Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 19

A+ A-

අවුරුදු උත්සවෙන් පස්සෙ ඉස්කෝලෙ නිවාඩු දුන්න නිසා යුගා ඇවිත් අපේ ගෙදර පැල පදියං උනා. මේ පාර අවුරුද්ද වෙද්දි එහෙ නැන්දයි මාමයි දෙන්නම නෑලු. නිවාඩුව දුන්න ගාන්ම ක්ලාස් දිගට හරහට දාලා අවුරුදු සතිය නිවාඩු දුන්නා.

“ඒ බං ටවුම පැත්තෙ රවුමක් දාලා එමුකො. කම්මැළී ඕයි”

මායි යුගයි අම්මටත් කියලා එළියට බැහැලා ටවුමට පයින් ම ගියා. අවුරුදු ළඟ නිසා ටවුමෙ සෙනඟ පිරිලා හිටියා. ඇඳුම් කඩවල්වල පාකින් එහෙම පිරිලා.

“ඒ යුග්ගො අර නිලා තියනවා අරං යමුකො”

“ඕක හිතන් තමා ඕයි ආවෙ තව පොඩ්ඩෙන් අමතක වෙනවා. හඤේ මගෙ සංකුට්ටා වරෙන් තොත්තුවක් දෙන්න”

“පල අහකට උඹේ බලු කෙල නොගා”

අපි රතිඤ්ඤයි, නිලායි, බඹර චක්කරයි, අහස් කූරුයි එතන තිබ්බ හැමඑකෙන්ම අරගෙන පලතුරු බීම දෙකකුත් බීලා අම්මගෙ උපදෙස් පරිදි කෙසෙල් ඇවරියකුත් අරන් අපි දෙන්නගෙ දොලදුක හේතුකරගෙන බේකලොජියෙන් චීස් කේක් එකකුත් අරන් ගියා.
ගෙදර ගියාට පස්සෙ තුන් දෙනා එකතු වෙලා මහා ශ්‍රමදාන ව්‍යාපාරයක් පටන් ගත්තා.

“තුහ් විතරක් කටෙත් යනවා ඕයි. අම්මපා මේ කැම්‍රි මකුළුවොන්ටත් හරි හමන් තැනක ගෙයක් හදන්න බැරි හැටියක්.”

“කියලා දීපන් ගිහින් පෙදරේරු ශිල්පෙ. හරියට ගෙයක් හදාගන්න ඕනද? දැනුම නැද්ද? අදම අමතන්න ආසන සීමිතයි. යුගාන් ඓශ්චර්‍ය.”

“ඔව් මේ හිටපන් මං ඇඳුමක් දාන් එනකන්. උඹට ආතල් නේද සුදුමාත්තයා. හිත රිදෙනවා සත්තරනේ…”

“ආ ඔය රිදෙන ඒවා හොඳ කරගන්න මේක බීලා”

“හනේව් ශුඩු ඩෝනියා ආතරෙයි අප්පා පපුව පැලෙන්න. තෝ පල අහකට බිංකුණ්ඩා.”

මං බීම එක බීලා යන ගමන් කොසු මිටෙන් යුගාගෙ පස්සට පාරක් ගහන් පැනගෙන දිව්වා. හරි කුරිරු ශතුටක් එනවා අප්පා…

“ඔහොම හිටපිය කොහෙද දුවන්නෙ”

“මගෙ පුපට විතරද ඩෝ ගහන්න පුළුවන්. à·„à·–… අල්ලයි නැට්ට”

“නැට්ට නෙමේ මං තොගෙ… වර මෙහෙ අසහනකාරී වානරයා”

මං සාලෙන් එළියට පැනලා කුස්සිය පැත්තට ගිහින් එළියට බහින තැනෙන් හැංගුනා. අම්මාත් මොකුත් දන්නෑ වගේ කට තදකරන් හිනාව කාගෙන හිටියා සැමගෙ අප්පච්චිට අත්වෙන්න යන ඉරණම ගැන සෝකය පල කරමින්.

“සෞ ඇටයෝ… තොගෙ ඇම්ට දෙක ලෙප්ට් කරන්න කලින් ඉන්න තැනකින් වර.   සුදු නැන්දේ… කෝ මේකා?”

“අනේ මං දන්නෑ ඕවා. දෙන්නත් එක්ක බේරගන්න එකයි ඇත්තෙ”

“හාකො. සෞව්… පැහ්… මොන තුප්පැහි උක්කන වැඩක්ද බල්ලො තෝ කළේ. බලපිය මගෙ මූනෙත් එක්ක අළු බේසමෝ”

අම්මෝ… ආලවක 2K25 version යුගාවක. හෙන කැම්‍රි ගනයේ ආතල් එකක් දැනෙනවා… අරූ දොරෙන් එළියට එද්දි මං ළිප අස් කරලා තිබ්බ අළු ටිකක් විසිකළා.

“අපෙ අප්..පේ ස්..සුදුතාත්තියගෙ ලස්සනහ්… අපායෙ කැලන්ඩරේට හොඳයි. à·„à·„à·Š à·„à·„à·Š…”

“හිටපියකො මං උඹෙන් පලිගන්නවා මේකට. ශුඩු ඩෝනියා ඇයි හිනාවෙන්නෙ. ඔයා එහෙමයි නෙහ්?”

යුගා මටත් පයින් පාරක් ගහන් සාප කර කර ගියා. මං බැරිම තැන බිම වාඩිවෙලත් හිනාඋනා. අම්මත් හිනා කඳුළුත් පැනලා.  මං නැගිටලා බාතෘම් එක පැත්තට ගියා.

“හනේ මොකදෑ මයෙ සුදුතාත්තියාට මේ උනේ. කවුද මේ නස්පැත්තිය කොලේ?”

“කොලේ නෙමේ ගෙඩියේ. ඇටවල්ලා පරිස්සම් වෙලා ඉඳහන් උඹ අවුරුදු දවසට උඹෙ සරම අස්සට රතිඤ්ඤා කරලක් දානවා මං”

කවුදෝ මංදා කිව්වලුනෙ හොඳ ම යාලුවාව අවුස්සල ගන්න සතුට හරකෙක් අවුස්සලවත් ගන්න බෑ කියලා. ඇත්ත තමා නයනී මොකද මූ කුළු හරකෙක්. à·„à·„à·Š à·„à·„à·Š… දැන් නං බඩත් කොරවෙලා වගේ.
මහා අළු සංග්‍රාමයෙන් පස්සෙ ඉතුරු ටිකත් අපි අස්පස් කරලා දැම්මා.
.
.
“ඔය දෙන්නා දැන් කනවා මගෙන් හොඳ පාරක්. ඔය කෑම එකක් හරි අඩුවෙලා තිබ්බදෙන්කො බලන්න”

නොනගතය යනු මහා දුකකි. හුවෑ… මායි යුගයි බඩගිනි නිසා කෑම මේසේ පැත්තෙ රවුම් ගගහා හිටියෙ මොනා හරි කෑමක් කිඩ්නැප් කරන්න. කොහෙද රාජමාතාව රකිනවනෙ එතන.
කොහොමෙන් කොහොමහරි නැකත් එකින් එක පහු වෙලා මං ආසම නැකත ආවා. වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය. මායි යුගයි විනාඩියක් දෙකක් විතර පොතක් අල්ලන් කුටු කුටු ගාලා කන්න ගියා.

“හෙමින් කන්න සුදුපුතා… à·„à·„à·Š à·„à·„à·Š. සෞ මොකෝ මේ… සෝමාලියාවෙන් පැනලා වගේ අනේ ඔය දෙන්නා”

අම්මා කියයි පැය ගාන උනාට අවුරුදු ගානක් බඩගින්නෙ හිටියා වගේ බඩගින්නකින් මං හිටියෙ. අපි කාලා බීලා ගනුදෙනුත් කරලා ඉවර උනාටපස්සෙ යුගයි මායි ගිහින් අහල පහළටත් කෑම ප්ලේට් දීලා ආවා. මං පොඩි කාලෙ ඉදන් ආස ම වැඩක් තමා කෑම ප්ලේට් උස්සන් අනික් ගෙවල්වලට යන එක. කන්න හම්බෙන එක වෙන ම කතාවක් ඉතිං ඒක ම නෙමේ අවුරුද්දෙ අනික් දවස්වල බිසී වෙලා ඉද්දි අහළ පහළ ඉන්න අය පවා දකින්න හම්බෙන්නෙ කලාතුරකින්. අවුරුද්ද දවසට කෑම ප්ලේට් එකක් අරන් ඒ ගෙදරකට ගිහාම පොඩි කාලෙ සෙල්ලම් කරපු කාලෙකින් හම්බුනේ නැති යාළුවො එහෙමත් හම්බෙනවා. අවුරුද්ද කියන්නෙ හරි ලස්සන දෙයක් ඉතිං බිසී ජීවිතත් එක්ක දුවන මිනිස්සුන්ට තමන්ගෙ වටේ පිටේ ඉන්න මිනිස්සු තමන්ගෙ ආදරණීයො එක්ක සතුටු වෙන්න එක එක හේතු මත දුරස් වෙච්ච බැඳීම් හදාගන්න හම්බෙන හරි ලස්සන දවසක්.

ආපහු ගෙදරට ඇවිත් අපි තුන්දෙනත් එක්ක ටීවි එකේ ගිය අවුරුදු උත්සවයි අරව මේවා බල බල ඉඳලා රෑ වෙලා එළියට ගියෙ ගිනිකෙළි සංදර්ශනයක් දාන්න.

“දන්නවද සෞව්වො වැඩක්.”

“ඇහ්?”

“මං ඇච්චා කාලෙ හඳුන්කූරු පෙට්ටිවල නිලා තියෙයි කියලා හෙන බයෙන් ඕයි බුදුපහනෙ හඳුන්කූර පත්තු කරන්නෙ.”

“à·„à·„à·Š à·„à·„à·Š. උඹට දෙකම එක වගේද යකෝ පෙවුනෙ?”

“සුදු පුතා දන්නවද මෙයා ඔය හිනා උනාට හයේ හතේදිත් ගස්ලබු කෝට්ටෙ ගහන් නිලා කූර පත්තු කලේ. දැන් ඔය ලොකු කතා කිව්වට”

“අයියෝ අම්මෙ ඔයා එක්ක බෑ අනේ.”

“අම්මෝ සෞව්වෝ…à·„à·„à·Š à·„à·„à·Š. දාහකට ගහන්න වගේ යකෝ උඹ හිටියෙ ඉස්සර කවුද දන්නෙ නිලාවලට බයයි කියලා. à·„à·„à·Š à·„à·„à·Š.”

“අනේ පල යන්න. අපි මල් යකෝ ඒකයි”

“ඉඳපන් හිනාවෙලා ඉවරවෙනකන්…”

සෙල්ලම් දාලා ඉවරවෙලා ඇවිත් මං ඇඳට පැන්නෙ නිදාගන්න කලින් ෆෝන් එක බලන්න කියලා හිතාගෙන. තිබ්බ විශ්වලට රිප්ලයි කරලා මං ස්ටේටස් බල බල ඉද්දි අභියා ඉස්කෝලෙ අවුරුදු උත්සවේ ශෝට් වීඩියෝ එකක් දාලා තිබ්බා.

“මේක එවනවකො”

“🤨”

“ස්ටේටස් එක එවන්ඩෝ…”

“අවුරුදු දවසෙවත් පොඩ්ඩම් ලස්සනට කතා කරන්න සෞරාෂ්.”

“ඉඳපං ලියවැලක් දාලා හැඩකරන්න”

“😑”

“මොකෝ වෙන්නෙ?”

ඇයි මං එහෙම ඇහුවෙ? හරි මං ඌ එක්ක ෆිට් එක හරි තමා. එව්නාට මං ඔය වගේ ප්‍රශ්නයක් නං අහල නෑ. ශික් ඩිලීට් කරන්නත් බෑ දැක්කනෙ.

“ෆෝන් එකේ තමා හිටියෙ. ඔයා?”

“Same”

“Hmm..”

ස්ටේටස් වල ඕවට තියන ටහිකෙන නමුත් මතක් වෙනවා ඒ අස්සෙ.

“එන්නෙපා ඕවා කියාගෙන”

“මොකද්ද? ඇයි?”

“Hmm කියලා එව්වෙ”

“ඉතින්?🤨”

“Hmm = Hug me more ආස නෑ හරිය”

“අනේ උඹත්.🤣 මං යනවා ඔලුව කොළොප්පන් වෙනවා මගෙ. Bye. Gn”

“පලකො ඉතින් අල්ලගත්ත යෑ. වීඩියො එක එවපන් මුලින් ම.”

“🎥 – හරිනෙ?”

“එල. Bye හොඳේ”

මං ෆෝන් එක පැත්තකින් තියද්දි යුගාත් වොශ් එකක් දාන් ආව නිසා ලයිට් ඕෆ් කරලා නිදාගත්තා.
අවුරුද්දට පස්සෙ දවසෙ අපි තුන්දෙනයි මහප්පලයි බාප්පලයි සේරම ආච්චිලාගෙ ගෙදර ගියා. අවුරුදු දවසට හරි පස්සෙ දවසට හරි මෙහෙම  ආච්චිලගෙ ගෙදරට හැමෝම එකතු වෙනවා. හැමෝම කියන්නෙ තාත්තගෙ අයියයි මල්ලියි අක්කල දෙන්නයි තමා. එදාට ඉතිං හැමෝම එකතු වෙලා ආතල් එකේ ඉන්නවා.
උදේ වරුවෙම අපි අවුරුදු සෙල්ලම් කර කර ඉඳලා පස්සෙ රෑ වෙලා සිංදු කියලා නටලා ජොලියෙ හිටියා. පවුලෙ ඉන්න කොල්ලො කෙල්ලො ටිකත් සේරම වගේ ඉන්නෙ ළඟ ළඟ වයස්වල නිසා හොඳයි ඉතිං.
අපි ආපහු එන්න කලින් ආච්චි මාව ළඟට ගෙන්නගත්තා.

“සෞ, තාත්තා මොකෝ දැන්?”

“ලොකු දෙයක් නෑ ආච්චි අම්මෙ.”

“ම්… මගෙ පුතා පුතාගෙ වැඩ හරියට කරන් ඉස්සරහට යන්න හරිද? උඹලගෙ තාත්තා මගෙ දරුවෙක් කියන්නත් ලැජ්ජයි පුතේ මට. උඹ අම්මවත් බලාගෙන පරිස්සමෙන් ඉදපන්”

“හරි ආච්චි අම්මෙ. අපි ගිහින් එන්නං”

මං ආච්චිටත් වැඳලා යනවා කියන් ගෙදර එන්න ආවා. තාත්තා… අවුරුද්දටවත් ගෙදර ආවෙ නෑ ඔයා කොහොම හිටපු කෙනෙක් ද තාත්තෙ?

————————————————————

අද චැපි බබෙක් දෙන්න වෙන්නෙ ඊළඟ එකට කතාව කඩන්න ඕනෙ නිසා. ඒකත් දැම්මොත් ඔකු වැඩී අලෙව්. 🫠

නිලා කූර ගස්ලබු බටේ ගහන් පත්තු කරපු වීර දරුවො ගැම්මට අත උස්සන්ඩලා… 😌✋

කොහා ඤැහ් දෝණිගෙ ගෙදර ගිහින් එන්න දෙන්නෑලු 😪💔

කියම්න යමක් ඔලුවට නැගෙන්නේ නැත ඉතිම්.
මං ගොහිං එඤ්ඤං ඒනං.
Byeee ශුඩූලා… 👋

▪️කතුවරයාගේ අවසරයකින් තොරව කතාවේ ඇති කොටස් උපුටා හෝ අන් ආකාරයකින් (ෆොටෝස් / වීඩියෝස් ) සමාජ මාධ්‍යවල පලකිරීමෙන් වළකින්න.

▪️කරුණාකර කර්තෘ අයිතිය ද සුරකින්න.

Arden_Ak

Tags: read novel Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 19, novel Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 19, read Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 19 online, Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 19 chapter, Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 19 high quality, Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 19 light novel, ,

Comment

Leave a Reply

Chapter 21