Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 11

A+ A-

“පාවෙන වලා අතර
ඔබ සැඟවී ඔබ හිනැහී
සෙනහස කීමැයි කියාලා
ඔබ දවසක් තරුවක් ලීවා
මම වරුවක් ඒ ගැන ඇසුවා
ඔබ සිනා සුනා පමණයි
ඔබ සිනා සුනා පමණයි

රමණීයයි මේ මධුර ජවනිකා
වනපෙත එකළු කරයි කුරුළු ගීතිකා
රමණීයයි මේ මධුර ජවනිකා
වනපෙත එකළු කරයි කුරුළු ගීතිකා
ඇල දොළ ගලා බසීවි
වනමල් රේණු නෙලාලා

පාවෙන වලා අතර
ඔබ සැඟවී ඔබ හිනැහී
සෙනහස කීමැයි කියාලා
ඔබ දවසක් තරුවක් ලීවා
මම වරුවක් ඒ ගැන ඇසුවා
ඔබ සිනා සුනා පමණයි
ඔබ සිනා සුනා පමණයි…”

මිස්ලට ඉන්ටර්වල් එකෙන් පස්සෙ රැස්වීමක් ගත්තා. සාමාන්‍යයෙන් ටීචස් මීටින්ග්ස් ආෆ්ටර්ස්කූල් ගන්නෙ. මෙහෙම අහු නොවෙන ම තරම්. ඒ නිසා මෙහෙම අවස්ථාවක් ලැබුනා ම උපරිම ප්‍රොයෝජන ගන්න එපැයි. ඉතිං අපේ ක්ලාස් එක එකතු වෙලා සිංදුවක් කියන්න ගත්තා. ක්ලාස් එක කිව්වට අද ළමයි විස්සක් වගේ ඇවිත් හිටියෙ. මොකක් හරි හේතුවක් නිසා හරියට ම දන්නෑ. ක්ලාස් එකක්ද දන්නෑ. අපි ගැම්මට සිංදුව කියන්න ගත්තා මුල විතරනෙ දන්නෙ. හික්ස්.

“ඕයි ඕයි”

සිංදුව මැද හරියකදි එහා ක්ලාස් එකෙක් කඩාගෙන බිඳගෙන අපේ එකට ආවා. මූ හොල්මනක්වත් දැකලද මංදා.

“අපේ උන් අද trucking ගිහිල්ලලු බං”

“යකෝ දන්නෙවත් නෑ නෙ”

“අඩෝ කොහෙ කොහෙද ගිහින් තියෙන්නෙ”

“විශාකා, SPM , ලේඩිසුයි ද කොහෙද.”

“යකෝ…”

“ඒක නෙමේ බං සීන් එක. මතකනෙ ගිය පාරත් ඔය Trucking සීන් එක හෙනට අල්ලන් නැටුවා. මේ පාර මොනා වෙයිද දන්නෑ”

“මොනා වෙන්නද බං පිට උන් මේක ලොකු කරගෙන අල්ලන් නැටුවට මේක අද ඊයෙ පටන් ගත්ත දෙයක් නෙමේනෙ. උන්ට නටාගන්න කියහන් නැද්ද බං”

ඇත්ත තමා ඉතින් බිග් මැච් කාලෙට trucking කියන එක කොළඹ ඉස්කෝලවල ඉස්සර ම ඉදන් තියෙන සංස්කෘතියක්. ඉස්සර කියන්නෙ හෙනම කල් ඉදන්. ගොඩක් වෙලාවට truckingවලට ඒ ගර්ල්ස්වල මැඩම්ලගෙන් පමිශන් ගන්නවා. නැතුව කරන ඒවත් ඇති සමහරවිට. ඒ කොහොම කලත් අපි ඒ ස්කූල් එකට ගිහින් එහෙ දේපල හානි කරන්නවත් කෙල්ලොන්ට මොකුත් කරන්නවත් යන්නෑ. ඉස්කෝලෙ ඇතුලට ගිහින් චියර් කර කර ඇතුලෙ වටයක් ගිහින් ග්‍රවුන්ඩ් එකට ගිහින් චියර් කරල ආපහු එනවා. ඒ වෙලාවට ගර්ල්ස් එකේ කෙල්ලොත් අපි ක්ලැප් කරල හෙල්ප් කරන්ව. අපේ ට්‍රාන්සර් වෙච්ච සර්ලා මිස්ලා දැක්කොත් එහෙම වෙලාවකට අර දුවන් යන වෙලේ වැඳ වැඳත් යනවා. එයාලටත් හිනා ඉතිං. එහෙම බැලුවාම trucking එක ගැන යන අපිටත් නෙමේ, ප්‍රින්සිපල්ලා ස්ටාෆ් එකටත් නමේ, ගර්ල්ස් එකේ ඉන්න කෙල්ලොන්ටත් නෙමේ අවුල තියෙන්නෙ මේ කොහෙවත් ඉන්න උන්ට. මං කියන්නෙ මේක මොකද්ද කියල හරියට නොදැනනෙ ඔය ගොඩක් උන් කියවන්නෙ. අඩුම trucking යනව කියන්නෙ මොකද්ද කියලවත් දන්නවද දන්නෑ.

“සිරා කතාව බං. උන් නොදන්න රෙද්දවල්නෙ කියවන්නෙ.”

මං කිව්වෙ.

“මං දැක්කා ගිය අවුරුද්දෙ වීඩියෝවලට කමෙන්ට් දාලා තියනව කොල්ලො කෙල්ලො වෙන් කලාම අසහනේ, අපෝ කොලඹ ඉස්කෝලවල උන්ගෙ වැදගත්කම මේකද, මේ මොක්කුද, කෙල්ලොන්ට වැඩ දාන්න යන්නෙ ඔය වෙලේ බිග්මැච් එක තියන එකට පැන්නනං මොකද කිය කියා”

“අම්මෝ උට්ටො බිග් මැච් එක තියන එකට පයින්න අපිට කසනවද අහපන්. දන්නැති රෙද්දවල් නෙහ් කියවන්නෙ”

හෙනාතල් අප්පා. පිට උන් ටිපර් වෙනවා කොලඹ trucking ඉන්න බෝයිස් ගර්ල්ස් ස්කූල් ටික ආතල් එකේ ඉන්නව. මෙව්වනෙ සිද්ධි. හික්ස්.
මීටින් එකෙන් පස්සෙ ආපහු ලාස්ට් ටූ පීරියඩ්ස් ඉගැන්නුවා.
මිස් රිසෝස් එක කියවනව. අපි බලන් ඉන්නව. මිස් කියවනවා අපි බලන් ඉන්නව. යස ඉගැන්නිල්ල. නිදිමතයි අප්පා. බයෝ නං ක්ලාස් එක නිසාමයි ගොඩ යන්නෙ. අප්පටසිරි අද බයෝ ක්ලාස් නේන්නං. මෙමරිය අව්ල් වගේ.
මායි යුගයි ශෙයලුයි කාලා කරල ක්ලාස් එකට ගියා. සර් ඉතිං උගන්නල තව වැඩිපුර පැයකුත් ඉගැන්නුව. මං කියන්නෙ ඕක 6.30 නැතුව කෙලින් ම 7.30 ම දැම්ම නං ඉවරනෙ. බොරු මරිසි අප්පා. ප්‍රෝඩාව ප්‍රෝඩාව.
.
.
.
ඉස්කෝලෙ උදේ ඉදං හවස් වෙනකන් උගන්නනවා. හවස ක්ලාස් යනවා ගෙදර එනවා. පාඩම් කරනවා. කනවා. බොනවා. නිදියනවා. ඕක තමා මේ ටිකේ වැඩේ වෙන මොනා කියලා කොරන්ටද ඉතිං. එකාතකට මේ ආත්මෙ ඉගෙන ගන්න ඒවා ඊලඟ ආත්මෙ ඉපදෙද්දි මතක තියනව නං ලේසි අප්පා. කොහෙද දෙයියො සිස්ටම් අප්ඩේට් පාරක්වත් ගහන්නෙ නෑනෙ. කෝ අප්පා පරිණාමය? දෙයියොන්ට ඒක වැලිඩ් නැද්ද දන්නෑ.

.
.
.

📱පුං…

ඉස්සුවා.ශික් වස ලැජ්ජාව බස් එකේ ඕක මහ හයියෙන් ඇහුනාම. මේ මගුලෙ රිගින් ටෝන් එක අයින් කරන්න ඕන. යුගාට මොංගල් නෙ. මන් අයින් කරනව. මූ දානව.

“ඇටයො කොහෙද යකෝ ඉන්නෙ?”

“ආ මේ එන ගමන් අයියෙ ඉන්නෙ?”

“එනගමන් කිව්වෙ. තෝ තාම නිදිද?”

“යකෝ අයියෙ එනගමන් කිව්වාම නිදිද අහන්නෙ?”

“උඹලව ශුවර් නෑ. හරි හරි වරෙන්කො ඉක්මනට”

යුගාත් නුගේගොඩෙන් නැග්ගා බස් එකට. හෙන මිශන් එකක් ගැහුවා මං යන බස් එක හොයාගන්න. නවත්තන්නැතුව ගියොත් එහෙම.

“මොනා වෙයිද දන්නෑ නේ බං අද. ගිය පාරත් ඩ්‍රෝ නෙහ්?”

“අනේ මංදා බං. ඌමනාවෙන් ම ඩ්‍රෝ කරවනවද මංදා. වලි යන නිසා”

“ඔව් බං. බලහන් ගිය තුනේ ම ඩ්‍රෝ.”

අද බිග්මැච් එක. කවුරු දිනයිද මංදා. මේ ඩ්‍රෝ වෙන එක එක්කනෙ බැරි.
අපි බස් එකෙන් බැහැලා ග්‍රවුන්ඩ් එකට යද්දිත් හෙනට සෙනඟ පිරිලා.

“හෙලෝ, ඕ අයියේ කොහෙද ඉන්නෙ. හොයන්න බෑ නෙ. එනවකො. සෙනඟ පිරිලා බං.”

ටීක් ටීක්

“අයෝන් අයියා එන්නම් ලු. මෙහෙ අයිනකට වෙලා ඉමු.”

“ඇයි දැන් අයෝන් අයියාට ම කිව්වෙ?”

“ඇහ් ඉතිං උන් කිව්වනෙ කියන්න කියල ඇවිත්”

“ඉතිං වෙන එකෙක්ට ගන්න තිබ්බනෙ. තෝ මාව අන්දන්න හදන්න එපා. උඹ හැරෙද්දි මට තේරෙනව හොඳේ”

“හරි හරි බං. එහෙම මොකුත් නෑ තාම.”

තාම? මං අයිබ්‍රෝ එක උඩ දාලා වගේ යුගා දිහා බලන් හිටියා. පුහ් අපි කොන්ඩෙ බැඳපු චීන්නුනෙ. ඇත්තට ම ඇයි එහෙම කියන්නෙ?

“සිරාවට යකෝ කියන්නෙ. මෙහෙමයි ඉතිං පොඩි මෙව්වා එකක් නං තියනවා”

“මොකද්ද මොකද්ද මෙව්වා එක?”

“නෑ මේ ඔරේන්ජ් කස් එකක් හෙහෙ”

“තෝ දැන් නෙහ් මට කියන්නෙ? මාව හැලුව නෙහ්? ඔව් ඉතින් දැන් ක්‍රශ් එක ලොකුයි නෙහ්”

“ඔය ඉතිං තෝ එක්ක බෑනෙ. මටත් හිතාගන්න බැරුව බං හිටියෙ. ඇට්‍රෑක්ශන් එකද්ද ලව් එකද්ද කියල. හැබයි බලන් යද්දි ඇට්‍රෑක්ශන් එකක් නෙමේ කියල හිතෙනව.”

“ම්…”

“මොනා කොහොම උනත් අපි දෙන්නගෙ ගිවිසුම කඩන්නෑ පුචේ. පොරොන්දුවක් ඒක මගේ වෙනස් නොවන කිසිදාක…”

“හා හා නවත්තගනිං. අන්න උඹේ වෙන්ඩ එකා එනවා”

“කට. හප්! ඇහුනොත් මුං ටික මඩවයි මාව.”

මං කිව්වෙ මොකාක් හරි දෙයක් තියනව කියල.
අයෝන් අයියා අපිව හට් එකක් ගාවට එක්කන් ගියා. මේ ඉන්නෙ සෙට් එකම.

“උවින්ව බලලා එමු. යමන්. දෙන්නා එනකන් හිටියෙ”

අද කිත්මින අයියා ප්ලේ කරනවා. ඌ ටීම් එකේ වයිස් කැපා. කැප්ටන් ට ඉන්නෙ මෝක්ෂ කියල අයියා කෙනෙක්. පොරත් පට්ට වැඩ්ඩා.

“ආ මොකෝ උඹලා මෙහෙ. පල පල”

“හැපෝ. විශ් කරන්න ආවම කියන්න කතා බලහංකො”

“බටු ඇටවල සද්දෙ බලකංකො ඉතිං”

“අනේ මේ උවින් අයියෙ”

ශෙයලට හරීයට ඩෝං යනවනෙ උගෙ උස මෙන්ශන් වෙද්දි.
අපි කට්ටිය කිත්මින අයියට විශ් කරල ආපහු අපි ඉන්න තැනට ආවා. මුලින්ම ප්ලේ කලේ අපේ ඉස්කෝලෙ. අද දිනයිදත් මංදා හැබැයි. කියන්නත් බෑ.

🥁🎺🎺

අසවල් පාසලත් ලේසි නෑ. උනුත් ස්කෝර් කරනව. හැබැයි අපේ උන් විකට් ගන්නව.

🎙”විකට් එක වෙතම පන්දු යොමු වෙනවා. විශිෂ්ඨ පන්දු යැවීමක්”

තව එක විකට් එකක් ගියොත් අපි දිනුමක්. හයක් ගැහුවොත් උන් දිනුම්. අයියෝ!!!

🎙️”Kithmina Uwin a very good all rounder let’s see… YEAH! he finish it off with a wicket”

“හුරේ!!!දින්නා!!!”

ඒ ටිකට අපේ උන් ග්‍රවුන්ඩ් එකට බැහැල ජය සමරනවා. අර නටන අක්කලත් නිල් පාට මොනාද ඒවා හොලවනවා. අපිත් ගිහින් කිත්මින අයියව පෙරලන් විකාර කලා.

“අයින් වෙයන් බල්ලො. මරන්නද හදන්නෙ මාව.”

“අඩෝ ආදරෙයි බං මං උඹට. මං GC ඉද්දි කප් එක ගෙනාවට තෑන්ක්ස් බං”

අකිත අයියයි සසිත අයියයි කිත්මින අයියව බිමත් පෙරලගෙන. උන් දෙන්නා මේ ටිකේ මැරිලා වගේ හිටියෙ වැඩවලට ම දුව දුව.
අද බිග්මැච් එක තිබ්බ නිසා හෙට අපිට ඉස්කෝලෙ නිවාඩු දීලා තියෙන්නෙ. කිත්මින අයියා සතුට සැමරීම නිමිත්තෙන් අද එහෙදි අපිට ට්‍රීට් එකක් දෙනව. මං අම්මට කෝල් කරල එහෙ ගියා. අද එහෙ තමා.
කිත්මින අයියලගෙ තාත්තට මහා පරිමාණ ඇඳුම් කඩ තියනව. කිරිබත්ගොඩ, නිට්ටඹුව, ජා ඇල, මහනුවර කිය කිය හෙන ලොට් එකක් තියනවා. ඒ ආන්ටියි අංකලුයි හරි හොඳයි. හොඳයි කියන්නෙ අපිත් එක්ක හෙනට ෆිට් එකේ ජෝක් කර කර කතා කර කර හිටියා. ළමයි ලොකු වෙද්දි එහෙම යාලුවො වගේ තමා ඉන්නත් ඕන. එතකොට අපිට ප්‍රශ්නයක් ආවත් කියන්න පුලුවන් බය නැතුව. එහෙම නැතුව අම්මා තාත්තා කියන රෝල් එකම රන් කලොත් ටීනේජ්ල එහෙම ක්ලෝස් වෙන්නෙ නෑ.

“අම්මට. කවුද යකෝ පාර මැද්දි වයර් ඇදපු එකා”

කිත්මින අයියා ඌම ඇදලා ගිය වයර් එකේ පැටලිලා පත බෑඋනා. වයර් එක ගැලඋනා. කම්පියුටරේ ඕෆ් උනා. ෆිල්ම් එක හබක් උනා.

“මං වැටුනා නෙමේ. මං මේ ඔයාට මලක් දෙන්නයි ආවෙ මැනිකෙ”

ඒ පාර කිත්මින අයියා ලඟ වාස් එකෙන් මලක් ගලවල අරන් ඒක එවින් අයියට දික් කරනව.

“අයියාහ්”

හරි. එවින් අයියත් බැස්සා වැඩේට. ඒ අස්සෙ අභිෂේක් අයියා හොරෙන් වීඩියෝ කරන්න ගත්තා. පොර හිටියෙ මට පිටිපස්සෙ. මං පොඩ්ඩක් එහෙ මෙහෙවෙලා කිත්මින අයියට ෆෝන් එක නොපෙනෙන්න හිටියා. අපි හොඳ යාලුවො නෙහ්.

“මගෙ හිතේ ඔයා ගැන තියන ආදරේ මං විතරයි දන්නෙ මැනිකෙ. තවත් මට ඉවසන් ඉන්න බෑ මගෙ කකුල් රිදෙනවා සුදු අම්මා. ගන්න මේ මල. දෙන්න මට අත.”

“පුඤ්ඤෙහ්. තමුසෙ තමුසෙ මොකද මේ වෙන ගෑනියෙක් ලඟ නැමිල ඉන්නෙ කියනව. ආ? කියනව බලන්න”

“මට සමාවෙයන් නංගියා. මට ඔයාට තවත් දුක් දෙන්න බෑ පනේ. අපේ අම්මල මට මෙයාව මැරි කරන්න බල කරනව. මං ඔයාට නොකිව්වට මගෙ පුකේ හිලක් තියනවා. ඒ නිසා මට ඔයාව දාලායන්න උනොත් මං වාවගන්නෙ කොහොමද දෙයියෝ.”

අම්මෝ!!! වහ ටිකක් දීපන් පීව්ස්.

“හිල මං කියන්නෑ තොට හිල. මෙහෙ වර වල් පරයා. මං අද තෝව මකවනවා!!!”

අකිත සුදු දෝනියා සැරයි වgay. සෙරෙප්පුවෙනුත් ගහනව. මෙන්න පවුල් නම් පවුල්.

“අයියාහ්… මාව දාලා යන්න එපා අයියාහ්…”

“නංගියා… මං ආපහු එනව නංගියා… එතකන් මං ඔයාව මගෙ කර්නිකාවෙ තියන ඉන්නං”

“අයියාහ්…”

“නංගියාහ්…”

අර ඉස්සර් ෆිල්ම්වල වගේ.අත් දෙක ඇතෑරිලා දෙපැත්තට යනවා.අම්මෝ සුදුතාත්තියා.

“අම්මෝ උවින්. උඹේ වෙඩිම දවසට මේක දාන්නම් හොඳේ”

“තෝ පරයා. ඩිලීට් කරපන් පකෝ.”

“ඩිලීට් කරන්න නෙමේ ගත්තෙ අයියාහ්…”

“අභිෂේක් අයියෙ ඔයා!!! මොකද්ද මේ වෙනස”
“මට හිතාගන්න බෑ අදහගන්න බෑ සිතන්නවත් ඉඩ නෑ”

“මෙහෙ දීපිය ඔය ෆෝන් එක වෘක්ෂ සුනඛයා”

තිස්ස දුවනවා මුවා පන්නනවා. ඌප්ස්, සොරි අනිප්පැත්ත.

“අයෝන් අල්ලගනිං මේක”

“ඔව් සාර්තක ලෙස උඩපන්දුව රැකගන්නවා”

ඒ අස්සෙ අයාසයයි සසිත අයියයි ක්‍රිකට් විස්තර විචාරයේ යෙදෙනවා.

“අයෝන් මෙහට දීපන් කැරි වැඩ නොකර”

“ගනිං බලන්න”

“සෞරාෂ් මල්ලි අරන් දුවපන්”

හරිනෙ අමාරුව. වල් ඌරෙක් පස්සෙන් පන්නද්දි මං දුවන්නෙ කොහොමද?
මං දුවල වංගුවක් ගන්න යද්දි අභිෂේක් අයියවත් පෙරලන් වැටුනා.

“යුග්ගෝ!!!”

ඌ මොනා හරි කරල සංවර ළමයා වගේ ගිහින් ෆෝන් එක කිත්මින අයියට දුන්නා. ඌ ඒක ඩිලීට් කලා වැඩක් ද දැන් නෑනෙ නෑනෙ.

“නැගිටපන් සෞරාෂ්”

අප්පා මං තාම බිම. අමතකඋනානෙ.
මං ඉතිං දඩබඩ ගාලා නැගිට්ටා.

“කකුල අවුලක් නෑනෙ”

“ආ නෑ නෑ.”

“අම්මෝ ඒ ලව් එක බලහංකො. ඇස් වහක් වදින්න එපා.”

අභිෂේක් අයියා ටෝර් ගාලා ලඟ තිබ්බ ආයුධයක් ගුවන් ගත කලා. හොඳ වැඩේ.

“සාධුකාරයක් දෙන්න!!!”

“සාධු සාධු සාධු”
“සා…..ධු”
“සා….ධු සාධු සාධු”

කුකුල් පොර අල්ට්‍රා ප්‍රෝ මැක්ස් මේවා. හැමදාම නෑ හැමතැනම නෑ.

“පුතාලා!!! කන්න එන්න…”

නැන්දා කතා කරපු නිසා අපි හොඳ ළමයි වගේ පහළට පියමයින්න ගියා.

“ආහ්හ්…”

“සෞරාෂ්?”

“………”

“මොකද උනේ?”

කට්ටිය ම පහළට ගියා. මායි අභිෂේක් අයියයි කාමරේ දෙවුන්දරතුඩුවෙනෙ පතබෑවුනේ. ඒ නැගිටල එද්දි කකුල මොකක් හරි උනා.

“දන්නැ..à·„à·Š රිදෙනවා”

“ඉඳගමුද?”

“ඇවිදින්න බෑ නෙ. අයියෙ..à·„à·Š”

අභිෂේක් අයියා පිටිපස්සෙන් ඇවිත් එයාගෙ පපුවට මගෙ පිට හේත්තු කරගත්තා.

“අයියෙ!”

“ඔහොම ඉන්න කකුල පෑරෙයි”

මං හිතුවෙ නෑනෙ. මේ යකා මාව එකපාට්ට උස්සල අරන් ඇඳෙන් තිබ්බා. යකෝ පපුවෙ අමාරුව හදවන්නද හදන්නෙ මිනිහො.

“බේත් බිව්වද දවල්?”

“……”

හරි දැන් අහගනිංකො ලුණු ඇඹුල් ඇතුව.

“සෞරාෂ්?”

“නැහ් අමත…”

“උඹට! ඔච්චර සිහියක් නැද්ද කියපංකො”

“අනේ බයින්න එපා අයියේ. අමතක උනා ඇත්තට ම.”

ෂිට් ඇයි මේ රිදෙන එක වැඩි වෙන්නෙ?

“එහ් ඇයි මේ කඳුලු? සොරි තරහ ගියා ඉතිං.”

බැන්නට නෙමේ ඕයි කඳුලු එන්නෙ මට රිදෙනවා.

“රිදෙනව කකුල”

“හ්ම්… බේත් ගෙනාවනෙ. කාලා බොමු”

“අභියෝ!!! මොකද උත්තො කරන්නේ!!! වරේන්!!!”

කිත්මින අයියා පහල ඉදන් ම බෙරිහන් දීගෙන ද කොහෙද එන්නෙ. පව් අහල පහල ගෙවල්වල උන්.

“ඒ මේ මොකෝ? උඹ මේකාට අතවර කරන්නද යන්නෙ. බාල අපරාද කරන්න එපා අභියො”

“පිස්සුද උවින්. සෞරාෂ්ගෙ කකුල මොකක් හරි උනා. මූ බේත් බීලත් නෑ”

“පඬිනෙ. දැන් මොකෝ කරන්නෙ?”

“කාලා බොන්න දෙන්න වෙන්නෙ ආපහු. යන්න බෑනෙ පහළට.”

“උඹ උස්සන් වරෙන්.”

“ඇහ්? පි..පිස්සු කියවන්න එපා කිත්මින අයියෙ. පයිත්තියංද? යං යං මං එන්නං. හෙමින් යං”

මං කිව්වෙ මුං මාව බය කරල මරනව.

“නැගිටින්නෑ උඹ ඔතනින්. මෙතනට මං කෑම එකෙ ගෙන්නං. ඔහොම ඉන්නව”

“කාමරේ කන්න බෑනෙ”

“කාමරේ කන්න එපා කොහොමත්. උඹ ගිහින් ගෙනෙංකො අභියො. මං ඉන්නං එතකං.”

ටිකකින් අභිෂේක් අයියා කෑම එකයි අතහෝදන්න වතුර එකකුයි ගෙනත් දුන්නා. මං ඇඳේ ඉඳන් ම කෑවා.

“කෝ පුතා, චූටි යාළුවා? ආ බේත් බොන්න එපැයි කොල්ලො මතක් කරල. අපි මේ තෙල් එකත් ගා ගමු අඩුවෙයි එතකොට.”

“ආ කමක් නෑ නැන්දෙ බේත් බ්ව්වාම අඩු වෙයි.”

“අනේ මේ කොල්ලො පන්ඩිතකම නං තියනව. බේත් බීලත් නෑ. කෝ මෙහෙ එන්න.”

අයියෝ එහෙම හරි නෑ නේ… මං සේව් මී ලුක් එකක් දුන්නා රිලා අයියණ්ඩිට.

“කෝ දෙන්න නැන්දෙ. අර යක්කු ටික පහළනෙ නැන්දා යන්න.”

“පුළුවන්ද? ඕං එහෙනං මං ගියා. චූටි යාලුවා බේත් බොන්න හොඳේ”

“හරි නැන්දෙ”

“කෝ කකුල මෙහාට කරන්න”

මොකා…ක් ඒ හලෝ එපා ඕයි. තෙල් එපා.

“මං ගාගන්නං දෙන්නකො”

“……..”

“හරි හරි ඕන මගුලක් කරගන්නවා. ඔන්න කකුල මං මොකූ…ත් කියන්නෑ. ඔන්න කටත් වහගත්තා.”

කුකුලා! හිනාවෙන්න විතරයි දන්නෙ. කුකුල් දරුවා කකුලෙ තෙල් ගාලා කරල පැයක් විතර අතගගා හිටියා.

“දැන් ඇති හලෝ”

“තෙල් ගාලා නිකන් තිබ්බට වැඩක් නෑ. අල්ලන්නෑ එතකොට. කොහෙද උඹට මොල්…”

“ආ නෑ නෑ හරි හරි මං මොකුත් කියන්නෑ…”

බෑනෙ කරන්න. ඕන මගුලක් කරගනිං කියල මං ඇස් දෙකත් පියන් කටත් පියන් හිටියා. ටිකකින් වෙද මහත්තයා වැඩේ ඉවර කලා.

“සෞ ඇටේ… මොකෝ අප්පේ මේ…”

“හරි ශෝක් යාළුවා. පොඩ්ඩක් බලපං මූ බේත් බොනවද කියල.කොහෙද ඩබලටම සිහිය නෑනෙ”

“සමාවෙන්න අභී අයියේ!!! වරදක් කලත් සිතකින් නොවේ!!! අනේ මගේ පනේ… තෝ බෙහෙත් බීපන් මේ මිනිස්සු මටත් එක්ක බයින්නෙ. පේනවනෙ”

“ආව් බල්ලො, ටොකු අයින්නෙ”

“එහෙම තමා මන්. තෝ නිසා අහිම්සක මාව තැලෙන්නෙ”

“යුගාන් මෙහෙ එන්න”

ගහපන් අයෝන් අයියෙ මුගෙ පුක පැලෙන්න පාරක්. එනව මෙතන මට ටොකු අයින්නෙ.

“අපි ෆිල්ම් එකක් බලමු එහෙනං?”

“මොකද්ද බලන්නෙ?”

“A/L බලමුකෝ… මං තාම බලල නෑ ඕයි.”
“අනේ හා අපිත් නෑ”

සසිත අයියගේ මහා ආශාව සහ අයාසයගෙ ඉල්ලීම මත අපි AL බැලුවා. අපි හරි හොඩ ළමයි. නිල් පාට ඒවා බලඤ්ඤැහ්.

————————————————————

මං ආවා…..

බේත් ගේනකං නැහිලා ගෙනාවට පස්සෙ බොන්න අමතක වෙන්නෙ මට විතරද?

සෞව්ට කෝල් රිගින්ටෝන් එකක් නම් කර දොර දෙකේ බ්ලෙන්ඩරයක් හිමිකරගන්න මෙන්න ඔබටත් අවස්ථාව. 🎉️🎉️

ඒනං මං දැං යනව ඉටිම්.
ඔවාලා කතා කරන්නැති නිසා මං මේ අඬනවා. ඒකයි මේ වහින්නෙ. 😭
ජල ධාරාවේ…හඬනා වේලාවේ… කුයිං කුයිං💦💦

Bye👋

▪️කතුවරයාගේ අවසරයකින් තොරව කතාවේ ඇති කොටස් උපුටා හෝ අන් ආකාරයකින් (ෆොටෝස් / වීඩියෝස් ) සමාජ මාධ්‍යවල පලකිරීමෙන් වළකින්න.

▪️කරුණාකර කර්තෘ අයිතිය ද සුරකින්න.

Arden_Ak

Tags: read novel Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 11, novel Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 11, read Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 11 online, Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 11 chapter, Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 11 high quality, Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 11 light novel, ,

Comment

Leave a Reply

Chapter 13