Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 29

A+ A-

ඊයෙ අයියලගෙ ගෙදර ගිහින් ඇවිත් මං ඉරිදා දවස ගෙදෙට්ට වෙලා පොත්වල වැඩ කළා. පස්සෙ රෑ වෙලා අයියට මෙසේජ් එකක් දැම්මා. එයාට සඳුදා කම්බයින්ඩ් පාට් වන් පේපර් එකෙන් ම පටන් ගන්නවා කිව්වා. මෙසේජ් එක දාලා නිදාගෙන මන් අද එලාම් එක තියලා පාන්දර නැගිට්ටෙ අයියට කතාකරන්න. දෙතුන් පාරක් රින්ග් වෙද්දි අයියා ෆෝන් එක ආන්ස්වර් කළා.

“කියන්න සෞරාෂ්”

“දැන් යන්නද හදන්නෙ?”

“ම්.. ඔව්. හයට විතර යනවා”

“ඔහ්. පරිස්සමට ගිහින් හොඳට ලියලා පරිස්සමට එන්න අයියෙ.”

“ම්.. okay.”

“ඔයා බයවෙලාද අයියෙ ඉන්නෙ?”

“අනේ මංදා බං. මන් රෙඩී බට් පොඩ්ඩක්.. එව්නාට දැන් නම් හරි”

“à·„à·„à·Š à·„à·„à·Š. ඔයා කොහොමත් ඕක ලියනවා තමා මට ශුවර්”

“හ්ම්..”

“එහෙනම් මන් තියන්නම්. පරක්කු වෙයි ඔයාට. බායි”

“Ok. බායි”

අයියාත් එක්ක කෝල් එක ඉවර උනාට පස්සෙ මං වොශ් එකක් දාගෙන බුදුපහන පත්තු කරලා අයියා එක්සෑම් එක ලියලා ඉවර වෙන වෙලාව වෙනකන් ඒක නිවෙන්න නොදී තියන් හිටියා. මන් එක්සෑම් එක ලියනවා වගේ දැන්නම්. පස්සෙ හවස් වෙලා අයියගෙන් කෝල් එකක් ආවා.

“සෞරාෂ්..”

“ඔහ් කියන්න”

“එක ම එකක් ඉවරයි දැන් නම්”

“à·„à·„à·Š à·„à·„à·Š. ඔයා ඔය විදිහට ම ඉතුරු ටිකත් කරනවා. මට ශුවර්”

“හ්ම්..”

“ආපහු තියෙන්නෙ අනිද්දට නෙහ්?”

“ඔව්”

“රිලැක්ස් එකේ පාඩම් කරන්න පුළුවන් එහෙනම්”

“ම්..”

අයියා කතා කරලා කෝල් එක තිබ්බට පස්සෙ මං ක්ලාස් යන්න රෙඩී වෙලා අම්මටත් කියන් යුගා එක්ක ක්ලාස් එකට ආවා.

“සෞව්වො, උබ මේ පැත්තට වරෙන්”

“ඇයි බං?”

“වරකො හේතු අහන්නෙ”

මං නැගිටලා යුගාට ඩෙස් එකේ අයින දීලා උගෙ එහාපැත්තට ආවා.

“මොකෝ බං?”

“අර වහන්තරාව බලනවා උත්තො හැරි හැරි තෝ දිහා. සිහියෙන් නෙමේද ඉන්නෙ”

අප්පා දැන්නෙ මතක් උනේ සීන් එක. මට ඕක එච්චර මීටර් උනේ නෑ ඉතිං. සිරාවට මට ඒ කෙල්ලව වැඩිය අල්ලන්නෙ නෑ. ඒ කියන්නෙ මෙහෙමයි මට කෙල්ලො කොල්ලො කියලා නෑ යාලුකම්වලට. එව්නාට ඒ කෙල්ල අනේ මන්දා..
මං එහෙම මිනිස්සුන්ව මයින්න යන්නෙ නෑ. ඇරත් එහෙම කරන්න ඌමනාවක් මට නෑ. කොහොම උනත් මං මට ළං කරන් ඉන්න මේ ටික දෙනා ඇරෙන්න වෙනකාවවත් මට ළං කරගන්න එහෙම කැමැත්තක් නෑ.
හැබැයි අද නම් ඒ කෙල්ල බල බල හිටියා උනාට අපි ළඟට එන්න කරන්න ආවෙ නෑ. කොහොමහරි ක්ලාස් එකට නිදහසේ ඇවිත් නිදහසේ ඉඳලා යන්න තියෙනව නම් ඇති. සමහරවිට යුගා එදා කිව්ව ඒවා නිසා වෙන්නැති අද නාවෙත්. යුගා කොම්ලා ගැම්මක් තමා. හනේ මගෙ බලු බෙට්ටා. නිවාඩු මාසෙ නිසා අද යුගා ක්ලාස් ඇරිලා එහෙම්ම මාත් එක්ක අපේ ගෙදර ආවා නවතින්න කියලා.

ගෙදර ඇවිත් කාලා බීලා මං පුටුවට වෙලා ඉද්දි යුගා ඇඳට වෙලා ඉඳලා එකපාට්ට මොකක් හරි මතක් වෙලා වගේ නැගිට්ටා

“ඒ මෙහ් සෞව්වො”

“ඔහ්”

“එදා අර උබ කරනවයි කිව්ව වැඩේ කළාද?”

“මොන?”

“අභී අයියගෙ බ‍ර්ත්ඩේ එකට යකෝ”

“ආ.. ඔව් ඔව්”

“මොකෝ උනේ. කොල්ලට ආදරේ හිතිලා හනේ මයෙ සෞරාෂ් කියලා ඇඬුවද?”

“ඇඬුවා, රෙද්ද තමා. ඔය හිනාවෙවී බලන් හිටියෙ. මුලින් ටිකක් පුදුම වෙලා වගේ හිටියා බන් හරිද? ඊටපස්සෙ සෞරාෂ් සෞරාෂ් යැයි යැයි ගගා හිටියා”

“සිරාවට යකෝ. අර තව එකෙක් ඉන්නවා ඌත් ඔහොම්මමයි. මොන මගුල කළත් බක බක ගගා හිනාවෙනවා විතරයි. අම්මපා වෙලාකට මට ඕකාව උස්සල පොළේ ගහන්න හිතෙනවා.”

පව් අෆ්ෆා අසරණ අයෝන් අයියා. හැබැයි ඇත්ත තමා.  මං එදා අයියගෙ බර්ත් ඩේ එකට එහෙට චූටි කේක් එකකුයි ගිෆ්ට් එකකුයි ඩිලිවර් කළා. පාඩම් කරන නිසා ගිහාම වෙලාව අපරාදෙනෙ. ඩිලිවර් කරලා මං කියලා තිබ්බා ඕක මං කියනකන් ඕපන් කරන්න යන්න එපා කියලා. පස්සෙ මං රෑ දොළහට විතර වීඩියෝ කෝල් එකක් අරන් කේක් කපලා අර තෑග්ගත් බැලුවා. තෑග්ග බලපු වෙලේ ඉඳන් කියෝනවා සෞරාෂ් this is the best යැයි යැයි ගගා. මං එයාට දුන්නෙ මිනි නෝට් බුක් එකක් එක්ක ඉන්ක් පෙන් එකකුයි saviour සෙන්ට් එකයි තව ඔරිගාමි කුරුල්ලො හදලා දාපු ජා එකකුයි. ඕකට ඉතින් මැරෙන්න හදනවා සෝ කියුට් ගගා හිනාවෙවී.

“අම්මෝ උබේ පැණි හිනාව යකෝ”

“අනේ පලයං යන්න”

“හා හා.
ඒ බන් මේ”

“කියපිය යකෝ. හැමතිස්සෙම ඒ බන් මේ බන් ගාන්නෙ”

“අයෝන් අයියා..”

“ඔව්?”

“මාව ඌට හරියනවද බං”

“මොනාද මිනිහො තෝ ඔය අහන්නෙ? පිස්සුද? ඇයි දැන් ඔහොම අහන්නෙ කියපන්කො”

“නෑ බං එහෙම හිතෙනවා මට”

“නිකන් හිතෙන්නෙ නෑනෙ. මොකක් හරි වෙන්නැති නෙහ්. හරි මේ අහපන් යුගා මොන දේ උනත් මේක මතක තියාගනින් අයෝන් අයියටයි උබටයි ප්‍රශ්නයක් නැත්තන් උබලා දෙන්නා අතරේ රිලේශන්ශිප් එකක් ගෙනියන්න මොකද්ද කියහන්කො තව ප්‍රශ්නෙ. උබලා දෙන්නට උබලා දෙන්නා ගැලපෙනවා නම් වටේ ඉන්න උන් කියන ඒවා හිතන්න යන්න එපා. මොන දේ උනත් උබයි අයියයි එකට හිටපන්. එකට ඉදන් ඒ දේවල්වලට මූන දියං. තේරුනාද?”

“හ්ම්..”

“මං උබලා දෙන්නගෙ අතර වෙන දේවල්වලට එන්න හදන්නෙ නෑ. එව්නාට උබට මොකක්ම හරි ප්‍රශ්නයක් තියෙනව නම් මාත් එක්ක කතා කරපන් යුගා. මතක තියාගනිං මං උබට ඕන වෙලාවක් ඉන්නවා.”

“උබ.. උබ හැමදාම මාත් එක්ක හිටියා බං. මං දන්නවා ඉස්සරහටත් උබ ඉන්නවා කියලා. මේ ටිකේ ටිකක් ඔළුව අවුල් වෙන දේවල් ටිකක් උනා. ප්‍රශ්නයක් නෑ. දැන් කොහොමත් නෑ. ඇත්තනෙ බං අයියගෙනුයි මගෙනුයි කාටවත් වැරැද්දක් වෙන්නෙ නෑනෙ. අපි දෙන්නට අපි දෙන්නා ප’ෆෙක්ට් නම් එච්චරයි. තෑන්ක්ස් බං”

“අනේ තියාගනිං තොගෙ තෑන්ක්ස් එක. වරෙන් නිදාගමු යකෝ හෙට උදෙන් නැගිටින්න ඕනෙ.”

හෙට උදේ ඉදන් බයෝ ක්ලාස් දාලා තිබ්බෙ. අපි එලාම් එකකුත් හයට විතර තියලා නිදාගෙන උදේ නැගිටලා ලෑස්ති වෙලා ක්ලාස් එකට ආවා. ඇවිත් පේපරෙත් ලියලා අහන් හිටියා. හැබැයි මන් බයෝ නම් තනිකරම ගොඩයන්නෙ සර් නිසා. ඉස්කෝලෙ මිස් කරන්නෙ පොත කියෝන එකනෙ. සර් උගන්නද්දි පොතක් තියන් ඉන්නෙ නෑ. එයා අපිට හැමදේම ලස්සනට බෝඩ් එකේ ඇඳ ඇඳ කතාව වගේ කියලා දෙනවා. පස්සෙ අපිට වෙලාවක් දීලා කියනවා ඒ කියලා දුන්න ඒවා මතකෙන් කටුවට ලියන්න කියලා. ඊටත් පස්සෙ තමා රිසෝස් එක බලන්නෙ. එහෙම කරද්දි රචනා ප්‍රශ්නවලට ෆ්ලෝ කරලා ලියන්න එහෙම ලේසි වෙනවා. අපි දන්නෙ කතාවක් නෙ. නැතුව රිසෝස් එකේ තියන පොයින්ට්ස් ටිකක් නෙමේ.
සර් උදේ වරුව උගන්නලා දොළහට විතර ඉන්ටවල් එකක් දුන්නා.

“අම්බෝ යකෝ අපේ පස්සවල් ෆ්ලැට් වෙන්නෙ මේ බංකු රත් කරලා ම තමා.  වරෙන් යන්න චූ පාරක් දාලා මොනා හරි කන්න”

ඇත්ත තමා ඉතින් බංකු කුෂන් කරලා තිබ්බට ඒවගෙ ළමයි ඉඳගෙන ම බැහැලා අපි ඉඳගත්තහම ලෑල්ලම තමා. වෙනසක් නෑ. පැය හතරක් පහක් එකදිගට ඕකක වාඩිවෙලා ඉන්නවා කියන්නෙ සැප තමා. මායි යුගයි පහළට ගිහින් ඉන්ටවල් එක ඉවර උනාම ආපහු උඩට ආවා.
සර්ත් පාඩම එක දිගට කරන් යන්නෙ නෑ. මොනා හරි කියනවා. විහිලුවක් කරනවා. සිංදුවක තේරුමක් ගැන කියනවා. ඒ කියන්නෙ පාඩමෙන් පිට පැනල ම නෙමේ. පාඩමට අදාළව ම තමා. හවසත් ආපහු විනාඩි විස්සක විතර ඉන්ටවල් එකක් දීලා ක්ලාස් ඉවර කරද්දි නවයයි කාලට විතර ඇති. ඒ ඉවරවෙලා බස් එකේ අපි ගෙදර ආවා.

“හම්බෝහ් යකෝ.. මහන්සී බං”

“සිරාවට ඕයි. ඔහොම ඉදපන් එහෙනං මං වොශ් කරන් එන්නම්. පස්සෙ උබ පල”

මං බාතෘම් එකට ඇවිත් ආතල් එකේ සින්දුවක් කිය කිය ඇඟ හෝදගත්තා. හොඳ වෙලාවට හොට්වෝටර් තියෙන්නෙ. දවස ම මහන්සි වෙලා ඇග හෝදගත්තම නිකන් දිව්‍ය ලෝකෙ ගියාවගේ ෆීලින්ග් එකක් එන්නෙ අප්පා.
යුගත් වොශ් කරන් අපි පහළට ගිහිල්ල රෑට රොටී කාලා ප්ලේන්ටියක් බිව්වා.

“පුතාල දැන් නිදියනවද? මගෙ කොල්ලො දෙන්නට මහන්සි පාටයි අනේ”

“කම්මැළී සුදු නැන්දෙ. දැන්ම නිදියන්න බෑ අප්පා”

“ඒහ් අපි කාඩ් අතක් ගහමුකො. හා නේ අම්මෙ? කාලෙකින් කළේ නෑ”

“අන්න වැඩේ. කබඩ් එකේ ඇති බලන්න සෞ. ඔයා ගේනනකො මං මොනාහරි අරන් එන්නං කන්න”

මං කාඩ් පැක් එක ගෙනාවට පස්සෙ අපි අම්මා ගෙනාව චිප්සුයි බීමයි කකා බිබී සෙල්ලම් කරන්න ගත්තා.

“ජූස් ජූස් ජූස්. ආ මයෙ මැණිකෙ කාඩ් එකක්.”

“සෞ අද ජූස් කනවා ඉවරයක් නෑ අනේ”

“අයියෝ.. මේ කිරිබත්කැටේ නිසා මාව නැතිවෙනවා මගුල”

අපි පැයක් විතර ජූස් බලලා පස්සෙ බූරුවාත් ගැහුවා. වැඩි ම වතාවක් බූරුවා උනේ මංද කොහෙද.  අම්මා එක ම එක පාරයි. යුගාත් දෙතුන් පාරක් විතර උනේ. කොහෙද ඉතින් මං තෝරලා තෝරලා ගන්නෙ ම බූරු කාඩ් එක.
හෙනකාලෙකට පස්සෙ අපි ඔය ඔහොම හිටියෙ. කොහොමහරි අපි නිදාගන්න ආවෙ එකත් පහුවෙලා. හෙට ක්ලාස් නැති එකේ නිදාගන්න පුළුවන්. හරියට ම කිව්වොත් අද අයියට කම්බයින්ඩ් සෙකන්ඩ් පාට් එක තියනවා. මං ඉතින් නිදාගෙන ආපහු උදෙන් නැගිටලා අයියට විශ් කරලා පහනත් පත්තු කරලා උදේ වරුව හිටියා.

“සෞව්වෝ.. මේ සරුංගලයක් හදමුකො ඕයි. පහළ වෙලට ගිහින් යවන්න පුළුවන් නෙහ්”

“අඩෝ ඔව් නෙහ්. අමතක උනා ඕයි මේ සරුංගල් කාලෙ කියලා. යමං අර හිස් වත්තෙ කිතුල් පිති ඇති”

අපි හිස්වත්තට ගිහින් කිතුල් පිති ටිකක් උස්සන් ඇවිත් සරුංගලයක් හද හද ඉද්දි අම්මා පොළේ යනවා කිව්ව නිසා එයාට කියලා සව් කොළ ටිකකුත් ගෙන්නං අලෝගෙන වෙළට උස්සන් දිව්වා. ඒ යද්දිත් ගමේ කොල්ලො කෙල්ලො රොතු පිටින් ඇවිත් සරුංගල් යව යව හිටියෙ. අපි දෙන්නත් සරුංගල් යවලා ඇවිත් හිටපු උන් එක්කත් කයියක් දාන් ඉඳලා ආවා. යුගත් මාත් එක්ක ම මෙහෙ දහම්පාසල් ගිය නිසා ගමේ සෙට් එකත් එක්ක ඌ ෆිට්. ඇයි ඉතිං මේකා වැඩි හරියක් අපේ ගෙදරනෙ පැල වෙන්නෙ. හය හයාමාර වෙලා බුදුපහනත් තියලා පාඩම් කරන්න ගත්තා. ඇයි අද දවසට ම පොතක් අල්ලවත් නෑනෙ.

නිවාඩු මාසෙ ඉතුරු දවස් ටිකත් ක්ලාස් එක්ක ම ගෙවිලා යද්දි අයියට විසිගනන් වෙද්දි එක්සෑම් සහමුලින් ම ඉවරඋනා. අ‍යියයි අයෝන් අ‍යියයි එක ම සබ් නිසා එකට ම ඉවර උනාට කිත්මිණ අයියට එක්සෑම් ඉවර උනේ ඒ ඉවරවෙලා දවස් තුනකට විතර පස්සෙ. අද තුන් දෙනත් එක්ක ම මෙහෙ එනවා කිව්වා ක්‍රිකට් අතක් ගහන්න.
ඒකනම් උනේ මෙහෙමයි, අපේ පාරෙ එහාට වෙන්න තිබ්බ ඉඩමක් සුද්ද කරලා එතන සෙල්ලම් කරන්න පුළුවන් විදිහට හදාගෙන හිටියෙ. හවසට ඔතන්ට කට්ටිය එකතුවෙලා සෙල්ලම් කරනවා. ඉස්සර ඔතන්ට ගියාට වැඩත් එක්ක මගඇරිලා ගියා. නිවාඩුව නිසා ගෙදර ඉන්න එකේ ආපහු වරෙන් කිව්වා. අයියලට කිව්වට පස්සෙ එයාලත් එන්නම් කිව්වා. අයියලවත් ලාවට ලාවට කට්ටියට නොට් එදා දානෙට එහෙම ඇවිත් හිටපු නිසා.

“කෝ බන් මුං ටික. තමා නිදිද දන්නෑ”

“සිරාවට කෝල් එකක් අරන් බලහන්කො”

කෝල එක අරන් විනාඩි පහක් දහයක් විතර යද්දි තුන් කුමාර කට්ටුව සැපත් උනා.

“අම්බෝ බලහන්කො සෞව්වො ට්‍රිබලගෙ මූනෙ සිරියාව. ආ බන් උවින් අයියෙ උබේ ඩාර්ක් à·ƒ’කල්සුත් මැකිලා හොඳේ. ආව් ආව්..”

“තෝ පොඩි බෙලෙක්කෙ කටවහප්. ආවා මෙතන ආව් ගාන්න. අපි කොහොමත් හැන්ඩ්සම් කොල්ලො තමා”

“ආ.. පුතාලා ඇවිත් නෙහ්. මං මේ සද්දෙකාගෙද බලන්න ආවෙ. ඔහොම ඉන්නකො මං බීම ටිකක් ගේන්නං”

අම්මා දූවගෙන කුස්සියට ගිහින් බීම ගෙනත් අයියලට දුන්නා.

“සුදු නැන්දෙහ්! ඔයා කෝමද අපිට මේම කරන්නෙ? අපිට නැතත් ඔයාගෙ මේ සුදුපුතාට කෝමද මෙහෙම කරන්නෙ? කෝ මට?”

“සුදු පුතාලගෙයි සෞව් පුතාලගෙයි ඒවා කුස්සියෙ ගිහින් ගන්න එකයි ඇත්තෙ”

“ඔයා එහෙමයි නේ සුදු නැන්දේ? හිත රිදුනා හැබැයි”

යුගා මගෙ එකත් එක්ක ම ගෙනාවට පස්සෙ අපි ඒකත් බීලා උදේ ගෙදරට වෙලා හිටියා. ඒ ඉද්දි කිත්මින අයියට සිංගල්කම දුකක් කියලා හිතිලා අපේඅම්මවත් එක්කන් ටවුම පැත්තෙ රවුමක් ගහන්න කියලා ගියා. යුගයි අයෝන් අයියයිත් කොහෙද යනවා කියලා එළියට බැස්ස පාර ගෙදර හිටියෙ මායි අයියයි විතරයි.

“අයියෙ..”

“ම්..”

“බලනවකො හලෝ. සති ගානකින් දැකලත් ඔහේ ඉන්නවා. මහ මොකෙද්ද මන්දා තවුසෙනම්”

“දැන් මං කොහොමද ඉන්න ඕනෙ කියන්න බලන්න”

“අනේ මේ ඕන විදිහකට ඉන්න එකයි ඇත්තෙ”

“කියන්න ඉතිං”

“අනේ මේ යන්න අප්පා”

මං රවලා කුස්සියට යන්න හදද්දි අයියා මගෙ ඇතින් ඇදලා අරන් එයා එහාපැත්තෙන් සෙටියෙ වාඩිකරෝගෙන මොකුත් ම නොකියා මං දිහා බලන් ඉන්නගත්තා. දැන් දැන් නම් මට තේරෙනවා මගෙ මුළු මූනම ටික ටික රතුවෙනවා. ඇයි අප්පා මෙහෙම මගෙ මූනෙ අගලෙන් අගල බලන් ඉද්දි. හයියෝ… ලැජ්ජයි අම්මේ!!!

“මිස් යූ සෞරාෂ්”

අයියා මගෙ කම්මුලකට අතක් තියලා හෙමිහිට අතගාලා මංදිහා බලන් හිනාඋනා. මං විනාඩියක්වත් පහු නොකර එහෙම්ම අයියගෙ අස්සට පැනලා එයාගෙ පපුවට මගෙ පිට හේත්තු කරන් අයියගෙ අත්දෙක මගෙ බෙල්ල දෙපැත්තෙන් අරන් ඉස්සරහට ගත්තා. හරියට ම බැලුවොත් මං ඉන්නෙ අයියගෙ ඔඩොක්කුවේ. අයියා මං එකපාට්ට මොකද්ද කළේ කියලා හිතාගන්න බැරුව වගේ ඉඳලා ලාවට හිනා උනා මට ඇහුනා. පස්සෙ මගෙ ඔලුවට ලා ම ලා හාද්දක් තිබ්බා. මං එහෙම්ම අයියගෙ ඇඟට හේත්තු වෙලා අයියගෙ ඇඟෙන් එන ඒ රස්නෙට ගුලි වෙලා හිටියා. අයියාගෙන් මට හම්බුන පළවෙනිම චුක්කිය අලෙව්.  à·„à·’à·„à·“…

“හොරෙන් හිනාඋනාට මට පේනවා බං”

“අනේ මේ.. මං හොරෙන් හිනාඋන්නෑ. මං මොකටද හොරෙන් හිනාවෙන්නෙ”

“ම්.. ඒකත් එහෙමනෙ නේද?”

“ඒකනෙ. ඔයාට වැරදිලා”

“හ්ම් හ්ම්. එහනං චුට්ටක් හිනාවෙමු හොඳේ දැන්”

“ඇහ් මො.. ආහ්…අයියෙ මාව බිමින් තියන්න. කරකවන්න එපා මිනිහෝ… මාව වැටෙයි..”

මං මොකද්ද කියලා අහන්නත් කලින් අයියා මාව උස්සලා අරන් වටයක් කරකලා බිමින් තිබ්බා. හම්බොහ් හැටටෑක් හදනවා මේ මිනිහා ඉඳන්. ඕ උබ හිනා වෙයන් අයියෙ බිම ඉඳන්. අම්මපා මේවට නගිනවා මගෙ යකා.
මං අයියව තල්ලු කරාමත් මේකා බිම පතබෑවිලා හිනාවෙනවා. ඒලෙවල් ඉවරඋන සතුටට මේකාට පිස්සු හැදිලවත්ද?

“නවත්තනවකො අයියෙ. කරකලා මෙතන මොකෙද්ද එකෙක් වගේ හිනාවෙනවත් එක්ක.”

“à·„à·„à·Š à·„à·„à·Š….”

“ආ දැන් නවත්තන්නෑ නේද තවුසෙ. හිටපිය ඔහොම.”

මං අයියගෙ කට ඇත්දෙකෙන් ම වැහුවා. කොහෙද මේකා අත අයින් කරලා මගෙ අත් දෙකත් අල්ලගෙන ආපහු හිනා වෙනවා. මෙච්චර හිනාවෙන්න දෙයක් උනාද? නෑනෙ නෑනෙ.

“ආව් ආව්. ආ..අතෑරපන් සෞරාෂ්. ආ.. හපන්න එපා යකෝ.. ආ..”

මං එපා කිව්වට අහන්නෑ. හොඳෑඩේ. හික්ස්.

“ආ…ව් සෞරාෂ්.. රිදෙනවා බං. ඩ්‍රැකියුලෙක්ද උබ? ආව්..”

මං විනාඩියක් දෙකක් විතරා අත හපන් ඉඳලා අතෑරියා. ලස්සන දත් රවුමක් හිටලා අනේ..

“හිටපිය උඹව මම අද.. දුවන්නෑ සෞරාෂ්..”

මං අයියගෙන් බේරිලා ගේ වටේමත් දුවලා වත්තෙන් එළියට යන්න ගේට්ටුව අරිද්දි කිත්මිණ අයියයි අම්මයි ඇවිත් කා එක හරස් වෙලා තිබ්බා. ඕකෙන් වාසි ගත්ත අර තුච්ඡ රිළවා මං ළඟට ඇවිත් කනට පාත් වෙලා,

“පොඩි මෑන්ව අල්ලගන්නං. ඔහොම හිටපන්”

මං අයියා දිහා බලලා දිවත් දික් කරලා ආපහු දත් සෙට් එකම පෙන්නලා විරිත්තුවා. ආපහු කා එක ඇතුලට ගිහින් ගරාජ් එකට ගිය ගාන්ම මං දුවලා යන්න හැදුවා. රිළවා කොහෙ මාව අල්ලගන්නද. හුහ්.

“ආ… අම්මේ!!! මෙන්න මාව පොළේ ගහන්න හදනෝ.. අතෑරපිය ‍රිලා බැබුනා..”

————————————————————

වශ්ටුලා මං ආවා…
පරක්කුයි නේද මං. මොනා කරන්නද අයියෝ 🫠💔
සොරි වෙන්නෝන ඉතිං 🥲

ඔන්න ඔහොම අයියලා එක්සෑම් ඉවර කළා. හැබැයි මං කියන්නෙ අභී අයියා පව් අප්පා. සපාකෑම්වලටමයි ලක්වෙන්නෙ අසරණයව. 😪

හැරි හැරි බලන කෙම්ල මොකුත් නොකිව්වෙ එදා යුගා කිව්ව ඒවටද? බලමුකෝ… 😏

ඊයෙ හවස අහස දැක්කම ඔයාලට පෙන්නන්න හිතුනා.🌌 ඇත්තට ළමයි මං කියන්නෙ, හොඳ ම හීලර් ඉන්නෙ අපි වටේමයි. 🤍🍃 එයාව මිස් කරගන්න එපා…

මං යන්නම් එහෙනම් හොඳේ..🙂
ආදරෙයි♥️
Bye👋

▪️කතුවරයාගේ අවසරයකින් තොරව කතාවේ ඇති කොටස් උපුටා හෝ අන් ආකාරයකින් (ෆොටෝස් / වීඩියෝස් ) සමාජ මාධ්‍යවල පලකිරීමෙන් වළකින්න.

▪️කරුණාකර කර්තෘ අයිතිය ද සුරකින්න.

Arden_Ak

Tags: read novel Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 29, novel Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 29, read Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 29 online, Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 29 chapter, Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 29 high quality, Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 29 light novel, ,

Comment

Leave a Reply

Chapter 31