Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 06

A+ A-

“ඇහ්. පුතා, මොකෝ මේ කවදාවත් නැතුව නැගිටල, පත්තරේටවත් දාන්න වෙයිද මන්දා මේක නං”

“මං දැන් බලයලත් නිළධාරියෙක් නෙහ්. වගකීමෙන් වැඩ කොරනව. හැදිල ඉන්නෙ. එකේකේව කියන්න එපා”

“හාකො හාකො, කෝපි එක හදල මං කතා කරන්න එන්න හැදුවෙ,ආ”

කෝපි ආගමක් නම් මං එහි බැතිමතෙක්. මට සූටි කාලෙ උදේට කිරි බීල ස්කූල් ගිහාම වෝමිට් උනා සෝ මන් කිරි බොන එක නැවැත්තුව. හවසට ඇවිත් කිරි එකක් බොන එක වෙන ම කතාවක් හැබැයි වැඩිය ආස නෑ. කෝපි කියන්නෙ මගෙ 24/7 ලඟම නෑයා.

“දන්නවද සෞ වැඩක්”

“මොකද්ද අම්මෙ?”

“දවසට පැය පහකට වඩා ඉදන් ඉන්නවනං ඒ මනුස්සය කෝපි එකක් බොන්න ඕනලු. මං බලපු ප්‍රෝග්‍රෑම් එකක කිව්වෙ”

“ඔහ්. හැබැයි ගෑනු ලමයිට නං ප්‍රශ්නයක් නෑ ඒකෙන්”

“ඒ ඇයි?”

“එයාලා මනුස්සයො නෙමේ මැනිස්සියො නෙහ්”

“අම්බෝ ශෝක් ස්ත්‍රී ලිංග පදේ, කිව්වොත් කියන්නෙ ම ඔය වගේ ගොං කතාවක් තමා.”

“ආව් අප්පහ්, මොලේ බහී හොඳේ. මං දන්නෑ”

අම්ම මගේ ඔලුවටත් ටොක්කක් ඇනං ගියා. මාත් ඉතිං කාමරේට ගියා ලෑස්‍ති වෙන්න. ඉන්න, මං දත් මැද්දද. අප්පටසිරි මතක නෑ නෙහ්. ආ… ආ හරි හරි මැද්දා තමා. කෝපි එක බිව්වා කියන්නෙ දත් මැදලනෙ. මට උදේට දත් මදින්නෙ නැතුව මොකුත් බොන්න කන්න බෑ. අප්පිරියයි.

“මී වදයකි ජීවිතේ… මී පැනි පිරීලා ඇතේ…”

“පුතාහ්, මේහ් මටත් ටිකක්”

“ඇහ් මොනාද? මොනා ඉල්ලන්නද මේ හති දාන් දුවන් ආවෙ”

“දැං මී පැනි තියනව කියල බෙරිහන් දුන්නෙ. ටිකක් ඉල්ලගන්න කියල ආවෙ.”

“අම්මේ!!! බෑ අප්පා ඔයා එක්ක.”

අර ඉතින් හිනා වෙවී යනව. සිංදුවක් කියන්න දෙන්නැති හැටියක්. නඩු දාන්න ඕන නඩු. ආ ඊට කලින් ඇට රිලවගෙ නඩුව තියනව. ඒකත් කරන්න ඕන.

මං ඇට රිලවට නඩු කියන හැටි ඉමෑජින් පාරක් දාන් ලෑස්ති උනා. මීඩියම් උනාට මට වගේ තව කෙනෙක්ට බහින්න පුලුවන් ස්කූල් ටී එකයි, බොටම් එකයි, ඩෙක් එකයි.කලු කුමාරය වගේ තනී…කලු.

“පුතා, මෙන්න අර පුතා ඇවිල්ල. යන්නැද්ද?”

“අහ් මේ එනව”

“මේකත් කකා යන්න”

ඇට රිලව අද මට ප්‍රවාහන පහසුකම් සපයන්නම් කිව්ව. අද කා එකේ ඇවිත්. කට්ටියම යන්නෙ මේකෙද කොහෙද. මං අම්මටත් සාදුපාරක් දාන් කා එකට නැග්ගා. ටික දුරක් යනකන් ඒකා මොකුත් කිව්වෙ නෑ.

“සේරම හරි නෙහ් සෞරාෂ්?”

“ඔව් කියල හිතනව”

“හ්ම්… “

“ආ මේ අම්ම දුන්නෙ. කනවනෙ?”

මේකා මොකද කට දික් කරන්නෙ. අතට ගනිංකො මගුල.

“කවනව. මට ඩ්‍රයිවින් කරන ගමන් කන්න බෑ.”

අනේ මේකට සැන්විච් එක ඇතුලෙ මිරිස් කෑල්ලක් හැපියන්. ඒස්වා පුඃ

මං උටත් කවල මාත් කෑවා. බිත්තර චූටි කෑලි කෑලිවලට එන්න හදල ඇතුලට දාල ටෝස්ට් කලාම පාන් ශෝක්.

අපි ගිහින් යුගාවත් එක්කන් ස්කූල් එකට ගියා.
ගිහින් එතනින් ලමයිනුයි සේරමයි එක්ක බීච් එකට ආවා.
බීච් එකට ඇවිත් වැඩේ පටන් ගන්න කලින් ප්‍රින්සිපල් මැඩම් ඇවිත් පොඩ්ඩක් කතා කළා.

“Good morning පුතාලා!”

“Good morning maam!”

“ලොකුවට කතා කර කර ඉන්නෙ නෑ මං අවශ්‍ය ම දේවල් ටික විතරක් කියන්නම්. මේ වැඩේ කරන්න එපැයි. ඉතිං අද මේ ප්‍රෝග්‍රෑම් එකට එකතු වෙලා ඉන්නෙ අපේ ස්කූල් ප්‍රිෆෙක්ට් බෝඩ් එක, ඉන්ට්‍රැක්ට් & කල්චරල් කල්බ් දෙක. ළමයි ඔයාලා මුලින් ම මතක තියාගන්න මන් හැමදාම කියනව වගේ විනය තමා මුලින් ම. පාසලේ තියන ප්‍රධාන ම ක්ලබ් දෙකක මෙම්බර්ස්ල විදිහට ඔයාලා මේ වැඩේ කිසි ම වැරැද්දක් නැතුව කරයි කියන එක මම බලාපොරොත්තු වෙනව. අද ඔයාල මෙතන බීච් ක්ලීනප් එකක් කරනව කියන්නෙ අද මෙතන පිරිසිදුවීමක් වෙනව කියන එක විතරක් ම නෙමේ තරුන දරුවො විදිහට සමාජෙට ඒක හොඳ පනිවිඩයක් වගේ ම ඔයාලා ඉපදුන දවසෙ ඉදන් මේ වෙනකන් සහ ඉදිරියටත් ඔයාලව පෝෂණය කරන මේ බිමට කරන ප්‍රතිඋපකාරයක් සහ ගෞරවයක්. හොඳට මතක තියාගන්න ඔයා බිමට පුංචි ම හරි දෙයක් සමහරවිට ඉටිකොල කෑල්ලක්, කඩදාසියක්, ඕනම දෙයක් දානව කියන්නෙ ඔයා ඔයාගෙ ම අතින් තමන්ගෙ අම්මට වස දුන්න වගේ වැඩක්, අම්ම ඇදන් ඉන්න ලස්සන ඇඳුමෙ හිතාමතාම කුනු ගෑව වගේ වැඩක්. ඒ නිසා පන්තියකදි උල් කරල අයින් කරන පැන්සල් කුරුට්ටෙ ඉදන් කොහෙ හරි ගෙනියන සිලි බෑග් එක දක්වා ම දේවල් හරියට ඩස්ට්බින් එකකට දාන්න එහෙම නැත්තන් ගෙදර ගෙනියන්න. ගහක මුලක් කියන්නෙ කුනු දාන තැනක් නෙමේ. වෙන අයව හදන්න යන්න ඕන නෑ තම තමන් හැදෙන්න, එතකොට අන්තිමේදි හැමෝම හරි විදිහට හැදිල තියෙයි. ගුඩ් ලක් පුතාලා!”

👏👏👏👏

මැඩම් කතා කලාට පස්සෙ ලමයි හැමෝම වගේ වැඩ කරන්න පටන් ගත්තා. සර්ල මිස්ලත් අපිට උදව් කලා. දවල් දොලහ වෙනකන් විතර වැඩ කරල ලන්ච් බ්‍රේක් එකට නවත්තල ආපහු එකහමාරට විතරපටන් අරගත්ත.

“අව්ව සැරයි බං අම්මෝ පිච්චෙනව ඕයි”

“පිච්චෙනව නම් මදෑ බාබකියු දානව වගේ. “

“නැන්දගෙ සුදු පුතා කළු වෙයි මේම ගියොත්. උබව නම් කලු නෙමේ රතු වෙලා හොඳේ. රතු සව් ඇටයක් දැක්කමයි.”

“පින පින. අව්වට ගියාම කලු නොවී රතු වෙලා බේරෙන්නත් පින තියෙන්න ඕන. හැබයි කලු උනාම මාස ගානක් යනකන් හිටින්න පොඩි මෙව්ව එකකුත් තියනව. ඉහික්.”

” අනේද කියන්නෙ. අපිට ඔය පස්න නෑනෙ මැනිකෙ. අද කලු උනා සතියකින් ආපහු ඕකේ.”

“අඩෝ මගෙ මාස හතරක්වත් යනව.”

“හොදෑඩෙ බොට. හම්මට උවින් බොසා. මොකෝ මේ පැත්තෙ?”

“ආවා බලන්න. කොහෙද මේ ඇටිකිච්චො කියෝනව විතරනෙ. වැඩ නෑනෙ. අඩ්ඩෙහ් පොඩි ඇටය තක්කාලි වෙලා. මොකෝ කෙල්ලෙක් ඇහැක්වත් ගැහුවද?”

“ගැහුව මං කියන්නෑ.”

“ඉක්කේ. අපිවත් නරක් කොරනව. මං යනව”

පල ඉතිම් ඉන්න කිව්වෑ. නරක් කොරනව මං කියන්නෑ.
දැන් නම් ලොකු ඒරියා එකක් ඉවරයි. කොහොමත් ලමයි හෙන ලොට් එකක් ඉන්න නිසා වැඩේ ඉක්මන්. ඉන්න සේරම ලමයි ඇවිත් නැතුවත් කොහොමහරි දෙසීයකට වැඩි මිසක් අඩු නෑ මෙතන. ඇයි ඉතින් සීනියර් බෝඩ් එකයි, ක්ලබ් දෙකකුයි කිව්වම. ඒකත් ඉස්කෝලෙ මේන් ම ක්ලබ්වලින් දෙකක්.

“ළමයි, තව පැයකින් වගේ මේ වැඩේ ඉවර වෙන්න ඕන. ඉක්මන් කරන්න.”

“අඩෝ එච්චර ඉක්මනට පහ වෙලාද.”

“පහ වෙලා නෑ එහෙනං ටොයිලට් යනවනේ මෙතන ඉන්නෑනෙ.”

“……..”

හිච්චි යුගාට තද වෙලා මං දිහා බලන් ඉන්නව. හික්ස්. ඉතින් යකෝ ඇත්තනෙ කිව්වෙ.
හය වෙද්දි කිව්වට හය කාල වගේ වෙද්දි ක්ලීනප් එකේ වැඩ ටික ඉවර කරගන්න අපිට පුලුවන් උනා. දැන් නම් හිත නිදහස්.

ප්‍රෝග්‍රෑම් එකෙන් පස්සෙ ලමයිට මහන්සිය නිවා ගන්නත් එක්ක බීච් එකේම සින්දු කියන්න පුලුවන් වෙන්න ඉවෙන්ට් එකකුත් ප්ලෑන් කලා. පොඩි සෙට් එකයි තව යන අයයි ගිහාම ඉතුරු උන හැමෝම වගේ එකට ඉදන් සිංදු කියන්න ගත්ත. ලොකු ගිනි මැලයක් වටේට ඉදන් මෙහෙම සිංදු කියද්දි, ඒකට ම හරියන්න තද කලු පාට අහසට ලස්සනට හද පායල තරු පිරිල තියෙද්දි හරි අමුතු ලස්සන වයිබ් එකක් එනව. ෆැන්ටසියක් වගේ.

“සෞරාශ් මල්ලි, මේක ප්ලේ කරනවද?”

සසිත් අයියා එයා ප්ලේ කර කර හිටපු ගිටාර් එක මට දුන්න. මං ඉතින් ඒකත් ප්ලේ කර කර කට්ටියත් එක්ක සිංදු කිව්වා.

කඳුළු තිබුණා ද මාවතේ
රුදුරු හන්දාම ජීවිතේ
වතුර හෙව්වා ද හාමතේ
පැදුරු නැති රෑක නිදිමතේ

අපි පාවෙන ලෝකේ
ඇවිදින චාරිකාවේ
දවසක පාවේදෝ අහසේ
හඳ අල්ලන්න ආස ගමනේ

පුරන් වූ දාක ආදරේ
තුරන් වූවා ද ජීවිතේ
පහස දැනුනාම තනිකමේ
දෙබස් ඇහුනා ද හදවතේ

අපි පාවෙන ලෝකේ
ඇවිදින චාරිකාවේ
දවසක පාවේදෝ අහසේ
හඳ අල්ලන්න ආස ගමනේ

සතුට හෙව්වාට දස අතේ
කඳුළු ආවා ද හිතුමතේ
නොමැති වූ දාක කැමති දේ
අඳුරගත්තා ද හිත අපේ

අපි ආ ගිය පාරේ
කෙලවර නෑ පේන මානේ
දවසක පාවේදෝ අහසේ
හඳ අල්ලන්න ආස ගමනේ

අපි පාවෙන ලෝකේ
ඇවිදින චාරිකාවේ
දවසක පාවේදෝ අහසේ
හඳ අල්ලන්න ආස ගමනේ

ඇල්කොහොල් ගන්නැතුව වෙරි වෙන්න පුලුවන් කියල දන්නවද? දෙයක් තියෙන්නෙම ඕන නෑ ඒ ෆීලින්ග් එක දැනෙන්න ගන්න. ඒ වගේ තමා දැනුත්. මේ සිංදුවේ වචන අස්සට ගිලෙන්න පුළුවන් උපරිම අන්තෙට ම මන් ගිලිල ඉන්නෙ. මං ඒ හැඟීමට ආසයි. සිංදුවක වචන අස්සෙ ගිලෙන්න. මාරම ආසයි.

දැන් රෑ නවයට වගේ ඇති. ළමයි හැමෝම ගිහින්. මාත් යන්න ඕන. එව්නාට මෙතන දාලා යන්න හිතෙන්නෑනෙ. වටේම අදුර තියෙද්දි හද එලියෙන් විතරක්ම ඒ අඳුර මැකිල තිබ්බෙ පෝය ලඟ නිසා වෙන්නැති. ඒ එලියට මුහුදු රල සැරින් සැරේට ඇවිත් වෙරලට හාදු දීල යනව පේනව. මං එහෙම්මම ඉස්සරහට ඇවිදන් ඇවිත් බංකුවකින් ඉදගත්ත. මුහුදෙ සද්දෙ හරි ලස්සනට ඇහෙනව. කලබල වෙලාවකට ඒක ඝෝෂාවක් වගේ ඇහුනට ඒ සද්දෙත් අහන් ඉන්න ආසයි නිවිල ඉන්න වෙලාවට. මං එහෙම්ම තරු රටා එක්ක තරුවලින් පිරිච්ච අහසෙ ඉන්න ඒ හඳ දිහා බලන් හිටියා. විනාඩි දහයක් පහලවක් සමහරවිට ඊටත් වැඩි ඇති. ලාත් නැති සැරත් නැති මුහුදු හුලඟට තවත් ඇඟට හරි සනීපයි. ඇබ්බැහි වෙලා බලහන් මේවගේ දේකට. උබ හවසට කඩන බෝතලේ පැයක් දෙකක් තියෙයි, ඩ්‍රග් එකක පවර් එකක් උපරිමේට ම පැය කීපයක් තියෙයි. ඒත් මෙතන කිමිදෙන්න පුලුවන් ඇතුලට ම කිමිදිලා බලහන්, නෑ ඉවරයක් නෑ, තව තියනව…

“සෞරාෂ් යන්නැද්ද දැන්?”

“……….”

“ඔච්චරට ම අහසට ආසද උඹ?”

“අහ්? මොකද්ද?”

“අහසට එච්චරටම ආසද? මං උඹ දිහා දැන් පැයකටත් කිට්ටු වෙන්න බලන් හිටියා. “

“හ්ම්ම්. මම මේ දේවල්වලට කැමතියි. මේ පරිසරේට. ඔව්, රෑ අහසට ගොඩක් ම. විශේෂෙන් ම හඳට. කොච්චර බැලුවත් එක දිගට බලන් ඉන්න පුලුවන්.”

“ගිලෙන්න ආස හිතෙන තැනක්. හ්ම්ම්?”

“ඔව්. ඒ වගේ.”

අභිෂේක් අයියත් මට එහා පැත්තට වෙලා මුහුද දිහා බලන් හිටියා. සතුටුයි මං වගේ මේ වෙලාවල්වල අතරමං වෙන එයාගෙ විදිහට කිව්වොත් ගිලෙන කෙනෙක් හම්බුන එක ගැන. ඒක එයාගෙ ඇස් දෙකෙන් පේනව. ටිකක් එහෙම ඉදල අපි නැගිටල ආවා. අයියා මාව ගෙදරින් දාලා ගියා. මං කාලා බීල අම්ම එක්ක චැට් එකකුත් දාලා නිදාගත්තා. මගෙ සදාදරණීය සර්ල තුන්දෙනාම උදේ ඉදන් රෑ වෙනකන් පන්ති දාලා. අලේව් ආදරේ හිතෙනව අප්පහ්.

සීතල දෙසැම්බරේ… බ්ර්‍ර්ර්‍ර්… ක්ලාස් එකේ ඒසී එක නිසා සීතලයි. නෑ නැතත් සීතලයි. එලියෙ හිමත් වැටෙනව උහුලන්න බෑ ඉතිං. සීතල වැඩි නිසා කුඩත් ඉහිලන් යන්නෙ.
නිවාඩු මාසෙ එහෙම්මම ක්ලාස්වලට ගියා මිසක් ලොකු විශේෂ දෙයක් උන්නෑ. දැනුත් ක්ලාස්. නත්තල් අසිරිය තමා. ඉහික්. ඊලඟ සඳුදා ඉදන් ඉස්කෝල පටන් ගන්නව. අලුත් අවුරුද්ද කියන්නෙ ඉතිං ස්පෝර්ට්ස් මීට්, බිග් මැච් තමා. මහන්සි වෙන එක හරි කොහොම උනත් මං මාරම ආස කාලයක් තමා ඔය කාලෙ. එව්නාට ඉස්කෝල පටන් ගන්නව කියන්නෙ උදේට යන කාටුන් ටික නෑ නෙහ් අප්පහ්. මං මාරම ආසයි දෙසැම්බර්වලට යන නත්තල් කාටුන් ටිකට. හැම අවුරුද්දෙ ම බලනව. සමහර ඒවා රිවයින් කර කරත් බලනව. හෙහෙ.

————————————————————

කෝමතේ? හොඳින් ඉන්නවැයි?

සෞරාෂ් වගේ ඒ වෙලාවල්වල ගිලෙන අය ඉන්නවද?
ඒක ඇබ්බැහියක් ඔයාව නිවන, හානි නොවන. ඒක නිකන් මේ වගේ ෆීලින් එකක් “🤍🍃”  වචනවලින් කියන්න බැරි.

මං ඔවාලට චුක්කිය ගානෙ එව්වා ලියුම් මාමාගෙම් ඉල්ල ගන්න හොඳේ. හා හා චුක්කිය දාපු ලියුම් කවරෙ ඉල්ල ගන්න කිව්වෙ. යනව මෙතන ලියුම් මාමාගෙන් චුක්කි ගන්න. හරි යසයි. 😘♥️💌

ඔයැයිල මා එක්ක කතා කොරන්නෙ නැතෙයි. කාරි නෑ කාරි නෑ. ඒකට හරියන්න මං කියවන්නම් 😌✋ අහන් ඉන්නෙකයි ඇත්තෙ. ම්හුක්.

Bye 👋

▪️කතුවරයාගේ අවසරයකින් තොරව කතාවේ ඇති කොටස් උපුටා හෝ අන් ආකාරයකින් (ෆොටෝස් / වීඩියෝස් ) සමාජ මාධ්‍යවල පලකිරීමෙන් වළකින්න.

▪️කරුණාකර කර්තෘ අයිතිය ද සුරකින්න.

Arden_Ak

Tags: read novel Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 06, novel Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 06, read Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 06 online, Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 06 chapter, Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 06 high quality, Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 06 light novel, ,

Comment

Leave a Reply

Chapter 8