Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 25

A+ A-

“සෞව්වො සෞව්වො මගෙ සෞව්වො
කොහේද ඔ..යා ඉන්නෙ මගෙ සෞව්වො
සෞව්වො සෞව්වො වෝ…”

මේ සතියෙ ඉස්කෝලෙ දවස් හතරයි අද මොකද්ද මංදා නිවාඩුවක් වැටිලා. අද මායි යුගයි රවුමක් දාන්න යන්න කියලා කතා උනා. කොහෙද කියලා දන්නෑ දැන් තමා බලන්න ඕනෙ. හෙහ්

“කෝමද මගෙ සිංදුව සෞ ඇටයො. ශේප් ඔෆ් යූ සෞ ඇටයා වර්ශන්.”

“ඇස්වහක් කටවහක් නෑ හරි ම කැතයි බං”

“අනේ තෝ පල. පෑලියාව තොපේ ඔය”

යුගා ගස්සන් පද්දන් කුස්සිය පැත්තට ගියා. මුට මුගෙ ගෙදරට වඩා අපේ ගෙදර හුරුදත් මංදා.

“දැන් දෙන්නා කොහෙද යන්න හදන්නෙ”

“තාම හිතුවෙ නෑ කෙම්ලේ… සිරාවට කොහෙද සෞව්වො යන්නෙ?”

“අනේ මංදා බං. ආ… ස්පේස් පාක් යංද?”

“ම්… ආසයි à·€gayyyy….”

“ඔව් ඔව් ආ…සයි. එව්නාට ඔතන ඉන්න බෑනෙ බං දවසම”

“දෙන්නා ඇවිදලා විතරක් බෑ හොඳේ. පාඩමුත් කරන්න.”

“අනේ සුදු නැන්දේ… හෙට දවසම දෙන්නෙක් අල්ලන් ඔලුව කන්න බලන් ඉන්නවා. එව්නාට අදත් පාඩම් කරන්නම් ඉතින්. ඔන්න ඔවාට ආතරේ නිසා හොඳේ”

හරි හරි දැන් හරි. අපේ අම්මට අලුත් පුතෙක් හම්බෙලානෙ දැන්. අභී කිව්වොත් පොතක් ලියයි. හුහ්… මේකා බෑනා වැඩ දැන්ම පටන් අරන් ද කොහෙද.

“ඒ ළමයි දෙන්නා ඔය දෙන්නට හොඳක් නෙහ් කරන්නෙ ඉතිං. කොච්චර හොඳ ද බලන්නකො.”

පේනවනෙ… හොඳයි හැබැයි ඔලුව කන්නැත්තං. හුවෑ…
මායි යුගයි උදේටත් කාලා මහා අභ්‍යවකාශ උද්‍යානයට ආවා. ඒකෙ අර ලොකු පාට පාට මැකෝලා ඉන්නවා. මට එයාලව දැක්කම මතක් වෙන්නෙම රියෝ එක.

“එහ් සෞව්වො ගේම් එකක් ගහන්න යමංකො”

“මොකද්ද කරන්නෙ?”

“බලමු..”

පස්සෙ අපි දෙන්නා ගේම්ස් ප්ලේ කරලා රවුම් ගහලා ලයිබ්‍රිය පැත්තට යන්න එළියට ආවා. අපි ඉතිම් හොඳ ළමයි නෙහ්. යද්දි අපිට පිටිපස්සෙන් එකපාට්ට කා එකක් ඇවිත්  හෝන් කරපු පාර තව පොඩ්ඩෙන් යුගා ළඟ තිබ්බ ගඩොලකින් කෙලලා අරිනවා.

“කවුද යකෝ පාරෙ යන්න දන්නෙ නැති එකා.”

කා එක ඇතුළ අව්වත් එක්ක හරියට පේන්නෙ නෑ. සිරාවට මොකාද දන්නෑ අපිව මරන්න ආස.

“ආ මල්ලේ..”

“අම්මටසිරි උවින් අයියෙ. මොකෝ මෙහෙ.”

පාරෙ යන්න දන්නෑ තමා. පේනවනෙ පේනවනෙ. අපි දෙන්නා කා එක ළඟට ගිහින් බලද්දි අනික් ඩබලත් ඉන්නවා.

“යුගාන්, දෙන්නත් එක්ක කොහෙද යන්නෙ”

“ආ මේ පොඩ්ඩක් ඇවිදලා යන්න කියලා ආවා ඉතිං.”

අපි රවුම් ගහනවා කියලා කිව්වද? නෑනෙ නෙහ්. එතකොට ඔරවන්න ඕනෙද? නෑ නෑ. කොහෙත්ම ඕනෙ නෑ.

“දැන් කොහෙද යන්නෙ ඩබල?”

“ලයිබ්‍රියට යන්න බැලුවෙ. කොහෙ යනගමන් ද මේ?”

“ඉස්කෝලෙට ගියා බං වැඩකට. හා හා රවුම් ගැහුවා ඇති උඹලා දෙන්නා නැගපිය”

“අයියෝ බං අයියෙ පයින් යන්නං අපි. ආතල් අප්පා මෙහෙම. ලයිබ්‍රියටනෙ යන්නෙත්”

“ඇයි උඹලා පාඩම් කරන්නද යන්නෙ?”

“නෑහ්. හෙහෙ. “

දැන් බේරෙනවා බොරු ඉතිං. පස්සෙ කට්ටියම ලයිබ්‍රි එකට ඇවිත් අපි පොතුත් අරගත්තට පස්සෙ අයියලා අපිව ගෙදරට දැම්මා. දැන් යන්න හම්බෙනවද යන්න හැදුවට. එව්වා ඉතිං හඳේ තමා පුතේ. අම්මා කියෝල ම තුන් කට්ටුවව ඇදන් ගියා තේ බීලා යන්න කියලා.

“ඒහ් හලෝ මොකෝ බුම්මන් ඉන්නෙ”

“මං?”

“නෑ මමනෙ මේ බුම්මන් ඉන්නෙ.”

“වෙන්නැති එහෙනං”

“අනේ මේ අයියෙ. කියනවකො හලෝ”

“දැන් රවුම් ගහලා විතරක් හරියනවද”

එක්කො බුම්මන් හිටියත් කමක් නෑ.

“නෑ ඉතිං පාඩම් කරනවානෙ. නිවාඩු දවස නිසා ගියෙ පොඩ්ඩක්”

“සෞරාෂ්, උඹ කරන සබ් ටිකත් එක්ක තව ටිකක් බර දීලා වැඩ කරන්න තේරුනාද? ලකුනු තියනවා තමා ඒක හරි එව්නාට වැඩ කරපන්. තව අවුරුද්දක් විතරනෙ තියෙන්නෙ. ම්… “

“හ්ම්..”

“දැන් ඔය අවුල් ගත්තද?”

“නෑ. එව්නාට ඔයා වෙන එකකට කලින් කතා නොකර හිටියෙ නෙහ්? නැද්ද?”

“ඇයි?”

“ආ නැද්ද?”

පේන කියන්නබෑ යකෝව් මට. දැන් මතක් උනේ මායි යුගයි පාර පනිද්දි තව පොඩ්ඩෙන් අකරතැබ්බෙකට මූන පානවා. අනිවා මුන් ටික ඕක දකින්නැති. පාර පැන්න ගාන්මනෙ ආවෙ. අනිවා අර පාඩමක් පිටින් දැම්මෙ ඕක තමා.

“දන්නවනෙ එහෙනං”

“හෙහේ.. මොකුත් උන්නෑනෙ හලෝ. මේ ඉන්නෙ මං යස අගේට”

“යස අගේට ඉන්නවා තව පොඩ්ඩෙන් හොස්පිල් එකට වෙලා. කලර් ලයිට් එකක් තියන් වෙන තැන්වලින් පාර පයින්නෙ ඇයි?”

“සුට්ටක් සුට්ටක් කම්මැලී ඉතිං. දන්නැද්ද?”

“කම්මැලිකම යවනවා මං උඹේ හැප්පුනා නං.”

ඔන්න දැන් මං බොරුවට දුක් වෙන්න හදන්නෙ.

“හරි අනේ බයින්නෙ”

“දැන් මං බැන්නද මේ. මෙහෙ එනවා”

මිෂන් සක්සස්ෆුල්. හික්ස්.
අයියා අත දික් කරපු නිසා මං ඉඳන් හිටපු බංකුවේ එහෙම්ම ගිහින් අයියගෙ ඇඟට හේත්තු උනා. මං අපේ ගෙදර ආසම මෙතන අඹ ගහ යට බංකුවට. දැන් ඒකත් ආසම කෙනෙක් එක්ක. අනික මෙහෙම අයියගෙ ඇඟට තුරුල් වෙලා මං ඉඳල ම නෑ. එයා ගාව හරි රස්නෙයි. මේකා ගිය ආත්මෙ ගිනිමැළයක්ද දන්නෑ. එක්කො හීටරයක් වෙන්නත් පුළුවන්.

“බොරුවට කඳුලු නං ගන්නවා නෙහ්. වැරැද්දත් කරලා මෙතන”

අප්පටසිරි මිෂන් අන්සක්සස්ෆුල් වගේ. ඉහික්.

“හෙහේ. කම්මැලී අනේ ගෙදෙට්ට වෙලා ඉන්න”

“හ්ම්…පරිස්සමෙන් හරිද?”

මං ඔලුව වැනුවා. මං ආස නෑ කවුරුත් මට නීති දදා හිරකරන්න හදනවට. ඒ අතින් අයියා එහෙම මාව හිරනොකර පරිස්සම් කරන විදිහට ඇත්තට ම ආදරේ හිතෙනවා. මං ඉතින් හදිසියේ කඩාපාත්වෙච්ච ආතරේට අයියා මගෙ කර වටෙන් දාන් හිටපු අතට චුක් ගාලා චුක්කියක් දුන්නා.
ඔන්න දැන් මාව රතු වෙනවා. බෑනෙ දැන් දැක්කොත් වස ලැජ්ජ නිසා මං ඉස්සරහ බලන් ඉද්දි අයියා මාව එයාගෙ පැත්තට හරව ගත්තා. එයාගෙ මූනෙ හරි ලස්සන හිනාවක් ඇඳිලා තිබ්බා. මට දැනෙන විදිහද නැත්තන් ඇත්තට ම ඒ ඇස්වලින් ආදරේ උතුරනවද? මගෙ ඔලුව අතගාලා ආපහු මාව ඇඟට හේත්තු කරගත්ත නිසා මං අයියගෙ ඇඟට ඔලුව හේත්තු කරන් ම හිටියා.

“අම්මලත් එක්ක ෆිල්ම් එකක් බලන්න යන් වෙලාවක. අම්මත් ඇත්තෙ කම්මැලිකමේ නෙ”

“ඇත්තටමද? හා යංකො”

“ම්… මං අම්මට කියන්නම්කො. අපේ අම්මත් එක්ක එකතු උනාම දෙන්නට පාළුත් නෑනෙ”

“හරේ.. චූටිත් එනව නෙහ්”

“හා හා සේරම අරන් පල. මං ඉන්නං ගෙදර.”

“ඔව් ඔයා ඔන්නෑ ඉන්න අනේ.”

මං විරිත්තුව පාර අයියාට හිනාගියා. සුන්දර මුව කමල මගෙ. කාටද ආඩම්බර. මට ම තමා. හික්ස්.කොහොමහරි අයියලට යන්න උනේ දවල්ටත් කාලා. යන්න කලින් අයියා අම්මාට ෆිල්ම් එකක් බලන්න යමුයි කියලා කිව්වාම ඉතා සාධනීය මට්ටමේ ප්‍රතිචාරයක් දුන්නා. මොකද්ද ඉතින්? එක පයින් ම හා කිව්වා. අභී පුතා හෙන ලොකුනෙ ඉතිම්. හුහ්..

පස්සෙ දවසෙ මායි යුගයි අයියලගෙ ගෙදර ගියා. වෙනසකටත් එක්ක කියලා කෙම් කරන්න ගිහින් වැඩි දෙයක් උන්නෑ. මැරුම් විතරයි නොකෑවෙ. හිච්චි ලව නේද මේ කියලා පොඩ්ඩක් අනුකම්පාවක් නැති හැටියක්. කොහෙ හරි එකක් වැරදුනොත් ආපහු දහයක් විතර කරවනවා. අර මොකද්ද හූනෝ කියලා තිබ්බ එකක ලුවිස් එක අඳිද්දි තිතක් අඩු උනා කියලා,

“සෞරාෂ් තර්ඩ් ටර්ම් ඉන්නෙ ඔයා. මේ ෆස්ට් ටර්ම් එකක්”

“ගනන් කරද්දි වැරදුනා ඉතිං. මං අනික් ටික හරියට ඇන්දනෙ අලෙව්. කෝ දෙන්න අපි තිතක් තියමු ඔතන”

“තිතක් තියන්න නෙමේ ආපහු අඳින්න”

“අනේ… තිතයි නෙ නැත්තෙ.”

“තිතයි කියලා ලකුණු නොකපා ඉන්නෑ නෙ. සිහියෙන් ඉඳන් අඳින්න”

කොහොමහරි ඔය තිත් කේස් නිසා මට දෙපාර ඇඳිලි හෙනට සෙට් උනා. හූනා නෙමේ බකමූණා ඇයි අප්පා. අන්තිමට චූටි ආපු නිසා බේරිලා මං සෙල්ලම් කරන්න ගියා.

ඊයෙ මිස් කිව්වා අපේ දොළහෙ ලාස්ට් ටර්ම් ටෙස්ට් තියනවා කියලා ජූලි දෙවෙනි සතියෙ ඉඳන් වගේ. ඊයෙ පෙරේදා නෙමේද අපි ටර්ම් ටෙස්ට් ලිව්වෙ. කෙලෙස මෙලෙස.
මං අද බයෝ ක්ලාස් එකත් ඉවර වෙලා ගෙදරට යද්දි රෑ අටට විතර ඇති. ඒ යද්දි මිදුලෙ වාහනයක් නවත්තලා තිබ්බා. මතක් වෙලා එහෙනම්.

“ආ පුතා.. කොහොමද මගෙ  කොල්ලට. මහන්සිද?”

“ඔව් තාත්තෙ. දැන්ද ආවෙ?”

“දැන් ටිකක් වෙලා. හෙට උදේ ම යන්න වෙනවා ආපහු”

“හ්ම්.. මං වොශ් කරන් එන්නං”

මං උඩට ඇවිත් වොශ් එකක් දාගෙන පහළට ගියා. මාස කීයකට පස්සෙද මේ?

“ඉස්කෝලෙ වැඩ කොහොමද දැන් සෞ?”

“හොඳයි අවුලක් නෑ තාත්තෙ.”

“හ්ම්.. හ්ම්..”

මං කාලා උඩට ආවා. අම්මා තාත්තා එක්ක කතා කර කර හිටියෙ. අද අම්මාගෙ මූනෙ හරි ලස්සන හිනාවක් තියනවා. ඇත්තටම තාත්තා මෙහෙම ඉන්නව නම් කොච්චර දෙයක්ද? අර විදිහට මං ගැන අහලා බලද්දි ඉස්සර එයාගෙ ඔඩොක්කුවට වෙලා මායි නංගියි තාත්තව බෙදාගන්න රණ්ඩු උන ඒවා එහෙම වෙලා තරහ උනාම තාත්තා දෙන්නවම ළඟට අරන් කෑම කවපු ඒ කාලෙ මතක් වෙනවා. අම්මත් ඉතින් ඒ කෑම එකෙන් ම කවාගන්නවා. ඔයා එච්චර හොඳට ඉදලා ඔහොම වෙනස් උන නිසයි තාත්තෙ මට ඒක දරාගන්න අමාරු උනේ. ඇයි ඔයා එහම කළේ? මොනවද ඔයාට අඩු උනේ. අපි ලස්සනට ආදරෙන් හිටියා නේද? ඒක කීයටවත් බොරුවක් නෙමේ කියන්න මට විශ්වාසයි. ඒ තිබිච්ච ආදරේ දැනුනා මට එතකොට. ඔයා වෙනස් වෙද්දි ඒ දේවල් වෙනස් වෙලා යනවා නැති වෙනවා දැනුනා මට. ඔයා මං එද්දි අර කතා කරපු විදිහට දැනුත් ඔයා ඉස්සර වගේමයි කියලා හිතුනා තාත්තෙ. ලොකුයි කියලා නෑ මං අදටත් ආසයි ඉස්සර වගේ ඔයාට තුරුල් වෙලා ඉන්න. බත් කවාගන්න. ඒ දේවල් මට නැති උනේ සදහටමද තාත්තෙ? ආපහු ඒ ඉස්සර කෙනා වෙලා එන්න බැරිද? තාත්තගෙ ආදරේ ඉස්සරහින් ලොකු හිස්තැනක් තියෙනවා තාත්තෙ…

————————————————————

Arden ළමයා ආවා…😁

ඔයාලගෙ යාළුවොත් ඔයාලගෙ ගෙදර ආවම එයාලගෙ ගෙදර වගේද ඉන්නෙ?🥲

අර ඩබල වගේ කම්මැළිකමට නිකන් පාර පයිනව එහෙම නෙමේ, දෙන්නෙ පුප පුපුරන්න එකක් 💥😌

ආ අර හූනෝ ගැන වැඩිය හිතන්න එපා හොඳේ🤣 HOONO කියලා මෙව්වා එකක් ඒ. බලන්න ඒක හූනෝ කියලා කියවෙනවා ඉතිං.

සෞලට බලන්න යන්න පිල්ම් එකක් කියන් යන්ඩලා… අම්මලත් ඉන්නවා හොඳේ. චුක්කා චුක්කිලා සිරිමත් නෙ නෙහ්. මොකටෑ කියනවද 🫠✋

( ඒ සන්දියේ අඹ ගහ යට මේ වගේ ඉඳන් හිටියෙ. සෞට වඩා අයියා උසයි හොඳේ ටිකක්.  මුහුදක් නෑ ඉතිං🤣 දවල් ගෙදර වත්තෙ වගේ හිතාගන්න 😌✋)

කොල්ලො කෙල්ලො කියලා නෑ නේද? අම්මගෙ තාත්තගෙ ආදරේට කවුරුත් ආසයි. ඒක නැති උනහම හරි පාලුයි කට්ට කලු මහා ලොකු හිස්තැනක් වගේ… සෞටත් එහෙම්මම තමා. තාත්තා ඉඳලත් ඒ ආදරේ ලැබෙන්නෙ නැති උනහම ; ඉස්සර දේවල් මතක් වෙද්දි…

දැන් මං going to යන්න😁
ආතරෙයි 😘♥️
Bye👋

▪️කතුවරයාගේ අවසරයකින් තොරව කතාවේ ඇති කොටස් උපුටා හෝ අන් ආකාරයකින් (ෆොටෝස් / වීඩියෝස් ) සමාජ මාධ්‍යවල පලකිරීමෙන් වළකින්න.

▪️කරුණාකර කර්තෘ අයිතිය ද සුරකින්න.

Arden_Ak

Tags: read novel Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 25, novel Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 25, read Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 25 online, Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 25 chapter, Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 25 high quality, Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 25 light novel, ,

Comment

Leave a Reply

Chapter 27