Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 30

A+ A-

මල්ලොවපොරත් කරලා වටේ ගිය කපල් ඇවිල්ලා තනිකඩයාත් ආවට පස්සෙ අපි පස් දෙනා සෙල්ලම් කරන තැනට ගියා. ඒ යද්දි මගදි තව සෙට් එකකුත් හම්බෙලා උන් ටිකත් එක්කමයි ගියෙ. මෙතන කොහොමත් සෙල්ලම් කරන්න කොල්ලො කෙල්ලො කියලා නෑ හැමෝම එනවා. හතර පහ වසරෙ ඉඳම් ඉඳන් විසි හතරෙ පහේ වයසෙ කොල්ලො කෙල්ලො සේරම වගේ එකතු වෙන දවස් තියනවා. අද නං හිටියෙ අපේ වයසෙ උන් ටිකයි අයියලගෙ වයසෙ සෙට් එකකුයි විතරයි. මන් අයියලා එනවා කිව්වම තමා ඒ අයියලා සෙට් එකත් එනවා කිව්වෙ. පස්සෙ අපි ටීම් දෙකක් හැදිලා ක්‍රිකට් ගහන්න ගත්තා. හොඳ ම වැඩේ කියන්නෙ කිත්මිණ අයියා ප්ලේ කරන්න ගත්ත වෙලේ ඉඳන් දැන් දහදොළොස් පාරක් විතර එහා වත්තට බෝලෙ ගියා. ඇයි ඉතින් මේකා ඉස්කෝලෙ ටීම් එකේ ඉඳලා පුරුද්දට හයේ ඒවා කෙලලා අරිනවනෙ.

“අඩෝ අයියලා ටික පට්ටනෙ.”

“සිරාවට ආ. උබලා එක ඉස්කෝලෙද අයියෙ?”

“ඔව් බං”

කට්ටිය පිටේ පිට් ඉතින් සෙල්ලම් කරලා ඉවර වෙද්දි. ඒ ඉවර වෙලා අපි පස් දෙනා ළඟ තිබ්බ කඩේටත් ගිහින් අයිස් පැකටුත් අරන් ඒවත් කකා හෙමින් හෙමින් ගෙදරට ආවා. මං අම්මටත් ගත්තා ස්ට්‍රෝබෙරි අයිස් එකක්. එයා මාරම ආසයි. ස්ට්‍රෝබෙරි කිව්වොත් ආයි වෙන මොකුත් ඕන්නැති සීන් එකේ ඉන්නෙ.
ඇවිල්ලා අපි කට්ටිය වොශ් කරන් සාලෙට වෙලා ටීවී එකේ සූරපප්පා බල බල හිටියා. අද තුන්කුමාරයො මෙහෙ නවතිනවලු ඉතිං.

“ළමයි.. මොනවද අද කන්න ඕනෙ..?”

“තියෙන දෙයක් හදමු නැන්දෙ”

“එහෙම නෑ කොල්ලො කට්ටිය කැමති දෙයක් කියන්න.”

“නූඩ්ල්ස් නයිට් එකක් දාමුද?”

“අඩෝ මරුනෙ බං අයෝන්. නැන්දා අද රෙස්ට් එකක් ගන්න හොඳේ. අද කුස්සිය අපිට බාරයි”

“හාකො එහෙනං. යහතින් බාරදෙන්න කොල්ලො හොඳේ”

“බලන්න ඉතිං කියන කතා. මුංව නැතත් මාව ශුවර් කරන්නකො නැන්දා”

“සෙට් එක ම එකයි ඉතින්. ඕන කෑමක් හදාගන්නකො එහෙනං. දැන් කොහෙන්ද ඕවා ගන්නෙ?”

“අපි කට්ටිය යංකො අයියෙ? පයින් ගිහින් එමු.”

“අඩේ යමුකො අයියෙ සිරාවටම.”

“යමංද බං?”

“යං යං.”

අම්මා හිනාවෙලා ඕනවිදිහක් කියලා කුස්සිය පැත්තට ගිහාම අපි කට්ටිය පර්ස් ෆෝන් අරවා මේවාත් අරන් යන්න ලෑස්ති උනා. අම්මා ඉන්නම් කිව්ව නිසා අපි කට්ටිය ආවා.

“ඇටයො දෙන්නා හෙමින් පල යකෝ. පුකට පෙට්‍රල් ගහලා වගේ දුවන්නෙ”

“ඔය ලොකු ඈයො වගේ අපි අලස නෑ. ඉක්කේ එන කැත. එන්න සෞ මල්ලෙ යන්ඩ”

“යුගාන්.. පාරෙ නටන්නැතුව පලකො”

“ඔය කට ඔහොම්ම බිම උලාගනිං අයෝන්. උබලා දෙන්නට නම් ගමන සුභයි ජය නියතයි හොඳේ.”

ෆුඩ් සිටියට ඇවිල්ලා එකේක ෆ්ලේවර්ස්වල නූඩ්ල්සුයි බීම වර්ගයි අයිස්ක්‍රීමුයි අරන් අපි ආවා. එනකනුත් අර ට්‍රිබල බෙරිහන්දෙනවා. එයැයිලා උද්‍යෝගිමත් නෑ කියලා අපි මොනවා කරන්නද? හැදෙන වයසෙ ළමයි උනාම දඟලලා කරලා දුවලා පැනලා ඉන්නෝනෙ.
ගෙදර ඇවිල්ලා කට්ටියම එකතු වෙලා කුස්සියට වෙලා ආතල් එකේ කියෝ කියෝ නූඩ්ල්ස් ටික හැදුවා. අම්මා උදව් කර කර ඉඳලා පස්සෙ කොල්ලොන්ගෙ වැඩලුනෙ ඉතිං කියලා නිදාගන්න ගියා.

“ඒ අයෝන් උබට මතක ද අපි උබලෑ ගෙදර මෙහම උයලා කාලා හිටපු දවසක අර මුට උන වැඩේ. අර කෙල්ලගෙ සීන් එක”

“උවින්!”

“ඇයි මොකෝ උබ?”

“අඩෝ අභියො… à·„à·„à·Š à·„à·„à·Š. උබ එදා නං සිරාවට ම බය උනා නෙහ්?”

“මොකටෑ මේ අයියලා සිරික්කිය පාන්නෙ. අපිටත් කිව්ව නම් යහපති”

“ඔන්න අභියො කිව්වා හොඳේ.. උබ එපා කිව්වත් කියනවා හැබැයි”

“උවින් උබ මගෙන් කනවා!”

“අනේ තොට බය වෙයි. ඌ නොකිව්වොත් මං කියනවා”

“තෝත් අම්මපා අයෝන්!!”

අයියා අර ඩබලගෙ නම් කිය කිය දෙපැත්තට කෑගහනවා. මායි යුගයි කටත් ඇරන් බලන් හිටියා ඉතින් මොකද්ද මේ වෙන්නෙ කියලා. ඇයි යකෝ කියන්නෙත් නෑ. බැරි ම තැන යුගා ආපහු සරයක් කෑගැහුවා.

“මොකද්ද අප්පා, කියන්නකො අයියෙ.”

“අහගනිං බං හොඳේ.. à·„à·„à·Š à·„à·„à·Š.. හම්බෝ..à·„à·Š උබ පව් යකෝ අභියො”

මේ මිනිහා කියන්නෑ ඒ පාර හිනාවෙනවා. කොහොමහරි රිළවා කිත්මිණ අයියට නිදහසේ කතාව කියන්න යන්න දුන්නෑ. අරූගෙ පස්සෙන් පන්නනවයි. බැරිම තැන තුනපහ බෝතලෙනුත් දමලා ගැහුවා. කිව්ව විදිහට නං මොකක් හරි ඩෙයා එකකට අකවුන්ට් එකකට අයියට චැට් කරන්න වෙලා පස්සෙ ඒ අනිත් පාර්ශවේ ඕක සීරියස් අරන් කෝල් ගන්නවයි අරව මේවා වෙලා. අයියා ෆෝන් එක ආන්ස්වර් කරල ම නෑ. පස්සෙ දැනගෙන තියෙන්නෙ මුං ටික ම ෆේක් එකක් හදලා කතාවෙලා අයියව බය කරන්නලු කළේ. කොහොමහරි මුලින් බය වෙච්ච ‘පාර මං කිව්වා උබලට මේ මගුල් කරන්න බෑ, කියලා අයියා ඇඬුවත් ලු. ඕක ගැන කියද්දි නම් අයියා බෙරිහන්දුන්නා, ‘උවින්!! බොරු කියන්න එපා!!!’ ගාගෙන. එව්නාට මට හිතුනෙම මේකා ඇත්තට ම අඬන්නැති කියලා. හික්ස්. පස්සෙ ඕක අල්ලගෙන හිනාවෙවී අපි කෑමත් හදන් ඇවිත් එකේක ෆිල්ම් බල බල කෑවා, කැරම් ගැහුවා, සින්දු කිව්වා. අහම්බෙන් එකතු වෙන මේ බැඳීම් හරි ලස්සනයි අප්පා. අන්තිමට නටලා කරලා මහන්සි වැඩිවෙලා සාලෙ ඒසී එකත් දාන් කට්ටියම ස්ප්‍රයිටුයි නෙක්ටොයි හතිදදාම බිව්වා. මං ඔය උඩට බුබුලු එන බීම බොන්නැති නිසා ඇපල් ජූස් එකක් උස්සන් ඇවිත් ඒක බිව්වා. à·„à·’à·„à·“..

පස්සෙ කට්ටිය කාමරවලට ගියෙ නිදාගන්න කියලා. අයෝන් අයියයි යුගයි එකක මායි අයියයි මගෙ කාමරේ. කිත්මිණ අයියා එයාගෙ තනිකඩ ගීය ගයලා තනි කාමරේකට ගියා කපල්වලට බාධාකරන්නෑ කියලා. පව් අප්පා අසරණයා.

“සෞරාෂ්..”

“ඕ..”

“මෙහෙට එන්න.”

මං අයියා කිව්ව පරක්කුවට ම එයා අස්සට ගිහින් මූන අයියගෙ පපුව අස්සට තියාගත්තා. මෙහම ඉද්දි අයියා ගාවින් එන සුවඳ හොඳට දැනෙනවා. ඇරත් තුනී ෂර්ට් එක නිසා වෙනදට වඩා අයියා ගාවින් රස්නයක් දැනෙද්දි මං තවත් ඒ උණුසුමට ගුලිවෙද්දි අයියා මගෙ ඔලුව අතගගා පිටට හෙමින් සැරේ තට්ටු දැම්මා. අයියගෙ තුරුලෙ ම මට නින්ද යද්දි ආපහු මට ඇහැරුනේ උදේ අම්මා තේ බොන්න එන්න කියලා කතා කරන සද්දෙට. අයියා නං ඒ වෙද්දි ඇඳේ හිටියෙ නෑ. සමහරවිට බාතෘම් එකේ ඇත්තෙ. මාත් ටවල් එකක් අරන් බාතෘම් එක ගාවට යද්දි අයියා ඒ උදේ ම නාලා එළියට ඇවිල්ලා මට කොණ්ඩෙ තිබ්බ වතුර ටිකත් ගසන් ගියා. උදේම නාවනවනෙ ගෙම්බා.

දවල් වෙනකනුත් අනං මනං කර කර ඉඳලා අයියලා ගියා. ඒ යන්න කලින් අයියා මං ළඟට ඇවිල්ලා තෝ මේ සතියෙ ඉඳන් ආපහු සෙනසුරාදා වරෙන් කියලා තර්ජනය කරලා ගියා. මං අහන්නෙ මං වගේ අහිම්සක ළදරුවෙක්ට එහෙම සැරෙන් කතාකරන එක හරිද? නෑ සහමුලින් ම වැරදී. හුම්..

ඔහොම නිවාඩුවේ ඉතුරු සතියත් ගෙවිලා ගිහින් ආපහු ඉස්කෝලෙ පටන් ගත්තා. දැන් ඉතින් තර්ටීන් ක්ලාසස්වල නේද කියලා මතක් වෙද්දිත් මොකද්ද මොකද්ද වෙනවා. ඇයි දෙයියනේ ඕලෙවල් ඉවර කරලා ඒ පිම්මට පටන් අරන් අවුරුද්දක් යද්දි දැන් ආපහු ඊගාව අවුරුද්දෙ ඒලෙවල්. කමක් නෑ මේක පන්නගත්තොත් කැම්පස් නෙහ්. කොහොමත් දැන් මං එක දෙයක් නං දන්නවා. අයියා මාව මරවලා කොටු කපලා හරි වැඩ කරවලා ඕක කරවනවා. ඇයි අනේ කතා කළත මෙසේජ් කළත් හැමවෙලේම හෙලෝ නෙමේ කියන්නෙ..සෞරාෂ් පාඩම් කළාද? කොහොමත් ඔය මනුස්ස පරානෙ කෝල් ගත්තම හෙලෝ කියන්නෑ. කෙලීන්ම හබක් ගාලා කියනවා. හරිම කැතයි ඔව්.

ඉස්කෝලෙ පටන් අරන් දවසක් දෙකක් යද්දි ආපහු ප්‍රින්සිපල් සර් මේන් අසෙම්බ්ලි එකක් ගත්තා. අද නම් කට්ටිය දන්නවා ඉතිං මොකටද මේ කියලා.

“ෆස්ට් ටයිම් නේ සෞව්වො මේ වගේ වැඩක් වෙන්නෙ?”

“ඔව් නෙහ්. මෙහෙම නැතුවැති තමා බං. කවද්ද එකම ටීම් එක දෙපාරක් ටොප් බෝඩ් ගත්තෙ.”

“අඩෝ ඔව් බං. එව්නාට අයියලට ම ඒක සෙට් උන එක නියමයි ඕයි.”

“සිරාවට ආ. තව අවුරුද්දක් ඉන්නවා නේ දැන්?”

ඔව්, අද අසෙම්බ්ලි එක තියලා සර් ආපහු අයියලව මේ අවුරුද්දෙ ටොප් බෝඩ් එක විදිහට නම් කළා. පස්සෙ බැජ් සෙරමනි එක තියනවා ලු. එතකොට අපේ සීනියර් බෝඩ් එක හැදෙන්නෙ මෙහෙමයි. ටොප් බෝඩ් එකත් එක්ක තව අමතරව සීනියර්ස්ලා හතළිහක් ආෆ්ටර් ඒලෙවල්ස්ලා. තව සීනියර්ස්ලා හැටක් තර්ටීන්ලගෙන්. සීනියර් බෝඩ් එකේ කොහොමහරි සීයක් විතර වෙනවා එතකොට. කොහොමත් අපේ සේරම ප්‍රිෆෙක්ට්ස් බෝඩ් ටික එකතු උනාම මං හිතන්නෙ හාරසීයකට කිට්ටුයි. ඇයි ප්‍රයිමරි ප්‍රිෆෙක්ට් බෝඩ් එකේ සීයයි. ජූනියර් බෝඩ් එකේ එකසිය පනහක් දෙසීයක් විතරයි සීනියර් බෝඩ් එකයි. නැතුවත් බෑ ඉතින් ඉන්න ළමයි ලොට් එකේ හැටියට ක්ලාස් එකකට ම දානවා ඩියුටිවලට තුනක්වත්. ඊටඅමතර ඩියුටිත් තියනවනෙ. ඔහොම උනාට පොඩි වෙනසක් ටොප් බෝඩ් එකේ උනා හැබැයි. ආර්‍යන් අයියා රට යනවා කියලා අයින් උනා. එතකොට ඊලඟට උඩින් ම හිටියෙ කිත්මිණ අයියා. එයා Hp උනා. අලුතින් Dhp කෙනෙක්ව සෙරමනි එක දවසෙ එනවා. ඒ කියන්නෙ කලින් පාර ටොප් බෝඩ් ඇප්ලයි කරලා ඊළඟට වැඩි ම මාර්ක්ස් ගත්ත හාදයා තමා. කවුරු වෙයිද දන්නෑ…

————————————————————

මා ආතර චුක්කා චුක්කියනේ, මං ආවා අලෙව්😁

වැඩිය කියන්න දේවල් නෑ ඉතිං අද නම්.
ආ.. ඔයාලගෙ පැතිවලත් ඔහොම සෙට් වෙලා සෙල්ලම් කරනෝද? මෙහෙ නම් කරනවා අප්පා. සෝයි අලෙව්🙂♥️

අනික් එක බෝඩ් එක ගැන අහලා මඤ්ඤං වෙන්න එපා හොඳේ. 😪😁

ඒඤං මං යඤ්ඤං
නූඩ්ල්ස් රැල්ලක් තරම් ආතරෙයි 🍜♥️
Bye👋

▪️කතුවරයාගේ අවසරයකින් තොරව කතාවේ ඇති කොටස් උපුටා හෝ අන් ආකාරයකින් (ෆොටෝස් / වීඩියෝස් ) සමාජ මාධ්‍යවල පලකිරීමෙන් වළකින්න.

▪️කරුණාකර කර්තෘ අයිතිය ද සුරකින්න.

Arden_Ak

Tags: read novel Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 30, novel Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 30, read Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 30 online, Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 30 chapter, Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 30 high quality, Kayel (À¶Šà¶ºà·Šà¶½À·Š) කයේල් – 30 light novel, ,

Comment

Leave a Reply

Chapter 32