Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 05

A+ A-

“ආ…”

“මොකද්ද මේ”

“ළමයි ගෙ නම් ලිස්ට් ටික. අර කලින් දුන්න කොල ටිකේ ලියන්න”

“මට විතරනෙ අකුරු ලියන්න පුලුවන්”

“මොනවද කුටු කුටු ගාන්නෙ කියන එකක් කියපන් ඇහෙන්න.

“නෑ මං අත් දහයක් මවාගන්න මන්තරයක් ජප කලේ”

“හ්ම්ම්.”

මරුවා සමඟ වාසේ කියන්නෙ මේකට තමා. ඇට රිලව එක්ක මේ වැඩ කරන්න ගිහාම… පේනවනෙ දැනුත් මූ මට වැඩ පවරපු ලස්සන. යුගා තමා මෙතන සාම විනිසුරු. උගෙ වැඩේ සුදු පරෙයියා වගේ සාමය වපුරන එක. ඌ නොහිටින්න එක්කො මෙතන අරූ මැරිල නැත්තන් මංමැරිල. හුහ් මං නං මැරෙයි එහෙම. දෙන්නෙ හොම්බයි කටයි බොම්බයි මොටයි වෙන්න හොටදිග ප්ලැටිපසාට.

“මගෙ අකුරු කැත නිසා කිව්වෙ”

“ඇහ්?”

“………”

“මං ඇහුවෙ නෑනෙ. වැඩක් නැත්තන් මේක කියවන්න. එතකොට ලේසි”

“ම්ම්…”

අපරාදෙ කිව්වෙ. ප්‍රිෆෙක්ට් එකෙන් බාගයක් යද්දි මූ මිසින්. අම්මා… බෙල්ලත් රිදෙනව දැන් නම්.

“ආ මල්ලේ. වැඩ වගේ.”

“මොකද්ද කිත්මින අයියෙ ඔයාගෙ යාලුව. මේ ඉන්නව මේ නෑ. අපිද සේරම කරන්න ඕන.”

“ඇටයෝ මගෙ කොල්ලට මොනාද උබ කියන්නෙ. දෙන්නෙ දෙකක් හොඳේ”

කාලයාගේ ඇවෑමෙන් මං කිත්මින අයියා එක්ක නං සෙට්. මිනිහ එදා ඤං පචං ගෑවට  හොඳයි. යම්කිසි දෙයක් සිදුවෙන්න ගියාතමා එව්නාට අපි එහෙම තරහ මරහ හිතේ තියන් ඉන්න මිනිස්සු නෙමේ නෙ. දහම්පාසල් යන බොදු දරුවො.  

“ඈ අභියො ඇත්තද කියන්නෙ ඔයා මේ අයිස් ගහනව කියල”

“මොන අයිස්ද? පිස්සුද උවින්.”

“අනේ මගෙ නොදරුවටනෙ මේ ඇටය දොස් කිව්වෙ. පොඩි එකෝ උබ මයෙ පොඩි එකාට එකේකේව කියනව එහෙම නෙමේ.”

“නලවන්න හරහට අරං”

මං මැද ඇඟිල්ලත් උස්සල කිත්මින අයියට කිව්ව. 

“යුගාන් මල්ලි එන්න කන්න. සෞරාෂ් පස්සෙ ලියන්න දැන් එන්න.”

ඇට රිලව නෙමේ කවුරු කිව්වත් කෑම නෙහ් අහක දාන්න බෑනෙ. ඒ නිසා ඉතිං මාත් නැගිට්ට. එහෙම කියල වෙනසක් නෑ. ඇට රිලව ඇට රිලවම තමා.

“අඩෝ. කොච්චි…කරලක්…ස්ස්ස් හා…හැපුනා. වතුර එක…ස්ස්ස්…දියම්”

යුගාට සැර කන්න බෑ. කොච්චි නම් සොරි ඩොට් කොම් තමා. මං වතුර බෝතලේ හොයද්දි අයෝන් අයියා සුටුස් ගාලා වතුරබෝතලේ අරූට දුන්න.

“හම්…බොහ්. බොක්ක නෑ වගේ. වතුර මදි අප්පහ් සැරට පොල් ටොපියක්වත් ඕනෙ අයෝන් අයියෙ”

“කැහ්… කැහ්… අයෝන් උබේ මල්ලිනෙ කිව්වෙ ගෙනත් දියං ඈ.”

 වට්? උබේ මල්ලි. මා නොදන්න යම්කිසි දෙයක් සිද්ද වෙනව à·€gay.  අයෝන් අයිය සාක්කුවේ තිබිච්ච චොක්ලට් එකක් අරූට දෙද්දි ඌ නයා වගේ සූ ගගාම ඒක අරන් කෑව. හුම් හුම් බලමුකෝ…

කාලා ඉවර වෙලා සේරම ආපහු වැඩවලට ගියාම ඉතුරු උනේ මායි යුගයි අයෝන් අයියයි අර මනුස්සයයි විතරයි. එයත් ආපහු ඔෆිස් එකට ගියා.

“මේ කෑම බොක්ස් ටික ඇවිත්ලු බං මන් බලල එන්නං. අයෝන් අයියෙ වැඩක් නැත්තන් එනවකො ලොරියෙන් බාගන්න ඕනෙ ඒ ටික.”

කම්මැලී අප්පා. තව ප්‍රිෆෙක්ට් එකයි, ඉන්ට්‍රැක්ට් ලිස්ට් එකයි එහෙම්මමයි. පුදුම ගොඩක් නෙහ් ඉන්නෙ. අද නං යද්දි තුනවත් වෙයි වගේ. දැනටමත් එකට දහයයි.

“à·„à·„à·Š”

“ටිකක් ඉදල ලියන්න සෞරාෂ්.”

හැහ් මූ කොයි වෙලේද ආවෙ.

“තව ගොඩක් තියනවද?”

“ඔව්. මේවා ටයිප් කරන්න බැරි ඇයි අප්පහ්”

“අයිටී එකේ මේ ටිකේ එක්සෑම් මාක්ස් දානව. කම්පියුටර්ස් ගන්න බෑ දන්නවනෙ.”

“හ්ම් හ්ම්”

“පොඩි වැඩක් තියනව යංද?”

“කොයි?”

 බයෙත් බෑ. මූ එක්ක යන්න  තියන තරහට මාව කිඩ්නැප් කරල කරෝල වාඩියකට එහෙම දුන්නොත් අම්මට සුදුපුතෙක් නැතිවෙනව.

“පොලිසියට”

“ඇහ්? ඇත්ත කියපන් තෞසෙ කාව හරි මැරුවද? බාරවෙන්න ද යන්නෙ. පල පල. මටත් පුලුවන් තමුසෙට විරුද්ධව නඩු කියන්න එතකොට”

ඒ පාර මූ ගුලි කාලා වගේ හිනා වෙනව. අම්මප දැං මන් මොනා හරි හිනාවෙන්න දෙයක් කිව්වද. නෑ නෙ. නෑ නෙ.

“පිස්සුද බං උබට. හම්මෝහ්.  බීච් එකේ ප්‍රෝග්‍රෑම් එකට අවසර දෙන ලෙටර් එක ගන්න යන්නෙ. “

“තේරෙන්න කියන්න එපැයි මගුල. එතකොට මේක ලියන්නෙ කවුද?”

“ඕකද? ඕක… මේන්න මූ ලියයි.”

ලිස්ට් එක ඇතුලට ආපු යුගාගෙ ඇඟේ ගහල ඌ අත් දෙක දිගෑරල දැන් හරිනෙ වගේ ඇක්ට් එකක් දුන්න.

“ඕක ලියල තියනවද මල්ලි. මං මූ එක්ක ලෙටර් එකක් තියනව අරං එන්නං”

“ඔව්.ඔව් උබල පලයන්. වටේම පලයන්. සෞ ඇටේ උබ මට මෙහෙමයි නේ කරන්නෙ. හිත රිදුන රත්තරං හොදේ. කමක් නෑ උබ මිනිහා එක්ක වටේ ගිහින් එන්නකො.”

“කිව්වයි කියල හිතාගනිං උබ”

මිනිහ? මං මොකා එක්ක යාලු උනත් මූ එක්ක නං යාලු වෙන්නෑ. අම්බෝ මතක් වෙද්දිත් හාටුව අඬනව. 

අයියයි මායි දොර වහන් එලියට ආව. ඉස්කෝලෙ ඉවරත් වෙලා. පොඩි උන් හතර වටේ කෑ ගගහ දුවනව. ඉස්සර මායි යුගයි අයාසයයි ශෙයලුයිත් මෙහෙම තමා. මාසෙට එකෙක් අනිව වැටෙනව. ඉතිං හොටු පෙරන් අඩනව. දවසයි දෙකයි මතක ආපහු කලින් වගේ නටනව.

“ආ මේක දාගන්න. “

“බයික් එකේද යන්නෙ. කාගෙද මේ?”

“පයින් ගියොත් අද රෑවෙද්දි ඒගන්න පුලුවන් වෙයි උබට. වැඩවලට එහෙමෙහෙ යන්න තියන නිසා ගෙනාවෙ.”

මං ඉතිං හෙල්මට් එකත් දාං නැග්ග. තනි කලු R15 එකක්. මගෙ බයික් පිස්සුව වැඩි වෙනව. බෑනෙ කොරම්න.

“ඉස්සරහින් අල්ලගන්න සෞරාෂ්. වැටෙයි ඔහොම ඉදල”

“නෑ ශේප්. අවුලක් නෑහ්හ්… මොන මගුලක්ද අයියෙ කරන්නෙ.  තව පොඩ්ඩෙන් අන්ඩකුත් කැඩෙනව.”

මං පිටිපස්සට බර වෙලා අල්ලන් ඉද්දි මේ මිනිහ එක පාට්ට බයික් එක ඉස්සරහට ගත්ත පාර මං උගේ උරහිසෙන් අල්ල ගත්ත. කලොත් කරන්නෙම ඔය වගේ මහ හරක් වැඩක් තමා. ඇරත් මොලයක් නෑනෙ. 

අපි පොලිසියටම ගියෙ නෑ. මගකට ගිහින් ලෙටර් එක අරන් ආවා.

“ඇයි නැවැත්තුවෙ?”

“බඩගිනිද?”

“නෑ. ඇයි?”

“කෝල් එකක් ආව එකයි”

“ඇහ්? තේරෙන්න කියනවකො අයියෙ”

“උබේ බඩේ පනුවෙක් කෝල් කරල කිව්ව උබට බඩගිනී කියල”

“à·„à·™ à·„à·™. හරී…යට හිනා යනව. මගුලක් නොකිය යමන්”

“ඊට කලින් මොනා හරි කමු. ගල් ගිලලද ඉන්නෙ. කෝ එනව. “

අපි අරුංටත් කෑම අරං ඉස්කෝලෙට ආව. වැඩ ඉවරවෙද්දි පහත් පහු. අද ස්කූල් නිවාඩු දුන්න. ඒ කියනේ අනිද්දට මේ වැඩේ තියනව. මොනා උනත චුට්ටක් විතර බයක් තියන්ව. මොකද ටිකක් ලොකු වැඩක්. එලියෙ තියෙන්නෙ. ඉස්කෝලෙ නමට බ්ලැක් මාක් වැටෙන්නත් බෑ. අපේ උන් පිටට ගියාම ඉන්න දන්නව. එව්නාට අර වැඩක් හරියට වෙනකන් අර තියන බය මගෙ හිතේ තියනව.

වැඩ ටික ඉවර කරල මායි යුගයි බස් ස්ටෑන්ඩ් එකට ආවට මොකද ඔෆිස් ටයිම් නිසා අම්මටසිරි වෙන්න සෙනඟ. බස් දෙකතුනක් ම ගියේ ඒවගෙ ඇඟිල්ලක්වත් ගහන්න ඉඩනැතිවෙද්දි.

“රෑ වෙනකම්ම ඉන්න වෙයි වගේ සෞව්වො”

“ඒකනෙ බං, බලපංකො සෙනඟ.”

එතකොටම බයික් එකකුයි කා එකකුයි ඇවිත් නැවැත්තුවෙ අපිට එන්න කියන ගමන්.

“අව්ලක් නෑ අයියෙ. අපි මෙහෙම යන්නං.”

“පන්ඩිත නොවී නැගහන්කො. සෞරාෂ් අභියත් එක්ක වරෙන්.  උබ මේකට නැගහන්.

“අපි දෙන්නව දෙකඩ කරනෙ කෝමද ඔයාල අහ්.?”

“අනේ අයෝන් ඔය සෙරෙප්පුවෙන් මට ගහපන්කො. උබල දෙන්න ගෑනියි මිනිහයිද යකෝ. මෙහෙ නැගපන් උබ මේකට. සෞරාෂ් මල්ලි, උබ අරුත් එක්ක වරෙං බං. ඌත් මහන්සි වෙලා ඉන්නෙ. තනියමනෙ.”

“හ්ම්…”

“පරිස්සමෙන් මැනිකෙ. ඕක උබට අතවර කරන්න ආවොත් මට කියපම්. සුදාපච්චි ඉන්නව උබේ.”

“ඇයි උබ මොනා කරන්නද. මෙගෙ වර පොඩි එකා. තෝ පල”

මං ඉතින් අරූගෙ බයික් එක ලඟට ගියා. 

“මහන්සි නං අරකෙ යන්න.”

“මඟුලක් නොකිය හිටහන් අයියෙ. අපිව දෙකඩ කරල මදිවට දැං කියනව අඥකෙ ඤංඤලු. “

“හරි ඉතිම් කේන්ති ගන්න මොකුත් කිව්වෙ නෑනෙ.”

“උබ යනවද මං බහින්නද. දැං අරුං ගිහිල්ලත් ඇති”

“හරි හරි බං.”

ඇට රිලව මීගොඩලු. කව්ද දන්නෙ. කව් දැනගත්තට මං දන්නෑ බිකෝස් මං කව් නෙමේ මං මලක්. සුවඳවත් පුස්පයක්. ඇරත් මුගෙ දේවල් මට මොකටද. ඇයි මූ ජනාධිපතිගෙ පුතා යෑ. එහෙම උනත් මට මොකෝ. 

“සෞරාෂ්. මල්ලි. නැගිටින්න. මට පාර කියපන්… ඒහ් බං නැගිටල පාර කියපන්”

“ම්හ්. වට්සැප් එකේ බලන්න.”

මොනා උනත් ශෝක් කොට්ටෙ. අම්ම කොට්ටෙ මාරු කරලද කොහෙද.

“නැගිටින්න ගෙදෙට්ට ආවා. ඕයි නැගිටහංකො. මට උබව උස්සන් යන්න බෑ. මදෑ තනියට එකෙක් ආවා. ඌ නිදි. මං ඇහැරිල. කෝ නැගිටපන් බං “

“අනේ අම්මෙ…”

“උබ ඉන්නෙ මගෙ බයික් එකේ. නැගිටපන් නැත්තන් මන් උබව උස්සල විසික් කරනව.”

ඇහ්. සික්කේ වස ලැජ්ජාවයි. මං නිදං තියෙන්නෙ මුගේ පිටේද. හැබැයි මුට හේත්තු උනාම හොඳට නින්ද නං යනව.එදත් එහෙමයි. 

“දැං ගිහින් නිදාගනිං. මෙතන කිරන්නැතුව.”

“මං යනව. තෑන්ක්ස්.”

මං ඇතුලට ගිහින් දොර වහද්දිම වගෙ අභිෂේක් අයියා යනව ඇහුනා. 

“අම්මේ,සුදුපුතා ආවා!!!”

“අහ් අද පරක්කුයි නෙහ් මොකේද ආවෙ?”

“අපිත් එක්ක ඉන්න අයියා කෙනෙක් ගෙනත් දැම්ම අම්මෙ.”

“ම්ම් ඒක තමා මට ඇහුනා. මං දන්නැති නිසා ආවෙ නෑ ඉතිම්. ඒ දරුවට තේකක් බීල යන්නවත් එන්න තිබ්බනෙ. ආ පයින්ම යන්නැතුව. ආපහු දවසක් ආවොත් එන්න කියන්න හොඳේ”

“හාකො හාකො”

“මහන්සි පාටයි ඔයාට. කෑම කනවනෙ?”

“බෑ අම්මෙ. කෑව අපි. දැං නිදා ගන්න විතරයි අප්පහ් ඕන. මං යනවා. සාධු.”

මං අම්මටත් වැදල කාමරේට ආවෙ වොශ් එකකුත් දාන්. ඇඳට ආවා විතරයි, මහන්සී අප්පහ්.
.
.
.

📱පුංචි මමයි කේතලෙයි මහාතයි කොටයි
මෙන්න මගේ අත මෙන්න මගේ කට
වතුර නටනකොට හඬ…

“හෙලෝ. කවුද?”

“**** ගීතය දැන් ම ඔබේ දුරකත… ටීක් ටීක් ටීක්”

“උබෙ ආච්චිට… සාරි තුනයි සෙරෙප්පු දෙකයි. මඟුල නිදාගන්න දෙන්නැති හැටියක්.”

📱පුංචි මමයි කේතලෙයි මහා…

ආහ්.

“මොන මඟුලක්ද ඕයි. ඔය රෙද්දෙ සිංදුවක් මටඕන්නෑ. තියාගෙන ඉදගනිං රෙද්ද. පුදුම වදයක් නෙහ් තියෙන්නෙ.”

“සෞරාෂ් මේ මම.”

“අහ් කියන්න අයියෙ. “

“මං ගත්තෙ මේ… කතා කරන්න පුලුවන් ද”

“නිදිඑකාව ඇහැරල දැන් ලබ්බක් නොකිය කියපන් මගෙන් කන අතගාගන්නැතුව”

“උදේම කේනති අරගන්න එක න…”

“උබ කියනවද ම්ං මේක කට් කරන්නද?”

“හරි හරි. මෙහ් අජෙන්ඩා එක ටයිප් කරල එවනවද මට. මේ අර ෆයිල්ස් ටිකක් හදන්න ඕන.”

“හ්ම් හා හා.”

මං මූන හෝදන් කාලා අරකත් ටයිප් කරල යැව්ව. නිවාඩු කාලෙ පලවෙනි දවස කියන්නෙ ඉතිං හරි නිදහසක් තියන දවසක්.  පස්සෙ ක්ලාස් වැටෙද්දි නිදහස ලෙප්ට්.

මං ගෙවල් අස් පස් කරන ඒවටත් උදව් වෙලා ටව්න් එක පැත්තට ආවෙ ලයිබ්‍රි එකට. හුහ් හොඳ වෙලාවට සයිලන්ට් කලේ මේක. 

📱 🫘less 🐒 Calling

මූ මොකද ගන්නෙ

“කියන්න”

“කොහෙද ඉන්නෙ”

මං කොහෙ හිටියත් උබට මොකෝ

“ලයිබ්‍රි එකේ”

“ආ ඒක තමා. “

“මොකද්ද ඒක තමා.?”

“නෑ හරි හරි “

එක්කො මුට පිස්සු නැත්තන් ඒත් මුට පිස්සු. මං කිව්වෙ මුට පිස්සු නැත්තන් මූ දොරෙන් මතු වෙයිද. වෙයිට් වට්? මූ මොකද මෙහෙ?

“වැඩ වගේකට ආව වෙලේ.ඔයා වගේ කෙනෙක් මෙහෙට එනව දැක්ක”

දැං මන් ඇහුවද. නෑනෙ. 

“අහ්. මේක බොන්න. “

“ඔයා බොන්න මට එපා”

“දුන්නම ලොකු ලයින් දෙන්නැතුව බීපන්. රෙද්ද.”

“අහ් මං බය උනා හොඳේ. බිත්තර කට්ටක් දෙන්න. මං ගේන්න කිව්ව වගේනෙ හරියට”

“එපා නං මෙහෙදීපිය ඔච්චර කියවන්න ඕන නෑ නෙ.”

මූ එක අරගත්ත විදිහට ඩස්බින් දායිද මංදා.

“මෙහෙ දෙනව මං එපා කිව්වෙ නෑනෙ”

අපේ රන්ඩුවලට කෑම පලි නෑනෙ.

“ඇයි නිකන්?”

“හෙට වැඩේ ගැන හිතුවෙ. බයයි වගේ.”

“බය වෙන්න දෙයක් නෑ සෞරාෂ්. උබ දැනටමත් වැඩේ කරල තියෙන්නෙ.”

“එවුනාට…”

“එවුනාට නෙමේ එහෙම තමා බය නොවී හිටහන්. අපිත් ඉන්නවනෙ. ම්ම්”

“හාකො. හැබැයි අයියෙ…”

“අපි ඉන්න හින්ද තමා බයම නෙහ්.ඒකනෙ කියන්න ගියෙ”

“හෙහෙ ඔව්.”

මං පොතුත් මාරු කරං ආවම මේකා මාව ගෙදරට ගෙනත් ඇරලුව. හැබැයි ගියෙ නෑ. අපේ අම්ම යන්න දුන්නෑ. තේකක් බීල පලයාම් කිව්ව. එහෙම නෙමේ කිව්වෙ හැබැයි එහෙම තමා උනේ. 

“පරිස්සමින් යන්න පුතා. “

“හරි අම්මෙ. යනව සෞරාෂ්”

“යනව නෙමේ ගිහින් එන්නම් කියල කියන්නෙ ලමයො”

ඇහ් මෙන්න මූ අපේ අම්ම එක්ක හිනාවෙනව. අද වහීදත් මන්ද.

“ගිහින් එන්නම් එහෙනං.”
.
.
.

“අනේ ඒ ලමය හරි ශෝක් අනේ. නැද්ද පුතා”

“අයියෝ ඔයා ඕක කියන්නෙ කීවෙනි වතාවටද අම්මෙ. අර්…නෑ මං කිව්වෙ අයියා ගිය වෙලේ ඉදන් එයා ගැනමයි කටේ තියෙන්නෙ.”

“ඉතිං ඒ දරුව හොඳයි අනේ”

“යැයි යැයි යැයි මට ඇහෙන්නෑ ඕවා”

හොඳ මං කියන්නෑ. මාව දැං රුපියල වගේ බාල්දු වෙලා ඉහික්. කැතයි අම්මෙ ආහ්. මමයි ඔයාගෙ සුදුපුතා ඔය ඇට රිලව නෙමේ. ඌට අරූ කිව්ව කියල මට පාරකුත් දුන්න හුහ්. මං යනව මෙහෙන් එයිනෙ අම්මගෙ පුතා එතකොට.

————————————————————

දෙකක් දුන්නා!!! 750ට නෙමේ නිකන් දුන්නෙ. චොකෝ එකක්වත් දීගෙන යන්න අප්පහ්. සෞව්වට බීම දෙන්න අය හිටියට මට ඤැහ්. 🥲

සෞ පුතා ගෙදරින් යනවලු. මං එයැයිව අපේ ගෙදර නවත්තගන්න හදන්නෙ. අභියට ඕන්නෑ අප්පහ්. මං තියාගන්නව.

     🫘less 🐒’s බයික් පොජ්ජ

ඒනං මං ගොහින් එන්නං.
Bye 👋

▪️කතුවරයාගේ අවසරයකින් තොරව කතාවේ ඇති කොටස් උපුටා හෝ අන් ආකාරයකින් (ෆොටෝස් / වීඩියෝස් ) සමාජ මාධ්‍යවල පලකිරීමෙන් වළකින්න.

▪️කරුණාකර කර්තෘ අයිතිය ද සුරකින්න.

Arden_Ak

Tags: read novel Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 05, novel Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 05, read Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 05 online, Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 05 chapter, Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 05 high quality, Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 05 light novel, ,

Comment

Leave a Reply

Chapter 7