Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 18

A+ A-

“හා…à·„à·Š”

නිදන් නැගිට්ටාම ඈනුම් යන්නෙ ඇයි? නිදිමතටද? වෙන්න බෑනෙ. ඊටකලින් මේ කොහෙද? ආ… අප්පටසිරි අභියාගෙ කාමරේ. මං ඩෙස් එකට ඔලුව තියාගත්තපාර නින්ද ගිහින් ද? එතකොට දැන් මං ඇඳේ ඉන්නෙ කොහොමද?
මං මගෙ ප්‍රශ්න පත්තරේට උත්තර හිත හිත ඉද්දි අභියා කාමරේට ආවෙ මග් දෙකක් අතේ තියන්.

“ආහ් නැගිට්ටද?”

“ඇහැරවන්න එපැයි අයියෙ. මන් ඔලුව තියාගත්ත ටිකට නින්ද ගිහින් නෙහ්”

“මහන්සි ද?”

“නෑහ් එහෙම මහන්සියක් නෑ. කාලා ඉද්දි අව්ව සැර ආවම නිදිමත එනවා. නැද්ද?”

“මං තමුසෙ වගේ කම්මැලියෙක් නෙමේ.”

ඤං ඤං තමා. මං ජනේලෙන් එළිය බලද්දියි දැක්කෙ රෑ වෙලා කියලා.

“අම්මලා ගියා හවස.”

“ඔහ්. මේ… මං ඇඳට ආවෙ කොහොමද?”

“සෞරාෂ්? උඹට උණද?”

අභියා මං ළඟට ඇවිත් මගෙ නළලට පිටි අල්ල තියලා බැලුවා.

“ඈ? මොකද්ද ඒ කතාවෙ තේරුම?”

“මං පහළට ගිහින් උඩට එද්දි ඔයා නිදන් හිටය නිසා මං කතා කළාම කුනු කුනු ගාලා ආපහු නිදාගන්න හදද්දි ඇඳට යන්න කිව්වහම ඔයාමනෙ ගියෙ.”

මගෙ කටත් ඇරුනා. වස ලැජ්ජාවයි. ඔහොම ගියොත් නිදිමතේ ම මං ගෙවල් බිඳලා මහබැංකුව කොල්ල කාලා ආ ඒකෙ කන්න දෙයක් නෑ නෙ කොහොමත් මිනී මරන්නත් බැරිකමක් නෑ.

“මූන හෝදන් ඇවිත් මේක බොන්න. දැන් අටට විතර ඇති.”

එච්චර වෙලා නින්ද ගිහින්ද.මං කාමරේ තිබ්බ බාතෘම් එකට ගිහින් මූන කට හෝදන් ඇවිත් තේකත් බිව්වට පස්සෙ අභියා මාව ගෙදරට ගෙනත් ඇරලුවා. 

“සෞ මේ… අභී පුතාගෙ අම්මා හරි හොඳයි අනේ. ඔයාට කියන්න…”

මං ගෙදර ඇවිත් වොශ් එකක් දාන් කුස්සියට ගියාම අම්මා එයාගෙ අලුත් යාළුවගෙ විස්තර කියන්න පටන් ගත්තා. මාත් ඉතිං අහන් හිටියා. අම්මා මාත් එක්ක තමා ඔහොම කියවන්නෙ. ආපහු යුගාගෙ අම්මා එක්ක තමා. ඒ දෙන්නා නං බොක්කෙ පිට් දෙක. නෑදෑයො හිටියට හැමතිස්සෙම කතාකරන්න හම්බෙන්නෙ නෑනෙ. ඒ ඇරුනහම අම්මා එහෙම අහල පහල අය එක්ක කියවන්න යන්නෙ නෑ. එයා ගෙදරට වෙලා පාඩුවෙ වැඩක් කරන් ඉන්නවා. මොනවා හරි පොදු වැඩක් තිබ්බොත් නම් ඉතිං බැහැලා උදව් කරනවා. දැං එයාට අලුත් යාළුවෙක් හම්බුන එකේ සතුටටතමා ඔය කියවන්නෙ.
රෑවෙලා ආපහු පාඩම් කරන්න පටන් ගද්දි අභියා මෙසේජ් එකක් එවලා තිබ්බා.

“නිදිමත එනවා වගේ නම් එකදිගට එකම දේ පාඩම් කරන්න යන්න එපා සෞරාෂ්. වෙනස් කර කර පාඩම් කරන්න. ගනං හදන්න, පේපර්ස් ලියන්න. බ්‍රේක් එකකදි සිංදුවක් එහෙමත් අහන්න හැබැයි ආපහු වැඩ කරද්දි සිංදුව ඔලුවෙ තියන් ඉන්න එපා.”

“හරි බොස් 🫡”

මං කැමති ම රෑට පාඩම් කරන්න. හරි නිදහස් නෙ. සද්ද බද්ද නෑ මොකුත් බාධාවක් කියලා දෙයක් නෑ නෙ. එතකොට ෆෝකස් එක තියාගන්න ලේසී.
තව සතියක් දෙකක් ඔය විදිහට ම ගෙවිලා ගියේ පාඩම් වැඩයි ටර්ම් ටෙස්ට් එකේ වැඩයි එක්ක බිසී වෙලා. ටෙස්ට් එක ඉවර උනාම දැනෙන සතුට…

“යුග්ගො උඹල දෙන්නත් වරෙන් අපි යනවා ක්‍රිකට් ගහන්න.”

“ආ යමං ගහමු”

“ආසයි වගේ යුග්ගෝ…”

“ඔව් ඔව් වර ළඟට ආසාව පෙන්නන්න.”

අපේ ක්ලාස් එකේ උනුත් ඩබල් මීනින්ග් පප්පො. එක වචනයයි. ආයිත් පැණිහදේ ගිහින් ළමයිනුත් හදන සීන් එකේ ඉන්න මහ වලත්ත සෙට් එකක්.
උදේ පටන් ගත්ත පිම්ම ඉන්ටවල් එකෙත් බාගයක් විතර යනකම්ම අපි ක්‍රිකට් ගැහුවා. ටර්ම් ටෙස්ට් එක ඉවර උනාට පස්සෙ තමා මේ ආතල්. ඉවරඋන ගාන්ම ලකුණු දෙන්නෙත් නෑනෙ. මේ දවස්වලට ගෙදර යද්දි කෙලින් ම සුදු ඇඳුම දුඹුරුයි. ශමාවෙන්න අම්මෙ ඔයාගෙ පුතා අපිරිසිදු උනා. ඉම්හි ඉම්හි.
.
.
“අදවත් ලකුණු දුන්නොත් එකක් බන්. දෙනවා දෙනවා කියනවා අපිත් බලන් ඉන්නවා දෙන මගුලකුත් නෑ.”

ලකුනු දෙනවා කියන්නෙ පේපරේ ලියනවට වඩා පුප රත් වෙන සීන් එකක්. ආඩවනේ!!!

“ඒ සෞව්වො මේ මොකද්ද අවුරුදු උත්සවේ නැටුමකට එන්න කියලා බං මට. වරෙංකො පොඩ්ඩක් බලලා එන්න.”

යුගා ඕලෙවල් වෙනකන් ඩාන්සින් කළේ. පොරගෙ නැටුමුත් ආයිත් පට්ට. වෙස් බැඳපු ඩයල් එකක් නෙහ් ඉතින් කවර කතාද?
අපි ඩාන්සින් රූම් එකට ගියාට පස්සෙ මිස් යුගාවත්  පෆෝම් එකකට ඇදලා ගත්තා. මං ඉතිං අයිටම් හදන්න උදව් කර කර හිටියා. සබ් එකක් විදිහට නොකළට මට ෆ්‍රී ස්ටයිල් ඩාන්සින් එක්ක තව ගැජමැටික් ඩාන්සින් ස්ටයිල් ටිකක් පුළුවන්. යුගා ඇරුනාම ඉස්කෝලෙ වෙන කවුරුත් දන්නෑ ඕවා ගැන. බෑනෙ නැත්තං. මං චිත්‍රයක් ඇඳගෙන සිංදුවක් කියාගෙන ක්ලබ් ටිකේ වැඩයි ස්පෝර්ට්සුයි කරන් පාඩුවේ ඉන්න මනුස්සයා. හොඳ පාඩුවේ ඉඳිල්ල. ආ… මේ ඉගෙනත් ගන්නවා.
.
.
“අම්මේ… අනේ මේ සරම අඳින විදිහ කියලා දෙන්නකො අප්පා. මේක හැලෙනවනෙ”

“අපෝ සෞ කොල්ලෙක් නේද? සරමක් අඳින්න දන්නැති හැටියක්.”

“අනේ ඉතිං ඒක හැලෙනවනෙ මං ඇවිදිද්දි”

“ඔයාගෙ දැඟලිල්ලට මේක හිටින්නෙ නෑ තමා ඉතිං. මේ බෙල්ට් එක දාගෙන යන්න හරිද. සරමට යටින් කලිසමත් ඇඳන් ඉන්න. ඔයාගෙ විසේ හැටියට ඕක ගැලවෙන්නැතිවෙන්න අන්ඳවන්න මට තේරෙන්නෙ නෑ.”

මාගේ මේ වෑයම මොඩ්ලින් යෑම පිණිස නොවේ හෙට අවුරුදු උත්සවේ සරම කඩානොගෙන ඇඳගෙන සිටීම සඳහායි. හෙට ම බලනවා ඕන මගුලක් ඇයි අප්පා. බැරි ම උනොත් සරම ගලෝලා කලිසමෙන් ඉන්නවා. මං අටේදි විතර සරං ඇඳන් නිදාගන්න ගත්තා ආසාවට. එව්නාට උදේ වෙද්දි සරම ඇවිදින්න ගිහින් තිබ්බ නිසා මං ආපහු ශෝටට ම බැස්සා.
මං සරමයි ශර්ට් එකයි අරවයි මේවයි සේරම බෑග් එකට ඔබා ගන්න ගිය පාර අම්මා රවල බැලුව නිසා ආපහු ලා..ස්සනට පිළී..වෙලට ඒක බෑග් එකට මන්දො කොළා. අපේ උන්ගෙ රෙදි ගැලවෙන ඒ මහා දවස හෙටයි.
.
.
“අනේ ඕයි දන්න එකෙක් මේක අන්දවහංකො.”
“අනේ මේකට කට්ටක්වත් ගහපං බං.”
“ගැලවෙන්නැතිවෙන්න අන්දවහං හොඳේ”
“තොපිලා එකෙක්වත් සරමක් අඳින්න දන්නැද්ද ඕයි!”

මං කිව්වෙ. රෙදි ගැලවීම කෙසේ වෙතත් අද උදේ ඉදන් අපේ උන් ගැලවෙන්නවත් රෙද්දක් ඇඳගන්ක බැරි තත්ත්වෙකට පත්වෙලා තිබ්බා. ක්ලාස් එකෙන් ම සරම අඳින්න දන්න උන්ට කියලා හිටියෙ ශෙයලයි තව දෙතුන් දෙනෙකුයි විතරයි. උන් අපේ උන්ටයි එහා ක්ලාස්වල උන්ටයි හැමෝටම සරම් අන්දවනවා.
මං පැත්තකට වෙලා සරමත් අතේ තියන් යුගා එක්ක කයියක් දාන් හිටියා. අන්තිමට වගේ ඇන්දහම ඇති මං කියන්නෙ මේක පටලං ඉන්න බෑ මට.

“යුගාන්…”

අම්මටසිරි මුන් ටික අවුරුදු කුමාරයො සෙට් එකක් වගේනෙ. අපි කැලේ බලන් ගිහාම.

“ඔහ් අප්පා අයියාලානෙ. මොකෝ උඹලා ත්‍රීසම් ද එක වගේ ඇඳලා. ම්… යමක් සිද්ධ වෙනවා à·€gayyyy…”

“වහප් කට පොඩි පගයා.”

තුන්කට්ටුව ම ගෝල්ඩ් බෝඩරයක් ගිය කළු සරම් වලට ගෝල්ඩ් කහ පාටක් එක්ක කළු මික්ස් උන දිග ශර්ට් ඇඳලා හිටියෙ. මණ්ඩලේ එක වගේ ද කොහෙද මං උදේ දැක්කා ආර්‍යන් අයියත් මේ වගේ එකක් ඇඳන් දුවනවා.

“සෞ ඇටයා මොකෝ කලිසමෙන්?”

“දැන් ම ඇඳගෙන බෑ තව ටිහකින් අඳිනවා.”

“ජෙක් ජෙක් නෙමේ ඇඳගනිං ඕක. උඹලව තව ටිහකින් ග්‍රවුන්ඩ් එකට ගනී.”

“මේ මඟුල් ඇඳන් ඉන්න බෑ අප්පා…”

“යුගාන්… පොඩ්ඩක් එන්නකො පහළට යන්න”

“ඔහොම නෙමේ බං සරම් අඳින්නෙ. අනෙව් මන්දා උඹලත් මෙහෙවර”

අයෝන් අයියා යුගාවත් ඇදන් පහළට ගියාට පස්සෙ කිත්මින අයියත් අපේ උන්ට සරම් අන්දන්න ගියා.

“තනියම ඕක ඇඳගන්න දන්නවද?”

“දන්නවනං මෙහෙම ඉන්නවද හලෝ. හා හා මොකෝ උඹ හිනාවෙන්නෙ. සරම් ඇන්දෙ නැතිඋනාට අපි එල කොල්ලො”

“මං නෑ කිව්වෙ නෑනෙ. මෙහෙට එනවා ඕක අන්දන්න.”

“තදට අන්දන්න හොඳේ. කඩන් වැටුනොත් එහෙම මල හුත්…”

මේකාගෙ රැවිල්ල යකෝ. කියන්න ගිය එකත් අමතක උනා.

“හරියට කතා කරපන්”

“කුණුහරප තියෙන්නෙත් කියන්නනෙ ඉතිං. අපරාදෙ ඕවා නොකිය හිටියාම. ආව් යකෝ හුම්ම ගන්න බෑහ්. බුරුල් කර..පන්.”

මේ අමනුස්සයා මරන්නද යකෝ හදන්නෙ මාව?

“දහම්පාසලුත් ගියා කිව්වා නේද? සරම් අඳින්න දන්නෑ ඒත්”

“ඒවාට අනිසි උපක්‍රම තිබ්බා. මේ හරියට අන්දපන් හොඳේ සභාව මැද්දෙ ලැජ්ජ වෙන්න බෑ.”

“කටවහන් එකවිදිහකට ඉන්නවද මේක අන්දනකන්.”

මේකා පරණ තරහ පිරිමහන්නත් එක්කමද කොහෙද බෙල්ට් එකත් තද කරලා දැම්මා.
බෙල් කරලා ගාථා කිව්වට පස්සෙ අපිට ග්‍රවුන්ඩ් එකට එන්න කියලා තිබ්බා.

“අයියලා එක්ක යමං ඔහොම ඉන්නවා”

“ඈ යුග්ගො, උඹට දැන් අයියලා එක්කමයි නෙහ් ගමන්. ඇහ්? කියපිය බලන්න. අයිය..ලා ද අයෝන් අයි..යා ද?”

“අනේ මේ. ආ අර එනවා”

පගයා, තෝ කතාව වෙනස් කරලා මගෙන් බේරෙන්න හිතුවා මදි.
අපි දෙන්නයි අයාසයයි ශෙයලයි අර තුනයි අනික් අයියලයි සෙට් එකම ග්‍රවුන්ඩ් එකට ගියා. ග්‍රවුන්ඩ් එකේ පැත්තක ගෙයක් වගේ හදලා. ගහක ඔංචිල්ලාවක් බැඳලා රබන් තියලා සරසලා තිබ්බා.

“මේ බං අර්..ර..à·„à·Š හම්මට වැට්..ටුනා”

“බලාගෙන සෞරාෂ්!!!”

මං ග්‍රවුන්ඩ් එකට යන පඩිපෙළ බහිද්දි තව පොඩ්ඩෙන් සරම පෑගිලා පතබෑවෙනවා. අභියා ඇදලා ගත්තෙ නැත්තං මූනත්තහඩුව චොක් තමා.

“හා….à·„à·Š හම්බෝ…à·„à·Š ඇටයෝ… බිම බලං පලයං බං. පියාඹන්නද හදන්නෙ උඹ? තව පොඩ්ඩෙන් චුත වෙනවා මේකා නොහිටියානං. à·„à·„à·Š à·„à·„à·Š…”

“මේ මගුල ඇඳන් ඉන්න බෑ අප්පා. රෙද්ද ගලෝනවා මං මේක”

“පිස්සුද සෞරාෂ් ඇඳන් හිටපන් ක්ලාස් එකට යනකංවත්”

“හරි හරි අභියො උඹල දෙන්නා ඔය ඇඳගන්න ඒවා ඇඳන් වරෙන් අපි අර නුග ගහ ගාවට යනවා හොඳේ”

එවින් අයියා කියාගෙන අනික් උන් ටිකත් එක්ක ගියාට පස්සෙ අර මිනිහා මාවත් ඇදන් අයිනකට ගියා.

“හෙමින් පලයං අයියෙ. වැටෙයි යකෝ.”

“…..”

“මේ සිරාවට ම කලිසම සෙට් බං අයියෙ. මේ මගුක පෑගිලා කඩන් වැටෙනවා අප්පා”

“උඹට තියන අලිවිසේට එහෙම වෙනවා තමා. නැත්තං අර අච්චර තදට අන්දපු එක ලූස් වෙලා වැටෙන්නෙ නෑනෙ. පොඩ්ඩක් එක විදිහකට ඉඳපන් කැපිච්ච පණුවා වගේ දඟලන්නැතුව.
ආ හරි යං… සෞරාෂ් පැන පැන යන්නැතුව හරියට පලයං ආපහු වැටෙන්නද ඕනෙ”

සරම ඕන මගුලක් කරගත්තාවෙ කියලා මන් තිබ්බ පඩිවලින් පැන පැන ග්‍රවුන්ඩ් එකට ආවා.

“ඇයි අප්පා. අතාරින්නකො”

“ඔහොම ඉන්නවා. කිව්වම එක සැරයක් අහපන්. උඩ පැන පැන ගිහින් වැටිලා ලෙලි යවාගත්තහම හරියයි උඹට.”

ඊටපස්සෙ මං සිරිමත් වගේ ආවා නෙමේ එන්න උනා. ඇයි මේකා බුලතා ද මොකාද එකා වගේ මාව අල්ලගත්තානෙ. සරමක් නිසා මා විඳිනා සුරුක්කන්, අභියා ඇවිත් මට කරනා නරක්කන්. හුවෑ…
උදේවරුව ග්‍රවුන්ඩ් එකේ චාරිත්‍ර ටික කරලා අපි ආපහු ක්ලාස්වලට ඇවිත් ඒ වැඩයි චාරිත්‍රයි කරලා කාලා බීලා ආපහු ග්‍රවුන්ඩ් එකට ගියා. ප්‍රිෆෙක්ට්ලගෙයි ක්ලාස්වලයි අනං මනං පෆෝමන්ස් ටිකක් තිබ්බා. ප්‍රිෆෙක්ට්ලගෙ එකේ අපේ අලි සෙට් එක නැටුවා. බලන් ඉන්න ආසයි අප්පා. ඒක හදලා තිබ්බෙ කපල් ඩාන්ස් එකක් විදිහට. මරු කෙල්ලො ටික හැබැයි. ලාලිත්‍ය කඩෙන් ගේන්න වෙනවා. ගහන්න වගේ ගස්සලා පද්දලා යන්නෙ.
අන්තිමට ස්කූල් ඩාන්සින් à·ƒ’කල් එකේ පෆෝමන්ස් එකක් තිබ්බා. ඕකෙ තමා යුගා හිටියෙ. බලන්න එපැයි අයෝන් අයියගෙ උනන්දුව කටත් ඇරන් බලන් හිටියෙ.

“ආල පුරන්නට සිත් බෝමයි
නිදහස සතුටින් කිරි උතුරයි
අස්වනු නෙලන්න හිත ලෝභයි
රූසිරි මවන්න නැකත ළඟයි

ආල පුරන්නට සිත් බෝමයි
නිදහස සතුටින් කිරි උතුරයි
අස්වනු නෙලන්න හිත ලෝභයි
රූසිරි මවන්න නැකත ළඟයි

තරිකිට දොම් දොම් අවුරුද්දයි
රබාන දැන් දැන් හරි සද්දයි
හෙළ ගී ජන ගී රැව් දෙන්නයි
සූරිය මගුලට එක්වෙන්නයි….

තරිකිට දොම් දොම් අවුරුද්දයි
රබාන දැන් දැන් හරි සද්දයි
හෙළ ගී ජන ගී රැව් දෙන්නය
සූරිය මගුලට එක්වෙන්නයි….

සාර සපිරි අස්වැන්නක සාක්කි දෙන්නයි..
රට වට රට මැද හැමතැන කිරි උතුරන්නයි..
පිරිත් පැනින් මූදු සුලග ලොවට හමන්නයි..
නව අවුරුදු සිරිත් විරිත් ජය කැන්දන්නයි..

දොන්ත බබක්කට දෙන්න දෙයක් නැත
පෙට්ටගමක් උඩ තුට්ටු දෙකක් ඇත්
තුට්ටු දෙකක් ඇත

තරිකිට දොම් දොම් අවුරුද්දයි
රබාන දැන් දැන් හරි සද්දයි
හෙළ ගී ජන ගී රැව් දෙන්නයි
සූරිය මගුලට එක්වෙන්නයි

තරිකිට දොම් දොම් අවුරුද්දයි
රබාන දැන් දැන් හරි සද්දයි
හෙළ ගී ජන ගී රැව් දෙන්නයි
සූරිය මගුලට එක්වෙන්නයි

මෘදංගයට ගැට බෙර හඬ මුසුවී යන්නයි
විරු බලයෙන් තුන් කල්හිම රට සුරකින්නයි
කැවිලි පෙවිලි ගම පුරාම සුවඳ හමන්නයි
මහ ගෙදරින් හිරු මගුලට ජය කැන්දන්නයි

දොන්ත බබක්කට දෙන්න දෙයක් නැත
පෙට්ටගමක් උඩ තුට්ටු දෙකක් ඇත
තුට්ටු දෙකක් ඇත

ආල පුරන්නට සිත් බෝමයි
නිදහස සතුටින් කිරි උතුරයි
අස්වනු නෙලන්න හිත ලෝභයි
රූසිරි මවන්න නැකත ළඟයි

තරිකිට දොම් දොම් අවුරුද්දයි
රබාන දැන් දැන් හරි සද්දයි
හෙළ ගී ජන ගී රැව් දෙන්නයි
සූරිය මගුලට එක්වෙන්නයි

තරිකිට දොම් දොම් අවුරුද්දයි
රබාන දැන් දැන් හරි සද්දයි
හෙළ ගී ජන ගී රැව් දෙන්නයි
සූරිය මගුලට එක්වෙන්නයි”

යුගාලගෙ නැටුමෙන් පස්සෙ තිබ්බෙ අවුරුදු කුමාරයා තෝරන එක. සාමාන්‍යයෙන් තරඟෙට ගන්නෙ දහතුන වසරෙන් විතරයි.

” ඒ හලෝ මෙහ්”

“ම්…”

“යනවකො අරකට”

“මොන අරකද්ද?”

“අවුරුදු කුමාරයට”

“බෑ”

ශික් කිව්ව කැත විතරක් බැහ් ගාලා එළුවෙක් වගේ.

“යනවකො හලෝ. මේහ් මං නම දාලා එන්නද?”

“පිස්සුද සෞරාෂ්. මට බෑ ඕවාට යන්න. උඹ නම දාලා තිබ්බොත් බල්ලාගන්නං මං”

“හරි හරි දැම්මෙ නෑනෙ අප්පා. එව්නාට යන්න අප්පා තියෙන්නෙ”

“මට ඕන කුමාරයෙක් නෑ. උඹ රෙද්ද කඩාගන්නැතුව මෙතනට වෙලා හිටපන්”

“ජෙජ්ජ නෙමේ මගුල උඹට කුමාරයෙක් දෙන්නෑ කොහොමත් පිස්සුයෑ. තමුසෙ බෙරිහන්දෙන විදිහට මනුසායෙක්ට ඉන්න පුළුවන් කියලද?”

“එතකොට උඹ මනුස්සයෙක් නෙමේද? ආ නෑ නෙ ගොවිහාමිනේ නෙ නෙහ්? එතකොට මැනිස්සියක්. à·„à·„à·Š à·„à·„à·Š à·„à·„à·Š”

“මා…ර විහිළුව. අනේ මේ අයියෙ නිකන් හිටපන්.”

මටත් ඕන උනානෙ කොහෙවත් යන පිත්තල ගෙම්බෙක්ව කුමාරයා කරන්න. ගෙම්බා ගෙම්බාම තමා. මුට චුක්කි දුන්නා කියලවත් මනුස්සයෙක් වෙන්නෙ නෑ. කැහැටු ගෙම්බා.

“ආ යුගාන් මල්ලි ආලපුරලා ආවද? මේ උඹේ මිනිහව යවපන්කො තරඟෙට”

“මොන මිනිහෙක්ද?”

“අනේ බබා උඹ. අයෝන් උඹ තනිකඩයි බං බලන් ගිහාම”

“කටවහන් හිටපං සසිත.”

“හා බොරුද? මේ අභිය යන්නෙත් නෑනෙ නේද සෞ මලයො”

හා හා එන පොට හොඳ නෑ…

“උඹලගෙ ඉදිරිපත්වීම අන්තිමයි හලෝ. වැඩක් නෑ . මහලොකු ටොප්බෝඩ්.”

“ඇටයෝ… තෝව බෝල කරලා කුණු ඇලට දානවා යනාගමන් හොඳේ. අපි මේ යන්නැත්තෙ අපි ගිහාම අනික් උන් පව් කියලා”

“ඇත්තදූ… ඇයි උඹ චාල්ස් කුමාරයාද?”

“යකෝ වයසට ගැලපෙන එකෙක් කියපන් උඹ එන්නෙපා මෙතන”

“වයසට තමා කිව්වෙ. උඹලා මේ දහාටත් පැනපු දත් හැලෙන නාකි ඩයල් ටිකක් නෙහ්”

“අනේ ඔව් උඹ තාම සූප්පුව කටේ ගහන් ඉන්න එකානෙ”

ඕං ඔහොමයි කතා වෙනස් කරන්නෙ. හික්ස්.
සසිත අයියයි එවින් අයියයි  බිමත් පෙරලෙනවා තව ටිහකින් මංදන්නවා.  යකෝ මුන් දෙන්නගෙ හිනාව. ශික් හොඳ ම හිනාව පොඩි උන්ටනෙ තිබ්බෙ මුන්ට තිබ්බා නං යවන්න තිබ්බා.
කොහොමහරි මුන් එකෙක්වත් තරඟෙට ගියෙ නෑ. ශික් ගියා නං චොක්ලට් කෑල්ලක්වත් කන්න හම්බෙනවා. කුමාරයා උනේ ආට් එකේ මුස්ලිම් කොල්ලෙක්. පට්ට ලස්සනයි හැබැයි ඌත්. වැඩක් නෑ මුන් කැස්වටුවො ටික.
අවුරුදු සිරි එකයි කාලට විතර ඉවර උනාට පස්සෙ අපි ආපහු යුනිෆෝම් මාරුකරන් ගියෙ. ශුවපහශුව මනාවට චියෙනවා අප්පා අර ශරමට වඩා. රොම්බ නල්ල.

————————————————————

හෙලෝව්…

ඒ ළමයි අවුරුදු ශිරි විදිනවා. අඩුගානට පාට් ටයිම් කොහෙක් හොයාගන්න ඕන සමයිනේ. කොහාලට එන්න බෑලු අෆ්ෆා වකේශන් කියලා. 😪💔

සරම් ඇඳන් ඉද්දි පතබෑවෙන්නැතුව නැතුව ඉන්න එක කරන්න අමාරු වැඩක් නෙමේ කරන්න බැරි වැඩක් කියලා සෞ කොලුවා කිව්වා. පව් අප්පා ඒ දරුවා.

කොමෙන්ච් පොජ්ජක් චයිප් කොරන් මොනා හරි දෙසන් යන්න ඒයිලා…

P.S :
මේ දවස්වල භීසන සමයක් නේද? හුම් හුම්… සමහර ඕතර්ස්ලා කතා අන්පබ්ලිශ් කරනවා සමහර ඕතර්ස්ලා නම් නෑ. ප්‍රශ්න ඉක්මනට විසඳේවි. එතකන් ඒ හැමෝම එක්ක හිටපු විදිහටම strongly ඉන්න. ♥️ කොහොමත් ලංකාවෙ තාම LGBTQ වලට කේස් තියනවනෙ. ඉස්සරට වඩා නම් දැන් ගොඩක් හොඳයි ඒත් බහුතරය නෙමේ නෙ. ඉතිං දැන් මේ කතා ලියවෙන ඒවා & අනික් රටවල්වල දේවල් එක්ක ඒ දේවල් ඉස්සරහට හරියයි. හැබැයි ලොකූ…වට මුල් ඇදගත්ත අවුරුදු ගානක් පරණ ගහක් ගැලවෙද්දි වටේ තියන පස් අරව මේවා ගැලවිලා අවුල් වෙනවා වගේ සමාජෙ මුල් බැහැගත්ත මත වෙනස් වෙන එකත් ලේසි දෙයක් නෙමේ. එතකොට මේ වගේ දේවල් වෙන එක සාමාන්‍යයයි නේද? හැබැයි පස්සෙ පස්සෙ ඒ දෙවල් ටික ටික හරියනවා. So positively හිතලා ඉමු. හැබැයි touch එකේ ඉන්න මං කියන්නෙ දෙයක් කරන්න කලින් හිතන්න. අදාල පාර්ශව අවුලවල බලාපොරොත්තු වෙන්නෙ ඇවිලෙන එකනං එහෙම නොවී ඉන්න. එතනිනන්ම ඔයාලා දිනුම්. stay calm. ප්‍රශ්න විසඳේවි ඔවාලා ආතරේ කරන ඕතස්ලා එක්ක ඉන්න. එයාලට ඔයාලානෙ ඉන්නෙ. 🤍

ඒඤං බණ දෙසුම් සමාපත්තයි හෙහෙ.
මං ගොහින් එඤ්ඤං
කැවුමක කොන්ඩෙ තරං ආතරයි අලේව් ♥️
Byeeeee 👋

▪️කතුවරයාගේ අවසරයකින් තොරව කතාවේ ඇති කොටස් උපුටා හෝ අන් ආකාරයකින් (ෆොටෝස් / වීඩියෝස් ) සමාජ මාධ්‍යවල පලකිරීමෙන් වළකින්න.

▪️කරුණාකර කර්තෘ අයිතිය ද සුරකින්න.

Arden_Ak

Tags: read novel Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 18, novel Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 18, read Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 18 online, Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 18 chapter, Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 18 high quality, Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 18 light novel, ,

Comment

Leave a Reply

Chapter 20