Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 14

A+ A-

“අයියෝ… එපා වෙනවා බං. මේ සතියට කී වෙනි රැස්වීමද කියහන්කො මේ”

එදා මැඩම්ගෙ ට්‍රාන්සර් එක කියන්න රැස්වීම ගත්තට දවසෙ දෙකකින් ම මැඩම් ගියා. හරී…ම ඉක්මන්. පුදුමයි. ඊටපස්සෙ වැඩබලන විදුහල්පති කියලා හිටපු වයිස් ප්‍රින්සිපල්කෙනෙක්ව දැම්මා. ඔය සේරට ම රැස්වීම් තියලා තියලා අද එකත් එක්ක මේ සතියට රැස්වීම් හතරයි. අඟහරුවාදා විතරයි නොතිබ්බෙ.

“අඩෝ තව නං හිටං ඉන්න බෑ බං”

“මං කියන්නද වැඩක්. ශෙයලො උඹ වැටියන් අපි දෙන්නා උඹව අල්ලං යන්නං”

“හරි යයි ද? සිරාවට අද නං ඉන්න බෑ බං.”

“හරි යයි හරි යයි. ඔන්න හොඳේ. එකයි දෙකයි දෙකයි බාගයයි… තුනායී..”
.
.
“ඔය ඔය බලාගෙන, මල්ලි එයාව එක්කන් යන්න”

හිනායන්නත් එනවා… කොහොමහරි හිනාවකාගෙන ශෙයලවත් උස්සන් අපි ග්‍රව්න්ඩ් එකෙන් පැනගත්තා. එනගමන් අයාසයටත් ඇහැක් ගහන් ආවෙ.

“අම්මෝ යකෝ බොගෙ බර. සයිස් එක හැටියට නෙමේ”

“මොලේ යකෝ ඒකයි”

“කැහ්…කැහ්…”

“කක්කල් කැස්සද හිටපන් හොඳ කරන්න”

යසයි මෙන්න කලන්තෙ දාපු එකා දුවනවා. ප්‍රිෆෙක්ට්ලා දැක්කොත් කන පිරෙන්නත් අහගෙන ඉතුරු ටික ඔතාගෙන එන්නත් තිබ්බා.
ක්ලාස් එකට ඇවිත් ටිකකින් අයාසයත් ආව නිසා අපි කයියක් දාන් හිටියා. ඊටත් විනාඩි හතළිහකට විතර ඔස්සෙ තමා ළමයි ක්ලාස් එකට එන්න ගත්තෙ. ඒ ඔආර අයාසය ගියා උගෙ ක්ලාස් එකට.

“උඹලා නං පැන්නා නෙහ්? අපි තමා කටු කෑවෙ.

“හයේ ඉදන් රැස්වීම්වල. හිටියා යකෝ. උඹලා මේ අවුරුදු දෙකට ඒ ටික කවර් කරපන්”

අපේ ක්ලාස් එකේ ඕලෙවල්වලින් අලුතින් ආපු උන් කියලා වෙනසක් නෑ සේරම එකයි. විශේෂෙන් වලත්තකමින් අති විශිෂ්ඨයි නෙමේ අශිෂ්ඨයි. ලෙමන් පෆ් පරාදයි.

“මිස් එනවෝ…”

පකුවා කෑගහද්දි ක්ලාස් එක සයිලන්ට් උනා. පකුවා මීන්ස් පණිවිඩ කුරුල්ලා. ඌ තමා  රොයිටරේ වගේ සියලු පුවත් ගෙන එන්නා. ටහිකෙන කෙටි යෙදුම් මේවා.

“ආයුබෝවන් ළමයි!”

“ආයුබෝවන් ටීචර්!”

ඔය කියන විදිහට ආයු බෝ උනා නං මෙලාට මං අමරණීයයි සාන්ත.

“ළමයි ඔයාලගේ ඇනුවල් ට්‍රිප් එක නෙක්ස්ට් මන්ත්වල යනවා කියලා ඉන්ෆෝම් කරලා තියනවා. ඔයාලා රෙඩී වෙලා ඉන්න…”

“අඩෝ පට්ටනෙ බන් සෞව්වො. ටූ ඩේස් නේද?”

“ආතල් එකක් ගැත්තැහැකි සුපිරියට. පට්ට පට්ට.”

කොරෝනා, අර්බුද, ට්‍රිප් බස් පෙරලිලි අරවා මේවා නිසා අපි හත වසරෙන් ඔඅස්සෙ ට්‍රිප් එකක් ගියෙ ම නෑ. දැං ඉතිං ඒ දොළදුකත් හරියාගෙන එන්නෙ.
.
.
.
මේ සති දෙක තුන මාර වේගෙන් ගියා. කොහොමත් ඉස්කෝලෙ වැඩ, ක්ලාස් එක්ක බිසී උනාම දවස් යනවා මොනවද වගේ.

“පුතේ මේ පොල් ටික බිඳලා ගෙනත් දෙනවද?”

“ආ දෙන්න ලොකු අම්මෙ.”

හෙට දවල්ට දානෙ. ඒකට ඉතිං දැන් ඉඳන් උයනවා. ලොකු අම්මයි ආච්චියි ඇවිත් හිටියා උයන්න උදව් කරන්න. තාත්තාත් ආවා ඊයෙ රෑ වෙලා. මං වැඩිය කතා කරන්න ගියෙ නෑ. ඌමනාවෙන් කරනවා නෙමේ ඒක නිකන් ම වෙනවා. මං කියන්නෙ එයා ගැන හිතේ තරහක් මං තියානොගත්තට හිත ඇතුලෙ එයා ගැන කලකිරීම කියන දේ තියනවනෙ…අපේ සෙට් එකත් තව ටිකකින් එයි මෙහෙට.

“ආ ලොකු අම්මෙ.”

මං පොල් ටික බිඳලා වතුර ටික ජොග්ගු ටිකකට ගත්තා. මං අම්මා පොල් බිඳිද්දිත් පොල් වතුර ටික ගන්නවා. අනික මේ වගේ වෙලාවල්වලට පොල්වතුර වීදුරුවක් කියන්නෙ සුපිරියක් තමා.

” සෞ ඇටේ… සුදු නැන්දෙ… මං ආවෝ…”

ආ ඔය ඇවිත් තියෙන්නෙ. මං පොල් වතුර ජොග්ගු දෙකකුයි වීදුරු දෙක තුනකුයි අරන් ඉස්සරහට ගියා.

“අඩෝ… මල්ලෙ උඹ අපිව පිළිගන්නද ආවෙ. සතුටුයි ආ.”

“ඔව් මට කසනවනෙ. පලයන් කිත්මින අයියෙ.”

“යවන්න මේ අපිව උඹ කිව්වට අපි යන්නෑ ඇටයො.”

මං එලියෙ වැඩවල හිටපු මහප්පලාට අතේ තිබ්බ ටික තියලා අපේ කට්ටියටත් වීදුරුවලට දාලා ගිහින් දුන්නා.

“හා හා බිව්වා නම් පලයල්ලා. ගිහින් ඇඳුම් මාරු කරන් ඇවිත් වැඩ කරන්න. ආවා නං වැඩ තමා”

“යකෝ මූ බලහංකො”

“එව්වා එහෙම තමා අකිත අයියෙ”

පස්සෙ අයියලා ටිකත් ඇඳුම් දාගෙන ආවා. අපි කට්ටිය එකතු වෙලා හට් ටික ගගහා ඉද්දි තව මොනාද බඩු වගයක් ඕනෙයි කිව්ව පාර මායි අපෙ අම්මගෙ සුදු පුතයි ආවා ටවුන් එකට.

“අම්මෝ මහන්සියි හලෝ, ජබර කලන්තෙ වගේහ්. හාහ්…”

“ඇත්තටමද නැත්තන් බොරුවටද?”

“බොරුවට කලන්තෙයි කියන්න මට මෝල් ද යකෝ?”

“එතකොට උඹලා එදා අසෙම්බ්ලි දවසෙ බොරුවට නාට්‍යයක් පෙන්නලා ගියෙ මෝල් නිසා වෙන්නැති නේ?”

අම්මටසිරි දැකලද. විලි ලැජජාවයි. එහෙමයි කියලා ඕවා පෙන්නන්න යන්න හොඳ නෑ.

“මොන?”

“උඹ දන්නෑ බබා. බලන් හිටියෙ අපි”

“බබ්බු කවද්ද හලෝ අසෙම්බ්ලි ගියෙ. අනික බලන් හිටියා නං මොකෝ හිටියෙ නවත්තන්න එපැයි”

“උඹලගෙ ප්‍රාථමික රංගනේට බාධා කරන්න හිතුන්නෑ. ඇත්තටම තව ටිකක් තාත්වික වෙන්න ඕනෙ”

“එහෙමද? හිටපන් මන් තාත්වික වෙන්න.”

ඉදපියකො තොට කරන්න වැඩේ. හොඳ වෙලාවට මාස්ක් එකක් ළඟ තිබ්බෙ.මං ඒකත් දාගෙන බඩු බෑග් ටිකත් බිමින් තියද්දි ම අරකා මොකාද වගේ ටක් ගාලා මං ගාවට ආවා.

“සෞරාෂ්, මොකද්ද දැන් ඔය කරන්න හදන්නෙ?”

“මගෙ රංඅන හැකියාව පෙන්නන්න හදන්නෙ”

“ඇහ්?”

“මං මෙතන බිම ඉදන් අඬනවා උඹ මට අතවර කළා කියලා. බඩේ උඹේ ළමෙකුත් ඉන්නවා කියනවා. බලන් හිටු. එනවා මෙතන මගෙ රංගන හැකියාව ගැන කියවන්න”

“සෞරාෂ්?”

“ඔව් සෞරාෂ් තමා. ඇයි?”

“පිස්සුද බං උඹට? මෙහෙවර යන්න. පිස්සෙක් කියල උඹව ඇදන් යයි”

“නෑ මගෙ රංගනේ තාත්වික නෑනෙ. එහෙමනෙ? නෙහ්?”

“නෑ නෑ හරි. පිස්සු නටන්න හදන්නෙපා උඹ මෙතන”

“ආ එතකොට මම පිස්සා. උඹ නොකියා කිව්වෙ ඒකනෙ නේද?”

“අයියෝ නෑ බං”

“ආ ඒ කියන්නෙ උඹ හිතලමයි කිව්වෙ.”

“ආර්හ්… මොකද බං උඹට වෙලා තියෙන්නෙ?”

“නෑ නෑ පල අහකට. පිස්සො එක්ක කතා නෑ. මං යනවා. අයින් වෙයන්”

රිලවා බය වෙලාත කොහෙද මං සිරාවට ම එතන ඉදන් අඬයි කියලා. හික්ස්. හෙන කැම්‍රි සතුටක් එනවා මූ බය වෙලා ඉන්න විදිහට. හැමදාම අපිද මුංට බය වෙන්න ඕන. ඒවා කොහෙද මාත් එක්ක.

” සෞරාෂ්… නැවතියන් බං. කොහෙද යන්නෙ. බෑග් ටිකත් දාලා ආවා. මං ඒවත් ගේන්න ඕනෙ. හෙමින් පල”

“ආ සමාවෙන්නෝනෙ. දෙන්න දෙන්න මං ගන්න”

“නෑ නෑ එපා. හෙමින් යන්න ඒ ඇති.”

“නෑ නෑ දෙන්න දෙන්න. මං පිස්ස්…”

“නෑ නෑ බං. උඹට පිස්සු නැ මටයි පිස්සු හරිනෙ. ආ තව තව ආ උඹේ රංගන හැකියාවත් පට්ට. හරිනෙ. දැං යං”

“නෑ බෑග් ටික දෙන්න. ගෙනියන්න බෑ නෙ”

“නෑ නෑ එහෙමත් නෑ. බෑග් මං ගෙනියන්නං. ඔහොම යං. බර නෑ. දැන්වත් යමංකො. අම්මා බලන් ඇති බං. වාහෙනේ අර පැත්තෙ”

“අම්මා බලන් ඉන්නව නං යන්න ඉතිං අල්ලන් හිටියා යෑ”

“……”

“මොකද?”

“නෑ මං මොකුත් කියන්නෑ. උඹ ඕන විදිහකට ඉමු. ඉදල යමු.”

ඩීඑච්පී අයියට මහන්සිද කොහෙද? එනවා මෙතන මට කෝචෝක් දාන්න.

“කොහොමද මගෙ ප්‍රාථමික රංගනේ?”

“ඇහ්?”

මං කිව්ව එක ලෝඩ් වෙන්න වෙලා යනවා වගේ.

“උඹ මෙච්චර වෙලා බෙරිහන් දුන්නෙ ඔය වචනෙටද?”

“ඔව්.”

“ඒ කියන්නෙ මෙච්චර වෙලා උඹ ඇක්ට් කළා”

“ඔව්. “

“……….”

“ඇයි?”

“නෑ මෙහෙ වරකො පොඩ්ඩක්”

“නෑ එපා මෙහෙම හොඳයි”

“නෑ නෑ පොඩ්ඩක් ළඟට එනවකො”

“නෝ තෑන්ක්ස් අනේ.”

“මොකටවත් නෙමේ එනවා…”

“මොකටවත් නෙ..මේ… නං මං… මේ… මේ…”

මං කකුලක් ආපස්සට තියලා රෙඩී උනේ ගොනා හැරෙන්නෙ හොඳකට නෙමේ කියලා තේරුන නිසා.

“මෙහෙ වර!!! තොට මං!!!”

“මෙන්න මිනී මරනෝ…!!!”

මං පනකඩාගෙන දුවන් ඇවිත් වාහනේ දොර ඇරගෙන ඇතුලට ගිහින් දොරවල් ටික ලොක්කරගත්තා.

ක්ලික් (door unlocking sound)

ඕ…නෝ…ෂිට්. මේකා ගාවද යතුර. ඔව්නෙ. එතකොට මූ මට ඇතුලට එන්න දොර ඈත ඉඳන් ඇරලා. මාත් හරකා වගේ නැග්ගනෙ. මතක් උන්නෑ යකෝ දොර ඇරගත්තෙ කොහොමද මං ගාව යතුර නැතුව කියලා.
අභිෂේකයා ඇවිත් ඩ්‍රයිවින් එකෙන් ඉඳන් දොර ලොක්කරද්දිම මං ටක් ගාලා දොර ඇරන් එළියට පයින්න හැදුවා.

“කොහෙද දුවන්නෙ. හිටපිය ඔහොම.”

මාව ආපහු පිටිපස්සට ඇදිලා යද්දි මං උගෙ අත හැපුවා.

“අත හපලද බේරෙන්න හදන්නෙ සෞරාෂ්?”

“බේරගනියෝ!!! මෙන්න මේකා මාව මරන්න හම්බක්ජ්හ්ව්කක්…”

යකෝ කට අතෑරපිය රිළවො.
මං ආපහු දඟලලා යන්න හදද්දි මේකා මාව ඇදලා අරගත්තා. දැන් මගෙ පස්සයි කකුල් දෙකයි පැසෙන්ජර් එකේ උඩ. අරූ ඩ්‍රයිවින් එකේ. මගෙ පිට අරුගෙ පපුවට හේත්තු වෙලා.

“So…?”

සෝ සෝ නෙමේ මිනිහො කට අතෑරපිය.

“මං රිටර්න් එක ගන්නවා සෞරාෂ් මතක තියාගනිං”

යන්තන් හරි.

“හනේ මට බයා…යි. බිත්තර කට්ටක් දියංකො”

“à·„à·„à·Š à·„à·„à·Š… බිත්තර කට්ටක් මදි සෞරාෂ් ඩයිනසෝර් බිත්තරක්වත් ඕනෙ ඔයාට හැංගෙන්න”

මුට මම…

“හා හා ඔය පාන් ගෙඩිය තියපිය පැත්තකින්. උඹව තමා පෙති කපලා තියන්න වෙන්නෙ. එව්නාට හරක් මස් තියන්න බෑනෙ සෞරාෂ්.”

“බෑ ත්… මොකද්ද තමුසෙ කිව්වෙ?”

රිටර්න් ඩබල් වෙයි මං දන්නෑ”

“තියාගනිං ලබ්බෙ රිටර්න්. ඇඟත් රිදෙනවා ඕයි. තමුසෙ පිඹුරෙක් වගේ මගෙ ඇටකටු ටික පොඩි කළා.”

හිනාවෙයං හිනාවෙයං. තෝ දන්නෙ එච්චරයි නෙ. ගෙවල සිප්පි කටුස්සා. අම්මපා…ආර්හ්හ්…

අපි ගෙදර යද්දි රෑ හතට විතර ඇති. ඒ ගිහින් පිරිකර ,පලතුරු කූඩ, කැවිලි කූඩ, බේත් වට්ටි සේරම ව්‍රැප් කරලා සාලෙත් පුටු දාලා හැදුවා. හෙට සුදු රෙදි දාගන්න විතරයි තියෙන්නෙ එතකොට. ඒ වැඩ ඉවර කරලා අපි සෙට් එක රෑටත් කාලා කරලා ඉයන පැත්තට ගියා උදව් කරන්න. ලේසි.නෑ නෙ ඉතිං දෙතුන් දෙනෙක්ට උයනවා වගේ නෙමේනෙ සීයකට විතර උයද්දි. පොල් ගාන්නම පැයක් විතර යනවා. පොල් ගෑම නැත්තං ඉවීම කෙතරම් සොඳුරුද?

“පුතාලා ටිකක් නිදාගන්න දරුවො. ඔයාලට මහන්සිපාටයි”

“මාත් කිව්වා අක්කෙ. කෝ අහන එකක් යෑ. පාන්දර තුනත් වෙලා.”

ලොකු අම්මයි අම්මයි දෙන්නම අපිව යවන්න හදනවා. එව්නාට එහෙම බැරි නිසා කට්ටියම අතන වැඩවලට උඅදව් වෙවී හිටියා. ටිකකින් මහප්පයි තාත්තයි අනික් අයයි එතනට ආව නිසා අම්මා අපිව එලෙව්වා ගිහින් ටිකක් නිදාගන්න කියලා.
ඊටපස්සෙ අපි කාමර කාමරලට ගියා ටිකක් නිදාගන්න කියලා. මායි යුගයි එකක. අර ට්‍රිබල එකක. අයාසයයි ශෙයලුයි එකක. කිඹුල් ඩබලයි ආර්‍යන් අයියයි, එවින් අයියයි එකක.

ටොක් ටොක්

“මල්ලි උඹල නිදිද?”

“ආ තාම නෑ ඉන්නෝ…”

මං ගිහින් දොර අරිද්දි කිත්මින අයියා එතන.

“ඇයි අයියෙ?”

“අයෝන්ට ටිකක් ඇඟ රිදෙනවලු බං. ලාවට රස්නෙයිත් වහේ. පෙනඩෝල් නැද්ද?”

“ආ ඉන්න ඔහොම”

මං පෙනඩෝල් දෙකක් හොයල දුන්නා.

“යුගාන් මල්ලි උඹට අවුලක් නැත්තන් අයෝන් ගාවට එනවද?”

යුගාන් මග් දිහා බැලුවාම මං අව්ලක් නැත්තන් යන්න කියල හෙමින් කිව්වා.
ඌ ගියාට පස්සෙ මං දොර වහන් ඇඳට පනින්න යද්දි ම ආපහු කවුරුහරි දොරට තට්ටු කළා.

“කියන්න”

“අරකෙ ඉඩ නෑනෙ”

කොහාව එලවලා. මං ඉතින් උටත් ඇඳට එන්න කියලා ඇඳට පැන්නා. මහන්සි නිසා ඇඳට ආවම හරි සනීපයි.

“ඔය මොකෝ කරන්නෙ ඇඳට එනවා හලෝ”

“බිම ශේප් අව්ල්…”

“තමුසෙ මගෙන් කන අතගාගන්නැතුව වාරෙන් ඇඳට. බිම් ශේප් ඤං ඤං තමා”

ඊටපස්සෙ රිලවා ඇඳට ඇවිත් එහා කොන…ට ම වෙලා නිදාගත්ත. මං කොළඹ. ඌ සංගමන්කන්දතුඩුවෙ.

පැය දෙ තුනක් නිදන් ආපහු මං පහ විතර වෙද්දි ඇහැරුනේ බුදු මැදුර වගේ කොටස හදන්න භාරදීපු අය එනවා කිව්ව නිසා. අපේ කට්ටියව මං ඇහැරෙව්වෙ නෑ ඉතිං තාම හදිස්සියක් නෑනෙ. මහන්සීනෙ උන් ටිකටත්.
මං ඒක හදන වැඩේ බල බල ඉද්දි අභිෂේකයත් ඇවිත් මට එහාපැත්තට වෙලා අත්බැදන් කුටිය හදන දිහා බලන් හිටියා. පොරට තාම නිදිමතදත් මන්දා.

“අයියෙ, ගිහින් නිදාගන්න. තාම ලොකුවට වැඩක් නෑනෙ”

“කමක් නෑ ඔයා විතරනෙ මෙතන”

“මං විතරක් කොහෙද හලෝ. මේ කට්ටිය ඉන්නෙ”

“කමක් නෑ”

ඒ වැඩෙත් ඉවර උනාට පස්සෙ ලොකු දෙයක් නොතිබ්බ නිසා මං අභිෂේක් අයියාවත් ඇදන් උඩ ම තට්ටුවට ගියා. තාම උඩම තියෙන්නෙ අපේ ස්ලැබ් එක විතරයි. එව් නිසා වටේම ලසානට පේනව. මුළු අහසම රතු තැඹිලි එක්කහු වෙච්ච ගෝල්ඩ් කලර් එකක් වෙලා තිබ්බෙ ඉර නැගන් එන නිසා. එව්නාට තාම ලාවට වගේ කරුවලයි. තියන ලා එලියත් එක්ක අහස පේද්දි ගස් සේරම තනි කළු පාටින් පෙවුනා. උදේ පාන්දරට තියෙන අඩුත් නැති වැඩීමත් නැති කූල් එකකුත් තිබ්බා.ක්වවුල්ලු එහෙමත් ආපහු උන් ඉන්න තැන්වලට යනවා. ලාවට ලාවට වටෙන් කුරුල්ලොන්ගෙ සද්දත් ඇහෙනවා. බලන් ඉන්න ආසයි මෙහෙම වෙලාවක් දිහා. අභිෂේක් අයියත් ආව වෙලේ ඉදන් එක දිගට අහස දිහා ම බලන් ඉන්නවා. ඇත්ත ඇස් අහකට ගන්න හිතෙන්නැති තරම්ම ලස්සනයි තමා. ගෙවෙන බිසී ජීවිතෙත් එක්ක මේ වගේ දේවල් මඟ ඇරෙනවා. ඉතින් ස්ට්‍රෙස් කිය කිය එකේක දෙවල් මහ ගොඩක් දේවල් කරනවා. එවුනාට අපිට අමතක වෙලා අපි වටේට තමා අපේ ලොකු ම හීලර් ඉන්නෙ කියලා. ප්‍රශ්න් කෝටිගානක් ඔලුවෙ තියන්න ඉන්න වෙලාවකදි උනත් මෙහෙම පරිසරය දිහා බලන් ඉද්දි හිතට මාරම සැහැල්ලුවක් දැනෙනවා.

“සෞරාෂ්…”

“ම්…”

“කියන්න දෙයක් තියනවා”

————————————————————

මා ආතරණීය චුක්කා චුක්කාවියනි මං සපැමිණියා දරුවනේ…
ශමාවෙන්නෝනෙ දවස් දෙකක් ආවෙ නැති උනාට. 🥲✋

ඔයාලත් අසෙම්බ්ලි වෙලාවට බොරුවට කලන්තෙ දාන්න ප්ලෑන් ගහල තියනවද?

මේ… ඒක නෙමේ අභිෂේක් අයියාට මොනාතෝ මන්දා සෞව්වාට කියන්න තියේලු ඕං.
ඒ සඳහා දෙබසක් නිර්මාණය කර පොල්වතුර වීදුරුවක් දිනාගන්න!!! 🌴🥥

ඇත්තට ම අපිට අපේ වටේට ඉන්න හොඳ ම හීලර්ව අමතක වෙලාද? 🍂♥️ 🌌🍁

ඒනම් මා සහෝදර ජනතාවනී මං දැන් නනෝ…
ලාවියූ 😘♥️
Bye 👋

▪️කතුවරයාගේ අවසරයකින් තොරව කතාවේ ඇති කොටස් උපුටා හෝ අන් ආකාරයකින් (ෆොටෝස් / වීඩියෝස් ) සමාජ මාධ්‍යවල පලකිරීමෙන් වළකින්න.

▪️කරුණාකර කර්තෘ අයිතිය ද සුරකින්න.

Arden_Ak

Tags: read novel Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 14, novel Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 14, read Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 14 online, Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 14 chapter, Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 14 high quality, Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 14 light novel, ,

Comment

Leave a Reply

Chapter 16