Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 20

A+ A-

අවුරුදු තිබිලා සතියකට පස්සෙ අද ඉස්කෝල පටන් ගන්නවා. යෑස් දැට්ස් මීන් අද අසෙම්බ්ලි. අපිටත් පුටුවල ඉඳන් අසෙම්බ්ලි තියන ක්‍රමයක් හදන්න බැරිද? හොඳ ම වැඩේ කියන්නෙ අපේ අලුත් පිනා මහතාත් අද ඇවිත් වැඩභාරගන්නවා. අඩු ම ඉන්ටවල් එකටවත් ක්ලාස් එකට යන්න තිබ්බොත් හොඳටෝම ඇති.

“යුග්ගෝ… දැන් නං මගෙ පාදාන්තයෝ ඇදුම් කනවා ඕයි”

“ඇඳුම් කන්න තෝගෙ කකුල කාවෙක්ද?”

“කිව්වයි කියලා හිතාගනිං”

අලුත් පිනා සර් ඇවිත් කතා කරලා සේරම කරලා රැස්වීම ඉවර කරද්දි නවයට පහයි. මං අහන්නෙ ඔයාලට අපේ සූටි කකුල් ගැන හිම්මිජ්ජක්වත් අනුකම්පා හිතෙන්නැද්ද? හරී..ම දුක්ඛිතයි.

මුල් සති දෙක තුනේ ම ඉස්කෝලෙ වැඩ ස්මූත් එකේ කරගෙන ගියා. ස්මූත් එක නැති වෙන්නෙ සෙනසුරාදාට තමා. ඔලුවෙ වළවල් ගොඩක් අර ගෝත ගන්ධබ්බයකාගෙන් ටොකු කාලාම. කවුරුන් අසත්දෝ මෙමාගෙ සෝකය…අහෝ!
මේ පාර ටර්ම් ටෙස්ට් එකේ ලකුණු හැත්තැතුනක් වෙලා තිබ්බා. ආ ශේප් එකේ හදාගන්න පුළුවන් කිව්වාම, එහෙම බෑ සෞරාෂ්. ඕලෙවල්වල ඒ නමය වගේ මෙතන ඒ තුන විතරක් තිබ්බට වැඩක් නෑ ගන්න ඒ තුන උඩ ලකුණුවලින් තියෙන්නෙ ඕන නැත්තං බෑ යැයි යැයි යැයි ගානවා. මං ඉතිං උට ලද දෙයින් සතුටු වෙයන් කියල ටොක්කක් ඇනලා කියන්න ගියෙ නෑ à·„à·’ à·„à·“… පෘථග්ජන මිනිස්සුනේ ඔහොම තමා කියලා හිත හදාගත්තා.

මේ අස්සෙ මොකද්ද මංදා හෙන පතරංග සංවිධානෙකින් ඉන්ට ස්කූල් ස්පෝට්ස් තරඟ තියනව කියල කිව්වා. සෝ මේ ටිකේ ම මන් ක්ලාස් නැති දවස්වලට බයිපාස් එකට ගිහින් ප්‍රැක්ටිස් උනා. ඉස්කෝලෙනුත් උදේ පාන්දර ප්‍රැක්ටිස් දාලා. බෑ අප්පාවේ මේ සුමේ කොරන්ඩ.

“සෞව්වෝ…..”

“මොන à·„à·”.. කරට පයින්න එපා යකෝ. කොන්ද යයි හටස් ගාලා. තොට තමා රෝද ටික දාන් පදින්න වෙන්නෙ.”

“පඩිමු මැණිකෙ පඩිමු”

“ඒ… වලත්තයා”

“මන්දාරම් කතාවේ…
අභි කින්නරාවේ…”

“පිස්සුද උඹට මොකද්ද ඔය කියවන්නෙ?!

යුගා මට ඇහි බැමෙන් ඉස්සරහ බලන්න කියලා පෙන්නුව නිසා මන් හැරිලා බැලුවා.

“සෞරාෂ්”

“ආ අයියෙ”

“මේක බලාම්කො යකෝ මෙච්චර මේ මං ඉන්නවා උඹට පේන්නෙත් සෞරාෂ් විතරයි නේද අයියෙ? සුනඛ වැඩ හරිය”

“උඹව ප්‍රැක්ටිස් වෙලාවෙත් දැක්කෙ බං. අනික උඹව පේන එකා ක්ලාස් එකේ ඇති බලපං ගිහින්”

“හා හා අපි යන්… වේට් වේට් වේට් මාව පේන එකා හරි කියමුකො උඹට ඇයි අයියෙ මූව පේන්නෙ. ආ? උඹලා දෙන්නා…ආව් ආව් මන් මස්ත මගන් හොඳේ. සෞව්වෝ…”

“හුයන්නක් නොකියා ඉඳපන්.”

“අනේ උඹේ කට මල්ලී…”

“හරි හරි හාකො ඔහොම යමුකෝ… අපි ගියා එහෙනං”

යුගා ඉස්සරහට දුවන් ගිහින් ආපහු පස්සෙන් පස්සට ආවා.

“මස්සිනා මගෙ සංකුට්ටාව පරිස්සමට මට භාරදෙන්න හොඳේ”

“පලයන් වහුට්ටෝ. මස්සිනා පෙන්නනවා මං උඹට”

යුගා මං සපත්තුව ගලෝලා ගද්දි කූඩෙවෙන් පැනපු මොකාද එකා වගේ අතපය විසික් කර කර කෑ ගගහා දිව්වා.
මං පස්සෙ අභියා දිහා බලද්දි මේකා කන්න වගේ යස්සාරූඪ වෙලා ඉන්නවා. මං මොකුත් වැරදි දෙයක් කිව්වද? නෑ නෙ. සිප් එකවත් ඇරලද? නෑනෙ බොටමනෙ ඇඳලා ඉන්නෙ.

“උඹට නං කොච්චර කිව්වත් හරියට කතා කරන්නෑ”

“මං වැරදියට කතා කළේ නෑනෙ ඉතිං”

“කිව්වාම කියන්න දාහක් දේවල් තියනවා ඉතිං”

“දාහක් කොහෙද මං කිව්වෙ එකයි”

හරී. තව තත්පර තුනයි දෙකයි එකයි. පිපුරුවා… කොහොම පිපුරුවත් මං ගනන් ගන්නවද? නෑනෙ බිකෝස් මන් කරන්නෙ බයෝ. හික්ස්. අපි බය වෙයි. පුහ්. එව්නාට වැඩි ආරක්ෂා පතා මං අරූ මොකුත් ක්‍රියාමාර්ගයක් ගන්න කලින් එතනින් පැනලා දුවන් ආවා. සේෆ්ට් පස්ට් නෙ ඒයි. රිළා ප්‍රහාරෙකට එහෙම ලක් උනොත් කාට කියලා කියන්නද මං.

දවස් සති ගෙවිලා යද්දි මැච් සීරීස් එකේ එකේක ලෙවල්වලට අප් වෙවී මැචස් තිබ්බා. අද තියෙන පළාත් එකෙන් සිලෙක්ට් උනොත් සමස්ථ ලංකා එකට යන්නෙ.

“ගුඩ්ලක් මචෝ… හොඳට කරපන්.”

“තෑන්ක්ස් බං”

ටීම් එකේ උන් විශ් කලාට පස්සෙ මං තරඟෙ තියන තැනට ආවා. සෝලෝ අයිටම් එකක් නිසා රිස්ක් එක අඩුයි එව්නාට තනියමනෙ අප්පා බයයි.

🎙️”දැන් තරඟ බිමට පිවිසෙන්නේ බස්නාහිර පළාත නියෝජනය කරමින් අංක පහෙන් තරඟ වදින **** විද්‍යාලයීය ක්‍රීඩක ඩබ්.එම්.අක්ෂාර සෞරාෂ් විජේසිංහ.”

Calm dowm සෞරාෂ්. You can do this! Believe yourselves. මං හොඳ හුස්මක් අරන් පෆෝමන්ස් එක පටන් ගත්තා. බයක් තියනවා. අනිවාර්යයෙන්ම. මොකද මෙච්චර දවස් ප්‍රැක්ටිස් කරලා කරලා අන්තිමට ලංම වෙලා මොකක් හරි වැරැද්දක් උනොත්. දිනන්න ඕනමයි කියන එකේ නෙමේ උදේ රෑ නොබලා ප්‍රැක්ටිස් උනා මං ඒක නිසා වරද්දගන්න බෑ. යාහ්! නියමයි සෞරාෂ්. කෝන්ස් එකක්වත් වැටුනෙ නෑ. ඩෙංග ඩෙගා. O GOD FOCUS MAN!!! කඩවුලේ කැරකෙද්දි වැටෙන්න එපා. ප්‍රැක්ටිස්වලදිත් වැටෙන්න ගිහින් හොම්බ් රිවට් වෙනවා කෝච් නොහිටියා නම්. ටට්ට ටා..ං. අම්මේ!!! හරේ හොම්බ කැඩුන්නෑ.

මගෙන් පස්සෙ තව හතර දෙනෙක් හිටියා. ඒ හතරදෙනාගෙනුත් පස්සෙ තමා රිසල්ට් දෙන්නෙ. එතකොට අද තෝරගන්න තුන්දෙනාගෙන් තමා සමස්ථ ලංකා එක තියන්නෙ.

ඩෙංග ටුකුටු ඩෙංග ටුකුටු ඩෙංග ටුකුටු ටුකුටු ටුකුටු
මේ ඔබ සවන් දෙන්නේ සෞරාෂ් ලබ ඩබ් සේවයටයි. ජෙයියනේ ජෙයියනේ මගෙ හාටුව ගැහෙනවා හැටට හැටේ.

🎙”තෙවන ස්ථානය ලබාගන්නේ උතුරු පළාත නියෝජනය කරමින් අංක එකෙන් තරඟ වැදුනු ක්‍රීඩක සහස් සාත්වික් වාස්”

🎙️දෙවන ස්ථානය ලබාගන්නේ බස්නාහිර පළාත නියෝජනය කරමින් අංක පහෙන් තරඟ වැදුනු ක්‍රීඩක ඩබ්.එම්.අක්ෂාර සෞරාෂ් විජේසිංහ.

ඕ……යේ!!! ඩෙංග ඩෙගා. හුරේ හුරේ… මං ළඟ හිටපු අනික් ප්‍රොවින්ස්වල සෙට් එකටත් හෑන්ඩ් ශේක් කරලා පෝඩියම් එකට ගියා.

🎙️”ප්‍රථම ස්ථානය ලබා ගන්නේ මධ්‍යම පළාත නියෝජනය කරමින් අංක අටෙන් තරඟ වැදුනු ක්‍රීඩිකා සී.කේ.දෙව්මි තිසාරා බණ්ඩාර.”

මුලින් ම අනික් සෙට් එකට සෙටිෆිකට්ස් මෙඩ්ල්ස් දීලා අපේ ඒවා දුන්නට පස්සෙ මං ඒ දෙන්නත් හෑන්ඩ් ශේක් කරන් අපේ ඉස්කෝලෙ සෙට් එක හිටපු පැත්තට යද්දි මුං ටික මාව වට කරන් මාව මරන්න හැදුවා.

“Well done Saurash… also good luck!”

ඉස්කෝලෙන් ආව බස් එකට නැග්ගට පස්සෙ අභියා ඇවිත් මට විශ් කළා. තරඟෙට යන්න කලිනුත් ඌ කිව්ව ටික මගෙ ඔලුවට ආවා. “Calm down Saurash. You can do this! Believe yourselves.” මන් ටොක් ගාලා ඔලුවට ගහගත්ත පාර අභියා මං දිහා බය වෙලා බැලුවා.

“මැස්සෙක් à·„à·™ à·„à·š…”

“ම්… ඊළඟ මැච් එක කොහෙද? කවද්ද?”

“හරියට ම තව සති දෙකකින් නුවර”

“හ්ම්…”

හාම් හූම් තමා. කතා කරන්න බැරිද අප්පා. මල සමයං බෝල සබන් මුංගෙත්.
.
.
“පුතා… කෝ ඔයා?”

“ඕ මං මෙහේ…”

“මේ කඩේට ගිහින් සව් කොළ ටිකක් ගේනනකො මැනිකෙ. ඔයා ඉන්න දවස් ටිකේ අලවලා එල්ල ගන්න එපැයි එන්නෙ ආපහු පෝය දවසටනෙ.”

“ආ ඔව් නෙහ්? කෝ දෙන්න. “

“කොමේ එකකුත් ගන්න ඉතුරු සල්ලිවලින්”

හනේව් ආතරේ හිතෙනවා අප්පා මේ කෙල්ලට. මං උඩ පැන පැන් ගෙදරින් ඇවිත් පාරෙ ලස්සනට ගියා. නංගියෙක් එහෙම දැක්කොත් හරි නෑනෙ.
සෞ පුතා සව් කොළ අරන් සව් බිබී ගෙදර එන්න තිබ්බා බොන්න සව් තිබ්බා නම්. හුවෑ… කමල්ලෑ මගෙ පරම ආතරේ තියනවනෙ. කොන්චි මමේ ලයිප් එක කොනෙට් කළා.

අම්මා පාප්ප හදන් ආවට පස්සෙ අපි දෙන්නා කූඩු ටික ඇලෙව්වා. අලවලා වතුර ටිකකුත් ලාවට ඉස්සා එතකොට සව් කොළේ තව ඇදෙනවා. හෙට මේ ටික එල්ලලා දාන්න ඕන. අනිද්දට යනවනෙ.
.
.
අම්මට මං හෙට යන්න කලින් පන්සල් යන්න ඕන කිව්ව නිසා මං අද ඉස්කෝල්ලෙට ගිහින් ඇවිත් හවස පන්සලට ගියා. කොච්චර මහන්සියෙන් හිටියත් පන්සලට ආවම ඒ සේරම නිකන් නැති වෙනවා වගේ. හිතට හරි සැහැල්ලුගතියක් දැනෙනවා. අපි බුදුන් වැදලා ආවාස ගේ පැත්තටත් ගියා.

“ඉලන්දාරියා, කාලෙකින් දැක්කෙත්. ආ නෝනාත් ඇවිත් නෙ”

“එහෙමයි හාමුදුරුවනේ. මෙයා හෙට තරඟෙකට නුවර පිටත් වෙනවා. යන්න කලින් පන්සලට ඇවිත් යන්න ආවෙ”

“හරි හොඳ වැඩක් අම්මෙ. දැන් කාලෙ දරුවො පන්සලකට යන්නෙ එන්නෙත් නෑනෙ නේද? හොඳින් සහභාගී වෙලා එන්නෝන එහෙනම්. මතකතියාගන්න දරුවො ජය වගේ ම පරාජයත් භාරගන්න. පැරදුන වෙලාවටත් පැරදුන හේතුව හොයලා ඒකට පිළියමක් යොදාගන්න ඉගෙනගන්න. අඬලා දොඬලා පලක් වෙන්නෙ නෑ දරුවො.”

“එහෙමයි හාමුදුරුවනේ”

හාමුදුරුවෝ පිරිත් නූලකුත් දුන්නට පස්සෙ අම්මයි මායි හාමුදුරුවන්ටත් වැඳලා ගෙදර ආවා. ඇවිත් කූඩු එල්ලලා බෑග් හදලා මං නිදාගත්තා.

📱:🔔🔔

“පුතා ඉක්මන් කරන්න අභී පුතා කෝල් කළා ළඟ ඉන්නෙ කියලා”

“හරි අම්මෙ මං රෙඩී”

📱පුංචි මමයි කේත්…

අර ඉතින් අම්මා හිනාවෙනවා කට තදකරන්.

“හෙලෝ… මගෙ ඇටයෝ… ගුඩ් ලක් හොඳේ. සුදු තාත්තියට එන්න වෙන්නෑ පනේ. ස්වොරි වෙන්ඩෝනෙ මටත් හෙට ම මැචස් වැටුනනෙ අලේව්”

“හරි බන් උඹත් හොඳට කරහන් හරිද? මන් රෑට ගන්න හිටියෙ උඹට. දැන් කිව්වනෙ ශේප්”

“ශික් විතරක් ලෝභයා. ගනිං රෑටත්. මේ ඉතිං උඹව බලාගන්න ඉන්න එකාත් එක්ක පරිස්සමෙන් ගිහින් එන්න හොඳේ”

“අනේ මේ තෝ නිකන් ඉඳහන්. උඹත් හෙට මැචස් යන්නෙ අයෝන් අයියා එක්කනෙ. හ්ම් හ්ම්…”

“ඔව් ඔව් මං මේ බඩ වෙලා එන්න කියලා බැලුවෙ”

“අනේ තොගෙ කුණු කට තියපිය ෆෝන් එක.මං යනවා”

යුගා එක්ක කියෝ කියෝ ඉද්දි නිංගම ජල රථය ආව නිසා මං ෆෝන් එක තියලා අම්මට සාධු කියන් ආවා. ඉස්කෝලෙන් පහමාර විතර වෙද්දි අපි නුවරට යන්න පිටත් උනා. අපි කිව්වෙ මායි අභියයි අකිත අයියයි රිසව් ඉන්න කොල්ලො දෙන්නෙකුයි මිස්ලා දෙන්නයි සර්ලා එක්කෙනයි. නෝමලි පිට වැඩවලට යද්දි ටොප් බෝඩ් එකම යනවා උනාට මේ පාර මැච් සීරීස් එක නිසා කට්ටිය බෙදිලා යන්නෙ. අපි බුක් කරලා තිබ්බ හොටෙල් එකට නවය වෙද්දි ආවා.

“සෞරාෂ්, තවිරු, පහන් තුන්දෙනාම දැන් ගිහින් රෙස්ට් කරන්න. හවස් වෙලා කෝච් සර් එයි පොඩි ප්‍රැක්ටිස් සෙශන් එකක් තියනවා රෙඩී වෙලා ඉන්න. ඔයාල පස්දෙනාට රූම් දෙකක් තියෙන්නෙ ශෙයාකරගන්න. Ok? මෙන්න කී දෙක තියනවා.”

රෝලර් ස්කේටින් භාර මිස් අපිට කියලා යතුරත් දීලා එයාලගෙ රූම්ස්වලට ගියා. අපි කට්ටියගෙන් තවිරුයි පහනුයි යාළුවො දෙන්නා නිසා එක රූම් එකක් ගත්තා. අපි තුන්දෙනා එකක් ගත්තා. ස්ලීප් පාරක් දාන්න ඕනෙ අප්පා!!!

————————————————————

හායි චුක්කා චුක්කිලාස් අයිම් හියර්…
👀♥️

මේ අවුරුදු කාලෙන් පස්සෙ රෝද කකුල් කාලෙට ඇවිත් ඉන්නේ, සෞට තරඟෙ දිනන්න පුළුවන් වෙන්න කියලා පොල් ගෙඩියක් බිඳන් යන්න හොඳේ.

ඕං ඒ අස්සෙ අභියා මස්සිනාලු යුගාගෙ. එයාගෙන් ම අහගන්න මං දන්නෑ ඕවා. 🙄

තරඟෙ announcement සෙට්ද දන්නෑ හොඳේ. දැනුම අල්පේච්ඡයි ඒ පිළිබඳව🥲

මේ… ඔයැයිලට මතකද තවිරුව. අමතක කරන්න එපා හොඳේ. ( 8 චැපියෙ අග )

චියර් ලීඩර් තනතුර සඳහා නුපුහුණු පුහුණුකරුවන් අවස්සයි. 😌✋

මං යනෝ ඒනම් සෞව් පුතාගෙ රෝද සපත්තුවේ රෝද බලන්න ඕනෙ.
රෝදයක් තරම්ම ආදරෙයි♥️
Bye 👋

▪️කතුවරයාගේ අවසරයකින් තොරව කතාවේ ඇති කොටස් උපුටා හෝ අන් ආකාරයකින් (ෆොටෝස් / වීඩියෝස් ) සමාජ මාධ්‍යවල පලකිරීමෙන් වළකින්න.

▪️කරුණාකර කර්තෘ අයිතිය ද සුරකින්න.

Arden_Ak

Tags: read novel Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 20, novel Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 20, read Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 20 online, Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 20 chapter, Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 20 high quality, Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 20 light novel, ,

Comment

Leave a Reply

Chapter 22