Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 12

A+ A-

“පුතා…කාලා බේත් ටික බොන්න ළමයො. ඊයෙ උන හරිය මදිද?”

“ආ… නෑ හරි ඒ එනවා…”

අද රිලවා කේලම කිව්වනෙ අපේ අම්මට මාව දාන්න ඇවිත්. බෑනෙ මුං එක්ක.

“කමු.”

මායි අම්මයි බෙදන් කුස්සියේ ම තිබ්බ කෑම මේසෙන් වාඩි උනා. කැකුළු බතුයි පොල් සම්බෝලයි හාල්මැස්සො තෙල් දාලයි. මගෙ ආස ම කෑම.

“පුතා”

“ම්…”

“දානෙත් ළඟ ළඟ එනවා මැනිකෙ”

“හ්ම්… එච්චර ඉක්මනට තව අවුරුද්දක් ගියාද අම්මෙ?”

“අවුරුදු හයක් ගිහින් පුතා. මට හිතාගන්න බෑ කොහොමද මං මේ ඉන්නෙවත් කියලා. à·„à·„à·Š…”

අම්මගෙ ඇස් දෙකට කඳුළු පිරිලා. ඇයි මැණිකෙ ඔයා ගියෙ අපිව දාලා. මේ මාර්තුවලට එතකොට අවුරුදු හයක් ද? දෙයියනේ!

“හවසක් අරන් බඩු ලිස්ට්, එන අය ඒ ටික ලියමු. එහෙනං. තව මාසයක් වගේ නෙ තියෙන්නෙ.”

මං කාලා ඉවරවෙලා කාමරේට ආවෙ පාඩම් කරන්න.
එන්තැල්පි සටහන් කිව්වාම ඇයි මට වැලි තලප වගේ තලපයක් මතක් වෙන්නෙ?
.
.
දැන් බිග්මැච්, ස්පෝර්ට්ස් මීට් අනං මනං සේරම ඉවර නිසා මිස්ලා උගන්නනව ඉගැන්නිල්ලක් ඇටි හැල්ලෙන්න. ක්ලාස් එකේ පැය හතරක් කරන ඒවා මිස් එක පීරියඩ් එකෙන් ඉවරයි. ආ කමක් නෑ ඔහොම යං ඔහොම යං.

“ඒ ඉංග්‍රීසි මිස් එන්න කලින් සූට්ටං සූ බරක් තියනව නිදහස් කරල එමුකො”

“අම්මපා කියහන් මාත් මේ මුත්‍රාශෙ ස්පෝඨනය වෙයි කියල බයෙන් හිටියෙ”

“අපි නොදන්නව උනාට අපි ක්ලෝන්ස්ලා සුදු මාත්තියා ඒකයි මේ”

යාලුවො උනා ම කාලයක් යද්දි එකට ම චූ බර එන එක සාමාන්‍යයි මට පේන විදිහට.
අපි දෙන්නා මිස් එන්න කලින් ක්ලාස් එකෙන් පැනගෙන සූ දාලා එන්න ආවා.

“පොඩ්ඩක් ඉදහන් සෞව්වො. දැන් ඇයි අපි මෙතන?”

“හොඳ ප්‍රශ්නයක්. මං කියන්නෙ මෙහෙම අවස්ථා මග අරින්න හොඳ නෑ. දෙයියො කෝප වෙන්න පුළුවන්”

“ඒකනෙ. බඩජාරිකමට නෙමේ නෙ ඉතින් ලෝක නීතියට අවනත් වෙන්නත් එපැයි. යංකො.”

බලන්න නයනී… සමහරවිට කැන්ටිම හැදුවෙ මගෙ පරන මීමුත්තෙක් ද දන්නෑ. මෙච්චර බැඳීමක් එන්නෙ ඒකනෙ. එහෙනං කැන්ටිමේ ඇන්ටි මට නිකන් කැම දෙන්න ඕනෙ ගෞරවක් හැටියට. ඒ මහා කැන්ටිම් මී මුත්තාගේ ඈත මුණුබුරු මං කියල ඇන්ටිට කියල ෆ්‍රී ඉල්ලුවොත් මට කොසු පාරක් කන්න වෙයිද? එහෙම කොහොමද?

“අඩෝ මිනිහො සුගතපාල සර් එනවා දුවපන්!”

මලෞට්ටයි. පිනී වගේද මෙයා. ගත්ත බනිස් ගෙඩියත් කටේ ඔබන් මායි යුගයි ගම හරහා වගේ පාසල හරහා දිව්වා දිවිල්ලක් පන්තියට ම. අඩේ මිස් නෑ. බලන්න ඉතින් සුබාධර්මෙ අපිට පීරියඩ් එකක්වත් කට් කොරන්න දෙන්නෑ. එව්නාට මං කියන්නෙ හැදෙන වයසෙ ළමයිට කන්න බොන්න එපැයි. කෝ අපේ නිදහස? බෝඩ් කෑල්ලක් එල්ලන් ඉන්න ඕන හරියන්නෑ. දියව් දියව්!! කන්න දියව්!!
ඉන්ටවල් එක… ඉස්කෝලෙ මං ආසම පීරියඩ් එක. එව්නාට බලන්න එතනත් විනාඩි විස්සයි. කෑමට කෝ තැන? අයාසයත් එනව උගෙ කෑම එකත් උස්සන් අපේ ක්ලාස් එකට.

“ශෙයලෝ තෝ බිත්තරේ උස්සනෑ.”

“උස්සන්නැතුව පාත් කලාට කමක් නෑ”

“වහප් කට. වලත්ත පගයා”

“හරි අද අපි සංවරව කමු… එකයි දෙකයි තුන්…”

“අම්මටසිරි මල්ලේ… කොහොමෙයි? අපිත් ආවා ඔයාලත් එක්ක කන්න කියලා”

ආ යසයි. මේ යෝධයො තුනත් එකත් එක්ක කැවොත් බත් ඇටයක්වත් කාගන්න වෙයිද මංදා.

“තොපිලා ආවා වගේ නෙමේ හෙමින් කාපල්ලා හොඳේ. සවල් ගහනව වගේ දෙසල අරින්නැතුව”

“උඹලට අරිනවද අපි නෑ මේ මං. බලන්න අයෝන් මේ බෙලෙක්කෙ කියන කතා නේත”

“කිව්වා කියල හිතාගනිං අයියෙ”

කොහොමහරි මහත් වූ බාධකමැද අපි කෑම ටික කෑවා. ආ හරි අදත් යුගාට සැර ලෙඩේ.

“වතුර එක. වතුර එක.”

මුට වතුර එකක් ගේන්න බැරි හැටියක්. මගෙ ලොකර් එක අස්සෙන් වතුර එක ඇදල ගත්ත පාර ඒක අස්සෙ තිබ්බ ඒවත් වැටුනා. උරුලෑවෙක් මූ නං.

“මේ ඔයාගෙද සෞරාෂ්?”

“මොකද්ද?”

“මේ ෆිසික්ස් පේපරේ? මන්ත්ලි ටෙස්ට් එකේ එකක් නේද?”

“ආ à·„à·’ à·„à·“. මගෙද? වෙන්නැති මයෙහිතේ. කෝ දෙන්න දෙන්න.”

“මොකෝ මේ?”

“ෆිසික්ස් නෙහ් ඉතිම් සුට්ටක් ඩාං වෙලා තියෙන්නෙ.”

මට බයෝ, කෙමෙස්ට්‍රි දෙක ගේමක් නෑ. අසූ ගනං තියෙනව. බට් ෆිසික්ස් නං සුට්ටක් සක බුම්. ඒ උනාට හැට නමයක් තියනවා. එවුනාට බෑනෙ. එහෙම කියල බැරිත් නෑ නෙ. එවුනාට… ආ… ඔලුව අව්ල් වෙනවා… මේකාත් දැන්ම මේක දැක්කනෙ.

“ඕක විස්ව ධර්මතාව අයියෙ. මූ හොඳයි තව”

“ඇයි යුගාන්?”

ඉල්ලන් කනවනෙ මූ.

“හෙහ් මට අර්ධ ශතකයක් තියෙන්නෙ.”

අයෝන් අයියගෙ කටත් ඇරුනා. බ්‍රේක් ගිය මැස්සෙක් හිටියොත් ඉවරයි.

“මෙහෙම බෑ සෞරාෂ්. තාම මේ සෙකන්ඩ් ටම් පටන් ගත්තා විතරයි”

“ඔව් ඉතිං මං වැඩ කරනව.”

“කළාට වෙලා නෑ නෙ. දෙන්න ම එකයි.”

දිගු දේශනයක් අහන්න කලින් බොමු බොමු ද වටවල තේකක්?
.
.
.
“ඒ බඩගිනී බං”

“ඒ කියන්නෙ උඹ අද ක්ලාස් එකේ හරියට ඉදලා”

අපේ බයෝ සර් දවසක් කිව්වා ළමයි ඔයාලා හරියට ක්ලාස් එකේ අහගෙන ඉදල ඒ වැඩ ටික කළොත් ක්ලාස් එක ඉවර වෙද්දි  ඔයාලට බඩගිනි එනවලු. ඒක ටමා මේ ඉටිම්. පේනව්නෙ මහන්සි වෙලා ඉගෙන ගන්න ළමයි අපි.

“ඇයි එදා එහෙම උනේ…?”

යුගා ආපු ගාන් ම මගෙ ඇදේ පෙරලුනා.

“ඇයි ගව පැටියො ඒ පේපරේ උඹ බෑග් එකට නොදැම්මෙ?”

“තෝ මොකටද වතුර බෝතලේ ඇද්දෙ?”

එදා මහ අයියන්ඩිලා ටිකට මගෙ පේපරේ අහුවීමේ ප්‍රතිපලයක් ලෙස සෑම සෙනසුරාදාවක ම මටයි යුගාටයි අර කාල යක්ෂයො දෙන්නා ෆිසික්ස් කරවනවා කිව්වා. හුවෑ. මුං ගානක් වැරදුනොත් බෙල්ල ගැලවෙන්න ගහයිද දන්නෑ. ඒවා කොහෙද මාත් එක්ක. එතකොට මං බෙල්ල නැති නිකලස් වගේ ඇවිත් රං කුරුල්ලව කපල අතට දෙනවා. එක්කො අයෝන් අයියව අතාරිමු. යුගා පව්නෙ. රිලව කමක් නෑ. ක්‍රශ් එකට කරන්න දෙයක් නෑ. ස්වොරි කෙල්ලේ… ඊටපස්සෙ පත්තරෙත් යයි. එව්නාට මං හොල්මනක් නෙහ් මොනා කියල කරන්නද? ජුන්ඩාලස් රිලවා. හික්ස්. උඹ මගෙ බෙල්ල ගැලෙව්ව නිසා තමා සේරම.

“අපි හෙට නොයා ඉමුකො බං”

“සඳුදාට ඉස්කෝලෙ ගියාම ජීවත් වෙලා ආපහු එන්න ඕන්නැද්ද උඹට?”

“අපි කියමු ඉස්සර ගෙදර ආච්චි මලා කියලා නැත්තන් බඩ උනා කියමු.”

ඔය කිව්වෙ හරකා කතාවක්.

“ඔව් උන් අනේ මගෙ කිරි පුතේ එහෙමද. හරී… කියල පිළිගනී බලන් ඉදහන්.”

“හුවෑ…”
.
.
ටොක් ටොක් ටොක්

“අඩෝ ගෙදර නෑ වගේ බං. යමු යමු. අපි ආවානෙ උං නෑනෙ.”

“එව්නා… ඔව් නෙහ් ඇත්තනෙහ්.”

ගැම්ම අරං ආවට මොකෝ ලොකේශන් එකට ආවා විතරයි ගැම්ම ගියා පා වෙලා.  අපි දෙන්නා හැරිලා දකුණු කකුල පෙරට තියල ගෙදර එන්න හැදුවෙ.

“කොහෙද යන්නෙ දෙන්නා. මෙහෙ වර. පොඩ්ඩක්.ඉන්න බෑ නෙ ගේට් එක අරිනකන්”

“ආ නෑ මේ අභිෂේක් අයියෙ මේ… මේ සෞව්වා පෑන ගෙනාවෙ නෑලුනෙ. මේ එකක් අරං එන්න යන්න කියල බැලුවෙ. නේව සෞව්වො.”

“ආ… මේ ඔව්. ඒකතමා. මේ අපි අරං එන්නං හොඳේ.”

“මෙහෙවර දෙන්නත් එක්ක. මෙහෙත් පෑන් තියෙනවා.”

මං ආපහු හැරිලා යුගා එක්ක යන්න හදද්දි අර යෝධයා මාව ඇදල ගත්තා.

“හුම්ම ගන්න බෑ යකෝ බෙල්ල අතෑරපිය.”

අහෝ දෙවියනි අපට ආශිර්වාද කරත්වා!!!
ලොකු සර්ලා දෙන්නා අපි දෙන්නට උගන්නන්න පටන්ගත්තා. පැයභාගයයි කළේ. ඉවර කළාද? නෑ. අපි දෙන්නා එකට හිටියොත් නටනවා කියලා දෙකඩ කලා. හුවෑ. තෝ පාපී රිලවා මං මේකට පලි ගන්නවා.

“අනේ ඇති හලෝ. දැන් පැය තුනක් අප්පා. තමුසෙගෙ වගේ මගෙ පස්ස ෆ්ලැට් කරන්නද් හදන්නෙ?”

“මගෙ? ෆ්ලැට්?”

ඇයි නැද්ද? කවුද දන්නෙ. මං පුක බලන්නැ ගියා යෑ. කටට ආවට කිව්වෙ.

“මං කොහොමද දන්නෙ?”

“දැං ඔයාමනෙ කිව්වෙ”

“ඒ කිව්වට මං තමුසෙගෙ ප්.. නෑ මොකුත් නෑ.”

“මොකද්ද?”

“නෑ නෑ මොකුත් නෑ. මං කිව්වෙ දැන් ඇති කියලා.”

“මේ ගාන හැදුවොත් ඉන්ටවල් එකක් දෙනවා.”

“අනේ…”

“………”
.
.
“ආව් අප්පා.”

“ඔය කොහොමද සෞරාෂ් ගාන හදන්නෙ. කොස් වෙනුවට ටෑන් බලල හරියනවද?”

“අනේ මට බෑ අප්පා. බෑ බෑ බෑ…අදට ඇති.

“හා හා. හැබැයි ඔය ගාන හදන් එන්න ඕනෙ හොඳේ?”

“එහෙමයි සර්”

මං දත් විරිත්තලා හිනා උනා. මොනා උනත් මං ගුණ ගරුක සිස්සයා.

“දැන් ම යනවද?”

“ඔහ් යන්න කියලා බැලුවෙ. රෑ වෙනවනෙ.”

“මං ගිහින් දාන්නං. ටිකක් ඉදල යන්න”

“එපා කමක් නෑ අයියෙ. ආපහු අපරාදෙනෙ.”

යුගා පහට විතර අයෝන් අයියා යද්දි ම ඌව මඟට හලාගත්තා. කොහෙද මේකා මට පයින්න දුන්නෑ නෙ. මේ ගාන වැරදී සෞරාෂ්? ඇයි මේක බෙදුවෙ සෞරාෂ්? කෝ සූත්‍රෙ සෞරාෂ්? සෞරාෂ් සෞරාෂ් සෞරාෂ්. මුගෙ කටේ තියෙන්නෙ ම ඒ වචනෙ විතරද කොහෙද.

“අපරාදෙ නෑ. ඉදල යන්න. අම්මා තව ටිකකින් එනවා. ආවම යන්න.”

“අම්මා?”

“මොකෝ බය වෙලා? එයා සැර නෑ. බලන්නකො”

“හාකො හාකො”

“ආ. එව්නාට අම්මට කෝල් එකක් දීලා අහල ඉමු. ඔයා පරක්කු උනාට කමක් නැද්ද කියලා. එයා බය වෙයි නැත්තං”

පැය බාගයක් විතර යද්දි කා එකක් නවත්තන් සද්දයක් වගේ ආවා. බයත් වගේ සැර නෑ කිව්වට කොහොමද දන්නෑ නෙහ්. රිලව වගේ පුපුරනවද දන්නෑ. අයියෝ ඇයි මං හිටියෙ?

“අයියේ… චූටි දෝනි ආවා…”

————————————————————

කවුද ඒ ආවේ… 👀❓

අද සුට්ටං බට්ටිචි චැපියක් ගෙනාවෙ. සොරි වෙන්න ඕනෙ ඉතිං. මං හරි බිසී අප්පා.😪

කවුරු ගැනද මේ සෞරාෂ් දුක් වෙන්නේ? ගෙස් කරන්න පුලුවන්ද? මං සමහර චැප්වල හින්ට් දුන්න තැන් තිබ්බා. 👁️👁️🔎

ලකුණු අඩු වෙද්දි කියල දෙන්න අපිට කවුරුත් හිටියෙ නෑ අපේ හාමුදුරුවනේ!!!

එහෙනං මං දැන් මන්දො කරඤ්ඤං.
ආතරෙයි ♥️
Bye 👋

▪️කතුවරයාගේ අවසරයකින් තොරව කතාවේ ඇති කොටස් උපුටා හෝ අන් ආකාරයකින් (ෆොටෝස් / වීඩියෝස් ) සමාජ මාධ්‍යවල පලකිරීමෙන් වළකින්න.

▪️කරුණාකර කර්තෘ අයිතිය ද සුරකින්න.

Arden_Ak

Tags: read novel Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 12, novel Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 12, read Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 12 online, Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 12 chapter, Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 12 high quality, Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 12 light novel, ,

Comment

Leave a Reply

Chapter 14