Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 10

A+ A-

උදෙන් ම ඩොක්ටර් ඇවිත් චෙක් කරල ගියාටත් පස්සෙ මට ආපහු නින්ද යද්දි මට ඇහැරුනේ නවය කිට්ටු කරල.

“ආ නැගිට්ටද?”

නෑ මේ ඇහැරිලා ඉන්නෙ. පේන්නැද්ද මනුස්සයො ඇහැරිලා ඉන්නෙ කියල ආපහු අහන්නෙ.

” මට බහින්න ඕනෙ. උදව් කරන්න”

“වීල් චෙයාර් එකක් ගේන්නම් ඔහොම ඉන්න.”

හොඳ වෙනකන් විතරක් උනත් ඒකට නම් පොඩ්ඩක් විතර දුකක් ඇවිත් හායි කියල බායි කියල ගියා.
මං වොශ් අප් වෙලා ඇඳට ආවට පස්සෙ අම්මල ආවා. සෙට් එක ම මෙහෙ. ප්‍රයිවට් හොස්පිල් නිසා හොඳයි. නැත්තන් පුකට පයින් ගහල එලවන්නෙ.
කට්ටිය ම කොහොමහරි ආපහු ගියෙ රෑ වෙන්නත් කිට්ටු කරල. අද යුගා මාත් එක්ක ඉන්නව. තව දවස් දෙක තුනක් මෙහෙ ඉන්න වෙන ලයින් එකක් තියෙන්නෙ. කම්මැලී අප්පා!!!
.
.
.
අදට හොස්පිල් එකේ දවස් හතරක්. සිරාවට ම කම්මැළී මට නං දැන්. දවසක් ම මේක උඩට වෙලා ඉන්නව කිව්වම. අද මාගෙ භාරකරු වශයෙන් කටයුතු කරනු ලබන්නේ ගිනිපුග් ආරච්චිලාගේ ඇටලස් රිලවා නොහොත් අභිෂේක් අයියා. නමගිය අපරාධකාර සීන් එකක් එනව එහෙම නම කියද්දි.

“මෙහ් හලෝ අයියේ.”

“ම්ම්…”

“බකමූනෙක් වගේ ම්ම් ම්ම් ගාන්නැතුව කතා කරනවකො හලෝ. කම්මැලී අප්පා.”

අයියා කියව කියව හිටපු පොත පැත්තකින් තියල නැගිටල මගෙ පැත්තට ආවා. පොත කියවන්න දුන්නෑ කියල නෙලයිද දන්නෑ.

“හරි. දැන් මොනාද කියන්න ඕනෙ? මන් කතා කරන්න”

මේ යකා ඇඳේ එක පැත්තකට පුටුවක් අරන් වාඩි වෙලා අත් දෙක එකතු කරල දනිස්සට වැලමිට තියල නිකටෙන් අතට බර වෙලා කතාවක් අහන්න වගේ මගෙ දිහා බලන් ඉන්න ගත්තනෙ.

“ඇහ්? ඔ..හොම බලන් ඉන්න එපා ඕයි. මං කිව්වෙ මොනා හරි කතා කරන්න කියල. මට කම්මැලී.”

“ම්ම්. So… what about ur hobbies?”

ඉස්සර myself ගැන ලිව්ව රචනාව මතක් වෙනව. හික්ස්.

“Nothing special. මං හැමදේම කරනව. එකක් කියල නෑ.”

“ඒ කිව්වෙ?”

“ආ… Novels කියවනව, Stamps එකතු කරනව, pencil sketch අඳිනවා, සිංදු කියනවා බ්ලා බ්ලා බ්ලා.”

“Sketching පුලුවන් ද?”

“යෙප්”

“හ්ම්ම්…”

අර ආපහු බකමූනු ප්‍රමේය. අපි දෙන්නා කතා කරන්න දේවල් නැතිකමට දේවල් හොය හොය කියෝල කියෝල නිදාගත්ත. ඊටපස්සෙ දවසෙ න’ස් කෙනෙක් ඇවිත් කිව්වා ඩිස්චාජ් වෙන්න් පුලුවන් කියල. හිරගෙයින් නිදහස් උනා වගේ ජෙයියනේ… ඒ යන්න කලිනුත් මට උපදෙස් දාහක් විතර දීලා ඇඳෙන් බහින්නත් තහනම් කරල එව්වෙ ඩොක්ටර්. අනේ එව්නාට මගේ පුක නලියනව වගේ එකතැන ඉන්න බෑ අප්පා.
මේ ටිකේම ඉස්කෝලෙ ගියෙ නෑ. දැං බිග් මැච් සීසන් නිසා පාසල පුරා දැඩිව උනුසුම පැතිරෙනවලු. මැච් එක තියෙන්නෙ පෙබරවාරි අග වගේලු. ඒ වෙද්දි වගේ තමා මටත් ඉස්කෝලෙ යන්න වෙන්නෙ. අනේ මේ සරුවාල බැඳන් ඉන්න බෑ. කසනවා!!!
.
.
.
මාසෙකට පස්සෙ මං අද ඉස්කෝලෙ ආවා. උදේ ආපු වෙලේ ඉදන් එදා සිද්ධියේ සිට මේ දක්වා වූ සියලු සිදුවීම් සහිත තැටිය මට ප්ලේ කරල ම එපා වෙලා තියෙන්නෙ. දැං නං මට ගොඩක් දුරට හොඳයි. පෙරේදා නළඑ මැහුම් ගැලෙව්වා. අතත් ශේප් බර වැඩ බෑ. කකුල ඉතිම් එක දිගට හිටන් ඉන්න බෑ. උපරිම පැයක් තමා. ඒකත් අමාරුයි තාම.  හොඳ ම දේ කියන්නෙ අනිද්දට පෙරඩ් එක අපේ. මට මිස් කරගන්න ඕන නෑ. එව්නාට මට මරන තර්ජන ඇවිත් තියෙන්නෙ තෝ ආවොත් අනික් කකුලත් කඩල ආපහු හොස්පිල් එකට අතෑරල දානව කියලා. මේ ලෝකෙ කුරිරුයි අප්පාවේ. මං පව්. අහිම්සකයි.

” අප්පටඋඩු පොඩි ඇටයා මොකෝ තනියම ක්ලාස් එකේ.”

“යුගාන්ලව ඇදන් ගියා අයියෙ මොනා හරි වැඩ වගේකට. මට තහනම් නෙහ් දැන් ඒවා.”

මන් රවාගෙන අනික් පැත්ත බලන් කිව්වා. මුන් ඕනවට වැඩී. නඩුවක් දාන්න ඕන මගෙ මානව හිමිකම් උල්ලංඝනය වෙනව කියල.

“දැං ඔය තරහ ගිහිල්ලද උඹට?”

“………”

ඒ පාර කොහෙද මේකා යන්නෙ. එකෙක් ඕන්නෑ මට. මන් එන්නෙ ම නෑ අනිද්දට. රෙද්ද.

“බලහංකො පුංචි හාමුට ඩෝං ගිහින්”

කාටද කිත්මින අයියා කියන්නෙ. හැරෙන්න බෑ එව්නාට. අලි ඔලුව තියන ඉන්න ඕන.

“සෞරාෂ්”

“………”

“මං කිව්වෙ මුට ආවේස වෙලා කියලා”

“සෞරාෂ්, මල්ලි…”

“උඹ මේ කියන අහල ආපහු තරහ වෙයන්, රිලවෙක් වගේ පුම්බන් ඉන්නෙ”

අයියෝ මේකා කනවනෙ වැඩේ. වෙන සතෙක් හිටියෙ නැද්ද. හිනා ගියානෙ.

“ආ උඹට හිනා ගියා. වැඩක් නෑ දැන් හැරියන්”

එහෙම කියලා පරාජය බාරගන්න බෑනෙ. මං රවන්මයි හැරුනෙ.

“……….”

“දැන් ඔය යකා නැගල ඉන්නෙ පෙරඩ් යන්න දෙන්නැති නිසාද?”

“මට ඕන පෙරඩ් එකක් නෑ. තමුසෙලා යනවා. හැමෝට ම ඕනෙ මාව දාලා ආතල් එකේ යන්නනෙ. යකෝ යාළුවෙ උනාම අනිකව හලල යන සිරිතක් තියනවද? මොන දහංගැටයක් දාලා හරි එක්කන් යනව මිසක්. ආ හරිනෙ උබල මගෙ යාලුවො නෙමේ වෙන්නැති. ඒකනෙ මාව හලන්න හදන්නෙ.”
යුගයි අයාසයයි ශෙයලුයිත් ආවා. හිටපිය මුන් ඔක්කොම එකයි.

“මොකෝ අයියෙ කියන්නෙ?”

“මේ උබේ ගොං කනුවට කියහංකො උගෙ කකුල නිසයි ඌව දාලා යන්නෙ කියල. තොපිලටත් අනේ මංදා.”

“යකෝ මේකා නිසා අපිටත් නෝක්කඩු. සෞව්වො අහපන්කො බන් කියන එක උඹේ හොඳටනෙ”

මං යුගාටත් ඔරවල අනික් උන්ටත් ඒ හැන්දෙන්ම බෙදුවා. අහපං ඤං ඤං තමා.

“අනේ මගෙ සෞ ඇටයො උඹටමයි බං අමාරු යන්න ගියාම. හිටන් ඉන්නවත් නෙමේ පයින් යන්න එපැයි.”

“එන්නෑ!එන්නෑ!මං ඉන්නම්. හරිනෙ? තොපිල පලයං. මට ඕන නෑ එන්න. මගුල.”

අනේ මංදා මුං මගෙ හොඳට තමා කියන්නෙ. එව්නාට මට යන්න ඕන. ආහ්…

“à·„à·„à·Š… සෞරාෂ් මේ අහපංකො”

රිලා භාෂාව මං දන්නෑ.

“කෝ මේ බලනව ඉතින්. දැං යන්නම ඕනෙද?”

ඕන නිසා තමා මගුල කියන්නෙ. ආපහු අහන්න ඕන නෑ නෙ.

“හරි එහෙනං. උවින් අපි මුල හරිය විතරනෙ පයින් යන්න ඕනෙ. පස්සෙ මං එහෙ මෙහෙ උනාට ප්‍රශ්නයක් නෑ නෙ. මං සෞරාෂ්ව එක්කන් යන්නං වාහනේ”

“මැඩම් ඕකට හා කියයිද උබට?”

“Try කරන්නම්. ඉස්කෝලෙ දෙයක් නිසානෙ උනේ කියලවත් permission ගන්න බලන්නං.”

“අම්මපා පොඩි ඇටයො තෝ නිසා අපේ බැජ් ගහල යනව මං දන්නව.”

මං මුරණ්ඩු නෑ මෙහෙම. එව්නාට අද එහෙමයි. මටවත් හිතාගන්න බෑ හැබැයි ඇයි මේ කියල. මං මුලින් බොරුවට වගේ කිත්මින අයියට කිව්වෙ…පස්සෙ සීරියස් උනා.

“දැං ඕකේ නෙහ්? සෞරාෂ්?”

“………”

“අහ් එපාද එහෙනං පමිශන්?”

“මට යන්න ඕනෙ අප්පා”

“හරි බං. අපෝ තෝ නං පොඩි ඇටය ම තමා. පුංචි උනත් හරි ම සැරයි ගම්මිරිස් ඇටේ…”

“අනේ මේ කිත්මින අයියේ.”

“චක බක නොගා හිටහන්. දැන් මැඩෝනා හම්බෙන්න යන්නත් එපැයි. අම්මපා තොපිල නිසා අපි විදින දුක්. කවද කාපු කටුද යකෝ මේ?”

කාපන් කාපන්. අපි තොපිලට උදව් කරන ඒවට අපිටත් තියෙන්නෙ එපැයි මොනාහරි.
.
.
.
“සෞ… පරිස්සමෙන් ඉන්න ඕන හරිද? කකුල පාරගන්න එපා. මං මේ අභිෂේක් පුතා කිව්ව නිසා යවන්නෙ.”

“මේ බලාපංකො ඉතින් වැඩක්. මාව ශුවර් නෑ නෙහ්? හාකො හාකො. සුදු නෝනා බය නොවී ඉන්ඩකෝ මං පරී..ස්සමට ගිහින් එන්නං”

මැඩම් අයියලට ප’මිෂන් දීලා තිබ්බා. ඉතින් මං අද යනවා… මං පෙරඩ් ටී එකට ලයිට් බ්ලූ රිප්ඩ් ඩෙනිම් එකක් ඇදල ටී එකට යන්නම කළු හයි ශූ එකක් දැම්මා. කෝ අප්පා මේ මිනිස්සු නෑ නෙ. මං දැන් කීයෙ ඉදන් ද මේ ඉස්සරහට වෙලා බැබලි බැබලි ඉන්නෙ. ටිකකින් i8 එකක් ඇවිත් අපේ ගේට් එක ඉස්සරහින් නැවැත්තුවා. වෙයිට් වට්? යකෝ මුං මේවා තියන්ද පයින් යන්න හැදුවේ? හොඳ වෙලාවට මං යන්න ඕන කියල කෑගැහුවෙ. අභිෂේක් අයියා වාහනේම ඉදන් එන්න කිව්ව නිසා මං අම්මට වැදල චුක්කියකුත් දීලා ආවා.

“ඔච්චර එක්සයිටඩ් ද සෞරාෂ්?”

“ආ? ආ නෑ මේ…”

“මොකද්ද මේ?”

“හේතු දෙකයි. එකක් මං අද පෙරඩ් යනව. මං හිතුවෙ නෑ මට යන්න හම්බෙයි කියල. අනික මං අද මගෙ ෆේවරිට් ම කා එකේ යනව”

“ඔහ්. i8 එකද ෆේවරිට් ම?”

“හ්ම්…”

අභිෂේක් අයියා ලාවට හිනාවෙනව මට පැත්තට පේනවා. කෙල්ලෙක්වත් දැක්කද දන්නෑ.

“සෞරාෂ් හොඳට අහගන්න කියන එක. පෙරඩ් එකට ගියාට කා එකෙන් එක තප්පරේකටවත් බැහැල යන්න බෑ. ඕකේ? අනික දඟලන්න බෑ. දුවන්න කරන්න බෑ. එහෙම උනොත් ආපහු මං උබව ගෙනත් දානවා.”

“අයියෝ හරි අලෙව්. මං හරි හොඳ සංවර ළමෙක්”

“කියල වැඩක් නෑ”

බෑනෙ කරන්න. අපේ අම්ම මගෙ භාරකාරිත්වය අද රිලවෙක්ට පවරලනෙ. මං හිතුවෙ නෑ අනාගතේ මිනිස්සුන්ව රිලව් වඳුරො පාලනය කරයි කිව්වට ඒක ඇත්ත වෙයි කියලා. ආඩවනේ!!!

“උබ මොකක් හරි කරල තුවාලෙ පාරගත්තොත් බලාගන්නං”

“කොහොමද බලාගන්නෙ?”

ආ දැන් රවන්න ඕනෙද? අපිට චූටි කාලෙ ඉදන් කියල දීල තියෙන්නෙ ප්‍රශ්න තියනව නම් ඒවා එවෙලෙම අහන්න කියල. 

“කියන්නකො”

“උබේ අඬු හතර ම කඩලා ගිහින් දානව හොස්පිල් එකට. උදව්වට එන්නෙත් නෑ. හිටපන් තනියම.”

“කාම් ඩව්න් දරුවා! ශාන්ති ශාන්ති.”

අපි ඉස්කෝලෙ හරියට යද්දි ට්‍රැෆික් එක නහුතෙට ම. විනාඩි හතලිහෙන් කිලෝමීටර් විස්සක් ඇවිත් මීටර් ගානක් යන්න පැය කාලක් ගියාම. ම්…
වාහනෙන් බැස්ස ගාන්ම මේ මිනිහ මගෙ අතින් ඇදන් ගිහින් පුටුවකින් වාඩි කරවල කිව්ව නැතැයි ඌ එනකන් එතනින් හෙල්ලෙන්නැතුව හිටපන් නැත්තන් කනේපාරක් දෙනව කියල. මට අර නිකන් එක වසරෙ පොඩි එකෙක්ව කොහෙන් හරි ඉන්දල හප් කියල බය කරනව වගේ ෆීලින්ග් එකක් ආවෙ.  අම්මේ!!! ඇයි ඔයා ඔයාගේ චූටි පුතාව මේ දාම ඝාතකයටම භාරදුන්නෙ. මං ඉතින් තෝ ඕන වෙලාවක වරෙන් කියල හොඳ ළමයා වගේ වාඩි වෙලා හිටියා. ටිකකින් එනව නැතෑ මේකා නාලාගිරි වගේ දාඩිය පෙරන් දුවගෙන. ආ නාලාගිරිට දාඩිය දැම්මද දන්නෑ එහෙනං… අංගුලිමාල ශේප්.

“යං එන්න”

“පරක්කු උනේ?”

“ටිකක් දුරට යනකන් ප්‍රිෆෙක්ට් බෝඩ් එකත් එක්ක යන්න උනා. ගිහින් ආවෙ ආපහු මේ”

පව් කියලත් හිතුනා හැබැයි.
අපි දෙන්නා වාහනේට නැගල ශෝට් කට් එකකින් ගිහින් ප්‍රිෆෙක්ට් එක පිටිපස්සටම සෙට් උනා ආපහු.

“බෝඩ් එකත් එක්කද යන්නෙ”

“ඔව්. මැඩම් කිව්වා බෝඩ් එකේ එකක් විදිහට ම යන්න කියල.”

උඩ රූෆ් එක අයින් කරපු නිසා මන් ස්කූල් ෆ්ලෑග් එකත් අරන් ජොලියෙ ගියා. මග හරියකදි යුගා වීඩියෝ කෝල් එකක් ගත්තා. උන් ඉන්නෙ ඩීජේ එක ගාව. කියන ඒවා ඇහෙන්නෙ නෑ. ඌ පෙරඩ් එකේ හතරවටේ ගිහින් මට පෙන්නුවා. S1000RR, Ducati වලින් එහෙම පිරිලා. මන් ඉතින් ෆෝන් එකෙන් බලල හිත සනසගත්තා. කොහොම ඇහුවත් මේ යකා මට ඔතනට යන්න නං දෙන්නෑ කියල සීයට දාහක් ශුවර්. බොරුවට අහල වැඩක් නෑ නෙ. මගෙ හොඳටනෙ කියන්නෙ.

“බලන්න යන්න ඕන වගේද?”

“අහ්?”

“ඕනෙද?”

“බෑනෙ ඉතිං කමක් නෑ. මෙහෙම හරි ආවානෙ”

මං හිනාවක් දාලා කිව්වා.

“අපි මුලින් ම යනවනෙ ග්‍රවුන්ඩ් එකට. ඊටපස්සෙ එක්කන් යන්නං බලන්න.”

“සිරාවටමද කියන්නෙ අයියෙ? ඇහ්? කියන්නකො.”

“ඔව් ඔව් බං යමන්”

අපි ග්‍රවුන්ඩ් එකට ගියාට පස්සෙ අභිෂේක් අයියා ආපහු මාවත් එක්කන් පෙරඩ් එක බලන්න ගියා. පස්සෙ ග්‍රවුන්ඩ් එකට ආවට පස්සෙ DJ එක තිබ්බා. අපේ ඉස්කෝලෙ මං ආසම දෙයක් තමා මේක. ඕන මංගල්‍යයක් අවසානයේ DJ එකක් තියනවා. ඒක ඉතිං කොහොමත් පට්ට. DJ එකට ඇටි හැලෙන්න මං නැටුවා කියන්න තිබ්බ මට අධිගෘහිතව හිටපු රිලවා මට නටන්න දුන්නා නං. කොහෙද ඉතිං දුන්නෑ නෙහ්. හැබැයි අපේ උන් හැමෝම එකට හිටියා. අපි කට්ටිය පිටිපස්සට වෙන්න හිටියෙ. මං පුටුවක ඉදන් උඩ පැන පැන බෙරිහන් දෙනවා. අනික් උන් ටික නට නට බෙරිහන් දෙනවා. මොනා උනත් මට සතුටුයි මේ වගේ යාලුවො සෙට් එකක් හම්බුන එක ගැන. උන් වචනෙන් නොකිව්වට එක එකා ගැන කෙයා කරනව. අයියල අපිට ළඟකදි ඉදන් සෙට් උනත් උන් අපිත් එක්ක මාරම විදිහට ෆිට් උනා. ඉවෙන්ට් එක ඉවර උනාට පස්සෙ වගකීම් සහගත රිලාමොටෙක් විදිහට අභිෂේක් අයියා මාව ගෙදරට ගෙනත් ඇරලුවා. හෙට අනිද්දට අපේ උන් trucking යන සීන් එකකුත් ආරංචි උනා. කොහෙද වැඩිහිටි ඈයොන්ගෙන් ඇහුවට කිව්වෙ නෑ නෙ. එව්නාට කියන්න තිබ්බනෙ. අපි යනව කියලා යෑ. බිග් මැච් කාලෙට ඉතින් කොළඹ හෙල්ලෙනව වගේ තමා. වගේ නෙමේ එහෙම තමා ඉතිං. රට ඉදං ඕල්ඩ් බෝයිස්ලා පවා එනව බිග් මැච් එක නිසා ම. ආයිත් මොනාද ඉතිං.

————————————————————

හුරේ අත්පුලසන් නාදයක් දෙන්න සුට්ටනේ. 👏 👏 ගොඩක් වෙලාවට මං ඩබල් අප්ඩේට් දෙන්න ට්‍රයි කලාට මොකක් හරි වෙලා භාගයක් ටයිප් කරන්න වෙන්නෙ පස්සෙ දවසෙ. අද මං සාර්ථකයි. බුහ් හහ් හා. (අකුණු ගහද්දි අත් දෙක උස්සන් ඉන්න පූසගෙ ස්ටිකරේ)

බුවාගෙ වන්ඩිය. 🖤💙
i8 දැක්කාම හිත සලිත වෙනව හප්පහ් 😪

මං ඔවාලට එව්ව චුක්කි ටික ලියුම් මාමාගෙන් ඉල්ල ගත්තදෝ. 👀
ආතරෙයි අනෙව් මගෙ චුක්කා චුක්කියො ටිකට. 😘♥️✨️

ඒනං ඉතිම් මං ගියා…
Bye 👋

▪️කතුවරයාගේ අවසරයකින් තොරව කතාවේ ඇති කොටස් උපුටා හෝ අන් ආකාරයකින් (ෆොටෝස් / වීඩියෝස් ) සමාජ මාධ්‍යවල පලකිරීමෙන් වළකින්න.

▪️කරුණාකර කර්තෘ අයිතිය ද සුරකින්න.

Arden_Ak

Tags: read novel Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 10, novel Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 10, read Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 10 online, Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 10 chapter, Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 10 high quality, Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 10 light novel, ,

Comment

Leave a Reply

Chapter 12