියට එද්දිත් උන් ටික එතන. 

“වරෙන් එවින් උඹේ කනේ මලක් ගහන්න”

“කිත්මිණ නවත්තහන් ඕක.”

ඒක කිව්වෙ නං අභිෂේක් අයියද කොහෙද. එවුනාට මං උගෙ ඉස්සරහින් ගිහින් හිටගෙන උට ඔරවල වගේ බලන් හිටියා. ඌ නොව්නට කිව්වෙ උගෙ යාලුවොනෙ. මට අදාල නෑ.

“මොකද්ද අයියෙ වටෙන් ගොඩෙන් කියන්නෙ. අහ්?”

“කවුද මල්ලි උබට මොකුත් කිව්වෙ, අනික් මිනිස්සුන්ගෙ කතා අහන්න හොඳ නෑ හැබැයි”

ඒ කිත්මිණ අයියා. 

“මේ අහපන් අයියෙ. ඒ වෙලාවෙ ක්ලාස් එකක් විදිහට පනිශ්මන්ට එක කෑවට පස්සෙ ඒක ඉවරයි. ආයි මොනාද හින්ට් ගහන්නෙ අහ්?”

“පිස්…”

“කිත්මින නවත්තපන්. සෞරාෂ්, වැරැද්දක් උනා නෙහ් සොරි දැන් පලයන් පන්තියට.”

“කවුද ඔයාත් එක්ක කත කලේ අභිෂේක් අයියෙ. මං කතා කලේ කිත්මින අයියා එක්ක නං අපි දෙන්න කතා කරගන්නං. කවුරුත් උදව්වට ඕනෙ වෙන්නෑ.”

” මං උඹට සැරයක් කිව්ව. පලයන් පන්තියට”

යකෝ හෙඩ්ඩො උනාට එහෙම මුන්ට බය වෙන්න ඕන කියල දෙයක් නෑ නෙහ්. ආහ්. 
මං දිගට ම රවන් අභිෂේක් දිහා බලන් හිටියෙ. 

“අඩෝ සෞව්වෝ. ඕයි මොකෝ මේ.”

මං යුගා දිහා බැලුව පාර ඌත් ගැස්සුනා. 

” යුගාන්, යාලුවව එක්කන් යන්න”

අයෝන් අයියා කියද්දි යුගා මාවත් ඇදන් එතනින් ආව. 

“මොකද්ද බං උනේ. අඩෝ ඔහොම බලන්නෙපා බං බයත් හිතෙනව.”

.

.

.

එක්සෑම් නිසා මේ ටිකේම ඒකට පාඩම් කරල කරල බාගෙට මැරිල වගේ හිටියෙ. කොල්ලො එක්සෑම් ගනං ගන්නෑ කිව්වට මට නම් එහෙම දෙයක් නෑ. මොකද ඒවත් කරන්න එපැයි. අද එක්සෑම් ඉවරයි කියන්නෙ තව සති දෙකහමාරකින් වගේ දෙසැම්බර් නිවාඩුව. ඊට කලින් කලර්ස් නයිට්, ප්‍රයිමරි කොන්සට් එක එහෙම තියල තමයි අවුරුද්ද ඉවර කරන්නෙ. 

“සෞරාශ් කියන්නෙ කවුද?”

හතේ විතර පොඩි බට්ටෙක් ඇවිත් හෙන ටකරන් වොයිස් එකකින් ඇහුව පාර පන්තිය එක පාට්ට සද්ද නැතුව ගියා. හැබැයි තත්පරයයි. 

“ඇයි මල්ලි?”

“ආ අයියේ ඔයාට නන්දනී මිස් එන්න කිව්වා. මොකේද කල්චරල් එකේ වැඩකට”

“අහ් හා මල්ලි.”

“ඒ යුගා යමංකො”

මායි යුගයි මිස්ව හම්බෙන්න ගියා. ඇහ් ඇට රිලව මොකෝ මෙහෙ.

” Excuse me miss”

“එන්න පුතා, එන්න. මං මේ එනකන් බලන් හිටියෙ. මේකයි හරිද. මේ අවුරුද්දෙ අවසානෙට අපේ ක්ලබ් එකෙන් මොකක් හරි ප්‍රොජෙක්ට් එකක් කරන්න එපැයි. ඔයා දන්නවනෙ. අපි ඒක කරන්න ඕන. ප්‍රසිඩන්ට් ඉන්න පුතාලට තාම එක්සෑම් නිසා ඔයාලට තමා මේ පාර මේක හැන්ඩ්ල් කරන්න වෙන්නෙ. මං කියන එක තේරෙනවනෙ?”

“ඔව් මිස්.”

“ඕකෙ. මෙහෙමයි. ගිය පාර ක්ලබ් මීටින් එක වෙලාවෙ ලමයි කැමති උනා බීච් ක්ලීනින්ග් ප්‍රෝග්‍රෑම් එකකට. ඒක කරන්න ප්‍රින්සිපල්ගෙන් අපෲ එකත් ඕකෙ. එවුනාට තනි ක්ලබ් එකක් විදිහට කරන්න තරම් ප්‍රොජෙක්ට් එක ලොකු වැඩී. සෝ ප්‍රිෆෙක්ට් එකයි ඉන්ට්‍රැක්ට් එකයි එක්ක එකතු වෙලා තමා මේක කෙරෙන්නෙ.  පුතා ට හිතාගන්න පුලුවන්නෙ වැඩේ බරපතලකම. මං මේක ඔයාට බාර දෙන්නෙ විශ්වාස කරල ok? “

“හරි මිස්,ඉන්ට්‍රැක්ට් ප්‍රසිඩන්ට් ඉන්නෙ යුගාන්. අපිට ලොකු අමාරුවක් වෙන්නෑ මිස්”

“එහෙනං තවත් හොඳයි නෙහ්. යාලුවො දෙන්නනේ. අභිෂේක් පුතා එන්නකො. මෙයාල එක්ක වැඩේ කතා කරගන්න හරිද. සෞරාෂ්, යුගාන් දෙන්න ම කතා කරගෙන වැඩ ටික බැලන්ස් කරන්න ඕනෙ හරිනෙ”

ඔය උනේ වැඩක්. කොහෙන් ගියත් මූවමනෙ හම්බෙන්නේ. වෙන උන් නැද්ද මං අහන්නෙ මේ ඉස්කෝලෙ.

————————————————————
වණක්කම් පිළ්ළෛහළ්,

මං පරක්කු නෑ හොඳේ. මේ ඔරලෝසුවේ කට්ට යනව වේගෙ වැඩී. 🥲 වැරදි බැලුවෙත් නෑ අප්පහ්. කම්ල්ලෑ නෙහ්?

මේ… කයේල් කැතද? මට එහෙම හිතෙනව. එහෙමද?

However, ඊලඟ එකේ ඉදන් අභීසෞ සීන් ඒවි. තාම මුලනෙ ඉතිම්. මට එක පාරට සීන් එකට එන්න තෙරෙන්නෑ අයියෝ. (පූසා කෑගහන ස්ටිකරේ)

ඔව්, මේ ඇරඹෙන්නේ මහා යුධ සමයයි.
🧨🧨🧨🧨🧨🧨🧨🧨🧨🧨🧨🧨🧨🧨🧨

තා සුට්ටෙන් අමතක වෙනෝ ආර්‍යන් කියන්නෙ අපේ හෙඩ් පිපෙට්ටු අයියටලු හොඳේ.

Bye 👋

▪️කතුවරයාගේ අවසරයකින් තොරව කතාවේ ඇති කොටස් උපුටා හෝ අන් ආකාරයකින් (ෆොටෝස් / වීඩියෝස් ) සමාජ මාධ්‍යවල පලකිරීමෙන් වළකින්න.

▪️කරුණාකර කර්තෘ අයිතිය ද සුරකින්න.

Arden_Ak

Tags: read novel Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 04, novel Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 04, read Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 04 online, Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 04 chapter, Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 04 high quality, Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 04 light novel, ,

Comment

Leave a Reply

Chapter 6