Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 23

A+ A-

ඊයේ මහන්සියටත් එක්ක ගෙදර ඉඳලා අද ඉස්කෝලෙ ආවෙ. මං අහන්නෙ ඇයි අපි ඉස්කෝලෙ නොයන දවසට ම පීරියඩ් අට ම උගන්නන්නෙ? මං අහළ පහළ උන්ගෙන් පොතුත් ඉල්ලන් ඊයෙ නෝට්ස් ටික කම්ප්ලීට් කරන්න ගත්තා.
ඉන්ටවල් එකෙන් පස්සෙ අපිව මේන් හෝල් එකට ගත්තා මොකද්ද කැරියර් ගයිඩන්ස් ප්‍රෝග්‍රෑම් එකකට කියලා. මායි යුගයි ශෙයලුයි අයාසයයි හෝල් එකට වෙලා ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්නකම් කයියන් දාන් හිටියා. පස්සෙ ප්‍රෝග්‍රෑම් එක පටන් ගත්ත නිසා කටවහගත්තා නෙමේ එහෙම කරගන්න උනා.

“ළමයි මතක තියාගන්න අද ඔයා තෝරගන්න පාත් එක අනුව තමා අනාගෙතේ ඔයාලගෙ ජොබ් එක තීරණය වෙන්නෙ. ඒ නිසා හොඳට හිතලා බලලා දෙයක් කරද්දි තීරණය කරන්න මොකද ටෙක්නොලොජි එකත් එක්ක මේ වෙද්දිත් ගොඩක් ජොබ්ස් ලෝකෙන් නැති වෙලා යනවා. හැබැයි ඔයාලා හරියට හිතලා බලලා තීරණය කළොත් අනාගතේ ඉඩක් තියන රස්සාවක් කරන්න හැකියාව ලැබෙයි. මොකද කිව්වොත් 2025 වෙද්දි මිලියන විසිපහකට ආසන්නව රැකියා අලුතෙන් ලෝකෙට එනවා මේ ටෙක්නොලොජි එකත් එක්කම…”

පැයක් දෙකක් විතර ආපු සර්ලා මිස්ලා කතා කරපුවා අහන් හිටියටා දැන් නම් ඉන්න බැරිවේගෙන එන්නෙ. පුප නලියනවා අප්පා.

“ප්ස්.. ප්ස්.. මෙහ් සෞව්වො”

ශෙයලා මට රහසෙන් වගේ කතා කරපු නිසා මාත් එහෙම්ම කතා කළා.

“ඔහ් කියපන්”

“දැන් නම් මගෙ පශ්චාත්භාගෙ රිදෙනවා ඕයි”

“උබේ බාගෙද රිදෙන්නෙ මගෙ භාග දෙක ම රිදෙනවා”

ශෙයලා මං දිහා අනේ තෝ නම්… වගේ මරං කන ලුක් එකකින් බලන් ඉන්නවා. ඇත්තනෙ භාගෙකට ඇයි අසාධාරණ?

“අයාසයො, මෙහ්.”

“ඔහ් කියපන්”

“ඇයි මේ හොරෙන් කතා කරන්නෙ?”

හතරදෙනාම දැන් නිකන් බෝම්බ ගහන්න ප්ලෑන් කරනවා වගේ රහසෙන් කතාකරන්නෙ.

“ශෙයලගෙ පස්සෙ ඉතුරු භාගෙ හොයනවා. මූ නැති කරගෙන”

“ආහ්.”

“තෝ තෝ කටවහප් සෞව්වො. ශික් බෑ ඕයි මෙහෙම කතා කරන්න උගුරත් මොකද්ද වෙනවා.”

දැන් නම් සිරාවට ම එපා වෙනවා. අයියෝ යන්න දෙන්න අයියෝ!!!
අපි හතරදෙනා අටකන්මන්ත්‍රණයක් දාගෙන හිටියා පැනගන්නවත් විදිහක් නෑනෙ.

“ඇයි උඹලා ඔහොම කියවන්නෙ? හයියෙන් කතාකරපන්”

“බෑහ් අර ගෙඹි මණ්ඩලේ ඉන්නවා ඕ…. ආ මේ මේ අයියෙ හෙහ් කොහොමද?”

“ආ මේ මේ අයියා තමා. මොකෝ උඹලා රහස් සාකච්ඡා?”

“නෑ උවින් අයියෙ එහෙම මොකුත් නෑ. නේද සෞව්වො? කියපන්කො”

“ඔව් අයියෙ අපි මේ කියන ඒවා ගැන කතාඋනේ”

“ආ හා හා හතරදෙනා එහෙනම් ඉවරවෙලා කියපුවා කියල පලයං හොඳේ. අපි පිටිපස්සෙ ඉන්නවා.”

අපි කියලද කිව්වෙ? මං හෙමීට පිටිපස්ස හැරිලා බලද්දි තරහ ගිය රිළවෙක් ඉන්නවා අත්දෙකත් බැඳන් ඔරවගෙන. මං අහිංසක හිනාවක් දාලා ඉස්සරහ හැරිලා කිත්මින අයියා දිහා බැලුවාම ඌ පාච්චල් හිනාවක් දාලා ගියා.
එකයි කාලට විතර ප්‍රෝග්‍රෑම් එක ඉවර කරපු නිසා අපි හතරදෙනත් අනික් ළමයි එක්ක යන්න ගියා.

“බැහැරක් වගේ…”

“ආ උවින් අයියෙ.”

“උඹලට මොකද්ද කිව්වෙ කලින්. ඉන්න කියලා නෙහ්?”

“ඒක විහිලුවක් වගේ එකක් නෙමේද දන්නෑ නෙහ් අයියෙ?”

“නෑ නෑ බටු ඇටයො අපි එහෙම විහිලු කරන්නෑ. වරෙන්කො යන්න.”

වනේ සරණා කිසිම කෙනෙකුට මෙවන් විපතක් සිදුනොවේවා… දැන් කොහොමද කියහංකො අරකා මරන්කන්න බලන් ඉද්දි පචයක්වත් කියන්නෙ.
කිත්මින අයියා අපි හතර දෙනාවත් එක්කගෙන ආපහු හෝල් එකේ පිටිපස්සට ම ගියා. අනේ මුංට ඩියුටි නැද්ද අප්පා. මුං තුන් දෙනාව පිනාට අල්ලලා දුන්නා නම් හරි ඩියුටි කට්කරනවා කියලා.

“හා දැන් කියපන්කො බලන්න මොනාද උඹලා සාකච්ඡා කළේ කියලා”

මුන් සිරාවට ම විහිලුවක් නෙමේද කරන්නෙ. අපි හතරදෙනාම බිම බලන් හිටියා. නෑ නෑ සිරාවට ම බය නෙමේ උන්දිහා බැලුවාම හිනායනවා. මට පැත්තට පේනවා යුගා පට්ට ගේමක් දීලා හිනාව කාගෙන ඉන්නෙ ඒත්.

“හතරදෙනා අතන කියවලා දැන් කටනැද්ද?”

“….”

“අම්මපා බං උඹලට..හිනාවෙන්නෙ මොකෝ? දන්නවා කියලා නෑ තොපි හතරදෙනාව එල්ලනවා දැනගනිං වහලෙක. පල පල ගාථාත් ඉවරයි.”

එල්ලනකන් ඉන්නවනෙ අපිත්. හුහ්. කතාකරන්නැතුව ඉන්න බෑ කියලා මේ මිනිස්සු තේරුම් ගන්න ඕන. කොහෙද මුන්ට තේරෙනව කියලා යෑ. මං අර පුපුරන රිලවා දිහා නොබලා එහෙම්ම හැරිලා අරුන් එක්ක එන්න ආවා.

“සෞරාෂ්…”

හරිනෙ බෑනෙ බෑනෙ. මං ආපහු හැරිලා ඇයි ඇහුවා. අරුන් තුනත් ඉන්නවා මං එනකන් හැරිලා. මිත්‍ර ප්‍රේමය තමා.

“ඔහොම ඉන්න පොඩ්ඩක්. මල්ලි ඔයාලා යන්න”

මෙන්න යකෝ කිව්වා විතරයි යනවා. යකුනේ ඔහොම හිටපියව් මේ මදකිපිච්ච උරුලෑවා මාව ඉවරකරයි. දැන් කතාකරපංකො ඉතින්.

“උඹලා කතා කරලා වරෙන් අපි මල්ලිලා එක්ක ඉන්නං”

යන්න එපා දෙයියනේ…ඇයි යන්නෙ? අපි මෙතන රති කෙලියෙ යෙදෙන්නෑ යකුනේ… මූ මට ගුටි කෙළියෙ යෙදෙයි ද දන්නෑ. අම්මේ ඔයාගෙ සෞව් පුතාව බේරගන්නකෝ…

“මොකෝ හතරවටේ බලබල ඉන්නෙ?”

“ආ නෑ එහෙම නෑ”

“එහෙම නෑ කිව්වට ඒකත් කිව්වෙ එහෙමනෙ. මූනදිහා බලන් කතා කරන්න සෞරාෂ්.”

මං ඔලුව උස්සලා ටිං ගාලා බලලා ආපහු ඔලුව පාත් කළා. නෑ නෑ ඔහොම ඉන්න. මට වැරදුනාද? මං ආපහු මූන දිහාම බැලුවා

” à·„à·„à·Š à·„à·„à·Š. ඒ පාර මොකෝ මං කන්න වගේ බලන් ඉන්නෙ?”

“තරහ ගිහින් නෙමේද හිටියෙ?”

“තරහ ගිහින් නිසා තමා මෙහෙම ඉන්නෙ. තරහ  ඉන්නව නම් මෙහෙම ඉන්නෙ නෑ නෙ”

“මොක්… අනේ මේ අයියෙ කියන එකක් කියපම් රට පටලවන්නැතුව”

“හා හා. දැන් යමං අරුං ටික බලන් ඇති”

“දැන් ඉන්න කිව්වෙ ඇයි?”

“නිකන්”

“ඈ යකෝ… ස්කූල් බස් එකත් ගියා. තෝ නිකන් ද මට ඉන්න කිව්වෙ?”

“ඕ මයි ගොඩ් සෞරාෂ් මොකෝ මේ?”

“මොකෝ අහන්නෙ?”

“Seems like a button mushroom got angry. Ah?”

“අනේ පලයං අයියෙ. මාව හත්තක් වගේද පෙන්නෙ උඹට?”

අර අර කොණ්ඩෙ අවුසාන්න එපා මිනිහො. මූව උස්සලා පොළේ ගහන්න බැරිද මට? Dhp කෙනෙක් හොයාගන්න බැරියෑ. ස්කූල් බස් එක ගිහින් නිසා අපි කට්ටිය ප්‍රයිවට් එකක යන්න ආවා. දැන් එක්සෑම් ළඟ නිසා තුන්දෙනා එකට පාඩම් කරනවලු. ඒ හින්දා අද කිත්මින අයියත් අපිත් එක්කම ආවා. ශෙයලයි අයාසයයි ඉස්කෝලෙ හරියෙ ම නිසා උන් ගියා.

“සෞරාෂ්”

“ඕ…”

“අපි තව අවුරුද්දක් ඉස්කෝලෙ ආවොත් කොහොමද?”

“ඇහ්?”

“ඔව්”

“අපෝ එපා මෙන්න වැන්දා. හිටපං අයියෙ ගෙදරට වෙලා අනේ එන්න එපා”

මෙහෙමයි එනවනම් කැමතියි තමා එහෙම කියලා ඕවා කියන්න පුළුවන්ද? එහෙම හරියන්නෑ.

“….”

“ඇයි එහෙම ඇහුවෙ?”

“නෑ වැඩක් නෑනෙ ඉතිං”

“හරි කියන්නකො මොකද්ද කියලා”

“වැඩක් නෑ”

“අයියෝ හරි හරි අප්පා”

“සර් කිව්වා ඒලෙවල්වලින් පස්සෙ ටොප් බෝඩ් එන්න හදමු කියලා. හරියට ම ෂුවර් නෑ බලමු. ඒකයි ඇහුවෙ. එහෙම උනොත් අපිට ඊළඟ අවුරුද්දත් එන්න වෙනවා”

“අඩේ සිරාවට. තව අවුරුද්දක් වදේ විඳින්න වෙනවා. අපෝ සාපයක් අයියේ උඹලා”

“à·„à·„à·Š à·„à·„à·Š. අවුරුද්දෙන් බේරෙන්න බෑ උඹට නම්”

හෑ හෑ මොක්ද්ද ඒ කිව්වෙ. ගානට වැඩී දැන් රිළවා. දෙන්න ඕනෙ පුප තව රතු වෙන්න. පස්සෙ තෙල් ගගා ඉඳී. එතකොට මූ ඉස්කෝලෙ එන්නෑ. ඒ කියන්නෙ මට ස්කූල් බස් යන්න පුළුවන් වෙනවා. එහෙම උනාම මගෙ සල්ලි ඉතුරුයි. මගෙ පර්ස් එක බේරෙනවා. බැලුවාම මේ රිළවා නිසා තමා මගෙ පර්ස් එක හිස් වෙන්නෙ. හරියන්නෑ මේක.
ගෙදර ආවට පස්සෙත් මං අයියා කිව්ව දේ ගැන හිතුවෙ. ඇත්තටම එයාලා තව අවුරුද්දක් එනවනම් දෙයියනේ… ශෝක් අප්පා. කොහොමත් තව මාසෙකින් විතර එයාලා ඉස්කෝලෙ එන එක නතර කරනවනෙ. එහෙම හිතෙද්දි නම් දුකයිත් වගේ. අනේ සර් කිව්වත් වගේ වේවා ඒස්වාහ් පුඃ

“ආ අයියලා…”

“ඉක්මනට වරෙන් යකෝ බඩගිනී”

දැන් ගොඩක් වෙලාවට ඉන්ටවල් එකට අපි හතරයි අයියලා සෙට් එකමයි එකතු වෙලා කන්නෙ. ආයි කෙලින්ම කපුටු පොර පරාදයි.

“උඹලට දැන් රජ මඟුල් වෙයි නෙහ්?”

“අර මක්කැයි අකිත අයියෙ?”

“දැන් තව ටික කාලෙකින් අපි නවතිනවනෙ”

“හරිම සතුටක් දැනෙනවා නේද සෞව් ඇටයො”

“අම්බෝ ඔව් උඹලාගෙ වදෙන් බේරිලා ඉන්න හම්බෙනවනෙ”

එක්කෙනක් මට රැව්වදත් මන්දා. රිළව් ඔහොම තමා ඉතින් නේද?
ඉන්ටවල් එකට පස්සෙ සේර ම පීරියඩ් ටික ඉගැන්නුවා. සංසාරේ භවේ දුකා අප්පා. කොහොමහරි මේ සතියෙ ම සේර ම වගේ ඉගැන්නුවා ඇයි ඉතින් අමතර වැඩ කියලා මොකුත් නෑ නෙ.

“අයියෙ”

“ම්…”

“ඇත්තට ම ඔයාලා ඉන්නවද?”

“කටවහන් ගාන හදන්න සෞරාෂ්”

“අනේ… කියන්නකො”

“ගාන හදලා හිටපන්.”

“ඊටපස්සෙ කියන්න ඕනෙ හොඳේ?”

අ‍භියා ඔලුවෙන් පොත පෙන්නපු නිසා මං ගාන සුටුස් ගාලා හදලා ආපහු කතාව පටන්ගත්තා

“දැන් කියන්නකො ඉන්නවද? නැද්ද?”

“ඕක කී පාරක් කිව්වද බං මං.”

“ආපහු කියපිය. ගාන හදලා ඉන්න කිව්වෙ ඕක කියන්නද? මං මේ ලොකු කතාවක් කියයි කියලා හිතුවා.”

“කියවන්න නෙමේ…”

“යැයි යැයි යැයි යැයි”

“….”

“ආ…. මේහ් ඒක නෙමේ හලෝ දැන් ඔයාලට එක්සෑම් ළඟ නිසා පාඩම් කරන්න එපැයි නේහ්?”

ඔව් ඔව් අයිබ්‍රෝ එක විතරක් ඉස්සුවාම ඇති කතා කරන්න එපා.

“එහෙම එකේ අපි ආවම අපරාදෙනෙ නෙහ්?”

“දැන් මොකද්ද උඹ කියන්න හදන්නෙ? එන්නෙ නැතුව ඉන්නද? එහෙම ඕන නෑ. ගණං ටික හදපං මගෙන් පාරක් නොකා”

මේ ගුරුවරයා හරි ම ප්‍රචණ්ඩකාරී අප්පා. ඉම්හි ඉම්හි. මේ තත්පර කට්ටට රොකට් තෙල් ගහන්න බෑද?

————————————————————

මා ආඩර චුක්කා චුක්කාවියනි මා සපැමිණියා ඩරුවනේ… හෙහේ සෞඛ්‍ය තත්ත්වෙ ඩවුන්ද පල්ලම් වෙලා හිටියෙ. ටයිම් කොරන්න බෑනෙ ඉචිම් ඔලුවට එන්නෙ නෑ හරියට.🥲

මොකත්තේ මේ ලොකු පිපෙට් අයියලා කියන කතාව? ආපහු අවුරුද්දක් ඉන්ඩලු හදන්නෙ ඕං. ඔයැයිලා මනාපයි ද? එක්කො යවමු ද?

ආ… මෙහ් තෑග්ග දැක්කද ඔයාලා? ටෙලිග්‍රෑම් grp link එකක් තියෙන්නෙ. ටෙලිග්‍රෑම් ඉන්නව නෙහ් ඔයාලා? phone numbers එහෙම නොපෙනෙන්න හදාගන්න පුළුවන් නිසා ටෙලිග්‍රෑම් ගත්තෙ. සේප්ටි පස්ට් කියලා කවුද කාටද මන්දා කිව්වා ඇහුනා🫤

දැන් ඒනම් මං යන්නයි යන්නේ…
කල්ප කාලෙකින් එන්නයි ඉන්නේ…
à·„à·’ à·„à·“… ආතරෙයි ඩරුවනේ♥️
Bye👋

▪️කතුවරයාගේ අවසරයකින් තොරව කතාවේ ඇති කොටස් උපුටා හෝ අන් ආකාරයකින් (ෆොටෝස් / වීඩියෝස් ) සමාජ මාධ්‍යවල පලකිරීමෙන් වළකින්න.

▪️කරුණාකර කර්තෘ අයිතිය ද සුරකින්න.

Arden_Ak

Tags: read novel Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 23, novel Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 23, read Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 23 online, Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 23 chapter, Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 23 high quality, Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 23 light novel, ,

Comment

Leave a Reply

Chapter 25