Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 08

A+ A-

“පුතා.. නැගි.”

“නැගිටල ඉන්නේ. මං මේ ලෑස්ති වෙනවා.”

මේ ඌමනාව නිකන් උගන්නන දවසට තිබ්බ නං අද මං ඉන්න තැන හිතාගන්න බෑ. මොකද මට පේන කියන්න බෑනෙ. එක අතකට කොහෙ ඉන්නද ඒ ඉන්නෙත් ගෙදර තමා. 

මං ස්කූල් ටී එක ඇදල බොටමක් දාගත්ත. වැඩ කරන්න එපැයි. පස්සෙ යුනිෆෝම් දාගන්නව.

ලෑස්ති වෙලා මං හබුං කා…ලා ලෑස්ති උනා. නැත්තං රිලවෙක් ඉන්නවනෙ මාව කන්න බලාගෙන. එවුනාට බය වෙන්න ඕනෙ නෑ නෙ මං කියන්නෙ ඒකාට. කවුද බය. රවද්දි හිත ගැස්සුනාට ඒ බය නෙමේ. මං මේ වයසට ගරු කරනව. 

“ඕක පටන් ගන්නෙ එකොළහටනෙ පුතා මං ඒ වෙද්දි එන්නං හොඳේ. පරිස්සමට යන්න.”

“හරි අම්මා. මං යනව. එන්න කලින් මට කෝල් එකක් දීල එන්න හොඳේ.”

“හරි ලොකු මහත්තය. දැන් යන්න. අර දරුවා ඇවිත්ද කොහෙද”

අප්පහ් ගේට් එක අරින්න අමතක උනානෙ. ශමාවෙන්ඩ ඕන ලොකු අයියෙ. උදේ නිසා පැය බාගයයි ග්‍රවුන්ඩ් එක ගාව. 

“සෞරාෂ්”

“ඕ…”

“වැඩ නෙමේ මොකක් තිබ්බත් කෑම කාපන් හරිද. ඊට පස්සෙ…”

“අයියො හරි හරි හරි. කනව කනව. ආපහු පටන් ගන්න එපා. මෙන්න වැන්ද. අපේ අම්ම වගේ හලෝ තව්සෙත්. එකක් අල්ලන් කියෝනව. බෑනෙ කරන්න”

රිලා මහත්මයා මොකුත් කියන්න කලින් මං සුටුස් ගාලා එතනින් දුවල ආවා. නැත්තන් පැයක විතර දේශනයක් ගන්න පුලුවන්. රිලා දේශන සේවය. ඔබත් අදම අමතන්න. බිංදුවයි හතයි හතයි වඩේ දෙකයි ප්ලේන්ටි එකයි.

හවුස් හතරම වැඩ ඉවර කරල තියෙන්නෙ. කොඩි එල්ලගන්න, ඇතුලෙ මේස හදන්න වගේ පොඩි පොඩි වැඩ ටිකක් විතරයි තිබ්බෙ. දැන් නෙහ් පේන්නෙ කට්ටියගෙ ඩේක’ස්. මුලින් ම තියෙන්නෙ Aquila එක. එයාලා pokemanà·€ හදල. ඊට පස්සෙ අපේ එක ඩ්‍රැක් සීයා. Pegasus එක Smurfetteà·€ හදල. අන්තිමට Phoenix එක ඇන්ග්‍රි බ’ඩ්. ඩෙකරේෂන් එකෙන් කවුරු දිනයිද කියල හිතාගන්න බෑ. හතරම එකකට එකක් දෙවෙනි නෑ. 
මං අපේ හව්ස් එක ඇතුලට ගිහින් තව මල්ලිලා ටිකක් එක්ක ඒක ඇතුල රෙඩී කරන්න පටන් ගත්තා. ටිකකින් යුගාත් ආවා. ඌත් ඇවිත් තියෙන්නෙ රෙඩ් ක්‍රොස් එකේ යුනිෆෝම් එකෙන්. පස්සෙ හවුස් එකට බෙඩ් එකක් දාලා ෆස්ට් ඒඩ් ටිකත් රෙඩී කරල කෑම මේසෙ වැඩ ටික‍ත් චෙක් කරල අපි සාහිල් අයියල ඉන්න තැනට ගියා.
එයත් එක්ක වෙන්න ඕන වැඩ ටිකත් කතා කරන් අපි පහලට ගියා. අම්මත් එහෙන් ආවා කිව්වා දැන් ඇවිත් ඇති. බලන්න ඕන.
මං ගේට් එක ගාවට ගිහින් ටික වෙලාවක් යද්දි අම්ම ආවා. එයාවත් ඉන්දල මං යුනිෆෝම් එකත් මාරු කරන් වයිස් කැප්ටන් බ්ලේසර් එකත් අතේ තියන් ග්‍රවුන්ඩ් එක දිහා බලන් හිටියා. මං හිටියෙ ග්‍රවුන්ඩ් එකේ වීදුරු ගහල හදපු මේන් බිල්ඩින් එකේ. මෙතන ඉදන් තමා ගෙස්ට්ල එහෙම මීට් එක බලන්නෙ. වාහ් මාරම ගති.

එන්ට්‍රන්ස් එකේ ඉදන් ග්‍රවුන්ඩ් එක ඇතුලෙන් දෙපැත්තට ප්‍රිෆෙක්ට් බෝඩ් එකයි, කැඩෙට් එකයි හිටන් ඉන්නව. ඒ මැද්දෙන් ඊස්ටන් බෑන්ඩ් එක ලයිනප් වෙලා. ග්‍රව්න්ඩ් එකේ එක පැත්තකින් හදපු හව්ස් හතර ළඟ හවුස් ටිකේ කොඩි ටික ලෙලදෙනව. ස්කූල් ටීවලිනුයි යුනිෆෝම් වලිනුයි ඉන්න ලමයිගෙන් පැත්තක් ම පිරිල ගිහින් තියෙද්දි තව පැත්තක පේරන්ට්ස්ලා ඉදන් ඉන්නව. මෙහෙම දකිද්දි ඉස්කෝලෙ ගැන අමුතු ම ගට් එකක් එනව. මාරම ප්‍රවුඩ් එකක් එනව. මේක විදින්න ම ඕන හැඟීමක්. 
වෙලාවත් හරි වගේ නිසා මන් වෙල්කම් එක තියන තැනට ගියා. ශාප් ලෙවන්. යෙප් එතකොටම බෑන්ඩ් එක පාර පැත්තෙන් ප්ලේ කරන් එන්න පටන් ගත්තා. ඊට පස්සෙ ආපු ගෙස්ට්ලවත් පිලිඅරන් එයාලා අර ප්‍රිෆෙක්ට්ලයි කැඩෙට්ස්ලයි මැදින් යද්දි ස්කූල් කලර්ස්වලින් බැලුන් උඩට යැව්වා. 

“Welcome to the Annual Sports meet of *** college 2025…” 

යෙප්. පටන් ගත්තා. 

මුලින් ම ගර්ල්ස් ස්කූල් එකකින් ආව ඇතීනා ටීම් එකක් මැඩම්ගෙන් fire torch එක පත්තු කරන් ඒක ගිහින් අකිත් අයියට දුන්න. එයා ඒක සසිත අයියට මාරු කලාට පස්සෙ සසිත අයියා ඇවිත් හව්ස් කැප්ටන්ලගෙ fire torch ටික පත්තු කළා.

ඊස්ටන් බෑන්ඩ් එකේ පෆෝම් එකක් තිබ්බට පස්සෙ තනි සුදු ඇඳ ගත්ත පොඩ්ඩො දෙසීයක් විතර පේලියට ඇවිත් ඕත් එක දුන්නා. ආපහු වෙස්ටර්න් බෑන්ඩ්, කැඩෙට්, ජිම්නාස්ටික්, කරාටේ ඩ්‍රිල් ටික ගියා. 

දැන් ඉතිං රනිං ඉවෙන්ට්ස්. හව්සස් හතරෙම චියර්ස් ඇහෙනව. හව්ස් ෆ්ලෑග්ස් ටිකත් හව්සස් ලඟ ඉදන් ලමයි වනනවා. කොහොමහරි රනින් ඉවෙන්ට්ස්වලිනුත් අපිට සෑහෙන ප්‍රමානයක් ලකුනු ආවා. 

ඒක ඉවර වෙලා ඉන්වයිටඩ් ස්කූල්ස්වල රනින් ඉවෙන්ට්ස් ටිකත් තිබ්බා. දැන් තමා හොඳ ම එක. ටීචස්ලගෙයි ඕබී එකෙයි රනින් ඉවෙන්ට්ස්. අම්බෝ මිස්ලගෙ සාරි කැලේ. සර්ලත් කලිසම් උස්සන් දුවනවා. සමහරු වැරදිලා වෙන ටීම් එකක එක්කෙනෙක්ට ස්ටික් එක පාස් කරන්න හදනව. ආතල් කෝටියයි අප්පහ්.  

දැන් තියෙන්නෙ ස්කොඩ් එක. ගත සලිත වෙනව අයියෝ!!! 

“ළමයි මේ බැජ් ටික බෙදා ගන්න. ඉක්මනට”
“කෝ පෝලිම් ටික හැදෙන්න. ඔය මල්ලි තව පොඩ්ඩක් එහාට වෙන්න”
“අයියෝ ඔය දෙන්න මාරු වෙන්න. ඔහොම නෙමේ නෙ ඉන්නෙ.”

මොලේ කචල් වෙනවා……

ලයිනප් වෙලා ටිකකින් ස්කොඩ් එක පටන් ගත්තා. මුලින් ම ගියේ වෙස්ටන් බෑන්ඩ් එක ඊටපස්සෙ ප්‍රිෆෙක්ට් ගිල්ඩ් එක, Aquila එක, අපි, Pegasus එක, Phoenix එක, ඊස්ටන් බෑන්ඩ් එක, කැඩෙට් එක. 

අනේ මංදා බයයි. ඉස්සරහ ම ඉන්නෙ වැරදුනොත් එහෙම සේරම ඉවරයි. ඒ මදිවට මටයි අයිස් රයිට් කමාන්ඩ් එක දෙන්න තියෙන්නෙ. අනෞන්ස්මන්ට් එකෙන් ඇහෙනව ප්‍රිෆෙක්ට්ල සැලියුටේෂන් එක දෙනව කියල. ඔතනදි තමා ස්කොඩ් එක හරියටම කරන්න ඕන. 

“Now the Salutation is given by the school head prefect Aryan Senadeera, deputy head prefects Abishek Gajendrasinghe, Ayon Insara, Kithmina Udeewya, Ewin Alvis Games captain Akitha Karunarathna Deputy games captain Sasitha Karunarathna with the prefect guild.”

[Band music]

“Now the Salutaion is given by the Aquila house lead by House Captain Dilan Wanigasinghe”

අනේ… දැන් නං බෑ වගේ. හුවෑ. කමාන්ඩ් එක හරියට නොව්නොත් එහෙම. චූත් බරයි වගේ. අනේ මට වොශ් රූම් යන්න ඕනේ…

“E…YES RIGHT”

හරේ. කිව්වා නෙහ්. එලම. ජීවිතේ නැති වෙන්න තත්පර දෙකක් හොඳටම ඇති. ෆුහ්.

“Now the Salutation is given by the Noctua House Lead by Sahil Hazan.”

.

.

ඉතුරු ටිකත් සැලියුටේශන් එක දුන්නට පස්සෙ ග්‍රවුන්ඩ් එක මැද්දට ස්කොඩ් එකේ ආපු ටීම් ටික එහෙම්මම බෙදිල හැදුනා. මාච් එක නැවැත්තුවට පස්සෙ පිටිපස්සෙ ලමයි බිමින් ඉදගත්තා. ප්‍රිෆෙක්ට් එකයි හව්ස් කැප්ටන්ල වයිස් කැප්ටන්ලයි බෑන්ඩ් දෙකයි කැඩෙට් එකයි හිටගෙන. ඊට පස්සෙ අනික් ලමයිනුත් ඇවිත් තම තමන්ගෙ හවුසස්වලට බෙදිල ඉඳගත්තා. 
දැන් ඉතිං අද තරඟවල trophies ඒවා  දුන්නට පස්සෙ තමා හාටුව පයින්න ගන්නෙ. 
අයියයියෝ ඒ අස්සෙ ගෙස්ට්ලත් කතා කරනවනෙ. බෑ අප්පා…

අපිට ස්කොඩ් එකෙන් ලකුනු ටික ආවා හොඳම හව්ස් එක නං Pegasus. සිරාවටම ඒක ලස්සනයි. 

“By taking thousand and fifty two marks fourth place goes to…”

අනේ කියපා…ම් 

“The house PHOENIX”

හ්ම් හ්ම් එව්නාට අපි තුනද දන්නෑ. අනේ අම්මේ!!!

“By taking thousand and ninety eight marks third place goes to…the house AQUILA”

දැං නං හාටුව ගැහෙන වේගෙට බිමට වැටෙයිද මංදා. දාඩියත් බේරෙනව. අපියි pegasus එකයි විතරයි ඉතුරු. හිතාගන්නෙ කොහොමද අප්පා. කොඩිත් හුලඟත් එක්ක වැදෙද්දි හරි ගැඹුරු සද්දයක් එනව. අනේ අනේ අනේ!!!

“By taking thousand and one hundred seventy two marks the first place goes to…Pegasus… or Noctua”

“To wich house as you think guys?”

හු*නවනෙ. මැරිල වැටෙනව තව පොඩ්ඩෙන්. මයික් එක තියන් ඉන්න එකාව පෞද්ගලිකව හම්බෙන්න බැරිද දන්නෑ මට.

“I need more sound boys,
Is it Noctua?”

මොනා කලා කියලද හිතන්නෙ. ඔව් යකෝ උගුර කැඩෙන්න හයියෙන් ඔව් කියල බෙරිහන් දුන්න. 

“Or Pegasus?”

අනේ බෑනෙ අපි පව්නෙ හලෝ.

“The first place goes to…

හදවත ගැහෙනව ලබ ඩබ් ඩබ්. ඕක තව පැයකටවත් කියන්නෑ.

“THE HOUSE NOCTUA!!!!! and by taking thousand and one hundred sixty nine marks second place goes to the house PEGASUS!!!”

කෝ ඉතුරු ටික or pegasus. ඇහ් ඇයි කිව්වෙ නැත්තෙ. ඕ ශිට් මේ අත්පුඩි ගහන්නෙ Arghhhhh!!!!

“දින්නා යකෝ!!!!”
“සා..හිල් අයියේ අපි ඒක කලාහ්”
“අඩෝ මල්ලි, පපුව බරයි යකෝ මට හයියෙන් කෑගහන්න ඕන බං”

Same here අයියෙ…අපි තුන් දෙනාටම ඇඬෙනව. මං යුගාව බදන් උඩ පැන්නත් එක්ක. අනේ!!! ඒ එක්කම අපේ හවුස් චියර් එක පටන් ගද්දි අපිත් මහ හයියෙන් කෑගැහුවා. 

“Who’s the winner
Bravely owls
What’s the colour?
Black colour 
Tell ur name,
N-O-C-T-U-A,  NOCTUA!!!”

හව්ස් චියර් එක කරල මං හැරෙද්දි අභිෂේක් අයියා මං දිහා බලන් හිටියෙ. එයා ලාවට හිනා වෙල තම්බ්ස් අප් එකක් දුන්න. හෙන ප්‍රව්ඩ් ලුක් එකකින් එයා මං දිහා බලන් හිටියෙ. ඔව් ඉතින් එයාගෙත් හවුස් එක නිසා වෙන්නැති.

ඊට පස්සෙ අපි තුන්දෙනා ගිහින් ට්‍රොෆී එක අරන් හවුස් එක තියන තැනට ගෙනාවා. ඇත්තටම මාරම සතුටක් දැනෙන්නෙ. මුලු හවුස් එකම එකතු වෙලා ලොකූ… ගෘප් හග් එකක් දුන්න. හම්මෝ හුම්ම ගන්න බෑ. ඒත් එක්කම සෙට් එකත් එක්ක ම බිම. මැඩමුත් බල බල හිනාවෙනව. 

පැය බාගෙකින් වගේ DJ එක පටන් ගන්නව. ඊට කලින් මං අම්ම ගාවට ගියේ එයා යනව කිව්ව නිසා. අම්මවත් යවල මං DJ එක පටන් ගන්න පැත්තට යන්න ගියා.

“අහ්…සොරි කියන්නත් දන්නැද්ද ඕයි වැදීගෙන යන්නෙ.”

“ඔහ් සොරි ඉතිං පේන්නෑනෙ. උඩින්නෙ යන්නෙ. එක නිසා වෙන්නැති නෙහ්?”

තවිරු. මූ මොකාටද එන්න හදන්නෙ. මං මොකුත් නොකිය ඌ දිහා බලන් හිටිය. බොරුවට ප්‍රශ්න දාගන්න ඕන නෑනෙ. ඒ පාර ඌ Smirk එකකුත් දාන් ගියා. ඌ යද්දි ම පිටිපස්සෙන් ඇවිත් කවුද මංදා තට්ටු කලා. ආ රිලවෙක් ඇවිත් මට handshake කළා.

“I’m so proud of you Saurash”

“අහ්?”

මං ගැන මොකෝ. හවුස් එක ගැනනෙ ප්‍රවුඩ් වෙන්න ඕන. ඔහ් හරිනෙ මාත් ඉතින් වයිස් කැපෙක් විදිහට උදව් උනානෙ.

“….”

“Oh thanks.”

“හ්ම්”

“ඔය යන්නද හදන්නෙ. අරහෙට යන්නැද්ද.”

“යන්නෑ මහන්සි බං ඉදං ඉන්නං මේ හරියට වෙලා.”

“අයියෝ හලෝ ඔහොම බෑ. කෝ කෝ එනවා. අද විතරනෙ.”

මං රිලවගෙ අතින් ඇදන් අපේ සෙට් එක ඉන්න පැත්ත බල බල ආවා. ලමයි ගොඩේ හොයන්නත් අමාරුයි. හයියූ. හරිනෙ මියුසික් එකත් පටන් ගත්තා. ලයිට්ස් එක්ක හොයගන්නෙ කොහොමද දැන්? එහෙ බැලුවොත් නිල් මෙහෙ බැලුවොත් රතු. පිටසක්වල වගේ. 

“අයියෙ”

“….”

“අයියෙ!!!”

“අහ්. ආ. කියන්න”

“මොකෝ හලෝ අත දිහා බලන් බාවනා කරන්නෙ. මේ අරුං ටිකව පෙන්නෑ. බලන්නකො. පොල් ගහක් වගේ ඉන්නෙ පේනව ඇතිනෙ”

“….”

“ඕයි අයියෙ. මොන සිහියෙන්ද ඉන්නෙ?”

“අහ් නෑ නෑ ඉන්න බලන්න.”

පිස්සුද මුට. හොල්මනක්වත් දැකලද? 

“යං එන්න.”

කොහෙ ඇදන් යනවද මංදා. ආ මේ ඉන්නෙ. දැකල නැත්තන් බලා ගන්න කැපිච්ච පනු ඩාන්ස්.
මුලු ඉස්කෝලෙ ම කොල්ලො ටික නටනව.
අයියලයි අපියි සෙට් එකත් හෙම්බත් වෙනකන් ම නැටුවා. ඒ අස්සෙ කිත්මින අයියයි අයාසයයි එකතු වෙලා ශෙයලව කරට ගත්තා. කෝ යුගා ඒ පාර ඌත් අයෝන් අයියගෙ කරේ ඉදන් කෑ ගහනව. ඌ ශොක් උනාද කොහෙද එක පාරට. කිත්මින අයියා මොකෝ මට ඇස් ගහන්නෙ. එන්නෙපා පුතේ ඕවට. දෙන්නෙ ප..

“මොන à·„à·”*තක්… තියපිය බිමින් මාව. අයියේ!!!”

“පොඩි කොල්ලෝ උඩයි උඩයි. හිටපිය ඔහොම පොඩි ඇටයා.”

“කිත්මින අයියෙ උබට මං… අභිෂේක් අයියේ මාව බිමින් තියපන් ඕයි.”

“දගලන්නැතුව හිටපන් වැටෙන්නද ඕන.”

අප්පටසිරි අයාසයත් උඩ, එවින් අයියත් උඩ. හික්ස්

“2007 උඩ 2006යට, පොඩි ඇටයෝ තෝ එදා මට රැව්වට රිටන් එක තමා ඔය.”

බැස්සට පස්සෙ බලාගන්නං මං. එකාතකට මේකත් ජොලි අප්පහ්. මාත් කෑ ගගහ රිලවගෙ කරට වෙලා හිටිය. ටිකකින් මාව බිමට ජොක් ගාලා හැලුව.කොන්ද කඩන්න හදනවද මන්දා.

නටල කරල එතනින් එද්දි නමයහමාරට වගේ ඇති. අභිෂේක් අයියා මාවත් ගෙදරට දාගෙන ගියා. මහ රෑ බස්වල එන්න ගියා නං තමා එපා වෙන්නෙ. 

————————————————————

අද සෞ පුතා කතා කියන කොටස් වැඩී වගේද? ස්පෝර්ට්ස් මීට් එක ගැන කියන්නත් එපැයි ඉතිං. මනුස්සයෙක් ජීවිතේ එක්ස්පීරියන්ස් කරන්න ම ඕන දෙයක් ඒක. මං අපේ ස්පෝර්ට්ස් මීට් එක ඔලුවට අරන් ලිව්වෙ ඉතිං. ස්කොඩ් එකත් මතක කෑලි ටික දාලා ලිව්වෙ හරිද දන්නෑ හොඳේ.

මං මේ ඩෙටෝල් ප්ලාස්ටර් ගේන්න යන්න හදන්නෙ. රුපියල රුපියල දාන් යන්න හොජේ.

ආතරෙයි
Bye 👋

▪️කතුවරයාගේ අවසරයකින් තොරව කතාවේ ඇති කොටස් උපුටා හෝ අන් ආකාරයකින් (ෆොටෝස් / වීඩියෝස් ) සමාජ මාධ්‍යවල පලකිරීමෙන් වළකින්න.

▪️කරුණාකර කර්තෘ අයිතිය ද සුරකින්න.

Arden_Ak

Tags: read novel Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 08, novel Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 08, read Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 08 online, Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 08 chapter, Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 08 high quality, Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 08 light novel, ,

Comment

Leave a Reply

Chapter 10