Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 09

A+ A-

📱පුංචි මමයි කේතලෙයි 
     මහාතයි කොටයි
     මෙන්න මගේ අත මෙ…

වෙන මිනිස්සු නැගිටින්නෙ එලාම් එකට. මං නැගිටින්නෙ කෝල්වලට. 

“හලෝව්… කව්ද මේ”

“මල්ලි, අප්පහ් තාම ඔයා නිදිද සොරි හොඳේ. මේ මම එවින් කතා කරන්නෙ”

“අහ් අයියෙ. කමක් නෑ කියන්න.”

“මේ මගෙ බ’ත් ඩේ එකට පොඩි පාටියක් ඕගනයිස් කලා. ඔයාට හෙට එන්න පුලුවන්ද”

“හෙට?”

“ඔව් මල්ලි. මේකයි හදිස්සියේ ඕගනයිස් කලේ. අපේ තාත්තා රට යනව ආපහු එන්නෙ අවුරුදු දෙකකින් වගේ. ඉතිං දහඅට මිස් වෙනව කියල…”

“අහ්. හරි අයියෙ මං එන්නං.”

“හරි එහෙනං තෑන්ක්ස් හොඳේ. මං ලොකේෂන් එක එවන්නම් පස්සෙ. යුගාන්ටත් කිව්වා දෙන්න එක්කම එන්නකො. මං තිබ්බා.”

පාටි පාටි යාහ්… සුදුදෝනියා මොකෝ දන්නෑ කරන්නෙ බලන්න ඕනෙ. ඇවිස්සුවෙ නෑ අප්පහ් කාලෙකින්.

“ආ ඉලන්දාරියා නැගිට්ටද?”

“නෑ අනේ නැගිට්ටුනා. තව නිදාගන්නව කොහෙද කෝල් එකක් ආවා නෙහ්”

“ඒ කවුද?”

“මේ මං ඔයාට කියන්න හිටියෙ අම්මෙ… මට පොඩි සම්බන්දධය..”

“මොකද්ද?”

“නෑ මේ මං කිව්වෙ මේ මට පොඩි මේ සම්බන්ධයක් තියනවා. ඒක ගැන…”

අප්පහ් ගත්ත නෙහ් අතට ආයුදේ. දන්න නිසා කියන්නෙ වේවැවලට වඩා හැඳි කූර බයානකයි. 

“ආව්. ආව්. ගහන්න එපා අනේ. අනේ කියන එක අහල ඉන්නකො. ආව් අප්පහ්. සිදෙනෝ…”

ඉල්ලන් කනව කියන්නෙ මේකට තමා.

“මොකද්ද තව කියන්න තියෙන්නෙ, කව්ද දැං ඔය නැට්ටිච්චි අහ්?”

“හදිස්සියනෙ ඔවාටත්. කියනකන් ඉන්නෑනෙ ඉතිම්. නැට්ටිච්චියෙක් මොකද්ද.?

“ඔය තියනවයි කිව්ව සම්බන්ධෙ තියන කෙල්ල කවුද?”

“මොන කෙල්ලෙක්ද අප්පහ්. මං කියන්න ගියෙ මගෙ අන්තර්ජාල සම්බන්ධෙ බිඳ වැටිල ඒකට සල්ලි දාන්න ඕන කියල.”

“ඇහ්. කතාව වෙනස් කරන්න එපා පුතා”

“ඇත්ත අප්පහ්. කෝ කියන්න දුන්නෑනෙ. රිදෙනව අප්පහ්. ම්හුක්”

“හොඳවැඩේ මාව අවුස්සන්න එනවට”

මිෂන් පාස්. බට් චුට්ටක් වැදුනා. කමක් නෑ බාධක තියනව අපි අපේ ගමන යන්න ඕන ඒවා ජයගෙන තමා. 

සෙනසුරාදා කියන්නෙ මගෙ ෆ්‍රී දවස. උදේ වරුවෙ මං ගේ ටිකක් අස් කරල දාලා පාඩම් වැඩ ටිකක් කරන්න ගත්තා. ගිය ටිකේ වැඩිය කරන්න හම්බුනේ නෑ නෙ.

“සෞ… කෝ ඔයා. අහ් වැඩද?”

“ඕ. ඇයි?”

“මාසෙ බඩු ඉවරයි අනේ. ඔයත් ඉන්න එකේ හවසට ගිහින් ගේමුද?”

“ආ යං”

අම්මා ඉස්සර ඉදන් ම පුරුද්දක් විදිහට මාසෙට ඕන කරන දේවල් එක පාර ගේනව. එයා කියන්නෙ එහෙම කරද්දි සල්ලි නාස්තියක් නෑ කියල. ඇත්ත තමා ඇයි ඉතිං සැරින් සැරේ කඩේ යද්දි අනං මනං ගැනිලි වැඩී නෙ.

හවස ටවුමට ගිහින් බඩුත් අරන් ගෙදර ඇවිත් මායි අම්මයි එකතු වෙලා කෑම ඉව්වා. ඉස්සර අපි කට්ටිය එකතු වෙලා සෙනසුරාදාට මෙහෙම කරනව. දැං අපි දෙන්න විතරයි. මොනා කරන්නද ඉතිං ලැබිල තියන දේවල් දිහා බලල මං සතුටු වෙනව. මෙහෙමවත් නොලැබෙන කීයක් දෙනා ඉන්නව ඇතිද? 

.

.

.

“සුවඳ සබන් ඇඟ ගාලා හායි හායි
කුඹුකෙ ළිඳෙන් දිය ඇදලා නාලා…
හැඩවැඩ වෙන්න ඔයා ලස්සන සළු පළඳා 
එනවා ඔබව සොයා”

“කෑගගහ ඉන්නෙ පරක්කු වෙන්නැද්ද ලමයෝ. එන්න දැං”

රාජමාතාව ගන්ඨාර නාද කරන්න පටන් ගත්ත නිසා මං එලියට ඇවිත් ලෑස්ති වෙන්න ගත්තා.
රතු හුඩී එකකට කළු කාගො එකක්. සිම්පල්. 

“අම්මෙ!!!මගෙ ඕඩ් කොලොන් එක කෝ?”

“බලන්න ලමයො මං ගන්නවෑ”

“අහ් හරි හරි හම්බුනා.”

මට සෙන්ට්වල සැර අමාරුයි. බබා කොලෝන් ගාන්නෙ ඉතිං. මං ඒ සුවඳට මාරම ආසයි. ගොඩක් මතක ඇවිස්සෙනව. 
මං යුගාලෑ ගෙදරට ගිහින් එතනින් අපි දෙන්නට එවල තිබ්බ ලොකේශන් එකට ගියා.
La Luna cafe, පරණ තාලෙත් එක්ක එක්කහු කරල හදල තිබ්බ ලස්සන ප්ලේස් එකක්.

“අහ් මල්ලිලා ඇවිත් නෙහ්”

“ආවා අයියෙ. අපි විතරද ඉන්නෙ?”

“ආ තව ටික දෙනෙක් එනව. එච්චර තමා ඉතිං. තාත්තාල එක්ක උදේ පාටි එකක් දැම්ම. හවස එතකොට ෆ්‍රී නෙහ්”

අපි තුන් දෙනා කතා කර කර හිටියා. මේ ඒරියා එක අද අපිට බුක් කරල මං හිතන්නෙ. කවුද දන්නෑ අනික් එනවයි කිව්ව අය.

“අහ් පොඩි ඇටයා!!!”

කිත්මින අයියා ඇවිත් මගෙ පිට මැද්දට කෙලල ඇරියා. අම්බෝ මූ අලි මස් ගිලිනවද මංදා. මුං ටිකද එනවයි කිව්වෙ එතකොට. ඒකත් ශෝක් දන්න අයමනෙ. ඒ කිව්වෙ කිත්මින අයියා, අයෝන් අයියා, ආර්‍යන් අයියා, අකිත සසිත ඩබල, අයාz,ශෙයල් තමා. කෝ රිලව? එයා නැද්ද එතකොට. අපරාදෙ හැබැයි.

“පොඩි ඇටයො කාවහරි හොයනවැයි”

“අහ් නෑ. මේ රිලවව බැලුවෙ”

“මොකා?”

හරිනෙ ගම කනවනෙ.

“නෑ මේ අභිෂේක් අයියා විතරනෙ අඩු”

“ඇයි උබට පාළුද? ඒ බං එවිනයො උඹ අභිෂේකයට කිව්වෙ නැද්ද”

“කිව්ව බං එන්න වෙන්නෑ කිව්වෙ”

අහ්. එහෙමත් එකද්ද. ඈ සෞරාෂ් උබට මොකද ඒකා ආවත් නැතත් උඹ පාඩුවේ හිටපන්. එව්නාට පාලුයිත් වගේ. මොකා…ක්. උබ එනපොට හොඳ නෑ සෞරාෂ් නවත්තගනිං ඕක. 

“අහ් හරි මං කියන්නම් අම්මා. බායි”

එන්නෑ කිව්ව නං මේ ඉන්නෙ මොකාද? මං කිත්මින අයියගෙ මූන දිහා බලල රැව්වම මූ නෝන්ඩියට වගේ හිනා උනා

“අම්බෝ අභියො උඹ ආපු එකනං ලොකු දෙයක් හොඳේ”

“ඇයි?”

“නෑ මේ අපේ සෞරාෂ් මල්ලිට උඹ නැතුව පාළුයි කියන්නෙ.”

කවද්ද යකෝ මං එහෙම කතාවක් කිව්වෙ. ඒ පාර රිලවත් මං දිහා අයිබ්‍රෝ එකක් උස්සල බැලුවා. මං නෑ කියන්න ඔලුව වැනුව. පුහ් පිස්සු හැදෙයි.

අපි කේක් කපල කාලා නාලා සේරමකලා. ඇල්කොහොල් මොකුත් තිබ්බෙ නෑ. තාම ලමාලපටින්නෙ ඉන්නෙ මෙතන. 

“ඒ අපි ටෲත් ඕ ඩෙයා කරමු වරෙන්.”

කට්ටියම රවුමට මේසෙ වටේට ඉදගත්තා.

“හරේ අයෝන් උඹ.”

“ටෲත්.”

“දෙන්නං උඹට. උඹ මොකද මේ ටින් බෙලෙක්කෙ පස්සෙ කැරකෙන්නෙ. කියපන් බලන්න.”

වැදගත් ප්‍රශ්නයක්. අපේකත් රතුවෙලා. අඩේ අඩේ. මේ මොකත මේ.

“ස්කි..”

“ස්කිප් බෑ”
“බෑ බෑ”

සෙට් එක ම කෑගැහුව ඒ පාර නං.

“එහෙම විශේෂයක් නෑ යාලුවො තමා”

“හා ඉදපන් අපි ඕක විශ්වාස කරන්නම්”

“හාහ් අයියෝ උබලත් එක්ක බෑ. හරි මෙහෙමයි..එහෙම මොකුත් නෑ තමා බං…ඉස්සරහ්..නෑ නෑ උබල හිතනව වගේ මගුලක් නෑ. “

යුගානයෝ තෝ ගැන මං බලාගන්නම්. ඒ පාර අයියල ටික අයෝන් අයියට තඩිබානව. හොඳෑඩේ.එනව පගය බොරු කියන්න. 

ඊට පස්සෙ පාර බෝතලේ කැරකිල ගියෙ සසිත අයියට. එයා ඩෙයා ගත්ත. ඔහොම ගිහින් ගිහින් රිළවට ආවා.

“හරි අභියො කියපන් බලන්න උඹේ පරම පූජිත ක්‍රශ් එක ගැන වාක්‍ය පහක කෙටි රචනයක්”

අභිෂේක් අයියා බේරෙන්න බෑනෙ වගේ ලුක් එකක් දාලා කියන්න ගත්තා.

“ආම්… මට වඩා බාලයි”

“බාල අපරාද කරන්නෙපා ඕයි”

“කියන්න දීපන් එවින්, අයියෝ කාපන් මාව”

“ලැජ්ජ වෙන්න එපා අයියෙ කියන්ඩ කියන්ඩ”

“ඒකනෙ නේද සෞරාෂ් මල්ලි. කියන්න අභියො.”

ලැජ්ජ වෙන්න අපි ගිහින් ඔය කෙල්ලට කියනවයෑ. මල සමයං. 

“ඔහොම ඉදහන් මං කියන්න උඹ මෙතන ලතවෙනවනෙ. කට තියනව අක්කරයක් විතර උස නෑ සෙන්ටිමීටරයක්වත්, උඹත් එක්ක වලිමයි, මොලේ නෑ පොඩ්ඩක්වත් උබේ ක්‍රශ් එක තමන් කියල හිතන්න, අපිට වඩා අවුරුද්දක් බාලයි බයෝ කරන්නෙ.”

“ඇති ඇති උවින්. පහ හරි”

යකෝ අපේ වයසෙ කෙල්ලෙක්ද. බයෝ ද අප්පටසිරි දන්න අදුරන කෙල්ලෙක්ද දන්නෑ. 

“හැබැයි එකක් නං සහතික ඇත්ත හොඳේ”

“මොකද්ද අකියො”

“ක්‍රශ් එකට මොලේ නැති කතාව.”

“අනිව ඕකුන්ට මොලේ නෑ”

මං දිහා බලන්නෙ. යකෝ ඒකි අපේ වයසෙ උනාට අපිට මොලේ තියනව. අපේ සෙන්සර්ස් හොඳට වැඩ. ඕකත් පැයක් විතර කරල කට්ටිය අනං මනං බුදින්න ගත්තා. 
මං කැෆේ එක හඳක් වගේ හදල තිබ්බ ප්ලේස් දිහා බලන් හිටියෙ. ඒක මාරම ලස්සනයි. හඳ කොහෙ තිබ්බත් තනිකරම මැජික් එකක් තමා.

“කොහෙ තිබ්බත් හඳ එක්ක අතරමං වෙනව නෙහ්”

“අහ්. නෑ ඒක ලස්සනයි.”

“හ්ම්…”

රිලව උගෙ කෝට් එකට අත් දෙක දාන් අර හඳ දිහා බලාගෙන ම කිව්වා. ඒකා අද සුදු ටී එකක් උඩට බ්ලැක් ලෙදර් ජැකට් එකක් ඇදල සිල්වර් කලර් බලු මාලයක් දාලා හිටියෙ. ආ කළු කලිසමකුත් ඇඳල ඉන්නෙ. රිලව රිලව ගෑවට උගෙ තියනව හෙන ඩීසන් ලුක් එකක්. එව්නාට අපි ඕවා කියන්න යන්වද නෑනෙ නෑනෙ. ඊටපස්සෙ රිලව් පියාඹයි. 

“සොරි.”

“ඒ ඇයි?”

“නෑ මං දැනං හිටියෙ නෑ නෙ ක්‍රශ් එකක් ඉන්නව කියල. එදා කෙල්ලෙක් ඉන්නව කිව්වෙ. ඒකයි”

“සොරි කියන්න ඕන යෑ, තමුසෙටත් කෙල්ලෙක් එහෙම ඇති නේ?”

“මේ මට? අම්බෝ නෑ.”

අම්ම හැඳි කූර අරන් පස්සෙන් පන්නනවත් මැවිල පෙව්න ඒකට නං. ඉහික්

“ඉස්කෝලෙ ගිහින් ඉවර වෙලා තමා. “

“ම්ම් හොඳ ලමෙක් නෙහ් එහෙනං”

“නෑ නෑ එහෙම එකක් නෙමේ”

“ආ ඒ කියන්නෙ උඹ හොඳ නෑ”

අම්මපා… වචන එන්නෑ බයින්න මට. ඕම් ශාන්ති ශාන්ති, මූ එක්ක මට කේකේන්ති කේන්ති!!! හොඳ වෙලාවට මන්තර දන්නෙ. 

“කොහොමත් ඉස්කෝලෙ ගිහින් ඉවර වෙනකන් ඔලුව නිදහසේ ඉන්න එක හොඳයි”

“ඇහ්?”

“හ්ම්…”

“කියන එකක් තේරෙන්න කියපන් අයියෙ.”

“තේරෙන්න නෙහ්”

ඉහික් තව පොඩ්ඩෙන් බකස් ගාලා හිනා යනව. තේ – රෙන්න බලන්න ඒ අර්තයේ සුමියුරු බව. හැබැයි තේ රෙන්න බෑ නෙ මුත්‍රා විදිහටනෙ පිටවෙන්නෙ. දැවෙන පස්න මෙව්වා.

“නෑ එපා. කමක් නෑ”

හිනාව කන්ට්‍රෝල් කරගන්න බෑ වගේ නිසා පසුබැස්සෙ. මොනා උනත් ආත්ම ගරුත්වෙ එක. අපි දෙන්නත් සෙට් එක හිටපු පැත්තට ගියා. ගිහින් නටල හැපිල වැලලිලා හැමින්.. ආ නෑ ඒක නෑ ප්‍රින්ටින්ග් මිස්ටේක්, සේරම කරල ගෙදර ආවා. අද යුගා අපේ ගෙදර ඌයි මායි යන ගමන් රෙඩ් වයිට් ඇන්ඩ් රෝයල් බ්ලූ එක ගැන සංවාදයක් දාන් ගියා. අපි ගමන් බිමන් යන්නෙත් පොත්වල සිහියෙන්. සංවරයි යකෝ බලන් හැදියන්.

.

.

.

ඊයෙ පාටි දාලා අද උදේ නැගිටින්නත් පරක්කු උනා. තව පොඩ්ඩෙන් බස් එක මිස් වෙනව. එව්නාට එහෙම උන්නෑ. මොකද බස් එක අප්‍රාණවාචී. මිස් කියන්නෙ ප්‍රාණවාචී ස්ත්‍රීලිංග පදයක්. එහෙම වෙන්න බෑනෙ.

“පුතේ, ළමයෝ පොඩ්ඩක් මෙහෙට එන්න”

මායි යුගායි ලාස්ට් පීරියඩ් එක ෆ්‍රී පීරියඩ් එකක් නිසා රවුමක් දාන්න ආවම මිස් කෙනෙක් කතා කරනව.ඇයි අප්පා අපිව පේන්න බැරී…

“මේ මල්ලිලගෙ මන්ත්ලි ටෙස්ට් එකට ඩෙස් හයක් විතර මදි. ස්ටෝ රූම් එකට ගිහින් මෙයාලට ඒ ටික අරන් දෙන්න ළමයො.”

“හරි මිස්”

අපි ඔය වයසෙදි ඩෙස් එකක් නැත්තන් ඉස්කෝලෙ වටේ කරක් ගහල ඕන ඩෙස් එක හොයාගන්න. දැන් අපි මුන්ට හොයල දෙන්න ඕන. හරිම යසයි. 
අපි ස්ටෝ රූම් එකේ යතුරත් ඉල්ලන් පොඩි උන් ටිකත් එක්කන් ගියා. 

“පැහ් ඊයා ඕයි මකුළු දැළුත් පැටළෙනවා කටේ. මොන à·„à·”..ම්මානයක්ද මන්දා”

යුගානය කුනුහර්පෙ වෙනස් කරල කිව්වට පොඩි උන් ටික හිකි හිකි ගානවා. වැඩක් නෑ උන් අපිට වඩා දියුණුයි. යකෝ හොල්මන් මන්දිර පරාදයි මේවට. මකුළු දැල් ගොඩ.

“අහ් මල්ලි එන්නකො. අපි අරන් දෙන්නම් මේ ටික ගෙනියන්න ඔයලා ඉක්මනට.”

ඩෙස් හෙන ලොට් එකක් එක උඩ එක උඩ ගහල තිබ්බෙ හෙන උසට. මායි යුගයි හීන් සීරුවේ එකින් එක අරන් දුන්න. 

“හා හා ඉදපන් අරන් දෙනකන් තදියමේ දඟලන්නෙ.”

අම්මපා මුන් කියන එක අහන්නෑනෙ. යුගා එපා කියද්දිත් ඩෙස් එකක් ඇදල අරන් ගියා.

“සෞව්වො හරි නේ බන්? යමන්, යතුර දීල යමන්. මදෑ රවුමක් ගහන්න ආවා.”
යුගා දොර ගාවට යද්දි මාත් යන්න බැලුවට මොකක් හරි සද්දයක් ආපු නිසා අපි දෙන්න ආපහු හැරිල බැලුවෙ රූම් එක දිහා. 

“සතෙක් වෙන්නැති බන්. යමන්”

යුගා එහෙම කියල දොර අරිද්දිම මහා සද්දයක් එන්න ගත්තා.

ඕ ෂිට්!

“සෞ අයින් වෙයන්!!! අඩෝ!!!”

යුගානය මට අයින් වෙයන් කියල කෑගහද්දි ම මන් අයින් වෙන්න හැදුවට ඒත් එක්කම අර හෙන උසට තිබ්බ ඩෙස් ටික මගෙ ඇඟට කඩන් වැටුනා.

“අහ්…ස්ස්…අහ්..”

“සෞ!!! අඩෝ බං!!! ඕයි මල්ලි! මල්ලි! මෙහෙ වරෙන් යකෝ මේ ඩෙස් ටික අයින් කරපන් ඉක්මනට. ඉක්මන් කරහන්. ආයිශ්. ඉක්මන් කරපන් මල්ලි. යකෝහ්!!! සෞරාෂ්!!! අඩෝ කතා කරහන්කො. අනේ මිනිහො!!!”

යුගාන් මල්ලිලා ටිකක්වද කොහෙද කතාකරන් ඩෙස් ටික අයින් කරල මගෙ ඔලුව උකුලට අරන් කතා කළා. 

“අ..අයියෙ මං සික් රූම් එකෙන් කට්ටිය එක්කන් එන්නං”

“ඉක්මන් කරහන්. ෂිට් උඹේ ඔලුවත් පැලිලා. අඩෝ ඇස් ඇරන් ඉන්නෙ කතා කරපන්කො. අඩුම අමාරුයි කියලවත් කියහන්කො.”

යුගා මට කතා කරද්දි මං උට ඔලුව වැනුවා විතරයි. මගෙ නළලෙ ඉදන් රස්නෙට ලේ වෙන්නැති ගලනව මට තේරුනා. ටිකකින් මිස්ලා එතනට ආවා. ළමයි පිරිලා. මං තාම යුගාගෙ උකුලෙ ඔලුව තියන් බිමමයි හිටියෙ. අරූගෙ ඇස්වල කඳුලු බේරෙනව.

“පුතා. පුතා මේ බලන්න ඇහෙනව නේද?”

මං ඔව් කියන්න ඔලුව වැනුව. අනේ අම්මේ!!! මට රිදෙනවා!!!

“මල්ලි. මේ මොකද….. ඕ à·‚à·Š…ෂිට්.”

“අනේ උවින් අ..අයියේ මොකක් à·„..හරි කරන්නකෝ, මිස් ඉක්මන් කරන්නකෝ. මොකක් හරි කරන්නකො. අනේ à·ƒ..සෞව්වෝ!!! අනේ මුගෙ ලේ යනව අයියේ.”

මට කෙඳිරි ගෑවෙනව. අයියල මිස් එක්ක මොනා හරි කතා කරනව වගේ ලාවට ඇහෙනව. මං යුගා දිහා බලන් හිටියා විතරයි. මට ඇස් ඇරන් ඉන්නවත් අමාරුයි. අයිස් කැට තියද්දි තවත් අමාරුයි. අ..අම්මේහ්!!!

“තමුසෙලා මොනාද බලන් ඉන්නෙ ක්ලාසස්වලට යනව. හරි අප්.”

ටිකකින් මට එම්බියුලන්ස් එකක සද්දයක් වගේ ලාවට ඇහුනා. 

.

.

“අඬන්න එපා මල්ලි ඌට අවුලක් නෑ කිව්වනෙ ඩොක්‍ටර්. තව ටිකකින් සිහියත් එයි නෙහ්, අයෝන් කියපන්කො බං මුට”

“අනේ අ..අයියෙහ්..à·„à·Š”

කිත්මින අයියයි යුගායි කතා කරන සද්දයක් වගේ එද්දි මං ලාවට ඇස් අරින්න හැදුව. ඔලුව රිදෙනව වගේ. 

“අහ්…”

“සෞ… අඩේ සිහිය ආවද. යකෝ ඔහොම බය කරන්න එපා මිනිහො.”

“ආ දැන් හරිනෙ උබට. මෙතන වැලලෙන්න හැදුවනෙ අව්ලක් නෑ කියද්දිත්.”

“අනේ සොරි බං ඒ මගුල කඩන් වැටෙනව දැක්කෙ නෑනෙ. උබව අහකටවත් තල්ලු කරන්නවත් උන්නෑ මට.”

මූ මොකටද සොරි කියන්නෙ. අනේ හරකා. මූ මොනව කරන්නද ඒකට. 

“මොකද උඹ කතා කරන්නැත්තෙ ඕයි. අහ්?”

මං වතුර කියල සද්දෙන් නොකිය වගේ කිව්වහම කිත්මින අයියා මට වතුර වීදුරුව අරන් දුන්නා. 

“ඔහොම ඉදහන් බෙඩ් එක උස්සන්න. ඔහොම බොන්න බෑනෙ.”

මං වතුර එක බීල වීදුරුව ආපහු දීලා මගෙ කකුල දිහා බලන් හිටියා.

“අව්ල් ගන්න එපා මල්ලි. උබේ දකුනු අතයි කකුලයි දෙක ම කැඩිල කිව්වා. මාසයක් විතර යද්දි හරියයි.”

“මෙහෙට ටිකට් කප්පල ගෙන්න ගත්තෙ උබට ඉන්න ලේසි නිසා. දැං ටිකක් පරිස්සං වෙලා වැඩ කරහං පොඩි ඇටයො. අලි විසේ වගේ නටන්නැතුව. උඹ වමට සයිඩ් වෙන්නැත්තෙ. දකුණු පැත්තෙන් නෙහ් ඩැමෙජ් වෙලා තියෙන්නෙ”

අයෝන් අයියයි කිත්මින අයියයි මට ඒ ටික කියද්දිත් යුගා මගෙ අත අතගානව. උගෙ ෂර්ට් එකෙයි කලිසමෙයි ලේ එකයි. ඇසුත් රතු වෙලා.

“ඇති බං. උබ එවෙලෙත් ඇඩුවා. බලහංකො දැං මට අව්ලක් නෑ නෙ.”

“උබ කියයි යකෝ ඒ වෙලාවෙ මං බය උන විදිහ දන්නෙ මංනෙ. ඩෙස් විස්සක් විසිපහක් විතර උබව වැහෙන්න ම උබව පෙරලන් වැටුනම මං මැරෙන්න බය උනා මිනිහො. පස්සෙත්…”

“හරි දැන් හරිනෙ බං හොඳේ.”

📱ringing…

“කියපන් අභියො.”

“………”

“අහ් හා හා. පරිස්සමෙන් වරෙන් එහෙනං. තිබ්බා.”

“……”

කිත්මින අයියා අභිෂේක් අයියා එක්කද කොහෙද කතා කලේ. එයත් එනවද මෙහෙ.

“මල්ලි, අපි අම්මට කිව්වා විස්තරේ. ඊටපස්සෙ අම්ම එන්න ඕනයි කිව්වා. තනියම එන්න කියන්න බෑනෙ දැන් ඒ නිසා අභියා කිව්වා ඌ එන ගමන් නැන්දව එක්කන් එන්නං කියල”

අම්ම බය වෙන්නැති. කලබලේ තනියම එන්නැතුව අභිෂේක් අයියා එක්ක එන එක හොඳයි තමා. එව්නාට මූ කොහොමද ගෙදර ඉන්නෙ. ඉස්කෝලෙ ආවනෙ උදේ. මං දැක්කනෙ.

“මෙහ් උඹ දැන් රෙස්ට් කරපන් මල්ලි. අම්ම ආවම කතාකරන්නං. එතකොට ටින් බෙලෙක්කෙ තමුසෙ ගෙදර පලයම්. මුට සිහිය ආවනෙ.”

“මට බෑ”

“අනේ උබලගෙ කට නම් තියනව. අයොන් මේන් මූව එක්කන් ගිහින් දාපන් බං.”

“යුගාන් හෙට උදෙන් ම එමු රෑට හරි එමුකො. ගෙදර යං දැං”

“යුගා උබ ගිහින් වරෙන් ඔහොම ඉන්න බෑනෙ.”

“මට බෑ බෑ බෑ!! බෑ කිව්වනෙ!! උබල දෙන්න යන්න අයියෙ. උබලත් යුනිෆෝම් නෙහ් ඉන්නෙ.”

“අනේ මේකාට කියන දෙයක් තේරෙන්නෙ නෑ නෙ. අයෝන් මෙන්න මේකාට ඇඳුමක් අරන් මෙහෙන්වත් චේන්ජ් කරගන්න දීපන්. ලේ පෙරන් ඉන්නව මෝහිනීගෙ මිනිහ වගේ.”

“ආන් එහෙම හොඳා. උඹ රෙස්ට් කරපන්. මං සුටුස් ගාලා එන්නං”

අයෝන් අයියගෙයි මුගෙයි නම් මොකාක් හරි හුටප්පරයක් තියනව. ඉදපන්කො හොඳ වෙනකන්. කිත්මින අයියා බෙඩ් එකත් එජස් කරල දුන්නට පස්සෙ ඇඟ රිදිල්ලත් එක්ක මට ආපහු නින්ද ගියපාර අම්ම ඇවිත් කතාකරද්දියි ඇහැරුනේ.

“සෞ. පුතා.”

“ම්හ්..ම්හ්..”

අම්මගෙ ඇස්වල කඳුලු පිරිලා. මගෙ කොන්ඩෙන් අත යව යව ඔලුව අතගාද්දි කඳුලු බිංදු රූටල පහලට ගියා. අයියලයි යුගයි එලියට ගියා මං හිතන්නෙ.

“ඇයි මැනිකෙ මේ. අම්මව බය කරන්න එපා සෞ.”

“දැං අව්ලක් නෑනෙ අම්මෙ. අඬන්න එපා ඉතිම්.”

“පරිස්සම් වෙන්න සෞ චූට්…”

“එපා ම්ම්… මං පරිස්සම් වෙන්නං හරිද? හැබැයි අඬන්න බෑ. ඉක්කේ කෙල්ලෙ කැතයි අප්පහ් අඬද්දි. ලැජ්ජාවෙ බෑ”

“අනේ මේ. දෙන්නෙ දෙකක්”

“ආ මේ ලෙඩා දුකාට ගහන්න.මේං බලහංකො වැඩක්. “

“ඔව් දෙන්න ඕන පස්ස පැලෙන්න පාරක්. ම්..මේ ළමයි ටික කෝ?”

අම්ම එලියට ගිහින් කට්ටියව ඇදන් ආවා.

“පුතාලාට මහන්සි ඇති නේද? මං තේ ටිකක් ගෙනාවා බොන්නකො. මේ කොල්ලා නිසා කරදරේ ඔයාලටත්”

මං කරදරයක් නෙමේ!!!!

“ඔවා මොනාත මේ කියන්නෙ සුදු නැන්දෙ. හරියට ම හරි මේකා මල් වදේ තමා”

“යුගාන්!”

අයෝන් අයියාටත් විරිත්තනව ඒ පාර. අපේ අම්ම ඉතින් හිනා වෙනවා. 

“අම්මා දැංම ගෙදර යනවද? තව ටිකක් වෙලා ඉන්නවද?”

“නෑ අභී පුතේ මං අද ඉන්නම් මෙහෙ. ඔයාලා යන්න මහන්සිනෙ. “

අභී පුතා. පුහ්. රිලවෙක් ගිය උඩක්.

“ආ මේන් බලහංකො බං නැන්දා කියන කතාව. එහෙම බෑ නැන්දෙ. ඔයා දැන් ගෙදර යමු. අද අභියා මෙතන ඉන්නං කිව්වා”

වට්? රිලවා? 

“එහෙම බෑනෙ දරුවො මං ඉන්නං”

“බැරි නෑ… පුලුවන්. මේ කොල්ලො මෙච්චර ඉද්දි නැන්දා ඇයි ඉන්නෙ. මායි අයෝනයයි යනව දැන් නැන්දව ගෙදරින් ඇරලවන්නං යුගාන් එක්ක. නැන්දා ගිහින් මුට කෑම අරන් හෙට අපිත් එක්කම උදේට එමු.”

“අනේ දරුවො කරද..”

“මොන කරදරද? යං යං”

“මාත් යනවද ඒ කියන්නෙ?”

“යනව තමා. උඹ ටින් බෙලෙක්කෙ වගේ මෙතන à·„à·– තියද්දි අරූට රෙස්ට් කරන්න බෑනෙ. නැන්දා තනියමනේ ඒ නිසා ගිහින් එන්න.”

“තවුසෙලගෙත් මහ කූට ප්ලෑන් මේවා. යං සුදු නැන්දෙ යන්න. එපා මුංව මට. ආ… සෞ උබව විතරයි ඕනෙ.”

අනේ මේකා… අම්ම මට දේශනයක් දීලා ඔලුවත් අත ගාලා අරුන් ටිකත් එක්ක ගියා. දැන් රැය පහන් කරපන්කො මේකාත් එක්ක. හීනෙංවත් හිතපුවද මේ වෙන්නෙ. එව්නාට හීනෙන් හිතන්න බෑනෙ. පුලුවන්ද දන්නෑ. ට්‍රයි කරල බලන්න ඕන.

හවස ඩොක්ටර් ඇවිත් චෙක් කරල අරවා හා මේවා එපා මේවා කන්න, හොඳට කන්න කියල ගියා. අරුත් ඔලුව හොලෝ හොලෝ අහන් හිටියා. ඇට කටුස්සා.

“ම්ම්…”

“දැන් ම කන්න බෑ අප්පා. තව ටිකකින් හොඳේ”

“මොන ටිකද කාලා බේත් ටික බීපන්. උබට ඕන වෙලාවට බේත් බීල හරියන්නෙ නෑ නෙ”

යැයි යැයි යැයි ඤං ඤං ඤං 
අප්පටසිරි දකුන ලෙප්ට් නෙහ්. අරූටත් මීටර් උනේ මං කෑම එක දිහා බලන් ඉන්න ගියාම. 

“වම හුරු නෑ?”

පුක හෝදන අතින් කන්න බෑ ඕයි. ආ නෑ හැන්ද තියන්වනෙ. ඉන්න බලන්න. උත්සාහය අසාර්ථකයි. නැවත වතා… මූ මොකද්ද කරන්න හදන්නෙ ඒ පාර. ශර්ට් අතත් නැමුවා. අඩේ මූ මං හතරගාතෙන් ඉන්න වෙලේ මාව තනි කරවල පරන තරහ පිරිමහන්නද හදන්නෙ. අයියෝ අම්මේ!!! අප්පටසිරි බත් එකෙන් ම කෙල්ල අරී වගේ බත් එක ගත්ත විදිහට. මං උබව අතාරින්නෑ. චපල ඇට රිලා කටුස්සා. ඇහ්?

“කන්න”

මාත් ඉතින් කට ඇරල බත් කට කෑවා. ෆස්ට් ටයිම් නෙමේ නෙ ඉතිං. කොහොමත් කියවන් නොයන එක ඇඟට ගුනයි. මූ මට කෙලල ඇරියොත් දුවන්න කියලද.

“පරිස්සම් වෙයන් සෞරාෂ්. ඔයින් ගියා ඇති”

කද්දි කතා කරන්න හොඳ නෑ. 

“එදත් පඩි පෙලෙන් වැටෙන්න ගියා. අද මේක. අම්ම බය වෙලා දැක්කනෙ?”

“ම්ම්ම්…”

අම්ම කිව්ව ම මතක් උනේ.

“කොහෙද හිටියෙ?”

“අහ්?”

“අද දවල්”

“ස්කූල් එකක ස්පෝර්ට්ස් මීට් ඉන්වයිට් එකකට ගියා. ඒ ගිහින් මඟක ඉද්දි තමා කෝල් එක ආවෙ. අම්මට කියල අම්මව එක්කන් එන්න ගියා ඊටපස්සෙ. ගිහින් එහෙම්මම ආවෙ.”

“මහන්සි නෙහ්? සොරි”

“හිතල නෙමේ තමා කරගත්තෙ හැබැයි පරිස්සම් වෙයන්”

කතාවෙන් කතාව මූ මට ඒ බත් එකම කවල තව අලි පත දොඩම් ගෙඩියකුත් කැව්වා විටමිනුයි අරවයි මේවයි කිය කිය. බේත් බීලා නිදගන්න හැදුවට මට හෙන තදට ඔලුව රිදිල්ලක් ඇල්ලුවා.

“ආහ්…”

“සෞරාෂ්? ඇයි මේ?”

“ඔලු..à·€ රිදෙනව. ම්හ්…”

“මං ඩොක්ටර්ව එක්කන් එන්නං. ඔහොම ඉන්න.”

ඩොක්ටර් ඇවිත් ආපහු මාව චෙක් කලා. ඔලුව වැදුනු පාරට වෙන්නැති ලු.

“දන්නවද වැඩක්?”

“මොකද්ද?”

“ඔලුව වැදුනු නිසාවත් උබේ ඔය මොන්ගල් ගතිය හරියයි ද දන්නෑ නෙහ්? අර ෆිල්ම්වල වෙනව වගේ.à·„à·„à·Š à·„à·„à·Š”

ඔය කිව්වෙ දොන්ත පකය කතාවක්. දීල අදින්න හිතයි මුට… උදව් කරන නිසා ඉවසන්නෙ. තෝ හිනා වෙයන් ඉතින්.

“හරි හරි රවන්න එපා දැන් නිදාගන්න.මං ඔලුව අතගාන්නං එතකොට ඔලුව රිදෙන ගතිය අඩු වෙයි.

ඇයි උබ ප්‍රාතිහාර පාන එකෙද්ද කියල අහන්න හිතුනා විතරයි. ඇයි? ඔව් ඔව් උදව් කරන නිසා තමා ඉවසුවෙ. හැබැයි ඔලුව අතගාද්දි ඇත්තට ම ඔලුව රිදෙන එක අඩු උනා. බේත්වල සැරටමද මංදා නින්දත් ගියා ඉක්මනට ම.

————————————————————

හෙහ්. කෝමද ඉතිම්,

මගෙ ඩෙටෝල් ප්ලාස්ටර් එපා කිව්වා අලෝව්. ඉහික්. 🥲
මෙච්චර දෙයක් කරන්න හිතන් නෙමේ ඇහුවෙ නං එව්නාට මට හිතුනා. ඇයි දන්නෝ ද? ඔව් අප්පහ්. මං අහිංසක වැඩී මේ ලෝකෙට. ඒකයි.

ක්‍රීම් ක්‍රැකර් ම උස්සන් එන්න එපා කොමේ ගේන්න කියන්න කිව්වා සෞ පුචා. මාත් මේ බලල එන ගමන්. හරි දුකයි අප්පහ්. ඩෙස්වලට හිතක් පපුවක් නැද්ද මංදා.😪💔

සෞ දරුවා පාටි ගියේ මේම වෙද්දි අභී පුටා කෝම වෙයිද?

මේම වෙයි ඤෙහ්? 👉👈

කතාවෙ තියන දෙයක් ගැන් සූ…ටි කෙල බින්ඳකින් අරික්කාල් දශම අරික්කාලක් එබුවා. හොයඥ්ඥ පුළුවන්දෑ?

මං ඒනං ගොහින් එඤ්ඤං.
Bye 👋

▪️කතුවරයාගේ අවසරයකින් තොරව කතාවේ ඇති කොටස් උපුටා හෝ අන් ආකාරයකින් (ෆොටෝස් / වීඩියෝස් ) සමාජ මාධ්‍යවල පලකිරීමෙන් වළකින්න.

▪️කරුණාකර කර්තෘ අයිතිය ද සුරකින්න.

Arden_Ak

Tags: read novel Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 09, novel Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 09, read Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 09 online, Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 09 chapter, Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 09 high quality, Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 09 light novel, ,

Comment

Leave a Reply

Chapter 11