Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 28

A+ A-

එදා ෆිල්ම් බලලා ආවට පස්සෙ දවස් ටික නෝමලි ගෙවිලා ගියා. කොහොමහරි ජූලි මාසෙටත් ඇවිත්. අද අයියලාට ඇඩ්මිෂන් සයින් කරනවා. ඊටපස්සෙ ඉතින් එයාලා ගෙදර. ආපහු අනිද්දා ඉඳන් අපිට ටර්ම් ටෙස්ට් පටන් ගන්නවා. අද අපිටත් උගන්නන්නෙ නෑ අපේ මිස්ලාත් සේරම ඇඩ්මිෂන් දෙන තැන. ඇයි ඉතිං ඕක දෙන්න කලින් පිරිත් කියලා ආශිර්වාද කරලා එහෙමනෙ දෙන්නෙ.  ඇරත් ටර්ම් ටෙස්ට් ළඟ නිසා පන්තියේ ළමයි දහයක් විතර අද ඇවිල්ලත් හිටියෙ. අපේ උනුත් අද ෆ්‍රී එකෙන් වැඩක් ගත්තා. පාඩම් කළා නෙමේ මගුල් නැටුවා. දැනුත් මේ කට්ටිය රහස් කෝච්චිය  කරන ගමන් ඉන්නෙ.

“ටින්ට පිනට ටින් පිටෙන් බඩුවක්  ගෙනාවා”

මොනෞත්තක්ද යකෝ ඒ කිව්වෙ. මං ශෙයලා දිහා වට්ද ෆක් බැල්මක් දුන්නම ඌ අනේ මන්දා කියලා උරිස් දෙක ඉස්සුවා. පස්සෙ මං ඒක මගෙ එහා එකාට කිව්වා. ඔහොම ඔහොම ගිහින් අන්තිමයා ඕක කෑගහලා කිව්වා.

“ටින්ගෙ පිටේ බඩු පිටින්… මොන කුනුහර්පයක්ද යකෝ මේ. මොන බඩ්ඩක්ද?”

“මොන ලබ්බක්ද යකෝ ඔය කියන්නෙ මං කිව්වෙ ටින් ටින්ට පිං පිණිස පිටි ටින්…”

යකෝ ඔච්චර දිග එකක් මතක තියාගන්න බෑ තමා. බලපියකො ක්ෂුද්‍රාන්තෙ වගේ දිග ඒකෙ. සෙල්ලම් කර කර ඉඳලා මන් දොළහට විතර යුගාටත් කියන් ක්ලාස් එකෙන් එළියට ආවා. ටිකක් එහෙම යද්දි මං හොයපු කෙනා ඉන්නවා. හානේ…

“නැන්දේ…”

“ආනේ චූටි පුතා. කොහෙද මේ ඇවිදින්නෙ? උගන්නන්නෙ නෑ?”

“අද නෑ නැන්දා මිස්ලා මෙතනනෙ”

“ඔව්නෙ නේද? එහෙනං මං යන්න චූටි පුතා ම්.. චූටිව ගන්න යන්න එපැයි දැන් ඉතිං”

“හරී බායි”

මං නැන්දට වැන්දහම එයා මගෙ ඔලුවත් අතගාලා චුක් ගාලා චුක්කියක් දුන්නා ඔලුවට. නැන්දා ගිහාම මං අයියා දිහාවට හැරෙද්දි එයාගෙ මූනෙ හරි ලස්සන කාම් හිනාවක් තිබ්බා. ඒ ඇස්වලින් ඕනවටත් වඩා ආදරේ ගලනවා. ඔයා ඔහොම ඉද්දි මට ලෝභ හිතෙනවා අයියෙ.

“එන්නකො”

“කොහෙද යන්නෙ මේ?”

අයියා මොකුත් නොකියා මාත් එක්ක ආවෙ ඉස්කෝලෙ අර තහනම් ප්‍රදේශෙට. මෙයැයිලට තහනම් නැද්ද දන්නෑ.

“කාලෙ හරි ඉක්මනට ගෙවෙනවා සෞරාෂ්.”

“ඇයි එහෙම කියන්නෙ?”

“අවුරුදු දහතුනක් මං මෙතන ජීවත්වෙලා බං. මෙහෙමයි කියන්න බැරිතරම් දේවල් ගොඩක් මට එකතුත් වෙලා. මෙච්චර ඉක්මනට එච්චර කාලයක් ගියාකියලවත් හිතන්න බෑ බං”

නොකිව්වට අයියා ඉන්නෙ දුකෙන් කියලා තේරුන නිසා මං එයාගෙ අතක් අරන් අතගාද්දි අයියා මං දිහා බලලා අත්දෙක දෙපැත්තට කළා. මං දෙපාරක් නොහිතා එයාව හග් කළේ අයියාට හොඳට තුරුල් වෙන ගමන්.

“ඉස්කෝලෙ දාලායන්න ලෝභයි බං. වාසනාවකට වගේ අපිට තව අවුරුද්දක් හම්බුනා. ඒලෙවල් ජීවිතේ හරි ලස්සනයි බං”

අයියා මාව තුරුල් කරගෙනම කියලා මාව ඉස්සරහට අරන් හිනාවෙලා මගෙ කොන්ඩෙ අවුල් කළා. කොන්ඩයක් පිළිවෙලට තියාගන්න දෙන්නෙ ම නෑනෙ.

“දැන් එතකොට ඉස්කෝලෙ විතරද දාලා යන්න ලෝභ?”

“ම්.. ඔව්”

අම්මපා මේ මිනිහා. මං හොඳවයින් පාරක් රවලා ඉස්සරහ බලාගත්තා.

“ඇයි සෞරාෂ් තව මොනාහරි ගැන මට ලෝභ හිතෙන්න ඕනෙද?”

“නෑනෙ නෙහ්? ඒක තමා නෑ නෙ.”

“කියන්නෙත් නෑ උඹේ ලොකුකම.”

“අනේ මගෙ ඇති ලොකු කමක් නෑ”

“à·„à·„à·Š à·„à·„à·Š. උබත් එක්ක මේ ඉස්කෝලෙ ඉන්න හම්බෙන්නෙ නැති එක ගැන ලෝභ හිතුනා තමා. එව්නාට උබව ඇතෑරෙන්නෙ දෙන්නෑ මං. ඉස්කෝලෙන් නෙමේ කොහෙන් අයින් උනත් ඒක එහෙම තමා සෞරාෂ්.”

“කවදාවත් ම අතාරින්නෙ නැද්ද?”

“ම්හ් නෑ. අතාරින්නෙත් නෑ ඇතෑරෙන්න දෙන්නෙත් නෑ. ළඟින් නැතත් දුරින් ඉඳලා හරි මං උබ ගැන බලනවා සෞරාෂ්.”

“ඔයාට ඔලුවටත් උඩින් වැඩ වැටුනත් මාව බලනවද?”

“මාලුවෙක්ට උගෙ ලෝකෙම වතුර සෞරාෂ්. ඌ මොන දේ කළත් එතනින් පිටපයින්නෙ නෑ.එහෙම උනොත් උට ජීවිතයක් නෑ බං. ඒ වගේ තමා උබ කියන්නෙ මගෙ ලෝකෙ බං. මොන වැඩේ තිබ්බත් මට එක වෙන්නෙ උබ තමා.”

“මං නැතුව එතකො..”

“ජීවිතයක් නෑ. ඉඳියි හැබැයි ජීවත්වෙවිත් මැරිලා ඉන්න එකෙක් වගේ. “

“මං එච්චර වටින්නෑ අයියෙ”

“කවුද කිව්වෙ?”

“මාව වටිනවනම් මාව දාලා යන්නෙ නෑනෙ අයියෙ කවුරුත්”

“කවුද දැන් සෞරාෂ්ව දාලා ගියෙ? ම්..”

මට කතා කරගන්න බෑ උගුර නිකන් මොකද්ද වෙලාවගේ. ඒ අස්සෙ ඇස් දෙකට කදුළු වගේ ආපු නිසා මං බිම බලාගත්තා.
අයියා මාව ආපහු ළඟට අරන් ඔලුව අතගාලා මගෙ ඇස් අගිස්සෙන් එළියට පැන්න කඳුළක් පිහිදැම්මා.

“මට.. මට කල් දෙනවද අයියෙ? ඔ..යාට කියන්න දේවල් ගොඩක් තියෙනවා එ..එව්නාට මටහ්..”

“ඕනතරම් කල්ගන්න සෞරාෂ්. ඔයාව රිද්දන දේවල් හාරාඅවුස්සන්න ගිහින් ආපහු රිද්දගන්න එපා. උබ මට හැමදේම කියන්න ඕනෙමයි කියලා දෙයක් නෑ  ම්..? කමෝන් දැන් අඬන්න එපා. මගෙ බට්න් මෂ්රූම් එක රතු වෙලානෙ මේහ්”

“ම්හ්.. මං හත්තක් නෙමේ”

“à·„à·„à·Š à·„à·„à·Š.. රතු වෙච්ච මිනි බට්න් එකක්”

කොන්ඩෙ අයියෝ… අවුස්සන්න එපා… දැන් ඉතිං අයියලා හෙට ඉදන් ගෙදර. මොනාඋනත් පාළුයි වගේ. කමක් නෑ එක්සෑම් එකෙන් පස්සෙ ආපහු එනවනෙ…
.
.
මේ ටිකේ ටර්ම් ටෙස්ට් නිසා වැඩිය අයියා එක්ක කතා කරන්න හම්බුනෙත් නෑ. හැබැයි අයියා සබ්ජේක්ට්ස් තියන දවස්වලට හැමදාම උදේට පත හෑල්ලක් එවනවා. මෙහෙම මෙහෙම කරන්න සෞරාෂ් කිය කිය. එයලටත් තව සති දෙක තුනක් වගේ එක්සෑම්වලට තිබ්බෙ. ඒක නිසා මාත් වැඩිය අයියට මෙසේජ් දාන්න ගියෙ නෑ. එයා ඒක කරදරයක් කියලා නොකිව්වට එයාගෙ වැඩ කරගන්න තියන වෙලාව අඩුවෙනවනෙ. හැබැයි අයියා දවසට පැයක් විතර මාත් එක්ක කතා කරනවා. මාත් එක්ක කතා කළහම එයාගෙ එන’ජි එක වැඩි වෙනවලුනෙ. මං නෙස්ටමෝල්ට් එකක් කියලා හිතුවද දන්නෙ නෑ. බලය, ජවය, ශක්තිය සෞස්ටමෝල්ට්. ගැම්මක් තමා. අ යන්නෙන් පටන් අරන් අල් කයන්නෙන් නම ඉවරවෙන රිළවෙක් සඳහා ම නිෂ්පාදිතයි. අන්තිමට මන් ව්‍යවසායකයෙකුත් උනා අම්මෙ.
කොහොමහරි මං මගෙ සාමාන්‍ය දැනුම මෙහෙයවලා අසාමාන්‍ය දැනුම පේපරෙත් ලිව්වා. ලොජික් පේපරයක් ලියන්න ගිය එකෙක් අම්මගෙ කීමට ජෙනරල් නොලේජ් පේපරේ ලිව්වම ඔහොම වෙනවා. සේරමත් හරි මට කෙලඋනොත් කෙල වෙන්නෙ ඔය බඩකඩිත්තුව නිසා තමා.

මං මේ ටිකේ අයියලගෙ ගෙදර ගියෙ නෑ. එයාට එක්සෑම් එකත් ළඟ නිසා ඉවර වෙලා ම යනවා. අයියා එන්න කිව්වට මං ගිහාම එයාගෙ දවස ම අපරාදෙනෙ. මාත් ඉතිං යන්න අකමැති කිව්වට එහෙමමත් නෑ. මේ මේ අංශුමාත්‍රික කැමත්තක් තියනවා. හෙහේ. මං මේ පහුවෙන ඒවත් එක්කම අල්ලලා අයියගෙ එක්සෑම් ඉවරඋනාම පොලියත් එක්ක ම අයකරන්න ඉන්නෙ. මං හරී..ම සාධාරණයි.

“🍄‍🟫 this reminds me of u Saurash”

“Aiye man haththak neme!!! 😑🔪  Okata papillak dala kiyawaganna hadanne oya”

“O god Saurash…!”

“ඕ ගොච් නෙමේ😒”

“🤣 but u really look like that.”

“Ona mushroom ekak karaganin. Ai appah. Dan oya haththak gana kiyawanne wada iwarada?”

” Ow podi break ekak gannawa me”

“Oh”

“So…”

“?”

“Monawa hari kiyawanna ithin. Oyage chatter box eka nathuwa palui wage dan nm”

“Ane me aiye. Aa meh mn me senasurada ohe ennada? Ammath enna one kiwwa”

“Ammath enawada. Aha aha inna deyak nane bn oke”

“Aa dan amma ena eka witharada dakke?”

“Oya ithin kohomath enawane”

“😑🔪😒”

ෆෝන් එකෙන් අතදාලා මිනීමරන්න බැරි එක මගෙ අවාසනාව එක්කො රිළවගෙ වාසනාව. ග්‍රැහැම් බෙල් සීයාට ඒ තාක්ෂණෙත් හොයාගන්න තිබ්බේ. එහෙනම් එයත් සතුටින් මාත් සතුටින්. අයියා සතු කෙසේ වෙතත් ටින් වෙයි. මං කොහොමත් හිතන් ඉන්නෙ එයාව ටින් එකක් ඇතුළට චොප්ප චෝරු කරලා ඔබාගෙන ළඟ තියාගන්න. හරියන්නෑ නැත්තන්. දවසක් ඔය මොකද්ද වැඩකට කියලා අයියා ඉස්කෝලෙට ආවා ට්‍රැක් කිට් එකෙන්. පස්සෙ ඉස්කෝලෙ ඇරෙනකන් ඉඳලා මාත් එක්ක ආවා. ඒ එද්දි කෙල්ලො සෙට් එකක් හෙන දුරක් යනකන් පැණි හල හල ආවා. ඊටපස්සෙ උන් ටික බැහැලා ගියාට පස්සෙ ඉස්සර ශීට්වල හිටපු හත්වලාමවල් ටිකක් හැරි හැරි බලනවා. මේකා ඕවා දිහා බලන්න යන්නෙ නෑ තමා. ඔහේ ගල් පිළිමෙ වගේ එනවා එක්කො මාත් එක්ක කියවනවා. නෑ වැරදුනා මං කියවන ඒවා අහන් ඉන්නවා. එවුනාට මගෙ ටුබියා ඉන්නෙ මහජන ප්‍රදර්ශනේට නෙමේනෙ. හුහ්. මෙයැයි මගෙ ප්‍රයිවට් රිළවා. හුම්ම්.. සෞරාෂ් සතු ප්‍රොපටියකි කියලා බෝඩ් එකක් එල්ලුවා නම් හරි. පස්සෙ ඕක කියවනවා කියලත් හැරි හැරි බලන්න ගනීද දන්නෑ. මේක හරියන්නෑ නයනී. මගෙ රිළවට නිදහසක් නැද්ද මේ ලෝකෙ. ඉම්හි ඉම්හි.

මං මේ ටිකේ ඉන්නෙ සෙනසුරාදා වෙනකන් තමා. හනෙව් මගෙ රිළා පරානෙහ්..කොහොමහරි සෙනසුරාදා හවස මං ලෑස්ති වෙලා අම්මා එක්ක අයියලගෙ ගෙදර ගියා. යද්දි අයියා ඉන්නවා එළියෙ පුටුවකට වෙලා වාඩිවෙලා. මාව දැක්කා විතරයි හිනාවේගෙන අම්මා ළඟට ආවා. මං කැලේ.. මට මගෙ නැන්දා ඉන්නවනෙ ඉතිං. ඇයි චූටියත් මගෙ. පස්සෙ නැන්දා අම්මත් එක්ක ගේ ඇතුළට ගියා. චූටියත් බයිසිකලයක් පදිනවා අපේ වටේ.

“මොකද කතා නැත්තෙ?”

අයියා මාත් එක්ක ඇවිත් එළියෙම පුටුවකින් ඉඳගත්තහ ම මන් අයියා දිහා ම බලාගෙන හිටියෙ. ඉස්කෝලෙ ආවෙ නැති නිසා අයියගෙ කොන්ඩෙ මාර ඉක්මනට වැවිලා තිබ්බා. ඉර එළියට අයියගෙ ඇස් දෙකේ පාට ලස්සනට පෙව්නා. එයාට තිබ්බෙ කළුත් නැති ලා..ම දුඹුරුත් නැති  කොෆී බ්‍රව්න් කලර් ඇස් දෙකක්. ඒ එක්ක තියන දිග ඇහිපිහාටු හීන දිග නහය ශාප් ජොව් ලයින් එකත් එක්ක අයියගෙ ලුක් එක මාරම ප’ෆෙක්ට්. මෙහෙම කොල්ලෙක් දිහා කෙල්ලො හැරි හැරි බලන එකේ පුදුමෙකුත් නෑ එහෙමයි කියලා බලන්න බෑ. හුම්.. මං ඉතිං කතාවක් නැතුවම අයියා දිහා බලන් භාවනා කරද්දි තමා අයියා මට කතා කළේ.

“අහ්.. නැහ්. මොකුත් නෑ.
අයියෙ,”

“ම්ම්..”

“අත දෙන්නකො පොඩ්ඩක්”

අයියා මන් දිහා බලාගෙනම අත මගෙ පැත්තට දික් කරද්දි මන් කලින් දවසෙ පූජාවට ගිහින් ගත්තු පිරිත් නූල සාක්කුවෙන් අරන් අයියගෙ අතේ ගැට ගහන්න ගත්තා.

” සබ්බේ බුද්ධා බලප්පත්තා
පච්චේකානං ච යං බලං
අරහංතානං ච තේජේන
රක්ඛං බන්ධාම් සබ්බසෝ”

මං ගාථාව තුන්පාරක් කිය කිය පිරිත් නූල අයියගෙ අතේ ගැටගහනකන්ම අයියගෙ ඇස් දෙක තිබ්බෙ මගෙ මූනදිහාවට කියලා මට ඇස් කොනෙන් වගේ පෙනුනා. මං පිරිත් නූල බැඳලා ඉවර වෙලා අයියා දිහා බලද්දිත් එයා ඒ විදිහට ම මං දිහා බලන් ඉන්නවා. ඒ ඇස් දෙක දිලිසෙනවා. මං දන්නෑ එව්නාට මේ වගේ වෙලාවල්වලට අයියගෙ ඇස් දිහා මට බලන් ඉන්න හිතෙන ආසාව තවත් වැඩිවෙනවා. ඒවගෙ හරි අමුතු ලොකු ආදරයක් එකතු කරන් ඉන්නවා කියලා දැනෙනවා. මං ඒ හැඟීමට මාර ම කැමතියි.

“දැන් නම් හරියට ම හරි සෞරාෂ්”

“ඇයි?”

“මං හැමපැත්තෙන් ම රෙඩී. පොත්වලිනුත් ඕකේ. එතකොට අද මගෙ එනර්ජි  ප්ලාන්ට් එක ඇවිල්ලත් මාව චාජ් කළා. ඒ එද්දි පිරිත් නූලකුත් ගෙන්නලනෙ. So Yeah”

“පන්සල් යන්න ඕනෙද?”

“මිනී කවදා ඉදන්ද හිත් කියවන්න ගත්තෙ. ම්..? යන්න නම් ඕනෙ..”

“ගියෙ නැත්තෙ ඉතින්?”

“දන්නෑ”

පිස්සු පිස්සු. පොත් අස්සෙ ඉඳලා ඉඳල ම ට්‍රැක පැනලා වගේ දැන්නම්. දැන් ඔය මන් අර හත්තක් ගැන කියෝනව කියල කියන නිසා ඒක පරිණාමය කරන් මිනී කියලා ඒක කියනවා. එවුනාට අර හත්ත ගැනත් අමතක කරලා නෑ. බැලුවාම මං දිලීරෙකුත් වෙලා. දෙයියනේ..
අපි හවසට තේ එකකුත් බීලා අම්මලට කියලා පන්සල් ආවා. ඇවිත් වැඳලා කරලා හාමුදුරුවෝ එක්කත් කතා කරලා අපි ආපහු යද්දි යාළුවො දෙන්නා එකතු වෙලා කෑමත් හදලා. අපි කාලා කතා කර කර ඉඳලා රෑ වෙන නිසා එන්න හැදුවාම අයියා අපිව දාන්න එන්න හදනවා. මං එපා කිව්වට අහන්නෙ නෑනෙ.රෑ යන්න බෑනෙ සෞරාෂ් යැයි යැයි ගානවා.

“ඔහොම ඉන්න අම්මා මං දාලා එන්නම්”

“නෑ නෑ අද ඉන්න ඔහොම. එක්සෑම් ළඟ තියන් රෑ තිස්සෙ යන්නෑ කොහෙවත්”

“එව්නාට අම්මා කොහොමද යන්නෙ දැන් රෑ වෙලානෙ?”

“බස් තියනවනෙ පුතා. අද ඉන්න ඔහොම. හරිද?”

“හ්ම්..”

යකොව් මන් ඕක කිව්වම අහන්න බෑ. අම්මා කිව්වා හාම් හූම් ගාලා ලස්සනට ඉන්නවා. එව්නාට යන්න කලින් මාව ආපහු ඇදන් ගියා අර එළියෙ බංකුව ගාවට.

“මං කිව්වා ම අහන්න බෑනෙහ්?”

“හරි නෙ දැන් ඉතිං. මං ගෙදර ඉන්නම්කො.  ගෙදර ගිය ගාන් ම මට කියන්න ඕනෙ හරිද. මෙසේජ් එකක් නෙමේ කෝල් එකක් අරන් කියන්න. ම්..”

“හා..”

“එව්නාට රෑ යවන්..”

“අම්මෙ මේ…!!!”

“හරි හරි මං මුකුත් කියන්නෑ. පරිස්සමට යන්න අම්මත් එක්ක.”

“අන්න එහෙම. දැන් පරිස්සමට ගෙදරට වෙලා ඉඳලා හොඳ..ට් එක්සෑම් එක ලියලා එන්න. මගෙ අයියට පුළුවන් නෙහ්.”

“හ්ම්ම් ඔව්.. සෞරාෂ්”

“ඔහ්”

“නෑ හරි.”

මොකෝ මේ රතු වෙලා. මොකුත් උනාද මෙතන. දෙයියනේ චුක්කියක්වත් දුන්නෑ. පිස්සු මෙයැයිට. පස්සෙ ඔය දාහක් උපදෙසුත් අරන් මං අම්මත් එක්ක ගෙදර ඇවිත් අයියට මෙසේජ් එකක් නැතුව අර කිව්ව වගේ කෝල් එකක් ම අරන් ආවා කිව්වා… ඊටපස්සෙ තලපතා ගහලා වගේ නිදාගත්තා.

————————————————————

ඇවිල්ලා ඇවිල්ලා… අවුරුද්ද නෙමේ අප්පා මේ මම ඇවිල්ලා ඉන්නෙ. 🙂

ඉතිං කෝමෙයි ඔයැයිලට කාලෙකින් ඤෙහ්? 🤭

ටින් ටින්ට පිං පිණිස පිටි ටින්… මෙහි ඉතුරු පද සම්පූර්ණ කර තවත් අමතර චැපියක් දිනාගන්න. 🎊️🎊️

ඔයාල සත්තු පරිණාමය වෙනවා අහලා තිබ්බට නම් පරිණාමය වෙනවා අහලා විතරනෙ දැකලා තිබ්බේ නෑනෙ. කොහොමෙන් කොහොමහරි සෞව්වා කියන්නෙ ඇනිමාලියා ෆන්ගියෙක්. බලන්න ඉතින්, ගැම්මක් තමා 😌✋

සෞරාෂ් අයියලගෙ ගෙදර යන්න කැමති අංශුමාත්‍රයක් තරම්ලු හොඳේ. මං මේ දැන් යන්න හදන්නෙ ලෝකෙ ලොකු ම අංශුමාත්‍රෙට ගිනෙස් රෙකෝඩ් එකක් ගන්න. 😹

අභී අයියා රතු උනේ මොකදැයි කියලා ඔයාලා දන්නවත? සෞව්වට කියන් යන්ඩලා..

සෝ එහෙනම් ඉතින් අනේ මං මේ යන්ඩයි සූජානම් වෙන්නෙ🙃
ආටරෙයි ටරුවනේ 😘♥️
BYE👋

▪️කතුවරයාගේ අවසරයකින් තොරව කතාවේ ඇති කොටස් උපුටා හෝ අන් ආකාරයකින් (ෆොටෝස් / වීඩියෝස් ) සමාජ මාධ්‍යවල පලකිරීමෙන් වළකින්න.

▪️කරුණාකර කර්තෘ අයිතිය ද සුරකින්න.

Arden_Ak

Tags: read novel Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 28, novel Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 28, read Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 28 online, Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 28 chapter, Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 28 high quality, Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 28 light novel, ,

Comment

Leave a Reply

Chapter 30