Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 07

A+ A-

අදට අලුත් අවුරුද්දට වාරෙ පටන් අරන් සතියක් විතර. මුල සතිය පොත්පත්වල වැඩ ඇරෙන්න දෙයක් උන්නෑ. කොහොමත් අපේ ස්පෝර්ට්ස් මීට්වල වැඩ පටන් ගන්නෙ දෙවනි සතියෙ වගේ තමා. අහ් ඔය එන්නෙ කියනකොටම.

“මල්ලි, හැමෝම ට්‍රැක් කිට් දාන් අට වෙද්දි පහලට ඇවිත් ඉන්න. රනින් ඉවෙන්ට්ස්වලටයි අනික් පොඩි ඉවෙන්ට්ස්වලටයි අද ලමයි තෝරගන්නව.”

අකිත අයියා ඇවිත් කියල ගියාට පස්සෙ කොල්ලො ටික සුටුස් ගාල ලෑස්ති වෙලා පහලට ගියා. මුන්ටත් පීරියඩ් එක කට් නම් ඕන දෙයක්. දැං ඉතින් ආපහු ස්පෝර්ට්ස් මීට් ඉවර වෙනකන් ම ඉගැන්නිලි බොරු. 

“ජනවාරිවල ස්පෝර්ට්ස් මීට් කියල ඉරත් එක්ක පොඩි ඔෆර් එකක් දාගන්න බැරි වෙයිද බං. බලහංකො අව්ව”

“කියල වැඩක් නෑ ඕයි. මෙහෙම ගියොත් ස්පෝර්ට්ස් මීට් වෙද්දි අගුරු කෑලි ටිකක් හැදෙයි.”

මායි යුගයි කයියක් දාන් ග්‍රව්න්ඩ් එක පැත්තට යද්දි හත්තක් දුවන් එනව වගේ ලාවට පෙව්නා. 

“හම්…බොහ්… උබලව හොයන්න වටේ ම ගියා ඕයි.”

“ශික්කේ.වටේ යන එක නං එච්චර හොඳ වැඩක් නෙමේ ශෙයල් පුතේ”

“තෝ මට කියල අහගන්නැතුව ඉදාම් යුගා. උබ තමා මූව නරක් කරල තියෙන්නෙ සෞව්”

“ඈ යකෝ මාව නරක් කරපු එකාගෙ මට මොනාද නරක් කරන්න තියෙන්නෙ”

“ඇයි නරක් කරන්න මං එළවළුවක් කියල හිතුවද තොපිල දෙන්න. බලන්න අයාස් මැනිකෙ මුං මට එකේකේව කියනව”

“අනේ… ඇයි එක එක කියන්නෙ. ඇහ් සෞරාෂ්? උබල දෙක දෙක කියපන්. එනව මෙතන. “

“ඇද්ද? à·„à·–…”

යුගා අපිට මැදඇගිල්ල පෙන්නං හැරිල යන්න හැදුව විතරයි ජොක් ගාලා එහෙම්මම කකුල පැටලිලා පත බෑවුනා. අපි යාලුවො වශයෙන් මුලින් හිනා වෙලා පස්සෙ ඌව නැගිට්ටුව. 

“අඩ්ඩේහ් කියන්න ආපු එක අමතක වෙනව තව පොඩ්ඩෙන්. මෙහ් උබලට චන්දන සර් කියන්න කිව්වා හව්ස් වයිස් ඉල්ලන්න කියල.”

“යසයි තව වැඩ. අම්ම මාව ගෙදරින් පන්නනව මන් දන්නව. “

“ඔවා එන්න ඒයිම් අපේ ගෙදර. මං යන්නං සුදු නැන්දා ගාවට. පිට් නෙහ්”

අපේ ඉස්කෝලෙ හවුස් හතරයි. Aquila, Noctua, Pegasus, Phoenix. ඉස්කෝලෙට ඇතුලත් වෙන දවසෙ වැටෙන හවුස් එකේ තමා ඉස්කෝලෙන් කවද හරි අයින් වෙනකම්ම ඉතිං. මායි යුගයි Noctua එකේ. අයාසය Aquila, ශෙයල් Pegasus. 

අපේ හව්ස් කැප්ටන්ලව ගන්නෙ 13න් වයිස්ලව ගන්නෙ 12න්. ඒක කරන්නෙත් කැමති අයට ඉදිරිපත් වෙන්න කියල අදාල හව්ස් එකේ ලමයිට ඡන්දෙ දාන්න කියල තෝරල. ස්පෝර්ට්ස් කරන උන් නම් ඉතිං ඉස්කෝලෙ ඇතුලෙ තැනක් හැදෙනව. ඒ නිසා ඒ වැඩේ හොඳයි.

ඒ කොහොමහරි වෙලා ගානට වයිස් කැප්ටන්සි එකට මාවයි යුගාවයි තේරුනා. හොඳ ම වැඩේ කියන්නෙ අයාසයත් තේරිලා එව්නාට ඌ නම දාලා නෑ. ඌ දැං නම දැම්ම එකාව මරන්න හොයනව. ශෙයලා ස්පෝර්ට්ස්වලින් හෙල්ප් එක දෙනව කියල මේකට නං නම දැම්මෙ නෑ. 

කොහොමහරි කැපාලා සෙට් එක තෝරල ඉවර වෙලා අකිත අයියා ඇවිත් හැමෝට ම කතා කරල ගියාට පස්සෙ අපි රනින් ඉවෙන්ට් තෝරන තැනට ගිහින් ඒවත් තෝරල කරල ඉවර කලා. 

.

.

.

මේ ටිකේ හැමෝම ස්පෝර්ට්ස් මීට් එකේ වැඩවලට හිරවෙලා එහෙ දුවනවයි මෙහෙ දුවනවයි. ස්පෝර්ට්ස් මීට එකටත් තව සතියක් එකහමාරක් වගේ තිබ්බෙ. අද හව්සස්වල ඩෙකරේෂන් තීම් එක අව්ට් කලා. තීම් එක දීල තිබ්බෙ කාටූන් කැරැක්ටර්ස්වලට. දැන් හොයපන්කො හව්ස් කලර් එකට යන කාටුන් කැරක්ටර් එකක්. 

“අපිට බැරිද බල තරුවා වගේ හාදයෙක්ව හදන්න සාහිල් අයියෙ.”

“අනේ බං මට දැං තරු පෙනිල ඉන්නෙ. කොහෙන්ද කියපන්කො කලු පාට කාටුන් කැරැක්ටර්ස් හොයන්නෙ?”

සාහිල් අයිය තමා අපේ හව්ස් කැප්ටන්. අපි තුන්දෙනා දැන් මේ පැයක් තිස්සෙ හයකන් මන්ත්‍රණයක් දාන්නෙ කලු පාට කාටුන් කැරැක්ටර් එකක් හොයන්න.

“ගෝජො බැරිද මල්ලි?”

“හදන්නෙ කොහොමද අයියෙ? අනේහ් මට බෑ. යුග්ගො උඹේ තරුවව තමා හදන්න වෙන්නෙ.”

“අපි වවුලෙක් හදල කියමු කාටුන් එකක හිටියෙ කියල බං. කරුමෙටම අපි ඉන්න අවුරුද්දට ම ඇයි බන් මල්ලි මේ තීම් එක?”

“වවුලා වවුලා… හරේ ආවා…”

“මොකද්ද?”

“යුග්ගෝ…මොකෝ බං?”

“කැරැක්ටර් එකක් ආවා. ෂිට් නම මතක නෑ මට. අර සිංදුවක් කිය කිය රවුමට පස්ස ගෙනියන්නෙ අප්පහ්”

“ඒ මොකද්ද බං ඒ හරුපෙ”

“අනේ අර මනුස්සයෙක්ව බඳින්නෙ කෙල්ල.”

“නැතුව මොකෙක් බඳින්නද ඕයි. හරියට කියපන් බම්ලො”

“ආහ්හ්… අර පේන්නැති එකෙක් ඉන්නෙ අනේ. මොකද්ද මොකද්ද බල්ලා කුකුලා පරවියා සිංදුව තියන එක අප්පහ්”

“හොටෙල් ට්‍රාන්සිල්වේනියා නෙහ්?”

“හම්බෝ ඇති යන්තන්”

“මේවිස්ව ද හදමු කියන්නෙ උබ එතකොට?”

“කෙල්ලො බෑ. අපි හැදිච්ච ළමයි… අපි ඩ්‍රැග් සීයව හදමු. සාහිල් අයියෙ මොකෝ කියන්නෙ?”

“හ්ම්. හ්ම්. පට්ට අයිඩියා එක ඒක නං. කරමු”

යංතං ඒකත් හරි. 

“මල්ලි, අනං මනං වැඩ තියනව බං හෙන ලොට් එකක් කරන්න. අපි හවසක නවතිමුද ඉස්කෝලෙ?”

“හා. අවුලක් නෑ නෙහ් සෞ?”

“එලහ්”

අනික් හව්සස් මොනාද දන්නෑ හදන්නෙ. මේ කාලෙට වෙන හව්සස්වල උන් අපි එක්ක කතා කරද්දි හෙනට හිත හිත කතා කරන්නෙ. අම්බෝ බුද්ධි අංශෙටවත් තොරතුරක් ගන්න බෑ.

 ටොක් ටොක් ටොක්

“එන්න”

“ආ අයියල තුන් දෙනා ම ඉන්නව නෙහ්. ස්කොඩ් එකේ ප්‍රැක්ටිස් එක බලන්න කතා කලා අයියෙ ඔයාලට. මේ දැන් එන්න කිව්වා හොඳේ. මං ගියා.”

“යමන් යමන් ඉතින්.”

පටන් ගත්ත දවසට වඩා දැන් නම් සෑහෙන්න හොඳයි අපේ ස්කොඩ් එක. ස්පෝර්ට්ස් මීට් වෙද්දි සුපිරියක් ම වෙයි. එතනින් ෆස්ට් එක ගත්තොත් නම් නියමයි. ස්කොඩ් ඉන්නෙ ඕලෙවල් වල ඉදන් උඩ ළමයි. හය, හත කරාටේ ඩ්‍රිල් එක කරද්දි අට නමය ජිම්නාස්ටික් ඩ්‍රිල් එක. ඉස්සර පොඩි කාලෙ මාරම ආසයි ඉතිං ඩ්‍රිල් එක කිව්වහම. කොහොමත් නොයා ඉන්න බෑ කිසිම කෙනෙක්ට මෙඩිකල් එකක් දීල මිසක්.

අද හවසට බාස්කට් බෝල් මැච් එක තියනව. ඊට කලින් රයිෆල් ශූටින් එක. ඕව ඉවර වෙනකනුත් ඉන්න එපැයි. නැතත් මං ඉස්සරත් රයිෆල් ශූටින් එක බලන්න නම් ඉන්නව. මොකද යුගා රයිෆල් ශූටින් කලේ. මං රෝලර් ස්කේටින් එක්ක හෑන්ඩ් බෝල් කලා. දැන් නං රෝලර් ස්කේටින් විතරයි කරන්නෙ. 

.

.

.

බිසී නිසාද මංදා මාර ඉක්මනට දවස් යනව. ගිය ටිකේම එකේක බෝල මැච් ටික තිබ්බ. ඇයි අප්පහ් කීයක් කියලද මට නම් ටික මතක හිටින්නෙම නෑ. ඊටපස්සෙ ස්විමින්, කරාටේ, ටේබල් ටෙනිස්, චෙස්, රෝලර් ස්කේටින්, බැඩ්මින්ටන්, හොකී කිය කිය හෙන…. ලොට් එකක් මැචස් තිබ්බා. ඊයෙත් රෑවෙනකන් ඉස්කෝලෙ ඉදල සෙට්ෆිකෙට්ස්, මෙඩ්ල්ස් එහෙම හැදුව. හෙට ස්පෝර්ට්ස් මීට් එක. යෙප් ඒකෙ තේරුම අදත් මෙහෙ තමා. හැබැයි ඉස්කෝලෙ නෙමේ. අපේ ස්පෝර්ට්ස් මීට් එක තියන්නෙ හැව්ලොක් ග්‍රවුන්ඩ් එකේ. නැත්තං ඉඩ ප්‍රස්තාව මදිනෙ. දැනුත් ඉන්නෙ එහෙම තමා ඇයි ඉතින් රියර්සල් නෙහ්.

“සෞව්වෝ ආ මේකවත් බීපිය. උදේ ඉදන් කාලාවත් නෑ නෙහ් තමුසෙ. මැරෙන්නද හදන්නෙ”

“අප්පටසිරි කෑවෙ නෑ නේන්නං බං. කොහෙන්ද මේ”

“ඇයි යකෝ අද ෆුඩ් ෆියෙස්ටා එක නෙහ්”

“අමතකත් උනා බං ඒක නං”

අපේ ස්පෝර්ට්ස් මීට් රියර්සල් දවසට ග්‍රවුන්ඩ් එකේ දි හැම අවුරුද්දකම වගේ ෆුඩ් ෆියෙස්ටා එකක් තියනව. ඇරත් මාසෙකට සරයක් වගේ ඉස්කෝලෙ මොකක් හරි ක්ලබ් එකකින් එකක් තියනවමයි. අපේ ඉස්කෝලෙ සල්ලි එකතු කිරීමේ ප්‍රධාන මාර්ගය ඕක තමා ඉතිං.

“ඒ අර පොඩි එකා කනව බං ස්කොඩ් එක. බලහන්කො. ඔහොම ඉදහන් පොඩ්ඩක්”

යුගා නැගිටල අපේ ස්කොඩ් එක ප්‍රැක්ටිස් වෙන තැනට ගියා. මාත් ඉතින් පස්සෙන් ගියා. මුට යකා නගිනව කියන්නෙ පොඩි එකා උඩට යන්නත් බැරි කමක් නෑ.

“මල්ලි, කමාන්ඩ් එක අහන් හිටපන් බං. උබ වෙන සිහියකින් ඉන්න එපා. මේක ඇනුනොත් ලකුනු කීයක් අපරාදෙද බං”

“ඉතිං තමුසෙත් ප්‍රැක්ටිස් වෙනවකො අයියෙ අපිට ඇවිත් උපදෙස් දෙන්නෙ. තමුසෙල හෙවනෙ වාඩි වෙලා හිටියට අපි අව්වෙනෙ ඉන්නෙ”

“මොකද්ද? අපි හෙවනෙ හිටියා. මොකට කියවනවද. නැද්ද බං සෞරාෂ්? මූනෙ බං මේ අනික් වැඩ ටික කලේ…

මූ හිනාවෙනව කියන්නෙ ඊලඟට පුපුරනව තමා. පොඩි එකෝ උබට dp 

“තෝ මට කියල කන පලාගන්නැතුව හරියට වැඩේ කරනව. එනව මෙතන මගුලක් කියවන්න. හොඳින් කතා කලාම එන්න එපා ඇගේ නගින්න රෙද්ද. තොපිල දිග කලිසමට බැස්සම හිතන්න එපා හැමෝට ම කට ගහන් යන්න දැනගනිං.”

හැබැයි ඒකෙත් පොඩි ඇත්තක් තියනව. දහයට ආවම මුන් හිතන්නෙ මුන් තමා ඉස්කෝලෙ ලොක්කො කියල. පුහ්. හිතන් ඇති. 

“සෞරාශ්, මෙහ් තව ටිකකින් හව්ස් ටික හදන්න ඕන බං. බඩු ටිකක් ඇති ඉස්කෝලෙ උබට ගිහින් ගේන්න පුලුවන්ද? මට යන්න විදිහක් නෑ බන් කැප්ටන්ල ටිකට මීටින් එකක් දාලා. අරූ ඉන්නවනෙ ස්කොඩ් එක ලඟ.”

“අහ් මන් ගේන්නං අයියෙ. “

“හරි බං එහෙනං. මං ගියා.”

මං යුගාටත් කියන් ඌබර් එකක් දාන් ඉස්කෝලෙට ආවා. පයින් එන්න බෑ ඇඟට පන නෑ වගේ කාලා නෑනෙ දවසම අර යුගා දුන්න බීම එක ඇරෙන්න. මං ඉස්කෝලෙට යද්දි ලමයි නෑ ඉස්කෝලෙ. ලමයි ටික ග්‍රවුන්ඩ් එකේ නෙ ඉතිං ප්‍රයිමරිත් නිවාඩු දීල ඇති. එයාලට වෙනමනෙ ස්පෝර්ට්ස් මීට් තිබ්බෙ. 

මං ගිහින් ඕන කරන දෙවල් ටිකත් අරන් අපේ ක්ලාස් එකට ගිහින් මගෙ වතුර බෝතලෙත් ගත්තා. උදේ අමතක වෙලානෙ මේක. ක්ලාස් එකට යද්දි උඩ ක්ලාස් එකෙන් මොකක් හරි සද්දයක් ආවා. කවුද දන්නෑ. එවුනාට බලන්න යන්න බෑ මහන්සි වැඩී. මාව නිකන් භ්‍රමණය වෙනව වගේ.

මං පඩිපෙල බැහැන් එද්දි ඔලුව කැරකිල්ල වැඩි උනා. වටේම නිකන් කලු පාටට පැච් වගේ බොඳ වෙවී පේන්න ගත්ත.

“ෂිට්, දැන්නං වැටෙන්න එපා පුතේ. කවුරුත් නෑ මෙහෙ”

මං එහෙම්මම බිත්තියට හේත්තු වෙලා බෝතලෙන් වතුර ටිකක් මූනෙ ගාගන්න හද්දි ඒකත් අතින් ලිස්සල වැටුනා. ඒ එක්කම වගේ මාව ඉස්සරහට වැටෙනවත් එක්කම මට සිහි නැති උනා.

.

.

“අහ්”

මං නලලෙ පැත්තක් අල්ල ගත්තෙ රිදෙන්න වගේ ගත්ත නිසා. ඇස් අරිද්දි මං හිටියෙ ක්ලාස් එකක. ඒත් කොහොමද මං මෙතනට ආවෙ?

“ම්හ්. “

“දැං කොහොමද? අඩුද?”

මං ඔලුව හරෝල සද්දෙ ආපු පැත්ත බැලුව. ඇස් දෙකට එලිය එද්දි ඔලුව රිදෙනව වගේ.

“ඔලුව රිදෙනවද? මං වැටෙන්න කලින් අල්ලගත්තා. එව්නාට ඔයාගෙ ඔලුව වැදුන බිත්තියේ මං හිතන් විදිහට. ගෙඩි ගැහිල එතන, බාම් ටිකක් ගාමු”

මෙයා මොකද මෙහෙ. එතකොට මෙයාද මාව එක්කන් ඇවිත් තියෙන්නෙ?

“ඕයි මල්ලි මොනා හරි කියපන්කො බං. මොකෝ කතා කරන්නැත්තෙ”

මං වතුර ඕනෙ වගේ සයින් එකක් අභිෂේක් අයියට දුන්නට පස්සෙ එයා එයාගෙ වතුර බෝතලේද මන්දා දුන්න.

“ඔහොම ඉදන් බොන්න එපා සෞරාෂ් ඉස්මෝල්ල යයි. කෝ නැගිටින්න හෙමින් සීරුවේ”

අයියා මට නැගිටින්න හෙල්ප් එකක් දුන්නට පස්සෙ මන් නැගිටල වතුර ටිකක් බිව්ව. එව්නාට ඔලුව බරයි වගේ. ඒ අස්සෙ මෙයත් කන්න වගේ බලන් ඉන්නව.

“ඇයි?”

“ඔලුව රිදෙනව. පෙන්ඩෝල් එකක් නැද්ද?”

“කාලද ඉන්නෙ පෙන්ඩෝල් හොයන්නෙ?”

“නෑහ්. “

“දවසෙම කාලා නැද්ද එතකොට.?”

“නෑ.”

“ඊයෙ?”

මං ඔලුව දෙපැත්තට වැනුව. ශිට් තරහ ගියාද මුට. ඒ වගෙ පුටවත් පෙරලුනා නැගිට්ට පාර

“නොකා හිටපන් හරිනෙ එතකොට. ඊට පස්සෙ බැරියෑ හොස්පිල් එකකට වෙලා ඉන්න. පිස්සු ද ඕයි. ආහ්? තමුසෙ ඒ කියන්නෙ ඊයෙ ඉන්ටවල් එකෙන් පස්සෙ කෑවෙම නැද්ද?”

මං ඉතිං නෑ කියන්න ඔලුව වැනුව. ඊයෙ මෙයාලා එක්කනෙ ඉන්ටවල්එකට කෑවෙ.

“කට නැද්ද දැං ඒ පාර ඔලුව වනන්නෙ.”

“කෑවෙ නෑ ඉතිං. කෑ ගහන්නෙ ඔච්චර.වැඩ එක්ක අමතක උනා. බයින්න ඕන නෑ නෙ මගුල”

“තොටත් කියවන්න කට තියනව කන්න තමා බැරි. මෙහෙ වර”

ඒ පාර එයා එයාගෙ කෑම එකත් උස්සන් ඇවිත් ඉදහත්තා.

“එපා. ඕක ඔයාගෙ කෑම එකනෙ. මං ග්‍රවුන්ඩ් එකට ගිහින් කන්නම්”

“උබ මගෙන් පාරක් කන්න කලින් ඇවිත් මේක කාපන්”

“දෙන්න දෙන්න ඔච්චර කියවන්නෙ.”

පන්ඩිතකමට ගත්තට මට කන්න බෑ අත වෙව්ලනව. අභිෂේක් අයියත් මගෙ අත දිහයි මූන දිහයි මාරුවෙන් මාරුවට බලනව.  

“මෙහෙ දෙනව ඕක. ඔතනින් ඉදගන්න… අනේ බං ලං කරගනිං ඕක මගෙ අත කෙක්කක් නෙමේ”

“කවන්න ඕන්නෑ දෙන්නකො මං මේසෙන් තියන් කන්නම්”

අභිෂේක් අයියගෙ මූන බලන් ඉද්දි රතු උනා. ඩෝං යන්න දෙයක් කිව්වෙ නෑ නෙ ඉතිං මං. බයෙත් බෑ මූ බලන විදිහට. 

වට් ද. යකෝ මූ කොහොමද මගෙ පුටුව ඇදල ගත්තෙ එහෙම. මම බරයි දෙයියනේ.

 “ආ කියපන්”

“ඔහොම කන්නෙ කොහොමද අයියෙ. ඕක පොඩ්ඩක් අඩු කරනව.කවල නැද්ද මීට කලින් මනුස්සයෙක්ට”

“මහ බබ්බුන්ට කවන්න මං දන්නෑ. ආ දැන් කන්න”

මහ බබා මං කියන්නෑ. උදව් කරන නිසා අම්මප මං මේ කට වහන් ඉන්නෙ.
මෙහෙම ගියොත් බත් එකම කන්න වෙයි වගේ. 

“ඇති හලෝ. දැං නං ඇවිදගන්නත් බැරි වෙයි වගේ”

“උබට ඇවිදගන්න බැරිවෙන්නෙ මේක නොකා නැගිට්ටොත් මං කකුල් දෙක කඩල තමා. ඒ නිසා කාපිය මේක”

“අනේහ්. ඇති අප්පා. මං ආවෙ බඩු ටිකක් ගෙනියන්න. පරක්කු වෙනව.”

“මං යැව්ව ඒ ටික. ඔයා එන්න පරක්කු වෙනව කියලත් කිව්ව. දැං හරිනෙ. ම්ම්? කන්න දැංවත් කටවහන්”

“කටවහම් කන්න බෑනෙ”

ඔන්න ඉතිං රවනව. ඉතිං මං ඇත්තනෙ කිව්වෙ කටවහන් කන්නෙ කොහොමද?
කොහොමහරි ඒ පතරංග බත් එකම කනකන් මට නැගිටින්න දුන්නෑ. හුවෑ. දැං නම් නැගිටගන්නවත් බෑ. මේකා මට තරහටත් එක්ක ගිල්ලවල මරන්නද කොහෙද හදන්නෙ.

“ම්ම්. මේක බොන්න එතකොට ඔලුව රිදෙන එක හරියයි.බීල පැය බාගයක් විතර ඉදල යං”

“අනේ යන්න ඕනෙ අයියෙ. තව පරක්කු වෙන්න බෑ.”

“එක්කො ඕක බීල ටිකක් ඉදල උබ ග්‍රවුන්ඩ් එකට පලයන් නැත්තන් ගෙදර පලයන්. මං අම්මට කියන්නං පුතාගෙ වැඩේ ගැන. ඕන එකක් තෝරගන්න”

බෑනෙ ඉතිං. අපේ අම්ම එක්ක සබඳතා හදන් තර්ජනය කරනවනෙ. කොහොමහරි බේත් බීල පැයබාගයක් විතර ඉන්න උනා. ඒ වෙලාවෙදිත් ආපහු මට නින්ද ගියා.මං වැඩ තියන නිසා යන්න ඕන කිව්වට ඇත්තටම මට මහන්සී. එව්නාට තමන් වගකීමක් බාර ගත්තට පස්සෙ ඒක හරියට ඉෂ්ට කරන්න ඕන. නැත්තන් බාර නොගෙන ඉන්න ඕන. ඒ නිසයි මං යන්න ඕන කිව්වෙ. කොහෙද ඉතිං මේකා මට තර්ජනය කලානෙ. 

“සෞරාෂ්, යමුද දැන්?”

“අහ්?”

“අමාරු නං ගෙදර යනවද?”

“ආ නෑ නෑ ග්‍රවුන්ඩ් එකට යං”

අපි ගේට් එකෙන් එලියට ආවා. අප්ප වන්ඩිය තියන්ව නෙහ්. මාත් ඉතිං හෙල්මට් එක දාං නැග්ගා. උදේ එදි කෙල්ලව දාන් ඇවිත් වගේ නැත්තන් කොහෙන්ද හෙල්මට් දෙකක්.

“මේ ඇක්ස් ඔයිල් එක ගාගන්න. ආ”

මං  ඒකත් අරන් හව්ස් එක පැත්තට ආවා. හව්ස් හතරම හදනව. Phoenix එක නං ඇන්ග්‍රි බර්ඩ් වගේ. අනික් දෙක නං තාම හිතා ගන්න අමාරුයි. Pegasus එකත් මනුස්සයෙක් වගේ හදනව. අනේ මංදා. 

“අනේ මගෙ කිරි කැටියෝ. මොකෝ උබට උනේ සත්තරනේ”

“ආ නෑ බං පොඩ්ඩක් කරකැවිල්ලක් ඇල්ලුව”

“දැං මොකෝ. ශේප්ද? අරහෙන් වාඩිවෙලා ඉදහං මහන්සි වෙන්නැතුව. මං කටකැඩෙනකන් කිව්වා උබට කාපන් කාපන් කාපන් කොයල කෝ ඇහුවද නෑනෙ. කොහෙද ඉතින් අපිට රැවුල නෑනෙ.”

“අනේ උබත් බනින්න එපා යකෝ. අරුත් ඉස්කෝලෙදි තියන් කන පිරෙව්ව. ඒ අස්සෙ කවලා දැං ඔලුවයි බඩයි දෙකම ඉස්මුරුත්තාවට වගේ”

“ම්.. ම්.. යමක් සිද්ධවෙනව à·€gayyyy”

“කිව්වයි කියල හිතාගනිං”

“හාකො”

අව්ව නිසා ලාවට ඔලුව රිදීගෙන එද්දි මං අර දුන්න ඔයිල් එකත් ගාන් වැඩවලට උදව් කලා. රිලවගෙ බාම් එක නං හොඳයි හැබැයි. දැං හතට විතර ඇති. ඔය ඉන්නෙ අපේ ඩ්‍රැක් සීයා ලස්සනට. හව්ස් හතරෙ ම කට්ටිය ග්‍රව්න්ඩ් එකේ ඉදන් ඉන්නෙ. මහන්සී ඇති හැමෝටම ඉතිං. කීයේ කවද ඉදන් ද මේ. ඒ ඉද්දි ආර්‍යන් අයියයි, කිත්මින අයියයි, එවින් අයියයි, අකිත අයියයි, සසිත අයියයිත් ඇවිත් අපි ඉන්න හරියෙන් ඉද ගත්තා. අපි කියන්නෙ මායි යුගයි අයායුස් ශෙයලුයි කැරියි තමා. කැරී ඉතිං phoenix කෙනෙක් නෙහ්. අහ් ඔය එන්නෙ මදි පාඩුව අතෙන් කටෙන් බෑග් ටිකකුත් එල්ලන්. අයෝන් අයියයි අභිෂේක් අයියයි හැමෝටම කෑමයි ඩ්‍රින්ක් එකකුයි දීල අන්තිමට අපි ඉන්න පැත්තටම ආවා. ස්පෝර්ට්ස් මීට් නිසා අයියල සෙට් එකම අපි එක්ක හොඳට ෆිට් උනා. අයියල කිව්වට එවින් අයියා එහෙම අපේ වයසෙ. එව්නාට ජනවාරි නිසා අපිට උඩ ක්ලාස් එකේ. අපි කට්ටියත් ඉතිං අනං මනං කියෝ කියෝ කෑම ටික කෑවා. කාලා ඉතුරු වැඩත් ඉවර කරල යන්න හදද්දි අදත් මට ලොතරැයියක් ඇදුනා. 

“ම්…”

“මොනවද?”

“කූල් ගත්තෙ නෑ. ඔලුව රිදෙන නිසා ඔයාගෙ”

“ඔහ් කොෆී. කොහොමද දන්නෙ”

“එදා මං ගෙදරට ආපු වෙලේ මහ දවලුත් කොෆී බිව්වහම හිතුනා ආස ඇති කියල”

“ඔහ්”

“හෙල්මට් එක දාන් නගින්න”

දැක්කනෙ මං කිව්වෙ ලොතරැයියක් තමා ඉතින් ෆ්‍රී ට්‍රාන්ස්පෝට් කියන්නෙ. කොෆී එක නෙමේ. ඒක අහඹු තෑග්ගක්. මහන්සියත් එක්ක නිදිමතක් තිබ්බට කොෆී එක නිසා ඒ ගතිය ලාවට ඇරිල ගියා. මඟ දුරක් යද්දි මං මගේ හිතේ තිබ්බ ඒ බුබුලු නහින පස්නෙ ඇහුව.

“මෙහ්, තවුසෙට කෙල්ලෙක් ඉන්නව නෙහ්”

ඕයි ඕයි පිටිපස්ස හැරිල බලන්න එපා මිනිහො. ඉස්සරහ බලන් ඩ්‍රය්ව් කරහන්.

“ඇයි එහෙම අහන්නෙ”

“නෑ මේ තනියෙන් එනවනං ඉතින් එක හෙල්මට් එකයි නෙහ් ඕනෙ. උදේට එද්දි කෙල්ලවත් දාන් එන නිසා වෙන්නැති නෙහ් තව හෙල්මට් එකක්”

“à·„à·„à·Š à·„à·„à·Š”

ඒ පාර මොකෝ මූ හිනා වෙන්නෙ.

“කෙල්ලෙක් දාන් ආවොත් විතරද සෞරාෂ් එක්ස්ට්‍රා හෙල්මට් එකක් තියෙන්නෙ.”

“ඉතිං අනේ වෙන කව්ද ඉන්නෙ. කිත්මින අයිය ආවෙ එයාගෙ වාහනේ. අයෝන් අයියා එයත් එක්ක. ඔයාලගෙ ගෙදර අය ඔයා එක්ක බයික් එකේ යන්නැතුව ඇතිනෙ ඉතිං උදේට.”

“ඇයි යන්න බැරිද?”

“නෑ ඉතිං නිකං හිතුනෙ. දැන් එහෙම නෙමේද”

“අනේ බං උබට ඕක ගෙනාවෙ. අද රෑ වෙන නිසා බස් එකේ එන්න බෑනෙ ඒකයි”

“අම්මපා කියහන් අයියෙ. මේ උබ මේක මට ගෙනාවෙ. අම්බෝ. පොඩ්ඩක් ඉන්න හිනා වෙලා ඉවර වෙනකන්… දැන්..දැන් ඔයා කියන්නෙ මේක ගෙනාවෙ මට කියලද? à·„à·„à·Š…අම්මෝ… කෙල්ල ගැන කියන්න අකමැති නං කමක් නෑ ඉතිං ඔච්චර බොරු කියන්න ඕන නෑ නෙහ්”

“ආ දැන් බොරු. උබ එහෙනං ඕන මගුලක් හිතාගනිං. රෙද්ද. “

පුපුරලා…කරද්දි හොඳයි, කියද්දි තමා.
අපි ගෙදරට එද්දි එකොලහත් කිට්ටු කරල. දැන් ඉතින් හෙට ආපහු මහ පාන්දර යන්නත් එපැයි.

“කෑම කනව නිදාගන්න කලින්. හෙටත් එන්න කලින් කාලා එනව.”

“හ්ම්..”

“මං එන්නං උදේට. ලෑස්ති වෙලා ඉන්නව.”

“ඕන නෑ අයියෙ බස් තියනව.”

“උබ පන්ඩිත නොවී ලැස්ති වෙලා හිටහන්. කලින් යන්න ඕනෙ නෙහ්. ඔය ගිහින් මහන්සියටත් එක්ක නින්ද ගියොත් එහෙම තමුසෙව පිටකොටුවටම ගෙනියයි. එහෙම වෙලා හව්ස් එක පැරදුනොත් උබව එල්ලනව”

“හ්ම් හ්ම්”

මං මේ කල්පනා කලේ… අප්පටසිරි මේකා අපේ හව්ස් එකේ නෙහ්. එව්නාට ටොප් බෝඩ් අයට උදව් කරන්න බෑනෙ. ටොප් බෝඩ් උනාම හව්ස් හතරෙමනෙ. ඒව් නෙහ්. නෑ ඉතිං ජනසතුයි වගේ. හව්ස් හතරට ම අයිතියි. ජනසතු ඇටලස් රිලවා. 

————————————————————

අද පාන්දර දෙන්න ටයිප් කලේ. සෞරාෂ් කෝපි බීල බයික් එකට නැග්ගට පස්සෙ බැට්‍රි බැස්සනෙ මේකෙ. 🫠පොඩ්ඩක් චාජ් කරන් දෙන්න හිටියට නින්ද ගියානෙ. කමන්නෑ නෙහ්. දැන් හරි දුන්නනෙ. කොයිද ඉතිං අපිට නිදිමතට කෝපි දෙන්න මිනිස්සු නෑ නෙහ් ඒකයි මේ.💔🥲✋

හවුසස් හතර. ඔයාලා මොකටැයි මනාප?
කතා කරන්න අලේව් ලැජ්ජ වෙලා බෑ කිව්වට මාත් ඉස්සර සයිලන්ට් රීඩර් කෙනෙක් දැන් නං නැහ්🤣🙈

අපි ඊලඟට ස්පෝර්ට්ස්මීට් යං. අපි.සෞරාෂ් කොලුවව වට්ටමුද? ඊට පස්සෙ රිලවට කියල බේත් දම්මමු. හික්ස්. හා ද? එපා ද?

ඒනං මං ගියා හොජේ.
Bye 👋

▪️කතුවරයාගේ අවසරයකින් තොරව කතාවේ ඇති කොටස් උපුටා හෝ අන් ආකාරයකින් (ෆොටෝස් / වීඩියෝස් ) සමාජ මාධ්‍යවල පලකිරීමෙන් වළකින්න.

▪️කරුණාකර කර්තෘ අයිතිය ද සුරකින්න.

Arden_Ak
 

Tags: read novel Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 07, novel Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 07, read Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 07 online, Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 07 chapter, Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 07 high quality, Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 07 light novel, ,

Comment

Leave a Reply

Chapter 9