Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 16

A+ A-

“ළමයි කෑම මේසෙට ඕනෙ ටික බෙදාගන්න මං ලිස්ට් එක මොනිට’ට දෙනවා”

මේ ටිකේ ඉස්කෝලෙ උගන්නං යනවා ආයෙ නෑ මැරතන් කැලේ. තව සතියකින් අපේ ට’ම් ටෙස්ට් පටන් ගන්නවා. ඒක ඉවර වෙලා ටික දවසකින් අවුරුදු උත්සවේ තියලා නිවාඩු දෙනවලු. ඉස්කෝලෙ මුල වාරෙ කියන්නෙ තනිකර ම අමතර වැඩවලිම් පිරිච්ච මාසයක් ශෝක් හැබැයි ඒකත්.

“ඒ සෞව්වො, කාලා අයියලගෙ ක්ලාස් පැත්තට ගිහින් එමුකො”

“ඒ ඇයි? හා…හා… මොකෝ මොකෝ ආ?”

“අනේ පලයං යන්න. මං මේ වැඩකට යන්නෙ”

“හානේ… ඇත්තට. මොකද්ද කියපන් බලන්න වැඩේ.”

“මේ ගානක් අහගන්න බං. මේ අර අර මොකද්ද…”

“අනේ පල පල තොට බොරුව මතක් වෙන්නෙත් නෑ. ඔහොම යංකො පුතේ.”

ඉන්ටවල් බෙල් එක ගැහුව නිසා මං බත් එක එළියට ගත්තහම යුගා මාවත් ඇදන් බත් එකත් උස්සන් අරුංගෙ ක්ලාස් පැත්තට ආවා.

“යකෝ කාලා එමුයි කියලා දැං ආවෙ මොකෝ?”

“හරි යකෝ අයියලා එක්ක කමු”

“ආසයි වගේ අයියලා එක්ක කන්න ඤෙහ්?”

“අනේ තෝ පල. මහ කැම්‍රි කටක් තොට තියෙන්නෙ”

මූත් ඉතිං ගස් ලබ්බා. ඉඳපියකො තොට කරන්න වැඩක්.

“අම්මටසිරි මල්ලිලා මොකෝ මෙහෙ?”

“ඇයි අපිට එන්න බැරිද? බලහංකො සෞව්වො.”

“ආ ඔව් ඔව් මේ යුගාට අයෝන් අයියව බලන්න ඕනෙ කිව්වා. ඒකයි මේ ආවෙ”

“කැහ් කැහ්… අම්මෝ ඇටයො.”

තෝ දන්නෑ මගෙ කැම්‍රි කට ගැන. රැව්වට වැඩක් නෑ මයෙඅම්මා. යාළුවව පච කිරීම යනු, වෙනමම ආතල් එකකි. යූ සුඩ් ට්‍රයි. හික්ස්.

“මොකෝ තෝ කකුල පාගන්නෙ. කරන ඒවා කිව්වාම අමාරුතේ…”

“පල බේම්සික බම්ලා. තෝ මහ ගෙවල ඌරෙක් ඕයි”

“මොනාද තොපිලා දෙන්නා ඔය කුටු කුටු ගාන්නෙ. කන්න වර ඔතනට වෙලා ඉන්නෙ නැතුව”

මායි යුගයි කකුල් පාගන් සීතල යුද්දෙක ඉද්දි කිත්මින අයියා සුදු කොඩි වනලා අපිට කන්න කතා කලා, කෑම. කනකොට බොනකොට තරහ මරහ නෑනෙ අපි අතර. හික්ස්

“ඔයැයිලට ට’ම් ටෙස්ට් නෑලු නෙහ්. හරි අසාධාරණයි අප්පා.”

නෑ එක්කො තරහ මරහ තියනවා.

“මේ මේ… අර එදා බයිසිකල් පදින්න ගිය එකේ ෆොටෝ ඔයාලා ගාව තියනව නම් එවන්නකො අප්පා”

“පොඩ්ඩක් ඉඳහංකො මැද්දෙන් පයින්නැතුව මිනිහො”

අම්මපා මුට. දැං අපේ ටර්ම් ටෙස්ට් කියලා දැන ගත්ත ගාන් ම අර මිනිහා ඔහොම බෑ සෞරාෂ් ටර්ම් ටෙස්ට් එකට ඔහොමද ලියන්නෙ, ඒලෙවල්වලට තව ටික කාලයයි නේද කිය කිය ඔලුව කන්න හදනවනේ. අනේ මේ ගෙවලයට තේරෙන්නෙ නෑනෙ.

“ටර්ම් ටෙස්ට් කවද්ද යුගාන්. අභියො පොඩ්ඩක් වැඩිපුර ගනන් ටිකක් හදවන්න ඕනෙ මුං දෙන්නට කියලා. ලිස්සල යන්නමයි බලන්නෙ”

යුගාගෙ මූන බලන් ඉද්දි බෙට්ටක් වගේ උනා. හොඳ වැඩේ තිලාපියට. හරකා වගේ කියෙව්වනෙ. මොනා කරන්න මසට ගන්න කියලද? දැං ඉතිං සාධු කියලා ටොකු කෑමේ සමය අරඹන්න තියෙන්නෙ. බෑ අප්පා මූ මගෙ ඔලුවට ම කෙලිනවනෙ. මොලේ බහිනවා මගෙ මං දන්නව මුගෙ ටොකු කාලම. ඇයි යකෝ. ඉඳපියකො ආපහු ගැහුවොත් මාත් ගහනවා. නිට්ටෑ රිළවා.

“නෑ නෑ මේ අයියෙ එහෙම ඕනෙ නෑ ඉතිං. ඔය කරන විදිහ ඇති නෙහ්. වැඩිය මහන්සි වෙන්න ඕන නෑ අනේ නේද සෞව්වො?”

දැං ඉතිං තෝ චක් බක් ගෑවට වැඩක් නෑ. හරකා.

“නෑ අයියෙ මුට ගනන්ම හදවහන් වැඩිපුරත් එක්ක.”

“මුට නෙමේ උඹටත් ඒකම තමා ඇටයො.”

“අනේ උඹ දෙන්නැතුව ඉදහන් අයියෙ. මට ඕන්නෑ. නේද අභී අයියෙ?”

“කවුද කිව්වෙ එහෙම? උඹත් ටර්ම් ටෙස්ට් ලියනවනෙ. මේ ටිකේ ඉරිදටත් එන්න.”

“අනේ හලෝ. මොකද්ද අප්පා”

වැඩක් නෑනෙ කියලා. මං පව් අප්පා. මේ මීමා තමා මුල මේවට.
ඉන්ටවල් එකෙන් පස්සෙත් සේර ම ටික ඉගැන්නුවා. අම්මෝ ඔලුව සැලඩ් වගේ අප්පා. ඉස්කෝලෙ ඉවර වෙලා සුපුරුදු පරිදි මං නිවසට වැඩම කලා.

“ශුඩු නෝනේ… ඔයාගෙ කොලු පැටියා ආවා…
කෝ අප්පේ… අම්මේ…”

“මොකෝ සෞව් බෙරිහන් දෙන්නෙ. ඔයා ආවා කියලා දැං මුලු ගමට ම ඇහෙන්නැති”

“ගැම්මක් තමා. වීර ධීර හැන්ඩ්සම් කොල්ලෙක් ගෙදර ආවම ගමම දැනගන්න ඕනෙ තමා”

“මරු හැන්ඩ්සම්. අභී පුතා නං තව කිව්වත් කමක් නෑ.”

අර අර ඉතින් කොහෙන් ගියත් අභී පුචා යැයි යැයි යැයි තමා.

“අනේ මේ මං හැන්ඩ්සම් හර්තේ. එන්නෙපා අපහාශ කොරන්න. අභී පුතා කැලේ අපි එක්ක”

“හාකො හාකො. වොශ් කරන් එන්න කෑම කමු”

අම්මා මගෙ කම්මුලටත් තට්ටුවක් දාලා පුපටත් පාරක් දීලා ගියා. පුපමයි පේන්නෙ ඉතිං.
මං කාලා කාමරේට ආවෙ පාඩම් කරන්න. සාපෙ සාපයක් උපෙ කොඩිවිනයක්. සර්ගෙ ක්ලාස් ටියුට් එකක් අරන් ගනං ටික හදාගෙන හදාගෙන ගියා. දැන් මේ ටියුට් දෙතුන් පාර කරලා ඇති. කොච්චර කලත් ආපහු කර්ද්දි අලුතින් ටච් වෙන තැන් තියනවා සර් උනත් කියන්නෙ ටියුට් එකක් අඩුම දෙතුන් පාරක්වත් කරන්න කියලා. ඒලෙවල් පාස්ට් පේපරයක් පස් පාරක්වත් කරන්නලු. එහෙම කරද්දි කරද්දි ටයිමින් හැදෙනවා. දෙයක් නෑ පුතා.

ටිටික්… 🔔

කවුදැයි කවුදැයි මෙසේජ් දාම්නේ… අම්මටශිරි බුවා. ෆිසික්ස් නම් අභී බුවා තමා. මූ නං ෆිසික්ස්වලට අධිපති දෙයියොද කොහෙද. සමහරවිට ගියාආත්මෙ ෆිසික්ස් ගානක් හද හද ඉද්දි වලකජ්ජ ගැහුවද දන්නෑ. නිව්ටන්ගෙ ඔලුවට ඇපලක් වැටුනට මුගෙ ඔලුවට සිරාවට ම පොල් පරාලයක් පතබෑඋනා වෙන්න බෑද? හොඳයි හැබැයි මුගෙ ඔලුවටත් ඇපලක් හරි පැපොලක් හරි වැටුනනං මල සන්නියයං. ඇට රිලවා නියමය කියල ගනං හදන්න වෙයි. මතක් වෙද්දිත් දාඩිය දානවා. පොඩි ගෙඩි තියන ගස් ගාවට යවන්න හොඳ නෑ මූව.

“සෞරාෂ්”

“ඕ”

“මොකද කරන්නෙ”

“ඇඹුල උයනවා”

“මොකක්?”

“ඇඹුල යකෝ ඇඹුල දන්නැද්ද”

“රෑට ඇඹුල හදන්නෑ බං. අනික කෝ ගොවි මහත්තයෙක් උඹට. à·„à·„à·Š à·„à·„à·Š. පඹයට කවලා වරෙන්”

“මං හදන්න් මට ඕන වෙලාවට උඹ හිටහංකො. අනික ඇයි උබ කන්නද අහන්නෙ?”

“ඇයි මං ඔයාගෙ හස්බන්ඩ් ද? Oh my god Saurash, එතකොට ඔයා මගෙ ලිට්ල් වයිෆ්ද? Hoq sweet.”

“කිව්වයි කියලා හිතාගනිං. දැං ඇයි මේ කතා කළේ”

“කතා කළේ නෑ මෙසේජ් කලේ”

අනේ මට පොල්ලක් දෙන්න ප්ලීස්.

“මොකෝ රිප්ලයි නැත්තෙ. තරහ ගිහින් ද? පුපුරයි හොඳේ”

“මමනෙ පුපුරන්නෙ. අනික උඹට ඔය ඉස්කෝලෙද බෙල්ල මිරිකගෙන වගේ නැට්ට පාගන් බෙරිහන් දෙන්නෙ. පුදුමයි උඹේ නහරයක් ගහල නොයනවා”

“හා හා. දැං ඔය පාඩම් කරනවද? කියවන්න ගත්තම සිහිය නෑ උඹට”

“මං යෑ පටන් ගත්තෙ. යනවකො ඉතිං. කතා කරලා ලබු ගෙඩියක් කියවනවා මෙතන”

“හ්ම් හ්ම්. මේ සතියෙ එද්දි අනික් සබ්වලත් පොත් ගෙන්න කියන්න ආවෙ මට දැන් මතක් උනේ ඒක. උඹලව ඉස්කෝලෙද හම්බෙයිද දන්නෑ නෙ. අනික් එක පාස්ට් පේපර්ස් කරන්න හොයාගන්න නැත්තං කියන්න මං බලන්නම්. පේපර්ස් ටිකකුත් බලමු මේ සතියෙ.”

“හා. එතකොට මේක කියන්නද මේ ආවෙ?”

“ඔව්. කොහෙද උඹ වල්පල් කියෙව්වනෙ මුලින්”

“අනේ ඔව් ඔව් මං තමා.”

“ඔය දැනුත් පේන්නැද්ද. බොරුද ඉතිං. හරි මේ දැං ආපහු වැඩ කරන්න යන්න. මොනා හරි අවුල් තැන් තිබ්බොත් කියන්න.”

“හරේ. Bye. Gn.”

“K See yaa ගොවිහාමිනේ🤣”

“අනේ පලයං අයියෙ යන්න. කැත්තෙන් කොටන්නෙ දැනගනිං”

“අම්මෝ හා හා.”

මං දෙක විතර වෙනකන් වැඩකරලා නිදාගත්තෙ හෙට ආපහු ඉස්කෝලෙ නිසා.
.
.
“බෑග් චෙක් කරන්නෙම නෑ නෙහ්?”

ශයියෝ!!! බෑනෙ කොරම්න. කොහෙන් හරි එකෙක් මතු වෙනවානෙ.

“හෙහ්. පෝලිම් වැඩී නෙහ්. අපිට නාස්ති කරන්න වෙලාවක් නෑ සහෝදරයා. නැත්තං අපි මේ නීතියට වැඩකරන මිනිස්සු”

“මොකට කියනවද. අර කලින් දවසකත් පැන්නෙ ඒ නිසා වෙන්නැති”

හරිනෙ. මුට ඇස් කීයක් තියනවද යකෝ. හැමතැනම සීසීටීවි වගේ ඇස් සවිකරන් ඉන්නවද දන්නෑ.

“ඒත් අද වගේම දවසක්. එක වගේ මිනිස්සු නෙමේ දවසුත් තියනවා. ඒකයි”

“හ්ම් හ්ම්. යන්න යන්න”

“ඇහ්? සිරාවටමද?”

“ඇයි චෙක් කරන්න යන්න ඕනද?”

“නෑ නෑ. පිස්සු හැදෙයි. එහෙමං අයියෙ මං ගියා”

මම දැන නොගතිමි, මම සැක නොකලෙමි, අභීෂේක්බා… අභිෂේක්බා…
.
.
” ආ මල්ලේ…”

මුං මොකෝ මෙහෙ කරන්නෙ. අපි හවස ස්කූල් බස් එකට පනකඩාගෙන ගිහින් ඉඳන් අභී අයියාත් එක්ක බස්  එකට නැග්ගෙ කිත්මින අයියයි අයෝන් අයියයි.

“අප්පදබොල උඹල මොකෝ මෙහෙ කරන්නෙ?”

“උඹලාද? උඹද? උඹ නෙහ්? අයෝන් මෙන්න මොනාද අහනවා බෙලෙක්කෙ”

අම්මෝ අම්මෝ කිත්මින අයියෙ. ඇත්ත කතාව හැබැයි අපේ එකාගෙත් හෙන මරිසිය.
අරුං ට්‍රිබල හිටගෙන නිසා යුගයි මායිත් හිටගත්තා ශිට් එක දීලා.

“ඇඹුල කෝ දැං? ඊයෙ ඉදන් නෙහ් හැදුවෙ? à·„à·„à·Š à·„à·„à·Š. ගොවිහාමිනේ තනියම කෑවාද?”

අයියෝ අර දුවන්නෙ මගෙ නම්බුව නේද? ඇයි මං මුගෙන් ඇහුවෙ ඇඹුල දෙන්න ද කියලා. රිවයින්ඩ් කරන්න බැරි වෙයිද දන්නෑ. හොඳ වෙලාවට අර ට්‍රිබල හෙන කයියක්. නැත්තං ඉවරයි.

“ඇඹුල දෙන්නෙ උදේට විතරයි. Breakfast එක දවල්ට කන්න බෑනෙ”

“ආ හා එහෙමත් එකද්ද? ඇඹ්…”

“ශීට් එකක් තියනවා මං ගියා හොඳේ”

කතාව මැද්දෙන් ම ශීට් එකක් දැකලා මං පැන්නා. උඹට මාව මඩවනවා බොරු ශහෝදරයා

“ඉතිං ඇඹුලට මොනාද ඊයෙ රෑ ඉඳන් හැදුවෙ?”

ඈ බොල එහාපැත්තෙ එකෝ තොටත් දැන්ම බහින්න ඕනෙ උනාද? ශීට් එකෙ හිටියත් කල කම් පල දෙයි. ඉහික්. එහෙමයි කියලා මං සැලෙනවද? ජීවිතේට නෑ මිත්‍රවරුනි ජීවිතේට නෑ.

“උබට ම කියලා ස්පෙශල් තණකොළ බැදුමක් හැදුවා. කොහෙද දෙන්න උනේ නෑ නෙ.”

“එතකොට ඔයාද ඒක කෑවෙ?”

ඇහ්? ඇයි අප්පා මට ම කැරකෙන්නෙ. බෑ බෑ බෑ මේක හරි ම අසාධාරණයි. කෝ අර මේකාගෙ මුල් දවස්වල මාත් එක්ක කතා කරද්දි තිබ්බ හෙන ලයින් එක. හුම්.. ඇන්ඩ් ම්… විතරයි. දාහකින් සම්පතක් යකෝ. මූ කට ඇරියොත් මගෙ රෙදිත් ලෙප්ට්. කොහොමින් කොහොම හරි යංතං මං ජාමෙ බේරං හෝමගමින් බැස්සා. අර ඩබලත් අද අභියලෑ ගෙදරලු. ඒකනෙ මේ වෙනස.

————————————————————

මිහිරාව ආවා…

හෙහේ. මට ටයිප් කර කර ඉද්දි නින්ද ගිහින් ඤෙහ්🥲

ඔයාලටත් ඉන්නවද බ්‍රේක් නැති කටක් තියන අතිජාත මිත්‍රයෙක්? සෞව්ට නං පීලින්ග් ඕසම් විත් හිස් ගොම් බෙටි බෙට්ටාලු. 🫠💩

අභී කොලුවාගෙ කට වහන්න සෞට පුලුවන් වෙයිද?
අපේ හිච්චි ගෙවිලියට රෙද්දයි හැට්ට මහන්නත් එපැයි දැන්. අවුරුදු අවුරුදු අප්පා 😪
ඊට කලිම් ටර්ම් ටෙස්ට් ඤෙහ්? ඉම්හි ඉම්හි. හලී…දුකයි

මේ ඒයිලා කතාව ස්ලෝ වැඩීද? I mean ඇදෙනව වැඩීද? එහෙම නං කියන්න හොඳේ. සෞගෙයි අභීගෙයි බොන්ඩ් එක ටික ටික බිල්ඩ් අප් වෙන විදිහට ලියන්න ඕන නිසයි මෙහෙම ලිව්වෙ. එවුනාට වැඩී වගේ නම් කියන්න හොඳේ.
අනික චැපි පොඩි වැඩීද? මට එච්චර මීටර් නෑ. චැපිය ලියද්දි කියවල කියවලම ගානක් නෑ. 🥲💔
කතාවෙ මොන ම හරි අඩුපාඩුවක් තියනව නම් කියන්න. කමෙන්ට් එකකින් කියන්න ඔය දරුවන්ට් සැජ්ජයි වගේ නම් මගෙ ඊමේල් එකට හරි ටුටුක් ගාලා මෙසේජ් පොජ්ජක් එවන්න. (බයෝ එකේ ඇති)

ඒනං ඉචිං මං යනවා…ආපහු නිදියන්න🤣
Bye කුඩු නෝනලා & කුඩු මාත්තියලා 👋
ආතරෙයි තණකොළ බැදුමක් තරම් 🤗🩷

▪️කතුවරයාගේ අවසරයකින් තොරව කතාවේ ඇති කොටස් උපුටා හෝ අන් ආකාරයකින් (ෆොටෝස් / වීඩියෝස් ) සමාජ මාධ්‍යවල පලකිරීමෙන් වළකින්න.

▪️කරුණාකර කර්තෘ අයිතිය ද සුරකින්න.

Arden_Ak

Tags: read novel Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 16, novel Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 16, read Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 16 online, Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 16 chapter, Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 16 high quality, Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 16 light novel, ,

Comment

Leave a Reply

Chapter 18