Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 26

A+ A-

උදේ එලාම් එකේ සද්දෙට ඇහැරුනාට මට ඇඳෙන් බහින්න බැරි තරමට ම තදට ඔලුවෙ කැක්කුමක් අල්ලලා තිබ්බා. ගෙදර හිටියා කියලා ඕක කීයටවත් හරියන්නෙ නැති නිසා මං බාතෘම් එකට ගිහින් හෙමින් සැරේ වොශ් එකක් දාගෙන ලෑස්ති වෙලා කැප් එකත් අරන් මූන වැහෙන තරමට වගේ පාත් කරගත්තා.

“අම්මේ.. මං යනවා”

“පරිස්සමින් ගිහින් එන්න මැණිකෙ”

මං එළියට බහිද්දිත් තාත්තගෙ වාහනේ තිබ්බෙ නෑ. මෙච්චර උදේ පාන්දර යන්න තරම් හදිස්සියක් ඉතින්. ස්කූල් බස් එකේ හිරවෙලා යන්න බෑ වගේ හිතුන නිසා මං ප්‍රයිවට් 138කට නැගලා ඉස්කෝලෙට ගියා. ඒ යද්දි පන්තියේ ළමයි එච්චර ඇවිත් හිටියෙත් නෑ. පහළට යන්නත් බෑ වගෙව් නිසා මං ඩෙස් එකට ඔලුව තියාගත්තා.

“සෞව්වො.. එහ් බං, සෞව්වෝ..”

ඒ ටිකට නින්දත් ගිහින් ද. යුගා කතා කරපු පාර මං ඇහැරිලා ඌ දිහාවට හැරුනා.

“මොකද යකෝ මේ ඇස් රතු වෙලා. ආ?”

“නිදාගත්ත නිසා වෙන්නැති බං”

“නින්දට උන ඇස්රතු විල්ලක් නෙමේ ඔය. මං පැනඩෝල් එකක් ගේන්නං ඔලුව තියන් හිටපන්”

යුගා කියලා ක්ලාස් ෆස්ට් ඒඩ් එකේ බැලුවට පෙනඩෝල් නොතිබ්බ නිසා සික් රූම් එකෙන් ගේන්න ද කොහෙද පහළට ගියා. ඒ ගිහින් විනාඩි පහකින් විතර ආපහු ආවා.

“ආ.. මේක බීලා ඉදපන්කො, ඊට කලින් කියපන් කාලද උබ?”

මං නෑ කියන්න ඔලුව වැනුවා.

“කාලා ඉඳපන් එහෙනං”

“එපා බං කන්න බෑ වමනෙට වගේ”

“එහෙම බෑනෙ ඕයි. සැන්විච් තියෙනවා එකක් කාපන්කො මේක බොන්න නිසා”

බේත් එක බොන්න නිසා ම මං ඒක කෑවා. පස්සෙ බේත් එකත් බීලා ඔලුව තියන් හිටියා. ගාථා කියලා ඉවර වෙලා මිස්ලා උගන්නන්න ආවත් මං ඔලුව තියාගෙනමයි හිටියෙ. ඇත්තට ම අද අමාරු වැඩී වගේ.

“සෞව්වො.. සික් රූම් එකට යමුද බං. උඹට අමාරුනෙ මෙහෙම ඉන්න”

“එපා”

“කටහඬත් වෙනස් වෙලා බං උබේ”

යුගා මගෙ ඔලුව අතගාන්න ගත්ත නිසා ඒ සනීපෙට මං ආපහු ඇස් දෙක පියාගත්තා.

“අවුලක් උනාද?”

“ම්හ් නෑ..තාත්තා ආවා ඊයෙ”

යුගා හුස්මක් අරන් පාතට දාලා ආපහු කතාකරන්න ගත්තෙ.

“කිව්වට බෑ තමා එව්නාට උබ ඒ දේවල් ගැන හිතන්න යන්න එපා බං. පේනවනෙ උඹව අසනීප උනාම උඹටමයි අමාරු. අඬලත් එක්කනෙ ඒකනෙ මේ”

“එපා වෙනවා යුගා. අවුරුදු කීයක් තිස්සෙ ද බං. මට මෙච්චර ඉවසන්න බෑ බං. අඩුවක් නෑනෙ එන්න එන්න වැඩි ප්‍රශ්න වැඩි වෙනවා. එළියෙන් මොකුත් නොවුනට මාර ඉක්මනට ආපහු දේවල් නරක අතට යනවා බං. තේරෙනවා ඒක”

“ම්.. දැන් ඕක ගැන හිතන්න එපා. තවත් අමාරු වෙයි උඹට. කතා කරමු හැබැයි දැන් නෙමේ.”

ඒ එක්කම වගේ ඉන්ටවල් බෙල් එක ගැහුවා.

“යන්න පුළුවන්ද උඹට? නැත්තන් මෙහෙම කමු”

“උඹ පලයං”

“නටපං. මාත් මෙතන ම කාලා මෙතන ම පැල වෙනවා”

“අහනවකො නොගියොත් අරුන් එයි බං මෙතනට. මට මොකක් හරි වැඩක් කියපන්. පලයන් උබ”

“දැන් අභී අයියට උබ ඔය බොරු කියන්නද හදන්නෙ?”

“දැන් කියන්න යන්න බෑ බං මට. හෙමින් සැරේ කියන්නම්. උට කරදරයක් වෙන්න බෑ”

“අනේ කරදරේ, අහගන්න එපා උබ.”

කොහොමහරි යුගාව යැව්වාට පස්සෙ මං ආපහු ඩෙස් එකෙන් ඔලුව තියාගත්තා. අයියට හංගන්න බෑ තමා මේ දේවල් මට එහෙම කරන්න ඕනෙ නෑ එව්නාට කොහෙන් පටන් ගන්නද කියලවත් මට තේරෙන්නෑ. එයා මාව ජජ් කරන එකක් නැති වෙයි නේද? යුගාට එදා වෙසක් බලන්න ගියාට පස්සෙ අයියා ගැන කිව්වහම ඌ කිව්වෙ අයියා කියන්නෙ මට අනාගතේදි ගන්න පුළුවන් ප’ෆෙක්ට් ම තීරණයක් කියලා. ඒ මොනවා උනත් එයා මේවා දැනගත්තොත් මාව එපා වෙයිද? ආපහු මට තනිවෙන්න බෑ අයියෙ..

ඉන්ටවල් එක් ඉවර වෙන්නත් කලින් ම යුගා ක්ලාස් එකට ආපහු දුවගෙන ආවා. ඒ ඇවිත් ආපහු මට බලෙන් ම නූඩ්ල්ස් එකක් කන්න දීලා මගෙ ඔලුව අතගගා හිටියා. අයියලට ගානක් නොවෙන්න ශේප් කළා කිව්වා. මෙහෙම යාළුවෙක් නෑ හොඳම යාළුවෙක් මට නොහිටියනං.. මට ඒ ගැන හිතන්නවත් ඕනෙ නෑ.. ඌ මං කටින් නොකිව්වට ගොඩක් දේවල් තේරුම් ගන්නවා.
ඉස්කෝලෙ ඉවර උනගාන්ම නැතුව ටිකක් ඉඳලා අපි ප්‍රයිවට් එකක ම ආවෙ එතකොට ඉඳගන්න හම්බෙන නිසා. මාව තනියම යවන්න බෑ කියලා යුගාත් අද අපේ ගෙදර ම යනවා කිව්වා.
ගෙදර ගියාට පස්සෙ මං කන්නෙවත් නැතුව එහෙම්ම නිදාගත්ත පාර ආපාහු ඇහැරුනේ හයට විතර. ඒ ඇහැරිලා මං සාලෙට යද්දි යුගා ටීවි එක බලනවා.

“අම්මා කෝ බන්”

“ආ නැගිට්ටද? අම්මා ගියා අර මොකද්ද සමිතියක් තියෙන්නෙ ඒකට. දැන් එයි. අඩුද දැන් උඹට?”

“හ්ම් ඔව්. අයියාට මේවා කියන්නෙ කොහොමද යුග්ගො”

“දැන් ඒ පාර ඒක හිතනවද උබ. සිරාවට තොගෙ ඔලු කට්ට පොල් කට්ටවක් වෙන්න දෙන්න හිතයි දැන්නං.”

“ඇත්තනෙ බං මං කියන්නෙ”

“හරි මේ අහපං උබ ඕක ගැන හිතන්න යන්න ඕන නෑ. වෙලාවක් අරන් හෙමීට කියපන්. ඌ ඕක තේරුන් ගන්නැති වෙන්න තරම් එකෙක් නෙමේ”

“එව්න්..”

“අනේ කොකනට් බූරුවො තොට මං දැන් කිව්වනෙ. හිතන්න එපා. මාව ශුවර් කරපන්කො”

“හ්ම් හ්ම්”

අම්මත් ආවට පස්සෙ අපි කාලා ඉවර වෙලා නිදාගන්න ආවට පස්සෙ යුගා මාව අල්ලන් සිඳාලේපවලින් නෑව්වා. තව ටිකක් වෙලා ගියා නම් මූ මගෙ කටෙයි පුපෙයිත් ගානවා. සැක්.
ඊළඟ දවසෙ උදේ නැගිටිද්දි මට කිසි ම අවුලක් තිබ්බෙ නෑ. ඒ පාර යුගා මට දාහක උපදෙස් දිදී තමා ඉස්කෝලෙට එනකම්ම ආවෙ. පස්සෙ ඉන්ටවල් එකේ අයියලගෙ ක්ලාස් එකට ගියාට පස්සෙ තමා ඊයෙ යුගා කිව්ව බොරුව මට පලදෙන්න පටන්ගත්තෙ.

“ඈ බන් ඇටයො උබ ඕකට හෝම්වර්ක් නේමේ ස්කූල් වර්ක් කියපන් එතකොට හරි”

“පුදුමයි මූ ඕක හදිස්සියට කරලා සර්කාරයට අහු නොවුනා. මතකනෙ අපේ උන් එහෙම කරලා ගුටිකෑවා.”

“අපි අහුවෙන්න ඕවා කරන්නෑ අයියේ..”

කෑමකද්දි මං අයියා ගාවට ගියා. ඇයි ඉතින් පෙරේදා ඉඳන් දකින්න තියා කතාකරන්නවත් හම්බුනේ නෑනෙ.

“මේ සෙනසුරාදාට අපේ දිහා ඇවිත් යං”

“කොයි? විස්තර ඇතුව කියපන්කො අයියෙ බාගෙට කියන්නෙ”

“ෆිල්ම් එක බලන්න බං”

“ආ.. යං යං. මොකද්ද බලන්නෙ?”

“ගිහින් බලන්න”

“අනේ කියනවකො”

“….”

“තවුසෙ මහ දුස්ටයෙක් අප්පා. ඕක කිව්වා කියලා මැරෙනවා යෑ”

“…..”

“කටවහන් ම ඉන්න අයියෙ කතාකරන්න එපා.හුහ්”

“ගිහින් බලපං බං ඉතිං”

“මටෝන්නෑ උඹම පල උඹම බලපිය.”

දවසට රණ්ඩුවක් දාගත්තෙ නැත්තන් නිකන් කෑවෙ නෑ වගේ. සෝ අපේ නිවහන සොඳුරු වලිවල පාරාදීසයක් අලෙව්. එව්නාට මේ මිනිහා එක්ක වලියක්වත් කන්ටිනිව් කරන් යන්න බෑනෙ. ජිරාෆ් වගේ වෙනවනෙ. මැවිලා පේනවා මේකාත් ජිරාෆ් කෙනෙක් වගේ ගස්වල කොළ කනවා. පස්සෙ මූ ජිරාෆියෙක් එක්ක පැනලා යයිද දන්නෑ. හුහ් ඒවා කොහෙද මාත් එක්ක. මොලෙත් එක්ක සමනල් ගැට වැටෙන්න කෙලින් ම බෙල්ලෙන් අල්ලලා සමනල් ගැටයක් දානාවා. ඊටපස්සෙ ඉතින් ජිරාපියො ලෙප්ට්. ජිරාපා මගෙ. මං ජිරාපාගෙ. හරි ම සුන්දරයි.
හවස මං අයියාට මෙසේජ් එකක් දැම්මා ජොලියට වගේ.

“Aiye 🦒 🐒”

“Ai saurash me saththu dala”

“Reminds me of you 😪”

“Wt?”

“Hithanna epa aiye kohomath jirapita oyawa denna mn”

“Monada saurash me kiyawane”

අනේ මුගෙ මූන බලන්න තිබ්බා නම් දැන්. ඇයි යකෝ මෙලෝ සම්බන්දධයක් නැති දේවල් ටිකක් නෙහ් කිව්වෙ මං. අනිවා මූන හට්ටිය වෙලා ඇති දැන්.

“Na ane hari. Hehe😁”

“Hmm”

“Hug me more? Me aiye owwata ennepa harthe. Denne ekak udin yanna”

“Seriously saurash?”

“Na man serious ge malli🧙”

“Oh really? Harry potter eke hitiye nane ithin”

“Apiwa penne buddimathunta witharai😌”

“Ah..
Moko karanne dan?”

“Phone eken ithin pol ganna bane”

“Uba ekka katha karanawata wada hodai…
Dan padam kalada ada?”

“Ow me bio baluwa”

“Mm.. rachana ewata point ehema hariyata flow karala thiyaganna. Nxt day api poddak balamu ekath”

“Uba maths aiye”

“Mn bioth karanawa”

“Mokaaaaaaak? 😲”

“Hmm. Passe kiyannamko”

“Ow ow dan epa. Uba mge oluwa mix kala. Man yanawa nidagana”

“K then Bye”

“Byeee😁”

මේ යන විදිහට මේකා තවා ටික දවසකින් කිව්වොත් මං කොමසුත් කරනවා සෞරාෂ් කියලා මං පුදුම වෙන්නෑ. ඇයි දෙයියනේ… ගත සලිත වෙලා ගියා ලලිතා නැන්දේ..

————————————————————

මං ආවා…

අද පස්නද? පොඩ්ඩක් කියන්නම් මෙහෙම, කතාවෙ සමහර තැන් අපැහැදිලි වෙයි. ඒවා ඉස්සරහට යද්දි ලස්සනට විසඳෙයි හරිද?

සෞරාෂ්ට යුගාන් ඉන්නවා වගේ යාළුවෙක් ඔයාලටත් ඉන්නවද? ♥️

අභී අයියා තමා නෙහ්🤣 බයොත් කරනවලු. යුගා ටැපලිලා දොයියගන්න ගියා දැන් මාත් යනවා අප්පා දෝ මතයි 😴

අපි හෙට දිහාවෙ යමුකො පිච්චෑර් එකක් බලන්ඩ. පොප්කෝන් උස්සන් එන්ඩලා.📽️🍿

මං ගියා ඒනම්
පෙන්ඩෝල් පෙත්තක් තරම් ලව් මං ඔවාලට♥️
Bye👋

▪️කතුවරයාගේ අවසරයකින් තොරව කතාවේ ඇති කොටස් උපුටා හෝ අන් ආකාරයකින් (ෆොටෝස් / වීඩියෝස් ) සමාජ මාධ්‍යවල පලකිරීමෙන් වළකින්න.

▪️කරුණාකර කර්තෘ අයිතිය ද සුරකින්න.

Arden_Ak

Tags: read novel Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 26, novel Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 26, read Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 26 online, Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 26 chapter, Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 26 high quality, Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 26 light novel, ,

Comment

Leave a Reply

Chapter 28