Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 22

A+ A-

ඊයෙ මහ රෑ රිළවා කිව්ව දේවල් මතක් කර කර ඉඳලා කොහොම හරි මට නින්ද යද්දි දෙකටත්  කිට්ටුයි. ඊටප්ස්සෙ ආපහු අටට විතර නැගිටලා වොශප් වෙලා අපි කට්ටිය ගියෙ තරඟ තියන තැනට. අද මෙතන ස්පෝර්ට්ස් කීපෙක ම ෆයිනල්ස් තියෙනවා. අපේ ඒවා තිබ්බෙ එකට දෙකට වගේ නිසා අපි ඉඳන් ඉඳලා වෙලාව කිට්ටු උනහම ගියා. ඊයෙ උන සිද්ධියෙන් පස්සෙ තවිරු මට මූනට හරියට හම්බුනේ ම නෑ. හම්බුනේ නෑ කියන්නෙ මග ඇරියා වගේ. අනේ මට මොකෝ.මෙච්චර කාලෙකටත් ළඟ හිටපු මිනිස්සු කියලා යෑ. මං ඉතින් අභී අයියයි අකිත අයියයි එක්ක කයියක් දාන් හිටියා.

“සෞරාෂ් පුතා තව විනාඩි දහයකින් වගේ ඔයාලගෙ ඒවා පටන් ගනී. ඔයා අර අනික් ළමයි දෙන්නා ඉන්න හරියට ගිහින් ඉන්න. ගුඩ් ලක් පුතා!”

“Thank you miss!”

මං සර්ලා මිස්ලටත් වැඳලා අයියා දිහා බලද්දි එයා ලාවට ඔලුව වනලා යන්න කියලා ඔලුවෙන් ම පෙන්නුවා. විනාඩි පහළවක් විතර යද්දි අපේ ඒවා පටන් ගත්තා. ඇත්තට ම මං ටිකක් බය වෙලා හිටියෙ. අනික් දෙන්නත් බුලට්ස් වගේ පට්ට ම දක්ෂයි. ඉතිං බය හිතෙනවනෙ. හා නැද්ද?
මගෙ නම අනවුන්ස් කළාට පස්සෙ මං මගෙ පෆෝමන්ස් එක කරලා ඉවර කළා. තරඟ සේරම වගේ ඉවර වෙනකන් ඉඳලා අපි එහෙන් එද්දි ම රෑ හත විතර උනා. තරඟ රිසල්ට් දෙන්නෙ පස්සෙලු සෙරමනි එකක් තියලා. බෑනෙ ඉතිම් කොරන්න.
ඉස්කොලෙට ඇවිත් අපි ගෙදරට යද්දි දොළහට විතර ඇති. අද වෙසක් නිසා  පාරෙ හෙනට ම ට්‍රැෆික්. එව්නාට මාර ම ලස්සනයි.

“අභී පුතා දැන් ඔහොම්ම මේ රෑ ම යන්න එපා දරුවො. මහන්සි වෙලත් ඉන්නෙ.”

“නෑ අම්මා අවුලක් නෑ. ආ… මේ අපේ කට්ටිය හෙට වෙසක් බලන්න යනවා. අම්මත් එන්න සෞරාෂ් එක්ක.”

“අනේ පුතේ මම ඇවිත් බෑනෙ ඔයාලට එතකොට බෑනෙ”

“අයියෝ අම්මෙ. තනිය ම නෙමේ අනේ අපේ අම්මලයි හැමෝම එනවා යං හොඳේ”

“ආ එහෙනං යමුකො. ම්… එහෙනං පරිස්සමින් යන්න පුතා.”

අම්මා දොර ගාවින් නැවතුනාට පස්සෙ මං ගේට්ටුව ඇරලා දෙන්න ආවා.

“පරිස්සමෙන් යන්න…”

“ම්… ඇතුළට යන්න.”

අයියා ගියාට පස්සෙ මං  ගේට් එකත් වහන් දොරවලුත් වහන් කාමරේට ඇවිත් වොශ් කරලා ඇඳට පැන්නා. මහන්සියි සුපිරියට. කොහෙ උනත් ගෙදර ඇඳට පරාදයි. මං ෆෝන් එකත් අතේ තියන් බලං හිටියෙ අයියගෙන් මෙසේජ් එකක් එයි කියලා. මීට කලින් එයා එහෙම ගියාට කියලා නොතිබට මං බලං හිටියා. සැරින් සැරේට මට නින්ද ගිහින් ගැස්සිලා ඇහුරුනත් එක්ක. පැය බාගයක් විතර යද්දි මං හිතුවා වගේම මේසේජ් එකක් ආවා. à·„à·“ à·„à·“ උඩ පනින්න හිතෙනවා අනේ…

“සෞරෂ්”

“ඕ”

“මොකෝ තාම ඔන්ලයි ඉඳන් කරන්නෙ. නිදාගන්න. මහන්සි නැද්ද?”

කලින් හිතපුවා කපා හරිනවා මම.

“නෑ මටත් මෙ කොහෙද මංදා අමාරුවක් නෙහ් ඇහැරිලා ඉන්න. මං යනවා”

“Good night”

“Gn”

වැඩිය හොයන්න ගිහා ම අගේ නෑ මුන්ට. මං හිතල ම අකුරු දෙකෙන් රිප්ලයි කරලා ෆෝන් එක පැත්තකින් තියලා නිදාගත්තා.
ඒ පිම්ම ආපහු ඇහැරුනේ එකොළහට විතර.

“ම්… නැගිට්ටද?”

“නින්ද ගියා අම්මෙ”

“මහන්සි ඇති කියලා ඇහැරෙව්වෙ නැත්තෙ. ඉන්න මං කෝපි එකක් හදලා දෙන්න”

“එපාඅම්මා ඕක කියවන්න. මං හදාගන්නම්”

අම්මා පොතක් කියව කියව හිටිය නිසා මං කුස්සියට ඇවිත් මටයි අම්මටයි කෝපි දෙකක් හදන් ඉස්සරහට ගියා.

“ආ මටත් හැදුවද? දැන් කීයටද යාළුවො කට්ටිය ඇවිදින්න යන්න හදන්නෙ?”

“දන්නෑ අම්මෙ. බලන්න ඕන අහලා.”

තේක බිබී අම්මා එක්ක කියෝ කියෝ ඉදලා මං කාමරේට ආවෙ පොතක් අතට ගන්න. ගිය ටිකේ අතින්වත් අල්ලන්න බැරි උනා නෙහ්. මං කිව්වෙ පොත්…
පස්සෙ අපි තුන විතර වෙද්දි ලෑස්ති උනා. අභී අයියා අපිවයි යුගාවයි කට්ටියම එක්කන් කිත්මින අයියලගෙ ගෙදරට ගියා. අද මව්වවරුන්ගේ මගා සමුළුව වගේ නිකන්. අපේ, යුගාගෙ,අයාස්ගෙ,ශෙයලගෙ ඊටප්ස්සෙ අයියලා සෙට් එකගෙමයි. කොහොමහරි අම්මලා නවයයි කොල්ලො එකොළහයි. හොඳ වෙලාවට බේතකට වගේ කිත්මින අයියගෙයි එවින් අයියගෙයි තාත්තලා ආවා. අපි වැඩිහිටි පරපුර වෑන් එකකට දාලා අපි තව වෑන් එකක ආවෙ. අපේ එකේ අයියලා ටික මාරුවෙන් මාරුවට ඩ්‍රයිව් කළා.

“මල්ලී… සෞරාෂ්… අන්න පල ඉස්සරහට.”

“මොකා…ක් ඇහෙන්නෑ…”

වෑන් එකේ ෂටර්ස් වහලා මහ හයියෙන් සිංදු දාලා තිබ්බෙ. කියන මෙලෝ මගුලක් ඇහෙන්නෑ.

“උඹ..පල..ඉස්..සර..හට..”

“ඈ..?”

ඒ පාර සසිත අයියා අභිරූපනත් කරනවා. බලාම්කො එතනත් අභි. හරියන්නෑ හරියන්නෑ.

“ඕකෙ සද්දෙ අඩු කරපාන්!!!”

අන්තිමට සද්දෙ අඩු කළාට පස්සෙ තමා කියන එක ඇහුනෙ.

“පලයන් ඉස්සරහට”

“ඇයි?”

“අඩෝ…මෙන්න මූ ඇයිලූ… අභියෝ… උඹට මේ ඇටයා දැන්ම බූට තියලා…”

“සික්කේ මල්ලි කැතයි ආ”

“අඬන්න එපා අභියො ඔහොම තමා මේ ලෝකෙ හරි දරුණුයි”

ඒ පාර කිත්මින අයියයි එවින් අයියයි කෑගහද්දි ආර්‍යන් අයියා අභියව සනසනවා. යකෝ ඇයි කියලා ඇහුවෙ නොදන්න නිසානෙ. මිනිහා ආ නෑ වෙන්න බෝයියා කතා කළා කියලා කවුද දන්නෙ.

“හා හා යනවා ඉස්සරහට”

අයෝන් අයියා මාව පිටිපස්සෙ සීට් එකෙන් පැන්නුවා. ඔයා වෙන මොකුත් නෙමේ උන් දෙන්නා ඇලී ගැලී ඉන්න ඕන නිසා. හහ්.

“ෂීට් බෙල්ට් දාගන්න”

“ඔව් ඔව් ඇටයො දාගන්න හොඳේ… අප්ප්ච්චි සැරා….යි”

“කටවහපන් උවින්”

“ආ… උඹ එහෙමයි නෙහ්? හා හා ඔහොම පලකො.”

එතන මිතුරු වලියක් යද්දි යුග්ගා මාව අල්ලගන්නං  කියලා මෙසේජ් එකක් එව්වා. මං පිටිපස හැරිලා ශෙප් එකේ ඌට කේන්ද්‍රගත ඇඟිල්ල පෙන්නලා ඉස්සරහ හැරුනා.

“අයියෙ”

“ම්…”

“මොනා හරි කියනවකො. මෙහෙම යන්න කම්මැළී”

ඉස්සරහට ආවට මේකා කටක් හෙල්ලුවෙ නෑ. ආ නෑ සව් දන්සලකදි කට හෙල්ලුවා. මං ඉතින් ඉන්න බැරි  තැන ම කතා කළා. අරුන් ටික පිටිපස්සෙ ඉඳන් මොනාද මගුලක් කරනවා. බලන්න හැරෙන්නවත් බෑ මේ මගුලෙ බෙල්ට් එකක් නිසා.

“මොනවද දැන් කියන්න ඕනෙ?”

“ඕන දෙයක්”

“හ්ම්… එහෙනම් අපි ෆිසි…”

“ආ නෑ නෑ එපා. ආපු විදිහ හොඳයි. එහෙම්ම යමු.”

බක බහ ගගා හිනාවෙන හැටි විතරක්. ඔලු බක්කා.මං තිබ්බ තරහට ම වම් අත කෙනිත්තුවා.

“මොකද බං වෙලා තියෙන්නෙ?”

“ඇයි? මොනාහරි වෙන්නම ඕනෙද?”

“නෑ නෑ හරි.”

ඔහොම හරී…ම සාමකාමී වාතාවරණයක් තුළ අපි කැළණියට ආවා. වාහනේ දාන්නම වෙලාවක් ගියා කොහොමහරි. පස්සෙ අපි වාහනේ ම සෙරෙප්පු දාලා මලුත් අරන් පන්සලට ගියා.
වෙසක් නිසා අද පන්සලේ සෙනඟ පිරිලා. කට්ටියටම එකට ම ආවට ටික ටික එකා දෙන්නා එහෙමෙහෙ වෙනවා. හොඳ වෙලාවට කලින් ම කිව්වෙ කොහෙහිටියත්  ආපහු පහමාර වෙද්දි වෑන් එක ළඟට සෙට් වෙන්න කියලා. පස්සෙ අභියා මාත් එක්ක ගිහින් බුදුන් වැඳලා සේර ම කරලා ඉවර කරලා බෝධිය ඉස්සරහට ඇවිත් ඉඳන් හිටියා. සෙනඟ කොච්චර හිටියත් පන්සලක් කියන්නෙ ම හරි නිස්කලංක තැනක්. ගැඹුරු මුහුද වගේ කොච්චර නැව්වවලින් පිරුනත් එතන නිස්කලංකයි. පන්සලකට ආවම හරි අමුතු ගැඹුරට ගිය හිත නිවන ගතියක් දැනෙනවා. මං ලා හුළඟට හෙළවෙන බෝ කොළ දිහා බලන් ඉඳලා මගෙ එහාපැත්තෙ හිටපු කෙනා දිහා බැලුවා. අද අයියා වෙනස්. මූනෙන් පවා අර ඉස්කෝලෙදි ඉන්න ඇහිබැම ලං කරන් තද පෙනුමක් තියන කෙනා නෙමේ හිටියෙ. අද එයාගෙ මූන ම හරි නිවිච්ච ගතියක් තිබ්බා. සුදු ශර්ට් එකත් එක්ක් ඒක තවත් වැඩි උනා.

“පන්සලට ආවෙත් මං දිහා බලන් ඉන්නද?”

අහපු දේත් එක්ක මං ගැස්සුනා. හොරෙන් බලන් ඉන්නවත් දෙන්නෑනෙ නිදහසේ.

“වටේපිටේ දේවල් ගැන අවධානෙන් ඉන්න එපැයි.”

“ආ…”

මේකා මෙහෙම ලා හිනාව දාද්දි හෙන නිදහසේ ඉන්න නිමිච්ච ගතියක් පේනවා. හොඳ නිමිච්ච ෆ්‍රිජ් එකක දාන්න ඕනෙ.

“යමුද? වෙලාව හරි”

“ආ. යමු”

කට්ටිය ම වෑන් එකට ආවට පස්සෙ අපි යන්න පිටත් උනා. පහමාර කිව්වට හය විතර උනා ඉතිං. අපි මග දිගට තිබ්බ තොරණ් බල බල දන්සල්වලිනුත් කකා බිබී මහරගම තොරණ ගාවටත් ඇවිත් බැහැලා ඒකත් බැලුවා.

“අම්මලගෙ වාහනේ කෝ බන්?”

“ඒ සිරාවට පොඩ්ඩක් කෝල් කරලා බලමු නෙහ්?”

අම්මලාගෙ වාහනේ නැති නිසා සසිත අයියා කෝල් කරලා බලද්දි එයාලා තාම කොට්ටාව හරියෙ කියලා අපිට ඉන්නැතුව උන්න කිව්ව නිසා අපි තොරණ බලලා කොළඹ පැත්තට ගියා. මේ පාර ආර්‍යන් අයියා වාහනේ ගත්ත නිසා මං අභියා එක්ක පිටිපස්සට ආවා.

“ඒ සින්දුවක් කියමු බං.”

“එල එල”

සින්දු කියන්න පටන් ගත්තට කියනවට වඩා කළේ නවත්තපු එක. ඇයි දන්සලක් දකින් දකින් සැරේට බහිනවා. ඊටපස්සෙ කිය කිය හිටපු එක මතක නෑ. කොහොමහරි ගංගාරාමෙ හරියට එන්න පැය දෙක තුනක් ම ගියා. අද වන්වේ කරලා අනං මනං එක්ක ට්‍රැෆික් වැඩී. හැබැයි අපි ශෝට් කට්වලින් දදා ආවෙ.

“ඒ වරෙන් සෙට් එක ම ෆොටෝ එකක් ගන්න”

“මේ එවිනවයි පොඩි උන්වයි ඉස්සරහට දාපන් උන්ව වැහිලා”

“යකෝ ලෑජ්ජ කරන්න එපා”

කූඩුත් බලලා ෆොටෝත් ගහලා එතන තිබ්බ මහා බත් දන්සලෙන් මහා වෙලාවක් ඉඳලා අපි බතුත් කෑවා. සෙට් එකත් එක්ක ඉද්දි ඔය පෝලිම් ගානක් නෑ ඔහේ හිටියා. ඒ කරලා අපි ගෝල්ෆේස් පැත්තටත් ගිහින් එහෙත් බලලා අන්තිමට ආපහු කඩෙනුත් කාලා කිත්මින අයියලගෙ ගෙදරට එද්දි දෙකත් වෙලා. අපි යද්දි අම්මලා ඇවිත් තේත් බොනවා කියෝ.

“ඈ… ඔයාලා කොහොමද අපිට කලින් ආවෙ”

“අපි ඔය ඉලන්දාරි වගේ ලත වෙන්නෙ නෑනෙ. නැද්ද නංගි”

අප්පටසිරි බලහංකො ඉතිං   අනිවා හොවැඩක් කරලා තමා.

“අපිත් ඔය වයසක කෙල්ලො කොල්ලො වගේ නෑනෙ. උපරිම ජොලි තමා”

අනූගනන් වසස් දෙදාස්ගනන් ඒ මහා සටන. කිව්වත් වගේ අම්මලා කොළඹ පැත්තට ඇවිත්නෑලු. වයසක උඩවිය හරි කම්මැලි වෙලා. බොහොම නරකයි.
අපිත් තේ බීලා ගෙදර එන්න ආවා. මගෙ ටුබියා අපි දැම්මා. හෙට ඉස්කෝලෙ යන්නෑ නිවාඩුවක් දාන්න වෙනවා. මොක්ද දැනටමත් හතරයි. ආ හෙට නෙමේ අද. හෙහ්.

————————————————————

දැන් දීලා දීලා ඔවාලා ළඟ සමාව ඉවර වෙලාද? කරන්න දෙයක් නෑ ඒයිලා කඩෙන් අරන් හරි දෙන්න වෙනවා ඉතිං.🫠✋

වෙසක් එකට කොච්චර දන්සල්වලින් කෑවත් අන්තිමට කඩෙන් කාලා එන්නෙ අපි විතරද? 🤭

ආ මේ ඉතිං… ඔයාලගෙ තෑග්ග announcement එකකින් දාන්නම් කිව්වට ඒකටත් සපෝට් නෑ අනේ. ඔන්න දැන් හරි හොඳේ. බයෝ එකේ බලන්න චුක්කා චුක්කිලා ටික (ඊමේල් එකට පහළින්) 😁♥️ Yazwi_03 thank you අක්කෙ ලින්ක් එක හදලා දුන්නට 😁💐

එනම් ඔවාලා තෑග්ග බලම්න හොම්ඳේ.
ආතරෙයි සූ..ට්ටක් 🥰
ටටා Bye 👋

▪️කතුවරයාගේ අවසරයකින් තොරව කතාවේ ඇති කොටස් උපුටා හෝ අන් ආකාරයකින් (ෆොටෝස් / වීඩියෝස් ) සමාජ මාධ්‍යවල පලකිරීමෙන් වළකින්න.

▪️කරුණාකර කර්තෘ අයිතිය ද සුරකින්න.

Arden_Ak

Tags: read novel Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 22, novel Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 22, read Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 22 online, Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 22 chapter, Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 22 high quality, Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 22 light novel, ,

Comment

Leave a Reply

Chapter 24