Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 21

A+ A-

හවස තිබ්බ ප්‍රැක්ටිස් සෙශන් එකෙන් පස්සෙ මං රූම් එකට ඇවිත් වොශ් එකක් දාන් කට්ටියත් එක්ක ඩිනර් එක ගත්තා. ආපහු රූම් එකට යන්න කම්මැළී වගේ හිතුන නිසා මං ගාඩ්න් එක පැත්තට ගියා. පොඩි වැහි සීතලක් තිබ්බ නිසා මං කලිසමේ සාක්කු දෙකට අත් දෙකත් දාන් ගිහින් ගහක් යට තිබ්බ බෙන්ච් එකකට ඇවිත් අහස දිහා බලන් හිටියා. අද තනි ම තනි කළු නිලක් තියන අහසෙ හිටියෙ මළානික කහ පාට එළියක් එක්ක ඉන්න පෝය හඳ විතරයි. තරු එකක්වත් පෙන්න තිබ්බෙ නෑ.

“උඹ කොච්චර බලන් හිටියත් ඔච්චර තමා.”

කතා කළේ කවුද බලන්න පිටිපස්ස හැරුනම මං දැක්කෙ තවිරුයි උගෙ යාළුවවයි. තවිරු නක්කලේට වගේ හිනාවක් දාන් ඇවිත් මට එහාපැත්තෙන් බංකුවෙන් වාඩි වෙද්දි උගෙ යාළුවා ඇවිත් අනික් පැත්තෙන් වාඩි උනා.

“මොකද්ද කිව්වෙ කලින්?”

“උඹලා කොච්චර හීන මවන් දැඟලුවත් සීමාවක්  තියනවා ඒක දැනගෙන හිටපං, එහෙම උනොත් හොඳයි”

“වටෙන් ගොඩෙන් කියන්නැතුව කෙලින් කියපන් තවිරු”

“කෙලින් ද? ඉඳපන් එහෙනං. උඹලා ඔය හැම මඟුලම කර කර රඟන්නෙ නිකන් නෙමේ නෙ නෙහ්. වයිස් කැප්ටන්සි එකක් ගත්තෙත් ස්ටාෆ් එකට පු* දීලා වෙන්නැති. හැබැයි අපි නං උඹලගෙ රැඟුම් දන්නවා තොපි මිස්ලවයි හෙඩ්ඩොන්වයි අල්ලං ඉඳන් පු* දෙන ඒවා අපිට නම් පේනවා.”

“තවිරු… හරියට කතා කරපන් මුලින් ම. අනවශ්‍ය කතා නොකියා ඉඳහන්. අනික මට කැප්ටන්සි එකක් ආවෙ වෝට්ස්වලින් මිසක් වෙන මඟුල්වලින් නෙමේ. උඹ කියනවා වගේ අමාරුවක් මට නෑ දැනගනිං”

“වෝට්ස් ගන්නත් උඹ පු* කී දෙනෙක්‍ට දුන්නද කවුද දන්නෙ”

“තවිරු! උඹට සැරයක් කිව්වා!! හරියට කතා කරපන්. මෙතන ප්‍රශ්න දාගන්න හදන්න එපා.”

“ඇයි නැතොත් මොනවා කරන්නද උඹ?”

“ඒක එතකොට බලමු”

“එතකොට නෙමේ දැන් බලාගමු.”

“උඹට එක පාරක් කිව්වා මං! අතගනින් උඹේ!!!”

තවිරු බෙන්ච් එකෙන් නැගිටලා මගෙ ටී එකෙන් අල්ලලා ඇද්දා. මොන මඟුලක්ද ඕයි. මෙතන කෑ ගහලා කේස් දාන් බෑ ඉස්කෝලෙ නමට බ්ලැක් මාර්ක් එකක් එන එක කීයටවත් හොඳ නෑ.

“හැමෝටම දිදී යන එකේ අපිත් පොඩ්ඩක් ඇල්ලුවා කියලා මොකුත් වෙන්නෑනෙ. නැද්ද බං?”

“මොන හුත්… අතෑරපන් මගෙ යකා අවුස්සගන්නැතුව.!!”

“ඇවිස්සියංකො බලන්නත් එක්ක.”

තවිරු කියනවත් එක්ක ම පහන්කාරයා පිටිපස්සෙන් මගෙ දනිස්සට ගැහුව නිසා මාව එක කකුලකින් දන ගැස්සුනා.මං නැගිටින්න හද්දදි අරකා ඇවිත් මගෙ මූනට ගැහුව පාර මාව බිමට වැටුනා.

“ආහ්”

“කෝ උඹේ කට දැන්? බලාගන්නෙ කොහොමද පෙන්නපං බලන්න.”

තවිරුවා මගෙ ඇඟ දෙපැත්තෙන් කකුල් දාලා මගෙ කම්මුලෙන් තද කරලා අල්ලන් අහද්දි මං ඌව තල්ලු කරපු පාර ඌව පිටිපස්සට ගිහින් වැටුනා. ඒත් එක්කම ආපහු ඌ නැගිටලා මං නැගිටිද්දි මගෙ පපුවට කකුලෙන් ගැහුවෙ මාව බිමට වැටෙද්දි.

“à·„à·„à·Š. මොනා කරනව කියලද උඹ කිව්වෙ. ආ? කියපන් බලන්න”

“කැහ් කැහ්… බෙ..ල්ල අතෑර්..රප..න් කිය..න්න.”

අරූ මහෙ ඇඟ උඩ කකුල තියන් හිටියෙ. අනිකාත් මගෙ අත් දෙක අල්ලගත්තා.

“අහගනින් හොඳට..උඹ අද ආවාට හෙට පෆෝම් කරන්නෙ උඹ නෙමේ. ඇයි? Think about this… උඹේ කකුල ක්‍රැක් උනා වගේ උනොත්. à·„à·„à·Š à·„à·„à·Š…  බලාගනින්”

ෂිට්! ෂිට්! අරූ නැගිටලා එකපාරට මගෙ බඩට කකුලෙන් ගැහුවෙ මට අමාරුවට ම ඇස් දෙක තද වෙද්දි.

“කැහ් කැහ්… ආ.à·„à·Š… “

“හෙට පෆෝම් කරන්නෙ උඹ නෙමේ… ඩ්‍රීම් එක බූම්!!!”

අරූ එහෙම කියලා යකඩ පොල්ලක් උස්සන් මගෙ ඉස්සරහට ආවා. කොහෙන්ද යකෝ මේ මඟුල්?

“පිස්සුද තවිරු උඹට!!!? අහ්…”

“Yeah maybe… à·„à·„à·Š à·„à·„à·Š…”

අරූ යකඩ පොල්ලෙන් ගහන්න හදද්දි මං කකුල උස්සලා උගෙ බඩට පාරක් ගැහුවෙ අර මඟුල බිමට වැටෙද්දි. මට නැගිටගන්න බෑ පහනා මාව බිමට තියන් තද කරන් ඉන්න නිසා. දැන් නම් කරන්න දෙයක් නෑ. මෙච්චරයි කරන්න තියෙන්නෙ”

“අයි…”

“කටවහපන් යකෝ මුගෙ!!!”

“යෙප්ස්ක්ජ්ව්බ්ම්… ම්හ්… ම්… අත්හ්රහ්පන්ම්…”

“No chance. Ah?”

“මොකද්ද මෙතන වෙන්නෙ ආ? අතෑරපන් ඔය කොල්ලව දැන්ම!!!”

O god යෙස්. අභියා වෙන්න ඕන ඇවිත් අරුන් දෙන්නට සද්දයක් දාපු පාර උන් මාව අතෑරලා එහාට උනා.

“මොනාද මේ කරන්නෙ තමුසෙලා!!!?”

“………”

“කතාකරපන්!!! කටනැද්ද තොපි දෙන්නගෙ?”

“අයියෙ… ස්..සොරි අපි ම්..මේ…”

“පලයන්”

“ආ?”

“කිව්වහම පලයන් දෙන්නම!!”

මං බිම ඉඳන් ම බෙන්ච් එකට හේත්තු උනා. අරුන් දෙන්නා දිව්වාද කොහෙද. අභියටත් ඩෝන් ගිහින් ද කොහෙද? ඩෝං ගියාට කමක් නෑ මට කෑගහන්න එපා එච්චරයි. අන්තිමට නැත්තං මටත් බනී උඹ මොකෝ තනියම ආවෙ ඤං ඤං ගාලා.

“සෞරාෂ්?”

අභියා මං ගාවට ඇවිත් දනිස්සක් නමලා බිමින් තියන් මට කතා කරපු නිසා මං  බැලුවා. මොනවා කියන්නද?

“ඇයි නැගිටින්නෙ නැත්තෙ? කකුල… නෑනෙ?”

“ආ නෑ දනිස්සට වැදුනා ගැස්සුනා වගේ. අවුලක්.නෑ”

“ම්… නැගිටිමු හෙමින්”

අභියා මට අතදීලා නැගිට්ටලා බෙන්ච් එකෙන් ඉඳගන්න දීලා මට එහාපැත්තෙන් ඉඳගත්තා.

“මොනවද කිව්වෙ?”

“ම්…?”

“ම් නෙමේ මොනවා හරි කිව්වනෙ නේද?”

“හ්ම්…”

“à·„à·„à·Š à·„à·„à·Š. මට එපා කියලා දැන් හුම් හුම් ගාන්නෙ. හරි අහන්න, කෝ.. මේ බලන්න”

“කියන්න”

මං අභියා පැත්ත බලන් කතාව කන්ටිනිව් කරන්න කියද්දි එයා බෙන්ච් එකේ උඩට කකුල හරවන් මං පැත්ත හැරුනා.

“මෙහෙමයි පොඩි කාලෙ ඉදන් ඉගෙන ගෙන ඒවයින් මිනිස්සු තමන්ගෙ අනාගතේ හදාගන්න පටන් ගන්න පටන් ගන්න කාලයක් එනවා. ඒ කාලෙදි සමහරු මැරීගෙන කැපවෙලා මහන්සි නොබලා වැඩ කරලා තැනකට එනවා. තව කට්ටියක් ජීවිතේ විඳිනවා කියාගෙන ඔහේ ඉන්නවා. කොහොමහරි කාලයක් යද්දි ඔය නිසා සොසයිටි එක ඇතුළෙ එකේක ලෙවල්ස් හැදෙනවා. ඒකත් එක්ක පහළ ඉන්න අර උන් උඩට ගිය උන්ට බයිනවා. හරහට කියනවා. උන් ඒ කැපවීම නොකර අර කැපවීම් කරන් දේවල් ලබාගත්ත උන්ට අනං මනං කියෝනවා. අරුං කරපු කැපවීමටයි උන්ට දේවල් ලැබුනෙ අනික් උන් ඒ දේවල්වලින් ඉගෙනගෙන හැදෙන එකටත් වඩා කරන්නෙ අර හැදුන උන්ගෙ නැති වැරදි කියන එක. මොකද උන්ට ඊරිසියයි උන් නොකරපු දේවල් කරලා තැනකට ආපු එව්න් දකිද්දි. ඉතින් උන් අර මිනිස්සුන්ට මඩ ගහනවා. තියන වැරැද්දකට නෙමේ. උන්ට තියෙන්නෙ අර උන්ට බැරි උන දේ අරුං කරපු එකට තරහා. තේරුනාද? දැන් උඹ ඔය අරුං කිව්ව ඒවා හිතන්නෙවත් ඇයි, ආ? උඹ දන්නවා උඹ ගැන. ඔය තැනට එන්න කරපු කැපකිරීම්. ඒ නිසා අරුං කියන දේවල් කෙයා කරන්න යන්න එපා. කොහොමත් මිනිස්සු ගෙඩි තියන ගස්වලට තමා ගල් ගහන්නෙ. නැති ගස්වලට නෙමේ. තේරුනාද?”

මං ඔව් කියන්න ඔලුව වනපු නිසා අභියා ලාවට හිනා වෙලා ඉස්සර බලාගත්තා.

“කොහොමද තේරුනෙ?”

“මොකද්ද? උඹ හිතෙන දේ ගැනද?”

“ඔව්”

“මන් හැමෝගෙම ඇස් කියවන්න දන්නෑ සෞරාෂ් හැබැයි උඹේ ඇස් කියවන්න පුළුවන්. ඒකයි”

“ඒ කොහොමද?”

ආපහු අර ලා හිනාව දානවා. ලස්සනයි හැබැයි මේකා හිනාවෙන්නෙත් නෑ නෙ බුම්මන් ඉන්නවා මිසක්.

“තේරෙනවා.”

ඇයි මට අමුතු දෙයක් හිතට දැනෙන්නෙ. අද මේකා කතා කරන විදිහ වෙනස්ද මංදා නැත්තන් මට හිතෙන විදිහද? ආර්හ්හ්… අර ට්වීටි සීන් එකත් මතක් උනා ඒ අස්සෙ. බැරිවෙලාවත් ඒ ම්… පිස්සුද ඕයි තමුසෙ වෙන්නෙ කොහොමද? ඇයි එකපාට්ට ඕවා හිතන්නෙ. නවත්තගනිං ඕක හා…à·„à·Š

“හේතුව?”

“උඹේ හිත ඇතුළෙ තියන හේතුව වෙන්න පුළුවන්. පස්සෙ බල්…”

“හිත් කියවන්නත් පුළුවන්ද?
හිනාවෙන්නෙ ඇයි අප්පා.”

“මේ අහපන් මගෙ කටින් අහගන්න ම ඕන නෑ උඹට තේරෙනවනෙ. ම්… මං දැන්ම නොකියා ඉන්නම්. This is not the right time. හරි වෙලාවට කියන්නම්.”

“මගෙ හිතේ තියෙන දේ වැර්…”

“ශ්… කිව්වනෙ මට තේරෙනවා. ඒ දේවල් දැන්ම එපා. ස්ටඩීස් නිදහසේ කරන්න මේ ඒ කාලෙ. පස්සෙ අනික් දේවල් ඒ කාලෙදි නිදහසේ කරන්න. දෙක මික්ස් උනොත් එකක්වත් නිදහසේ ගලන් යන්නෑ. තේරුනාද?”

“හ්ම්..ඔව්. එහෙනං.. මං බලන් ඉන්නං හරි වෙලාවෙදි කියනකම්.”

“Yeah. මේ කැප් එක දාගන්න. පින්න තියනවා.”

“ඔයාට?”

“මංද හෙට පෆෝම් කරන්නෙ. ඕක දාගන්නවා.”

ටිකක් වෙලා ඉද්දි එයාගෙ වොච් එකේ ටිටික් ගගා සද්දෙ ආවා. දොළහත් වෙලා නිසා නිදාගන්න යන්න ඕන.

“සෞරාෂ්, cheers to go for  a another trip around the sun”

මං ඇස් ලොකු කරන් බලන් හිටියා. අභියා හිනා උනා.

“මොකෝ බය වෙලා වගේ. à·„à·„à·Š à·„à·„à·Š. Happy born day!”

“බය වෙලා නෙමේ අප්පා මට උදෙත් මතක් උනා දැන් අමතක වෙලා තිබ්බෙ. ඒකයි. However thanks a lot. කොහොමද දන්නෙ?”

“කොහොමහරි දන්නවනෙ. ඕක කියන්න තමා ආවෙ මං. අනං මනනුත් කියෝගත්තනෙ.”

“හෙහේ… ගිෆ්ට් එක ඒ. මං යන්නං එහෙනම්.”

“K good night!”

“Good night”

මං කියන් ආවාට හිතට ආපු කුප්ප අදහසකට ආපහු කෑ ගහපු නිසා අභියා පිටිපස්ස හැරිලා ඇයි කියලා ඇහුවා.

“අමතක උනානෙ. Good night my to be රිළා boyfriend! à·„à·„à·Š à·„à·„à·Š. මං ගියෝ!!!”

අරූගෙන් ප්‍රහාරයක් එල්ල වෙන්න කලින් මං දුවන් ඇවිත් පිටිපස්ස හැරිලා බලද්දි ඒකා කල්පනා කරනවා. අනාදිමත් කාලෙක සිට එන නමක් හලෝව් ඒකහ්. හික්ස්.

📱🔔

“සෞරාෂ්, what did u mean by රිළා? 🙄”

හික්ස් මං කිව්වෙ ඕක ගැන තමා අර හිතුවෙ.

“ප්‍රශ්න පත්තරෙත් එක්ක උත්තර පත්තරෙ දෙන්නෑ හලෝ. එහෙනම් හැපි 🐒 නයිට් එකක් වේවා! බුහ් à·„à·„à·Š හා”

“😒”

ආතල් අප්පා… මං ඇදට ඇවිත් කලින් අපි කතා කරපු දේවල් ආපහු මතක් කළා. අනේහ් හීනයක්ද අප්පා මේ. ඉන්න… එතකොට අර ඩයිරියේ හිටපු ට්වීටි මංද. අනේ අම්මෙ ඇත්තටම මේක හීනයක්ද? මට කවදාවත් හිතුන්නෑ මෙහෙම දෙයක්. අභියා ගැන සමහර වෙලාවට හිතට ආවත් මං ඒවා එහෙම්ම තල්ලු කරලා දැම්මා මිසක්, අනේ!!! එයා කිව්ව වචන තාමත් ඇහෙනවා වගේ. මං බලං ඉන්නවා රිළවෝ…

————————————————————

එම්බල චුක්කා චුක්කියනී මං සපැමිණියා… 😁
කොරි වෙන්න ඕන ඊයෙ එක්සෑම් එකක් තියනව කිව්ව නිසා එන්න උනේ නෑ අලෙව් 🫠 අන්තිමට එක්සෑම් එක තිබ්බෙත් නෑ🥲✋ඉම්හි ඉම්හි

සෞව් පුතාලා නුවර ලූ… අභී අර මොනාත කිව්වෙ 🫣🤭 සෞව් පුතා බලන් ඉන්නංලු. ටුබී නෙමේ කවුරු උනත් මුන් දෙන්නගෙ වලි නම් අහවර වෙන්නෑ. වගකීමෙන් කියන්නෙ. 😁🤣

තවිරුවට අල්ලන් නෙලමුත. 💥 අපේ ට්වීටී පවූ…
සෞව්වා වැඩිය වලියට නොයන්න හේතු තියනවා බලමුකෝ…

කියම්න දේවල් අහවරයි හැබැයි මං යන්නෙ නෑ. හෙ හේ

👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇

දන්නවද වැඩක් අදට කයේල් ලියන්න පටන් අරන් හරියට ම මාසයක්. ♥️✨️🎊️
ඉතිං කයේල් කියන්නෙ මගෙ පළවෙනි කතාව කියලා ඔයාලා දන්නවනෙ. හරියට ම අද වෙද්දි කයේල්ගෙ වීව්ස් 1K උනා. අයිම් සෝ හැපි අලෙව්.

තැන්කුව් ඔයාලා හැමෝට ම. කතාව කියවනවට, vote කරනවට, commentsවලට & also කයේල්ව reading list add කරනවටයි මාව follow කරනවටයිත් තෑම්ස්♥️

ඔවාලගෙ ආතරේට ආතරෙයි අලෙව් 😘❤

හරියට ම අද ම අපේ ඩබලව සෙට් නොකර සෙට් කිරීම මාගේ සැලසුම් සහගත ක්‍රියාවක් නොවේ 😌✋
හෙහේ. ගානට 1 මන්ත්වලින් අභී turned into Saurash’s to be 🐒 boyfriend🤣

ඉතිම් චුක්කා චුක්කියනේ… කයේල් එක්ක දිගට ම ඉන්න 😆✨️

                               &

කතාව කියවද්දි ඔලුවෙ එන මනස්ගාත කමෙන්ට් කරපල්ලා යකුනේ… (පූසා කෑගහන ස්ටිකරේ) හුම්… බිත්තර කට්ටයි, ලොලිපොපුයි, ෆෝන් සැල්පියයි, බෝනික්කයි විතරයි කොමෙන්ටුවක් දාන්නෙ. ඉම්හි ඉම්හි. සිත රිදුනා… මීට පස්සෙ කොටපිය මොනා හරි. 🔪
පැරා එක ටච් කරන් හිටියා කමෙන්ට් අයිකන් එකට තට්ටුවක් දැම්මා කෙටුවා. ඔන්න කියලා දුන්නා හොඳේ 🤣

හරියෝ… මං සූටි ගිප්ට් එකක් දෙන්න හිතුවෙ. 🤭♥ කොමෙන්ටුවේ ඇති බලම්න. 👀 හොඳද? 🫣 ඒක පේන්නෙ නැද්ද. 🫠 නැත්තං මං announcement එකක් දාන්නද හෙට(24/09/05) තෑග්ග දාලා.

දැන් නම් මං යන්නම් නෙහ්?හෙහේ
ඒනම් ඩරුවනේ මං ගියා හොඩේ.
Bye 👋
චුක්කි ගොඩා..ක් ආතරෙයි 😘♥️

▪️කතුවරයාගේ අවසරයකින් තොරව කතාවේ ඇති කොටස් උපුටා හෝ අන් ආකාරයකින් (ෆොටෝස් / වීඩියෝස් ) සමාජ මාධ්‍යවල පලකිරීමෙන් වළකින්න.

▪️කරුණාකර කර්තෘ අයිතිය ද සුරකින්න.

Arden_Ak

Tags: read novel Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 21, novel Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 21, read Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 21 online, Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 21 chapter, Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 21 high quality, Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 21 light novel, ,

Comment

Leave a Reply

Chapter 23