Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 27

A+ A-

සිකුරාදාත් ඉස්කෝලෙ ගිහින් ඇවිත් සෙනසුරාදා මං යුගා එක්ක අයියලගෙ ගෙදර ගියා. ලෙඩ නිවාඩුවක්වත් දාන්න බැරි හැටියක්. පස්සෙ අයියා මාව අල්ලගෙන රචනා ප්‍රශ්නවල ෆ්ලෝ කරලා ලියන්න ඕන විදිටික කියලා දුන්නා.

“වචන පාඩම් කරන්න යන්න එපා සෞරාෂ්. අමතක උනොත් ඉවරයි”

“වචන නැතුව කොහොමද අයියෙ පාඩම් කරන්නෙ”

“පාඩම බලද්දි වචනවලින් රූප මවාගන්න. ඒ රූපවලින් මතක තියාගන්න. පස්සෙ රුපෙන් මතක් කර කර ලියන්න.”

“….”

“හරි මෙහෙමයි, cell එක කියමුකො. ඔයා සෛලෙ රූපෙ 3D මවා ගන්න. පස්සෙ ඒක ඇතුළට එලියෙ ඉඳන් ඇවිදන් යනවා වගේ පිළිවෙලට එළියෙ ඉඳන් ඇතුළට විස්තර ටික ලියන් යන්න.”

“ආ.. දැන්නෙ තේරුනේ.”

“ම්.. එහෙම කරලා ලියලා බලන්න”

පස්සෙ අයියා ම කියලා දීලා සෛලෙ 3D animation එකකුත් පෙන්නුවා. ඊටපස්සෙ රචනා ප්‍රශ්නෙ ලියන්න දුන්නෙ. ඇත්තට ම ඒක අර වචන පාඩම් කිරිල්ලට වඩා ලේසි තමා. අර animation එක වගේ පිළිවෙලට සේරම ඔලුවෙ මැවෙද්දි ලියන් යන්න පුළුවන්.

“දැක්කනෙ ඔය ලියලා තියෙන්නෙ සේරම වගේ පොයින්ට්ස්.”

“à·„à·™ à·„à·š..
මේ අයියෙ,”

“ම්..”

“මොකද්ද ඔයා බයොත් කරනවා කිව්වෙ?”

“හ්ම්..”

“හාම් හූම් ගාන්නෙ ඕක චෙක් කරන ගාන්ම කියනවකො අප්පා. දැන් මැත්ස් නෙමේද කරන්නෙ”

“මැත්ස් තමා”

“එතකොට?”

“මේ පාර මැත්ස්වලින් ලියනවා. ඔයාලා එක්ක බයෝ ලියනවා”

“ඇයි?”

“ඉන්ජිනියරින් කරන්නෙ කැමැත්ත නිසා සෞරාෂ්. බයෝ කරලා මරීන් බයෝලොජි සයිඩ් යන එක හොඳයි. අනාගතයක් කියන දේ අතේ තියන එක කට්ටියක් තමා සයන්ටිස්ට්ලා කියන්නෙ. අනික් බයොත් ඉන්ටරෙස්ටින් බන්”

“හනේ මන්දා තවුසෙ මාව මඤ්ඤං කරනවා අයියෙ”

හවස් වෙලා අපි ෆිල්ම් එක බලන්න යන්න ඕන නිසා අයියා ගිහින් අම්මාව එක්කන් ආවා. අම්මා තනියම එනන්නම් කිව්වට අභී පුතාට එහෙම බෑ කිව්වනෙ. අයෝන් අයියා යුගාව දාන් යන්නම් කියලා එක්කන් ගියා.
අපි හත විතර වෙද්දි සැවෝයි එකට ගියා. අපි කිව්වෙ මායි අයියයි අම්මයි නැන්දයි බට්ටිච්චියි තමා. හෝල් එකට ගියාට පස්සෙ අම්මල අපිට ඉස්සරහ පේළියෙන් ඉඳගත්තා. මායි අයියයි චූටියි ඊටපිටිපස්සෙන් ඉඳගන්න ගියා.

“මට චූටි අයියාව ඕනේ..”

“අනේ චූටි”

“බෑ..”

“චූටී..”

මහ එකා අන්තයි පොඩි එකාට වඩා. අම්මපා මහලොකුවට ඩිග්‍රි ගැන කියවන්නෙ එව්නාට මොළයක් නෑ මේ මිනිහට.

“මං මැද්දට එන්නං. හරිනෙ. ඔය දෙන්නා දෙපැත්තට වෙලා ඉන්න”

“හරී.. à·„à·’à·„à·“. අයියා එපා චූටි අයියා මගෙ”

යකෝ.. මේකා මහ බබා වෙනවනෙ. බට්ටිච්චි කිව්ව එකට තරහ වෙලා වගේ ඉස්සර බලා ගත්තා.

“අයියෙ”

“….”

“මෙහ් අයියෙ..”

“….”

“මොකද හලෝ මේ? අයියෙ!”

“මොකද?”

“දැන් මං මොකද්ද කළේ?”

“හිටපං චූටි අයියයි චූටියි ම.”

කවුරුහරි අලි බබ්බු නලවන තොටිල්ලක් දෙන්න ප්ලීස්.
ටිකකින් ෆිල්ම් එක පටන් ගත්තා. චූටියට කම්මැලි හිතිලද කොහෙද පොප්කෝන් එක කකා ඉඳලා ඒක ඉවර උනාම එහෙම්ම නින්ද ගිහින්. අපි බලන්න ආවෙ Captain America: New world order එක. ඇත්තනෙ මේ පොඩි ළමයාට කැප්ටන් ඇමරිකා බලන්න හිතෙයි ඈ. අපේ අම්මා නම් මාත් එක්ක ඕවා බලන නිසා ගානක් නෑ නැන්දත් සද්ද නෑ බලනවා. ශෝක් දෙන්නා. ඉන්ටවල් එකට ලයිට්ස් ඔන් කළාට පස්සෙ තමා කට්ටිය දැක්කෙ චූටි නිදි කියලා. ආපහු ෆිල්ම් එක පටන් ගද්දි නැන්දා බට්ටිච්චිව එයා ළඟට ගත්තා. මං අයියගෙ උරහිසට එහෙම්ම ඔලුව තියාගත්තා. පුටුවගේද මේ කොට්ට වගේ අත්දෙක.

“ඔයත් දැන් නිදියන්නද හදන්නෙ. දන්නවනම් අම්මාව විතරක් එක්කන් එනවා”

“අනේ මේ එන්නෙපා හරී. මන් මේ එල කොල්ලෙක්. එපා නම් එපා කියන්න එපැයි පච හලන්නෙ”

“පුපුරන්න එපා බං. මං එපා කිව්වෙ නෑනෙ. අම්බෝ උබ නං පරමාණු බෝම්බයක් වගේ”

“ඔව් ඔව් මං තමා පරමාණු බෝම්බෙ. මගෙන් අහගන්න එපා. තවුසෙ අර ඉස්කෝලෙදි නහර කඩන් පොඩි උන්ට බෙරිහන් දෙන ඒවා හොඳයි එතකොට”

“හරි හරි මං මොකුත් කියන්නෑ”

අන්නෙහෙම හිටපන්. එනව මෙතන මට එකේකේවා කියවගෙන. මන් තරහටයි කැපා නැති දුකටයිත් එක්ක අත හැපුවා.

“ආයි.. නවත්තපං බං ආපහු හපන්නෙ. ආව්..”

“ආයි කිව්වෙ ඒකයි ආපහු හැපුවෙ”

හික්. ෆිල්ම් එකේ එළිවලට අයියව නිකන් ඒලියන් කෙනෙක් වගේ පේන්නෙ. ඔරවන ඔරංඔටං ඒලියන් කෙනෙක්. හික්ස්.
අයියා ආපහු ඉස්සරහ බලාගත්තා. එහෙම බෑනෙ.

“අයියෙ”

“….”

“මං කෑගහනවා හයියෙන් තවුසෙ මෙ පැත්ත නොබැලුවොත්”

ආ ඔය බැලුවෙ ලස්සනට. ප්‍රෝඩාව මුගෙත් තනිකරම.

“කරගත්ත අපරාදයක් කියලා හිතෙනවද?”

“ඔව්”

“ඇහ්?”

ඇහුවා කියලා ඔහොම කියනවද යකෝ!!!
ෆිල්ම එක ඉවරඋන ගාන්ම මං අර ප්‍රෝඩාකාරය එන්න කලින් නැගිටලා කා පාක් එකට ආවා.
හහ් එපා නම් මොකෝ දන්නෑ පස්සෙන් එන්නෙ.

“සෞරාෂ්”

“….”

“දැන් තරහ වෙලාද ඔය?”

“….”

“මං කිව්වෙ පරමාණු බෝම්බයක් කියලා”

“අනේ මේ අයියෙ එපා නම් හිටපියකො පැත්තකට වෙලා පස්සෙන් එන්නෙ. මගුල”

“මන් ආවෙ කාර් එකට”

“තවුසෙ!!!”

“ගහන්න එපා යකෝ. හපනවයි ගහනවයි.”

“ගහන්න නෙමේ තවුසෙව මන් මරනවා”

“ඇහුව නිසානෙ කිව්වෙ. ආව් යකෝ. මෙහෙ වර”

ප්‍රෝඩාකාරයා මගෙ බෙල්ල වටෙන් අතදාලා මාව ඇදලා ගත්තා. එපා නම් ඇයි දන්නෑ ළඟට ගන්නෙ. මං ආපහු පාරක් අතේ පාර හිටින්නම හැපුවා. ම්.. ලස්සනයි.

“දැන් මොකෝ මේ බොරු තරහ”

“බොරුවට නෙමේ ඇත්තට මං මේ තරහ වෙලා ඉන්නෙ. තවුසෙට බොරුවට වගේ පේනවද? එහෙම නෑ”

“ආ හරි හරි ඇත්තට තමා. මං මේ කරදරේ දැන දැන තමා දාගත්තෙ. මෙහෙ එනවා”

“අනේ මේ”

“à·„à·„à·Š à·„à·„à·Š…”

මුට පිස්සුද එකපාර හිනාවෙන්න. අම්මලා ආපු නිසා අපි ඇවිත් නිවහනෙන් චීස් කොත්තුත් කාලා ගෙදර ආවා. චීස් කොත්තු යනු ආගමක් නම් මං එහි ඩයි හාඩ් බැතිමතෙක්මි. මගදි අයියා මට අයිස්ක්‍රීම් එකක් අරන් දුන්න නිසා මං සමාදාන උනා. සටන පාවා දුන්නා නෙමේ කෑමවලට මොනවා උනත් ගෞරව කරන්න ඕනෙ. ඒකයි. ඒකගන්න මායි අයියයි ආපිකෝ එකට ගිය වෙලාවෙ එතනට ඇවිත් හිටපු කෙල්ලො දෙන්නෙක් අයියා දිහා බල බල කිචි බිචි ගාන්න ගත්තා. මං ඉතින් ඉක්ම්නට  අයිස්ක්‍රීම් ටිකත් අරන් අයියවත් ඇදන් එතනින් ආවා.

“ඇයි මේ. හෙමින් යමු”

“බෑ”

“Excuse me, Hey!”

හරිනෙ ආසාව. මන් අර ආව කෙල්ල දිහාම බලන් හිටියා. කොන්ඩෙ දනිස්ස ගාවට විතර වවලා හිටියෙ එයා. අනික් යාළුවද කොහෙද නම් ටිකක් එහාට වෙලා හිටියා බලාගෙන.

“Umm Do I know You?”

“Ah no no just…”

“Just..what?”

“Just want to give this”

අර හිටපු එක කෙල්ලෙක් අයියට චිට් එකක් දික් කළාම අයියා අයි බ්‍රෝ එකක් උස්සලා ඒක දිහා බලලා මන් දිහාත් බලලා ආපහු අර අක්කා දිහා බැලුවා. අක්කෙ ඔයා ලස්සනයි තමා එහෙමයි කියලා මේ ලස්සන අයියාට ඔයාට සන්දේශ දෙන්න බෑ ඔහොම.

“Sorry..”

” O c’mon boy, you are not taken. Isn’t it?”

“….”

හංගලා මරන්නද? නැත්තන් මරලා හංගන්නද?
මෙහෙමයි කෙල්ලෙ taken නෙමේ හැබැයි taken තමා. ස්වොරී..

“So do u have a girlfriend?”

“Not your business
සෞරාෂ් යං”

අයියා මාවත් එක්කන් ආපහු කා එක පැත්තට එන්න ගත්තා.

“මොකෝ දැන් හිනාවෙන්නෙ?”

“නෑහ්..කවුද හිනාවෙන්නෙ?”

ටුබියා උනත් මගෙනෙ අයියෝ. එහෙම හිතෙද්දි අමුතු ආඩම්බරයක් වගේ එකක් එනවා ඉතිං. ඕකට තමා සුට්ටි හිනාවක් ආවෙ. එහෙමයි කියලා ඕවා කියන්න බෑනෙ. ආතරේ හිතෙනවා අලෙව්.. හැබැයි අර ලස්සන අක්කට මේ ජීවියා හිනාඋනෙත් නෑ. හිනාඋනානම් මන් මිනීමරන්න කියලා හිටියෙ. මේකනෙ ඒ කෙල්ල දන්නැතිඋනාට මේ රිලා හාදයාට ලම්සන අහිම්සක ටුබියෙක් ඉන්නවා කියලා මේ ටුබියා දන්නෝනෙහ්. එතකොට ටුබියා වැරදිකරු වෙනෝ. මරන්නැතුව උස්සලා හංගනවා එක්කො නැත්තන් මට පාඩුනෙ. එව්නාට උස්සන්න පුළුවන් වෙයිද? ජිම් එකකට යන්න කාලෙ හරි සෞ පුතේ..

————————————————————

සරපරායිස්… ඔන්න කාලෙකින් ඩබල් අප්ඩේටු උස්සන් ආවා😁

තව පොඩ්ඩෙන් සංදේශයක් නිසා අයියා ලෙප්ට්.🥲

සෞරාෂ් childish වගේ කියලා හිතන්න එපා හොඳේ.. එයාගෙ කම්ෆටබල් සෝන් එක ඇතුළෙ එයා නිදහසේ ඉන්නවා. එච්චරයි. වෙලාවකට පොඩ්ඩක් ට්‍රැක පයිනවා.🤣✋

ඒනම් මං යනවා.. හැපුම් තුවාලවලට බේත් එකක් ගෙනියන්න ඕනෙ 🫠
ආතරෙයි ♥️
Bye👋

▪️කතුවරයාගේ අවසරයකින් තොරව කතාවේ ඇති කොටස් උපුටා හෝ අන් ආකාරයකින් (ෆොටෝස් / වීඩියෝස් ) සමාජ මාධ්‍යවල පලකිරීමෙන් වළකින්න.

▪️කරුණාකර කර්තෘ අයිතිය ද සුරකින්න.

@Arden_Ak

Tags: read novel Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 27, novel Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 27, read Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 27 online, Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 27 chapter, Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 27 high quality, Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 27 light novel, ,

Comment

Leave a Reply

Chapter 29